දෙයියෝ සාක්කි කිව්වලු..මොනවද බන් මේ වෙන්නේ..ඔලුව විකාර වෙනවනේ...![]()



මෙන්න අපේ යාළුවො ගොඩාක් ඉල්ලීම් කරපු ගීතයක්.....
මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි
ඇත්තටම තමන්ගේ ළමයෙක් එක්ක ඉන්නකොට තමුන්ගේ පරණ පෙම්වතියව හම්බ උනොත් මොනා හිතෙයිද? ඇත්තටම ලස්සන සින්දුවක්.!!!!!!!
අපිට දිරියක් වෙන්න රෙප් නැතත් කමක්නෑ.... කමෙන්ට් එකක් දෙන්න මචන්ස්ල....
![]()
ඇසුව පමණින් ආදර විරහව ගැන කියවෙන ගීතයක් වුනත් මේක එහෙම එකක් නෙවේ.....අනූව දශකය මුල් භාගයේ මුලින්ම ඇසුණු මේ ගීතය යට සැඟවිලා තියෙන්නේ ඛේදාන්තයක්
දවසක් නීතිඥ කාර්යාලයකට ගොඩවදින්නේ තරුණ අයිය කෙනෙක් සහ ඔහුගේ නැගණිය....මේ දෙන්න සල්ලි බාගේ තියෙන අය නෙවේ...දුප්පත් මිනිස්සු....මේ අහිංසක නංගිව සල්ලිකාර වගේම සෙල්ලක්කාර තරුණයෙකුගේ බහට රැවටිලා ඔහු අතින් කෙළෙසිලා....දැන් ඔහුව හොයාගන්නවත් තැනක් නෑ....තමන්ගේ අහිංසක නංගිව අනාථ වෙන්න නොදී කොහොමහරි වැරදිකාර තරුණයට එරෙහිව නීතියේ පිහිට පතන්නටයි මේ දෙන්නා ඇවිල්ල තියෙන්නේ...
සරදම් නොකරමි ...ආදරයෙන් කියමී.....විසිරුණු පෙති යළි මලක් නොවේ නැගණි.....
මෙන්න අපේ යාළුවො ගොඩාක් ඉල්ලීම් කරපු ගීතයක්.....
මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි
වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා
ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - මර්වින් පෙරේරා
තමන්ගෙ විශ්ව විද්‍යාල ප්‍රේමවන්තිය හදිස්සියේ පාරෙදි මුණගැහෙනව , සුහදව ඇය හා කතාකරන රචකයා ඇය යනකල් බලාගෙන ඉන්නව එවිට ඔහුට ඇතිවෙන සංකල්පනාවක් තමා මේ ගීතයේ ගලාගෙන යන්නෙ... හරි අපි බලමු.........
සරසවිය ආදරයට මුල පුරන්නා වූ සාධකයන් බොහෝ එක් කෙරෙන තැනකි. තරුණ තරුණියන් ලෙස සරසවියට පිවිසි පසු ජීවිතය තුළ ඇති වන කම්කටොලූ විසඳා ගැනීම, අධ්‍ය යන කටයුතු උදෙසා, විනෝදය හා කලා කටයුතු ආදී කරුණු වල දී නිතර නිතර ඔවුහු හමු වෙති. එලෙස ආදරයෙන් බැඳෙන අය තම ආදරය පරම රමණිය, නොබිඳෙන එකක් බව තරයේ අදහති. මේ ඒ ආදර කතාවේ එදා සහ අද තත්වයයි.....
මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි
ඉතින් ආදරෙන් බැදුන අපි විශ්ව විද්‍යාලයෙන් වෙන්වුනාට පසු අපි අපිවම අමතක කරල ඈත් කරල දාල... නමුත් එහෙම කලේ කමැත්තෙන් නෙමෙයි. කරන්න උනා.... ඔයා කොහෙද මම කොහෙද .... සහ අපේ ජීවිත ප්රතශ්ණ.... අපි විශ්ව විද්යාකලයේ හිටපු කාලෙ කරපුව දැන් කරන්න බෑ... ඒක නිසා අපි වෙන් උනා නෙමෙයි වෙන් කෙරුණා. ඒ නිසා තමා මේ ගීතයේ මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි කියල යෙදෙන්නෙ....
වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා
අපි නෑ කියල නෑ... ඔයාටයි මටයි හොදට පුරුදු වැව් ඉවුර එදා වගේමයි.... නුග ගස් එදාවගේමයි... එහෙනම් ඉතින් සොදුරිය අපිටත් එදා වගේ ආදාරය කරන්න පුළුවන් නේද....? අපි එහෙනම් සරසවි බිමට යමුද? එදා වගේම ආදරයක් අපි කරමුද? නමුත් සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා......... මෙහි කදුරැල්ල කියල දක්වන්නෙ දෙදෙනාගේම විවාහ... ඉතින් අපිට ආයෙත් පෙමෙන් බැදුන්න හිතුනත්... හීන දුටුවත්.... ඒ හීන වලට ලොකු බාධාවක් තියෙනව ඒ තමා අපේ විවාහයන්... මේ විවාහයෙන් එතෙරව ඔයත් එක්ක මට යන්න හිතෙනවා සොදුරිය...... එහෙම හිතුනත් ඒ සිතිවිල්ල පාලනය වෙනව.... ඒකට හේතුව තමා පහලින් තියෙන්නෙ....
ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා
මම ඔයාගෙ අත අල්ලගෙන ගියපු මේ පාරෙ දැන් මම මගේ බිරිද එක්කයි යන්නෙ. ඒක එක හේතුවක්.... නමුත් ඊට වඩා ප්රගබල වූ හේතුවක් තියෙනවා.... ඒ තමා මගේ අතැගිල්ලෙ එල්ලීඑන මගේ ලේ වලින් උපන්න මගේම පුතා. මේ විදියට යන්න අපි පතපු හැටි, මෙහෙම අපේ ළමයි ගැන අපි කතාකරපුව දැන් එකින් එක මට සිහිවෙනව...... සිතුදේ නොමවෙන... නොසිතූ දෙවල් වෙන මේ ජීවිතය හරියට හීනයක් වගේ....
හැඟුම් වලට වහල් ව කරන්නා වූ ආදරයේ අනිත්‍ය. ස්වභාවයත් සිතූ දේ නොසිදුවන ලෝක ස්වභාවයත් පේරුම්මකීර්ති කවියාණෝ මනාවට විගර්ය.හ කරති. සිංහල සංගීතයේ කතෝලිකයන් ගේ ලකුණ මනාවට පිළිබිඹු කරන සුනිල් සාන්ත, අයිවෝ ඩෙනිස් ආදීන් ගේ ගණයටම වැටෙන මර්වින් පෙරේරා ශිල්පියා දෙව් මැදුරේ අසන්නට ලැබෙන යාතිකා වල ආභාසය මෙහි සංගීතයට මුසු කරනු පෙනේ. මෙම ගීය සිංහල ගීත වංශ කතාව තුළ දශක තුනක් තිස්සේ වැජඹෙමින් සහස් සංඛ්‍යා.ත ශරා වක සවන් පත් සනහා ලන්නකි. එසේම එය තවත් සියවසකටම රසික හදවත් ඇද බැඳ ගෙන තබා ගනු ඇත.
ඔය ගීතය ප්‍රේමකීර්ති ද අල්විස් ලියලා ඉවර වෙලා, සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා කියන පදයට යටින් ඉරක් ඇදලා කිව්වලු මේ පදය තමා මේ සින්දුවේ ප්‍රබලම පදය කියලා.
ඇත්තටම තමන්ගේ ළමයෙක් එක්ක ඉන්නකොට තමුන්ගේ පරණ පෙම්වතියව හම්බ උනොත් මොනා හිතෙයිද? ඇත්තටම ලස්සන සින්දුවක්.!!!!!!!
අපිට දිරියක් වෙන්න රෙප් නැතත් කමක්නෑ.... කමෙන්ට් එකක් දෙන්න මචන්ස්ල....
![]()
ඇසුව පමණින් ආදර විරහව ගැන කියවෙන ගීතයක් වුනත් මේක එහෙම එකක් නෙවේ.....අනූව දශකය මුල් භාගයේ මුලින්ම ඇසුණු මේ ගීතය යට සැඟවිලා තියෙන්නේ ඛේදාන්තයක්
දවසක් නීතිඥ කාර්යාලයකට ගොඩවදින්නේ තරුණ අයිය කෙනෙක් සහ ඔහුගේ නැගණිය....මේ දෙන්න සල්ලි බාගේ තියෙන අය නෙවේ...දුප්පත් මිනිස්සු....මේ අහිංසක නංගිව සල්ලිකාර වගේම සෙල්ලක්කාර තරුණයෙකුගේ බහට රැවටිලා ඔහු අතින් කෙළෙසිලා....දැන් ඔහුව හොයාගන්නවත් තැනක් නෑ....තමන්ගේ අහිංසක නංගිව අනාථ වෙන්න නොදී කොහොමහරි වැරදිකාර තරුණයට එරෙහිව නීතියේ පිහිට පතන්නටයි මේ දෙන්නා ඇවිල්ල තියෙන්නේ...
ඒත් ඒ සල්ලාලය බොහොම බලපුළුවන්කාරකම් තියෙන කෙනෙක්....මේ නංගිව විත්ති කුඩුවේ නග්ගලා ලෝකෙටම ඇහෙන්න දුක කියල පිහිටක් ගන්න මේ අයියට ඕන උනත් මේ සල්ලිකාරයෝ එක්ක හැප්පෙන්න මේ අයට සල්ලි වත් බලයවත් නෑ කියලා මේ තරුණ නීතිඥයාට වැටහෙනවා.....මේ කරන්න යන වැඩේ නිෂ්පලයි කියලා ඔහුට කල තියාම තේරෙනවා....
ඒ නිසා මම මේ නංගිගේ මේ අයියා වුනානම් මම නංගිට මේ යතාර්ථය තේරුම කරල දෙන්නෙ මෙහෙමයි කියන එකයි මේ ගීතයෙන් කියවෙන්නේ....(ගීතය ලියපු මේ නිතිඥවරයාගේ නම මට මතක නෑ...ඒ ගැන කණගාටුයි)
ගීතය ඇහුවම වෙලාවකට අපි ගැනම ලැජ්ජාවක් එනවා...
විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරි...ඒ පෙති එක්කර මලක් සොයන බොලදී.....
අහිංසක බොළඳ නැගණිය.....කෙලෙසුණු ඇගේ ජීවිතය නැවත නිකැළැල් කරන්නට නිෂ්පල උත්සාහයක යෙදෙයි.....
වෙරළ සොයා රළ පෙළ දිව ආවත් වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ...
සල්ලිකාර පිරිමි අහිංසක දුප්පත් ගෑණු ළමයින්ගේ පහස අරගන්න විතරක් ඔවුන් වෙත ඇවිල්ල යනවා....එයින් පසු ඒ අයව කවදාවත් දකින්න ලැබෙන්නේ නෑ.....ඔවුන් අසරණ වෙලා තනි වෙනවා....
බඳට පියාපත් යුවලක් ලැබුනත් අහස දෙකෙළවර නුඹට දිනනු හැකිදෝ...
ඉහළින් වැජඹෙන සල්ලිකාර සමාජයේ ඒ අය අතරමං වෙනවා...
බඹරුන් පසුපස මල් දිව නොගියත් අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ.....
බොහෝවිට කාන්තාව පසුපස පිරිමින් යයි....එය සාධාරණීකරණය කිරීමට ඇගේ එක බැල්මක් වුවද ප්‍රමාණවත් ය....අවසානයේ හංවඩු ගැසෙන්නේ ඇය සංකර ගැහැණියක කියා ය....පිරිමියා සමාජය විසින් නිදොස් කොට නිදහස් කෙරේ....
මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින් නුඹේ සුසුම් ගිණි බොල් අහසම නොවෙදෝ....
තිත්ත ඇත්ත මෙයයි.....මේ යතාර්ථය තේරුම් ගෙන කරබාගෙන සිටිනවා මිසක හැමදාම ඒ ගැන හිතමින් හිතින් සෝ සුසුම් බොල් අහසට මුසු කිරීමෙන් පලක් නැත......
සරදම් නොකරමි ...ආදරයෙන් කියමී.....විසිරුණු පෙති යළි මලක් නොවේ නැගණි.....


කිරිල්ලිය ක්ෂිතිජය සොයාගෙන පියෑඹුවට යනදුරම ආයෙත් එන්න වෙනව කියන එක ගැන කිසිම අවබෝධයක් නැතිවයි පියාබන්නෙ.... අන්තිමට පියබල ආයෙත් හැරිල එනකොට තමා කිරිල්ලියට තේරෙන්නෙ... එක්කො පියාබගන්න බැරිව හතිවැටෙනව... නැතිනම් අත්දෙක රිදෙනව...
මේවගේ කෙල්ල වැරැද්ද කලා හැබැයි මේකෙ බරපතලකම ගැන අවබෝධයක් තිබුනෙනෑ... අවබෝධ වෙනකොට හැමදේම වෙලා ඉවරයි. දැන් මේ දෑත්දෙක ඔබ දෙදෙනාටම උරුම බව ඇත්ත. ඒත් වෙනද වගේ මට මොනවත් කරගන්න බෑ.... උඹලව ආරක්ෂා කරන්න බෑ මොකද විඩාවට පත්වෙලා උඹලට උරුම මේ තටු....
කිරිලිය සේ දුර පියා සලාලා - අත්තටු රිදුනා පමණයි
දෑලවිදාහල දෑතමගේ - ඔබටත් ඔහුටත් උරුමයි
පොළවට රැ දවල් ආලෝකය දෙන්නෙ හිරු සදු... එහෙනම් මටත් ආලෝකය තියෙන්න ඕනි... නමුත් කළුවරවෙලා.... මොකද දැන් මම ආලෝකය දෙයි කියල ඒ දෙන්න ගැනම හිතුව... නමුත් දෙදෙනාම මට දෙන ආලෝකයක් නෑ කියල මට වැටහිලා ඉවරයි... ඒ කියන්නෙ දැන් මගේ ලෝකයෙ ආලෝකය උඹල දෙන්නම නෙමෙයි වගේ... උඹල දෙන්නටම ඒ ආලෝකය දෙන්න බැරිද?
හිරු සදු එකවර දෙපස නැගී කළූවර ඇයි විජිතයම මගේ
එහෙමනම් මම මොකද්ද කරන්නෙ මට කිසිදෙයක් තේරෙන්නෙ නෑ... මට ඔයාල දෙන්නගෙන් කිසිකෙනෙක්ගෙන් ජීවිතයට ආලෝකයක් ලැබෙන්නෙ නැතිනම්, වැරැද්දක් කරපුබවත් තේරෙනවනම්... මම සමඅරගන්න ඕනි... ඒත් දැන් මේ ජීවිතේ උඹල එක්ක තිබුණු සම්බන්ධකම් නිසා අවමාණයට, අපහාසට පත්වෙලා... ලෝකයා තමා දැන් ඒක තීරණය කරන්නෙ... දෙවියනේ මමවත් දන්නෙ නෑ.... මුන් හෙට දවසෙදි කවුරු නැතිකරාවිද කියලා... මිනිස්සු බලෙන් මාව සමුගන්වාවි... එහෙම උනොත් මට හෙට දවසෙදි සමුගන්න වෙන්නෙ ඔබගෙන්ද? ඔහුගෙන්ද?
කණාටු සුළගේ දුහුල් මලකි අද - වල්මත් වීපාවෙන්නේ
ඔබගෙන්දෝ... ඔහුගෙන්දෝ... මාහෙට දිනසමුගන්නේ
සින්දුවෙ උඹලට වැදගත්වෙයි කියල හිතුන ටික විතරයි දැම්මෙ...

MACHANNNNN
PATTA PATA PATA..
UBALA TAMAI MACHAN MEKE MINISSU , ANIT MEMBERSLAGE RASNE WITARAI , WADA NA ,
MACAHAN ME THREAD 1 DIGATAMA KARAN YAMU BAN , MEKA WATUNOTIN ANIWA MAMA BUMP KARANAWADA ,
DANATAMAT BOOK MARK KALA.
SIRAWATA SAMAHARA KATA AHANAKOTA ADENAWA..
මචන් අවංකවම මේක බලනකොට නම් ඇස් වලට කඳුළු අවා..මටත් චුටි දුවෙක් ඉන්නවා මේ වගේ දෙයක් මට උනොත් කියන තැන ඉඳන් හිතනකොට ,,,මම දාන්නම් කියල කියපු සින්දුවට කලින් ලස්සන කතාවක් අපේ යාළුවන්ට කියන් කියල හිතුව..... මෙහෙමයි කතාව තිස්ස දොඩන්ගොඩ කියන්නෙ දක්ෂ ප්‍රවීණ ගේය පද විචාරකයෙක්..... ඉතින් එතුමා එතුමගේ අත්දැකීමක් පැහැදිලිකරල තිබුන... මම ඒක මේ විදියට එතුමා කියන විදියටම අපේ යාළුවන්ට දැනගන්න දාන්නම් එහෙනම්....
1993 දවසක අප හමුවන්න කොලඹින් පිට ප්‍රසිද්ධ විදුහලක දෙටු සිසුවෙක් ආවා... ඔවුන්ගේ විද්‍යා ප්‍රදර්ශනයට අපේ විශ්ව විද්‍යාලයෙන් ප්‍රදර්ශන භාණ්ඩ රැගෙන යන්න... ඔහුට අවශ්‍ය ඡායා පිටපත් වගයක් ලබාගන්න යන්ත්‍රය ලඟට මම ඔහුව ගෙන ගියා... දිග පෝලිමක්... වැඩියෙන්ම හිටියේ Architecture Faculty එකේ ගැහැණු ළමයි... මම ඔවුන් සියල්ලගෙන් අවසර ගෙන, මේ දරුවට පරක්කු වෙන නිසා වැඩේ කරලා දුන්නා...අපසු එන ගමනේදී මේ දරුවා මට කියනවා "මම බඳින්න හිටියේ ඉන්දියාවෙන්... බැලුවහම ලංකාවෙත් ලස්සන ඒවා ඉන්නවා නේද..." කියලා... මාව හොල්මං... විවාහය ගැන ඔහුගේ තිබ්බේ ඒ වාගේ අදහසක්...
මාත් එක්ක අර අපට රන්බඩු ගන්න ගිය මිත්‍රයා තමයි අපේ නඩෙන් ඉස්සෙල්ලාම විවාහ වුනේ.. බැන්ද තරුණිය ඉතාම හැඩයි.. හරියට ශ්රීය දේවී වාගේ... ඔවුනගේ පලමු දරුවට අවුරුද්දක් වෙන්න ඔන්න මෙන්න කියලා ඇය ස්වාමියත් දරුවත් දමා හදිසියේ වෙනෙකෙකු සමග ගියා, මහ දවාලෙම... එදා රෑ, දරුවගෙ අත්තම්මත් මමත් මගේ මිත්රතයත් දරුවව නලවන්න පුදුම උත්සහයක් ගත්තා...දරුවා නිදන්න පුරුදු වෙලා හිටියේ කිරි උර උර... විකල්පයක් නැති තැන මම මගේ බිරිඳට කතාකලා.. මගේ දරුවට මාසයයි එතකොට ..ඇය එක පයින් එකඟ වුනා ඒ දරුවට කිරි දෙන්න... ඒත් අවසානයේ ඒ දරුවගෙත්, මගේ දරුවගෙත්, අත්තම්මලාගේ විප්රුකාර නිසා අඬලා අඬලා ඒ කිරිසප්පයා, බඩ ගින්නේම නිදා ගත්තා... ගැහැණු හතරදෙනෙක්ගේ, රාගයටයි, කරුණාවටයි, මාන්නයටයි, බොරු බයටයි මැදිවෙලා, බඩගින්නේ නිදාගත්තු ඒ කිරි සප්පයාව දුටු මට හැබෑවටම මේ සිංදුව මතක් වුනා... ඔබේ හිතත් චංචල නම්, බැන්දත් දරුවො නම් හදන්න එපා... ඒ අහිංසකයෝ ඒ මොකකටවත් පලි නෑ...
මේ ගීතයේ ආරම්භයත් හරිම අභව්යායි... ගීත 5 record කරන්න හිටපු ටී එම් ටයි, කේමදාස මාස්ටර් ටයි තිබිලා තියෙන්නේ ගීත 4යි...ගී 4 කට සංගීතය සපයපු ශිල්පියොත් පිටත්වෙලා, 5 වෙනි ගීතය ප්‍රමාද නිසා... කරන්නම දෙයක් නැතිව මාස්ටර් ධර්මසිරි බණ්ඩාරනායකට දුරකතනයෙන් ඇබැද්දිය කිව්වම, "එහෙමනම් කොලයක් ගනිමුකො..." කියල දුරකතනයෙන් මේ ගීයේ පද වැල් කිව්වලු... ඒවෙලාවෙම තණුවක් යොදලා, අතේ තිබුණු ගිටාරයෙන් පමණක් සංගීතය යෙදු මේ ගීය, සෝකයෙන් බර නොකරන්නේ කොයි තාත්තගෙ හිතද...?
පවණට සැලෙනා... දොඹමල් සුවඳින්...
ආදර හසරැල් මුවට නැගෙයිදෝ....
සවනට කොඳුරා... පවසන වදනින්...
ආදර හැඟුමන් හිතට දැනෙයිදෝ...
මල් ඇතුරුණු ඒ සුව යහනේ ඔබ...
අඩවන් දෙනෙතින් ආලවඩයි දෝ...
මා ඇකයේ සිට පොඩි පුතු හඬනා...
ඒ දුක්බර හඬ ඔබට ඇසෙයි දෝ...
ඇකයේ සිට මා පුතු හඬනා සඳ...
ලේ කිරි වීදැයි නොදනිමි මා ලඟ...
අසරණ දෙනෙතින් පුතු දෙස බැලු සඳ...
දුටුවේ වැගිරුණු කඳුලු පමණි ලඳ...
කොහොමද ගීතය හා එහි විචාරය කතාවකින් කියන ලස්සන.... මොකද අපේ යාළුවන්ට කියන්න තියෙන්නෙ මේක ගැන.....සංවේදී වෙනවද?


