සුන්දර ගීයක ඇරබුම,..

kingdewi

Well-known member
  • sasliit සහෝ, ඇතුලු සියල්ලන්ට...
    මේ ත්‍රෙඩ් එක ආපහු මාව 2006-2007-2008 එළකිරියට ගෙනගියා කිවුවොත් හරි...
    මේ වගේ අලුත් වෙන රසවින්දනයක් ආපහු එළකිරියට ගෙනාවාට පිං!!

    sasliit සහෝ +7 රෙප් මගෙන්!
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    sasliit සහෝ, ඇතුලු සියල්ලන්ට...
    මේ ත්‍රෙඩ් එක ආපහු මාව 2006-2007-2008 එළකිරියට ගෙනගියා කිවුවොත් හරි...
    මේ වගේ අලුත් වෙන රසවින්දනයක් ආපහු එළකිරියට ගෙනාවාට පිං!!
    sasliit සහෝ +7 රෙප් මගෙන්!

    එල සහෝදරය බොහොම ස්තූතියි... මම රෙප් පස්සෙ යන එකෙක් නෙමෙයි... රෙප් නැතත් නිතරම මෙහේ එන්න යාළුවේ... අපිව දිරිමත් කරන්න.. ඒක මට රෙප් 1000කට වඩා වටිනව...
     
    kingdewi

    Well-known member
  • සොඳුරු අතීතයෙ නිමල පෑතුම වී
    මගෙ හද තුල ඔබ ඉන්න ඈතී
    ඒ හින්දා යළි සෙනෙහෙ සිතින් අපි
    ආදරයෙන් හමුවෙන්න ඈතී . . .

    කඳුළු සුසුම් මෑද සතුටු සිනා මෑද
    භවය පුරා ලඟ ඉන්න ඈතී
    එදත් මගේ සිත අද මෙන් කෑපවී
    ඔබේ නමට පුද දෙන්න ඈතී . . .

    නොසෑලී නොතෑවී බාධක හමුවේ
    ආ හින්දා ජයගන්න ඈතී
    ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි
    මේ අයුරින් හමුවෙන්න ඈතී . . .

    ඒ 1998 ...වර්ෂයේ දවසක්,....විදු මවු සෙවනේ විද්‍යා අංශයේ එක් පන්තියක කොලුවෙක්, තම පන්තියේම කෙල්ලකට කොළකෑල්ලක ලියල දීපු සින්දුවක්...:)
    අද ඒ කෙල්ල, මගේ පුතාගේ අම්මගේ භූමිකාව රඟපානව...
    මේ සින්දුව, මගේ ප්‍රේම කතාව...වසර දාහතරක් පුරා දිවෙන...
    අදටත් ආදරෙයි සින්දුවට :love::love:
     
    Last edited:

    kingdewi

    Well-known member
  • එල සහෝදරය බොහොම ස්තූතියි... මම රෙප් පස්සෙ යන එකෙක් නෙමෙයි... රෙප් නැතත් නිතරම මෙහේ එන්න යාළුවේ... අපිව දිරිමත් කරන්න.. ඒක මට රෙප් 1000කට වඩා වටිනව...

    අනිවාර්යෙන්ම! රෙප් කියන්නෙ තමන්ට නිරායාසයෙන් ලැබෙන දෙයක් යාලු!!:)
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,760
    859
    113
    ස්වර්ණවිමානේ
    thread එකට වැටිලා තියන comment ගානනම් සදා සෝචනීයයි
    thread_dot_hot_new.gif
    3.gif
    tag.png
    subscribed.gif
    සුන්දර ගීයක ඇරබුම,.. (
    multipage.gif
    1 2 3 ... Last Page)
    *danushka*
    Today 10:01 PM
    by Lalakajee
    310 6,013 ElaKiri Talk!
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සංගීතයෙන් අප හදවත් ප්‍රකම්පනයට පත්කරන මේ ගීතය මාගේ සිත්ගත් ගී අතුරින් ඉහලින්ම තියෙන ගීතයක්. අපි රසවිදිමු ගීතය....

    මම ඔබත් එක්ක කොතරම්නම් ආදරේකින්ද හිටියෙ... අපි කොතරම් ආදරේ කරන්න ඇද්ද...... ගිරවියෙක් වගේ ඔයා කියවනව කියවනව ඉවරයක්න නෑ. වැඩේ කියන්නෙ මමත් පුදුම විදියට ඒ කියවිල්ලට ආදරේකලා..... මට ලෝකයක් කියල දෙයක් තේරුනේ නෑ. මොකද මගේ මුළු ලෝකයම උනේ ඔයා නිසා. පාළුව තනිකමට පුරුදුව හිටපු මම මටත් නොදැනෙන ලෙසින් ඔයා ගලවගත්ත.... පුදුමයි කෙල්ලෙ පුදුමයි......

    ඉතින් එච්චරටම මට ආදරේ කලේ ඇයි....... මේ තරමටම මට ඔයා නැතිව ඉන්න බැරි තැනට පත්කලේ ඇයි... ඒතරමටම ආදරේ කරල ඔයා මාව තනිකරල දාල ගියා.... එහෙම ගියානම් යන්න යන්න යන්න යන්න ඔයා යන්න.... ඇයි මේ ඔයාගෙ මතක, සුවද ඉතිරි කරල ගියේ.... මට බෑ ජීවිතේ ගෙවන්න... මට බෑ නැවතත් පරණ මගේ පාළු ජීවිතේ ගතකරන්න... හැම තැනක්ම ඔයා සින්නක්කර ලියාගෙන ඉවරයි. මට මාවත් අයිති නෑ දැන්.....

    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින්.....

    වසර හතරක් අපි ආදරේ කලා..... ඒක හරියට කල්ප හතරක් වගේ, සියවස් හතරක් වගේ... ඔයා ගියා කියල මම දන්නව... ඒත් ඔයා එනවද ආයෙත් මාව හොයාගෙන මට එහෙම හිතෙනව ... අපේ ආදර කතාව නැවතුනාද.... ඔයා වෙනත් ලෝකෙකට ගියාද....?(මෙහිදී රචකයා විසින් අවිනිශ්චිත ස්වරූපයක් අපිට පෙන්වනව... මෙයා අපේ සම්බන්ධෙ නවත්වලද ගියේ... වෙන කෙනෙක් ලගටද ගියේ... එහෙම නෙමෙයිද ? ආයෙ එනවද ඔයා...? ඔයා එහෙම කලේ කැමැත්තෙන්ද...? නෑ නේද...? අපිත් එහෙමයි යථාර්තය දැන දැන බලාපොරොත්තු තියාගන්නව )

    සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියා දෝ
    අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ....

    ඔයාට මේ තරමටම ආදරේකරල, මේ තරමටම අහස උසට බලාපොරෙත්තු තියාගත්ත ආදරේ අද මට නෑ..... මේක ඔයාගෙ වරදක්වත් ඔයා කරපු දෙයක්වත් නෙමෙයි... ආදරේ කියන්නෙ මායාවක් බව නොදැන ආදරේ කරපු මගෙයි වැරැද්ද.... දැන් ඉතින් මට ඔයත් නෑ.... තනිකමත් නෑ... සැනසීමත් නෑ..... හරියට අපේ අදාරකතාව, මගේ ජීවිතය, දුකෙන් පිරුණ ගීතයක් වගේ...

    මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
    සෝ ගීයකි දුක් බර වූ
    සැනසුම කොහි වේ දෝ....

    මෙම ගීතයෙදි ප්‍රබලත්ම කාර්යක් කරනු ලබන්නෙ සංගීතයයි.... ගීතයෙන් කියන වේදනාව මුවහත් කරල අපේ හදවත් තුලට කිනිස්සකින් අනින්න වගේ ගිටාර් වාදනයක් වැයෙනව.... ගොඩාක් ආදරවන්තයින්ට අත්වූ ඉරණමක් ඉතාමත් සුන්දර විදියට නිර්මාණය කිරීම විශ්මය ජනකයි... අපේ සිංහල කලා කරුව ගැන කාතරන්න වචන නෑ... මේ ගීතයෙන් , මුසු වී ඇති සංගීතයෙන් හා මධුර හඩින් විරහවට පත්වූ ආදරවන්තයින් එදත්, අදත් හෙටත් හඩවනඑක නම් නවත්වන්න බැරිබව මා සටහන් කරමින් විචාරය අවසන් කරනව.

    ගේය පද බුද්ධදාස ගලප්පත්ති මහතා
    සත්සරය රෝහණ වීරසිංහයන්

    තව දෙන්නම්.... කමේනට්ස් දෙන්නෝ............
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    තව ටිකකින්... දයාරත්න රණතුංග මහාතා ගායනා කරන
    මංගල මධු සමය පාතා කුලගෙට ආ රූපිකාව

    මචන් උඹ දන්නවද දයාරත්න රණතුංග මහත්තය ගයනා කරන " සරසවියේදී අද පමණයි හමු වන්නේ " සිංදුව ලිව්වේ කවුද කියල..:):)
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ගී ඇරඹුමට එන රසවත් පිරිස........වෙත
    කී මට යමක් සැසියා ගැන හිතේ......ඇත
    මී අඹ ඵලය මෙන් රසවත් ඇතිය......සිත
    හී සැරයකට සම අදිඨන මුගේ........ඇත
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    සංගීතයෙන් අප හදවත් ප්‍රකම්පනයට පත්කරන මේ ගීතය මාගේ සිත්ගත් ගී අතුරින් ඉහලින්ම තියෙන ගීතයක්. අපි රසවිදිමු ගීතය....

    මම ඔබත් එක්ක කොතරම්නම් ආදරේකින්ද හිටියෙ... අපි කොතරම් ආදරේ කරන්න ඇද්ද...... ගිරවියෙක් වගේ ඔයා කියවනව කියවනව ඉවරයක්න නෑ. වැඩේ කියන්නෙ මමත් පුදුම විදියට ඒ කියවිල්ලට ආදරේකලා..... මට ලෝකයක් කියල දෙයක් තේරුනේ නෑ. මොකද මගේ මුළු ලෝකයම උනේ ඔයා නිසා. පාළුව තනිකමට පුරුදුව හිටපු මම මටත් නොදැනෙන ලෙසින් ඔයා ගලවගත්ත.... පුදුමයි කෙල්ලෙ පුදුමයි......

    ඉතින් එච්චරටම මට ආදරේ කලේ ඇයි....... මේ තරමටම මට ඔයා නැතිව ඉන්න බැරි තැනට පත්කලේ ඇයි... ඒතරමටම ආදරේ කරල ඔයා මාව තනිකරල දාල ගියා.... එහෙම ගියානම් යන්න යන්න යන්න යන්න ඔයා යන්න.... ඇයි මේ ඔයාගෙ මතක, සුවද ඉතිරි කරල ගියේ.... මට බෑ ජීවිතේ ගෙවන්න... මට බෑ නැවතත් පරණ මගේ පාළු ජීවිතේ ගතකරන්න... හැම තැනක්ම ඔයා සින්නක්කර ලියාගෙන ඉවරයි. මට මාවත් අයිති නෑ දැන්.....

    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින්.....

    වසර හතරක් අපි ආදරේ කලා..... ඒක හරියට කල්ප හතරක් වගේ, සියවස් හතරක් වගේ... ඔයා ගියා කියල මම දන්නව... ඒත් ඔයා එනවද ආයෙත් මාව හොයාගෙන මට එහෙම හිතෙනව ... අපේ ආදර කතාව නැවතුනාද.... ඔයා වෙනත් ලෝකෙකට ගියාද....?(මෙහිදී රචකයා විසින් අවිනිශ්චිත ස්වරූපයක් අපිට පෙන්වනව... මෙයා අපේ සම්බන්ධෙ නවත්වලද ගියේ... වෙන කෙනෙක් ලගටද ගියේ... එහෙම නෙමෙයිද ? ආයෙ එනවද ඔයා...? ඔයා එහෙම කලේ කැමැත්තෙන්ද...? නෑ නේද...? අපිත් එහෙමයි යථාර්තය දැන දැන බලාපොරොත්තු තියාගන්නව )

    සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියා දෝ
    අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ....

    ඔයාට මේ තරමටම ආදරේකරල, මේ තරමටම අහස උසට බලාපොරෙත්තු තියාගත්ත ආදරේ අද මට නෑ..... මේක ඔයාගෙ වරදක්වත් ඔයා කරපු දෙයක්වත් නෙමෙයි... ආදරේ කියන්නෙ මායාවක් බව නොදැන ආදරේ කරපු මගෙයි වැරැද්ද.... දැන් ඉතින් මට ඔයත් නෑ.... තනිකමත් නෑ... සැනසීමත් නෑ..... හරියට අපේ අදාරකතාව, මගේ ජීවිතය, දුකෙන් පිරුණ ගීතයක් වගේ...

    මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
    සෝ ගීයකි දුක් බර වූ
    සැනසුම කොහි වේ දෝ....

    මෙම ගීතයෙදි ප්‍රබලත්ම කාර්යක් කරනු ලබන්නෙ සංගීතයයි.... ගීතයෙන් කියන වේදනාව මුවහත් කරල අපේ හදවත් තුලට කිනිස්සකින් අනින්න වගේ ගිටාර් වාදනයක් වැයෙනව.... ගොඩාක් ආදරවන්තයින්ට අත්වූ ඉරණමක් ඉතාමත් සුන්දර විදියට නිර්මාණය කිරීම විශ්මය ජනකයි... අපේ සිංහල කලා කරුව ගැන කාතරන්න වචන නෑ... මේ ගීතයෙන් , මුසු වී ඇති සංගීතයෙන් හා මධුර හඩින් විරහවට පත්වූ ආදරවන්තයින් එදත්, අදත් හෙටත් හඩවනඑක නම් නවත්වන්න බැරිබව මා සටහන් කරමින් විචාරය අවසන් කරනව.

    සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියා දෝ
    අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ....

    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින්.....

    මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
    සෝ ගීයකි දුක් බර වූ
    සැනසුම කොහි වේ දෝ....

    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින්.....

    ගේය පද බුද්ධදාස ගලප්පත්ති මහතා
    සත්සරය රෝහණ වීරසිංහයන්

    තව දෙන්නම්.... කමේනට්ස් දෙන්නෝ............

    Godak sthuthi sasliit. Mewa kiyala dhenawata
     
    Sansala.R

    Member
    Feb 9, 2011
    66
    5
    0
    කොළඹ 7
    meka thamai mechchara kalekata mama elakiri eke dekapu watinama thread eka, oyala ta suba pathanawa, hoda weda karana hoda kollo lankawe inna eka gena santhosai!!!!!!!!!!
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    sasliit oya dhaanawa kiuwa eatha kadukara sinduwei mage asama sinduwak wana Daiwa yogayakin nowe sinduwei therum denna puluwan nam
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචන් උඹ දන්නවද දයාරත්න රණතුංග මහත්තය ගයනා කරන " සරසවියේදී අද පමණයි හමු වන්නේ " සිංදුව කිව්වේ කවුද කියල..:):)
    අනිවා දන්නව... අපේ එළකිරි එකේ ඉන්න කෙනෙක්ගෙ පියතුමා නේද.....?:yes::yes::yes:
     
    • Like
    Reactions: AeroPrincess

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,176
    487
    83
    EaRtH
    මම දන්න සින්දුවක් දාන්නද , අමරදේවගේ එකක්

    2076n3a.jpg

    පෙර දිනයක මා පෙම් කල යුවතිය
    සිය පුතු නලවනවා...

    මේක ඇහෙද්දී ගොඩක් දෙනෙක් හිතන්නේ ආදරේ කරපු කෙල්ල දැන් වෙන කෙනෙක්ව බැඳලා , දරුවෙකුත් ලැබිල , දැන් ඒ දරුවාව නලවනවා කියලනේ..
    එත් මෙතන වෙන්නේ මේකයි , පෙර දිනයේ මම පෙම් කරලා තියෙන්නේත් , මම බැඳලා තියෙන්නෙත් , දැන් මේ දරුවා නලවන්නෙත් එකම කාන්තාවක්.

    මගේම ගීයක් , නැලවිලි ස්වරයෙන්
    ඈතින් මතුවෙනවා..

    දරුවා නලවන්න මෙයා කියන ගීතයත් මම මෙයාට කලින් කියපු එකක්ම තමා .

    නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන
    දයාව වෑහෙනවා ...

    ඉස්සර වගේ නුරාවෙන් රාගයෙන් මෙය දිහා බලනවා වෙනුවට දැන් බලන්නේ දයාවෙන් , සෙනෙහසින් , දැන් වගකීම් වැඩියි , මෙය මගේ බිරිද , මගේ දරුවාගේ අම්ම ..

    ඉතුරු ටික තේරුම් ගනිල්ලා , ටයිප් කරද්දී දෙක දෙල් වෙනවා :no::no::no:
     
    • Like
    Reactions: sasliit

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මම දන්න සින්දුවක් දාන්නද , අමරදේවගේ එකක්

    පෙර දිනයක මා පෙම් කල යුවතිය
    සිය පුතු නලවනවා...

    ඉතුරු ටික තේරුම් ගනිල්ලා , ටයිප් කරද්දී දෙක දෙල් වෙනවා :no::no::no:
    :rofl::rofl::rofl::rofl:

    remix

    පෙර දිනයක මා පෙම් කල යුවතිය රටකජු විකුණනවා.......
    මම දුන් ලියුමක රටකජු ඔතලා මටම කන්න දෙනවා.......
    ලියුම බලන්නද? රටකජු කන්නද? මගෙ හිත මුමුනනවා........
    මම දුන් ලියුමේ මෙනවා බලන්නද? මම රටකජු කනවා.......