<< සුපිරි කවි ට්කක් >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඇව්දි දමා මල් පෙති වන් කවි යුගලක්
    සුරඟන් කොහි ගියේදෝ හිත නෑ නිවනක්
    ඔබ සිටිනා තැන වේ මට රජ භවනක්
    ඔබ වරලසින් හෙලන්න මට මඳ පවනක්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඇව්දි දමා මල් පෙති වන් කවි යුගලක්
    සුරඟන් කොහි ගියේදෝ හිත නෑ නිවනක්
    ඔබ සිටිනා තැන වේ මට රජ භවනක්
    ඔබ වරලසින් හෙලන්න මට මඳ පවනක්

    පෙටියා දුටුව සැනෙකින් ඒ වෙත........යන්නේ
    රූපය මිසක් ගතිගුණ ගැන නැහැ........දන්නේ
    ලස්සන නිසා නොවෙදෝ ඔබ ලං.......වන්නේ
    ඇයි පැන්තරේ සත්ය ය මේ..........හංගන්නේ
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    ජී.ටී. අයිය ඔබමුද අල්ලලා............මඩේ
    එළකිරි තියල ඒකා බදිනවද...........වඩේ
    හුටා කෙලියනේ පැන්තෝ මාර.......වැඩේ
    උඹට තමයි වැදුනේ හෙන පාර.......බඩේ

    මේක මචං පැන්තාගේ .................වෙලාව
    එළකිරි වෙනුවට එන්නේ ...............වලාව
    නිවිල ගියොත් දැන් පෙටී ගෙ.......... නිලාව
    අහන්න වෙන්නේ ඕකගේ .............නලාව
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේක මචං පැන්තාගේ .................වෙලාව
    එළකිරි වෙනුවට එන්නේ ...............වලාව
    නිවිල ගියොත් දැන් පෙටී ගෙ.......... නිලාව
    අහන්න වෙන්නේ ඕකගේ .............නලාව

    පෙටී ගියා පැන්තට හික් බායී.........කියා
    අනේ පව්නෙ ඌ බං හොම්බෙන්ම...ගියා
    එලකිරියත් මේකගෙ හරහට.........හිටියා
    හලපු පැණිය අපරාදේ අපතෙ.........වියා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පෙටියා දුටුව සැනෙකින් ඒ වෙත........යන්නේ
    රූපය මිසක් ගතිගුණ ගැන නැහැ........දන්නේ
    ලස්සන නිසා නොවෙදෝ ඔබ ලං.......වන්නේ
    ඇයි පැන්තරේ සත්ය ය මේ..........හංගන්නේ
    රුපය ඇගේ දකින්න පින් මදිය මට
    වෂී වුනේ ඇගෙ ගතිගුන නම් මලට
    ඈ මා හා කවි කියනා මේ රැයට
    දෙවියන් පවා හිස නමනවා මගේ කවට
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    පෙටී ගියා පැන්තට හික් බායී.........කියා
    අනේ පව්නෙ ඌ බං හොම්බෙන්ම...ගියා
    එලකිරියත් මේකගෙ හරහට.........හිටියා
    හලපු පැණිය අපරාදේ අපතෙ.........වියා

    පෙටී ආපු හැටියේ බැඳගෙන ...........දවුල
    කන්නට පටන්ගත්තයි හීනෙන්......... පවුල
    මේවා දකින විට ඒකිට හෙන.......... අවුල
    යන්න ගියා ගිනිතියලා මුගේ ...........රැවුල
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රුපය ඇගේ දකින්න පින් මදිය මට
    වෂී වුනේ ඇගෙ ගතිගුන නම් මලට
    ඈ මා හා කවි කියනා මේ රැයට
    දෙවියන් පවා හිස නමනවා මගේ කවට

    දෙවියන් හිස නැමූ හැටිනම් හොදට............පෙනේ
    පෙටියා ගියපු හැටි දුටවම හොදට...............දැනේ
    එළකිරියත් තොට බං දික්කරයි.................පෙනේ
    මේවා ඉතින් පෙර බව ගෙන ආ...............පව්නේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පෙටී ගියා පැන්තට හික් බායී.........කියා
    අනේ පව්නෙ ඌ බං හොම්බෙන්ම...ගියා
    එලකිරියත් මේකගෙ හරහට.........හිටියා
    හලපු පැණිය අපරාදේ අපතෙ.........වියා
    ඇය වෙනුවෙන් නැත මා සිත පැණි පෙරුවේ
    උතුම් හැඟීමකි මා නම් සිත දැරුවේ
    ඇය මඩුවට වඩිනා වූ හැම වරුවේ
    මල් වරුසාවක් නොවේද බිම දැරුවේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පෙටී ආපු හැටියේ බැඳගෙන ...........දවුල
    කන්නට පටන්ගත්තයි හීනෙන්......... පවුල
    මේවා දකින විට ඒකිට හෙන.......... අවුල
    යන්න ගියා ගිනිතියලා මුගේ ...........රැවුල

    දෙවියන් හිස නැමූ හැටිනම් හොදට............පෙනේ
    පෙටියා ගියපු හැටි දුටවම හොදට...............දැනේ
    එළකිරියත් තොට බං දික්කරයි.................පෙනේ
    මේවා ඉතින් පෙර බව ගෙන ආ...............පව්නේ
    මා සිත වැයෙනවා දුක්බර ගී රාවේ
    ඇය එන නිසයි වරු ගානක් මම නෑවේ
    සිත කිවු නිසයි ඉක්මනටම මා කෑවේ
    එහෙවු මටනේ තොපි දෙන්නා මේ හෑවේ
    :(
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පෙටී ආපු හැටියේ බැඳගෙන ...........දවුල
    කන්නට පටන්ගත්තයි හීනෙන්......... පවුල
    මේවා දකින විට ඒකිට හෙන.......... අවුල
    යන්න ගියා ගිනිතියලා මුගේ ...........රැවුල

    පෙටී ආපු විගසින් මූ පැණි...........හැළුවා
    පෙනුනයි මූට ඒකිව ලෙස කිරි........අළුවා
    දැන් මූ ඉන්නෙ වාගේ කුණු කෑ......එළුවා
    දුකයි මචෝ හිතුවම ගැන මේ.....කොළුවා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මා සිත වැයෙනවා දුක්බර ගී රාවේ
    ඇය එන නිසයි වරු ගානක් මම නෑවේ
    සිත කිවු නිසයි ඉක්මනටම මා කෑවේ
    එහෙවු මටනේ තොපි දෙන්නා මේ හෑවේ
    :(


    ආවා පැන්ත කියමින් මගෙ................පෙටී පෙටී පෙටී
    ජීටී අයිය දුන්න ගෙම......................වටී වටී වටී
    පිරිලද ගොන් හරකෝ මොළෙ............මැටී මැටී මැටී
    දැන් තෝ ගිහින් කාපිය බොල............රොටී රොටී රොටී
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ලස්සන නිසා මුලින්ම අප ලං වෙනවා
    ඉන්පසු සබදකම ඇය හා ඇරඹෙනවා
    ගතිගුණ නැතේ කිසිවිට අපි විමසනවා
    වැරදි ඇතත් නිහඩව අප පසුවනවා

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ජීවිත ගමනෙ නෙක බාධක එන්න.........ඇතී
    විටකදි සතුට විටකදි දුක් වෙන්න...........ඇතී
    මේ හැම මැදින් ජීවන ගඟ..........ගලන්නැතී
    ඒ හැම විටක නුඹ මා පිටු පසින්...........ඇතී
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එදා වගේ නුඹ මා ලග................සිටියානම්
    අල්ලන්නට තිබුන හද කෙල්ලේ.......එහෙනම්
    බාධක මැදදි ඔබ බින්දක්............ඉවසුවනම්
    නැහැ සොදුරියේ මේලෙස වල පල්ලේ.....මම්
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    එදා වගේ නුඹ මා ලග................සිටියානම්
    අල්ලන්නට තිබුන හද කෙල්ලේ.......එහෙනම්
    බාධක මැදදි ඔබ බින්දක්............ඉවසුවනම්
    නැහැ සොදුරියේ මේලෙස වල පල්ලේ.....මම්

    බාහිර ඔපයකට උඹලා රැවටීලා
    නටනවා මෙතන පැණි හල හල දැවටීලා
    රන් වුව රිදී මැටි වුව වැඩ දමලා
    එකම රසයි කළේ වතුර අහපල්ලා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පෙටී ආපු හැටියේ බැඳගෙන ...........දවුල
    කන්නට පටන්ගත්තයි හීනෙන්......... පවුල
    මේවා දකින විට ඒකිට හෙන.......... අවුල
    යන්න ගියා ගිනිතියලා මුගේ ...........රැවුල

    දවුල ගලවා බිම තියලා පැණි දැන් .......වේලිලා
    පවුල පැනලා ගොස් හීනේ දැන්නම් බොද වෙලා
    අවුල ලිහින්නට දගලලා තව තව ......පැටලිලා
    රෑවුල ගිනිතියන් මූදට පනින්න ........සිදුවෙලා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔබ නම් සිරා ජූලියන් ඇසෙන්ජ් කොල්ල........කැලේ
    විකිලිය ඔබට පවරමි ලැබුනොතින්...............බලේ
    රෙප් පිට රෙප් දුන්න ඔබහට තුතිය...............මලේ
    එනුමැන කවි කියන්නට හැකි විටක...........බොලේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දවුල ගලවා බිම තියලා පැණි දැන් .......වේලිලා
    පවුල පැනලා ගොස් හීනේ දැන්නම් බොද වෙලා
    අවුල ලිහින්නට දගලලා තව තව ......පැටලිලා
    රෑවුල ගිනිතියන් මූදට පනින්න ........සිදුවෙලා

    අනුන්ගෙ සීනි කිරන්නැතිව..........ඉන්නවද?
    මේ පැත්තේ එන්නෙ නැත්තෙ.........බයවීද?
    අයියා උනත් කියනාදේ..............අහනවද?
    බුදු රත්තරනෙ අපි බොන්නේ........කවදාද?
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    අනුන්ගෙ සීනි කිරන්නැතිව..........ඉන්නවද?
    මේ පැත්තේ එන්නෙ නැත්තෙ.........බයවීද?
    අයියා උනත් කියනාදේ..............අහනවද?
    බුදු රත්තරනෙ අපි බොන්නේ........කවදාද?

    සීනී කිරන්නට මම කඩයක වැඩ .......නොවේ
    සොහොනෙ ගෙවල් සැදි මම යකුට බය නොවේ
    උඹ කියන දේ අහන්න උඹ මගෙ පිය .නොවේ
    රත්තරන් බැන්දාට බෝතල සෙල .....නොවේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සීනී කිරන්නට මම කඩයක වැඩ .......නොවේ
    සොහොනෙ ගෙවල් සැදි මම යකුට බය නොවේ
    උඹ කියන දේ අහන්න උඹ මගෙ පිය .නොවේ
    රත්තරන් බැන්දාට බෝතල සෙල .....නොවේ

    හරි කෙලියක්නෙ ඇයි අපි බොන්නේ..........නැද්ද
    අපිට දෙන්න බැරි ඇයි අපි..................ඔටුවෝද
    ගේමෙන්ම බැරිමනම් සාමෙන්................එන්නද
    තුන්දහසෙදීවත් අපි සෙට්..................වෙන්නැද්ද