අපි මේ වන විට ගොඩාක ගීත විචාරය කලා.... රස වින්ද ........ මේ හැම දෙයක්ම කරන්න පුළුවන්උනේ අපේ යාළුවන්ගෙ සහයෝගය නිසා..... මේ වෙලාවෙදි මේ නූල ආරම්භ කරපු සහෝදරය සහ පළමු කමෙන්ට් එක කවියකින් දාල බම්ප් කරල ගත්තු දත් කිඹුල සහෝදර මතක් නොකරම බෑ. ඒ නිසා තමා මම මේ ත්රෙඩ් එක දුටුවෙ... ස්තූතිය ඔබල සියළුම සහෝදරවරුන්ට........
මේක මම මීට කාලයකට උඩදි කියවල මගේ පරිගණක සටහන් අතර තබා ගත්ත ලිපියක්.... කාංචන කියල සහෝදරයෙක් විසින් දාල තිබුනෙ....... ගීත විචාරය කියවගෙන පිටු ගානක් ඉදිරියට එන ඔබගේ විඩාව නිවන්න සහ මතකය ඈත අතීතයට ගෙනියන්න මෙතුවක් ඇසූ ගීතමානයෙන් වෙනත් මගකට යොමුකරන්න මම මෙහි එම ලිපිය යම් සංස්කරණයකට ලක් කරමින් පල කරනවා.....
“අම්මෙ මෙන්නෝ…….. ආත්තම්ම දෙහි හංගනවා……”
“දෙහි හංගනව නෙමෙයි පුතේ, වැඩිපුර දෙහි වැලිවලට යට කරල තිබුනම පස්සෙ කාලෙක ප්රපයෝජනයට ගන්න පුළුවන්.”
මේ මේ දින වල දකින්න ලැබෙන දැන්වීමක්. මේ දැන්වීම දකින දකින වාරයක් පාසා මට ඇතිවෙන්නේ මේ දැන්වීම ගැන පිළිකුලක්. ඒ හැමවෙලේම මට හිතෙන්නේ මේ දැන්වීම වෙනස් වුනා නම් කියලා.
“අත්තම්මා මොකද කරන්නේ?”
“පුතේ මම වැඩිපුර දෙහි වැලිවලට යට කරනවා. එතකොට ඒව පස්සෙ කාලෙක ප්රයෝජනයට ගන්න පුළුවන්.”
මේ දැන්වීම මෙහෙම වුනානම් කොච්චර ලස්සනද? ඇයි මට එහෙම හිතෙන්නේ කියලා මම කියන්නේ නෑ. ඔබට මේ දෙකේ දෙබස් වල වෙනසට වඩා වෙනසක් තේරුනේ නැත්තම් ඔබ කුහකයෙක්.
මට මේ වෙලාවෙ මතක් වෙනවා අපි පුංචි කාලේ ඒ කිව්වෙ අවුරුදු 15 කට 20 කට විතර එහා රූපවාහිනියේ නිතර ගියපු ගීතයක්. දැන්නම් මේ වගේ ඒවා වැරදිලා වත් යන්නෙ නෑ. පුංචි කාලේ අපේ ජීවිත හැඩගැහුනේ මේ වගේ ගීත වගේ එවයින්. “අනාගත දායාදය” කියල තමා ඒක නම් කරල තියෙන්නේ. ඇස් මහින්ද හිමියන්ගේ අරුත් බර ගේය පද, රෝහණ වීරසිංහගේ සංගීතයට මුසුව එතුමාම, අනූෂ නානයක්කාර සමඟ ගායනා කරන මේ ගීතය කොතරම් ද ලස්සනද කියලා බලන්න. අදටත් මේ ගීත අපේ මතකයේ නොමැකී කට පාඩමේ තියෙන්නේ මේවායේ තියන අරුත්බර සුන්දරත්වය නිසාමයි.
මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ
ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි
දුකසේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක් වත් කන්න ලැබේවිද
මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි
තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්න හැකිදේ නොම තේරේ මට
පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස
හැදුනොත් ඔහොමට ඔබටම වෙයි දොස
පෙර උන් අය සිටවූ අඹ ගස්වල
පලයෙන් අපි කවුරුත් ලබනෙමු පල
අපෙන් පසුව එන අයටත් එම පල
ලැබෙන්න සැලසුම අපගේ යුතුකම
මේ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි.
මේ ගීතය මෙතුවක් අප දැමූ ගීත වලට වඩා වෙනස්.... හේතුව තමා අපි එක තත්පරයකින් අතීතයට ගෙනියනවා.... මට තවමත් මතකයි මම පොඩිකාලෙ දොස්තර හොදහිත, පිස්සු පූසා, ගලිවර්ගේ සුවිසැරිය බලපු හැටි... කොච්චර සුන්දරද... මේ ගීතය පොඩි කාලෙ ඇහුණයින් පස්සෙ අපිට ඇහෙන්නෙ නෑ... ඒත් පදවල සහ තණුවේ තියෙන ප්රසබල කම කියන්නෙ අදටත් පුදුම විදියට තණුවත් පදත් එක වගේ මතකයි..... අපේ යාළුවන්ටත් එහෙම වෙන්න ඇති කියල හිතනව... මේ ගීතයට සංවේදී රූප රචනාවකුත් තිබුනා. අඹ ඇටය හිටවලා ඒකට වඳින හැටි බලන්න. ඒ වගේම අවසානයේදී සීයට නැගෙන සතුටු කඳුළු ඒ රූප රචනාවෙ තිබුන. නමුත් දැන් වෙලාවකට හිතෙනවා ඒ සතුටු කඳුළුද නැතිනම් අනාගතය දැකලා සීයට ඇතිවුන දුකට ආපු කඳුළුද කියලත්.
අපි මෙතෙක් කතා කල විදියෙ ගීත නොලියවුනත් කමක් නෑ... අඩුමගානෙ අපේ දරුවන්ටවත් මේ වගේ ආදරශමත් ගීත ලියවෙනවනම්.... ඒකත් නෑ නොවැ.. මේක අපේ දරුවන්ගෙ ලැබීමද අවාසනාවද කියලත් හිතෙනව වෙලාවකට............