ගොඩක් අය මේ හා ආසන්න සිද්ධීන්, ඒ කියන්නෙ හැඟීම් පාලනය කර ගන්න බැරුව කරන ජාති ගැන දාන්නෙ වෙනත් අකවුන්ට් එකකින්. ඒත් මට මේ ගැන ඇත්ත ඇති සැටියෙන්ම දාන්න ඕන නිසා මේ විදිහටම කියන්නම්.
මේ සිද්ධිය මගෙ අතින් සිද්ධ උනේ අද. වෙලාව හවස 4 ට විතර. ඒ කියන්නෙ මීට පැය කීපයකට කලින්.කෙනෙක් අතින් වැරැද්දක් වෙන්නම ඕන විඳවන්න. දැන් ඒ වේදනාව මම විඳිනවා. මම මගෙ මෝඩකම ගැන දැන් දුක් වෙනවා. ඒත් ප්රමාද වැඩි. වෙන්න ඕන දේ උනා. ඇත්තටම මට මාව පාලනය කරගන්න බැරි වීම තමා මේකට හේතුව. මෙන්න මේකයි මචංලා කතාව.
අද හවස අපෙ ගෙදර කවුරුත් හිටියෙ නෑ. මම තනියම හිටියෙ. අහසත් අඳුරු කරලා තිබ්බෙ. වැහි මන්දාරම් ගතිය. මේ වගේ වෙලා වලට සමාන්ය මිනිස්සු හැටියට ඇති වන හැඟීම් තරම්ක් ආගන්තුක බව අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මට නිකං ඇඟට සීතලකුත් දැනෙමින් තිබුනෙ නිකං උණ ගැනෙන්න වගේ. මේ වෙලාවෙ මම ගියා අපෙ කුස්සිය පැත්තට. එතකොටම අල්ලපු ගෙදර ආන්ටි දුන්නු තැඹිලි ගෙඩි 3 ක් තිබුණා මම දැක්කා අපෙ කුස්සියෙ. මේ වෙලාවෙ තමා මට මාව පාලනය කර ගන්න බැරි උනේ කොල්ලනේ. උණ හැදෙන්න හිටිය මම අර ගෙඩි වලින් එකක් එක හුස්මට බීවා. ඒ මදිවට ලොඳත් කෑවා. තැඹිලි සීතලයි උණට හොඳ නෑ කියලා හැමෝම දන්නවා ඇතිනේ.
මේක ලියන වෙලාවෙ ! ඒ කියන්නෙ මේ දැන් මගෙ උගුර ඔක්කොම රිදෙනවා. වීස් එකත් ඇවිස්සිලා වගේ. මම කොහොම ගෙදර අයට කියන්නද මේ ගැන. තැඹිලි බීලා ලෙඩ උනා කියල දැන ගත්තම... අනේ මංද බැනුම් කෝටියයි. මාව ලෙඩ උනොත් හෙට ප්ලෑන් ඔක්කොම වතුරෙ. දැක්ක නේද අපේ සිතුවිලි පාලනය කරගන්න බැරි උනාම අපිට විඳවන්න වෙන හැටි. ඔයාල මේක පාඩමකට ගන්න.

: