අත්දැකීමක් බෙදා ගත්තාට ස්තුතියි. ටක්කෙටම රොබයියා උඹව හොයන් එයි ඉදිරි වැඩ වලටගුරැකම් කරගන්න.
ඇත්තටම එයිද අහ්හ්???


අත්දැකීමක් බෙදා ගත්තාට ස්තුතියි. ටක්කෙටම රොබයියා උඹව හොයන් එයි ඉදිරි වැඩ වලටගුරැකම් කරගන්න.


රොබොටා තාම ගෙදර ආවේ නැත...... ඉතින් කතාද නැත....... ඒත් මහරෑම මේ කෙටුවෙ මේක බලන උන්ගෙන් පොඩි උදවුවක් බලාපොරොත්තුවෙන්...... පුලුවන් එකෙක් මට මේ සතාව ගොඩදාලදියන්........ යන වියදම මම දෙන්නම්
........මේක දැක්ක වෙලේ ඉඳන් මගේ හිතට හරිනෑ
...........
http://www.elakiri.com/forum/showthread.php?t=1308291
රොබොට් අයියා.....
මචන් මේ ගුරුකම්,කොඩිවින වගේ වැඩ ඇත්ත නම් ප්රභාකරන් වගේ ම්නිහෙක්ව මෙච්චර කල් මරන්න බැරි වුනේ ඇයි කියල හිතෙනව![]()






රොබට් අයියගේ බූත කොටුව මම හරිම අසාවෙන් කියවපු ත්‍රෙඩ් එකක්. මම එළකිරියේ රෙජිස්ටර් උනේ 1998 . ඒත් එලකිරියට බොක්කෙන්ම සම්බන්ද උනේ රොබට් අයියගේ බූත කොටුව හන්ද. ඒ හින්ද මටත් හිතුන මට වුනු සිදුවීමක් එළකිරියේ යාලුවෝ එක්ක බෙදාගන්න . මීට කලින් මට යක්කු එක්ක පොඩි අත්දැකීමක් තිබුන. එක මම පස්සේ ලියන්නම්. මේක සත්‍යම සිදුවීමක් . මේක උන වෙලාවේ මා එක්ක හිටිය යාළුවගේ නම විතරක් මම වෙනස් කරලා ලියනවා. මේ සිදුවීම උනේ 1999 අවුරුද්දේ මට මතක විදිහට. ඒ වෙනකොට මටත් මගේ යාලුවටත් දෙන්නටම වයස 22ක් වගේ වෙන්න ඇති. මතක පිළිවෙලට කොටාගෙන යන්නම් මෙන්න මේකයි සිද්දිය.
ඔන්න එහෙනම් රොබට් අයියගෙන් අවසරයි
මම ඒ කලේ වැඩකරේ ලංකාවට Dental / Medical machine import කරන කොම්පැනි එකක . මම තමයි එකේ චීෆ් ටෙක්නිශියන් . එදා දවස සිකුරාදා දවසක් මට මතක හැටියට. මම homagama අවිස්සාවේල්ලත් අතර තියෙන ග්‍රාමීය රෝහලක කැඩිච්ච මැෂිමක් අමාරුවෙන් ගොඩ දාල හවස 2 වෙද්දී ඔෆිස් එකට ආව රුහුණු කුමාරියේ ගෙදර මාරුවෙන්න . සිකුරාදා දවස හවස් වෙනකොට ගතට දැනෙන ආතල් එක ඉතින් ජොබ් කරන හැමදෙනාම දන්නවනේ. ඔන්න ඉතින් ඔෆිස් එකට ඇවිත් මැනේජර් එක්ක පොඩි ආතල් කයියක් දැම්ම සෙනසුරාදා දවස රවුමක් ගහන්න ශේප් නියායෙන් ගෙදර ඉන්න බලාගෙන. අපේ මැනේජර් පෙන්ෂන් ගියපු ඉන්ග්ලිෂ් medium ඉගෙනගත්තු සුද්දගේ ඉන්ග්ලිෂ් කතාකරන එල පොරක් . ඔන්න ඒ වෙලාවේ අපේ සේල්ස් කරන කමන්තත් ආව වැඩ ඉවර කරලා රුහුණු කුමරියේම ගෙදර පනින්න. ඒ වෙද්දී කමන්ත යාළුවෙලා උන්න කෙල්ල (දැන් උගේ ආදරණීය බිරිඳ ) යන්නෙත් රුහුණු කුමරියේ නිසා ලංකාවේ කොයි කොනක සේල්ස් කරත් හයි ස්පීඩ් දඩ 100ක් කාගෙන හරි සිකුරාදා රුහුණු කුමරිය අල්ලන්න කොළඹ එනවා. අපි දෙන්න එකම ඉස්කෝලේ එකම පන්තියේ උසස්පෙළ කරේ. ඒ දවස්වල වගේම අදත් අපි මැන්ගෝ යාලුවෝ.
ඔන්න ඉතින් අපි දෙන්නම අපේ මැනේජර් ටියුන් කරනවා සෙනසුරාදා ඔෆිස් එන්නේ නැතුව ඉන්න. මේක ඉතින් එදා විතරක් නෙවෙයි අපි හැමදාම සිකුරාදාට කරන වැඩක්. ඔන්න ඉතින් අපි කයිය ගෙන ඉන්නකොට ෆෝන් එක රින්ග් උනා . ගෙදර යන්න ඔන්න මෙන්න තියල ෆෝන් එක රින්ග් වෙනකොට ඉතින් පපුව සීතල වෙනවා ඉතින්. මොකද බොසා කෝල් කරලා හදිසි රාජකාරි පටවනවා. ඒවා ඉතින් පරිප්පු නැවු පිටින් බාන්න වෙන වැඩ . නැත්තම් වෙන්නේ බොසාගේ වයිෆ්ට driver කෙනෙක් නැති උනාම පොඩ්ඩකට මරදානට පිටකොටුවට හරි යන්න කියලා මාව එවන්න කියනවා. ඉතින් රාත්‍රී 10 / 11 වෙනකම් රියදුරු රස්සාව කරන්න වෙනවා. එත් මේ ආපු කෝල් එක අවේ නුවර මහියංගනය පාරේ 18 වංගුවට ආසන්නයේ තියෙන රෝහලකින්. එයාලගේ මැෂින් එකක් කැඩිලා දැන් දවස් ගානක්, අද ටෙක්නිශියන් එවනවා කීවට ඇයි නාවේ අද නාවොත් හෙට උදේට මිනිස්ට්‍රියට පැමිණිලි කරනවා කියල. දැන් ඉතින් කාපන්කෝ පරිප්පුව. අපේ සුදු මැනේජර් හැරුන තැපෑලෙන් බොස්ට කෝල් කරලා කිව. අනේ ඉතින් අපේ බොස් කිව මේ දැන්ම මාව යවන්න කියල. කමන්ත යවන්න කිව හෙල්ප් එකට . ඒ වෙනකොට අපේ රියදුරත් යතුරු බාරදීලා ගෙදර මාරු වෙලා . අපේ මැනේජර් එහෙට කෝල් කරලා කීවා, ටෙක්නිශියන් දැන් කොළඹින් පිටත් වෙනවා, ඔහෙට එනකොට පැය 5ක් විතර යාවි කියල. එහෙ දොස්තර කිවා, එයාගේ නිල නිවාසෙට එන්න කියන්න, එයත් එක්ක ඇවිත් මැෂින් එක හදවන්නම් කියල. දැන් ඉතින් වැඩේ සෙට්. ඔන්න ඉතින් අපි දෙන්න යන්න පිටත් උනා.
මට තමයි වාහනේ එලවන්න උනේ ඉතින්. ඒ වෙද්දී කමන්තට එලවන්න පුළුවන් උනාට ලයිසන් තිබුනේ නෑ මට මතක විදිහට. අපි නුවරට යද්දී 6.30 වගේ වෙන්න ඇති. අපි ඉතින් නුවර ගියොත් නවතින්නේ Y .M .B එකේ තමයි.මොකද එකේ තමයි කාමර ගණන් අඩුවෙන්ම ගන්න පුළුවන්. ඉතින් දැන් අපි එනකොට 12 වගේ වෙන හින්ද අපි යනගමන්ම කාමරයක් වෙන් කරලා සල්ලි ගෙව්වා . අපිව එයාල නිතර එන හන්ද දන්නවා. ඒ හින්ද කීය උනත් අවුලක් නැ ගේට්ටුව අරිනවා අපිට. ඔන්න ඉතින් අපි 8 විතර වෙද්දී ගිය අදාල තැනට. ගිහින් දොස්තර (ලස්සන නෝනා කෙනෙක් හරිද) එක්ක ඇවිත් මැෂින් එක හැදුව මම. කමන්තයත් ඉතින් ඕනෑම වැඩකට ලාම්පුව අල්ලන්න කියපු බඩුව. ඔන්න ඉතින් දෙය්යනේ කියල මම 10 වගේ වෙද්දී මැෂින් එක හැදුව. හදල ඉවර වෙලා එන්න ලෑස්තිවෙනකොට අර කරුණාවන්ත ලස්සන තරුණ දොස්තර නෝනා කොහෙද නවතින්නේ කියල හෙම විස්තර අහල වොෂ් එකක් දානවනම් එයාගේ නිල නිවසේ බාත්රූම් එකෙන් දාන්න කිව. අපිට ඉතින් දෙය්යෝ බැලුව වගේ අපි දෙන්නම ගොඩක් වෙහෙසෙන් හිටියේ. අපි දෙන්නම රට වටේම යන නිසා අපේ ඇඳුම් බෑග් දෙක කොයි වෙලාවෙත් අපේ වාහනේ තියෙනවා.
ඔන්න ඉතින් අපි දෙන්නම දෙය්යනේ කියල වොෂ් එකක් දාල සරොන් දෙකටම බැහැල ආතෙල් පහට දුමකුත් දාගෙන දැන් එනවා නුවර බලා . අපි ගියේ කමන්ත සේල්ස් ගිහින් ආපු van එකේ . එක ටොයෝටා ලයිට් එස් වාහනයක්. හැමදාම සේල්ස් යන වාහනේ හින්ද මුන් කවදාවත් බඩු බාන්නේ නැ. ඉතින් දැන් අපේ ඇඳුම් බැග් සල්ලි ඔක්කොම වාහනේ පිටිපස්සේ සීට් එක උඩ. දැන් ඉතින් අපි දෙන්න එනවා 18 වංගුව පැත්තේ ඉඳන් නුවර එන්න. මම බොහොම හෙමින් ඩ්‍රයිව් කරේ . දන්නා අය දන්නවා මේ පාර පට්ට පාලුයි . අපි දෙන්නට හොඳටෝම බඩගිනිය්. ගොඩක් රැ වෙලා හින්ද කඩවල් වහලා. ඔන්න ඉතින් හෙමින් හෙමින් එනකොට එක කඩයක් වහගෙන යනවා. අපි නවත්තල ඇහුව කන්න දෙයක් තියෙනවද කියල. මුදලාලි වයසක මනුස්සයෙක්. වඩේ වගයක්නම් තියෙනවා එත් බොන්න තේ නම් නැහැ ලිප නිවල කිව. අපි ඉතින් දෙය්යෝ දුන්න වඩේ ටිකත් කන ගමන් දුමකුත් දාගෙන හෙමින් හෙමින් එනවා . කොහොමහරි දැන් වෙලාව රැ 12 පහු . තෙල්දෙණියට 10 km වගේ තියෙද්දී පට්ට පාලුයි .එක පැත්තකින් වික්ටෝරියා dam එක අනික් පැත්තෙන් පට්ට වනන්තරේ . මේක කියවන ඔයාල විස්වාස කරයිද මන්ද මේක. දැනුත් මේක ලියන මොහොතේත් මේක මතක් වෙනකොට මට ඒ සිදුවීම මැවිලා පේනවා වගේ. එක පාරටම dam එක පැත්තෙන් පාරට ගොඩ උනා ලස්සන කෙල්ලෙක්. ටිකක් මහතයි . පාරට ආපු ගමන්ම මෙය ආවා පර මැද්දට. ඇවිත් වාහනේට ඇත දැම්ම. හරියටම පාර මැද්දේ. ඉස්සරහට ගියොත් හැප්පෙනවා. ලස්සන කෙල්ලෙක් . ඔලුවෙන් ඇග පුරහම ලේ බේරෙනවා. මෙයා පාරට අවේ මට මීටර් 20 ක් 30 ක් ඉස්සරහින්. තත්පර කීපයයි මම වාහනේ නැවැත්තුවේ නැත්තම් කෙල්ල වදිනවා මගේ වාහනේ . මම ක්ෂණිකව නවත්තගත්තා හෙමින් අපු හින්ද. නවත්තපු ගමන් මේ කෙල්ල ආවා කමන්තගේ දොර ගාවට . ඇවිත් කීවා එයාට මස්සිනා ගැහුවා කන්දකින් පහලට තල්ලු කරා, එයාව තෙල්දෙණියේ පොලිසියට දාන්න කියලා . මම කීවා පිටිපස්සෙන් නගින්න කියලා. ඒත් ඒ එක්කම මට මතක් උනා අපේ සල්ලි ඇඳුම් සීට් එක උඩ නේද කියාල. ඒ හින්ද මම කීවා නෑ ඉස්සරහින් නගින්න කියලා . මට නිකමට හිතුන අපිව සුද්ද කරන්න හදනවද දන්නේ නැ කියලා මේ වනන්තරේ මැද්දේ. කමන්ත දොර ඇරිය. කෙල්ල නැගල වාඩි උනා කමන්තගේ සීට් එකේම අයිනෙන්.
මේ කියන වාහන මොඩ්ල් එකේ ඉස්සරහ තියෙන්නේ සීට් දෙක විතරයි. මැද්දේ සීට් එකක් නැහැ. කෙල්ල පෙනුමේ හැටියට අඩුම තරමේ කිලෝ 50 ක් වත් බර ඇති. සාමාන්යෙන් ඩ්‍රයිව් කරන කෙනාට තේරෙනවා පොඩි වාහනේක ඉස්සරහ සීට් එකේ දෙන්නෙක් නැග්ගම ඒ පැත්ත බර වැඩි ගතිය. ඒත් මම වාහනේ අදිනකොටම තේරුණා මොකක් නමුත් අමුත්තක්. ඒ එක්කම මට නිකම් බයක් වගේ දෙයක් දැනුන. මෙච්චර දුරක් 40 ට වගේ අපු මම ඩ්‍රයිව් කරන්න ගත්ත 100 පන්නල. විනාඩි 5 ක් වගේ එද්දී මේ කෙල්ල කීවා අයියේ මෙතන ඉඩ මදියි මම බිමින් වාඩිවෙන්නම් කියල. ඒ කෙල්ල කමන්තගේ කකුල් දෙක ගාව බිම වාඩි උනා. ටොයෝටා ලයිට් එස් එකේ ඉස්සරහ සීට් එක ගාව බිම වැඩුන මනුස්සයෙකුට වාඩිවෙලා යන්න තරම් ලෙග් ස්පේස් නැහැ. ඒත් මේ කෙල්ල මෙතන වාඩි උනා. කමන්ත එක්ක විස්තර කතා කරා එයාගේ. ඒත් ඒ කිසිම දෙයක් මගේ කනට වැටුනේ නැහැ. මොකද මම හිටියේ ගොඩක් බයවෙලා. මම මාරාන්තික වංගු සියල්ලම 120 ට විතර ආවා . තෙල්දෙණියේ පොලිසිය ලන්වෙනකොට මම කීවා අක්කේ මම ඔයාව තෙල්දෙණියේ පොලිසිය පහුකරලා බස්සන්නම් කියලා. මොකද මේ පරිප්පු නැව අපිට බාන්න උනොත් කියන බයත් මට දැනුන. හරියටම පොලිසිය ඉස්සරහින් රාළහාමි කෙනෙකුත් වාහනේට අත දැම්ම ගෙදර යන්න වෙන්න ඕන. මම එයාට නැවත්තුවෙත් නැහැ. පොලිසිය පහුකරලා මීටර් 100 ක් වගේ ගිහින් මම නැවැත්තුව. මෙයාට බහින්නනම් කමන්ත බහින්න ඕන. ඒත් කමන්ත දොර ඇරපු ගමන් කෙල්ල බැස්ස මල්ලිලට බුදු සරණයි කියලා පාවෙලා වගේ පොලිසිය පැත්තට ගියා. මම side mirror එකෙන් බැලුව. කව්රුත් නෑ.
මම ආයේ ගමන පටන් ගත්ත. අයෙත් 100 පැනල යනවා. කමන්තය මට අම්ම මෝ නැතුව බනිනවා කෙල්ල නැගපු වෙලාවේ හිටන් හය්යෙන් ආවා කියලා. මම එක වචනයක්වත් කතා කරේ නෑ. නුවර ලං වෙනකොට තියෙනවා ඔරලෝසු කණුවක් එක්ක junction එකක්. එක පැත්තක් නුවර. අනෙක් පැත්ත මහියංගනය. අනික් පැත්ත හඟුරන්කෙත . එතන තිබුන ඒ කලේ චෙක් පොයින්ට් එකක් අනිවාර්යෙන් නවත්තන්න ඕන. මම උන්නේ කල්පනාවෙන් නෙවෙයි. තව පොඩ්ඩෙන් එතන නවත්තන්නේ නැතුව ඇවිත් වෙඩි කනවා. කොහොම හරි YMB එකට ඇවිත් මම නොකර කතා කමන්තට වාහනේ යතුර දීල උඹ කන්න ඕනෙනම් ගිහින් කාල වරෙන් මම නිදාගන්නවා කියලා කෙලින්ම නිදාගත්තා. කමන්තයත් මට අම්ම මෝ නැතුව සිංහල කියව කියව නිදාගත්තා. කිසිම කතාවක් නැතුව මට උදේ 7 වෙනකම් නින්ද ගියා.
උදේ මට ඇහැරුනා ගමන් එහා ඇඳේ නිදාගෙන ඉන්න කමන්තට ඇන්න පයින්. ඇනල මුව ඇහැරවල ඇහුව ඊයේ අපි එක්ක අවේ මනුස්සයෙක්ද අමනුස්සයෙක්ද කියලා. උදේ පාන්දරම කමන්තයගේ ඇස දෙක පැන්න එලියට . කට ඇරගෙන බලන් ඉන්නවා බයවෙලා. අපි මුණ නොහෝදම ගියා තෙල්දෙණියේ පොලිසියට. ගිහින් කිව්වා රිසව් එකේ උන්නු රාළහාමිගෙන් ඊයේ රැ මෙහෙම දෙයක් උනා මොකක්හරි පැමිණිල්ලක් දාලද කියලා. එයා පැමිණිලි පොත බලල කීවා එහෙම දෙයක් නෑ කියලා. ලේ බේරී බේරී වාහනේට නැගල බිම වැඩිවෙලා ආවට එක ලේ බිඳක්වත් වාහනේවත් කමන්තගේ ඇඳුමකවත් තිබුනේ නැ. ඔන්න ඕකයි කතාව. එයින් පස්සේ අපි දෙන්නම හවස 6 න් පස්සේ නුවර මහියංගන පරේනම් ගමන් කරේ නැත. එයින් පසු කවදාකවත් පාරේ අතදපු කිසිම මනුස්සයෙකුට මම වහනේනම් නවත්තන්නේ නැත. එදා බය උනා බයවිල්ල තාමත් එක මතක් කරනකොට පපුවට දැනෙනවා.
පස්සේ කලෙක මට ආරංචි උනා ඒ හරියේ එහෙම දෙයක් තියෙනවා කියලා. මේක කියවන නුවර පැත්තේ ඉන්න යාලුවන්ගෙන් මම දැනගන්න කැමතියි මේ පාරේ මෙහෙම දෙයක් ආයේ ආයේ සිද්දවෙනවද කියලා.
....... සුපුරුදු විදියටම සුපිරි නැට්ටිච්චියො
සෙට් එකක් ඉස්සරහ ලකුණු දාගන්න පොඩි ස්ටන්ට් පාරක් දාන්න ගොහින් අන්ඩක් ඇමැට්ටිකොරගතිමි
........ හාමිනේගෙන් කුණු බැනුම්
...... පොඩි එකාත් තොත්..... තොත්....ගගා දන්න විදියට කින්ඩි දානව
.......... මදැයි....... මටත් වෙච්ච දේ
...........
...... කට්ටියගෙන් සමාව ඉල්ලනව හොල්මන් අස්සෙ වඳුරු සීන් එක දැම්මට
..... ඒත් මට මේ මගුල් භූතකොටුවට වඩා අර සතාගෙ අත බේරගන්න එක ලොකු වුනා..... ඒ ස්ටෝරිය දැකල මම හෙන අප්සෙට් එකෙන් හිටියෙ........ සිරාවටම මම කොළඹ හිටියනම් ඊලඟ දවසෙම අනුරාධපුරේට පැදල..... කතා ඕන නෑ...... සතා බේරන්න වචනෙන් හරි උදවු කරපු ඔක්කෝටම පින්
..... (ආහ් තවදෙයක්.... මේ වගේ සීන් එකකට පොලීසියේ සහය ගන්න පුලුවන් වෙච්ච එකත් පට්ටයි
..... එහෙම ඔප්ශන් එකක් මගෙ මොළේට ආවෙම නෑ..... ) 

..... ඇත්තටම මේ ත්‍රෙඩ් එක මම පටන්ගත්තෙ උඹළට "ආතල්" දෙන අදහසින් නෙමෙයි....... එහෙම අදහසින් මේ දේ පටන්ගත්තනම් භූතකොටුව මේවෙනකොට බයිට් කොටුවක් වෙලා
....... මොනව වුනත් මේ නොපෙනෙනෙ නොදන්න ලෝකෙ කරන ගවේශණයේදී උඹළ මේක ඇතුලෙ පවත්වාගෙන යන විනයට මම ගොඩක් කැමතියි
...........
....... භූතකොටුවෙ විකටයො, කවටයො නෑ....... උඹට අත්දැකීමක් තියෙනවනම් පැහැදිළිව කොටපන්...... අපි කවුරුත් කැමතියි මේ දේවල් දැනගන්න......... වැඩිම වුනොත් අපැහැදිලි තැනක් ගැන විමසුවොත් විනා මම හිතන් නෑ මේකෙ ඉන්න උන් උඹේ අත්දැකීම බාල්දුකරයි කියල
...... බයනැතිව දැන්මම කොටල දාපිය
.......
....... මේකට උත්තර ගොඩක් තියෙනව....... 1,මේව කරන්න පට්ට කට්ටඩියෙක් හොයාගන්න ඕන
..........2, හෙන වියදමක් හා සුපිරි කට්ටක් කාල ඔය වැඩේ කරන්න කව්ද ඉදිරිපත්වෙන්නේ????
කාටද උවමණාවක් තියෙන්නෙ?? එහෙම හිතන දේශප්‍රේමියො මම දන්න ලංකාවෙ නම් නෑ
........ අනික එහෙම කළත් ඒකෙ කිසි ගුනේකුත් නෑ..... 3, අපි කොච්චර බැන්නත්, අපි කොච්චර අකමැතිවුනත් දෙමළ ජාතිකයින් ජීවිතකාලෙම භක්තිවන්තයො...... සිංහල අපි වගේ කෙළවුනාම ගොඩදාගන්න පන්සල් පල්ලි යන, පාන් බාගෙට සීනි ගොට්ටට ආගම් මාරුකරන උන් නෙමෙයි
........ඉතින් උන්ට දේව ආශිර්වාදය නිතැතින්ම අපට වඩා වැඩියි
........ 
.........
........ මම මේ ත්‍රෙඩ් එක දැම්මේ මේ නොපෙනෙන ලෝක පිළිඹඳ මම සොයාගත් දේ තුලින් මට පුලුවන් විදියට උඹලව දැනුවත්කරන්න......... පිළිගැනීම හෝ නොගැනීම ඔබට බාරයි.... ඒත් මේ කරන දැනුවත්කිරීම තුළින් උඹළට වෙන අසාමාන්‍ය සිදුවීම් පිළිඹඳව තවත් කෝණයකින් සොයා බලන්න උඹළටම මග පෑදෙයි..........
.......
...... උඹ කරපු මෝහනය පිළිබඳ, උඹ සිරාවටම අක්කව මෝහනය කරල මේ දේ සොයාගත්තද නැත්නම් අක්ක පරළ වෙලා මේ සිද්දිය කිව්වද????

!!!! ඒත් කියන්න දෙයක් තියෙනව......මම හිතනව උඹ මෝහනය ඉගෙනගෙන තියෙන කෙනෙක් කියලා........ මෝහනය නොදැන කලොත් මෝහනය වෙන එකාට දෙයියන්ගෙම පිහිටයි........

..... ඔය පාර පොඩ්ඩක් ෆේමස් හොල්මන් සීන් වලට
....... මගේ අම්මත් කියල තියෙනව........ නුවර පැත්ත කොහොමත් හොල්මන්වලට ෆේමස්........ මම දන්න තරමින් ඒපැත්තෙ වැඩිය ප්‍රසිද්ද නැති පන්සලක් තියෙනව වලගම්බා රජ සමයේ භූත ශක්තියෙන් උමගක් හදපු........ අදටත් ඒ පන්සලේ පිටස්තරයන්ට රෑ 8-9 පස්සෙ රැඳීසිටීම තහනම්........... 
...... බලන උන් හොරෙන් බලල මාරුවෙලා යන් නැතිව පුලුවන් විදියට වචනෙන් හරි උන්ව දිරිමත්කරන්න
......
රොබොට් අයියා......
ඒත් කියන්න දෙයක් තියෙනව......මම හිතනව උඹ මෝහනය ඉගෙනගෙන තියෙන කෙනෙක් කියලා........ මෝහනය නොදැන කලොත් මෝහනය වෙන එකාට දෙයියන්ගෙම පිහිටයි........![]()

.......... කියවනකොට තියෙන චූන් එක නෑ තට්ට තනියම ඕව කරන්න ගියාම
...... මොනව වුනත් එළ අත්දැකීම........ 
......... අනික දැන් ගොඩක් ඉන්නෙ කට්ටඩි නෙමෙයි තක්කඩි
....... මම මේ දේවල් සොයපු කාලෙ තමයි මට හිතෙන්නෙ මේ වැඩවල අවසාන පුරුක් හිටිය කාලෙ කියල
......... දැන් ඉන්න කට්ටඩි මොඩ් වෙලා........ දවසෙ ගාන කපාගෙන ෆෝන් එකට රීලෝඩ් එකක් දාගෙන මල්කඩන තක්කඩි දැන් ඉන්නෙ
....... මෙලෝ රහක් නෑ.......... වගකීමෙන් කට්ටක් කාල නිදිමරාගෙන ගේම් දෙන එකෙක් බේතකට හොයාගන්න බෑ........
........... ඉතින් කට්ටඩිය කියලත් මොනවකරන්නද.......... ඌත් ඔය මොනවහරි පරන පුරුදු නැටුමක් දාල බොරුකරල ගානකඩාගන්නව......... අන්තිමට නැති ප්‍රශ්ණ
..............
....... ඒ මිනිස්සුන්ට බැන බැන ගෙදර යන්න එපා, මොකද ඒ අය තමයි මේ පිලිවෙත හරියටම කරන්නෙ....... ඒ අය වැඩ පටන්ගන්න පරක්කුකරන්නෙ අමනුශ්යයාගේ නොපැමිනීම හෝ ප්‍රමාදය හේතුවෙන්...... හදිස්සියේම වැඩ නවත්තන්නෙ, අමනුශ්යයට එදිනට කලහැකි වැඩ ප්‍රමාණය ලැබීම හෝ...... වෙනත් තැනක කැඹිරීමට යන්න ඇති නිසා........

).......... ඒත් යකෙක් භූතයෙක් අපිට ඕන වෙලාවට මාට්ටුවෙන් නෑ ෆොටෝ ගන්න හෝ කැමර කරන්න....... කරන්න පුලුවන් එකම දේ හොල්මන් අවතාර වලට ප්‍රසිද්ද ස්ථානයක කැමරාවක් අටවල දවසගානෙ රෙකෝඩ් කරල චෙක් කරන එක....... මේව අඩ අඳුරේ සිදුවෙන දේවල් නිසා ඒ සම්භන්ද විශේශිත කැමරා පාවිච්චිකරන්න වෙයි.......නයිට් විශන් කැමරාත් විශ්වාස නෑ..... අඳුරේදී අප දකින දේ ඒ විදියටම පටිගතකලහැකි කැමරාවක් අවශ්‍යයි
........ මට සූක්ශම ශරීර පටිගතකලහැකි කැමරා සම්භන්දවනම් වැඩි දැනුමක් නෑ....
ටිකක් හොයල බලන්න....
....... යක්කු නටවන තැන් තියෙනව......... මේ හොඳට ඉන්න මිනිස්සු එකපාරටම ආත භූත නැතිව හූ තිය තිය නටන
...... ඕව රෙකෝර්ඩ් කලොත් පොඩි පොඩි පොටවල් පාදගතහැකියි....... ඊට අමතරව මම දාන ත්‍රෙඩ්වලත් ඉතා විශ්වාසනීය ඒත් ඉතාමත් සුලු සුලු වැඩ කරන තැන් එලියට පනිනව...... හොයල බලපන්..... උඹට උන් මාර්ගයෙන් පොටක් පෑදගතහැකියි........
........ බණක් දහමක් රැකගෙන තියෙන ආගමෙන් සැනසීමක් ලඟාකරගනින්...... ඕව පස්සෙ ගිහින් ඉල්ලන් කන්න එපෝ........
............ උඩ එකෙක් ප්‍රශ්ණයක් අහල තිබුන වශී ගැන...... මම නුවර නෙමෙයි........මට අදාල නැත..... නුවර පැත්තෙ එකෙක් උත්තර දීපල්ලා.......
.......... පුලුවන් උන් මේ අත්දැකීම් බෙදාගත් සහෝදරයන්ට දිරිගැන්වීමක් විදියට වචනයක් හරි කොටල පලයල්ලා......... පුලුවන් උන් රෙප් + දීපල්ලා.......... මෙහෙම පරිප්පු කන්න, මෙහෙම ස්ටෝරි ලියන්න තියෙන අමාරුව මම හොඳට දන්නව.......... අමාරුවෙන් කොටල උන්ගෙ ත්‍රෙඩ් අරින් නැතිව භූත කොටුව ලස්සනකොරනවට ආ මගෙනුත් මල් මිටක්

..........
..... හෙමිහිට දාන්නම්.....
රොබොට් අයියාAd දාල ඕව කරන උන් පට්ට පල් හොරුඔය week end news pappers වල තියන වශී ගුරුකන් ඇත්ත ද ,නුවර මැණික්-හින්න....ඒ පැත්තේ අය කියන්න

...........ඇත්තට ම මේ දේවල් දන්න සහ නියම ශ්‍රාස්ත්‍රය තියන මනුස්සයට ඇඩ් ඕන නෑ
............හරියට කරන එක වැඩක් ඇති ඇඩ් එක වෙන්න.........