සත්‍ය සිදුවීමකි :: නිරයෙන් යළි මනු ලොව පැමි&#3

sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,504
    401
    83
    සත්‍ය සිදුවීමකි :: නිරයෙන් යළි මනු ලොව පැමි&#3



    මං මේක උපුටා ගත්තෙ මෙතැනින්..
    එතුමා අරන් තියෙන්නෙ මෙතැනින්..
    එතුමා උපුටා අරන් තියෙන්නෙ "මහාමේඝ..... වියැළී මියැදෙන්නට පෙර - ඔබ තෙමා සුරකිනු පිණිස" ශ්‍රී බුද්ධ වර්ෂ 2555 ඉල් මස පුවත්පත් කලාපයෙන්

    ගොඩක් දෙනාගේ යහපත උදෙසා එළකිරියෙ දැම්ම ඉතින් මම...
    :):)
    මේ කතාව කියෙව්වට පස්සෙ නම් මචං මොකක්ද වුනා වගේ. :confused:
    ඇත්තටම ජීවිතේ වෙනසක් කරන්න කාලෙ හරි වගේ දැනුනා.. :yes::yes:
    ඉවර වෙනකම් කියවලා අදහසකුත් දාලම යන්නකෝ...




    නිරයෙන් යළි මනු ලොව පැමිණි ඔහු...( සත්‍ය සිදුවීමකි... )
    "මට යන්න දීපල්ලා...මට කඨින පින්කමට යන්න ඕන..."


    Buddhism.jpg


    මේ උදා වූ හිරුගොත් වංශයේ උපන් තුන් ලොවක් සනහා වදාළ අප මහා ගෞතම මුනිරජුන් සම්මා සම්බුද්ධත්වයට පත් වී ගෙවී යන 2600 වසරයි.2600 වන ඒ උතුම් වස්සාන සමය ද නොබෝ දා ගෙවී අවසන් විය.බිනර පුන් පොහෝ දිනයෙන් අවසන් වූ වස් තුන් මස පුරාවට ලක්වාසී මෙන් ම ලෝවාසී බොදු ජනයා අනේකවිධ පින් සිතුවිලි සිත් සතන් තුළ ජනිත කරගනිමින් ජීවිත සන්තානය උදෙසා මහානීය වූ පුණ්‍ය ධර්මයන් රාශියක් රැස් කරගන්නට විය.ලක්දිව පුරා විසිරී පැතිර පවතින්නා වූ වෙහෙර විහාරස්ථාන ඇසුරු කරගනිමින් පළමු කඨින චීවරය හේවිසි හඬ මධ්‍යයේ, අලි ඇතුන් පිරිවැරූ මහා පෙරහරින්, සැදැහැතියන්ගේ සාදු හඬ මධ්‍යයේ වැඩමවා තුන් ලොව පුද සත්කාර ලබන්නට සුදුසු වූවන් අතරින් අග්‍ර වූ තුන් ලොවක් දිනූ ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා ම පූජා කරන්නට විය.

    අග්‍ර වූ පුණ්‍ය ධර්මයන් උපදවන කඨින චීවර පූජාව පිළිබඳ තොරතුරු සඳහන් කළේ ලියන්නට යන ලිපියට නිමිත්තක් ලෙසයි.වසර 5කට පෙර සිදු වූ සිදුවීමක් නැවත ආවර්ජනය කරන්නට මෙම බිනර පුන් පොහෝ දිනය උපකාර විය.කඨින චීවර පූජාව සිදුවන සෑම වසරක ම ඔක්තෝම්බර් මාසය උදාවන විට නිසැකයෙන් ම මා හට එක කරුණක් සිහිපත් වේ.එය සිදු වී වසර කීපයක් ගත වුවත් අදටත් ඒ සිදුවීම මා මනැසේ සිතුවමක් සේ ඇදී යයි.බොහෝ මිනිසුන්ගේ ජීවිතවල සිදුවන සිදුවීම් ඇතැම් විට ඔහුගේ හෝ ඇයගේ මුළු ජීවිත ඉරණම ම වෙනස් කරන්නට සමත් වේ.මෙහි සටහන් වන්නේ ද එවැනිම තවත් සත්‍ය සිදුවීමකි.මෙහි සටහන් වූ කථාව අප සැමදෙනාගේ ම ජීවිත යහපත් කරවන්නට ඉමහත් රුකුළක් වනු ඇත.

    මෙම කථාවේ කථානායකයා බදුල්ල ප්‍රදේශයේ බොහෝ දෙනා දන්නා හඳුනන කෙනෙකි.ඔහු දරුවන්ට කාරුණික පියෙක්, බිරිඳට දයාබර සැමියෙක් වුවා සේ ම ඥාතීන්ට විසල් නුග රුකක් විය.නමුත් තරුණ වියේ දී ඇසුරු කරන්නට වුණ පාපී මිත්‍රයන් නිසා ඔහු තදින් ම මත්පැනට ඇබ්බැහි වූවෙකි.දිවියේ මැදි වියේ පසු වුවත් බලවත් ව බීමට ඇබ්බැහි වූ ඔහුට කොතෙකුත් මත්පැන් බීමේ ආදීනව පැවසුව ද ඉන් මිදීම අපහසු කරුණකි.

    අප සැමදෙන ඔහුට කරුණු කාරණා පවසමින් ආදීනව පසක් කර දෙන්නට උත්සුක වූයේ ඔහු අපගේ ළඟ ම ඥාතියෙක් වූ නිසාවෙනි.

    "ඔය බීම දැන්වත් නවත්තන්න.බීවොතින් යන්න වෙන්නේ අපායේ තමයි.බුදුරජාණන් වහන්සේත් කියලා තියෙනවනේ.මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කළොත් නිරයට යන්න වෙනවා කියලා...."

    එවිට ඔහුගේ මුවින් පිටවන්නේ මත්පැනට ඇබ්බැහි වූ බොහෝ අය ලබා දෙන පිළිතුර ම ය.

    "ඔය පොඩ්ඩක් බිව්වා කියලා අපායේ යන්නේ නෑ.බුදුහාමුදුරුවෝ කිව්වේ මද පමණින් බොන්න කියලා.අප උඹලට කලිනුයි පන්සල් ගියේ.අපත් ඔය ධර්මය දන්නවා.මං බිව්වා කියලා යුතුකම් පැහැර හරින් නෑනේ.අනික කාටවත් කරදරයක් කරන්නෙත් නෑනෙ."

    එසේ කියා නිරයට විහිළු ද කරයි.

    "හා...බලා හිටපල්ලකෝ අපි අපායට ගිහින් යමපල්ලොන්ටත් ගහල එන්නේ.අපිට කොහෙත් එකයි."

    එවිට කටපියාන පැත්තකට වෙනවා හැරෙන්න වෙන කරන්න දෙයක් ඉතිරි වන්නේ නැත.භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම පැවසූවේ සත්‍යක් ම ය.මේ ධර්මය සවනතට ඇසුනේ නැත්නම් මිනිසුන් විනාශ වෙනවා ම යි.

    කාලය වේගයෙන් ගෙවී යන්නට විය.ඒ 2006 වර්ෂය යි.ගමේ පන්සලේ ප්‍රධාන දායකයෙක් වූ ඔහුට එම වසරේ කඨින පින්කම භාර වුණි.කෙතරම් වැරදි කළත් සසරේ කළ පිනට බෞද්ධ පවුලක උපන් ඔහුට මේ අවස්ථාව ඔටුනු පැළදුවා හා සමාන විය.දිවා රෑ ඔහුගේ සිතේ රැඳී තිබුනේ කඨින පින්කම යි.නිතර ම කථාව ද පළමු කඨින චීවරය බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කිරීම ගැනයි.කඨින චීවරය හිසේ තියා ගෙන හේවිසි හඬ මධ්‍යයේ මහා පෙරහරින් පන්සලට යන අන්දමත් එය භාග්‍යවත් අරහත් මුනිඳුන් උදෙසා පූජා කරන අන්දම ඔහුට මැවී පෙනෙන්නට විය.අගෝස්තු මාසය උදා විය.කඨින පිනකමට තව ඉතිරි ව ඇත්තේ සති කීපයක් පමණි.

    හදිසියේ ම එක් රාත්‍රියක එක් රාත්‍රියක ඔහු බලවත් ව අසනීප විය.පපුව අල්ලමින් කෙඳිරි ගාන්නට විය.නිවැසියන් ඒ රාත්‍රියේ ම ඔහුව බදුල්ල මහ රෝහලට ඇතුළත් කරන ලදි.වෛද්‍ය වාර්තා ද ඊ. සි. ජි වාර්තා ද අනුව රෝගය තරමක් බරපතළ බව සොයා ගත්තේය.වෛද්‍ය මතය වූයේ දින කීපයක් රෝහලේ රැඳී සිටිය යුතු බව ය.තනියට ඔහුගේ සොහොයුරෙකු ද ළඟ නවත්වා අපි නිවසට ගියෙමු.

    රාත්‍රී 2ට පමණ ඔහු හදිසියේ අවදි වූයේ ළඟහුන් තම සොහොයුරාගේ අත ද අල්ලා ගනිමිනි.ඇඟ සීතල වෙන බව පවසනවාත් සමඟ ම ඇස් උඩ ගියේය.පපුවෙන් අමුතු ශබ්දයක් ද ආයේ ය.හුස්ම ගැනීම ද නතර විය.මුසල අනතුරක සේයා දුටු සොයුරා වෛද්‍යවරුන් කැඳවන්නට විය.වෛද්‍යවරුන් විනාඩි 10ක් පමණ උත්සහ කළ ද ඔහුගෙන් පිළිතුරක් නැත.වෛද්‍යවරුන් උත්සහය අත හැරියේ 'දැන් වැඩක් නෑ' කියමිනි.ඥාති සොයුරාට දැන් මුළු ලොව ම අමතක ය.තම සොයුරා මිය ගිය පුවත නිවසට දැන්විය යුතුය.දැන් ඔහු කළයුත්තේ කුමක් ද කියා සිතා ගත නො හැකිව දෙලොවක් අතර තනි වී ඇත.

    ඒත් අසාමාන්‍ය වාසනාවක් රෝගියා සොයා පැමිණෙමින් තිබුණේ ය.රාත්‍රී සේවයට වාර්ථා කළ නවක වෛද්‍යවරියක් හදිසියේ ම රෝගියා ළඟට දිව ආවා ය."ඉක්මනට ඔය මනුස්සයා ව අනිත් පැත්ත පෙරළන්න." හදිසියේ පැමිණි වෛද්‍යවරිය එක්වර ම රෝගියා ව මුනින් අතට පෙරළුවේ ය.එතෙක් නිසොල්මනේ සිටි රෝගියා එක්වර ම හුස්මක් පිට කරන්නට විය.නැවතත් ඔහුට වගා ම වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නේ ය.දින කීපයක් පියවි සිහියක් නොමැතිව විටින් විට සිහිමූර්ඡා වෙමින් සිටි ඔහු කෙමෙන් කෙමෙන් සුව අතට හැරුණේ ය.

    නිවසට පැමිණි ඔහු දැන් අත්භූත අමුතු කථාවක් පවසන්නට විය.කාටවත් නො තේරෙන මේ කථාව ඇසීමට මම නො ඉවසිලිමත් වීමි.

    අසනීපයේ වේදනාව අමතක කරමින් ඔහු කථාව ඇරඹීය.

    "මගේ ඇඟ එකපාරට ම සීතල වුණා.එතකොට ම හුස්ම ගන්න අමාරු වුණා.එකපාරට ම ඔක්කොම අඳුරු වුණා.පාවෙලා වගේ අඳුරු තැනකට මාව ඇදිලා ගියා.එක පාරට ම කවුදෝ යක්කු දෙන්නෙක් වගේ මහා භයානක දෙන්නෙක් ඇවිත මාව අල්ල ගත්තා.ඒ අය ළඟ ආයුධත් තිබුණා.ඒවා නිතරම වෙනස් වෙනවා.මම කෑ ගහලා දඟලන්න පටන් ගත්තා.එතකොට මගේ අත් තදින් ගැට ගහලා අඳුරු තැනකට මාව ඇදගෙන ගියා.මම ඒ බැමි ලිහා ගන්න,ලිහා ගන්න ආයෙත් ඒ අය මාව බඳිනවා.ඒ බැඳපු විදියට තාමත් මගේ අත් දෙක රිදෙනවා."

    ඔහු තම අත් පෙන්වමින් එසේ පැවසුවේ අප කවුරුත් තැති ගන්වමිනි.

    "ඊට පස්සේ මාව ඇදගෙන එක තැනකට එක්කන් ගියා.මම කොච්චර කෑ ගැහුවත් කාටවත් ඒක ඇහෙන් නෑ.එතැන තව ගොඩක් අය හිටියා.මම එතැන ඉඳන් හයියෙන් කෑ ගැහුවා.මම මිනිසුන්ට කරපු උදව් සිහි කර කර කෑ ගැහුවා.ඒත් කවුරුත් ඒවා අහන් නෑ.අන්තිමට මාව තවත් ඉස්සරහට එක්කන් ගියා.එතකොට දැක්කා ඔටුන්නක් දා ගත්ත මහ ලොකු කෙනෙක් ව.එයා හරි භයානක පාටයි.එතැන මම වගේ ම අසරණව කෑමොර දෙන ගොඩක් අය හිටියා."

    මේ කියන්නේ අපාය ගැන විස්තරයක්වත් ද? ඒ ඔටුනු දරන්නේ යම රජුන්වත් ද? මගේ සිත දැන් සූත්‍ර පිටකයේ, මැදුම් සඟියේ දේවදූත සූත්‍රය වෙත ඇදී යයි.බුදු සමිඳුන්ගේ ගම්භීර දේශනාවක් වන එහි නිරයේ විස්තර ඇතුළත් වේ.අතිශය භයානක දුකින් පිරුණු නිරයේ විස්තර උන්වහන්සේ නුවණින් දැක වදාළේ මහා කරුණාවෙන් ම ය.එම උතුම් සූත්‍ර දේශනාවේ දී නිරි සතා නිරයට ගිය විට යමපල්ලන් යම රජු වෙතට ඔහුව ඇදගෙන යන බවත් යම රජුන් මුණ ගැසෙන බවත් ඔහුගෙන් ප්‍රශ්න අසන බවත් සඳහන් ය.එසේ නම් මොහු දැක ඇත්තේ යම රජුන් ද?
    මා සිත දැන් කුහුලින් වෙලී යයි.ඔහු නැවතත් කථාව ඇරඹීය.

    "ඊට පස්සේ මම හයියෙන් කෑ ගහන්න වුණා.මට යන්න දෙන්න කිව්වා.ඒත කවුරුත් ඒක අහන් නෑ.හැම තැනින් ම එන්නේ විලාප හඬ."

    අහෝ! මිනිස් ලොව සිටිය දී කුසලයේ නො යෙදීමේ විපාක කෙතරම් බියකරු ද? ඒවා විපාක දෙන විට විඳින්නට වන්නේ තනිව ම ය.එවිට ළඟ සිටි ඥාතීන් යහළුවන් කිසිවෙක් නැත.දැන් ඔහුට ද එසේ ම ය.උදව්වට කිසිවෙක් නැත.ළඟින් සිටි පාපී මිත්‍රයන් ද නැත.කුමක් කරන්න ද? දැන් ඔහු පමා වැඩි ය.

    ඒත් ඔහුට එකවර ම යමක් මතක් වූයේ ය.ඒ ඔහු ආසාවෙන් ම සිටි දෙයයි.ඒ ඔහු නිතර නිතර සිහින මැවූ පන්සලේ කඨින පින්කම යි.ඔහු මහා හයියෙන් හඬනගා කෑ ගැසුවේ ය.

    "මට යන්න දීපල්ලා...මට කඨින පින්කමට යන්න ඕන.මට යන්න දීපල්ලා.....මට කඨින පින්කමට යන්න ඕන....."

    එවිට ම යමෙක් ඔහු ළඟට පැමිණියේ ය.කාරුණික ව ඔහු ඇමතුවේ ය.

    "උඹ භය වෙන්න එපා....උඹව යව යි...."

    ඔටුනු පලන් පුද්ගලයා තමන් වගේ ම පැමිණි පිරිසගෙන් යමක් අහනවා දැන් ඔහුට පෙනෙයි.ක්‍රමයෙන් ඔහුගේ වාරය ද එළඹුණේ ය.ඉදිරියට රැගෙන ගිය ඔහු දැන් ඔටුනු පලන් පුද්ගලයා ඉදිරිපිට ය.

    "මට යන්න දෙන්න.මට කඨින පින්කමට යන්න ඕන.අනේ! මට යන්න දෙන්න...."

    ඔටුනු පැලඳූ පුද්ගලයා ඔහු අමතන්න ට විය.

    "මම උඹට යන්න දෙනවා.උඹට එන්න තව කල් තියෙනවා.උඹ කඨින පින්කමට පලයන්...."

    දැන් නම් මා හට යමක් පැහැදිළි ය.මොහු මේ කියන්නේ ඒකාන්තයෙන් ම නිරයේ විස්තරය යි.ඔටුනු පලන් පුද්ගලයා යම රජු විය යුතු ම ය.

    එතැන් පටන් ඔහු ජීවිතයේ දකින අතිශය භයානක ම දසුන දකියි.යමපල්ලන් දැන් ඔහු ඇදගෙන යන්නේ නිරය මැදින් ය.

    ඔහුට දැන් ඉදිරියෙන් පෙනෙන්නේ විසල් පොලිමකි.ගැහැණුන් ද පිරිමින් ද දුකින් පිරුණු මුහුණින් එහි එහි රැඳී සිටියි.යමපල්ලන් දෙදෙනෙක් ඔවුන් ව කොටස්වලට වෙන් කරයි.ප්‍රාණඝාත කළ අය වෙන වෙන ම වෙන් කරයි.ප්‍රාණඝාත කළ අය වෙන වෙන ම වෙන් කරයි.සොරකම් කළ අය වෙන වෙන ම වෙන් කරයි.වැරදි කාම සේවනය කළ අය වෙන වෙන ම වෙන් කරයි.බොරු කියූ අය වෙන වෙන ම වෙන් කරයි.මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කළ අය වෙන වෙන ම වෙන් කරයි.

    320569_2460499665589_1045087244_32840256_1777675382_n.jpg


    මනු ලොව මිනිසුන් දුස්සීල වී කරනා හපන්කම් සියල්ල මෙහි සටහන් වන අයුරු ඔහුට දැනෙයි.එහි කිසිවක් සැඟවිය නො හැක.සියල්ල ම එහි සටහන් ය.

    එක් එක් කාණඩයට වෙන් කළ අය වෙන වෙන ම දඬුවම් සඳහා ගෙන යන බව ඔහුට මතක ය.යමපල්ලන් තවත් ඉදිරියට ඔහු රැගෙන යයි.මහා පුදුමයකි.කුඩා කල ඔහු බණට ඇසූ විසල් කටු ගස් දැන් ඔහු ඉදිරියේ ය.භයානක කටු ඇති විසල් කටු ඉඹුල් 4ක් හෝ 5ක් එහි තිබුණු බව ඔහුට මතක ය.එතැන ද මහා පෝලිමකි.ඒ පෝලිම තමන් මිනිස් ලොව සිටිය දී කර ගත්තා වූ අකුසල් කර්ම විඳවන්න ඇති පෝලිමයි.යමපල්ලන්ගේ ඇමතීමෙන් තමන් කැමති වුණත් අකමැති වුණත් කටු ඉඹුලේ නැගිය යුතු ම ය.

    දැන් මගේ මුළු ඇඟ ම සීතල වී යයි.චිත්‍රපටියක රූප රාමු මෙන් මේ සිදුවීම් එකින් එක මා මනැසේ ඇඳී යයි.අප සංසාරේ කීවරක් මේ කටු ඉඹුලේ නගින්නට ඇද්ද? අපේ ළඟින් සිටි අපට කරුණාව දක්වපු අපේ අම්මලා,තාත්තලා ,ඥාතීන් කීදෙනෙක් දැන් කටු ඉඹුලේ නගිනවා ඇද්ද? අහෝ! මනුලොව සිටිය දී සැප සොයා මිනිසුන් කරනා වැරදිවල විපාක ඒකාන්තයෙන් ම භයානක ය.

    අපේ කථානායකයා දැන් තව තවත් ඉදිරියට යයි.හැම තැන ම වේළී ඇඹරී ගිය දුකින් පිරුණු මුහුණු ය.නිමක් නැති විලාප හඬ ඉවසිය නො හැක.තවත් ඉදිරියට ගිය ඔහු තවත් අසාමාන්‍ය දෙයක් දකියි.

    "මාව තවත් ඉස්සරහට එක්කන් ගියා.යනකොට දැක්කා බුබුළු දාන රතු පාට ගඟක් වගේ එකක්.ඒක හරි විසාල යි."

    මෙතෙක් කථාව අසා සිටි මට ද මේ සිදුවීම් පිළිබඳ ව සැකයක් නො තිබුණා නො වෙයි.මා ද සොයමින් සිටියේ මෙය නිරයේ සිදුවීමක් බවට ප්‍රත්‍යක්ෂ කළ හැකි සාක්ෂියකි.බුබුළු දාන ගඟක්....එක් වරම මට මතක් වූයේ දේවදූත සූත්‍රයේ සඳහන් ලෝකුඹු නිරයයි.එහි මෙසේ සඳහන් වේ.

    "ඔහු ව කකුල් උඩ අතට හරවලා හිස යටි අතට හරවලා හාත්පසින් ගිනි ඇවිල ගත් ගිනියම් වූ ලෝකුඹු නිරයෙහි ඔබනවා.එතන දී ඔහුගේ ශරීරය ඒ ලෝදියේ පැහෙන්නේ පෙණ ගුළියක් බඳු දේහයක් ඇතුවයි.ඉතින් ඒ පෙණ ගුළියක් බඳු දේහයකින් යුතු නිරි සතා පැහි පැහී එක වතාවක් උඩට එනවා.ආයෙමත් යටට යනවා...."

    එසේ නම්, දැන් මොහු පවසන්නේ මේ ලෝකුඹු නිරය විය යුතු ය.ජීවත් ව සිටි කල ඔහු දේවදූත සූත්‍රය කියවා නැති බව ඒකාන්ත ය.බුබුළු දමන නිරයක් ගැන ද ඔහු අසා නැති බව ඒකාන්ත ය.එසේ නම් දැන් මොහු කියන්නේ තම ඇසින් දැක්කා වූ නිරය ම යි.බුබුළු දමන ගඟක් ලෙස ලෝකුඹු නිරය දකින ඔහුගේ කථව පිළි නො ගන්නට දැන් මා හට කිසි අවකාශයක් නැත.

    තව තවත් ඉදිරියට යන ඔහුට සැම තැනක ම පෙනෙන්නේ විරූපී වී ගිය මුහුණු ය.සතර අතින් ඇහෙන්නේ හද කම්පා කරන විලාප හඬයි.එක් වර ම යමපල්ලන් ඔහු බැඳි වරපට ලිහිල් කළෝ ය.'දැන් උඹ පලයන්....' කියා ඔහු ව ඉදිරියට තල්ලු කළේ ය.ඔහුට මතක එපමණකි.

    දැන් මගේ ඇඟම සීතල වී ඇත.කිසිදාක නො දැනුනු අපමණ සෙනෙහසක් බුදු සමිඳුන් ගැන ඇති විය.මීට වසර 2600ට පෙර උන්වහන්සේ පැවසුවේ ඒකාන්තයෙන් ම සත්‍යක් ම යි.උන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී ධර්මයන් පුරා සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ ද,අනන්ත අප්‍රමාණ අභියෝග හමුවේ සිරි සඳහම් දෙසා වදාළේ ද මිනිසුන්ට අත් වන මෙම් දුක්ඛිත ඉරණම නිසා ම ය.

    මජ්ඣිම නිකායේ තුන් වන පොත් වහන්සේට අයත් දේවදූත සූත්‍රය පුරාවට ම ඇත්තේ සම්බුදු නුවණින් දුටු මෙම භයානක අනතුර ය.මිනිස් ලොව සිටිය දී අප කොතරම් පම්පෝරි ගැසුව ද,අවසානයේ දී අප සිතින් කයින් වචනයෙන් කළ කී ක්‍රියාවන් වලට විපාක විඳීමට සිදුවන්නේ අප හට ම ය.නමුත් බොහෝ දෙනා උතුම් බුද්ධ දේශනා පවා නො පිළිගන්නේ උපතින් ම අන්ධ වූ කෙනෙක් මෙලොව ඉරත් සඳත් ඇති බව නො පිළිගන්නා සේ ය.හිරු සඳු ලොව නැති බවට විශ්වාස කළ,උපතින් අන්ධයෙකුට ඇස් ලැබුණු විට ඔහු හිරුත් සඳුත් දකියි.දැන් ඔහුට එය ප්‍රත්‍යක්ෂ අවබෝධයකි.තවත් අන්ධයෙකුට ඔහුව මුලා කළ නො හැක.

    සායනික මරණ ලෙස ලොව හඳුන්වන මෙවැනි මරණාසන්න අත්දැකීම් වලට ලක් වූ අය බොහෝ ඇත.බොහෝ බටහිර ජාතිකයන් ද මෙවැනි ම නිරයේ අත්දැකීම් වලට මුහුණ දෙයි.නමුත් අවාසනාවකට නිරයෙන් නිදහස් වන්නට උපකාර වන ධර්මයක් ඔවුන්ට නැත.ඒ අසරණයන් තව දුරටත් මිත්‍යා දෘෂ්ටියට ම නැඹුරු වේ.

    අප බුදු සමිඳුන් ජීවමානව වැඩ සිටි කාලයේ ද මෙවැනි ම වූ අසාමාන්‍ය සිදුවීම් සිදු වූ බව විමාන වත්ථු,ප්‍රේත වත්ථු කියවීමෙන් තහවුරු වේ.එකල ද මිනිසුන් මරණාසන්න මොහොතේ එවැනි අත්දැකීම් වලට මුහුණ දුන් බව පැහැදිළි ය.වරක් ජේතවනාරාමයේ දී වයසට ගිය මිනිසෙකු අරබයා බුදුන් වහන්සේ වදාළ ගාථාවකින් ද එය පැහැදිළි වේ.

    බුදු සමිඳුන්ට චීවරයක් පූජා කිරීමේ පින මතක් කර නිරයෙන් ගැලවුණු මගේ ඥාතියා දැන් දැහැමි දිවි පෙවෙතක් ගත කරන්නෙකු බවට පරිවර්තනය වී සිටියි.උදේ සවස බුද්ධ වන්දනාව ද දැන් ඔහුගේ දිවියේ ම කොටසකි.පින්වත් ස්වාමීන් වහන්සේලා උදෙසා දන් පැන් පුදන්න ද ඔහුට ඇත්තේ බලවත් වුවමනාවකි.කිසිවෙකුටත් සිතා ගැනීමට නො හැකි ලෙසින් ඔහු වෙනස් වී ඇත.එපමණක් ද නොව ඔහු බොහෝ දෙනෙකුට දහම් මග විවර කිරීමට ද,කුසලයේ පිහිටවන්නට ද උපකාර කරන්නෙකු වී ඇත.ඔහුගේ අත්දැකීම ඇසූ බොහෝ දෙනාගේ ජීවිත පුදුමාකාර ලෙස වෙනස් විය.

    ඔහුගේ අත්භූත කථාව අවසන ඔහු තවත් අපූරු යමක් අපට කීවේ ය.මෙම කථාව අසමින් සිටි පිරිසෙන්,එය විශ්වාස නො කළ පිරිස පවා නිහඬ කළ එම වචන කීපය අප සියල්ලන් ම මොහොතක් නිහඬ කළේ ය.ඔහුගේ එම වදන් පෙළින් ම මෙම සටහන අවසන් කරමි.

    "මට මතකයි මම එතකොට ඒ විරූපී වෙලා වේදනාවෙන් කෑ ගහන අය අතරේ මගේ යාළුවෝ කිහිප දෙනෙකුත් හිටියා....ඒ අය දැනට ටික කාලයකට ඉස්සර මැරිච්ච අය.අපි විනෝද වුනා වගේ ම හැම චණ්ඩි කමක් ම කළේ එකට යි.එයාලා මැරෙන්න කළින් කොච්චර චණ්ඩි වුණත්,එහේදී බේරාගන්න කවුරුවත් ම නැහැ.දරාගන්න බැරි වේදනාවකින් කෑ මොර දෙනවා.මගේ හිතට ගොඩක් ම අමාරු, මගෙත් එක්ක එකට ම හිටපු එයාලා දුක් විඳිනවා දැක්ක ම යි..."


     

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    ගොඩක් වටිනව සහෝ ස්තූති බෙදා ගත්තට...ඔබට පින්
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අපි ඉන්නේ මොනතරම් අනතුරකද
    බුදු පියානන් වහන්සෙ අන්තිම මොහොතෙත් කීවේ සියලු සංස්කාර දර්මයො නැසෙන සුලුය නොපමාව කුසල්දම් හි යෙදෙන්න කියලනෙ අපි කවුරු කවුරුත් එකතු වෙලා මේ සංසාර දුකින් නිදහස් වෙන්න උත්සහ කරමු
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    ඔක්කොමට ඉස්සල්ල කියන්න ඕනේ මම බොන කෙනෙක් නෙමෙයි. හැබැයි ඉඳල හිටලා බියර් බොනව. නැත්නම් උඹල හිතයි මම මේ හිත සනසගන්න කියනවා කියල. :)


    අපි අහල තියන විදියට නම් බොන එක නරක පුරුද්දක් මිසක් පවක් නෙමෙයි. අපිට කියල දීල තියෙන්නේ "චේතනාව කර්මයට මුලයි" කියල. ඉතින් බිව්වා කියල වෙන පවක් හෝ පිනක් නැහැ. ඔන්න බිලා මිනිහෙක් මැරුවොත් නම් අන්න එක පවක්. :yes:

    මේක කාගෙහරි ලොකු බොරුවක් මට දුක මේ වගේ වැඩ වලින් අපේ බුදු ධර්මයට වෙන හානිය ගැනයි. :( :frown::growl:

    මේ අපාය සහ යම පල්ලන් ගැන කියනවා නම් . ගොඩක් වෙලාවට අපේ බෞද්ධ සාහිතයේ සඳහන් වෙන්නේ පොලව පලාගෙන අපායට ගියා කියල . ඒ කියන්නේ අපාය තියෙන්නේ පොලොව යට වෙන්න ඕනනේ. එතකොට පොලොව යට තියෙන්නේ ලාවා ගෝලයක්. ඒ ක අපායේ කියන ලෝදිය එක්ක හොඳට ගැලපෙනවා.
    මේ ගැන මගේ පෞද්ගලික විශ්වාසය නම් අපාය යනුවෙන් හඳුන්වන්නේ පොලොව යට පිහිටි මේ ලාවා ගෝලයේ උපත ලබන යම් කිසි ජීවින් කොට්ටාශයක් ගැනයි
    . :nerd:

    මේ යමපල්ලන් , යම රජුන් ගැන නම් මගේ විශ්වාසයක් නැහැ
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මචන්, උබට ගොඩක් පින්. කොහෙන් කොහෙන් උපුටා ගත්තත් මම නම් දැනුයි මේ කතාව කියෙවුවෙ. ඇත්තටම හිතට අමුත්තක් දැනුන. මට නම් හිතෙන්නේ මේ කතාව ඇත්ත. සමහර විට ඒ මම බුදු දහම සම්පුර්ණයෙන්ම විස්වාස කරන හින්ද වෙන්න ඇති.

    ඇත්තටම හවස් වරුවේ එළකිරි එකේ ඉදල ගොඩක් කලකිරිලා හිටියේ. සමහර විට උබ දකින්න ඇති මේකේ ඉන්න මානසික ලෙඩ්ඩු දන පොස්ට්.
    "Eg .අද මම කෙල්ලගේ පෙට්ටිය කෑඩුවා" ඒ එක්කම වගේ තව සාමාජිකයෙක් දැම්ම "elakiri eka dan wenaswela....." කියල පොස්ට් එකක්. [Link එක [FONT=&quot]http://www.elakiri.com/forum/showthread.php?t=1240162[/FONT]]

    ඉතින් ගැබුරින් හිතන්න යමක් තියෙන මේ වගේ පොස්ට් එකක් දැම්මට ගොඩාක් ස්තුතියි. Rep ඉතුරු වෙලා තියනවනම් අනිවා දෙනවා.:):):)
     
    • Like
    Reactions: G.D.1.nirmal

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    මචන්, උබට ගොඩක් පින්. කොහෙන් කොහෙන් උපුටා ගත්තත් මම නම් දැනුයි මේ කතාව කියෙවුවෙ. ඇත්තටම හිතට අමුත්තක් දැනුන. මට නම් හිතෙන්නේ මේ කතාව ඇත්ත. සමහර විට ඒ මම බුදු දහම සම්පුර්ණයෙන්ම විස්වාස කරන හින්ද වෙන්න ඇති.

    [/B]

    බුදුන් වහන්සේ මොන දේශනාවේද බං කියල තියෙන්නේ මත්පැන් පානය කලාම අපායේ යනවා කියල ?
     

    pacchasira

    Member
    Jun 4, 2010
    205
    12
    0
    Kawda yako kiyanne biwwahama apaaye yanawa kiyala .. :angry:
    maath sathiyata dawasak wage 100 g k 200 g daagannawa. :baffled:
    dan thoo kiyanne ooka nisa mama apaaye yai kiyalada :P Mii harak :D:D
     

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    401
    83
    ගොඩක් වටිනව සහෝ ස්තූති බෙදා ගත්තට...ඔබට පින්

    ගොඩක් ස්තුතියි මචං..

    passe kiwano..ban....ela

    එළ මචෝ..

    අපි ඉන්නේ මොනතරම් අනතුරකද
    බුදු පියානන් වහන්සෙ අන්තිම මොහොතෙත් කීවේ සියලු සංස්කාර දර්මයො නැසෙන සුලුය නොපමාව කුසල්දම් හි යෙදෙන්න කියලනෙ අපි කවුරු කවුරුත් එකතු වෙලා මේ සංසාර දුකින් නිදහස් වෙන්න උත්සහ කරමු

    ඇත්තටම මචං, මේ සංසාරෙ අපි අනන්තවත් අපායවල් වල ඉපදිලා දුක් විඳින්න ඇති, හැබැයි ඒ එකක්වත් දැන් අපිට මතක නෑ, , මේ කතාවෙ කියන කෙනා ඒක අත්විඳපු නිසාම ඒ ගැන දැනගත්තා. හැබැයි බුදු රජාණන් වහන්සේ දේශනා කරපු දේවල් එක්කම සමානව කියවෙන මේ කතාව අහල හරි සංසාරෙ තියෙන භයංකාර බව ගැන පොඩ්ඩක් හරි වටහගන්න පිනක් තියෙන්නත් ඔනි මචං.
    මේ කතාවත් ඕනිනම් මරණාසන්න වෙලා මොළේ දුර්වල වීම නිසා හටගත්තු මනෝ භ්‍රාන්තියක් වගේ කියල නිර්වචනය කරන්න පුළුවන් ඕනි කෙනෙක්ට. තම තමන්ගේ කර්ම ශක්තිය අනුව සැබෑව තේරුම් ගැනීම සහ ඒ අනුව සංසාරයේ දුක්විඳීම හෝ සංසාරය කෙටි ක‍රගැනීම තීරණය වෙනවා මචං.. :):)



    ගොඩක් පිං මේක බෙදාගත්තට අපිත් එක්ක :)

    ගොඩක් ස්තුතියි මචං..


    :)
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    උඹ ඒ පාර සිල් පදත් වෙනස් කරන්නද යන්නේ? බොන එක පවක් නෙවෙයි? :oo::baffled:

    දැන් උඹ හිතපන් කව්රුහරි කෙනෙක් බිව්වා ,බිලා නිදාගත්තා නැත්නම් පිස්සු නැටුවා එහෙම කළා කියල එතන නරක චේතනාවක් ඇති වෙනවද ?
    මතක තියාගනින් කර්මයක් සිදු වෙන්න චේතනාව තියෙන්න ඕනේ , එය සිදු කරන හැටි සිතින් plan කරන්න ඕනේ , ඊට පස්සේ ඒ වැඩේ කරන්නන ඕනේ.

    දැන් බලපන් අපි දන්නේ නැතුව අපේ අතින් මැරෙන සත්තු කොච්චර ඉන්නවද ? එත් අපිට එක පවක් නෙමේ කියලනේ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මොකද එතන චේතනාව නැහැ. ටිකක් හිතල බලපාන්

    හැබැයි බොන එක සමාජයකට යහපත් නැහැ , සෞඛ්‍යට යහපත් නැහැ. අන්න එක තමයි පන්සිල් පද පහේ එක ගැන සඳහන් කරලා තියෙන්නේ.

    මම වැරදි නම් නිවැරදි කරන්න :)
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    ඇත්තටම මචං, මේ සංසාරෙ අපි අනන්තවත් අපායවල් වල ඉපදිලා දුක් විඳින්න ඇති, හැබැයි ඒ එකක්වත් දැන් අපිට මතක නෑ, , මේ කතාවෙ කියන කෙනා ඒක අත්විඳපු නිසාම ඒ ගැන දැනගත්තා. හැබැයි බුදු රජාණන් වහන්සේ දේශනා කරපු දේවල් එක්කම සමානව කියවෙන මේ කතාව අහල හරි සංසාරෙ තියෙන භයංකාර බව ගැන පොඩ්ඩක් හරි වටහගන්න පිනක් තියෙන්නත් ඔනි මචං.
    මේ කතාවත් ඕනිනම් මරණාසන්න වෙලා මොළේ දුර්වල වීම නිසා හටගත්තු මනෝ භ්‍රාන්තියක් වගේ කියල නිර්වචනය කරන්න පුළුවන් ඕනි කෙනෙක්ට. තම තමන්ගේ කර්ම ශක්තිය අනුව සැබෑව තේරුම් ගැනීම සහ ඒ අනුව සංසාරයේ දුක්විඳීම හෝ සංසාරය කෙටි ක‍රගැනීම තීරණය වෙනවා මචං.. :):)

    :)
    ඔව් මචන් අපි සම්බුදු දර්මය තියන කාලෙක දර්මය තියන රටක ඉපදුන එකත් කොච්චර වාසනාවක්ද වෙන කොහෙහරි ඉපදුනානම් කවදාවත් මෙවා තෙරෙන්නෙ නැති වෙයී නෙද?
    ආයෙත්නම් අපායෙ නොයන්න වගබලාගන්න ඔන :yes: