
එහෙම කියන්න එපා බං
අපි හිතමු අපේ අම්මයි අප්පච්චියි ගැන එයාලගේ පැත්තෙන්
ඒ කියන්නේ අම්මගෙයි අප්පච්චිගෙයි අතර තියෙන බැඳීම ගැන
ඒ බැඳීම මැරෙනකල් ඉන්න ඕනි නෑනේ බලාගන්න
මොකද ඒ බැඳීමේ අතිසාර්ථක භාවය අපි දිහා බලපුවාම පේනවා
අපි ඒ කියන්නේ දරුවෝ තමයි එයාලගේ බැදීමේ අන්තිම ප්රථිඵලය
මං කියන්නෑ හැම දෙමව්පියෙක්ම එක වගේ හොද බැඳීමකින් ඉන්නවා කියලා
ඒත්...
ගොඩාක් අයගේ බැඳීම අතිසාර්ථකයි
ඒ වගේ බැඳීමක් අපේ ජීවිතේටත් එනවාමයි
ඒක හොදට තේරුම් අරන් ඇති කරගන්න අපි දැනගන්න ඕනි
තව ඔය හොදම යාලුවෙක්
නෑදෑයෙක්
වගේ සාර්ථක බැඳීම් අපිට ඇති වෙන්න පුලුවන්