මරණයට එරෙහිව තැබූ මනුෂ්‍යත්වයේ වාර්තාව
දිනය 1960 වසරේ අගෝස්තු පළමුදා . ස්ථානය ඇමරිකාවේ යූටා හි Bonneville Salt flats යන ලෝක ගොඩබිම් වේග වාර්තා තබන ස්ථානය...
කඳුළු බිඳුවක හැඩය ගත් "ඇලිසන්" නම් වූ තම වැඩිදියුණු කළ මෝටර් රථයෙන් ඇතල් ග්රැහැම් නම් වූ ධාවකයා සිය ජීවිතය උගසට තබා මේ සැරසෙන්නේ 500 ක් පමණ වූ පිරිසක් ඉදිරියේ පැයට සැතපුම් 394 ක වේගයෙන් සිය මෝටර් රථය ධාවනය කර ලෝක වාර්තාව සියතට ගැනීමටයි.
ඇතල් ග්රැහැම් වුර්තියෙන් කාර්මික ශිල්පියෙකි. ඔහු වසර 36 ක් වූ සිය ජිවිත කාලයෙන් වැඩි කොටසක් මිඩංගු කලේ මෙම වාහනය ගොඩනැගීමටයි. අගහිගකම් රැසක් මැද තම නිවස පිටුපස තබාගෙන ඔහු ඉදිකළ මෙම මෝටර් රථයේ බඳ සාදා තිබුනේ පරණ ගුවන්යානා ඉන්ධන ටැංකියක් මගිනි. එහි අශ්ව බල 3000 කින් යුත් එන්ජිම, දෙවන ලෝක යුද්ධයෙන් පසු ඉවතලන ලද පැරණි ගුවන්යානයකිනි. වාහනයට යොදා තිබූ ඉන්ධන ඇතුළු ඉතිරි සියල්ල ණයට හෝ වෙනත් අනුග්රාහකයන්ගෙන් ලබාගත් ඒවා විය.
ඇතල් මෙන්ම ගැහෙන හදවතින් මේ දෙස බලා සිටින තවත් දෙදෙනෙකි....ඉන් එක් අයෙක් වූයේ අවුරුදු18 ක් වූ කෙසඟ කුඩා සිරුරකින් යුත් ඔටෝ ඇන්සන් ය....ඇතල් ගේ වාහනය හැදීමේ කර්තව්‍යය සාර්ථක කරගැනීමට මේ තරුණ කොලු ගැටයා සෑමවිටම ඔහු සමග දාඩිය මහන්සියෙන් වැඩ කළේය....
(මෙහි දකුණු පසින් පහළට එබීගෙන බලා ඉන්න කොටට කැපු හිසකෙස් ඇති තරුණයා ඔටෝ ය.)
කුඩා කළ සිටම දක්ෂ කාර්මික ශිල්පියෙකු වූ ඔහුගේ පියා රුපවාහිනී යන්ත්‍ර අලුත්වැඩියා කරන්නෙකි..
ඊට මදක් එහායින් සිටි තරුණ කාන්තාව සෙල්ඩින් ග්රැහැම් ය....ඇය ඇතල් ගේ ආදරණිය බිරිඳ වුවාය....
සුදුමැලි වූ මුහුණින් යුතුව සිය සැමියා දෙස බලා සිටි ඈ ඔහුගේ සෙවනැල්ල මෙන් නිරතුරුව සිටියා ය....හෙදියක වූ ඇය නිවසට අවශ්‍ය අමතර මුදල් හොයා ගැනීමට හැකි හැමවිටම අතිකාල සේවයේ යෙදෙමින් මහත් වෙහෙසක් දැරිය....සිය දරුවන් සිව් දෙනාද බලාගනිමින් ඇගේ වසර නවයක් වූ විවාහක ජීවිතය තුල මහත් වූ කැප කිරීම් සිය සැමියා වෙනුවෙන් කළාය...
තීරණාත්මක මොහොත එළැඹිණි.....සියල්ල සුදානම්ය...
සරල රේකාවක දිවෙන ධාවන පථය සැතපුම් එකොළහකින් යුතු ය...
පළමු සැතපුම් පහ තුල වාහනය ත්වරණය (accelerate) කළ යුතුය
ඊළඟ සැතපුම තුල උපරිම වේගය මැනීම සිදු වෙයි
අවසන් සැතපුම් පහ තුල වේගය බාල කර වාහනය නතර කරගත යුතුය
ඔටෝ, සෙල්ඩින් ඇතුළු සියලු ප්‍රේක්ෂකයන් සිටියේ ධාවන පථය නොපෙනෙන ස්ථානයක ය.....ඔවුනට ඇසුනේ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් එන විස්තර විචාරය පමණි.....එක් වරම එහි හඬ අවදි විය....
සියලු දෙනා වහ වහාම ධාවන පථය දිගේ ගියා.....සැතපුම් හයක් පමණ යද්දී මිනිස්සු වටවී සිටියා....සෙල්ඩින් එතනට යද්දී රැස්ව සිටි පිරිස දෙපසට වී ඇයට ඉඩ දුන්නා...
තැලී ඇඹරි ගිය වාහනය එහි විය....එහි අසලම වූයේ ඇතල් ග්රැහැම් ගේ කැඩී බිඳී ගිය නිසල දේහයයි....
මද වෙලාවකින් ඔවුන්ට ඇසුනේ ඉකි ගසමින් කෙනෙක් අඬන ශබ්දයයි....ඒත් ඒ සෙල්ඩින් ගෙන් නොව....තරුණ ඔටෝ ගෙනි....ඔහු පැත්තකට වී සුන්බුන් වූ වාහනයට හේත්තු වී ඉකිබිඳින්නට විය....
වහා ඇතල් ව රෝහල්ගත කළද ඉන් පැයකට පසු ඔහු මෙලොව හැර ගියේය....සෙල්ඩින් ඉන් පෙර කොතෙකුත් මරණය දැක තිබුනද එදා ඈ කිසි දිනක නොවූ ලෙස හඬා වැළපුනාය....
දරුවන් සිව් දෙනෙකු සමග ඇය මෙලොව තනි විය.....රක්ෂණ සමාගම් ද සිය සැමියාගේ රක්ෂණ මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කළේ ඔහුගේ මරණයේ ස්වභාවය ගැන කියමිනි....ඔහුගේ ගරාජය ණය තුරුස් වලට සින්න කරන්න සිදුව ඇත....කර කියාගන්න දෙයක් නැතිව ඈ සුන්බුන් ගොඩක් වූ සිය සැමියාට මරු කැඳවූ කාරය ද ගෙන වැන්දඹුවක ලෙස ගෙදර ගියා ය...
මේ අතර salt lake flats හි සංවිධායකයන්, අරමුදලක් මගින් ඇයට ඩොලර් 3000 ක මුදලක් ලබා දුනි....යාන්තමට එකතු වී තිබූ බිල් ටික ගෙවාගැනීමට ඒ මුදල ප්‍රමාණවත් විය...
මේ අතර ඇය උසාවි මාර්ගයෙන් ඇතල් ගේ රක්ෂණ මුදල් ලබාගත්තාය...එය මහත් අස්වැසිල්ලක් විය....ඇය ඒ මුදලින් නිවසේ අලුත්වැඩියා කටයුතු ද කළාය....ක්‍රියා විරහිත වී තිබූ නිවසේ රුපවාහිනි යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට දිනක් ඇය ඔටෝ ගේ පියා කැඳවුවා ය...යන්ත්‍රය අලුත්වැඩියා කරන අතුරතුර ඔවුන් දෙදෙනා කතා බහේ යෙදුනා....ඔහු අලුත්වැඩියා කටයුත්ත නිම කර එදා එම නිවසෙන් ගියේ සෙල්ඩින් ගේ සිතට තවත් ගැටළුවක් එක්කර ය....
එදින රෑ ඇය රුපවාහිනිය බැලුවද ඇයට එහි කිසිවක් නොපෙනිණි....නොඇසිණි....ඇගේ හිතේ වැඩ කළේ වෙනත් දෙයකි....කෙසේ වුවද ඇය එදින නින්දට ගියේ තීරණයක් ගෙන ය....
පසු දින ඇය ඔටෝ ව සිය නිවසට කැඳෙව්වා ය...."ඔටෝ....ඔයාට පුලුවන්ද මේ වාහනේ ආපහු හදන්න " ?
ඔටෝගේ මුහුණ ප්‍රාණවත්ව එලිය වැටිණි....
"ඔව් මම හිතන්නෙ ඇලිසන් ට ප්‍රශ්නයක් නෑ (ඇලිසන් යනු එම කාරයේ නමයි) ....මම මේකේ බැඳිලා තිබ්බ ලුණු සේරම කලින්ම හේදුව.....මට පුළුවන් ඇතල් හැදුව වගේම මේක හදන්න....ඔහු දැඩි අධිෂ්ටානයෙන් යුතුව කීය.....
"හොඳයි...එහෙනං වැඩ පටන්ගන්න " ...ඇය සිනාසෙමින් කිවා ය...
සෙල්ඩින් හා ඔටෝ දැඩි ලෙස වෙහෙසෙමින් කාරය නැවත ගොඩනැගීමට පටන්ගත්තා....ඒ දෙදෙනා එක්ව සැතපුම් සීයක් ඇතුලත තියෙන හැම ගරාජයකම....පරණ බඩු කඩයකම වාහන කොටස් සොයමින් ඇවිද්දා.....මේ වැඩේට අධික මුදලක් යන බව සෙල්ඩින් දැන හිටියත් ඇය උත්සාහය අතහැරියේ නෑ....
වාහනේ බර කොටස් එසවීමට ඔවුන්ට චේන් බ්ලොක් හෝ වෙනත් උපකරණ තිබුනේ නෑ....ඒ නිසා ඒ හැම දේකටම සෙල්ඩින් ඔටෝ ට උදව් කළා...නිය ආලේපන ...පුයර වෙනුවට කළුපැහැති මජන් හා ග්‍රීස් වලින් ඇගේ අතැගිලි හා මුහුණ වැසී තිබුණා....
ශීත ඉර්තුවේ ඔවුන් ගරාජය තුල කුඩා භූමිතෙල් උදුනක් තියාගෙන දිවා රෑ නොබලා වැඩ කළා....
සමහර වෙලාවට ඔටෝ ට දැඩි වෙහෙස නිසා වාඩි වී විවේක ගන්න සිදු උනා..."සමාවෙන්න...මගේ ශරීරයේ ලේ අඩුකමක් (anemia) තියෙනවා...හැබැයි ඒක මම ප්‍රශ්නයක් කරගන්නෙ නැහැ"....ඔහු ඒ වෙලාවට කිව්වා....
මේ දෙන්නගේ වැඩ ගැන පුවත ඉක්මනින් පැතිරුනා.....ඇයට අනුකම්පාවෙන් පිහිට වූ පිරිස් ඇයට එරෙහි වන්නට වුණා....
දිනක් ඇයට මගදී මුණගැසුණු කාන්තාවක් බොහොම කේන්තියෙන් පැවසුවේ...."මම ඔහෙට ඩොලරයක් එව්වා...ඒක එව්වේ ඔහේගේ දරුවන්ට මිසක රේසිං කාර් හදන්න නෙවෙයි"
ඇයට දෝෂාරෝපණය කරමින් පුවත්පත් වල ලිපි පළවුණා....
නිවසට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුම් වලින් ඇයට බැන වැදුණා....
ඇයට නින්දා කරමින් ලියුම් ලැබුනා...
ඒත් මේ කිසි දේකින් ඇය සැලුණේ නෑ.....
තමන් කරන මේ වැඩේ ඇත්තටම හරිද කියල අයම හිතපු වාර ගණන අනන්තයි....ඒත් ඒ බව කිසිවිටෙක ඇය පිට අයට පෙන්නුවේ නෑ....විශේෂයෙන් මහත් උද්යෝගයෙන් බලපොරෝත්තුසහගත ව උන්නු ඔටෝ ට....
කාලයක් යද්දී වාහනේ වැඩ කටයුතු අවසානයට ළඟා වුණා.....ඒ වනවිට ඇය ඒ වෙනුවෙන් ඩොලර් 12 000 ක් පමණ වැය කර තිබුනා....
වාහනය නැවතත් salt lake හි ධාවනය කිරීම ඇගේ අභිප්‍රාය වුණා...මේ බව දැනුනාක් මෙන් ඔටෝ දවසක් ඇහුවා...."මම මෙයාව සෝල්ට් ලේක් වල ධාවනය කරන්නද ?"
එය ඉතාම අවදානම් සහගත විය....ඔහු තවමත් කුඩා දරුවෙක් මෙනි....එහෙත් වසර දෙකක් පුරාවට කැපවීමෙන් නිමකළ වාහනය ධාවනය කළ යුතුය....ඒ සඳහා ඔටෝ ගේ දෙමාපියන් අවසර ලබා දුනි....
සෙල්ඩින් හා ඔටෝ එක්ව වාහනය නැවත බොන්විල් වෙත රැගෙන ගියා....මදක් චකිතයෙන් හිටියත් ඔටෝ සිටියේ මහත් උනන්දුවකින්.....
ඔටෝ සඳහා ලැබුණු පාස් එක
උද්වේගකර මොහොත උදා විය....අවසන් වරට දෙදෙනා ධාවන කටයුතු කතිකා කරගත්හ....වාහනය සඳහා යොදා තිබුනේ අවසන් වරට තිබුණු පරණ ටයර් ම ය....අලුත් ඒවා ගැනීමට තරම් ඔවුනට වත්කමක් නොවීය...ඒ නිසා අධික වේගයකට නොයන ලෙස ඈ ඔටෝ ට කිවා....
"300 ට අඩුවෙන් වේගය තියාගන්න"....
ඈ අවසන් වරට කීය....ඔටෝ ඈ දෙස බලා මද සිනාවක් පෑවේය...
වසර දෙකකට පෙර වූවාක් මෙන් ඔටෝ මෙවර ධාවන පථය වෙත කාරය ගෙන ආවේ ය....සංඥාවත් සමග වාහනය වේගයෙන් ඉදිරියට ඇදෙන්නට විය.....සෙල්ඩින් ගේ පපුව වේගයෙන් ගැහෙමින් තිබිණ.....ඔහු පලමු....දෙවන...තෙවන....සිව්වන සැතපුමද පසු කළේ ය.....පස්වන සැතපුමද පසු කර වේගය මනින සීමාවට පැමිණියේය.....
"උපරිම වේගය පැයට සැතපුම් 254 යි "
ශබ්ද විකාශන යන්ත්‍රයෙන් කියවිණි....සියලු දෙනාම ඔල්වරසන් හඬ දෙන්නට වූහ......
ඔටෝ ආරක්ෂිතව ගමන නිමා කළේය....ඔහු වේග වාර්තාවක් තැබුවේ නැත...ඔහු තැබුවේ නොපසුබට උත්සාහයේ වාර්තාවයි......
......................................................................
ඉන් මසකට පසු ඔටෝ ව රෝහල්ගත කෙරිණි.....සෙල්ඩින් ඔහුව බැලීමට පැමිණියා ය....ඇඳ අසලට ඈ පැමිණි විට ඔහු සිය මලානික ඇස් ඇර අමාරුවෙන් ඇය හා සිනාසුනා ය....
"වාහනය පදෙව්වට පස්සෙ මගෙ ඔලුව ඉදිමුණේ නෑ නේද ? "
"නෑ...හැබැයි ඊළඟ අවුරුද්දේ නම් එහෙම වෙයිද කියන්න බෑ " ...සෙල්ඩින් කීය...
ඇය ඉක්මනින් ඔහු සිටි කාමරයෙන් පිටතට ආවේ ඇගේ කඳුළු ඔහු දකීවි යැයි බයෙනි....දොස්තරවරු ඇයට පවසා තිබුණේ මේ අවසානය බවයි....
එදා ඔටෝ ගේ පියා සෙල්ඩින් ගේ නිවසේ රුපවාහිනී යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට පැමිණි අවස්ථාවේ ඇය හා පැවසු දේ ඇගේ ජීවිතයම වෙනස් කළේය....ඔහු එදා කිව්වේ තම පුතු වන ඔටෝ ...ලියුකේමියා රෝගයෙන් පෙළෙන බවයි.....
ඔටෝ , ඇතල් සමග වැඩ කරන කාලයේ ඔහුට රෝගය හටගෙන තිබිණ.....ඇතල් ට සිදුවූ අනතුරත් සමග ඇති වූ මානසික කම්පනය නිසා ඔටෝ ගේ සෞඛ්‍ය තත්ත්වය වේගයෙන් පිරිහෙන්නට විය...ඔහුට ජිවත් වීමට වැඩි කාලයක් ඉතිරි ව තිබුණේ නැත....
මේ නිසා සෙල්ඩින් කල්පනා කළේ ඔටෝ ට ඔහුගේ රෝගය රහසක් ලෙසම තබාගැනීමයි.....ඇත්ත ඔහුට පවසා... ඔහුගේ අවසන් කාලය විදවනවාට වඩා ඔහුගෙන් ඇත්ත වසන් කර......ඔහුගේ අවසන් කාලය ජිවිතයේ හොඳම කාලය ලෙස ඔහුව ජිවත් කරවීමට එදා ඇය කල්පනා කළා ය...මේ සඳහා එකම පිළියම වූයේ ඔටෝ මහත් සේ ඇලුම් කළ මෝටර් රථයයි.....
සෙල්ඩින් ට සමාජය විසින් අනේක විධ නින්දා අපහාස කරද්දී ඇය ඒ සියල්ල දරා සිටියේ කාට හෝ ඇත්ත තත්ත්වය කිවහොත් එය ඔටෝ ට කෙසේ හෝ ආරංචි විය හැකි බවයි....එබැවින් ඈ ඒ සියල්ල ඉවසුවා ය....
1962 වසරේ නොවැම්බර් 24 වන දින ඔටෝ සදහටම දෑස් පියාගත්තේ ය....
ඔහුගේ අවසන් කටයුතු කෙරෙන දින ඔටෝ ගේ පියා සෙල්ඩින් හමු වීමට පැමිණියේය.....
"නෝනා...කරුණාකරල අවමංගල්‍ය සේවාවේදී ඔබතුමිය පවුලේ අය සමග එකට ඉඳගන්න....."
ඇය ඊට අදී මදි කළා ය
"අනේ නෝනා....ඔබතුමිය නිසා මගේ දරුවගේ ජිවිතේ අන්තිම අවුරුදු දෙක එයා හොඳින්ම ජිවත් වුණු කාලය වුණා....ඒක මටවත් එයාගේ අම්මටවත් කරන්න බැරි දෙයක්...ඔබතුමිය අපේ පවුලේම කෙනෙක් නෝනා..."
අවසන් කටයුතු කෙරෙද්දී සෙල්ඩින් , ඔටෝගේ පවුලේ අය සමග එකට ඉඳගත්තාය......එදින අවමංගල්‍ය කතාවේදී සෙල්ඩින් ගැන ද ප්රශංසාත්මක ව කතා කෙරිණි....ඇය විසින් කරන ලද කැප කිරීම පිළිබඳව මිනිස්සු පළමුවරට දැනගත්හ.....
සෙල්ඩින් මෙම කාලය පුරාවට සිදු කළේ රේසිං කාරයක් හදනවට වඩා බොහොම ඔබ්බට ගිය දෙයක් බව.... ඇයට ගැරහු....නින්දා අපහාස කළ සියලු දෙනා අවබෝධ කරගත්තා....

"ඔහු ගමන් ඇරඹුවා"
"ඔහු පළමු සැතපුම පහු කළා"
"ඔහු දෙවන සැතපුමත් පහු කළා"
......
......
......
"වාහනය අනතුරකට ලක් වුණා" !!!!!

සෙල්ඩින් අද තම පුතා වන බුච් ග්රැහැම් සමග
මේ කථාව මම පරිවර්තනය කරේ 1963 අවුරුද්දේ Reader's Digest නොවැම්බර් කලාපයේ පල වුණු..."Race against Death" කියන ලිපියෙන්.....මේක Drama in Real Life හෙවත් සත්‍ය කතා අංශයේ තිබුණේ..පින්තුර පස්සෙ අන්තර්ජාලයෙන් හොයාගත්ත...වටින දෙයක් නිසා ඔයාල එක්ක බෙදාගන්න හිතුනේ....
හොඳනම් කියන්න

Last edited: