සුන්දර ගීයක ඇරබුම,..

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
මෙ ගීතය ලන්කාවෙ සිටින සුපිරි පද රචකයෙකු වන මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ගෙ අතින් මනාවට කැටයම් වුනු ගීතයකි. ඒම නිසා මෙ පද ගැලපුම විවිද අර්ථ රසයන් විවිද අසන්නන් තුල ජනිත කල හැකිය. මෙය හුදු මගෙ මතය වන අතර යම් කියවීම් එයට දිරි දුන්නා විය හැක.
අපි ආදරය විරහව එක එක විදියට අත් විදිනව සමහර විට පවුලෙ නොගැලපීම් නිසා, පොහොසත් ගැහැනු ලමයෙක් දුප්පත් කොල්ලෙක් එක්ක යලු උනාම ගොඩක් වෙලාවට ගැහනු ලමයගෙ පවුලෙ අය කැමති නැහැ ඒ අය උත්සහ කරන්නෙ තමන් වගෙම ලොකු පවුලකින් කසද බන්දවන්න. මගෙ මතය මෙ ගීතය ඒ අත්දැකීම ලබපු ගැහැනු ලමයෙකුගෙ තමන්ගෙ පරන පෙම්වතාට කරන ආයචනයක් කියල.


සුළං කපොල්ලේ
තැනූ කැදැල්ලේ
කෑලි කැඩී බිඳී වැටෙයි
නිල් කඳු රැල්ලේ


සුලං කපොල්ල යනු දැඩී සුළං පවතින කඳු දෙකක් එකිනෙක යා වෙන ස්ථානයක් බව වටහා ගත හැකිය. කඳු දෙක පවුල් වල වත්කම් නියොජනය කලා විය හැක. ඒ සුළං කපොල්ලේ තැනූ කැදැල්ල දැන් කෑලි කැඩී බිඳී වැටිලා. ඒ තමයි සුළං කපොල්ලේ අස්ථවරත්වය.

කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී
දැන් ඔබ ලඟ සිටියි රුවක් විලස නොසෙල්ලී
යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලී
පිළිගනු ඈ කොහි යන්ට ද නැවත් ඉගිල්ලී


"දැන් කූඩුව කැඩිල තැන තැන ගිහිල්ල නැවත හදන්න බැ. ඒත් අපි ආදරය කරන කාලෙ ඔයා කිව්ව මතකද ඔයට මොනදෙ උනත් මම ඉන්නව කියල. ඒක නිසා මට මෙ ලොකේ ඉන්න එකම කෙනාව හොයාගෙන අවා, සත්තයි මම අයෙ ඔය්ගෙ ලගින්ම ඉන්නව ඔයගෙ ලගින් හෙලවෙන්නෙ වත් නෑ, අනේ රත්තරන් මට ඔයගෙ කූඩුවෙ කිරිල්ලිය වෙන්න ඉඩ දෙන්න." කිරිල්ලියගෙ අතීතාවර්ජනාත්මක ආයාචනය
මොකද රචකය කියනව "යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලී" ඒ කියන්නෙ මෙ කිරිල්ලි එන්නෙ යම් අරමුනකින් ඒ තමයි තමන්ගෙ පරන පෙම්වතා.

ඇයට මවක් පියෙක් නොමැත ක්ෂිතිජ වළල්ලේ
කඳුල පමණි ඇයට උරුම දවස මුළුල්ලේ
ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ
ඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ


නිල් කඳු රැල්ල අතහැර දා යොදුන් ගණන් පියබායැම එනම් දෙමපියන් හා ඔවුන්ගෙන් ලැබුනු සියල්ල අත්හැරදා පැමිනීම නිසා ඈ ලග කඩුලු හැරුනුකොට කිසිවක් ඉතිරිවී නෑ. ඒත් කුරුල්ලා එනම් ඇගෙ පැරනි පෙම්වතා තවම තනිකඩයි. ඒ නිසා බලාපොරොත්තු සුන් වු ඇයට බලාපොරොත්තුවක් දෙන්න, ජීවත්වෙන්න.

කෙසේ නමුත් රචකයා පවසන පරිදි කුරුල්ල්ලා තනිකඩ වීමත් කිරිල්ලිය ඔහුගෙ කැදැල්ලෙන් නවාතැන් පමනක් ඉල්ලීමත් මගෙ හිතට වදදෙන්නේ යම් කිසි ආකරයකින් මෙකියන කුරුල්ලා මෙ සිදුවීම කලින් බලාපොරොත්තු වුවාදැයි කියන හැගීමකි.

පලමු උත්සහය බැවින් වස් දොස් දැකීමක් බලාපොරොත්තු වෙමි.



සුළං කපොල්ලේ
තැනූ කැදැල්ලේ
කෑලි කැඩී බිඳී වැටෙයි
නිල් කඳු රැල්ලේ

කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී
දැන් ඔබ ලඟ සිටියි රුවක් විලස නොසෙල්ලී
යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලී
පිළිගනු ඈ කොහි යන්ට ද නැවත් ඉගිල්ලී

ඇයට මවක් පියෙක් නොමැත ක්ෂිතිජ වළල්ලේ
කඳුල පමණි ඇයට උරුම දවස මුළුල්ලේ
ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ
ඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ

පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - විශාරද නන්දා මාලිනී

lassanai sahodaraya,.....
thanx !
mama shabda rachanaya pilibada witharak rasawath una kenek me wenakam..eth sinduwak ahala e sinduwa 3n 4 paarak replay karanna purudu unw dan,,
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
හොදයි යාළුවනේ ඔන්න එහෙනම් තවත් ගීතයක්.... ඉදිරි දින දෙකේදි මට ඉන්ටර්නෙට් එන්න වෙන්නෙ නෑ.... ඒ නිසා රසවත්ම ගීත කිහිපයක් විචාරය කරන්න පුළුවන් තරම් උත්සාහායක් ගන්නවා..... වැඩ ඉහටත් උඩින් ඒ නිසා අඩු පාඩු තිබුනොතින් සමාවෙන්න... කමෙන්ට් දෙන්න ඔයාල මේ ගීතයත් රසවින්දොතින්.....

ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මුහුණ වසා

නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳඑළියේ මං පෙත පාදා
රහසක් සඟවා
ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා

යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර

ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මූණ වසා

පද රචනය - සුනිල් සරත් පෙරේරා
සංගීතය - එච්.එම්. ජයවර්ධන
ගායනය - අමරසිරි පීරිස්


විරහගීත වේදනාව කියන්නෙ මේ ලෝකෙ හුස්ම ගන්න පණ නල වැටෙන සෑම ජීවියෙක්ම විදපු වේදනවාක්..... ඒ වේදනාව හරිම පුදුමයි... එය ගීතයක අන්තර් ගතය උනාම තවත් ප්‍රණිත වූ වේදනා රසයක් අපිට දැනෙනවා. විප්‍රලම්භ ශෘංගාරය කියන්නෙ අන්න ඒකට... රසිකයාගේ ඇට,මස් නහර සිඳ කම්පනයෙන් ප්‍රකම්පනයට පත්වන්නාවූ සාහිත්‍ය රසයක් ඒ තුල ගැබ්වෙනවා.

අද කාලයේ ගුවන් විදුලි ගීත බොහෝමයකම මේ විප්‍රලම්භ ශෘංගාරය හෙවත් වෙන්වීමේ දුක අපිට ඇහෙනව.... ඒත් ඒක විලාපයක් අදොනාවක්... මර ලතෝනියක්. අන්න ඒ මර ලතෝනියේ තියෙන විකාර ස්වභාවයත්, සැබෑ විප්‍රවලම්භ ශෘංගාරය හදවතේ සියුම් තැන් සසල කරවන ආකාරයත් පෙන්වන්න තමා මම මේ ගීතය ඔබ වෙත දැන් ගෙනත් දෙන්නෙ.....

ප්‍රේමතී ජායතෝ සෝකෝ..... අපි අහල තියෙනව. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. එය සදහට ම වෙන්වීමක් වූ විට ඒ වේදනාව තවත් ප්‍රබල වෙයි. රචකයා මෙහි දී ප්‍රතිනිර්මාණය කරනුයේ එබඳු සදාකාලික වෙන්වීමකි. නමුත් රචකයාට ඒ වෙන්වීම කඩචෝරු විදියට නෙමෙයි කලාත්මක විදියට පැහැදිලි කරන්න අවශ්‍යයි.... ඒ නිසා එම වියෝව විස්තර කරන්න රමණීය පරිසරයක් පිළිබඳව සිතුවමක් අපතුල මවනවා....

”ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඈ යන්න ගියා මැකිලා...”

වනාන්තරේ මලින් පිරුණු, ඵල බරවුණු තුරු මත හිදපු මගෙත් එක්ක ප්‍රේම ගී ගය ගයා හිටි මගේ කිරිළිය යන්න ගිහින්..... ”ඈ යන්න ගියා මැකිලා” ඒ කියන්නෙ නිකන්ම නිකන් යන්න ගිහින් නෙමෙයි මැකිලම යන්න ගිහින්... ඇය මියැදිලා.....

”පිණි කඳුළක් මල් පෙති අග රඳවා
මීදුම් සළුවෙන් මුහුණ වසා...”


ඉතින් ඇය මියැදිලානේ.... ඇගේ දේහය සුදු රෙදිකඩකින් වසා තියෙනව.... අපේ රචකයා එය මේ විදියටයි දකින්නෙ..... මිහිදුම් සළුවකින් මගේ මුහුණ වැසිල . ඒ වැසුණු රෙදිකඩට මුවා වුණු ඇගේ වතේ නෙත් අග කදුළු බිදුවක් තවමත් තියෙනවා..... රචකයා පවසන්නෙ එය ”පිණි කඳුළක් මල් පෙති අග රඳවා කියල”..... “වනසිරස” “තුරු හෙවණැලි” “පිණි කඳුළ” “මල්පෙති” ආදී යෙදුම් කොතරම් රමණීය වූත් සුන්දරවූත් යෙදුම්ද... මේ යෙදුම් සැබෑම සෞන්දර්වේදියෙකුට පමණමයි යොදාගන්න පුළුවන්..

නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳ එළියේ මං පෙත පාදා
රහසක් සඟවා ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා


ඇය මිය ගියේ ඇයි කියල මටම තේරෙන්නෙ නෑ.... ඇයයි මමයි කොතරම් සුන්දරව අනාගතේ ගමන් මග එළි පෙහෙළි කරගත්තද.... එය රචකයා පවසන්නෙ ”කදුවැටි” ඒ කියන්නෙ බාධක අතරින් ”සදඑළියේ මං පෙත සාදා”.... ඒ කියන්නෙ අපි අපේ වෙන්න තියෙන බලාපොරොත්තුව නැමති ”සද එළියේ” අපි මේ ගමන ජයගන්න හිතා ගත්ත නේද.... අපි ඒක ජයග්‍රහණය කරගෙන ආව නේද කියන එකයි.... ”රහසක් සඟවා ගොළු වූ හදකින්” ඒත් ඔයා මොනව හරි දෙයක් මට නොකියම ගියා..... ඔයා ඒදේ සගවගෙනම ගියා නේද කිරිල්ලියේ.....ලොකුම ලොකු වේදනාවක්.... මියැදෙන මොහොතෙදිත් මාව මතක් උන නිසා දුකක් ඇති වුනාද ඔයාට.....
ඔයා මගෙත් එක්ක හිටි කාලය මම පුදුම චමත් කාරයක් වින්ද.... ඒ මොහොත මට මැවි මැවී පේනවා.... ජීවිතයේ මිනිසුන්ට මුහුණ දීමට සිදුවන අනපේක්ෂිැත අභාග්යදයන් අපරිමිත ය. මෙය ද එබඳු අනපේක්ෂිසත වූ අභාග්යපයක් ම බව රචකයා දැනුවත් අපට පවසනව.....

”යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිවිට
යළි නොඑතැයි ගිම්හානෙට පෙර”

මේ කොටසින් තමා රචකයා කුරුල්ලාගෙ, ආදරවන්තයාගේ හිතේ තියෙන වේදනාවේ විලාපය සුන්දර විදියට අපට ඒත්තු ගන්වන්නෙ... සුළග ඇවිත් මගේ හිස අතගගා කියනව ආයෙත් කවදාවත්ම එන්නෙ නෑ කියල.... හිරියට අපි වැලපෙනවිට නෑදෑ හිතමිතුරන් දුකවෙලා වැඩක් නෑ දැන් ඉතින් මොනව කරන්නද කියල කියනව වගේ... ඒත් මට ඒ දේ අදහගන්න බෑ.... දැන් ගිම්හානය උදාවෙන්න ලගයි ඒ කියන්නෙ පරිසරය මලානික වෙන කාලය, අපි දෙන්න එකතුවෙන කාලය, අපි දෙන්නට දෙන්න ඕනම කාලය, අපි දෙන්නට අපි දෙන්න නැතිවම බැරි කාලය..... ඉතින් ඔයා ඊට කලින් මගේ ලගට එන එකක් නෑ කියන එක කවුරු මොනව කීවත් මටනම් අදහගන්න බෑ......

මෙහි සංගීතය ගැනත් යමක් සදහන් කලයුතුමයි එච් එම් ජයවර්ධනයන්ගේ ඉතාමත් රමණීය වූ සංගීතයක් නාද රටා තමා මෙහි ගැබ්වෙලා තියෙන්නෙ.... ඇත්තටම මේ ගීතය සිය දහස් වතාවක් තම ආදරණීය බිරිය වූ මාලනී බුලත්සිංහලයන් ගේ වියෝවත් සමග ඔහු අහන්න ඇති. අනික මෙහි අපේ හදවත් ඇතුලට කිදා බහින හඩ අමරසිරි පීර්ස් කලා ශිල්පියාගේ ඒ මධුර ගැඹුරු හඩ මේ ගීතයට උපරිම සාධාරණයක් ඉෂ්ඨ කරල තියෙනවා කියල මට හිතෙනවා. ප්‍රේම විරහව කියන්නෙ පුදුමාකාර දෙයක් ඒ වේදනාව විදින්න විදින්න හරිම ලෝකෝත්තරවූ සන්තෝශයක් තමා දැනෙන්නෙ.... සදුන් ගසක් වගේ මොකද එය සිදිත මඩිත එක ලෙස පැතිරෙයි සුවද..... කියනවනේ.....
11.gif
tawath hoda artha dakweemak!
keep posting brother mama dan nam wiwekayak ganna ona!
kuriru lokaye samabarathwaya apita uwamana widiyata hada ganna ona!
jaya wewa!
 

imp

Member
Dec 31, 2010
1,250
76
0
ඈත්තටම යාලු ඔය අතීතය මට අදටත් ගොඩක් වේදනාවක් දෙනව.. ඒත් මම ඒ වේදනාවට ආදරය කරනව.. මොකද ඒ වේදානව ඈතුලේ... කියාගන්න බෑරි රසයක් තියන නිසා සහෝදරය....

මමත් පිස්සෙක් වෙන්න තිබුනා.. එහෙම නෑත්නම්.. බේබද්දෙක් වෙන තිබුන.. එහෙමත් නෑත්නම් සිය දිවි නසාගන්න තිබුන.. මගෙ රත්තරන් අම්ම , තාත්ත දෙන්න , මගෙ නන්ගි , අයියා.. අහෙම තප්පරයම මාත් එක්ක නොසිටියනම්.. ඔවුන් මාව පුදුම විදිහට බලාගත්ත ඒකාලෙ...

ඒත් එක්කම .. මතක් කරන්න ඕනෙ... අදමගෙ ආදර වන්තිය වෙලා ඉන්න.. කෙනා.. ඒයා අපි දෙන්නගෙම හොදම යාලුවෙක්.. එයා මාව ගොඩක් තෙරුම් ගත්ත.. අදටත් ඒයා දන්නව මම ආදරය කරන්නෙ එයාගෙ යාලුවට කිය්ල වෑඩියෙන්.. මට වචනය්ක් වත් කියන්නෙ නෑ හෑම මාසයකම 13 වෙනිද.. එය මාත් එක්කම පන්සල් ගිහින්.. මොනාම හරි පිනක් කරල ලබන ආත්මෙදිවත් මගෙ පලමු
පෙම් වතිය මගෙ වෙන්න කියල ප්‍රර්තනා කරනව

තව අතකින් උබ කොච්චර වාසනා වන්තද....
දැන් ඔබේ ආදරවන්තිය උබට කොච්චර ආදරේද,උබව කොච්චර තේරුම් අරන්ද...එයා කරන කැපකිරීම විස්තර කරන්න මට තේරෙන්නෙ නෑ...උතුම් චරිතයක්...
 

imp

Member
Dec 31, 2010
1,250
76
0
thanx for the post brother!
mageth liweeme hekiyawa mama danna taramin,hoda ne..eth onema deka rasa windanaya,saha,wiwechanaya karanna puluwan thatwayak tiyenawa kiyala mata wishwashai!
tika denk hari,ape perani,geetha wala,e geetha walin dena paniwidaya terun ganna pudgalayan innawa kiyana eka sathutui!

ඇත්තටම සහෝ...
මේ thread එක කියවනකොට හිතෙනවා අපේ සමාජය එච්චරම පිරිහිලා නෑ කියලා...
තවමත් අපි අපේ ගීත වලට ආදරෙයි...මෙක හොදම උදාහරනයක් ඒකට...මේ thread එක පිටුවක් හරියට බලපු කෙනෙක් අනිවර්යෙන්ම ඉවර වෙනකන් කියවනවා
 

thomian

Well-known member
  • May 20, 2011
    12,103
    16,873
    113
    මං මුලා වී පාර සොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලා වූ සමනළියක​ගෙනි
    පාර අසා තිබුණේ........//


    ඇයත් නොදන්නිය ඇය යන මානය
    උන්හිටි තැන් මතකයෙ අඩ මානය.......//
    පාර කියන්නේ කෙලෙසද මා හට
    ඇයටද පාරක් ඇති නැති ගානය


    මං මුලා වී පාර සොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලා වූ සමනළියක​ගෙනි
    පාර අසා තිබුණේ........//


    අප හමුවූයේ මන්දැයි නොදනිමි
    පාර ඇසූයේ ඇයි දැයි නොකියමි.......//
    අපේ ගමන අද නවතනු හැකිනම්
    අප යන ගමනද අද මෙතනින් නිමි


    මං මුලා වී පාර සොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලා වූ සමනළියක​ගෙනි
    පාර අසා තිබුණේ........


    ගායනය : ගුණදාස කපුගේ

    මේ ගීතයටත් විචාරයක් දෙන්න පුලුවන්ද...?
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    මංගල මදු සමය පතා
    කුලගෙට ආ රූපිකාව
    පාළු ලොවක තනිකරදා
    දියඹට යනවා...
    කුස ගින්දර නිවා ගන්න
    දියඹට යනවා...
    Code:
    http://www.mediafire.com/?mukbmqmztmi

    හනිමූන් එකේ දී පැබැදූ ගීතය....
    ආදර හැඟුම්//
    නුපුරුදුයි මට නුපුරුදුයි
    ඒ හැඟුම් ආදර හැඟුම්
    කිති කවයි හද කිති කවයි
    ඒ හැඟුම් ආදර හැඟුම්.........
    Code:
    http://www.mediafire.com/?ehjjtwaohge

    මගේ පුංචි රෝස මලේ-මමයි නුඹේ වියපත් බඹරා"
    Code:
    http://www.mediafire.com/?ndxl4cwgjkn

    සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම්
    දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....
    සද වනියේ නුඹ නම්-සැනකෙළියයි මගෙ නම්
    කවියන් ගේ දෑසේ රස සීමා පණිනා........
    සිහිනෙක් රෑ අවුදින් - සුවදක් සේ ළග හුන්
    සංවරියේ රන් තිත කෝ මා පානනා........
    සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම්
    දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....
    Code:
    http://www.mediafire.com/?8a1bityq1r8liuw

    පෙර දිනයක මා පෙම් කල යුවතිය
    සිය පුතු නලවනවා...
    මගේම ගීයක් , නැලවිලි ස්වරයෙන්
    ඈතින් මතුවෙනවා..
    Code:
    www.mediafire.com/?ycnrzny50i0

    රජ මැදුරක ඉපදී සිටියානම්
    නුඹත් රජෙකි
    පුතුනේ..
    හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
    අද නුඹෙ සිරි යහනේ
    හීනෙන් හිනා නොවී
    මා හඬවාපන් මේ
    රෑ යාමේ...
    Code:
    http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=2177

    අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය උනී
    රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
    පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදී
    Code:
    www.mediafire.com/?yfzeygyzymt

    අන්දර යායේ වැව් තාවල්ලේ
    සක්මන් කරනා අප්පච්චී
    දොළේ දියයි මට කෙතේ නිලයි
    ගහ වැලේ මලයි මට අප්පච්චී
    Code:
    www.mediafire.com/?ywntzwlmu1m
     
    • Like
    Reactions: dath kimbula

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා....
    Code:
    http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=456

    එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
    නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
    හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
    ආවේ ඇයි ද විරහී හිත අද්දරට
    Code:
    www.mediafire.com/?3ycu5nnjmyz

    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැදි කාරණේ මා
    තවම සොයන්නෙමී...
    Code:
    www.mediafire.com/?j22enunth4z

    එදා මෙදා තුර කදුලට විවරවු
    දෑස් පියන්පත් කවුළු වසා
    ලයේ තලාගිය ‍ස්නේහයේ සුව
    සිනා පිරුණු රත් දෙතොල් වසා...
    මිලාන වී ගිය - රෝස කුසුම් පෙති
    කම්මුල් සුදුමැලි පාට පොවා
    දෑත ලයේ බැද අවසන් ගමන
    සොදුරිය මට‍ නොකියාම ගියා...
    Code:
    www.mediafire.com/?mmcjjqmii2y

    දෑත දෙපාලන ගිගිරි සරින් මා කැදවා නොතැවෙන්
    සිවු සිය ගවු දුර ඇදෙන ලෙසින් සෝක සුසුම් නොහෙලන්
    Code:
    http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=2192


    සොදුරිය කාලය කොතරම් නපුරුද?
    දිවි හිමියෙන් කදුළැළි පුරවා ගෙන - රැකගත් ආලය උදුරා ගෙන ගිය
    කාලය කොතරම් නපුරුද සොදුරිය..........
    Code:
    http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=1727

    සුළං කපොල්ලේ
    තැනූ කැදැල්ලේ
    කෑලි කැඩී බිඳී වැටෙයි
    නිල් කඳු රැල්ලේ
    Code:
    www.mediafire.com/?zx31oqt21yn

    ඇය යන්න ගියා මැකිලා
    වන සිරසක තුරු සෙවණැලි අතරේ
    ගී ගයමින් හිඳ මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා
    පිනි කඳුළක් මල් පෙති අග තවරා
    මීදුම් සළුවෙන් මුහුණ වසා
    Code:
    www.mediafire.com/?y3yr66i3irietk8
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    මං මුලා වී පාර සොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලා වූ සමනළියක​ගෙනි
    පාර අසා තිබුණේ........//


    ඇයත් නොදන්නිය ඇය යන මානය
    උන්හිටි තැන් මතකයෙ අඩ මානය.......//
    පාර කියන්නේ කෙලෙසද මා හට
    ඇයටද පාරක් ඇති නැති ගානය




    මං මුලා වී පාර සොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලා වූ සමනළියක​ගෙනි
    පාර අසා තිබුණේ........//


    අප හමුවූයේ මන්දැයි නොදනිමි
    පාර ඇසූයේ ඇයි දැයි නොකියමි.......//
    අපේ ගමන අද නවතනු හැකිනම්
    අප යන ගමනද අද මෙතනින් නිමි


    මං මුලා වී පාර සොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලා වූ සමනළියක​ගෙනි
    පාර අසා තිබුණේ........


    ගායනය : ගුණදාස කපුගේ

    මේ ගීතයටත් විචාරයක් දෙන්න පුලුවන්ද...?
    lassana song ekak machan...song eka vagema mekata padanam una lassana kathavak athi anivarayenma.....:yes:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    sam@ සහෝදරයටත් ගොඩක් ස්තුතියි හොයන්න මහන්සියක් වෙන්නෙ නැතුවම අපිට මේ සිංදු බා ගන්න උදවු කලාට :yes:
     

    thilinaff

    Member
    Aug 7, 2007
    224
    4
    0
    - * Capital of Down South * -
    ඇගෙ සිනහව තහනම්
    ගෙදරින් මට තහනම්
    සැලවෙයි ගෙදරට
    ඇය හමුවුණොතින්
    චර පුරුෂයො දැන් මා වටලා
    යන එන හැම තැන මුර දාලා

    යාබද නිවසේ ඇය ඉන්නේ
    එනමුදු ගව්වක දුර වැන්නේ
    එනමුදු ගව්වක දුර වැන්නේ
    යාබද නිවසේ ඇය ඉන්නේ

    පෙළපත කුලගොත වෙනස් වෙලා
    නෑදෑ පියවර හරස් වෙලා
    නෑදෑ පියවර හරස් වෙලා
    පෙළපත කුලගොත වෙනස් වෙලා

    Age%2Bsinahawa%2Bthahanam.jpg



    මේ තියෙන්නෙ මම හොයපු ගීතය
    ජීවිතේ ලබපු දුක හිතෙන අත්දැකීමක් නිසා මේ ගීතය හදවතට ගොඩක් සමීපයි :(
    ගොඩක් ස්තුතියි යාලුවා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද සවස මගේ සායනයට ගොඩ වැදුණු සස්ලිට් සොයුරා සමග අතිහය රමණිය සහ හරබර සාකච්ඡාවක් සිදු වූවා නන්දා මාලිනිය ගයන, මඩවල එස්. රත්නායකයන් ගේය පද රචනා කළ, වික්ටර් රත්නායකයන් සංගිතවත් කළ මෙන්න මේ ගීතය පිළිබද ව..........



    සැදෑ කළුවර කුර ගගා විත් - ඔබේ පැල්පත මගේ දසුනින්
    ඈත් වූ සද - මගෙ සරා සද
    තනිවෙලා මා තනිවෙලා.........ආ....ආ....ආ...ආ...ආ................!!!!!!!!!


    ඇත්තටම මේ ගීතයේ යටිපෙල අරුත කුමක්ද? අපේ සාකච්ඡාවට ප්‍රස්තූත වූයේ එයයි.......කදුළු අතරින් නිමවුණු ඒ විචාරාත්මක සාකච්ඡාවේ ඵලය ඔබට ගෙන එන්නම්.......එතෙක් අපේ සකියන් තම තම ණැන පමණින් මෙහි අරුත පසිදින්නට උත්සහ ගනිත්වා......!!!!
    (ඔබේ ප්‍රතිචාර 4කට පසුව දාන්නලු.....අපේ ලොකුතැන!!!!!!)
    තාම එක ප්‍රතිචාරයයි.......යකා මල්ලිගෙන් පමණයි.......:(:(:angry::growl:
    විචාරය පළකිරීම පමා කරන ‍ලෙස ඉහලින් අණ ලැබී ඇත.......!!!!:(
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඇගෙ සිනහව තහනම්
    ගෙදරින් මට තහනම්
    සැලවෙයි ගෙදරට
    ඇය හමුවුණොතින්
    චර පුරුෂයො දැන් මා වටලා
    යන එන හැම තැන මුර දාලා

    යාබද නිවසේ ඇය ඉන්නේ
    එනමුදු ගව්වක දුර වැන්නේ
    එනමුදු ගව්වක දුර වැන්නේ
    යාබද නිවසේ ඇය ඉන්නේ

    පෙළපත කුලගොත වෙනස් වෙලා
    නෑදෑ පියවර හරස් වෙලා
    නෑදෑ පියවර හරස් වෙලා
    පෙළපත කුලගොත වෙනස් වෙලා

    Age%2Bsinahawa%2Bthahanam.jpg

    :D :D thanks.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,103
    16,873
    113
    lassana song ekak machan...song eka vagema mekata padanam una lassana kathavak athi anivarayenma.....:yes:

    ඔව් මචන් මේක මම කැමතිම ගීතයක්...මේකටත් විචාරයක් ලැබෙනවනම් නියමයි....sasliit / kimbula ඇතුලු විචාර ලබා දෙන සියළු සහෝදර වරුන්ගෙන් මේ ගැනත් ඉල්ලීමක් කරමු...:yes:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තව අතකින් උබ කොච්චර වාසනා වන්තද....
    දැන් ඔබේ ආදරවන්තිය උබට කොච්චර ආදරේද,උබව කොච්චර තේරුම් අරන්ද...එයා කරන කැපකිරීම විස්තර කරන්න මට තේරෙන්නෙ නෑ...උතුම් චරිතයක්...


    ඒ අතින් මම වසනාවන්තයි ... ඈත්තටම... මගෙ අම්මට පස්සෙ මේ ලොකේ මම දෑකපු උතුම්ම කාන්තාවක් එයා... මොන කෙල්ලද තමන්ගෙ කොල්ලව වෙන කෙනෙක්ට හිමිවෙන්න කියල ප්‍රාර්තනා කරන්නෙ....
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela

    malathi.jpg


    Listen Online

    මේ ගීතයෙන් කියවෙන්නේ යාලුවනේ අසම්මතයේ පිහිටා කටයුතු කරන බාලවයස්කාර තරුණියක් ගැන....ඒ කියන්නේ ගණිකා වෘත්තියේ.........මේ ගීතය ලියා කිබෙන්නේ ඒ තරුණිය සමග ලිංගිකව හැසිරුණ තරුණයෙක්ගේ කෝණයෙන්...

    මේ තරුණිය ඒ කාර්යයේම යෙදෙන්නේ මුදල් අගහිගකම් නිසා........ජීවිතේ අමාරු නිසා.......දැන් ඇයට මේ වෘත්තිය එපා වෙලා......ඒ වුණත් මොනවා කියලා කරන්නද?....පැයකට දෙකකට සීමා වුණ ප්‍රේමයක් පමණයි ඇයට උරුම.......

    ඒ රාත්‍රියේ ....ඒ වෙලාවේ ඇයට තුරුල් වෙලා...ඇයගේ සිරුරට හාදු දෙන විට ඇගේ තොල් සිප ගන්නා විට ඇයගේ මුවින් කිරි සුවද දැනෙන්නේ ඇය තවමත් කුඩා දැරිවියක් වග ඒත්තුගන්වමින්........

    සද එළියට දිදුලන අලංකාර ඔබ...මා අද මේ ඉන්නා ලෙස තවත් බොහෝ දෙනාගේ අතින් අතට ඔබව යයි...........මගේ සිතේ ඔබට සත්‍ය ප්‍රේමයක් ඉපදුනද මා හට ඔබත් සමග ගෙවන දිවිය ගැන සිතන්නට වුවද බිය වන්නේ............ඔබ ගණිකාවක් බැවිනි........


    (මචංලා.....ඔබලාගේ අදහස්ද ඉතා කාරුණිකව භාර ගනිමි)



    නියමයි මචන් ලස්සන පැහැදිලි කරලා තියෙනවා..තව තව මේ වගේ පොස්ට් දාන්න...:D:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කිඹුල් අයියේ, සසලිට් බොක්කා, අපේ පැත්තෙදෝ......?? නිදහස සමරන්න සෙට් කර ගමුදෝ.....?? :rolleyes:
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48

    ඒත් මේ ගීතය සමලිංගික ඇසුර සාධාරණයයි පවසමින් සමලිංගික ආදරය ගැන ප්‍රකාශකරන ගීතයක්... දැන් අපි බලමු කොහොමද එහෙම වෙන්නෙ කියල.....

    [/COLOR]


    මම නම් හිතන්නේ මේ සිංදුවෙන් කියවෙන්නේ සමලිංගික ඇසුර ගැනයි කියන්න ප්‍රමාණවත් සාක්කි නෑ කියලා.. අසම්මත ආදරයක් ගැන කියන එක හරි....

    සමහර විට “දිල් චාහතා හේ“ ෆිල්ම්එකේ වගේ, තමාට වැඩි ගොඩක් වැඩිමල් කාන්තාවකට ආදරය කරනවා වෙන්නත් පුළුවන්... වෙන එකක් වෙන්නත් පුළුවන්