මචංලා, මට හැමෝගෙන්ම ලොකු උදවුවක් ඕන...
මට කේටරින් බිස්නස් එකකට ගැලපෙන සිංහල, ඉංග්‍රීසි නම් ටිකක් කියනවද?
මේකේ හුගක් වෙලාවට කෑම සප්ලයි කරන්නේ බෝඩින් වෙලා ඉන්න අයට. ඒ කියන්නේ පිටපලාතකට අධ්‍යාපනයට, පුහුණුවකට හෝ රස්සාවට ඇවිත් ඉන්න හුඟක් අයට තියන ප්‍රශ්නේ තමා නවතින්න තැනක් ලැබුනත් හරිහමන් කෑමක් ගන්න තැනක් නැති එක. ඉතිං ඒ අයට ගෙදර කෑම වගේ කන්න පුළුවන් කෑම තමා මෙතන හදන්නේ ඒ නිසා සුදු බතුයි ව්‍යංජන කීපයකුයි එක්ක තමා වැඩි හරියක් කෑම යන්නේ. (හැමදාම ෆ්‍රයිඩ් රයිස්, ආප්ප, කොත්තු, පාරාට කාල කාලම එපා වෙලා ඉන්න අය ඉන්න නිසා)
ඉතිං මේ වගේ බිස්නස් එකට ගැලපෙන නමක් මගේ එළකිරි සහෝදරවරු ළඟ තියනවා නම් මේ ත්‍රෙඩ් එකේ දාන්න.. ලොකු උදවුවක්...
හැමෝටම ස්තූතියි෴
ජීනියස්







mamada?
