රෝස_සිතුවමක්_Updating

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    aaaaaaaa wade negala yanawa ohoma yan ohoma yan, onna adayi kiyewwa aaaa, me eka newe sandunita duk wennna epa kiyapan, man eyaawa loku unaama balagannawa kiyala
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    තෙවැනි කොටස

    රෝස සිතුවමක් දෙවැනි කොටස

    ජීනියස්ගේ බ්ලොගියෙන් එකතු වෙන්න

    අම්මගේ කිරිබත් වලට හොඳ හැටි වග කියූ සඳුන් කාමරයට වී පොතක් බලන විට අම්ම කාමරයට එබුනා

    "පුතේ.."

    උපන්දිනය දවසේ ජයනිගේ මුහුණ අඳුරු වී තිබුණි..

    "ඇයි අම්මේ? මොකද නිකන් අමුතු වෙලා වගේ.."

    "ගෙදර හාල් ඉවරයි පුතේ.."

    "ඉතින් සල්ලි දෙන්න මං බඩාගේ කඩෙන් හාල් ගේන්නම්"

    "තාත්තා එවපු සල්ලි ඉවරයි පුතේ, මං නයනා ඇන්ටි ඉන්නවද බැලුව අතමාරුවක් කරගන්න ඒ මිනිස්සුත් ට්‍රිප් එකක් ගිහිල්ල.."

    "එහෙනම් මං පියදාස කඩෙන් පොතට හාල් කිලෝ එකක් ගේන්නද?" බඩාගේ කඩෙ ළඟ තිබුනත් ණයට නොදෙන නිසායි සඳුන් දුර තියන පියදාස කඩේට යන්නම් කිවේ.

    පියදාස කඩේන් හැමෝටම ණයට ලැබුනේ නෑ. හරියට ණය පියවන අය කීප දෙනාට විතරයි ණයට දුන්නේ.

    "හා එහෙනම් බලල ගේන්නකෝ.."

    ටී ෂර්ට් එකක් දාගන පාපැදියට නැගුනු සඳුන් ගියේ කිලෝමීටර් කීපයක් දුරින් ඇති පියදාස කඩේටයි.

    "කෙලියනේ තාප්පෙටම.." සඳුන්ට කියවුනේ පියදාස කඩේ පේන මානෙට එද්දීමය

    පියදාස කඩේ වහල. බයිසිකලය හරවගත්ත සඳුන් ආයි එන්න පටන්ගත්තේ දවල්ට කන්නේ මොනවාදැයි කල්පනාකරමින්..

    ගෙදර ඇවිත් කඩේ වහලා යයි අම්මට කියද්දී, අම්ම අහක බලාගත්තේ ඇගේ දෑසින් පිටවුන කඳුල සඳුන්ගෙන් සඟවන්නය. ඒත් එක්කම කුස්සියට ආව සඳුනි කිවේ

    "අම්මේ බඩගිනියි....." කියාය

    දියණියගේ ඉල්ලීම හමුවේ ජයනිට ඉකිගසා හැඬුනි..

    කුඩා දියණිය ජයනි තුරුල්කරගත්තේ

    "මගේ උපන්දිනේ දවසේ උඹලට හරියට කෑම වේලක් හදාදෙන්න මට බැරිවුනානේ.." කියමිනි

    හිතට පැමිණි දුක්මුසු ආවේගයත් සමග සඳුන් හැල්මේ ගිහින් ගත්තේ අලවන්ගුවයි. අලවංගුව අතැතිව සඳුන් ගියේ අම්මා වගා කරතිබූ මයියොක්කා ගස් දිහාවටයි.. සඳුන් අම්මගේ ඇස් වල දුටු කඳුළු වල ආවේගය පිටකරගත්තේ මයියොක්කා ගස් ළඟ පොලව කොටමිනි.

    සඳුන් ටික වෙලාවකට පසු කුස්සියට ආවේ මයියොක්කා අල කීපයක් අතැතිවයි.

    "මේ තියෙන්නේ අම්මේ නියම කෑම.. මේ ටික තබලා ගමු. සම්බෝලෙකුත් හදාගත්තාම පන්කාදුයිනේ..."

    සඳුන් කිවේ දුක සැඟවූ මවාගත් සතුටකිනි.

    පවුලේ සිටින එකම පිරිමියාත්, වැඩිමහල් දරුවාගේත් වගකීම් මැනවින් හඳුනන සඳුන් සියලු දුක් හමුවේ ඔට්ටු වෙන අම්ම තාත්තාට සවියක් වීමට හැම වෙලේම උත්සහ කල දරුවෙකි. ඒ බව ජයනි හොඳින්ම දැනසිටියේය.

    "අයියේ.. කන්න එන්න...."

    නංගිගේ හඬත් සමග කල්පනාදැහැන බිඳීගිය සඳුන් කුස්සියට යද්දී කටට කෙල ඉනුවේ මේසේ උද දුම් දමන පොල්රෝටි සමග හොඳට උම්බලකඩ දැමු ලුණුමිරිසකුත්, දවල් හදපු පොලොසුත් තිබුණු නිසායි.

    තිදෙනාම එක් වී කෑම ගන්න අතරතුර ජයනි මේසේ සදුන්ගෙන් ඇසිය

    "පුතේ.. විභාගෙට තව අවුරුදු දෙකයි. මේ පාර ඔයාට ඕනෑම විෂයන් වලට ලකුණුත් අඩුයි, අඩුමගානේ ඉංග්‍රීසි, ගණන්, විද්‍යාවටවත් පන්ති ගියොත් නේද හොඳ..?

    ඔයා පන්ති යන්නේ දෙමල වලට විතරයි, ඒ නිසා සිංහල වලට වඩා දෙමල වලට ලකුණු තියනවා.."

    අම්මා එසේ කියද්දී සඳුන්ට මේසේ සිතිනි, ඒ ගැන නම් කියලම වැඩක් නැත.. ඉස්කෝලේ දෙමල සර් හෙන කට්ටයා. ඉස්කෝලේ පීරියඩ් එකේ මොනවා හෝ දෙයක් කියවා ඇගයීමක් දෙයි. ඇගයීමට ලකුණු අඩු ළමුන් එකින් එකා ලඟට ගෙනවාගන

    "පුතා ඔයාගේ දෙමල දුර්වලයි.. හවස තියන මගේ පන්තියට එන්න.." යයි පවසයි

    ඒ නිසාම හැම කොල්ලෙක් වගේම සර්ගේ පන්තිවලට යයි.. ඒ නිසාම ඒ අයට ලකුණුත් වැඩිය. ගුරුදෙගුරු රැස්වීම දවසට දෙමළ සර් දෙමාපියන් සමගද ඔහුගේ පන්ති ඩිරෙක් මාර්කටින් කරයි. යන්තම් සාමාන්‍ය පෙලට දෙමල තෝරා නොගත් නිසා නැවත දෙමල පන්ති යායුතු නැත

    ඉංග්‍රීසි වලට එන කොමලයා මෙලෝ රහකට නැති එකෙකි. ආපු ගමන් පාඩම කියවාගන ගොස් "දැන් ඔකේ තියන කොම්ප්රිහෙන්ෂන් ටික කරන්න " කියමින් කොමලයා ගුරුපුටුවේ වාඩි වී ඉංග්‍රීසි නවකතා පොත් කියවයි. ගණන් උගන්වන ගුණේ ආපු ගමන් "හා හා ගමු ගමු පොත් ගමු " යයි කියමින් කලුලැල්ල පුරා සමීකරණ වගේ ඒවා ලියයි. අග කොහෙද මුල කොහෙද කියා සෙවීමට අපට තබා ගුණේටවත් බැරිය.. හැබැයි ගුරුදෙගුරු රැස්වීම දිනට සියලු ගුරාලා සුද්දවන්තයින්ය.. දෙමාපියන් හා කියන්නේ "මේ ළමයිත් කියන දේවල් තේරුනේ නැත්නම් අපෙන් අහන්න ඕන.. අපි ඕන වෙලාවක කියල දෙන්න ලෑස්තියි.." කියාය. නමුත් ඉතින් මේ කියන දේවල් තේරුනොත් බඩේපාර වදින්නේත් සර්ලාටමය, ඒ එයාලගේ පන්ති වලට එන ළමයි අඩුවෙන නිසා. හැබැයි මේ අතර අවන්කවම සේවයට කැපවුණු ගුරු දෙවිවරුන්ද නොසිටියා නොවේ

    ඉතින් ඔය අලකලංචි මැද්දේ අමතර පන්ති යන උන් පොරවල්ය.. නොයන අපි මැට්ටන්ය.. සංසාරෙක හැටි..

    "පුතේ...!! මොන ලෝකෙද ළමයෝ ඉන්නේ...?"

    "න්.. නෑ.. නෑ.. අම්මේ.. අම්ම කියන කතාව ඇත්ත.. පන්ති නම් යන්න ඕන නැත්නම් කරගන්න අමාරුයි"

    "ඒකනේ.. අර බණ්ඩාර සර්ගේ ගණන් පන්තිය හොඳයි කියල කීපදෙනෙක්ම කිව. අර වෙල ළඟ ගෙදර සුමනෙගේ කොලුවත් ගිය පාර ගණන් වලට B එකක් ගත්තේ ඔය පන්තියට ගිහින්නේ.. එකා හෙන මැට්ටේක්නේ.. වැඩ දෙක තුනක්ම ෆේල් ඒත් ගණන් ගොඩගියා බණ්ඩාර සර්ට පින්සිද්ද වෙන්න කියල සුමනෙගේ ගෑණිත් මාත් එක්ක කිව.."

    බණ්ඩාර සර් සඳුන්ලගේ ගමේම හිටිය මිශ්‍ර පාසලක ගණිත ගුරුවරයෙකි. ඔහුගේ ගණන් පන්තිය සාමාන්‍ය පෙළ සිසුන් අතරේ ජනප්‍රියය

    "හා අම්ම අහල බලන්නකෝ..."

    **********

    පහුවැනිදාම ජයනි බණ්ඩාර සර්ගෙන් පන්තිගැන විමසා තිබිණි..

    "ඔන්න පුතේ පන්ති තියෙන්නේ හැම බදාදාම 2.30 ඉඳල 5.30 වෙනකල් නැනසේ.. හෙට ඉඳල 10 වසරේ සිලබස් එක පටන් ගන්නවලු"

    හුටා!!! හෙට නේද බදාදා... ඔන්න සඳුනෝ ඕලෙවල් කරුමේ ගෙවන්න පටන්ගනින්!! සඳුන්ගේ හිත මිමිණීය

    "පලවෙනි දවසේ පන්ති කාඩ් එක ගන්න වෙයි.. අම්ම ළඟ සල්ලි තියනවද?"

    "හරි හරි මං ඒක දෙන්නම්කො..." ජයනි කීය

    සඳුන් මෙහෙම කල්පනාකරන අතරම හිතුවේ, කම්මැලි වුනා වගෙයැ විභාගේ ෆේල් වුනොත් වසල හමාරයි. පාරේ බැහැල යන්නේ කොහොමද? කමක් නෑ ඔන්න ඔහේ යනවා කියාය

    • Like
    Reactions: sameerasadaru

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    කතාව ලස්සනටම ලියල තියෙනවා...දිගටම මේ ලස්සන තියාගෙන ලියාගෙන යන්න...ඔන්න අපිත් කතාවට එකතු උනා....:)
     
    හතරවැනි කොටස

    "හරි හරි මං ඒක දෙන්නම්කො..." ජයනි කීය

    සඳුන් මෙහෙම කල්පනාකරන අතරම හිතුවේ, කම්මැලි වුනා වගෙයැ විභාගේ ෆේල් වුනොත් වසල හමාරයි. පාරේ බැහැල යන්නේ කොහොමද? කමක් නෑ ඔන්න ඔහේ යනවා

    කොහොම හිතුවත් සඳුන් කියන්නේ ගෙදරදිවත් පාසලේදිවත් දඩබ්බර චරිතයක් නෙමේ. එයා එයාගේ පාඩුවේ වැඩ ටික කරගන හිටියේ. නිවාඩු දවසකට ගෙවල් ළඟ යාළුවො එක්ක බයිසිකල් පදින්න, සෙල්ලම් කරන්න ගියොත් ඇරෙන්න සඳුන් ගෙදරින් එලිපහලියට බැහැල වැඩියේ ගියේ නෑ. ගෙදර ඉඳල කිලෝමීටර කීපයක් දුරින් තිබුන ඉස්කෝලෙට වුනත් ගියේ බයිසිකලේ. උදේට බයිසිකලේ ගිහින් ඉස්කෝලේ ඉවර වෙලා විනාඩි 15 ක් යද්දී සඳුන් ගෙදර එනවා. යාලුවෝ එක්ක කොහේ හරි ගියත් අම්මට යන තැන කියල තමා සඳුන් යන්නේ

    ජයනි වුනත් සඳුන්ගේ මේ ගතිගුණ නිසා ගොඩක් සැනසීමෙන් හිටියේ. මොකද තාත්තා ළඟ නැති නිසා කොල්ල රස්තියාදුකාරයෝ වගේ උන් එක්ක ආශ්‍රයට වැටුනොත් හදාගන්න අමාරු නිසා. සඳුනුත් මේ දේවල් ගැන දැනුම් තේරුම ඇතුව වැඩ කරපු ළමයෙක්. සරත් වුනත් සඳුන් වගේ දරුවෙක් ඉන්න එක ගැන ලොකු ආඩම්බරයකින් හිටියේ. සරත් එවන ලියුම් වල වුනත් ළඟ නැති වුනාට පියෙක්ගෙන් දරුවෙක් ලැබෙන්න ඕන අවවාද අනුශාසනා නොඅඩුව තිබුන

    පිරිමි ළමුන්ට පමණක් සීමා වුන විදුහල ඉගෙනගත්ත සඳුන්ට මිතුරෝ හිටියට මිතුරියෝ හිටියේ නෑ. උපකාරක පංති වලට නොගිය නිසා සඳුන්ට ගැහැණු ළමුන් ආශ්‍රය කිරීමට ලැබුනේ නැත්තේ ගිය එකම දෙමල පන්තියේත් හිටියේ ඉස්කෝලේ කොල්ලෝ විතරක්ම වීමයි. දහම් පාසලට කෙල්ලන් ආවත් සඳුන් ඔවුන් දිහාවත් බැලුවේ නැත්තේ ඔහුගේ කුලෑටිකම නිසායි. ඒත් නව යොවුන් වියේ හිටපු සඳුන් සමවයසේ කෙල්ලන් කොල්ලන්ට මෙන්ම යොවුන් හැඟුමන් මෝදුවෙමින් පැවතුන අවධියක් මේ.. නමුත් සඳුන් ළඟ පොඩි දුර්වල කමක් තිබුනා ඒතමා ගැහැණු ළමයි එක්ක කතා කරන්න තිබ්බ බය. හුඟක් පිරිමි පාසල්වල ළමුන්ට මේක තියනවා. කෙල්ලෙක් එක්ක කතා කරලා පහුවෙනිදට ඉස්කෝලේ ඇවිල්ල කොල්ලෝ රස කර කර කියන කතා පන්තිවල කොල්ලෝ කටවල් ඇරගන අහගන ඉන්නේ දේශපාලන රැස්වීමකට ගිය කීකරු පාක්ෂිකයෝ වගේ.

    මේවගේ කතා කියන කතානායක වුනේ චින්තක. චින්තක 9 පන්තියේ ඉද්දීම මිශ්‍ර පාසලක 11 වසරේ අක්ක කෙනෙක් එක්ක යාළුවෙලා හිටිය. යාළුවෙලා කිවේ හැමදාම හවසට බස් ස්ටෑන්ඩ් ගිහිල්ල අක්කව බස් එකට ඩ්‍රොප් කරනවා. ඕක තමා චින්තකගේ ලව් එක.. ඉතින් හැමෝම ඉස්කෝලේ එන්නේ උදේට, කලින් දවසේ වුන දේවල් ගැන චින්තගේ අප්ඩේට් අහන්න. චින්තකත් මේවා කියන්න රස කරලා. චින්තක හැම සතියෙම වගේ සුවඳ පෑන්, ලේන්සු, ස්ටිකර් කාඩ්, පොඩි චොක්ලට් වගේ තෑගි දෙන්න අරන් යන්නේ මුළු පන්තියටම පෙන්වල. ඉතින් කෙල්ලෙක් එක්ක යාළුවෙලා ඉන්න එකම එකා හින්ද චින්තක පන්තියේ හෙන පොරක්!!!

    ඔන්න ඉතින් එකී මෙකි නොකී තුරුණු හැගීම් හිතේ තෙරපෙන වයසේ හිටපු සඳුන් දවල් 12 ට විතර නාල කාල හෙයා ක්‍රීම් ටිකක් ගාල කොන්ඩේ පීරල, අම්මගේ ක්‍රීම් ටිකක් මුනේ ගාල, තාත්තා ගෙනත් දීපු පර්ෆියුම් එකෙන් ටිකක් ගහගන. පොත බෑග් එකත් අරගන නැග්ග 1.30 බස් එකට.කොහොම හරි ටවුමට ගිහින් බස් එකෙන් බැහැල පන්තිය තියන නැණස අධ්‍යාපන ආයතනය ලඟට යද්දී 2.10 යි.

    සර් තමා ඇවිත් නෑ වගේ.

    සඳුන් එහෙම හිතුවේ බණ්ඩාර සර්ගේ බයිසිකලය ගුරුවරුන්ගේ වාහන නවත්වන තැන පේන්න නොතිබුන නිසා

    නැණසේ කාර්යාලය ගිහින් පංති කාඩ් එක රුපියල් 150 ක් දීල අරගන, පන්තිය තියන තැනත් අහගන සඳුන් වටපිට බලමින් හෙමින් හෙමින් පන්තිය දෙසට පියමැන්නා. සඳුන්ට කාර්යාලෙන් උපදෙස් ලැබුනේ ශාලාවේ ඉදිපස අසුන්ගන්නා ලෙසයි. බණ්ඩාර සර්ගේ පන්තියේ පිරිමි ළමුන්ට අන්තිම පේලිය තහනම් කලාපයක් වී තිබිණි

    හුඟක් වෙලාවට ටියුෂන් පන්තිය පටන් ගන්නකල් කොල්ලෝ පන්තියෙන් එලියට වෙලා කයියගහමින් ඉන්න අතර ගැහැණු ළමයි පන්තිය ඇතුලට වෙලා කයියගහනවා. පන්තියේ දොරලඟදී සමවයසේ වෙනත් විද්‍යාල වල පිරිමි කිහිප දෙනෙකු රැදී සිටිය අතර ළමුන් 150 කට පමණ ඉඩ ඇති ශාලාවේ තුනෙන් දෙකක්ම ගැහැණු ළමුන්ගෙන් පිරීතිබිනි.

    දෙපැත්තේම ගැහැණු ළමුන් අලුත් ළමයා දෙස බලමින් මුමුණන අතරේ සඳුන් ඉදිරිපස පේලියෙන් පොත් බෑගය තබා හැරෙන විටම ඔහු දුටුවේ තමා දෙසට එල්ල වූ කළු ඇස් ගොඩක් මැද්දෙ ඔහූ දෙසට එක එල්ලේ එල්ල වූ දුඹුරු ඇස් දෙකක්..!!
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    good3.gif
    ++++++++++