රෝස_සිතුවමක්_Updating

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
රෝස_සිතුවමක්_Updating

ඔන්න එළකිරියේ නවකතා කියවන්න කැමති අයට මං ලියන අලුත් නවකතා අද ඉඳල රසවිඳින්න පුළුවන්. මේ නවකතාව මං මීට අවුරුද්දකට කලින් දාපු "ජීවිතයම වූ ආදරය" හා සම්බන්ධයි. මොකද "ජීවිතයම වූ ආදරය" ත්‍රෙඩ් එකේ ගියේ මගේ පුද්ගලික අත්දැකීමක් නිකන්ම කතාවක ආකාරයෙන්. ඒ අත්දැකීම් හා තවත් දේවල් එකතු කරලා නියම නවකතාවක ස්වරුපයෙන් තමා මගේ අලුත්ම කතාව "රෝස සිතුවමක්" එන්නේ.

මාත් නවකතා කියවන්න ආසයි එළකිරියේ ආර්ගන්ගේ "තරුවකට පෙම්කලෙමි" මං අනිවාර්යෙන් කියවන කතාවක්. ආර්ගන්ට තරම් ලිවීමේ හැකියාවක් නොතිබුනත් මං පුළුවන් තරම් හොඳින් මේ කතාව ලියන්න උත්සහ කරනවා. එලකිරියට සමාන්තරව මේ කතාව මගේ බ්ලොග් එක ජීනියස්ගේ බ්ලොගිය තුලත් පලවෙනවා.පුළුවන් වෙලාවක මගේ බ්ලොගිය පැත්තේ ආව කියල අමනාපයක් එහෙම නෑ..:rolleyes: ඉතින් මං හිතනවා එළකිරියේ කට්ටිය මේක කියවල කමෙන්ට් දායි, අඩුපාඩු පෙන්වල දෙයි කියල ඔන්න එහෙනම් රසවිඳින්න..

රෝස සිතුවමක්

wallpaper5250.jpg

Last edited:

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE

දෙසැම්බර් නිවාඩුව ලැබිලත් දින කීපයක් ගතවුණා.. ඒත් ප්‍රගති වාර්තා පොත දකිද්දී මතක් වෙන්නේ ගණන් වලටයි ඉංග්‍රීසි වලටයි ලැබුණු ලකුණු.. තව අවුරුදු දෙකකට පස්සේ එන දෙසැම්බර් වල සාමාන්‍ය පෙළ විභාගයට මෙහෙම වුනොත් කරන්නේ මොකක්ද.. මං මෝඩයෙක්ද?

නවය ශ්‍රේණියේ අවසන් වාර පරීක්ෂණයට ලැබුණු ලකුණු ගැනයි සඳුන් මෙහෙම දුක් වුනේ.

මේ 2003 අවුරුද්දේ දෙසැම්බර්. සඳුන් අකලංක ෆොන්සේකා හිටියේ නවය ශ්‍රේණියේ. ලබන අවුරුද්දේ ඉඳල දහය ශ්‍රේණියේ අධ්‍යන කටයුතු ආරම්භ වෙනවා. අවසන් වාර පරීක්ෂණයට ගණිතයට 36 ක් හා ඉංග්‍රීසි වලට 42 ක් බැගින් ලැබුන ලකුණු නිසා සඳුන් බොහොම කම්පාවෙන් හිටියේ.

සඳුන්ගේ තාත්තා හිටියේ පිටරට. තමුන්ට කියල ගෙයක් හදාගන්න ඕන නිසයි සඳුන්ගේ තාත්ත රට ගියේ. තාත්තා වැඩ කරන තැනින් ලැබුන ලෝන් එක නිසා ඉඩමක් අරගන යම්තාක් දුරකට ගෙදර වැඩ කරගන, තට්ටු දෙකකට හදන්න සැලසුම් කරපු නිවසේ ස්ලැබ් එක දාගන, කපරාදු නොකරපු ගෙදර පොලවට බොරළු තියෙද්දී අනුන්ට ගෙවල් කුලී ගෙවන්න ඕන නෑ පසුකම් අඩුවෙන් හරි තියෙන අපේ තැනට යමු කියල අලුත් ගෙදර පදිංචියට තාත්තා එපා කියද්දී සඳුන්ලා ආවේ අම්මගේ උවමනාවටමයි.
අම්ම තමයි හැමදේටම සදුන්ටයි, සඳුන්ගේ නංගිටයි ලඟින් හිටියේ. සඳුන් තමා පවුලේ වැඩිමල් දරුවා. තාත්තා පිටරට ඉඳල එවන මුදල් වලින් තනියම මේ ගෙදර හදල මේ තත්වෙට ගෙනාවේ සඳුන්ගේ අම්ම. නිදාගන්න කාමරේට විතරක් බිමට කොන්ක්‍රීට් දාල බිත්ති කපරාදු කරගත්තේ සඳුන්ගේ තාත්තගේ බලවත් උවමනාවට. කොච්චර අමාරුවෙන් අපහසුවෙන් ජීවිතය ගැටගහ ගත්තත් සඳුන්ගේ තාත්ත, සරත් අම්ම ජයනිට කිවේ දරුවොන්ට අඩුවක් කරන්න, දුක් විඳින්න දෙන්නෙපා කියල. ලෝන් එක නිසා ගේ මෙහෙම හරි හැදුවට ලෝන් එකේ වාරිකත් ගෙවන අතරේ එදිනෙදා වියදමට් මහා ලොකු මුදලක් ගෙදරට එවන්න සරත්ගේ රියදුරු රැකියාවේ වැටුපට පුළුවන් වුනේ නෑ. ඒත් ජයනි කොහොම හරි ගැටගහන දරුවෝ දෙන්නත් එක්ක ජීවිතය ගෙනගියා.

"වතුර ටික පුරවමුද පුතේ රෑ වෙන්න කලින්?"

අම්මගේ හඬින් සඳුන් ගැස්සිලා ගියා.

හැමදාම හවසට අම්මගෙයි පුතාගෙයි අනිවාර්ය කාරියක් වුනේ නලජලය නැති සඳුන්ලගේ ගෙදර නානකමරේ තිබුන වතුර එකතු කරන ලොකු බුලියට වතුර පුරවන එක. එක්කෙනෙක් ලිඳෙන් වතුර ඇදල බාල්දි වලට පුරවද්දී අනිත් කෙනා බාල්දි වලින් ඒ වතුර අරන්ගිහින් නානකාමරයේ බුලියට පුරවනවා. හැමදාම අම්මයි අයියයි වතුර පුරවද්දී වයස අවුරුදු 8 වුන සඳුනිත් ලිඳ ලඟට වෙලාම ඉන්නවා. ඈටත් අම්මට අයියට උදවු කරන්න උවමනා වුනත් සඳුන් අමාරුවෙන් උස්සගන යන වතුර බාල්දි දෙකෙන් එකක්වත් උස්සාගැනීමට හිතේ ශක්තිය හැරෙන්න ගතේ ශක්තියක් පුංචි සඳුනි තුල නොවීය

වතුර පුරවල ඉවර වෙලා සඳුන් ඇඟපත හෝදගන ගේ ඇතුලට ආව. කාමරයට වෙලා පාඩම් පොතක් අරගන ලියන මෙසේ ළඟ වාඩිවෙලා ඉද්දි සඳුන්ට ඇහෙනවා අම්ම කුස්සියේ පොල්ගානව. රෑට කන්න මොනවා හරි හදනවා ඇති කියන සිතුවිල්ලත් එක්ක සඳුන්ට මතක් වුනේ දින කීපයකට කලින් ගෙවුන සඳුන්ගේ අම්මගේ උපන්දිනය දවස.

හැම මාසෙකටම මුල් සතියේ සරත් ගෙදරට සල්ලි එව්වා. අවුරුද්දේ අග නිසා ජයනි මාසේ මුලම සල්ලි ටික ඉවර වෙන්න කලින් සඳුනිටයි සඳුන්ටයි අලුත් ඇඳුම් ටිකක් ගත්තේ මාසේ අග වෙද්දී අතේ පිච්චිය නැතිවෙන වෙලාවල් තියනවා කියල අත්දැකීමෙන් දන්න නිසා. කොහොමත් පාසල් යන දරුවන් සිටින පවුලකට දෙසැම්බර් මාසේ වියදම් වැඩිම මාසයක් වුනේ නව පාසල් වාරයට දරුවන්ට අවශ්‍ය පොත් පත්, නිල ඇඳුම්, පාවහන් ආදියද මිලට ගතයුතු නිසාමය. දරුවන්ට අලුත් අවුරුද්දට අවශ්‍ය කළමනා ගත්ත ජයනි තමුන්ගේ උපන්දිනය තියන මාසේ වුනත් කිසිම දෙයක් ගත්තේ නෑ. ඒත් සරත් දුරකථනෙන් කතා කරපු වෙලේ ජයනිගෙන් උපන්දිනේට ගත්තේ මොනවාදැයි ඇහුවත් ජයනි ඒ කතාවෙන් හෙමිට ලිස්සායන්න දක්ෂ වුනේ තම සෙනෙහෙබර ස්වාමියාට බොරුවක් කියන්න තිබ්බ අකමැත්ත නිසායි..

ජයනිගේ උපන්දිනය යෙදුන දෙසැම්බරයේ තුන්වෙනි සතියේ දිනක උදේම සරත් ජයනිට කතාකරල සුභ පැතුවා. එවැනි දින වල සරත් ඉස්සල්ලම අහන්නේ "කිරිබත් හැදුවද?" කියයි. කිරිබත් කෑමට රුසියෙක් වුන සරත් ලංකාවේ සිටියදීත් මෙවැනි විශේෂ දින වලට කිරිබත් හදන්න ජයනිට බල කරයි. ඒ පුරුද්දටම සැම පවුලේ විශේෂ දිනයකම ජයනි උදේම කිරිබත් පිළියෙළ කරනවා..

අම්මගේ කිරිබත් වලට හොඳ හැටි වග කියූ සඳුන් කාමරයට වී පොතක් බලන විට අම්ම කාමරයට එබුනා

"පුතේ.."

උපන්දිනය දවසේ ජයනිගේ මුහුණ අඳුරු වී තිබුණි..

  • Like
Reactions: dhanu77

dhanu77

Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    ela machooo danwa nam digatama dhahan hebei magadi ana ana ithuru tikath dahan kiya kiya kiyanna ida thiyanna epaaa.. ehema bari nam nodaa hitihan.... rep + :) ;)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ela machooo danwa nam digatama dhahan hebei magadi ana ana ithuru tikath dahan kiya kiya kiyanna ida thiyanna epaaa.. ehema bari nam nodaa hitihan.... rep + :) ;)

    දැනටමත් මං 10 වෙනි කොටස ලියාගන යන්නේ.. කොහොමත් සෑම දින 7 - 10 අතර ප්‍රමාණයක් ඇතුලත කතාව අප්ඩේට් වෙයි. එහෙම කරන්නෙත් කියවන අයට බාදාවක් නොවෙන්න

    බය නොවී දිගටම රැඳෙන්න.. මේක මෙගා වෙන්නේ නෑ. මොකද කතාවේ අග වෙනකල් ෆ්ලෝ එක ලියල ඉවරයි. ඒ සැකිල්ලට අනුවයි කතාව යන්නේ

    කමෙන්ට් එකට බොහොම ස්තුතියි
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    දෙසැම්බර් නිවාඩුව ලැබිලත් දින කීපයක් ගතවුණා.. ඒත් ප්‍රගති වාර්තා පොත දකිද්දී මතක් වෙන්නේ ගණන් වලටයි ඉංග්‍රීසි වලටයි ලැබුණු ලකුණු.. තව අවුරුදු දෙකකට පස්සේ එන දෙසැම්බර් වල සාමාන්‍ය පෙළ විභාගයට මෙහෙම වුනොත් කරන්නේ මොකක්ද.. මං මෝඩයෙක්ද?

    නවය ශ්‍රේණියේ අවසන් වාර පරීක්ෂණයට ලැබුණු ලකුණු ගැනයි සඳුන් මෙහෙම දුක් වුනේ.

    මේ 2003 අවුරුද්දේ දෙසැම්බර්. සඳුන් අකලංක ෆොන්සේකා හිටියේ නවය ශ්‍රේණියේ. ලබන අවුරුද්දේ ඉඳල දහය ශ්‍රේණියේ අධ්‍යන කටයුතු ආරම්භ වෙනවා. අවසන් වාර පරීක්ෂණයට ගණිතයට 36 ක් හා ඉංග්‍රීසි වලට 42 ක් බැගින් ලැබුන ලකුණු නිසා සඳුන් බොහොම කම්පාවෙන් හිටියේ.

    සඳුන්ගේ තාත්තා හිටියේ පිටරට. තමුන්ට කියල ගෙයක් හදාගන්න ඕන නිසයි සඳුන්ගේ තාත්ත රට ගියේ. තාත්තා වැඩ කරන තැනින් ලැබුන ලෝන් එක නිසා ඉඩමක් අරගන යම්තාක් දුරකට ගෙදර වැඩ කරගන, තට්ටු දෙකකට හදන්න සැලසුම් කරපු නිවසේ ස්ලැබ් එක දාගන, කපරාදු නොකරපු ගෙදර පොලවට බොරළු තියෙද්දී අනුන්ට ගෙවල් කුලී ගෙවන්න ඕන නෑ පසුකම් අඩුවෙන් හරි තියෙන අපේ තැනට යමු කියල අලුත් ගෙදර පදිංචියට තාත්තා එපා කියද්දී සඳුන්ලා ආවේ අම්මගේ උවමනාවටමයි.
    අම්ම තමයි හැමදේටම සදුන්ටයි, සඳුන්ගේ නංගිටයි ලඟින් හිටියේ. සඳුන් තමා පවුලේ වැඩිමල් දරුවා. තාත්තා පිටරට ඉඳල එවන මුදල් වලින් තනියම මේ ගෙදර හදල මේ තත්වෙට ගෙනාවේ සඳුන්ගේ අම්ම. නිදාගන්න කාමරේට විතරක් බිමට කොන්ක්‍රීට් දාල බිත්ති කපරාදු කරගත්තේ සඳුන්ගේ තාත්තගේ බලවත් උවමනාවට. කොච්චර අමාරුවෙන් අපහසුවෙන් ජීවිතය ගැටගහ ගත්තත් සඳුන්ගේ තාත්ත, සරත් අම්ම ජයනිට කිවේ දරුවොන්ට අඩුවක් කරන්න, දුක් විඳින්න දෙන්නෙපා කියල. ලෝන් එක නිසා ගේ මෙහෙම හරි හැදුවට ලෝන් එකේ වාරිකත් ගෙවන අතරේ එදිනෙදා වියදමට් මහා ලොකු මුදලක් ගෙදරට එවන්න සරත්ගේ රියදුරු රැකියාවේ වැටුපට පුළුවන් වුනේ නෑ. ඒත් ජයනි කොහොම හරි ගැටගහන දරුවෝ දෙන්නත් එක්ක ජීවිතය ගෙනගියා.

    "වතුර ටික පුරවමුද පුතේ රෑ වෙන්න කලින්?"

    අම්මගේ හඬින් සඳුන් ගැස්සිලා ගියා.

    හැමදාම හවසට අම්මගෙයි පුතාගෙයි අනිවාර්ය කාරියක් වුනේ නලජලය නැති සඳුන්ලගේ ගෙදර නානකමරේ තිබුන වතුර එකතු කරන ලොකු බුලියට වතුර පුරවන එක. එක්කෙනෙක් ලිඳෙන් වතුර ඇදල බාල්දි වලට පුරවද්දී අනිත් කෙනා බාල්දි වලින් ඒ වතුර අරන්ගිහින් නානකාමරයේ බුලියට පුරවනවා. හැමදාම අම්මයි අයියයි වතුර පුරවද්දී වයස අවුරුදු 8 වුන සඳුනිත් ලිඳ ලඟට වෙලාම ඉන්නවා. ඈටත් අම්මට අයියට උදවු කරන්න උවමනා වුනත් සඳුන් අමාරුවෙන් උස්සගන යන වතුර බාල්දි දෙකෙන් එකක්වත් උස්සාගැනීමට හිතේ ශක්තිය හැරෙන්න ගතේ ශක්තියක් පුංචි සඳුනි තුල නොවීය

    වතුර පුරවල ඉවර වෙලා සඳුන් ඇඟපත හෝදගන ගේ ඇතුලට ආව. කාමරයට වෙලා පාඩම් පොතක් අරගන ලියන මෙසේ ළඟ වාඩිවෙලා ඉද්දි සඳුන්ට ඇහෙනවා අම්ම කුස්සියේ පොල්ගානව. රෑට කන්න මොනවා හරි හදනවා ඇති කියන සිතුවිල්ලත් එක්ක සඳුන්ට මතක් වුනේ දින කීපයකට කලින් ගෙවුන සඳුන්ගේ අම්මගේ උපන්දිනය දවස.

    හැම මාසෙකටම මුල් සතියේ සරත් ගෙදරට සල්ලි එව්වා. අවුරුද්දේ අග නිසා ජයනි මාසේ මුලම සල්ලි ටික ඉවර වෙන්න කලින් සඳුනිටයි සඳුන්ටයි අලුත් ඇඳුම් ටිකක් ගත්තේ මාසේ අග වෙද්දී අතේ පිච්චිය නැතිවෙන වෙලාවල් තියනවා කියල අත්දැකීමෙන් දන්න නිසා. කොහොමත් පාසල් යන දරුවන් සිටින පවුලකට දෙසැම්බර් මාසේ වියදම් වැඩිම මාසයක් වුනේ නව පාසල් වාරයට දරුවන්ට අවශ්‍ය පොත් පත්, නිල ඇඳුම්, පාවහන් ආදියද මිලට ගතයුතු නිසාමය. දරුවන්ට අලුත් අවුරුද්දට අවශ්‍ය කළමනා ගත්ත ජයනි තමුන්ගේ උපන්දිනය තියන මාසේ වුනත් කිසිම දෙයක් ගත්තේ නෑ. ඒත් සරත් දුරකථනෙන් කතා කරපු වෙලේ ජයනිගෙන් උපන්දිනේට ගත්තේ මොනවාදැයි ඇහුවත් ජයනි ඒ කතාවෙන් හෙමිට ලිස්සායන්න දක්ෂ වුනේ තම සෙනෙහෙබර ස්වාමියාට බොරුවක් කියන්න තිබ්බ අකමැත්ත නිසායි..

    ජයනිගේ උපන්දිනය යෙදුන දෙසැම්බරයේ තුන්වෙනි සතියේ දිනක උදේම සරත් ජයනිට කතාකරල සුභ පැතුවා. එවැනි දින වල සරත් ඉස්සල්ලම අහන්නේ "කිරිබත් හැදුවද?" කියයි. කිරිබත් කෑමට රුසියෙක් වුන සරත් ලංකාවේ සිටියදීත් මෙවැනි විශේෂ දින වලට කිරිබත් හදන්න ජයනිට බල කරයි. ඒ පුරුද්දටම සැම පවුලේ විශේෂ දිනයකම ජයනි උදේම කිරිබත් පිළියෙළ කරනවා..

    අම්මගේ කිරිබත් වලට හොඳ හැටි වග කියූ සඳුන් කාමරයට වී පොතක් බලන විට අම්ම කාමරයට එබුනා

    "පුතේ.."

    උපන්දිනය දවසේ ජයනිගේ මුහුණ අඳුරු වී තිබුණි..

    රෝස සිතුවමක් දෙවැනි කොටස

    ජීනියස්ගේ බ්ලොගියෙන් එකතු වෙන්න

    අම්මගේ කිරිබත් වලට හොඳ හැටි වග කියූ සඳුන් කාමරයට වී පොතක් බලන විට අම්ම කාමරයට එබුනා

    "පුතේ.."

    උපන්දිනය දවසේ ජයනිගේ මුහුණ අඳුරු වී තිබුණි..

    "ඇයි අම්මේ? මොකද නිකන් අමුතු වෙලා වගේ.."

    "ගෙදර හාල් ඉවරයි පුතේ.."

    "ඉතින් සල්ලි දෙන්න මං බඩාගේ කඩෙන් හාල් ගේන්නම්"

    "තාත්තා එවපු සල්ලි ඉවරයි පුතේ, මං නයනා ඇන්ටි ඉන්නවද බැලුව අතමාරුවක් කරගන්න ඒ මිනිස්සුත් ට්‍රිප් එකක් ගිහිල්ල.."

    "එහෙනම් මං පියදාස කඩෙන් පොතට හාල් කිලෝ එකක් ගේන්නද?" බඩාගේ කඩෙ ළඟ තිබුනත් ණයට නොදෙන නිසායි සඳුන් දුර තියන පියදාස කඩේට යන්නම් කිවේ.

    පියදාස කඩේන් හැමෝටම ණයට ලැබුනේ නෑ. හරියට ණය පියවන අය කීප දෙනාට විතරයි ණයට දුන්නේ.

    "හා එහෙනම් බලල ගේන්නකෝ.."

    ටී ෂර්ට් එකක් දාගන පාපැදියට නැගුනු සඳුන් ගියේ කිලෝමීටර් කීපයක් දුරින් ඇති පියදාස කඩේටයි.

    "කෙලියනේ තාප්පෙටම.." සඳුන්ට කියවුනේ පියදාස කඩේ පේන මානෙට එද්දීමය

    පියදාස කඩේ වහල. බයිසිකලය හරවගත්ත සඳුන් ආයි එන්න පටන්ගත්තේ දවල්ට කන්නේ මොනවාදැයි කල්පනාකරමින්..

    ගෙදර ඇවිත් කඩේ වහලා යයි අම්මට කියද්දී, අම්ම අහක බලාගත්තේ ඇගේ දෑසින් පිටවුන කඳුල සඳුන්ගෙන් සඟවන්නය. ඒත් එක්කම කුස්සියට ආව සඳුනි කිවේ

    "අම්මේ බඩගිනියි....." කියාය

    දියණියගේ ඉල්ලීම හමුවේ ජයනිට ඉකිගසා හැඬුනි..

    කුඩා දියණිය ජයනි තුරුල්කරගත්තේ

    "මගේ උපන්දිනේ දවසේ උඹලට හරියට කෑම වේලක් හදාදෙන්න මට බැරිවුනානේ.." කියමිනි

    හිතට පැමිණි දුක්මුසු ආවේගයත් සමග සඳුන් හැල්මේ ගිහින් ගත්තේ අලවන්ගුවයි. අලවංගුව අතැතිව සඳුන් ගියේ අම්මා වගා කරතිබූ මයියොක්කා ගස් දිහාවටයි.. සඳුන් අම්මගේ ඇස් වල දුටු කඳුළු වල ආවේගය පිටකරගත්තේ මයියොක්කා ගස් ළඟ පොලව කොටමිනි.

    සඳුන් ටික වෙලාවකට පසු කුස්සියට ආවේ මයියොක්කා අල කීපයක් අතැතිවයි.

    "මේ තියෙන්නේ අම්මේ නියම කෑම.. මේ ටික තබලා ගමු. සම්බෝලෙකුත් හදාගත්තාම පන්කාදුයිනේ..."

    සඳුන් කිවේ දුක සැඟවූ මවාගත් සතුටකිනි.

    පවුලේ සිටින එකම පිරිමියාත්, වැඩිමහල් දරුවාගේත් වගකීම් මැනවින් හඳුනන සඳුන් සියලු දුක් හමුවේ ඔට්ටු වෙන අම්ම තාත්තාට සවියක් වීමට හැම වෙලේම උත්සහ කල දරුවෙකි. ඒ බව ජයනි හොඳින්ම දැනසිටියේය.

    "අයියේ.. කන්න එන්න...."

    Last edited: