සුන්දර ගීයක ඇරබුම,..

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,760
    859
    113
    ස්වර්ණවිමානේ
    සිංහල සංගීත ක්ෂේත්‍රයේ වික්ටර් රත්නායකගේ භූමිකාව මධුරය. මනෝහරය. 60 දශකයේ මුල් භාගයේ ගායක ක්ෂේත්‍රයට පිවිසි ඔහු ගී ලොවට පිවිස ඉතා කෙටි කාලයක් තුළදී රසිකයන් සිය වසඟයට ගැනීමට සමත්විය.
    වික්ටර්ගේ ආගමනය සිංහල සංගීත ක්ෂේත්‍රයට දෙයාකාරයකින් වැදගත් වෙයි. අවර ගණයේ අනුකාරක ගීත ගොන්නක සිරවී සිටි තරුණ පරපුර එයින් මුදවාගෙන උත්තම ගණයේ සංගීතය රසවිඳිය හැකි ශ්‍රාවකයන් බවට පත් කරන්නට හැකිවීම එකකි.
    වික්ටර් ලාංකේය සුභාවිත සංගීතයට ඉටුකළ අනෙක් මෙහෙය වන්නේ එයට අනාගතයක් තනා දෙමින් ඔහු අනුව යන්නට සංගීත පිරිවරක් තනා දීමය.
    1973 ජූලි 20 දිනය, මෙරට සංගීත දින දසුනෙහි ආවර්ජනය කළ හැකි සොඳුරුතම දවසෙකි. වික්ටර්ගේ “ස” ප්‍රසංගය මුල් වරට ශ්‍රාවක සවන්පත් අතරට වැකුණේ එදිනය. මෙම දිනය අප සංගීත අඹරට තවත් අයුරකින් වැදගත් වෙයි.
    ඒ සිංහල සංගීත ක්ෂේත්‍රයේ ජය කෙහෙළි නැංවූ රෝහණ වීරසිංහයන්ගේ මුල්ම ගායනය සිදුවූ මොහොත ලෙසය. (පසුව සුනිල් එදිරිසිංහයන් ද ගායකයෙක් ලෙස මුල්වරට කලඑළි බසින්නේ 1975දී ‘ස’ ප්‍රසංගය හරහාය)
    වික්ටර්, රෝහණ, සුනිල් සංයෝගය දිගු ඉතිහාසයකට දිව යන්නකි. වික්ටර්ට රෝහණ හමුවන්නේ සොයුරු සෝමපාල රත්නායකගේ මාර්ගයෙනි. සුනිලුන්ට වික්ටර් රත්නායකයන් හමුවන්නේ සොයුරු සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් මඟිනි.
    ගායකයෙක්ට සිය ප්‍රථම ගීයෙන්ම ශ්‍රාවකයන් අතර ජනපි‍්‍රයතාවයක් ගොඩනඟා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. “සඳකඩපහණක කැටයම් ඔපලා” ගීතය සුනිල් එදිරිසිංහට එම භාග්‍යය උදා කළේය. මෙම ගීතය වික්ටර්හට වැදගත් වන්නේ එය ඔහු තනුව සැපයූ දහස් ගණනක් ගීත අතර එකක් වීම නිසා නොවේ. එය වික්ටර් කුළුදුලේ සංගීත අධ්‍යක්‍ෂණය කළ සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ “මාතර ආච්චි” චිත්‍රපටයේ ගීතයක් වීම නිසාය.
    මේ තිදෙනා අතර සම්බන්ධය එක් මොහොතක ආකස්මිකව ඇතිවූවක් නොවේ. අතු ඉතිලා ලියලා ගිය සබඳතාවයකි.
    සුනිල්ගේ මුල්ම සරල ගී වැඩ සටහන සඳහා ද තනු නිර්මාණයෙන් සහයව ඇත්තේ වික්ටර්ය. පසුව ඒ තැන හිමිකර ගත්තේ රෝහණය.
    සුනිල් එදිරිසිංහට වැඩිපුරම තනු නිර්මාණය කළ රචකයා රෝහණ වීරසිංහය. එක් අතෙකින් මෙය විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් නොවන්නේ රෝහණ වීරසිංහයන් තනු නිර්මාණය නොකළ ජනපි‍්‍රය ගායකයෙක් මෙන්ම ඔහු තනු නිර්මාණය කළ ජනපි‍්‍රය නොවූ ගීතයක් සොයා ගැනීමද විරල නිසාය.
    රෝහණට මේ කාර්යය කළ හැකි වූයේ ඒ ඒ ගායන ශිල්පියාගේ හඬෙහි තාරතාවය හා ස්වර පරිමාව දැනගෙන ඊට උචිත ලෙස තනු නිර්මාණය කිරීමට තිබූ හැකියාව නිසාය. ඒ සඳහා ඔහුට ආභාෂයක් “ස” ප්‍රසංගයට සම්බන්ධව සිටි අවධියේ වික්ටර්ගේ ‘ස්වර ලිපි’ සකස් කිරීමට උදව් වීමේදී ලැබෙන්නට ඇත. ඔවුන් එකිනෙකාට වෙනස් ස්වාධීන මාවත්වල ගමන් කළද වික්ටර්ගේ මියුරු ස්වර සංරචකයේ හා සංගීත සංයෝජනයේ ඡායාවක් රෝහණ තුළ ද දැකිය හැක. ඒ ඔවුන් දීර්ඝ කාලයක් සමීපව කටයුතු කිරීම නිසා ලැබූ දෙයක් විය හැක.
    රෝහණ වීරසිංහ අප වඩාත් හඳුනන්නේ දක්‍ෂ තනු රචකයෙක් ලෙසිනි. නමුත් ඔහු ගයන ‘නෙළුම් මලේ’, ‘මියුරු කවියක්’ ඇතුළු සමහර ගීතයක තනු නිර්මාපකයා ඔහු නොව වික්ටර් රත්නායකය.
    එලෙසම වික්ටර් ගයන “බනින්නෙපා පොඩි දෝණිට”, “තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්” වැනි ගීතයක සංගීත සංරචනය සිදුව ඇත්තේ රෝහණ අතිනි.
    වික්ටර් ගායන ශිල්පියෙක්ට අමතරව දක්‍ෂ තනු රචකයෙකි. සුනිල් එදිරිසිංහගේ ජනපි‍්‍රය ගීත බොහොමයක තනු රචනා අයිතිය බෙදී යන්නේ ඔහු හා රෝහණ අතරය.
    වික්ටර් රත්නායක, රෝහණ වීරසිංහ, සුනිල් එදිරිසිංහ තිදෙනා යුග පරිවර්තනයක් අභිමුව “මාතර ආච්චි” (1973) චිත්‍රපටයට පසුව වසර 38 කට පසු එකම වේදිකාවකදී එකට හමුවෙයි.
    සංගීත ක්ෂේත්‍රයේ සිය ලකුණු සටහන් කරගනිමින් විටෙක එක්වද, තවත් වරෙක තනිවමද ගමන්ගත් මෙම සංගීතඥයන් ත්‍රිත්වය එකම සංදර්ශනයකදී පළමුවරට ගායක සහසම්බන්ධයක් ගොඩනඟා ගන්නේ මෙදිනය. මෙය තවදුරටත් පැහැදිලි කළ යුත්තකි.
    අඩසියවසකට සහ එයින් අඩ දශකයකට ආසන්න වික්ටර් හා සුනිල්, රෝහණ තිදෙනාගේ සංගීත දිවිය තුළ මෙවැනි සුසංයෝගයක් මෙයට පෙර සිදුව නැත.
    “ලක්හඬ” ගුවන් විදුලිය ඔවුන්ගේ 15 වසරක මාධ්‍ය මෙහෙවර සමරන්නට මේ සබැඳියාව නිමිත්තක් කරගනී. මෙනයින් ඔවුන් දක්වන පරිදිම “සඳ රෑ සුවිසර” එළිදකින මොහොත යුගාභිමානයක්මය.
    මෙම ත්‍රිමුර්තිය අතර ගෙවුණු ලබැඳි සංගීත දිවියේ මෙතෙක් අප නොදත් රසබර ඉසව් රැසක් ගීත අතරතුර ඔවුන් විසින්ම හෙළිදරව් කිරීමට කතිකා කරගෙන ඇත්තේ මෙම වැඩසටහනේ පූරකයන් ද ඔවුන්ම වන බැවිනි.
    එහි පසුබිම් කථනයන් මොනවාදැයි අප නොදන්නා නමුත් සංවිධායකයන් පවසන පරිදි ගායන, සහය ගායන මෙන්ම සංගීත ශිල්පී භූමිකා අතරද වෙනස්කම් ද මේ ප්‍රසංගයේදී සිදුවිය හැක. ඒ ඉඟිය අප වටහා ගත යුත්තේ වික්ටර්ගේ ගීතයක් සුනිල්ගේ මියුරු හඬින් හෝ සුනිල්ගේ ගීයක් වික්ටර්ගේ මියුරු හඬින් ගායනා විය හැකි ලෙස පමණක් නොවේ. රෝහණ වීරසිංහයන් ගයන “මුතු කුඩ ඉහලන මල් වරුසාවේ” වැනි ගීතයක් වෙනත් හැඟුම් වරුසාවකට හසුවිය හැකි බවය.


    චන්දන ජයවීර දිනමිණ
     
    • Like
    Reactions: Kudnadun

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඇරඹුමම කඳුලක්‌ වෙලා
    මා බලා ඉද්දී ඒ දිහා
    ආ දුරත් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා...//

    දුක්‌බරව කවියක්‌ ලියා
    එහි පද පෙළක්‌ අඩුවෙන් තියා...//
    අරුත පසදින්නට කියා
    අවසානයට පෙර ඈ ගියා...

    ශෝකාන්තය එන තුරා
    එහි රැඳෙන්නට සිත් නැති නිසා...//
    අනන්තය ළඟ මා දමා
    අවසානයට පෙර ඈ ගියා...

    පද පෙළ - දිලීප අබේසේකර
    සංගීතය - නාලක අංජන කුමාර
    ගායනය - කසුන් කල්හාර ජයවර්ධන


    මේ ගීතය ගැන ලස්සන විග්‍රහයක් හා විචාරයක් අපේ කිඹූල සහෝදරය දාල තිබුන.... ඒත් ඒක දුටුවමයි මට මතක්උනේ තවත් කරුණු ටිකක්.... ඉතින් ඔන්න ඒ ටිකත් මම දානව අපේ යාළුවන්ට. මෙහි පදරචකයා සමග කරන ලද සාකච්ඡාව කොහෙන්දෝ සොයාගෙන මා වෙත එවූ මගේ හිතවත් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සොයුරියවත් මේ වේලාවෙ ආදරයෙන් මතක් කරනව.

    ඉස්සරනම් ආදර සම්බන්ධයක් පටන් ගත්තොත් දෙකක් නෑ අනිවාර්යයෙන්ම විවාහයෙන් නැතිනම් මරණයෙන් තමා අවසන් වෙන්නෙ. ඒවගේම තමයි හිතුමතේට සම්බන්ධකම් පටන්ගන්නෙත් නෑ. හොදට හොයල බලල ආශ්රයය කරල තමයි යාළුවෙන්නෙ.

    ඒත් අද ආදරය.... අද ආදරයට ඉලක්‌කයක්‌ අරමුණක්‌ නැහැ. ගමනක්‌ තියෙනවා. ඒත් යන්න තැනක්‌ නැහැ......ඒ වගේ තමයි ආදරයත්......ආදරයක් තියෙනවා.......ඒත් ඊට අරමුණක්‌ හේතුවක්‌, ඉමක්‌ කොනක්‌ නැහැ.......

    දැන් මම පැහැදිලි කරන්න යන ගීතයෙත් අරුතත් අන්න ඒ වගේ. ඉතාමත් ගැඹුරින් ඉස්සර විදියට ආදරය කරන්න පටන් ගන්න ප්රේමමවන්තයෙකුට හමුවෙන ප්‍රේමවන්තිය අද කාලයේ කොත්තු රොටී ආදරය කරන තැනැත්තියක්. ඉතින් මේ සම්බන්ධයෙන් ප්‍රේමවන්තයා කරන අදෝනාව තමයි කසුන් කල්හාරගේ ගැඹුරු හඬින් ඉතා සංයමයෙන් වගේම හැඟුම්බරව ගායනාකරන්නෙ. මේ ගායනයනම් ලේසිපාසු ගායනයක් නෙමෙයි අවසානයට පෙර ඈ ගියා... කියල දෙවරක් ගැයෙනතැන් හොදට අහගෙන ඉන්න අපේ බාසාවෙන් කියනවනම් පලවෙනි වර එක නැලවිල්ලකුත් දෙවෙනි වර ඊට එහා ගිය ඉතා සංකීර්ණ නැලවිල්ලකුත් ගන්නව.... පුදුම හැකියාවක්....

    ඇරඹුමම කඳුළක්‌ වෙලා
    මා බලා ඉද්දී ඒ දිහා
    ආ දුරත් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා...


    මෙහි ප්‍රේමවන්තයා පුදුම කතාවක් අපිට කියනවා. ඔහු කියනවා ඔහු සම්බන්ධෙ පටන් ගන්නනෙම කදුලකින්ළු.... ඇයි ඒ.... පටන් ගනිද්දීම ඒ ආදරයේ අවුලක්‌ තියෙනවා....... ඉවරයක්‌ දකින්නෙ නැහැ..........ප්‍රේමවන්තයා බලාපොරොත්තුවන ආදරයේ කෙළවරට කලින්ම ඈ ඔහු දමා යනවා.

    ප්‍රවීණ ගීත රචකයා කරුණාරත්න අබේසේකරයන්ගේ පුතා දිලීප අබේසේකර තමා මේ ගීතය ලියල තියෙන්නෙ ඉතින් ඔහු පවසන්නෙ මෙන්න මේ වගේ අදහසක්......

    මේ සිංදුවට මහා විශාල නිමිත්තක්‌ නැහැ. වර්තමාන ප්‍රේමයේ තත්ත්වය ගැනයි කියන්නේ. අද ආදරය කරන්නේ ඉවරයක්‌ දකින්න නොවෙයි. අද අපි අත්දකින්නේ ඉලක්‌කයක්‌ නැති ප්‍රේමයක්‌ විවාහයෙන් කෙළවර වන ආදරයත් නොවේ. මම මුළින්ම ලියුවේ "ආ දුරත් දුර නැති නිසා කියලා. ඒත් කසුන්ට දෙවැනිවර ගීය රෙකෝඩ් කරද්දී ආ දුරත් දුර වැඩි නිසා කියලා වැරදිලා කියෑවුණා. දැන් හිතෙනවා ඒ වැරැද්ද........හරි කියලා.......

    දුක්‌බරව කවියක්‌ ලියා
    එහි පද පෙළක්‌ අඩුවෙන් තියා...
    අරුත පසදින්නට කියා
    අවසානයට පෙර ඈ ගියා...


    මෙතනදි හරිම පුදුම කතාවක් කියන්නෙ මේ ප්‍රේමවන්තය. අපිට පුරුදු විදියට කවියකට පද හතරයි.... නැතිනම් දෙකයි... ඒත් කවිපද තුනක් තියෙන කවියක් නම් මහ විකාරයක්. කොහොමද කියන්නෙ තාලයට.... කොහොමද තේරුමක් ගන්නෙ.... තේරුමක් නැතිව පදයක් අඩුව ලියන කවිය විකාරයක්. අන්න ඒ විකරය ප්‍රේමවන්තිය ප්‍රේමවන්තයට දීල ගිහින්..... ඉතින් පදයක් අඩුඋනාම හරියට තේරවිල්ලක්‌ වගේ අර්ථය තියෙන්නේ අන්තිම පදයේ. ඒත් ඈ ඒ පදය ලියා නැහැ. අවසාන පදය තෝරාගන්න කියා ඇය ඔහුගෙන් ඈත්ව ගිහින්. ඔහුට මෙය ප්‍රෙහේළිකාවක්‌ ඔන්න ඔය ආකාරයට තමයි අද පෙම්වතුන් ආදරය කරන්නේ යම්කිසි දුරකට එනවා ඒත් ඒ ඇවිත් අතරමැද නතර වෙනවා. මෙහි තවත් දෙයක් තියෙනවා හොදට අහන්න අවසානයට පෙර ඈ ගියා... කියන කොටස ගායනා කරන ස්වරූපය.... තේරුමක් ගන්න බෑ, අවසාන පදය අහගන්නත් ඇය නෑ ... මේ කාරනා නිසා අසරණවෙලා දුකෙන් කියන ස්වරූපයක් ඒ අවසන් පදය ගායනා කරන ස්වරූපයෙන් විද්‍යාමාන කරනව.

    ශෝකාන්තය එන තුරා
    එහි රැඳෙන්නට සිත් නැති නිසා
    අනන්තය ළඟ මා දමා
    අවසානයට පෙර ඈ ගියා....


    ආරම්භයම ප්‍රශ්ණවලින් පටන්ගත් මේ ආදර කතාවෙ අවසානයනම් ශෝකයක්ම තමා. ඒක ආදරවන්තිය හොදටම දන්නව. අපි ඕන ප්‍රශ්ණයකට මුහුණ දෙමු, මම මොන ප්‍රශ්ණය ආවත් ඔයා ලග ඉන්නවා කියන දේ ආදරවන්තය ලග තිබුනත් ආදරවන්තිය එහෙම නෑ. ඒ ශෝකාන්තයට මුහුණ දෙන්න ඇය අකමැතියි. දැන දැනම ශෝකාන්තය වෙතට ගමන් කරන්නේ ඇයි....එසේ සිතන පෙම්වතිය ඔහුව අවසානයක්‌ නොදකින තැනක දමා පිටව යනවා.

    අනන්තය ළඟ මා දමා
    අවසානයට පෙර ඈ ගියා...


    අද ලාබ සංගීතය, ලාබ කතාන්දර, ලාබ ගීපද වගේම ආදරයත් කුණුකොල්ලයට වැටිල. ඒක අපේ ගීපද රචකය පැහැදිලි කරන්නෙ මෙන්න මේ විදියට...

    මේ ගීයේ තේරුම ගැන සමහරු විවිධ විදියට අර්ථ දක්‌වනවා. කවුදෝ කෙනෙක්‌ දවසක්‌ කසුන්ගෙන් ඇහුවාලු ඔයා ඔය ගායනා කරන්නේ ඔයාගේ අම්මා ගැනද කියලා. කසුන්ට මේකට තරමක්‌ කේන්ති ගිහිං. කීප දෙනෙක්‌ම මගෙනුත් ඇහුවා. ඔයා ඔය යම්කිසි කතාවක්‌ ගැන ලියපු ගීයක්‌ද කියලා.

    නාලකගෙයි කසුන්ගෙයි දායකත්වය නිසා මේ ගීය ගැඹුරටම ගෙන ගියා. ගීයේ හැම විදියකින්ම අර්ථවත් වන්නේ අරමුණක්‌ නැති ස්‌වභාවයක්‌ ගැනයි. මේ දෙදෙනාගෙන් පළමුව යන්නේ පෙම්වතිය.

    මම මේ ගීතය හැදුවේ අවුරුදු හතරකට පහකට විතර කලින්. ගුවන් විදුලියේ අලුත් ගීත හදන වැඩසටහනකට. එහි මූලිකත්වය අරන් කටයුතු කළේ ඒරානන්ද හෙට්‌ටියාරච්චි තවමත් අලුත් ගීත හැදෙන්නේ ගුවන් විදුලියෙන්. ඒක වැදගත්. මේ ගීය තෝරා ගනිද්දී මමවත්, නාලකවත්. කසුන්වත් එකට හමුවුණේ නැහැ. අපි තුන්දෙනා එකතුවෙලා හදපු ගීතයක්‌ නොවේ. මේ ගීයට ඉඩකඩ හැදුවේ ගුවන් විදුලියයි.


    ඉතින් ඔන්න ඔය විදියට මම තවත් ගීතයක් අපේ යාළුවන්ට දුන්න... මෙහි හොද නරක ගැනත් අපේ කිඹුල සහ අනෙක් සහෝදරයන් දාන ගීත විචාරයන් ගැනත් අපිට අදහස් ලබා දෙන්න.... ගීත අපි දානව වැඩි වගේනම් ඔබලාම සාකච්ඡාකරල අපිට කියන්න. මේක එළකිරි යාළුවන් වෙනුවෙන් කරන දෙයක්. යාළුවොටික තීරණය කරන්න. තවත් ගීතයකින් හමුවෙමු..........
     
    Last edited:
    • Like
    Reactions: Djram

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,760
    859
    113
    ස්වර්ණවිමානේ
    සිංදු නැතිවෙයි...........????????:shocked::shocked:
    මගේ එක්ස්ටර්නල් හාඩ් එකේ ම තියනව 6000කට වඩා.........:frown:
    මට ම ගහන්න පුළුවන් ඒ කියන්නේ 6000ක්...........:baffled:
    එළ ම සිංදු...........:P
    එළනේ ..................
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට කැරකිල්ල වගේ !! මරු ත්‍රෙඩ් එක සුපිරි !! 8+ :D
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මම ගියා බන් මැච් එල බලන්න...
    ශ්‍රි ල0කා ක්‍රිකට් කණ්ඩායම සහ ගැහැණිය යන දෙකම එක සමානය..
    කිසිම විටක විශ්වාස කල නොහැක..

    :P:P:P:P:P:rofl::rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපේ යාළුවො අහල තියෙනවද සනත් නන්දසිරි ගායනා කරන මේ ගීතය....

    ආදර සැමරුම් කැටිවූ ....... නෙතු කදුළින් මුතු පොබොලින්
    නිමාකලෙමි සිහිවටනය යමුනා තීරේ....... යමුනා තීරේ......


    ඉතින් මම කිව්වොතින් මේ ගීතයෙන් කියවෙන්නෙ අවමගුල් පෙරහැරක් හා ඒ ගමන ගැන කියල කිව්වොත් අපේ යාළුවො මොකද කියන්නෙ...... අහල බලන්නකො ඒ ගීතය...... විචාරය පසුව බලාපොරොත්තුවන්න.....
     
    • Like
    Reactions: hs_pitiyegedara

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ හුය ඇරඹු *dhanushka* සොයුරාටත්, මෙයට විචාර, ප්‍රවාද සහ මතවාද එක් කරමින් එය පොහොණි කළ සකල එළකිරියන්ටත් එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයු බොහෝ මැ වේවා!!!!!
    වැඩකට නැති අමුම අමු කුණු හබ්බ කියැවෙන, බුද්ධියට නිගා දෙන, රසිකත්වයට නිගාදෙන, කියවන්නන් ගේ මනස් කාළකන්නි කරවන ත්‍රෙඩ් වැටෙන මේ කාලේ මේ ත්‍රෙඩ් එකේ වටිනකමට උපමා දෙන්න බෑ........

    අපේ මේ හෙළ බස කොතරම් රමණිය, අර්ථ පූර්ණ, භාව පූර්ණ එකක් දැයි මේ පෝස්ට් කියවද්දී තේරෙනවා. අධ්‍යාත්මය දැඩිව ග්‍රහණය කර ගන්නට සමත් මෙවන් බසක්, මව් බස වීම පිළිබද ව සකියනි, මට නම් ඇත්තේ සිරුරේ සෑම රෝම කූපයකට ම දැනෙන විදියේ ආඩම්බරයක්.........
    නුඹලාටත් එවන් හැගීමක් දැනෙනවා ඇති මෙය කියවද්දී...........
     
    • Like
    Reactions: TonyMontana83

    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    Keep Posting Machan... Patta Watina Thread ekak.. Aththatama Kiyanawanam Badaginne idagena Kiyawagena Kiyawagena Giyaa... Elaaaa :)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ හුය ඇරඹු *dhanushka* සොයුරාටත්, මෙයට විචාර, ප්‍රවාද සහ මතවාද එක් කරමින් එය පොහොණි කළ සකල එළකිරියන්ටත් එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයු බොහෝ මැ වේවා!!!!!
    වැඩකට නැති අමුම අමු කුණු හබ්බ කියැවෙන, බුද්ධියට නිගා දෙන, රසිකත්වයට නිගාදෙන, කියවන්නන් ගේ මනස් කාළකන්නි කරවන ත්‍රෙඩ් වැටෙන මේ කාලේ මේ ත්‍රෙඩ් එකේ වටිනකමට උපමා දෙන්න බෑ........

    අපේ මේ හෙළ බස කොතරම් රමණිය, අර්ථ පූර්ණ, භාව පූර්ණ එකක් දැයි මේ පෝස්ට් කියවද්දී තේරෙනවා. අධ්‍යාත්මය දැඩිව ග්‍රහණය කර ගන්නට සමත් මෙවන් බසක්, මව් බස වීම පිළිබද ව සකියනි, මට නම් ඇත්තේ සිරුරේ සෑම රෝම කූපයකට ම දැනෙන විදියේ ආඩම්බරයක්.........
    නුඹලාටත් එවන් හැගීමක් දැනෙනවා ඇති මෙය කියවද්දී...........

    ඒ වගේම තව දෙයක් දත් කිඹුලාත් මමත් ඔබට අවශ්‍ය විචාරයන් කෙසේ හෝ ලබා දෙන්නම්... ඔබෙන් අපිට අවශ්‍ය වන්නේ කාරණා දෙකක් පමණයි....
    1) ඔබට විචාරය අවශ්‍ය ගීත අපට කියන්න
    2) විචාරයෙන් රසවින්දනයක් ලැබුවානම් මොනවමහරි දෙයක් කියල යන්න... ඒක අපිට ලොකු දිරියක්
     
    • Like
    Reactions: TonyMontana83

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මේ හුය ඇරඹු *dhanushka* සොයුරාටත්, මෙයට විචාර, ප්‍රවාද සහ මතවාද එක් කරමින් එය පොහොණි කළ සකල එළකිරියන්ටත් එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයු බොහෝ මැ වේවා!!!!!
    වැඩකට නැති අමුම අමු කුණු හබ්බ කියැවෙන, බුද්ධියට නිගා දෙන, රසිකත්වයට නිගාදෙන, කියවන්නන් ගේ මනස් කාළකන්නි කරවන ත්‍රෙඩ් වැටෙන මේ කාලේ මේ ත්‍රෙඩ් එකේ වටිනකමට උපමා දෙන්න බෑ........

    අපේ මේ හෙළ බස කොතරම් රමණිය, අර්ථ පූර්ණ, භාව පූර්ණ එකක් දැයි මේ පෝස්ට් කියවද්දී තේරෙනවා. අධ්‍යාත්මය දැඩිව ග්‍රහණය කර ගන්නට සමත් මෙවන් බසක්, මව් බස වීම පිළිබද ව සකියනි, මට නම් ඇත්තේ සිරුරේ සෑම රෝම කූපයකට ම දැනෙන විදියේ ආඩම්බරයක්.........
    නුඹලාටත් එවන් හැගීමක් දැනෙනවා ඇති මෙය කියවද්දී...........

    මචන් අපි ඕල්ඩ් හිට්ස් එකේ කලෙත් යමක් ගන්න පුළුවන් සිංදු අනිත් අයට අහන්න සලසපු එක හා පුළුවන් විදියට හොයල දුන්න එක,,දැන් මේ පොස්ට් ඒකෙන් වෙන්නේ අර කලින් අපි අහපු සිංදු වල හරි තේරුම හා ඒවා ලිය වෙන්න හේතු උන එහෙත් අපි දන්නේ නැති නිදාන කතාවල් දැනගන්න එක,,ඉතින් මේකට තමන්ගේ කාලය මහන්සිය වැය කරන අයට කියන්න තියෙන්නේ මේ ඔබ කරන්නේ ඇස් නොපෙනන කෙනෙකුට පාර කියල දෙනවා වගේ වැඩක්..:D:D
     

    Anushka Gayan

    Junior member
  • Apr 29, 2008
    55
    7
    8
    Niyamai machanla...... Uparimai............. Digatama karagena yanna,, godak watina thread1k meka nam... Congratz hamotama...:D:D
    Puluwan kamak thibunoth "Ninda Nathi Raye..." & "Sandakada Pahanaka" theruma poddak danawada????
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ~~~~~ මගේ ආත්මීය ගීතය~~~~~





    f6VQ.jpeg



    මේක අහන හැම වෙලේම මේ ගීතයේ පලමු පදයෙන්ම කියනවා වගේ ඈ මගේ සොඳුරු මතකයෙන් අවදි වෙන්නේ හිරු දැක විකසිත වෙන පුෂ්පයක් මෙන්.. ඇය නමින් භාග්‍යා.. නමේ අර්ථයට සරිලනමමමමමමම රූප සොභාවක් ඈට හිමිව තිබුනා.. දිගු වරලස, අහින්සක ඇස්, තේජාන්විත ගමන, ආඩම්ඹර බැල්ම, නැටුම් වලට උපන් හපන්කම් කීම, ඊට සරිලන් නාරි දේහය.. ශිෂ්‍යනායිකාවක් උන ඇගේ නායකත්වය භාර දීමේ උත්සවයේ වීඩියෝ පටය අමාරුවෙන් සොයාගත් මම තවමත් ඒක රස විඳිනවා.. කෙතරම් සුන්දර කෙල්ලක්ද.. ඒත්.. ඒ ආදරේ අදටත් දන්නේ මගෙ අහිOසක හිතත්, මේ නූල බලන ඔයාලත් විතරයි...

    "භාග්‍යා" ඔබ මගේ සිතේ අමරණීයයි..
    .. :love::love:



     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Niyamai machanla...... Uparimai............. Digatama karagena yanna,, godak watina thread1k meka nam... Congratz hamotama...:D:D
    Puluwan kamak thibunoth "Ninda Nathi Raye..." & "Sandakada Pahanaka" theruma poddak danawada????
    මටත් පුදුම උවමනාවක් තියෙන්නෙ සදකඩ පහන ගීතය දාන්න.... ඒත් මචන් ඒක විචාරය කරල දාන්න මට දවසක්වත් ඕනි.... ඉඩක් ලැබුණු වහාම මම දානව මචන්ල උඹල වෙනුවෙන්.......