සුන්දර ගීයක ඇරබුම,..

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මේ පෝස්ට් එක දෑක්කම මටත් හිතුන මේකට සපෝට් එකක් දෙන්න ඕනි කියල..... මම මෙහෙම වෑඩක් කරන්නම්. තේරුම බලන ගමන් සින්දුව අහන්න පුලුවන් විදියක්. (උබල කෑමති නෑතිනම් කියපල්ල.)

…පල්ලෙහා තියෙන ලිගුව මිරිකපල්ල වෑඩේ බලා ගන්න ඕනෙනම් ...........

https://skydrive.live.com/redir.asp...DED086472A0795!373&parid=1CDED086472A0795!128

matanam aulak ne broo. ubata hena kattak kanna wenawa neda...? elakiriyen eliyata yana nisa puluwannam liyapu kenage nama dapan. moko meka elakiriyansla wenuwenne api karanne. (mage adahasak pamanai machoo)
 
delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    යාලුවනේ...
    පොඩ් යෝජනාවක් කරන්නද?
    මේ ත්රෙඩ් එක මම ගොඩක් ආසාවෙන් කියවපු එකක්...මමත් ඔයාලා වගේම පැරණි අරුත්බර ගීතවලට ගොඩක් ආස කෙනෙක්........
    මේ ත්රෙඩ් එකේ දැනට ගොඩක් ගීත වල අරුත් පල වෙලා තියනවා........ඒ වුනත් ඒවා ගීතයෙන් ගීතයට සොයා ගන්න අමාරුයිනේ....ඒ නිසා මම බ්ලොග් එකක් හදලා දෙන්නම්......ඔයාලා මේ ත්රෙඩ් එකේ මේ ගීත දානවා වගේම ඒ බ්ලොග් එකේත් දාන්න.......සියලුම හිමිකම් ඔයාලගේම යටතේ....මේ මගේ බ්ලොග් එකක් විදියට නෙමෙයි අපි හැමොගේම බ්ලොග් එකක් විදිහට කරගෙන යමු...එතකොට ලංකාවේ හැමෝටම මේ රසය විදින්න පුලුවන්....
    මොකද හිතන්නේ ඔයාලා??
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මේ නූල මෙතෙක්දුරට කියවපු කෙනෙකුට තමාගෙම කියල පදරචනාවක් ලියන්න ආසාවක් හිතෙන එක වෙන්න පුලුවන් දෙයක් ඒ සදහා මුලින්ම හොදින් සිංහල භාශාව හොදින් දැන ගැනීම හා ඒ දැනගත් දෑ නියමාකාරයෙන් යෙදවීමට දැනගැනීම අවශ්‍ය වෙනවා. කරුමෙ කියන්නෙ අද සිංදු ලියන ගොඩක් එවුන්ට නැත්තෙත් ඔයදේම තමයි. මේ ගීතය ගැන අදහස් ලියන්නෙ කවුරු හරි කෙනකුට යම් මාර්ගොපදෙශයක් වෙයි කියන අරමුනින් මොකද සරල සිංහල භාශාව මේ ගීතයේදී රචකයා පුදුම කුසලතාවයකින් හසුරවනවා යැයි මගේ හැගීම...

    දුන්හිද ඇල්ල බලන්න මෙතන ගොඩක් කට්ටිය ගිහිල්ල ඇති. ඒ සදහා වැටී ඇති මාර්ගය යම් තාක් දුරට දුශිකර වූවකි. ඉතින් ඒ මග දෙපස සිට බෙලිමල් වතුර හා යම් ආහාර වර්ග විකුනන පුද්ගලයින් ඔබ දැක ඇතුවාට සැක නැත ඉතින් මේ ඉතා අහිංසක ආයාචනය ඔබට කරන්නේ එවන් අහින්සකයකු විසිනි...........

    බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මඳක් නිවාගන්න
    ඔබේ සතුටු මුහුණ අපට ටිකක් හොඳින් බලාගන්න
    මහත්වරුනි බදුලු ඔයෙන් කිරි කඳුළක් අපිත් ගන්න
    කාසි ඇතොත් මේ බෙලිමල් කඳුළු වතුර පොදක් බොන්න

    ආ මගෙහි ඇති කටුකත්වය නිසාම මේ පැමිනෙන සංචාරකයාට වෙහෙසක් දැනේ බෙලිමල් ඒ වෙහෙස නියන ඔසුවක් මය.. බිදක් බිව්වොත් නැවත ඔබව ප්‍රානවත් වේවි. ඔබ නැවත සිනාසේවි...... ඒ වගේම ඒ බෙලිමල් පොද බදුලු ඔය නිසා ජීවත්වන අපගේ හෙට දවස ජීවත් කරවන කිරි කදුලක් වේවි... ඒ නිසා කාසි ඇතොත් විතරක් අපි දුක් මහන්සියෙන් හදන මේ බෙලිමල් ටිකක් බීල යන්න.........
    "බදුලු ඔයෙන් කිරි කඳුළක් අපිත් ගන්න" බදුලු ඔයෙන් බිහිවන මේ ඇල්ල මේ වෙලෙන්දන්ගෙ ජීවිතයයි. ඔවුන් ජීවත් වෙන්නෙ මේ ඇල්ල නිසාමයි. නමුත් මේ බෙලිමල් වෙලදාමෙන් ලබන්නෙ බොහොම සුලු ආදායමක් ඒය කදුලක ප්‍රමානය තරම්....... "මේ බෙලිමල් කඳුළු වතුර" මේ බෙලිමල් වතුර කදුලු වතුර වෙන්නෙ ඇයි?........ඒ තමයි මේ බෙලිමල් වතුර හදන්න මේ මිනිසුන් විදින අප්‍රමාන දුක..........බලන්න........ මෙහිදී රචකයා සැමට තේරුම්ගත හැකිපරිදි බොහෝ සරල උපමා වලින් මෙකී වෙලෙන්දන්ගේ ඉතා කටුක වූ ජීවිතය විචිත්‍රනය කරන අයුරු.......

    කැලේ ගිහින් නිදි වැරුවා කැකුණ සඳුන් දණ්ඩ දනී
    ඒ සඳුනෙන් සිත තැවරූ සුවඳ පවා සිහින වැනී
    අඳුරට දුක එකතු වෙලා නින්ද බිදුණු තැනට වඩී
    අපට නැතත් බදුලු ඔයට හෙටත් උදෑසනක් වඩී

    ගුනවත් බෙලිමල් මෙන්ම මොවුන් අලෙවිකරන සුවදවත් සදුන් දඩුද සංචාරකයන්ට අලෙවියට තබා ඇත. නමුත් මේ පිටිපස ඇති දුක.................
    මුලු රාත්‍රී කාලයම නිදි වර්ජිතව කැලෑව තුල සදුන් දඩු කැපීමට මොවුන් විදින දුක කොතරම්දයත් ඒ සදුන් දඩු වල සුවද පවා ඔවුනට සිහිනයක් වැනිය............රාත්‍රී කාලයේ දුක්විදිමින් නිදිවර්ජිතව මේ දරන උත්සාහය හෙට දහවලේදී අලෙවිකර ගතයුතුය... එනිසා බදුලු ඔයට මෙන් නොව අප විදිනා දුකට රැයක් දවාලක් නැත......මොවුන්ට උදෑසන යනු සුන්දර නැවුම් අත්දැකීමක් නොවේ.......

    රෑන ගිරව් කටුසා කොබෙයි උරග නාග සතුනි වනේ
    නුඹට වගේ මයි අපටත් දුක් පීඩා විඩා දැනේ
    කඳු ඉස්මත්තෙන් පාවී වැගිරෙන දුන් හිඳ හීනේ
    පුංචි එවුන්ටයි ලස්සන කිරිගරුඩෙන් කවිය උනේ

    දරුවන්ගේ යහපත් අනාගතයක් දැකීම සෑම දෙමව්පියන්ගේම පරම ආශාව වන්නා සේම වනගත සතුන් විදින්නාක් වැනි අනන්ත දුක් විදින මේ මිනිසුන්ගේද ආශාවයි...... හීනයයි........මොවුන් මේ හීනය දකින්නේ මේ ලස්සන දුන්හිද ඇල්ල තුලින්. ඒනම් අපට තත් එක් දිය ඇල්ලක් වූ මේ දුන්හිද ඇල්ල මේ මිනිසුන්ගේ දරුවන්ගේ යහපත් අනාගතයයි........

    පද රචනය :- රුචිර පරණවිතාන
    සංගීතය :- රෝහන වීරසිංහ
    ගායනය :- දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

    මේ ගීතය පුරාවටම රුචිර පරනවිතාන නම් පදරචකයා ඔනැම කෙනෙකුට වටහාගත හැකි අයුරින් මහා ලොකුවට නොවූවත් ගැලපෙන උපමා රසවත් ලෙස භාවිතාකොට අසන්නාගේ හදවතට දැනෙන්නට මේ පද මාලය අමුනා ඇති අන්දම ප්‍රශංසනීය වේ..............
    මම පෞද්ගලිකව මේ ගීතය දිහා බලන කෝනය අනූව ගීත පද රචනා කලාවට මුලින්ම පිවිසෙන කෙනෙකු අනිවාර්යයෙන් ඇසුරු කලයුතු ගීයක් මේ ගීතය... මක්නිසාදයත් මේ රචකයා සාමාන්‍ය බෙලිමල් වෙලෙන්දෙකු විනිවිද දුටු ආකාරයත් ඒ සදහා ඔහු භාවිත කල සරල බස් වහරත් ඒමෙන්ම වචන භාවිතයේදී ඔහුගේ රටාවත් ආදුනිකයකුට දිගු ගමනකට මග පෙන්වන්නාක් වැනිය.................

    Nice bro...
    thank you
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city

    බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මඳක් නිවාගන්න
    ඔබේ සතුටු මුහුණ අපට ටිකක් හොඳින් බලාගන්න
    මහත්වරුනි බදුලු ඔයෙන් කිරි කඳුළක් අපිත් ගන්න
    කාසි ඇතොත් මේ බෙලිමල් කඳුළු වතුර පොදක් බොන්න
    Code:
    http://www.mediafire.com/?ckk2wnxjjm2

    මුදු මුහුණේ සුව දැනුනේ
    පිය ලඳුනේ මට විතරද
    ඔබෙ සුසුමේ සුව දැනුනේ
    හිමි සඳුනේ මට විතරද...
    Code:
    http://www.mediafire.com/?2zz2zhmdnoo
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    යාලුවනේ...
    පොඩ් යෝජනාවක් කරන්නද?
    මේ ත්රෙඩ් එක මම ගොඩක් ආසාවෙන් කියවපු එකක්...මමත් ඔයාලා වගේම පැරණි අරුත්බර ගීතවලට ගොඩක් ආස කෙනෙක්........
    මේ ත්රෙඩ් එකේ දැනට ගොඩක් ගීත වල අරුත් පල වෙලා තියනවා........ඒ වුනත් ඒවා ගීතයෙන් ගීතයට සොයා ගන්න අමාරුයිනේ....ඒ නිසා මම බ්ලොග් එකක් හදලා දෙන්නම්......ඔයාලා මේ ත්රෙඩ් එකේ මේ ගීත දානවා වගේම ඒ බ්ලොග් එකේත් දාන්න.......සියලුම හිමිකම් ඔයාලගේම යටතේ....මේ මගේ බ්ලොග් එකක් විදියට නෙමෙයි අපි හැමොගේම බ්ලොග් එකක් විදිහට කරගෙන යමු...එතකොට ලංකාවේ හැමෝටම මේ රසය විදින්න පුලුවන්....
    මොකද හිතන්නේ ඔයාලා??
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA

    හොද විචාරයක් සහෝදරය... ඔය ගීතය සමජයේ එක් අදුරු පෑතිකඩක් පෙන්නනව 1970 දි මෙරටට ආපු විවුර්ත අර්ත කරමයේ දහසක් හොද සමගම ආපු ඒ නරක ගොන්නෙන් එකක් තමා ඔය.. ගාමන්ට් රටේ ආර්තිකයට හොදයි තමා, ඒ වගේම විරෑකියාවටත් හොදයි තමා.. ඒත් කිසිම කෙනෙකුගෙ අවදානය යොමු නොවන පෑත්තක් (අවදානය යොමු වුනත් ඩෑක්කෙ නෑ වගේ ඉන්න පෑත්තක්) තම ඔය ගීතයෙන් කියවෙන්නෙ..ගාමන්ට් වලින් රටට එන ඩොලර් ගෑන කෑගහ ගහ කියවන අපි අර අහින්සක කොල්ලන් ගෙ කෙල්ලන්ගෙ ගෑන සොයල බලනවද?? අඩුම ගානෙ මහන්සියට සරිලන වෑටුපක් වත් දෙනවද කියල හොයල බලනවද??? විශ්වාස කරන්න කටුනායක 1970 කලින් තිබුනු කුකුල් කොටු තමා අදටත් බහුතරක් තරුනියන්ගෙ බෝඩිම් බවත පත්වෙලා තියෙන්නෙ...
    1977 අපේ රටට විවෘත ආර්ථිකය ආවේ.1970 නෙමෙයි සහෝදරයා..ඉතිහාසය වෙනස් කරන්න එපා.ඉතිහාසය නොදන්න මිනිහා ඒ රටේ පුරවැසියෙක් නෙමෙයි බෝඩිම් කාරයෙක්.......
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    1977 අපේ රටට විවෘත ආර්ථිකය ආවේ.1970 නෙමෙයි සහෝදරයා..ඉතිහාසය වෙනස් කරන්න එපා.ඉතිහාසය නොදන්න මිනිහා ඒ රටේ පුරවැසියෙක් නෙමෙයි බෝඩිම් කාරයෙක්.......

    podi waraddakata kaagahha epa ban
     
    Sep 4, 2006
    59
    2
    0
    ඔන්න යාළුවනේ මම මගේ තවත් විචාරයක් අරගෙන ආවෙ ඔයාලට.... කියවල රසවින්දොතින් බම්ප් එකක්වත් තියන්න.... මොකද යාළුවනේ බලන්න නිතරම මේ නූල තියෙන්නෙ ගොඩාක් යට..... දෙවන තුන්වන පිටුවල.... ඉතින් ගොඩක් අයට මේක කියවන්න ලැබෙන්නෙ නෑ.... අපි විදන රසය අනිත් අයටත් දෙන වගකීම මෙය කියවන අය අතේ තමා තියෙන්නෙ හොදේ..... හරි අපි යමු ගීතයට....

    ඔබ ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් නේද...? ආදරේ කරල තියෙනව නේද...? ආදරේ කරනව නේද...? ඉතින් පළමු ආදරයෙන්ම සාර්ථකවෙන්න හැමෝටම පුළුවන්වෙන්නෙ නෑ.... දැනට ඔබට හිමි වෙලා තියෙන්නෙ ඔබේ දෙවන හෝ තෙවන ප්‍රේමය වෙන්නත් පුලුවන්.

    ඉතින් අපි හැමෝම අපේ ආදරවන්තයට හෝ ආදරවන්තිට කියන කතාවක් තමා "මට ඔයාගේ පරණ ඉතිහාසයෙන් වැඩක් නෑ. අපි දෙන්නට දෙන්නා හොඳින් තේරුම් අරගෙන ඉමු" කියනඑක. ඒත් ආදරේ කරන කාලයේදී ඒක එහෙම උනත් අපේ හිත් තුල හංගාගෙන යටපත්කරගෙන ඉන්න යථාර්ථය ඒක නෙමෙයි කියන එකතමා මේ ගීතයෙන් පෙන්වන්නෙ.

    සිය බිරිද එක්ක එකට හිදීමෙන් පස්සෙ සැමියගෙ හිත තුල ඇතිවෙනව අපි හැමෝටම ඇතිවෙනව වගේ ප්‍රශ්ණ.... හැබැයි අපි කරන්නෙ එහෙම දෙයක් ඇති උනත් ඒක අමතක කරනව... නැතිනම් යටපත් කරනව... එහෙමයි වෙන්න ඕනි... මොකද පරණ කුණු වැඩක් නෑනේ... ඒත් මේ සැමිය එහෙම කරන්නෙ නෑ.... කෙලින්ම සිය බිරිදගෙන් අහනව තමාට ඇය ගැන ඇතිවෙලා තියෙන ප්‍රශ්ණ..... හොදම වැඩේ ඒක නෙමෙයි.... එහෙම ප්‍රශ්ණ ඇහැවුවට බිරිද උත්තර දෙන්නෙ නෑ.... ඇයත් පෙරලා නැවත ප්‍රශ්ණ ටිකක් අහනවා සැමියගෙන්....

    සැමියා -
    ඔයාගෙ මුහුණ සිප ගත්තෙ මම විතරද....?

    බිරිද -
    මගේ මුහුණ විතරද ඔයා සිපගෙන තියෙන්නෙ....?

    මුදු මුහුණේ සුව දැනුනේ
    පිය ලඳුනේ මට විතරද
    ඔබෙ සුසුමේ සුව දැනුනේ
    හිමි සඳුනේ මට විතරද...

    ඕනම ප්‍රේමවන්තයෙක් කැමතියි තමාගේ පෙම්වතිය නොඉඳුල් වස්තුවක් වෙනවනම්. ඉතින් මේ පිරිමියත් සිය බිරිදගේ උකුලේ ආදරෙන් ඔළුව තියාගෙන ගොඩාක් සුව වින්දිනව... ඒ මොහොතේදි ඔහුට ඇතිවුන ප්‍රශ්ණය ඔහු අහනව ... එයටත් බිරිද උත්තර විදියට දෙන්නෙ ප්‍රශ්ණයක්මයි...

    සැමියා -
    ඔයාගෙ උකුලෙ ආදරෙන් සැතපිළා හිටියෙ මම විතරයිද....?

    බිරිද -
    ඔයාගෙ උරහිසේ හිස තියාන සුවෙන් හිටියෙ මම විතරද....?

    පුළුලුකුලේ සුව යහනේ
    නිදි වැරුවේ මන් විතරද
    උර තලයේ හිස රන්දා
    සුව වින්දේ මන් විතරද...

    මෙතනදි තමා මේ දෙන්න විවාහක යුවලක් කියන එකට අපට ප්‍රබලතම සාක්ෂි ලබාදෙන්නෙ. දෙන්න ආදරයෙන් එකතුවීමෙන් පස්සෙ තමා ස්වාමියා මේ ප්‍රශ්ණ නැගීම කරන්නෙ... ඒත් එහිදිත් බිරිද ප්‍රශ්ණයකින් පිළිතුරු දෙනවා... දෙන්න එකතුවීම සදහන් කිරීමත්, හිමි සදුනේ ලෙස ඇමතීමත් නිසා තමයි මේ දෙදෙනා විවාහක යුවලක් ලෙස අපට හගවන්නෙ... මෙහි "ඉඟ නෙරියේ ‍රැළි බින්දේ " ලෙසින් අර්ථ දක්වන්නේ දෙදෙනා අඹු සැමියන් වශයෙන් ලිංගිකව එකතුවීම.... ඉන් අනතුරුව සැමියා හා බිරිද නගන ප්‍රශ්ණ මම මේ විදියට දක්වන්නම්....

    සැමියා -
    මම නේද කෙල්ලෙ ඔයාගෙ පළවෙනියා , ඔයා වෙන කෙනෙක් එක්ක ඉදල නෑ නේද?

    බිරිද -
    මමත් ඔයාගෙ පළවෙනිය නේද.... දෙවෙනිය තුන්වෙනිය නෙමෙයිනේ?

    ඉඟ නෙරියේ රැළි බින්දේ
    පිය ලඳුනේ මන් විතරද
    ඉඟ නෙරියේ රැළි සැදුවේ
    හිමි සඳුනේ මගෙ විතරද...

    කොහොමද වැඩේ..... පුදුම සුන්දරයි නේද...? මේ ගීතයේ ඇයි මේ ප්‍රශ්ණ විතරක් අහන්නෙ... කෝ උත්තර...? ඒක තමයි අපේ යාළුවනේ මේ ගීතයේ තියෙන සුන්දරත්වය... දෙන්න එක්ක ප්‍රශ්ණ අහනව.... හැබැයි අවංකවම ගත්තොතින් උත්තර දෙන්නෙ මේ ගීතය අහන ඔබත් මමත් නේද.... අපි හිතින් මේවට උත්තර දෙනව නේද...? අපි අපි ගැනම හිතනව නේද...? කොහොමද ගීතයක තියෙන බලය.... මේ ගීතයෙන් අපිට දෙන්නෙ පණිවිඩයක්... ගීතය අපේ හෘදසාක්ෂියටයි කතාකරන්නෙ... හැමෝගෙම ළග පොඩිහරි වැරදි තියෙනව... කවුරුවත් සර්ව සම්පූර්ණ නෑ කියන එක මනසට නෙමෙයි අපේ හෘද සාක්ෂිය ලගටම ගිහින් ඇමතීමක් මේ ගීතයෙන් කරනව කියන එකයි මගේ හැගීම... අපේ යාළුවො නැවත වතාවක් මේ ගීතය දැන් අහල බලන්නකෝ.........

    මුදු මුහුණේ සුව දැනුනේ
    පිය ලඳුනේ මට විතරද
    ඔබෙ සුසුමේ සුව දැනුනේ
    හිමි සඳුනේ මට විතරද...

    පුළුලුකුලේ සුව යහනේ
    නිදි වැරුවේ මන් විතරද
    උර තලයේ හිස රන්දා
    සුව වින්දේ මන් විතරද...

    ඉඟ නෙරියේ රැළි බින්දේ
    පිය ලඳුනේ මන් විතරද
    ඉඟ නෙරියේ රැළි සැදුවේ
    හිමි සඳුනේ මගෙ විතරද...

    පද- මහින්ද දිසානායක
    තනුව - ගුණදාස කපුගේ
    ගායනය - දීපිකා ප්‍රියදර්ශණී / කරුණාරත්න දිවුල්ගනේ

    තවත් ගීයකින් හමුවෙමු..... ඔබගේ අදහස් ඕන....

    හරිම ලස්සනට ලියල තියෙනවා යාලු. නියමය්. දිගටම කරගෙන යමු.
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    සස්ලීත් යාළුවා ඉල්ලුවා පුළුවන් නම් පටුනක් වශයෙන් ගීත ටික දාන්න කියලා.:yes::yes:එකයි වැඩේ පටන් ගත්තේ..ඔන්න එහෙනම් කට්ටියට ලේසියෙන් තැන හොයා ගන්න..
    මම මේ මුල ඉදල කියවන කීවෙනි පාරද මන්ද .:rolleyes::rolleyes:. කට පාඩම් වෙලා වගේ මේ නුලම :D:yes::P..පටන් ගමු වැඩේ :rolleyes::rolleyes::yes::yes:

    ගීත පටුන පළමු කොටස

    තේරුම(විචාරය හෝ නිධාන කතාව) බලන්න පහත දිගුවට යන්න

    සිංහල සින්දු කියන
    නළලේ තිලක තියන කිරිල්ලි
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11897929&postcount=1"]http://www.elakiri.com/forum/showpost.php?p=11897929&postcount=1[/URL]

    තෙක් මෙතෙක් ගනිකාවන් පිලිබදව් අලියවුන අතිශයෙන්ම සානුකම්පිත ගීතය වන ලදුනේ ගීතය
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11898476&postcount=16"]http://www.elakiri.com/forum/showpost.php?p=11898476&postcount=16[/URL]

    සිංහල නාට්යන කලාවේ ශේෂ්ඨතම නාට්‍යය-සිංහබාහු නාට්‍යය -ගල් ලෙන බිදලා
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11898776&postcount=22"]http://www.elakiri.com/forum/showpost.php?p=11898776&postcount=22[/URL]

    අප රණවිරුවන්ට මීට වඩා සැලකිය යුතුය. අපේ පණ බේරුවේ ඔවුන්ය. අප ඔවුනට නිසි තැන දී ගරු කල යුතුය. දෙවියන්ද ඔවුන්ව පුදනු ඇත.-රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11898933&postcount=26"]http://www.elakiri.com/forum/showpost.php?p=11898933&postcount=26[/URL]

    සඳ කැන් වැසිලා අඳුරේ එතිලා
    ඝනදුරු රෑ තනිකම නෑ ............
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11899091&postcount=31"]http://www.elakiri.com/forum/showpost.php?p=11899091&postcount=31[/URL]

    මා එක්කලා අමනාප වී දඹර
    දූගේ තාත්තා එන්නේ නෑහැ ගෙදර
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11899212&postcount=40"]http://www.elakiri.com/forum/showpost.php?p=11899212&postcount=40[/URL]

    සම්භාව්‍ය සිංහල සංගීතයේ තියෙන පිරිමියෙකු සම්පූර්ණයෙන්ම වර්ණනාකරන එකම ගීතය-
    ඈත කඳුකර හිමව් අරණේ
    සීත චන්දන ලපලු සෙවනේ
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11899380&postcount=53"]http://www.elakiri.com/forum/showpost.php?p=11899380&postcount=53[/URL]

    රන්කෙන්දෙන් බැද අතැගිලි එක්කල ආදරයයි.....
    පෙම් රැහැණින් බැද සිතුම් වසගකල ආදරයයි....
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11899910&postcount=69"]http://www.elakiri.com/forum/showpost.php?p=11899910&postcount=69[/URL]

    දවසක් පැල නැති හේනේ
    අකාල මහ වැහි වැටුනා
    තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
    පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11900149&postcount=85"]http://www.elakiri.com/forum/showpost.php?p=11900149&postcount=85[/URL]

    මූදු පතුල යට ඉඳලා
    මුතු ඇටයක නිදි කරවා
    පෙණ කැටියක පාකරලා
    මගෙ දෝතට පුතු ආවා..........//
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11902304&postcount=118"]http://www.elakiri.com/forum/showpost.php?p=11902304&postcount=118[/URL]
     
    Last edited:

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    ඔන්න යාළුවනේ මම මගේ තවත් විචාරයක් අරගෙන ආවෙ ඔයාලට.... කියවල රසවින්දොතින් බම්ප් එකක්වත් තියන්න.... මොකද යාළුවනේ බලන්න නිතරම මේ නූල තියෙන්නෙ ගොඩාක් යට..... දෙවන තුන්වන පිටුවල.... ඉතින් ගොඩක් අයට මේක කියවන්න ලැබෙන්නෙ නෑ.... අපි විදන රසය අනිත් අයටත් දෙන වගකීම මෙය කියවන අය අතේ තමා තියෙන්නෙ හොදේ..... හරි අපි යමු ගීතයට....

    ඔබ ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් නේද...? ආදරේ කරල තියෙනව නේද...? ආදරේ කරනව නේද...? ඉතින් පළමු ආදරයෙන්ම සාර්ථකවෙන්න හැමෝටම පුළුවන්වෙන්නෙ නෑ.... දැනට ඔබට හිමි වෙලා තියෙන්නෙ ඔබේ දෙවන හෝ තෙවන ප්‍රේමය වෙන්නත් පුලුවන්.

    ඉතින් අපි හැමෝම අපේ ආදරවන්තයට හෝ ආදරවන්තිට කියන කතාවක් තමා "මට ඔයාගේ පරණ ඉතිහාසයෙන් වැඩක් නෑ. අපි දෙන්නට දෙන්නා හොඳින් තේරුම් අරගෙන ඉමු" කියනඑක. ඒත් ආදරේ කරන කාලයේදී ඒක එහෙම උනත් අපේ හිත් තුල හංගාගෙන යටපත්කරගෙන ඉන්න යථාර්ථය ඒක නෙමෙයි කියන එකතමා මේ ගීතයෙන් පෙන්වන්නෙ.

    සිය බිරිද එක්ක එකට හිදීමෙන් පස්සෙ සැමියගෙ හිත තුල ඇතිවෙනව අපි හැමෝටම ඇතිවෙනව වගේ ප්‍රශ්ණ.... හැබැයි අපි කරන්නෙ එහෙම දෙයක් ඇති උනත් ඒක අමතක කරනව... නැතිනම් යටපත් කරනව... එහෙමයි වෙන්න ඕනි... මොකද පරණ කුණු වැඩක් නෑනේ... ඒත් මේ සැමිය එහෙම කරන්නෙ නෑ.... කෙලින්ම සිය බිරිදගෙන් අහනව තමාට ඇය ගැන ඇතිවෙලා තියෙන ප්‍රශ්ණ..... හොදම වැඩේ ඒක නෙමෙයි.... එහෙම ප්‍රශ්ණ ඇහැවුවට බිරිද උත්තර දෙන්නෙ නෑ.... ඇයත් පෙරලා නැවත ප්‍රශ්ණ ටිකක් අහනවා සැමියගෙන්....

    සැමියා -
    ඔයාගෙ මුහුණ සිප ගත්තෙ මම විතරද....?

    බිරිද -
    මගේ මුහුණ විතරද ඔයා සිපගෙන තියෙන්නෙ....?

    මුදු මුහුණේ සුව දැනුනේ
    පිය ලඳුනේ මට විතරද
    ඔබෙ සුසුමේ සුව දැනුනේ
    හිමි සඳුනේ මට විතරද...

    ඕනම ප්‍රේමවන්තයෙක් කැමතියි තමාගේ පෙම්වතිය නොඉඳුල් වස්තුවක් වෙනවනම්. ඉතින් මේ පිරිමියත් සිය බිරිදගේ උකුලේ ආදරෙන් ඔළුව තියාගෙන ගොඩාක් සුව වින්දිනව... ඒ මොහොතේදි ඔහුට ඇතිවුන ප්‍රශ්ණය ඔහු අහනව ... එයටත් බිරිද උත්තර විදියට දෙන්නෙ ප්‍රශ්ණයක්මයි...

    සැමියා -
    ඔයාගෙ උකුලෙ ආදරෙන් සැතපිළා හිටියෙ මම විතරයිද....?

    බිරිද -
    ඔයාගෙ උරහිසේ හිස තියාන සුවෙන් හිටියෙ මම විතරද....?

    පුළුලුකුලේ සුව යහනේ
    නිදි වැරුවේ මන් විතරද
    උර තලයේ හිස රන්දා
    සුව වින්දේ මන් විතරද...

    මෙතනදි තමා මේ දෙන්න විවාහක යුවලක් කියන එකට අපට ප්‍රබලතම සාක්ෂි ලබාදෙන්නෙ. දෙන්න ආදරයෙන් එකතුවීමෙන් පස්සෙ තමා ස්වාමියා මේ ප්‍රශ්ණ නැගීම කරන්නෙ... ඒත් එහිදිත් බිරිද ප්‍රශ්ණයකින් පිළිතුරු දෙනවා... දෙන්න එකතුවීම සදහන් කිරීමත්, හිමි සදුනේ ලෙස ඇමතීමත් නිසා තමයි මේ දෙදෙනා විවාහක යුවලක් ලෙස අපට හගවන්නෙ... මෙහි "ඉඟ නෙරියේ ‍රැළි බින්දේ " ලෙසින් අර්ථ දක්වන්නේ දෙදෙනා අඹු සැමියන් වශයෙන් ලිංගිකව එකතුවීම.... ඉන් අනතුරුව සැමියා හා බිරිද නගන ප්‍රශ්ණ මම මේ විදියට දක්වන්නම්....

    සැමියා -
    මම නේද කෙල්ලෙ ඔයාගෙ පළවෙනියා , ඔයා වෙන කෙනෙක් එක්ක ඉදල නෑ නේද?

    බිරිද -
    මමත් ඔයාගෙ පළවෙනිය නේද.... දෙවෙනිය තුන්වෙනිය නෙමෙයිනේ?

    ඉඟ නෙරියේ රැළි බින්දේ
    පිය ලඳුනේ මන් විතරද
    ඉඟ නෙරියේ රැළි සැදුවේ
    හිමි සඳුනේ මගෙ විතරද...

    කොහොමද වැඩේ..... පුදුම සුන්දරයි නේද...? මේ ගීතයේ ඇයි මේ ප්‍රශ්ණ විතරක් අහන්නෙ... කෝ උත්තර...? ඒක තමයි අපේ යාළුවනේ මේ ගීතයේ තියෙන සුන්දරත්වය... දෙන්න එක්ක ප්‍රශ්ණ අහනව.... හැබැයි අවංකවම ගත්තොතින් උත්තර දෙන්නෙ මේ ගීතය අහන ඔබත් මමත් නේද.... අපි හිතින් මේවට උත්තර දෙනව නේද...? අපි අපි ගැනම හිතනව නේද...? කොහොමද ගීතයක තියෙන බලය.... මේ ගීතයෙන් අපිට දෙන්නෙ පණිවිඩයක්... ගීතය අපේ හෘදසාක්ෂියටයි කතාකරන්නෙ... හැමෝගෙම ළග පොඩිහරි වැරදි තියෙනව... කවුරුවත් සර්ව සම්පූර්ණ නෑ කියන එක මනසට නෙමෙයි අපේ හෘද සාක්ෂිය ලගටම ගිහින් ඇමතීමක් මේ ගීතයෙන් කරනව කියන එකයි මගේ හැගීම... අපේ යාළුවො නැවත වතාවක් මේ ගීතය දැන් අහල බලන්නකෝ.........

    මුදු මුහුණේ සුව දැනුනේ
    පිය ලඳුනේ මට විතරද
    ඔබෙ සුසුමේ සුව දැනුනේ
    හිමි සඳුනේ මට විතරද...

    පුළුලුකුලේ සුව යහනේ
    නිදි වැරුවේ මන් විතරද
    උර තලයේ හිස රන්දා
    සුව වින්දේ මන් විතරද...

    ඉඟ නෙරියේ රැළි බින්දේ
    පිය ලඳුනේ මන් විතරද
    ඉඟ නෙරියේ රැළි සැදුවේ
    හිමි සඳුනේ මගෙ විතරද...

    පද- මහින්ද දිසානායක
    තනුව - ගුණදාස කපුගේ
    ගායනය - දීපිකා ප්‍රියදර්ශණී / කරුණාරත්න දිවුල්ගනේ

    තවත් ගීයකින් හමුවෙමු..... ඔබගේ අදහස් ඕන....

    මම මේ ගීතයේ අර්ථට ගොඩාක් රස වින්දා;ස්තුතියි මචන්
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,102
    16,868
    113
    සෙනෙහසකට අරුතක්....

    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා...
    වෙරලේ රළ මැන්නා...
    සීමාවක් මායිමක් නැතැයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනිවී

    කැකුළක් සිදුනින් හදවත පිපුණූ
    කඳුලෙත් අතුමත විස තිබුණා
    බිඳුනොත් බඳුනක පිළියම් කරනට
    බැරි කැළලක් මතුවී පෙනෙනා...

    සෙනෙහසකට අරුතක්...//

    පවකින් පෙර අත් භවයක සිදුවූ
    සිතකින් සිතකට දුක පිරුණා
    මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
    ඔබ අත මා දුරකින් තිබුණා...

    සෙනෙහසකට අරුතක්...//

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සෙනෙහසකට අරුතක්....

    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා...
    වෙරලේ රළ මැන්නා...
    සීමාවක් මායිමක් නැතැයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනිවී

    කැකුළක් සිදුනින් හදවත පිපුණූ
    කඳුලෙත් අතුමත විස තිබුණා
    බිඳුනොත් බඳුනක පිළියම් කරනට
    බැරි කැළලක් මතුවී පෙනෙනා...

    සෙනෙහසකට අරුතක්...//

    පවකින් පෙර අත් භවයක සිදුවූ
    සිතකින් සිතකට දුක පිරුණා
    මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
    ඔබ අත මා දුරකින් තිබුණා...

    සෙනෙහසකට අරුතක්...//
    lassana geetaya - wicharayak ikmanin dennam yaluwe....
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,102
    16,868
    113
    lassana geetaya - wicharayak ikmanin dennam yaluwe....

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    මේ නූල මෙතෙක්දුරට කියවපු කෙනෙකුට තමාගෙම කියල පදරචනාවක් ලියන්න ආසාවක් හිතෙන එක වෙන්න පුලුවන් දෙයක් ඒ සදහා මුලින්ම හොදින් සිංහල භාශාව හොදින් දැන ගැනීම හා ඒ දැනගත් දෑ නියමාකාරයෙන් යෙදවීමට දැනගැනීම අවශ්‍ය වෙනවා. කරුමෙ කියන්නෙ අද සිංදු ලියන ගොඩක් එවුන්ට නැත්තෙත් ඔයදේම තමයි. මේ ගීතය ගැන අදහස් ලියන්නෙ කවුරු හරි කෙනකුට යම් මාර්ගොපදෙශයක් වෙයි කියන අරමුනින් මොකද සරල සිංහල භාශාව මේ ගීතයේදී රචකයා පුදුම කුසලතාවයකින් හසුරවනවා යැයි මගේ හැගීම...

    දුන්හිද ඇල්ල බලන්න මෙතන ගොඩක් කට්ටිය ගිහිල්ල ඇති. ඒ සදහා වැටී ඇති මාර්ගය යම් තාක් දුරට දුශිකර වූවකි. ඉතින් ඒ මග දෙපස සිට බෙලිමල් වතුර හා යම් ආහාර වර්ග විකුනන පුද්ගලයින් ඔබ දැක ඇතුවාට සැක නැත ඉතින් මේ ඉතා අහිංසක ආයාචනය ඔබට කරන්නේ එවන් අහින්සකයකු විසිනි...........

    බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මඳක් නිවාගන්න
    ඔබේ සතුටු මුහුණ අපට ටිකක් හොඳින් බලාගන්න
    මහත්වරුනි බදුලු ඔයෙන් කිරි කඳුළක් අපිත් ගන්න
    කාසි ඇතොත් මේ බෙලිමල් කඳුළු වතුර පොදක් බොන්න

    ආ මගෙහි ඇති කටුකත්වය නිසාම මේ පැමිනෙන සංචාරකයාට වෙහෙසක් දැනේ බෙලිමල් ඒ වෙහෙස නියන ඔසුවක් මය.. බිදක් බිව්වොත් නැවත ඔබව ප්‍රානවත් වේවි. ඔබ නැවත සිනාසේවි...... ඒ වගේම ඒ බෙලිමල් පොද බදුලු ඔය නිසා ජීවත්වන අපගේ හෙට දවස ජීවත් කරවන කිරි කදුලක් වේවි... ඒ නිසා කාසි ඇතොත් විතරක් අපි දුක් මහන්සියෙන් හදන මේ බෙලිමල් ටිකක් බීල යන්න.........
    "බදුලු ඔයෙන් කිරි කඳුළක් අපිත් ගන්න" බදුලු ඔයෙන් බිහිවන මේ ඇල්ල මේ වෙලෙන්දන්ගෙ ජීවිතයයි. ඔවුන් ජීවත් වෙන්නෙ මේ ඇල්ල නිසාමයි. නමුත් මේ බෙලිමල් වෙලදාමෙන් ලබන්නෙ බොහොම සුලු ආදායමක් ඒය කදුලක ප්‍රමානය තරම්....... "මේ බෙලිමල් කඳුළු වතුර" මේ බෙලිමල් වතුර කදුලු වතුර වෙන්නෙ ඇයි?........ඒ තමයි මේ බෙලිමල් වතුර හදන්න මේ මිනිසුන් විදින අප්‍රමාන දුක..........බලන්න........ මෙහිදී රචකයා සැමට තේරුම්ගත හැකිපරිදි බොහෝ සරල උපමා වලින් මෙකී වෙලෙන්දන්ගේ ඉතා කටුක වූ ජීවිතය විචිත්‍රනය කරන අයුරු.......

    කැලේ ගිහින් නිදි වැරුවා කැකුණ සඳුන් දණ්ඩ දනී
    ඒ සඳුනෙන් සිත තැවරූ සුවඳ පවා සිහින වැනී
    අඳුරට දුක එකතු වෙලා නින්ද බිදුණු තැනට වඩී
    අපට නැතත් බදුලු ඔයට හෙටත් උදෑසනක් වඩී

    ගුනවත් බෙලිමල් මෙන්ම මොවුන් අලෙවිකරන සුවදවත් සදුන් දඩුද සංචාරකයන්ට අලෙවියට තබා ඇත. නමුත් මේ පිටිපස ඇති දුක.................
    මුලු රාත්‍රී කාලයම නිදි වර්ජිතව කැලෑව තුල සදුන් දඩු කැපීමට මොවුන් විදින දුක කොතරම්දයත් ඒ සදුන් දඩු වල සුවද පවා ඔවුනට සිහිනයක් වැනිය............රාත්‍රී කාලයේ දුක්විදිමින් නිදිවර්ජිතව මේ දරන උත්සාහය හෙට දහවලේදී අලෙවිකර ගතයුතුය... එනිසා බදුලු ඔයට මෙන් නොව අප විදිනා දුකට රැයක් දවාලක් නැත......මොවුන්ට උදෑසන යනු සුන්දර නැවුම් අත්දැකීමක් නොවේ.......

    රෑන ගිරව් කටුසා කොබෙයි උරග නාග සතුනි වනේ
    නුඹට වගේ මයි අපටත් දුක් පීඩා විඩා දැනේ
    කඳු ඉස්මත්තෙන් පාවී වැගිරෙන දුන් හිඳ හීනේ
    පුංචි එවුන්ටයි ලස්සන කිරිගරුඩෙන් කවිය උනේ

    දරුවන්ගේ යහපත් අනාගතයක් දැකීම සෑම දෙමව්පියන්ගේම පරම ආශාව වන්නා සේම වනගත සතුන් විදින්නාක් වැනි අනන්ත දුක් විදින මේ මිනිසුන්ගේද ආශාවයි...... හීනයයි........මොවුන් මේ හීනය දකින්නේ මේ ලස්සන දුන්හිද ඇල්ල තුලින්. ඒනම් අපට තත් එක් දිය ඇල්ලක් වූ මේ දුන්හිද ඇල්ල මේ මිනිසුන්ගේ දරුවන්ගේ යහපත් අනාගතයයි........

    පද රචනය :- රුචිර පරණවිතාන
    සංගීතය :- රෝහන වීරසිංහ
    ගායනය :- දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

    මේ ගීතය පුරාවටම රුචිර පරනවිතාන නම් පදරචකයා ඔනැම කෙනෙකුට වටහාගත හැකි අයුරින් මහා ලොකුවට නොවූවත් ගැලපෙන උපමා රසවත් ලෙස භාවිතාකොට අසන්නාගේ හදවතට දැනෙන්නට මේ පද මාලය අමුනා ඇති අන්දම ප්‍රශංසනීය වේ..............
    මම පෞද්ගලිකව මේ ගීතය දිහා බලන කෝනය අනූව ගීත පද රචනා කලාවට මුලින්ම පිවිසෙන කෙනෙකු අනිවාර්යයෙන් ඇසුරු කලයුතු ගීයක් මේ ගීතය... මක්නිසාදයත් මේ රචකයා සාමාන්‍ය බෙලිමල් වෙලෙන්දෙකු විනිවිද දුටු ආකාරයත් ඒ සදහා ඔහු භාවිත කල සරල බස් වහරත් ඒමෙන්ම වචන භාවිතයේදී ඔහුගේ රටාවත් ආදුනිකයකුට දිගු ගමනකට මග පෙන්වන්නාක් වැනිය.................

    thanks machan ! :cool::cool:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,102
    16,868
    113
    සියල්ල ඉදිරී ග‍රා වැටුනු දා.....

    සියල්ල ඉදිරී ග‍රා වැටුනු දා
    ඇයතින් නොමැරුනු මගේ මිනිස්කම
    දැන හදුනාගත් තනිකම නුඹටත්
    මා‍ හැරයන්නට සිදුවෙයි නැවතත්

    ප්‍රේම තාපයෙන් පර මල් යහනට
    තවත් ලඳක‍් ‍එයි හෙට දවසේ
    එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම
    මා නුඹ එලවන්නෙද කෙළෙසේ

    සියල්ල ඉදිරී...

    ඇ‍ය ‍හෙට ආවද පසුදින යාවිද
    අදහනු බෑ ඇය ලඳක් නිසා
    හිටපන් තනිකම ම‍ගෙ ගෙයි මිදුලෙම
    හතර මායිමෙන් එහා නො‍යා

    හිටපන් තනිකම ම‍ගෙ ගෙයි මිදුලෙම
    හතර මායිමෙන් එහා නො‍යා...

    sasliit , කිඹුලා අයියා ඈතුලු විචාර ලබාදෙන සහෝලා පුලුවන්නම් මේ ගීතයටත් විචාරයක් ලබා දෙන්න..

    Last edited:

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,168
    1,013
    113
    www.youtube.com
    මචන්z දැන් තමයි මම මේ පොස්ට් එක දැක්කෙ හරියටම,,,,7pm මගෙ PC එක ලගින් ඉඩගන කියවන්න පටන් ගත්ත,,,දැන් තමඉ නැගිටින්නේ,,,ඒ නැගිටින්නේත් පට්ටම මදුරුවො සෙට් එකක් මාව වට කරගන කන නිසා(ඩෙන්ගු හැදුනොත්)අනිව ඔක්කොම ටික කියවන එක කියවනවා එකෙන්ම.......කරගන යමු දිගටම,,අනිවා කියවනව,,කමෙන්ට්z කරනව..ජයෙන් ජය