lassanai sahodaraya,.....මෙ ගීතය ලන්කාවෙ සිටින සුපිරි පද රචකයෙකු වන මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ගෙ අතින් මනාවට කැටයම් වුනු ගීතයකි. ඒම නිසා මෙ පද ගැලපුම විවිද අර්ථ රසයන් විවිද අසන්නන් තුල ජනිත කල හැකිය. මෙය හුදු මගෙ මතය වන අතර යම් කියවීම් එයට දිරි දුන්නා විය හැක.
අපි ආදරය විරහව එක එක විදියට අත් විදිනව සමහර විට පවුලෙ නොගැලපීම් නිසා, පොහොසත් ගැහැනු ලමයෙක් දුප්පත් කොල්ලෙක් එක්ක යලු උනාම ගොඩක් වෙලාවට ගැහනු ලමයගෙ පවුලෙ අය කැමති නැහැ ඒ අය උත්සහ කරන්නෙ තමන් වගෙම ලොකු පවුලකින් කසද බන්දවන්න. මගෙ මතය මෙ ගීතය ඒ අත්දැකීම ලබපු ගැහැනු ලමයෙකුගෙ තමන්ගෙ පරන පෙම්වතාට කරන ආයචනයක් කියල.
සුළං කපොල්ලේ
තැනූ කැදැල්ලේ
කෑලි කැඩී බිඳී වැටෙයි
නිල් කඳු රැල්ලේ
සුලං කපොල්ල යනු දැඩී සුළං පවතින කඳු දෙකක් එකිනෙක යා වෙන ස්ථානයක් බව වටහා ගත හැකිය. කඳු දෙක පවුල් වල වත්කම් නියොජනය කලා විය හැක. ඒ සුළං කපොල්ලේ තැනූ කැදැල්ල දැන් කෑලි කැඩී බිඳී වැටිලා. ඒ තමයි සුළං කපොල්ලේ අස්ථවරත්වය.
කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී
දැන් ඔබ ලඟ සිටියි රුවක් විලස නොසෙල්ලී
යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලී
පිළිගනු ඈ කොහි යන්ට ද නැවත් ඉගිල්ලී
"දැන් කූඩුව කැඩිල තැන තැන ගිහිල්ල නැවත හදන්න බැ. ඒත් අපි ආදරය කරන කාලෙ ඔයා කිව්ව මතකද ඔයට මොනදෙ උනත් මම ඉන්නව කියල. ඒක නිසා මට මෙ ලොකේ ඉන්න එකම කෙනාව හොයාගෙන අවා, සත්තයි මම අයෙ ඔය්ගෙ ලගින්ම ඉන්නව ඔයගෙ ලගින් හෙලවෙන්නෙ වත් නෑ, අනේ රත්තරන් මට ඔයගෙ කූඩුවෙ කිරිල්ලිය වෙන්න ඉඩ දෙන්න." කිරිල්ලියගෙ අතීතාවර්ජනාත්මක ආයාචනය
මොකද රචකය කියනව "යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලී" ඒ කියන්නෙ මෙ කිරිල්ලි එන්නෙ යම් අරමුනකින් ඒ තමයි තමන්ගෙ පරන පෙම්වතා.
ඇයට මවක් පියෙක් නොමැත ක්ෂිතිජ වළල්ලේ
කඳුල පමණි ඇයට උරුම දවස මුළුල්ලේ
ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ
ඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ
නිල් කඳු රැල්ල අතහැර දා යොදුන් ගණන් පියබායැම එනම් දෙමපියන් හා ඔවුන්ගෙන් ලැබුනු සියල්ල අත්හැරදා පැමිනීම නිසා ඈ ලග කඩුලු හැරුනුකොට කිසිවක් ඉතිරිවී නෑ. ඒත් කුරුල්ලා එනම් ඇගෙ පැරනි පෙම්වතා තවම තනිකඩයි. ඒ නිසා බලාපොරොත්තු සුන් වු ඇයට බලාපොරොත්තුවක් දෙන්න, ජීවත්වෙන්න.
කෙසේ නමුත් රචකයා පවසන පරිදි කුරුල්ල්ලා තනිකඩ වීමත් කිරිල්ලිය ඔහුගෙ කැදැල්ලෙන් නවාතැන් පමනක් ඉල්ලීමත් මගෙ හිතට වදදෙන්නේ යම් කිසි ආකරයකින් මෙකියන කුරුල්ලා මෙ සිදුවීම කලින් බලාපොරොත්තු වුවාදැයි කියන හැගීමකි.
පලමු උත්සහය බැවින් වස් දොස් දැකීමක් බලාපොරොත්තු වෙමි.
සුළං කපොල්ලේ
තැනූ කැදැල්ලේ
කෑලි කැඩී බිඳී වැටෙයි
නිල් කඳු රැල්ලේ
කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී
දැන් ඔබ ලඟ සිටියි රුවක් විලස නොසෙල්ලී
යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලී
පිළිගනු ඈ කොහි යන්ට ද නැවත් ඉගිල්ලී
ඇයට මවක් පියෙක් නොමැත ක්ෂිතිජ වළල්ලේ
කඳුල පමණි ඇයට උරුම දවස මුළුල්ලේ
ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ
ඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - විශාරද නන්දා මාලිනී
thanx !
mama shabda rachanaya pilibada witharak rasawath una kenek me wenakam..eth sinduwak ahala e sinduwa 3n 4 paarak replay karanna purudu unw dan,,




