එළකිරි භූත කොටුව.........

dm_anjana

Member
Dec 20, 2011
77
14
0



[FONT=&quot]
mahasona1.jpg

[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]
[/FONT][FONT=&quot]එළුවකු වාහනයක් කරගත් "ලේ සොහෝන් යක්ෂයා"[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]මුවකු වාහනයක් කරගත් "අමු සොහොන් යක්ෂයා"[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]අශ්වයා වාහනය කරගත් "ජය සොහොන් යක්ෂයා"[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]බැටළු වාහනය සහිත "මරු සොහොන් යක්ෂයාද[/FONT][FONT=&quot] ", [/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]අලියකු පිට යන "ගොළු සොහොන් යක්ෂයාද"[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]මේ මහසෝන් යක්ෂයාගේ පංච අවතාර වේ.[/FONT][FONT=&quot]
[/FONT]
1.gif
1.gif

[FONT=&quot]වෙසමුණි රජු මහ සොහෝන් යක්ෂයාට[/FONT][FONT=&quot]දෙගා[/FONT][FONT=&quot]ත ( මිනිස් හා කුකුළු )
[/FONT]

[FONT=&quot]බිලිපුද ලබා ගැනීමට අවසර දී ඇත.සුසාන භූමි කදු[/FONT][FONT=&quot]මුදුන් හා ගිරිහෙල් වාසස්ථාන කර ගත්
[/FONT]

[FONT=&quot]බුදු අණටද යටත් නොවේ යයි පවසන මහ සෝහෝන්[/FONT][FONT=&quot]යක්ෂයා ගෝඨයිම්බර දැහැනට පමණක් අවනත වන බව පැවසේ....
[/FONT]

[FONT=&quot] (ඒ ගැන නම් විශ්වාස කරන්න අමාරුයි නේද?.. මොකද බුදු අණට සියල්ලන්ම යටත් වන බැවින් කියලා මට හිතෙනවා!)[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]රිටිගල දැනට උගන්වන රිටිගල විශුද්ධි[/FONT][FONT=&quot]අංගම් ශාස්ත්‍රය
[/FONT]

[FONT=&quot]නැත්නම් අපි අහලා පුරුදු[/FONT]
[FONT=&quot]සුදලිය අංගම් පොර පරම්පරාවේ ද උරුමක්කාරයා[/FONT][FONT=&quot]
[/FONT]


[FONT=&quot] එය රිටිගල පරපුරට ලබා දී ඇත්තේ මේ රිටිගල ජයසේන[/FONT][FONT=&quot]සේනාධිපතියායි...[/FONT]
1.gif
[FONT=&quot]එය අදටත් එම ප්‍රදේශයේ උගන්වනු ලබයි..:D[/FONT]

[FONT=&quot]මතතද අකාල සන්ධ්‍යා කියලා ටිවි එකේ ගිය නාට්‍යයෙත් ‍මේ රිටිගල ජයසේන හිටියා....[/FONT][FONT=&quot]![/FONT]
ඒ වගේම ජයසෙන් මාමා තනි උරා පිටෙත් ගමන් කරනවා කියල අහල තියෙනවා
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
Happy Birthday රොබට් අයියා.

ඒ වගේම කපිලගේ කතාවයි, හාවාගේ කතාවයි අනෙක් කතායි දාපු සහෝදරවරුන්ට බොහොම ස්තුතියි
 

dm_anjana

Member
Dec 20, 2011
77
14
0
රොබර්ට් අයියා කැමති නම් මේක අයින් කරන්න

මේකේ මොනවා හරි පේනවා නම් කියන්න:lol::lol::lol:
 

Attachments

  • aa.jpg
    aa.jpg
    6.4 KB · Views: 357

dm_anjana

Member
Dec 20, 2011
77
14
0
nikan dot dekak wage penawa...mokadda ban me ?
ඩොට් දෙක එලි දෙකක්, ඒ එලි දෙක මැද බලන්න. සුම් කරලා බලහන්. ටිකක් අපැහැදිලි ඇති ඒකට සමා වෙන්න:baffled::baffled:
 
Aug 18, 2011
6,147
788
0
ඩොට් දෙක එලි දෙකක්, ඒ එලි දෙක මැද බලන්න. සුම් කරලා බලහන්. ටිකක් අපැහැදිලි ඇති ඒකට සමා වෙන්න:baffled::baffled:


මට නම් වාහනේක හෙඩ් ලයිට් 2ක් වගේ පේන්නේ :baffled::baffled:
 

dm_anjana

Member
Dec 20, 2011
77
14
0
බින්දු;12005738 said:
මට නම් වාහනේක හෙඩ් ලයිට් 2ක් වගේ පේන්නේ :baffled::baffled:


පියවි ඇසින් ඔබ්බට ලෝකේ බලන්න කැමති අය නොකලාම යුතු දෙයක් තම කලින් නිගමන වලට නොඑලඹීම. :baffled::baffled:

බින්දු ටිකක් ලොකු කරලා බලන්න එ වාහනේ ලයිට් දෙක අතර මොනවා හරි තියෙනවද කියලා

;);)
 

kape

Member
Jul 17, 2011
634
427
0
සිංහරාජය
අද මේ පැත්තේ එනකොට කතා පිරිල.එල.බූත කොටුව ඉස්සරහට ගෙනියන සහෝලට තැන්ක්ස්.

(දැන් මේක ඉස්සරට වැඩිය හොදයි නේ.කට්ටියක් මේව ගැන කියල දෙනව.කට්ටියක් අත්දැකීම් බෙදාගන්නව.නියමයි.නොදන්න අපිට ලොකු සෙතක් වෙන්නේ.)
 
  • Like
Reactions: scylla4444

snoop

Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    පියවි ඇසින් ඔබ්බට ලෝකේ බලන්න කැමති අය නොකලාම යුතු දෙයක් තම කලින් නිගමන වලට නොඑලඹීම. :baffled::baffled:

    බින්දු ටිකක් ලොකු කරලා බලන්න එ වාහනේ ලයිට් දෙක අතර මොනවා හරි තියෙනවද කියලා

    ;);)

    පාට ටිකක් පේනවා, ඒ ඇරෙන්න වෙන මොකුත් පේන්නෙ නෑ බන් :oo:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    පියවි ඇසින් ඔබ්බට ලෝකේ බලන්න කැමති අය නොකලාම යුතු දෙයක් තම කලින් නිගමන වලට නොඑලඹීම. :baffled::baffled:

    බින්දු ටිකක් ලොකු කරලා බලන්න එ වාහනේ ලයිට් දෙක අතර මොනවා හරි තියෙනවද කියලා

    ;)
    ;)



    සහෝ ඒ ෆොටෝ එකේ ටිකක් රෙසොලුශන් වැඩි එකක් නැත්ද?? ඒක පොඩි නිසා සූම් කරාට එච්චර පැහැදිලි නෑ :baffled::baffled:
     

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    ඩොට් දෙක එලි දෙකක්, ඒ එලි දෙක මැද බලන්න. සුම් කරලා බලහන්. ටිකක් අපැහැදිලි ඇති ඒකට සමා වෙන්න:baffled::baffled:

    nikan chayawal tikak penawa. mokadda kiyala pahadili kaloth apita aduraganna lesi wei machan
     

    dm_anjana

    Member
    Dec 20, 2011
    77
    14
    0
    බින්දු;12005804 said:



    සහෝ ඒ ෆොටෝ එකේ ටිකක් රෙසොලුශන් වැඩි එකක් නැත්ද?? ඒක පොඩි නිසා සූම් කරාට එච්චර පැහැදිලි නෑ :baffled::baffled:

    නැ සහෝ. ඕක 6020 දුරකතනයකින් ගත්තු එකක්. ගොඩක් සුම් කලොත් අපැහැදිලියි. තියෙනවට වැඩ ටිකක් සුම් කලොත් නම් ටිකක් පැහැදිලියි
    :(:(:(:(:(:(:(:(:(:(:(
     

    dm_anjana

    Member
    Dec 20, 2011
    77
    14
    0
    nikan chayawal tikak penawa. mokadda kiyala pahadili kaloth apita aduraganna lesi wei machan

    චායා වල් වල හද රුව, පාට ඇදගෙන ඉන්න ඇදුම ගැන විස්තර කරන්න පුලුවන්ද?


    උදව්වක් කරන්නම්, මේ සියල්ලම පැහැදිලිව පෙනෙන චායාව තියෙන්නේ එලි දෙකට මැදින් තරමක් පහලට වෙන්න :P:P:P

    අනිත් චායාවල් ටිකක් අපැහැදිලියි
     

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43

    චායා වල් වල හද රුව, පාට ඇදගෙන ඉන්න ඇදුම ගැන විස්තර කරන්න පුලුවන්ද?


    උදව්වක් කරන්නම්, මේ සියල්ලම පැහැදිලිව පෙනෙන චායාව තියෙන්නේ එලි දෙකට මැදින් තරමක් පහලට වෙන්න :P:P:P

    අනිත් චායාවල් ටිකක් අපැහැදිලියි

    mokadda e kola pata eliya...hariyanna saho. mama wade atha ariya. hitha ganna amarui :no:
     
    Jan 28, 2012
    16
    15
    0
    සුභ උපන් දිනයක් වේවා!!!




    දෙන සහයෝගයට ස්තූතියි මචන්:love:...... භූත කොටුවෙන්ම එළකිරියේ කොටන්න පටන්ගත්ත ගත්ත එක ගැන සන්තෝසයි:love:......මම වලා වුනාට:baffled: මේකෙ තියෙන විනය ගැනනම් මටත් ගොඩක් සතුටුයි:P........ මේක බලන උන්ගේ ජාතකේ හොඳකම තමයි ඉතින්........ පිළිවෙලට හදපු වඩපු දෙමව්පියන්ට:love:...... විනයක් ඇතිව උගන්වපු ඉස්කෝලවලට:love: පින්.........

    ටච් එකේ හිටපන්....

    :frown:රොබොට් අයියා....


    මගේ මුල්ම කෙටීමට මේ වගේ අදහසක් දාල මාව දිරිමත් කල රොබට් අයියට මාගේ විශේෂ ස්තුතිය සහ ගෞරවය!!!:love::love::love:

    සුභ උපන් දිනයක් වේවා රොබට් අයියා!!! :yes:
    එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝ වේවා!!! :love:

    ටික දවසකින් මොකුත් කොටලා දන්නා බැරි උනත් හැමදාම ඉඩ ලැබෙන විදියට භූත කොටුවට ගොඩවෙලා බලන්න නම් අමතක කලේ නෑ :no:. වැඩේ කියන්නේ වැඩට ගිහින් ආවම කොටන්න තියා කෙලින් ඉන්න පණ නැති එකයි :yes:. දන්නවනේ ඉතින් කට්ටිය ලංකාවේ බස් වල එනවා කියන්නේ මුළු සර්වාන්ගෙටම ව්‍යායාම නොමිලේ ලැබෙනවා කියන එක කියල:confused:. ඉතින් එහෙම ඇවිල්ල මොකුත් කොටන්න බෑ බොලව් :no:.

    කොහොමින් කොහොම හරි පහු ගිය දවස් ටිකේ සැහෙන්න කස්ටියක් සෙට් වෙලා තමන්ගේ අදහස් බෙදා ගෙන තිබ්බ. ඒ හැම කෙනෙක්ටම මගේ ආචාරය :love:!!! ස්පෙෂලි ටිං ටිං ද සිල්වාට, අන්ජනට, පොල්වත්ත.කොම්ට, Amilanuwanamara ට, dragon fighter ට, මිසිස් ජිනියස්ට සහ එකී මෙකි නොකී හැමෝටම බොහොම ස්තුතියි:love:!!! ඔන්න නම් වශයෙන් කියන්න බැරි උන එවුන් මන් එක්ක තරහ ගන්නවා එහෙම නෙමෙයි. මේ මතකෙන් ලිව්වේ.:rofl:

    ගොඩක් දෙනා පහුගිය දවස් වල කතා කරලා තිබ්බ හෙණ රාජ තෛලය ගැන. කියල තිබුන කාරණා හැමදේම වගේ වටිනවා. ඒ දේවල් කියවල හොඳ අවබෝධයක් ලැබුනා. බොහොම ස්තුතියි තමන්ගේ දැනුම බෙදා ගත්ත හැම කෙනෙක්ටම. මටත් අහම්බෙන් ගිය සතියේ පත්තරේක තිබිල මේ ලිපිය ලැබුන. මේ ලිපියේ තියෙන්නේ හෙණ රාජ තෛලය හදන විදිය. මම මේ ලිපියේ ෆොටෝ එකක් අරන් දාන්න හැදුවත් ඒක එච්චරම පැහැදිලි නෑ. භූත කොටුව කියවන හැම දෙනාගේම දැනුම සදහා මේ ලිපිය පළ කරන්න හිතුනත් ඒ ලිපිය ස්කෑන් කරගන්න මා ගාව ස්කෑනරයක් නෑ. ඉතින් කව්රු හරි ස්කෑනරයක් තියෙන පින්වතෙක් මේ ලිපිය ස්කෑන් කරලා දානවා නම් භූත කොටුව බලන අපේ සහෝදර හැමදෙනාටම තමන්ගේ දැනුම වැඩි කරගන්න ඒක හේතුවක් වේවි. වැඩේ කියන්නේ මේ පත්තරේ ඔන් ලයින් වත් නැනේ. සමාවෙයල්ලා මට! මට තියෙන සීමිත සම්පත් ප්‍රමාණයෙන් මේ දේ කරන්න අමාරුයි.

    පත්තරේ නම : සුබසෙත
    මේක ලේක් හවුස් පත්තරයක්.(මම මේ නිකමට කියන්නේ මට ඔය ලේක් හවුස් පත්තර පෙන්න බෑ.:angry: මොකද ඉතින් රෙදි නැතුවනේ ආණ්ඩුවට කඩේ යන්නේ:angry:. ඒ උනාට මේ පත්තරේ නම් තියෙන්නේ ජ්‍යෝතිෂ්‍ය කාරණා විතරක් හින්ද කියවනවා.:yes:)
    දිනය : 2012 පෙබරවාරි 03 වන සිකුරාදා
    පිටු අංකය : 20

    අනේ ඉතින් කව්රුවත් මා ගැන අහිතක් හිතනවා එහෙම නෙවෙයි ඕන්. පුළුවන් කමක් තිබ්බ නම් කීයටවත් ස්කෑන් කරලා නොදා ඉන්නේ නෑ මම.:yes:

    තව දෙයක්, කෙනෙක් කියල තිබුන ඇන වලට භූතයෝ හිර කරනවා කියල. ඒ ගැන කියවන්න ලැබුන කතාවක් දාන්න හිතුනා. මම මුල්ම දවසෙත් කිව්වනේ කොල්ලනේ මට ඔය වගේ අත්දැකීම් නෑ කියල. මම ඉතින් දන්නේ මට කියවන්න හරි අහන්න හරි ලැබුන දේවල් තමයි. මේ කතාවත් ගියපාර වගේම මම උපුටා ගන්නේ අපේ සදෙරු සහෝදරයාගේ බ්ලොග් එකෙන්. යුතුකමක් විදියට මුලින්ම මුලින්ම සදෙරු සහෝදරයාගේ බ්ලොග් eke ලිපිනය මෙතන දානවා. http://hisahasa.blogspot.com/

    මගෙ පුංචි සන්දියේදී මම උන්නු ගමේ කෙළවරකට වෙන්න මහා සද්දන්ත නුග ගහක් තිබුණා . ඔය ගහේ වයස හරියටම මට කියන්න බැරිවුනත් මගේ ගමේ උන්නු පරණ මිනිස්සු බොහොමයක් දෙනා තමන්ගේ ළමා කාලේ ගැන සඳහන් කරද්දී ඔය මහා ගහ ගැන නිතරම කීව හැටි මට මතකයි .

    දන්න කියන හැමෝම ඒ මහ ගහ හැඳින්නුවේ "මහ නුඟේ" කියලයි

    පහළට එල්ලි එල්ලී තිබිච්චි දිගම දිග මුල් නිසා ඒ ගහට තිබුණේ හරියට වයසක රැවුල තියන මන්තර කාරයකුගේ පෙනුමක් .හැන්දෑ කළුවර වැටුණාම හිත හයිය මිනිහෙක් ඔය නුඟේ ගාවින් ගියේ නොගිහින්ම බැරි ගමනක්ම වෙතොත් විතරමයි . ඒ ගියෙත් "ඉතිපිසෝ" ගාථාව සද්ද නගා කියන ගමන් .ඒ වගේම නුගේ දිහෑ යන්තම්වත් නොබලා ඉවත බලන් .

    සත්තු සෑහෙන ගාණනකට නිවහන වෙලා තිබුණු මේ විසල් නුඟේ පෙන්වන්න අපි පුංචි සන්දියේදී ඉස්කෝලෙනුත් එක්කරගෙන ගියා මතකයි . ඒ දවස් වල එක වසර අච්චු පොතේ තිවුණු අප හා පරිසරය පාඩම ගැන කියාදෙද්දී මේ මහ නුගේ ගැන නිතර කියන්නත් අපේ චීචර් අමතක කළේ නැහැ.

    සත්තුන්ට සරපයින්ට අයිති වෙච්චි ඔය මහ නුඟේට අරක්ගෙන මනුෂ්‍යයෙක් නොවන තවකෙක් උන්නා !

    ඒ උත්තමයගේ නම රතු අප්පු !

    රතු අප්පු. දෙවියෙක්ද , යක්‍ෂයෙක්ද කියලා මම නම් හරියට දන්නෑ . සමහරු කියන විදිහට රතු අප්පු කරදර දෙන යක්‍ෂයෙක් . ගමේ සමහරුන්ට නම් ගමට සෙත ගේන දෙයියෙක් !

    මහ නුඟේ යට සිමෙන්තියෙන් බඳවලා තිබුණු පුංචි දේවලයක හැඩ හුරුකම් කියපු කුටිය ඇතුළේ . සමහර දින වල බිං කරුවල වැටුණහම පොල්තෙල් පහනක් දැල්වෙනවා . තවත් දින වල සුවඳ දුම් ගලා යනවා. එහෙමත් දිනක කෙසෙල් කොළේක තියාපු, නුගේට පුදකරාපු කැවිලි පෙවීලි ගහේ ජීවත් වුණු දඬුලේනුන්ගේ, මයිනන්ගේ, පලා ගිරවුන්ගේ, බෝදිලිං කටුස්සන්ගේ බඩගෝස්තර පිරෙවුවා! පොල්තෙලින් පෙඟිච්චි නිච්චි පහන් තිර බෙදාගන්න කපුටු හැතිකරේ පොර කෑවා !

    කෙම්මුර දාට මහ නුඟේ දිහාවින් අලෝක ගුලි විසි වෙන හැටි ගැන ගමේ හිටපු සීයලා කතා කළේ හරිම ගෞරවයෙන් . කවදාකවත් ඒ ආලෝක ගුලි මම දැකලා නොතිබුණත් මම මගේ ඒ වැඩිහිටියන්ගේ කතා ඉස් මුදුණෙන්ම විශ්වාස කළා .

    ඒ "දේවතා එළි"

    හිටි ගමන් අහසට නගින දේවතා එළි දකින්න මම සෑහෙන්න ආස කළා . ඒත් ඒව දකින්නත් පින තියෙන්න ඕන කියලයි මගේ සීයා නම් නිතර කීවේ . ජනේලයෙන් එපිට ඈත මහ නුගේ දිහා බලාගෙන පැයගණන් ගත කළත් මම කිසිම දවසක දේවතා එළියක් නම් දැකලා නැහැ .

    මට යාන්තමට මතකයි .මහ නුඟේ පාත් වුණු අතු අතරේ නුග ගෙඩි කන්න මීත්තෝ නිතරම පොරකනවා. ඒ නුග ගෙඩි අතරේ කපු රෙදි කෑලි වලින් ගැටගහපු පඬුරු ගොන්නකුත් ඒ නැමුණු නුග අතුවල එල්ලිලා තිවුණ හැටි මට තාම මතකයි . හරිහමං මතකයක් නැත්තේ තාත්තගේ අතේ එල්ලිලා මහ නුගේ ගාවින් යනකොට මම ඒ දිහා නොබලා ඇස් තදකරලා පියාගන්න නිසාමයි .

    එක වැහි දවසක පාන්දර ජාමේ ගම දෙවනත් කරගෙන මහා "හූ" හඬක් ඇහුණා !

    අසල්වැසි ගෙවල් වල උදවිය ඇඳන් හිටි ඇඳුම් පිටින්ම ඒ දිහාට දීවේ ගමේ කෙනෙකුට කරදරයක් වුණාම නෑහුණා වගේ ඇස් කන් පියාන ඉඳලා පුරුද්දක් නැති නිසාමයි . ග්‍රාම සේවක වෙච්ච මගේ තාත්තත් කඩිමුඩියේ ඒ පැත්තට දිවුවා .

    අම්මත් මමත් තාත්තා එනතුරු බලාන් හිටියේ පුදුම කුතුහලයකින් .ගම් වැදුණු අලියෙක් කාව හරි පාගලා මරා දාලා වත්ද ?, වැස්ට කාගේ හරි ගෙදරක් කඩාන වැටිලා වත්ද ? , රණ්ඩුවක් වත්ද ? හිතින් හිත හිතා මමත් ජනේලෙන් එපිට හීනිවට වැටෙන වැහි බින්දු දිහා බලාන හිටියා . තාත්තා එනතුරු !

    "සුසිරිපාලට රතු අප්පු වැහිලාලු ! අන්න බෙරිහන් දෙනවා. පිස්සු යක්කු !”

    තාත්තා එහම කියාගෙන ඔළුවට වැටිච්ච වතුර අතින් පිහදන ගමන් ගෙට ගොඩ වුණා . මගේ තාත්තා කවදාවත් ඔය අමනුෂ්‍ය කතා විස්වාස කළේ නෑ

    "දැන් මොකද කරන්නේ ?” එහෙම ඇහුවේ මගේ අම්මා !

    "පේදුරු සීයට එන්න කියනවාය කීවේ ! පුතා එක්ක මමත් තව ටිකකින් ඒ පැත්තේ යන්න ඕන"

    මගෙ හිතට දැනුණේ පුදුම සතුටක් !

    "පුතා එක්කරගෙන යන්න එපා මේ මහ වැස්සේ ! “

    "ඔය පොඩ්ඩ තෙමුණට කාරි නෑ කොල්ලත් ඕව දැකගන්න ඕන"

    "පේදුරු" මගේ සීයගේ තාත්තා . මගේ මුත්තා. හරිම ආඩම්බරෙන් මම අදටත් සිහිපත් කරන මගේ ගමේ හිටි මගේම නෑදෑයෙක් . වයසට ගිහින්ම කොන්ද ටිකක් නැමිලා කුදු බවක් පෙනුණත් .කිසිම දවසක කෙනෙකුට නැමිච්ච කෙනෙක් නම් නෙවේ පේදුරු මුත්තා. මනුෂ්‍යයෙකුටවත් අමනුඅෂ්‍යයෙකුටවත් . පේදුරු මුත්තා නෙවේ බය වුණේ. දිෂ්ටියක් වැහුණාම , බැල්මක් වැටුණාම , නූල්බඳින්න වුණාම පේදුරු මුත්තා ඇරුණහම වෙන සමතෙක් ඒ වැඩේට හිටියේ නැහැ .

    නිදන් කැඹුරුමකින් හොයාගත්තු රිදී පුස්කොළ පොත් ගණනාවක් පේදුරු මුත්තා ගාව තියනවාය . උන්දෑ බය නැතුව යක්‍ෂයින් සමඟ ගනු දෙනු කරන්නේ ඒකය කියලා .මගේ තාත්තත් සීයත් නිතර කතා කරනවා මම අහලා දැකලා තිවුණා .

    අපි සුසිරිපාල ලෑ ගෙදරට යනකොට උදේ දහයත් පහු වෙලා . වටේම තිබුණු වැහි අඳුර නිසා කැලේට වට වෙච්ච ගමේ තිබුණේ මහම මහා මූසල මුස්පේන්තු ගතියක් .වෙනදා වගේ ක්‍රියාශීලී බවක් නොපෙන්වාපු ගමේ උදවියත් . තැම්බුම් හොඳි බීලා ආපු එවුන් වගේ කම්මුල් වල අත ගහගෙන තැන් තැන් වල ඇන තියාන උන්නා .

    ගේ ඇතුළෙන් එකපාරටම ඇහෙන මහ හූ හඬ සහ ගෙරවීම් හඬ එන්න එන්නම වැඩි වුණා ! . සුසිරිපාල අයියා මර හඬ දෙනවා ඒත් ඒ ඇහුණ හඬ එයාගේ නෙවේ ! . අහස ගොරවන හඬට සමාන වූ දරුණු හඬක් එදා මෙදා තුර කිසිම දවසක මම මිනිහෙකුගේ උගුරකින් ඒ වගේ හඬක් පිට වෙනවා නම් අහලා නෑ ! . යන්තම් සුසිරිපාලයියාගේ කාමරේට මම එබිලා බැලුවේ තාත්තගේ අත අත නොහැරම තදින් අල්ලං ඉන්න අතරේදී. සුසිරිපාලව ඇඳට තියලා ගැටහලා තිබුණු හැටි මම යාන්තමට දැක්කා

    එකපාරටම ගං හබරල කොළයක් ඉහලාගෙන අමුත්තෝ දෙන්නෙක් වත්තට ඇතුළු වුණා ! එක්කෙනෙක් පේදුරු මුත්තා . ආනිකා මුතූ මුදලාලි

    කඩුල්ල පැනලා වත්තට ආපු පේදුරු මුත්තා වත්තේ තිබුණු කෙහෙල් ගහක මුදුනට කොටලා ඒ ගහ දෙපළු කළා . ගෙට ඇතුළු වෙද්දිම උළුවස්සට ඇණයකුත් ගැහුවා ගහලා මොන මොනාදෝ මැතිරුවා !. ඒ ඇයි කියලා කියන්න මම තවම දන්නෑ . ඒත් මම ඒ දේවල් දිහා බලාන උන්නේ පුදුම කැමැත්තකින් , ගෞරවයකින් .

    "පේදුරු එනකොට අමනුෂ්‍යයෝ දුවනවා !!“

    ගේ ඇතුළේ හිටි උදවිය එහෙම කතා කරද්දී මටත් ඕන වුණේ පේදුරු මුත්තා වගේ වීරයෙක් වෙන්න . මගේ තාත්තා නම් ඒ ඇහුණු හැම වචනයකටම ඔලොක්කුවට හිනා වෙච්ච හැටි මට තාම මතකයි .
    කුප්පි ලාම්පුවකුත් අරගෙන සුසිරිපාල හිටි කාමරේට පේදුරු මුත්තා ඇතුළු වෙනකොට ගේ ඇතුළේ හිටි හැමෝම පොද වැස්ස නොසලකා එළියට බැස්සා . කුඩෙ ඉහළගත්ත තාත්තත් මමත් ඒ අය පිටිපස්සෙන් එළියටම ඇවිදින් බලාන හිටියා .

    ගේ ඇතුළෙන් මට ඇහුණේ විලාපයකුත් ඒ විලාප හඩට වඩා උස් හඬින් මන්තර මතුරන හඬකුත් විතරමයි . පළාතම හීතල කරගෙන මහා හුළඟක් ආවා වැහි පොදත් කැටි කරගෙන ආ ඒ හුළඟේ හීතල ගතිය මට මේ දැනුත් දැනෙනවා වාගේ ! . විලාපයයි හීතලයි පොඩි එකෙක් වෙච්ච මාව හිරි වැට්ටුවා !

    "ඕං නමෝ .”. කියමින් පේදුරු මුත්තා මතුරන හඬ ටික ටික වැඩි වෙනවා . මොහොතකින් හැම දේම ආයෙත් සාමාන්‍ය අතට හැරුණා .කුප්පියක් අත්ල මැද හිර කරගෙන රටක් රාජ්ජයක් දිනුවා වගේ ආඩම්බරෙන් ගෙදරින් එළියට බැස්සේ පේදුරු මුත්තා !

    වත්ත පිටියේ හිටි හැමෝම මුමුණන්න වුණා .

    උළුවස්සේ ඇනපු යකඩ ඇනේ ගලවාගත්තු පේදුරු මුත්තා . අත්ලේ සඟ්වාගෙන හිටපු පුංචි කුප්පියක් අතට අරගෙන ඒ යකඩ ඇනේ බෝතල කටේ ගැට ගැහුවා .වත්ත පිටියේ හිටි අපි හැමෝම ඒ කුප්පිය බලන්න එක් වුණේ සීනි බෝතලේට වහන කූඹි වගේ !

    බෝතලේ ඇතුළේ හිරවෙච්ච රතු අප්පු යක්‍ෂයාව දැකගන්න මමත් බෝතලේ ගාවට එබුණා ඒත් හිස් බෝතලේ ඇතුළේ හිරවුණු ගැට දාපු නූල් කෑල්ලක් විතරමයි මම දැක්කේ .

    "ගැට දොලකින් මම රතු අප්පුවාව ඇල්ලුවා ! හෙහ් හෙහ්..! මෙන්න මේ කුප්පිය ගැඹුරක වළලනවා හොඳයි ! ඕක බිඳගෙන හෙම ආයේ මට කරදර කරනවා නෙවෙයි ! “

    ඔන්න ඔය විදිහට රතු අප්පු කියන අමනුෂ්‍යයා මගේ ගමෙන් පිටුවහල් වුණා ! ආයේ මම කිසිම දවසක ඒ උත්තමයා ගැන අහුවේ නෑ .මාස කීපයකට පස්සේ මහ නුඟ ගහත් කොල හැලිලා හැලිලා ගිහින් මැරිලා ගියා ! පුදුම හිතෙන විදිහට !

    ඒකාලේ පේදුරු මුත්තා නිසා මගේ පවුලට ලැබිලා තිබුණු පිළිගැනීම නම් උපරිමයි .! "අපේ මුත්තා තමයි පේදුරු" මම එක වසර පන්තියේදී නිතරම එහෙම කියනවා මට මතකයි . පන්තියේ හැමෝම එතකොට මගෙ දිහා බලන්නේ බයකින් වගේ

    පේදුරු මුත්තාට. මගේ තාත්තා වුණත් සීයේ කියලා කට ඇරලා ගෞරවයෙන් කතා බහ කළා , යනකොටත් කකුල් දෙක අල්ලලා පේදුරු මුත්තට වැඳ වැටුණා . ඒත් එයාගේ මන්තර ගැන තාත්තා කතා කළේ හරිම විහිළුවෙන් . තාත්තා ඒවා තඹ දොහිතුවකට වත් මායිං නොකරන බව දන්න පේදුරු මුත්තත් අපේ ගෙදර ආපු වෙලාවට වැඩිය කතා බහ කළේ නෑ

    "මේ ගෙදර භූමි දෝෂයක් තියනවා ! ගෘහ මූලිකයට තමා ඒකෙන් බලපෑම . බලපල්ලා මේ ගෙදර ඉස්සරහා දොරින් බලාපුවාම පිටිපස්ස දොරින් මිදුල පේනවා මෙහෙම උළුවහු තියන්නේ කොයි රටේද ?” සිය පාරකට වැඩිය පේදුරු මුත්තා එහම කියන්න ඇති

    අපි එතකොට උන්නේ තාත්තට රජයෙන් දීපු කෝටස් එකේ අපිට උවමනා විදිහට ඒ ගෙවල් දොරවල් හදන්න බැරි බව අම්මත් දන්න වචන පාවිච්චි කරලා මුත්තට පැහැදිලි කළා .

    "මට මල ගෙදරක එන්න උඹලා ඉඩ ඉඩ තියන්න විතරක් එපා !” පේදුරු මුත්තා දබරඟිල්ල උරුක් කරලා අන්තිමට කීවේ එච්චරයි !

    ඔය කතාව කියලා ටික කලකට පස්සේ තාත්තා නොඑන ගමන් ගියා . ගල් හිතක් තිබුණු පේදුරු මුත්තත් එදා නම් පොඩි එකෙක් වගේ තාත්තගේ මිනී පෙට්ටිය ගාව වැටිලා ඇඬුවා . ඒක දැකලා ගමම ඇඬුවා.

    තාත්තගේ හත් දවසේ දානේ ඉවර වෙච්ච දවසෙම පේදුරු මුත්තත් නිදි පැදුරේම අවසන් ගමන් ගිහින් තිබුණා . මරන පරීක්‍ෂණයට කියැවුණේ හර්ධයේ ලේ කැටියක් හිරවීම කියලයි !

    අද මට නිකමට හිතෙනවා පේදුරු මුත්තගේ ශාස්තරේ හරි කියලා . එයා කියපු දෙයක් වැරදිලා නැහැයි කියලා ! එයා කියාපු දේ එදා පිළිගත්තානම් කියලා ! පොඩ්ඩකට හරි හිත හදාගන්න මට පුළුවන් එතකොටයි .පේදුරු මුත්තගේ පුතා වෙච්ච මගේ සීයා අදටත් අපි ගාව ඉන්නවා .එයාට අවුරුදු 88ක් පේදුරු මුත්තා ගාව තිබුණු පෙත්පත් සේරම මගේ සීයට හිමිවුණා . ඒත් සීයා කවදවත් ඒවයින් වැඩක් කළේ නෑ .

    "මොකෝ සියේ අර පේදුරු මුත්තගේ මන්තර පොත්, වෙද පොත් අල්ලන්නෙවත් නැත්තේ ! ඇයි ඒවා ට්‍රන්ක පෙට්ටියේ දාලා තියෙන්නේ ?” මම දවසක් එහෙම අහද්දී

    "අවි ගත්තෝ අවියෙන්ම නසිති" කියලයි සීයා මට කීවේ

    පේදුරු මුත්තා ගැන මුල් මතක සටහන මගේ හිතට වැදුණු පළමු දවස වගේම අද දවසත් වැහි බරයි ! . වියළි කාල ගුණයක් හිමි අපේ පළාතම සීතල බවින් පිරිලා ගිහින් . සීයාගේ ට්‍රන්කා පෙට්ටිය ඇතුළේ තිබුණු බොහෝම පැරණි පොත්පත් කීපයක් හා පණ වාගේ ආරක්‍ෂා කරපු පුංචි පිළිමයක් වැඩට නොගිහින් ගෙදර හිටි අද දවසේ මගේ අතට පත් වුණා . අද මම මේ හැම දේකම උරුමක්කාරයා වුණා . !

    "අද ඉඳන් උඹ මෙවුවා තියාගනිං උඹට දවසක මෙවුවා දෙන්න කෙනෙක් ලැබුනොත් දීපං නැත්තං ලිපේ දාපං !" පොත් ටික මගෙ අතට දීලා එහෙම කියද්දී සීයගේ කටහඬ වෙවුලුවා !

    "මොකද සීයේ මේ හදිස්සියේ මෙවුවා මට දුන්නේ ?”

    "මට තව වැඩි කාලයක් නෑ .” වෙවුලන හඬින් මගෙ සීයා එහෙම කියද්දී එදා තාත්තගේ මරණය දවසේ පවා නොදැනුණ අමුතු වේදනාවක් මට දැනුණා . ඒ දුන්න පොත් වල එකම එක වචනයක් පමණ මට කියවන්න බෑ . ඒත් මගේ වයසක සීයා ඒ තිබුණු හැම වචනයක්ම ලොකු සී ආර් පොතක පිරිසිදු සිංහලෙන් ලියා තිබුණා .

    අද මේවා මගේ අල්මාරියේ තැන්පත් වේවි .! දවසක මේවා තව කෙනෙකුගේ අතට පත් වේවි ! ඔය විදිහට අතින් අත ගිහිං, ගිහිං දවසක නැති වෙලා යාවි. හරියට ගම් හතකට පේන්න නැගී හිටි මහ නුගේ අද තිබුණු තැනක්වත් හොයාගන්න බැරිවා වාගේ නැත්තටම නැති වෙලා යාවි .!. කොච්චර ලොකු සද්දන්තයෙක් වුණත් හැමදාටම ඉන්නේ නෑ .!

    මේ අස්ථිර ලෝකෙක කොහෙද ඉස්තිර දේවල් ?

    ආයිත් තව කතාවක් එක්ක හමුවීමේ බලාපොරොත්තුවෙන් සමු ගන්නවා අදට!!!

    භූත කොටුවට අපි :love:
     

    dm_anjana

    Member
    Dec 20, 2011
    77
    14
    0
    mokadda e kola pata eliya...hariyanna saho. mama wade atha ariya. hitha ganna amarui :no:

    අතාරින්න එපා මචෝ. මෙන්න මම ලේසි කළෝ/. හි හි
    කහ රවුම් දෙක මැද බලපල්ලා
    ......
     

    Attachments

    • aa.jpg
      aa.jpg
      26.5 KB · Views: 286

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,560
    1,447
    113
    Sri Lanka
    ටිං ටිං ද සිල්වා;12003469 said:
    රොබොට් අයියේ, භූත කොටුවේ යාලුවනේ මම paranormal activity 4 බැලුවනේ. :eek:
    හප්පට සිරි ඒක සිරා කථාව.ඔන්න එහෙනම් අහගන්නකෝ seen ඒක. :rolleyes:

    මේ seen එකේ ඊට කලින් කථාවෙ හිටපු මගෙ ලොකු අප්පච්චිගෙ හොදම යාලුවෙකුට වූන දෙයක්. ඒවගේම 100%ක්ම ඇත්තම සිද්දියක් කියලා මම ඔයාලට දැන්ම කියල තිබ්බ ඔන්.:rolleyes:

    කපිල කියලා කෙනෙකුට තමයි මේ seen එක උනේ. එයා ඡීවිතේ වැදගත් තීරණයක් ගත්තා. කල වයසත් හරියාගෙන එන කොටම ආදරේ කරපු කෙල්ලව බැන්ද.:love: :-)rolleyes:අනේ වාසනාවන්:rolleyes:) ඔන්න ඉතින් දෙන්නා අතරෙ සුලු සුලු ප්‍රශ්ණ ඇති වුණා. එව පොඩි පොඩි අව්ල්ලු. හැබැයි සමහර අව්ල් ටිකක් සිරා. ( බත ඉදුනත් ඉවර වෙන්නෙ නෑලු..):confused:

    ඔහොම අවුරුදු දෙකක් විතර යනකොට වහ බීල මේ කපිලගෙ හාමිනේ නැති වුණාලු. :oo: ( හපොයී ... කුරුලු කූඩේ:baffled: ) මේ දුකට කපිල ලොක්ක අව්ල ගහල අවුරුදු දෙකක් විතර මියාවු වෙලා හිටියලු.:baffled:

    තම එකම පුතු දුකෙන් තැවි තැවී ඉන්නවා දුටු කපිලගේ මව , පුතාට විවහ යෝඡනාවක් ගෙනාව.:love: අනේ කපිල ලොක්ක දුක වැඩි කමටමද කොහේද ඒකට කැමතී කියලා.:rolleyes:
    ගමටම පේන්න මගුලක් නොගත්තට, අලුත ගෙනා මණාලිව ගෙදරට කැන්දගෙන ආවලු. අනේ නියම ජෝඩුව කියලා හැමෝම කියන්න ගත්ත:love:. ඇත්තටම අලුත ගෙනා මණාලි හරී නිහඩ , අහින්සක කෙනෙක්.:rolleyes: දෙන්න සාමයෙන් ඉන්න කොට කපිලගේ අම්මා හදිසියේම නැති වුනා :(

    අම්ම නැතිවෙලා මාස හයක් විතර යන කොට අර අහින්සක, නිහඩ මණාලි දැන් දැන් යකා නටනවලු. රණ්ඩුලු . ඇණ්කොටා ගන්නවලු.:angry: හප්පේ දැන් එන්න එන්නම අලුත ගෙනා මණාලි දරුනු වෙනවලු.:growl: කපිලගෙ යාලුවේ හැමෝම වගේ කිව්ව මේ වෙනස ටිකක් විතර අමුතුයි. පොඩ්ඩක් කට්ටඩි බුවෙක් ගාවට ගියොත් හොද නැද්ද කියලා.:cool:

    අනේ කරකියා ගන්න දෙයක් නැතුව හිටපු කපිල කට්ටඩි බුවෙක් ගාවට ගිහින්.
    seen එක මුල ඉදන්ම කියල. කට්ටඩි බුවා ඔලුව වන වනා අහන් ඉදලා. :yes:
    " බය වෙන්න දෙයක නෑ, ගෙදරට ආරක්‍ෂාවක් කරමු මහත්තයෝ, මේ අඩුම කුඩුම ටික ලැස්ති කරගන්නකෝ , මේ සිකුරාදම අපි වැඩේට බහිමු'' කියල කට්ටඩි බුවා ලොකු list එකක් කපිල ලොක්කට දීල. :nerd:

    පොඩි එකෙක් ඉස්කොලෙ දාන්න හදන කොට දෙන list එකක් වගේමලු. හප්පේ කපිල ලොක්ක නොසෑහෙනට මහන්සි වෙලා අඩුම කුඩුම ටික set කරගෙන​.. :cool:

    :rolleyes:ඔන්න අද තමා දවස කියලා මමයි , ලොකු අප්පචියයී , ලොකු අම්මයී ගියා කපිල ලොක්කගෙ ගෙදර රෑ 8ට විතර. කට්ටඩි බුවායි තව බෙර ගහන බුවාල දෙන්නෙකුයී, කපිල ලොක්කගෙ යාලුවෝ දෙතුන් දෙනෙකුයි විතරමයි එතන හිටියේ.

    ඔන් රීන් කට්ටූන් කුට්ටුන් කුරුකුට්ටූන් කියල කට්ටඩි බුවා මතුරලා කියල වඩේ පටන් ගත්තා:growl:. බෙර බුවාලත් හිටු හිටු කියකියා බෙර වලට තඩි බෑවා.:rolleyes: වඩේ නැගලම යනවා.
    කට්ටඩි බුවා දුම්මල එහෙම ගහන්න ගත්තා (ඌට නිකන් ඒක සෙල්ලමක් ද කොහෙද?):angry:

    දැන් වෙලාව 11ටත් ළගයි ඕන්. එක පාරට කපිල ලොක්කගෙ අලුත ගෙනා මණාලි ආරෑඩ වෙලා නටන්න ගත්තා:eek:.පට්ට පාරවල් දාන්න ගත්තනේ:rolleyes:. නටල නටල එක පාරටම නතර වෙලා කොන්ඩෙ කඩාගෙන ඔලුව කරකො කරකො කපිල ලොක්කා දිහා බලන් ඉන්නවා.:shocked: කට්ටාඩි බුවත් ඒ ළගටම ආවා.

    "උබට පුලුවන් ද මාව අදුරන්න, මම උබවයි , උබේ ගෑණිවයි ගෙනියන්න ආවේ'' කියලා අර අලුත ගෙනා මණාලි කියන්න ගත්තා. හැමෝම බය වුනා. මොකද ඒ කට හඩ අලුත ගෙනා මණාලි ගෙ නෙමේ නිසා.:shocked:

    ඔන්න එතන පොඩි කසු කුසුවක් ගියා. මේ ඉන්නෙ කපිලගේ නැති වුන අම්මාම තමා කියලා.එවලේම අලුත ගෙනා මණාලි කලන්තෙ දාල ''ඩෝං''
    කපිලයි කට්ටාඩි බුවයි එකතු වෙලා අලුත ගෙනා මණාලිව පැදුරක් උඩින් තිබ්බා.:yes:
    කට්ටාඩි බුවා හිමිට කපිලගෙන් අහුව "ආවේෂ උන කෙනාව අදුරැවාකිද?" කියලා. ( අත්තටම කොච්චර හිමින්ද කියනවා නම් ඒක මටත් ඇහුනා. බලන් හිටපු set ත් අහිලලු) :yes:
    කපිල ලොක්ක ඔලුව වනල කිව්ව ඒ මගෙ කලින් හාමිනේ කියලා. :shocked:

    හම්මියෝ ඔන්න ඔක ඇහුව විතරයි මේ ටිං ටියාටත් පොඩී දාඩිය පාරක් දැම්ම. :eek:
    මෙන්න බොලේ අලුත ගෙනා මණාලි කෙදිරි ගාන්න ගත්තා.
    ආයිත් අලුත ගෙනා මණාලි වෙන හඩකින් කථාකලා. :oo:
    " මම උබේ අම්ම , උබට නරකක් වෙන්න මම ඉඩ තියන්නෙ නෑ , උබේ කලින් ගෑණි දැන් මළ යක්‍ෂනියක් වෙලා ( මේක අහපු බෙර බුවෙක් පස්සෙන් පස්සට ගිහින් බිත්තියක් අල්ල ගත්ත. ඒ ඇයි දන්නෙ නෑනේද? :rolleyes:) උබට කරදරයක් වෙන්න මම ඉඩතියන්නෙ නෑ" කියල අලුත ගෙනා මණාලි කිව්වා.
    සිරාවටම කියන්නෙ කොල්ලනේ කට්ටාඩි බුවත් හොල්මන් උනා.:rolleyes:

    දැන් තමයි හොදම හරිය. දැන් වැඩේ මෙහෙය වන්නේ කට්ටාඩි බුවා නෙමේ.
    අලුත ගෙනා මණාලිට ආවේෂ වූ අම්මා. කට්ටාඩි බුවාත් දැන් පස්සෙන්ම ඉන්නවා.
    '' ගනිල්ලා බෝතලයක්'' කියලා දැන් අලුත ගෙනා මණාලි ට වැහුන අම්මා කිවුවා. ( මේ හදිස්සියේ set වෙන එක හොදද?):rolleyes:
    "මුඩියක් තියෙන එකක් ගන්න , ඉක්මනට ඉක්මනට ගේන්න​, ඇබයක් හරි ගහන්න පුලුවන් එකක් ගේන්න​"'' දැන් හදිස්සිය තියෙන්නෙ කට්ටාඩි බුවාටනෙ. :D
    ඕන් කපිලයි අපේ ලොකු අප්පච්චීයී බොතලයක් හොයන්න ගේ ඇතුලට ගියා.
    කොහෙන්ද මන්දා බොතලයක් හොයන්න ආවා. කට්ටාඩි බුවා දෑතින්ම ඒක අලුත ගෙනා මණාලි ට වැහුන අම්මට දුන්නා.අලුත ගෙනා මණාලි ට වැහුන අම්මා ඒක ඇදලා අරන් හූ.... කියකියා බෙල්ල වන වනා වත්ත පල්ලෙයාට ගියා. :eek:
    අපිත් ගියා. ඇමසන් එක පරාදයී. කෙහෙල් ගස්, හඹරල ගස් විමානයක්. ඒ මදිවට මදුරුවෝ.:oo:මදුරුවන්ට තල තලා අපි දැන් අලුත ගෙනා මණාලි ට වැහුන අම්මගේ පස්සෙන් ගියා.බෙර බුවාලා දෙන්නත් මගෙ පිටි පස්සෙන් හිටියා.
    අලුත ගෙනා මණාලි ට වැහුන අම්ම එක කෙහෙල් පදුරක් ළග නවතිලා. කටුකුටු ගගා මොනවද කියලා බෝතලේට පිබලා කට්ටාඩි බුවාගෙ අත්ට දුන්න​...
    කට්ටාඩි බුවා සින් සින් ගාල මූඩිය අරගෙන ඒක වැහුවා.:dull:
    අලුත ගෙනා මණාලි දෙවණි පාරටත් ''ඩෝං"
    කපිලයි තව දෙතුන් දෙනෙකුයි අලුත ගෙනා මණාලිව උස්සන් අවිත් ගේ ඇතුලෙන් තිබ්බා. කට්ටාඩි බුවා නූලක් මතුරලා අලුත ගෙනා මණාලිගෙ බෙල්ලට දැම්ම.:angry:

    මම අර බොතලේ අතට අරන් බැලුවා. මටනම් මුකුත් පෙවුනෙ නෑ. අනිත් අය මට පෙන්නනවා " මෙන්න මූණ, මෙන්න ඇග'' කිය කියා. :rolleyes:
    මොනව නොපෙනුනත් ඒ බොතලේ ටිකක් බරයි කියලත්. ඇතුලේ යම් දෙයක් තියෙන්වා කියලත් මට තේරුණා.:baffled:

    film එක ඉවරයි. අපි ගෙදර එන්න පිටත් උනා , පාන්දර 1ට විතර.
    දැන් කපිලයි අලුත ගෙනා මණාලි සතුටින් ඉන්නවා. :love:
    කපිලගෙ අම්මා කපිලව ආරක්‍ෂා කරන්න, කපිලගෙ ගෙදරටම වෙලා තාම ඉන්නවලු. :eek:
    අලුත ගෙනා මණාලි ට වැහුන අම්ම අන්තිමටම ගිහින් නතර උන කෙහෙල් ගහ ගාවලු කපිලගෙ කලින් හාමිනේ වහ බීල මැරිල වැටිල හිටියේ. :oo:
    පරණ හාමිනේගේ අවසාන සිතුවිල්ල වෙලා තිබිල තියෙන්නේ කපිලගෙන් පලි ගැනීමයී. ඒ නිසාලු එයා මළ යක්‍ෂණියක් වෙලා ඉපදිලා තියෙන්නේ.
    මම හැදුවේ මේ seen එක මුල ඉදන්ම video කරන්න​. .
    ඒ වැඩේට ලොකු අප්පච්චී කැමති උනේ නෑ. :sorry:
    ලොකු අප්පච්චී කිව්වා ඒක හරි නෑලූ. වැඩි දෙනෙකුට මේ වැඩේ ගැන නොකිව්වෙත් ඒ නිසා ලූ.. :(
    2011 දෙසැම්බර් උන මේ සිදුවීම ඔන්න මම ඔයා ලටත් කිව්වා. :yes:

    ආත බූත නැති භූත කොටුවට අපි :love:

    Rep denna widiyak na machan. mokakda spred karannalu
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උදේ පාන්දර නිදි පදුරෙන්ම ආව බූත කොටුව පැත්තේ. කතා ගොඩයි. බූත කොටුවට කතා දාපු හැමදෙනාටම හදපිරි ප්‍රණාමය. එල කතා ටික මචන්ලා. මහසෝනා ගැන කතාවක් දාන්නම් අද හෙටම කොටන්න වෙලාවක් ලැබුන ගමන්. රොබෝට් අයියට උපන්දිනේට තෑගි බෝග ගොඩක් ලැබිල. සන්තෝසේ බැරුව අන්න අරෙහෙ උඩ පනිනවා බොලන්ලා. pm එකක් දාල wish කරාට ප්‍රසිද්දියේ කරන්න බැරි උනා. ඔන්න එහෙමනම් රොබෝට් අයියේ උඹට සුබ උපන්දිනයක් වේවා. උඹත් එක්කම මම දන්නා තව දෙන්නෙකුගේ උපන් දිනේ අද.
     
    Last edited:
    • Like
    Reactions: scylla4444

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    අතාරින්න එපා මචෝ. මෙන්න මම ලේසි කළෝ/. හි හි
    කහ රවුම් දෙක මැද බලපල්ලා
    ......

    රූප දෙකක් පේනවා. හරියටම පැහැදිලි නැහැ. නිදාන කතාව කියපන් මචන් මොකක්ද මේ රූප දෙක.
     

    dm_anjana

    Member
    Dec 20, 2011
    77
    14
    0
    සිද්ධ දැඩිමුන්ඩ දේවතා බණ්ඩාර දේවතාවුන් ව

    යක්ෂ උදවිය වැනි ඇසට නොපෙනන අයත් එක්ක සෙල්ලම් කරන අය අනිවාර්යයෙන්ම දැන් ගන්න ඕනේ කෙනෙක්:D:D





    ලංකාවේ අලුත්නුවර යයි පැවසු විට නොදන්නා කෙනෙක් නොමැති තරම් ය.ශ්‍රී ලාංකීය දේව ඇදහිලි අතර දැඩිමුන්ඩ දෙවියන්ට සුවිශේෂ තැනක් හිමිය.
    418179_180174985419780_100002818394651_253649_1484976611_a.jpg

    බලසම්පන්න වූ රාවනා රජ පෙළපතින් පැවිත ආ පූර්ණක නම් සෙනදිපතිට දාව එරන්දතී නම් නාග මානවිකාව කුස පිළිසිද ඉපිදුන බව සදහන් වේ. එම නිසා ශ්‍රී ලාංකීය උත්පත්තියක් ඇති බව සැලකේ.මුලින්ම ශ්‍රී ලංකාවේ දෙවුන්දරට වැඩමවා පසුව අලුත් නුවර නම් ග්‍රාමයට පැමිණිය බව සදහන් වේ.අලුත්නුවර තිබු උක් හේනක් දැක එය ගල් බවට පත කල වූ බැවින් උක්ගල්අලුත්නුවර යයි ප්‍රසිද්ධ වූ බව පුරවෘර්ත වල සදහන් වේ.

    මලල,කවඩි,බංගලි වැනි දේශයන්ගෙන් යකුන් යක්ෂණියන් ගෙන්වා මා වේවැල් රැහැනින් ගල් කප්පවා දැනට පවතින අලුත්නුවර දැඩිමුන්ඩ දෙවියන්ගේ දේව මාලිගාව සැදීමට ඉඩ සකස් කල බව සදහන් වේ.

    අප අමා මෑණි සම්මා සම්බුදු බුදු රජාණන් වහන්සේ යක්ෂයන් දමන කරන විට සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාද එතනින් පලා ගියද සිද්ධ දැඩිමුන්ඩ දෙවියන් පමණක් රන් හීයක්‌ රන් දුන්නක් ඇත දරා
    "එක යකෙක් යක්ෂනියෙක් ඉදිරියට අවොත් මරම් යයි"
    යයි සිතාගෙන බුදු රජාණන් වහන්සේගේ ආරක්ෂාවට සිටි බව සදහන් වේ.එදා පටන් "සිද්ධ දැඩිමුන්ඩ දේවතා බණ්ඩාර ලොකු උන්නාන්සේ" යන ගෞරව නාමය පිළිගැන්විණ.

    එ වගේම වෙසමුණි රජුන් ද දැඩිමුන්ඩ දෙවියන්ගේම එක් අවතාරයකි.සදුන් කුමාර, මැණික් බණ්ඩාර, කීර්ති බණ්ඩාර යනුවෙන්ද හදුන්වන්නේ දැඩිමුන්ඩ දෙවියන්වමයි.දේව සභාවේද සුවිසෙස තැනක් හිමිය.වසර 5500ක් ශ්‍රී සම්බුද්ධ සාසනය සුරකින දෙවි කෙනෙකි.

    දැඩිමුන්ඩ දෙවියන්ද සම්බුදු සාසනයේ ඉන්නා බුදු දහම පිළිගන්නා දෙවි කෙනෙක් වේ. දෙවියන්ව පලතුරු වට්ටියකට කුලියට ගැනීමට නොහැක. එ අපිට වඩා කුසල් ශක්තියක් ඇතිව සිතු පතු සම්පත් සහිතව උපත ලබා ඇති බැවිනි.නමුත් පෞද්ගලික හිතවත් කමක් ඇත්නම් උදව්වක් ඉල්ලීම නම් අසාදාරණ නැත.