සාමය සතුට ඔබ අප හැර ගියේ ඇයි?
සමහර විට මම මෙහෙම දේවල් කතා කරන්න ගිහින් ඉල්ලන් කන්න හදනවා කියල ඔබට සිතෙනවා ඇති. ඒත් කියන්න තියෙන දේ කෙලින් මූණට කියන එක තමයි නියම නිර්භීත කම. අවුරුදු 30ක ශාපයක් වූ යුද්දය අවසන කල මොහොතේ අපේ සිත් වලට පැමිණි එකම ප්‍රාර්ථන වුයේ සාමයෙන්, සතුටින්, බියෙන් තොර කාලා බීලා හොදට ඇදලා ඉන්න පුළුවන් හෙට දවසක්. යුද්දය නිම වී වසර කිහිපයක් ගත වූ නමුත් අපේ ඒ ඒකායන පැතුම ඉටු නොවුයේ අපේ කාළකන්නි කමටද? එසේත් නැත්නම් රටේ කාළකන්නි කමටද? රැකියා ප්‍රශ්ණය අද අප කා අතරත් ඇති විශාලතම ප්රශ්ණ්ය වී ඈත. කෙල්ලෙකුට විශ්ව විද්‍යාලයට යෑමට ලකුණක් දෙකක් අඩු වීමේ කරුමයට ගාමන්ට් එකක රැකියාවක් කිරීමට සිදුව ඇත. කොල්ලෙකුට නම් හමුදාවට බැදීම හැර වෙන විකල්පයක් නැත. (මා අපේ වීරෝධාර හමුදාව ගරහනවා කියා නොසිතන්න ) මාසයක් කඹුරලා ගන්න සොච්චමෙන් මාසේ ගැට ගහගන්න වත් බැරි නම් මොන සතුටක්ද? මොන සැනසුමක්ද? මාවෝ සේතුන් කියූ විදියට රටේ සම්පත් රටේ හැමෝටම සම සේ බෙදී යා යුතුය. එවිට තමයි රටේ හැමෝටම රට ගැන හැගීමක් ඇති වෙන්නෙ. ඒත් අපේ රටේ තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. කොළඹ 7 ඉන්න සුළු කොටසකට හැම දෙයක්ම ඇත. රටේ බහුතරයට කිසිවක් නැත. රටක අරගලයන් ඇති වන්නේ දුප්පත්කම නිසා නොවේ. දුප්පත්කම සහ පොහොසත්කම අතර පරතරය වැඩි වූ විටය. බඩගින්නේ සිටින මිනිසකුට බණ කීමෙන් පළක් නැති බව බුදු රජාණන් කියා ඇත. ජේසු තුමන් කන්ද උඩ දේශණය පැවැත්වීමට පෙර ප්‍රාතිහාරයෙන් ආහාර මවා ජනයාට කන්න දුන්නේ ඒ නිසාය. රටක සoවධනය මහාමර්ග, කොන්ක්‍රීට් ගොඩනැගිලි හෝ වෙනත් භාහිර දේ තුලින් මැනිය නොහැක. රටක සoවධනය මැනිය හැකි නිවැරදිම මිනුම් දණ්ඩ විය යුත්තේ රටේ මිනිසුන් ජීවත් වීමට ඇති ආශාව සහ කැමැත්තය. ආශ්චර්ය කෙසේ වෙතත් සැමට සතුට සාමය පිරි හෙට දවසක් අපි සැම එක සිතින් එකට එකතුව පතමු.
Last edited:

