පුතේ මාමලගෙ ගෙවල් හරියෙ මුහුද ගොඩ දානවලු කොල්ලො පොඩ්ඩක් මාමලට කෝල් එකක් අරන් බලන්න කිව්ව ගෙදර ඇවිත්.මේ කථාවට මාත් එක්ක හිටිය සේරම උන් ෆුල් අප්සෙට් හොදේ.මොකද්ද මේ මුහුද ගොඩ ගලනවා.මේව අහල තිබ්බ දේවල් නෙවෙයි.ඔය වාරකන් කාලෙටද කොහෙද පොඩ්ඩක් රැල්ල ඉස්සරහට එන ගතියක් තිබ්බට කිසිම දාක යාර 100ක් වත් එන එකක්යැ.පිස්සුද කියල අපි ජෝක් දදා ආවා.ගත්ත මාමලට කෝල් එකක්.මාමා අහුංගල්ලෙ.මොන කිසිම නෙට්වර්ක් එකක් වැඩ නෑ.ටෙලිකොම් ලෑන්ඩ් ලයින් ට්රයි කරා මොන රෙද්දක්වත් වැඩ නෑ.මොකක් හරි තියෙනව කියල ඒකෙන් නම් තේරුනා.අම්මට හුඩු මෙන්න ටීවී වල දෙනව නිවුස් එක මුහුද ගොඩ ගලල කියල ගාල්ල.හම්බන්තොට,තංගල්ල,අලුත්ගම,වාද්දූව,කහව,බම්බලපිටිය,මොරටුව.අප්පේ දැන් නම් බයේ බෑ.අපේ නෑයොන්ට මොන උලවුවක් උනාද දන්නෙ නෑ නේ.ගොඩක් අය හිටියෙ මුහුද කිට්ටුව වගේ.අපේ එවුන්නෙ ඔකොම.ඒ අස්සෙ එස් එයාලා මොනා කරනව ඇද්ද.මුන්ට මොකද උනේ.මෙලෝ දෙයක් දන්නෙ නෑ.හාට් එක නැවතිලා වගේ නිකන්.ඇයි යකෝ මේ නිවුස් වලින් කියන විදියට නිකන් මුහුද කිට්ටු පළාත් නෑ වගේ මුන් කියන්නෙ.ඔන්න ඔය අතර තමයි එක ඕල් එකක් එන්නෙ
වෙන කවුරුත් නෙවෙයි.N ගෙන්.
සුදු අයියෙ මෙන්න මෙහෙම මුහුද ගොඩ ගලනවලු හලෝ.අපේ පැත්තෙ පොල්ගස් දෙක තුනක් උඩින් රැලි ඇවිල්ලලු.ඇල්පිටියේ මාචු අයියල යනවලු බලන්න.S ඔයාට කථා කරාද.එයා ඕක වෙන්න කලින් මට කථා කරල කිව්ව මුහුද හිනදිල බන් කවදාවත් නැති විදියට.මැජික් වගේ අපි බලන්න යන්න ඉන්නෙ.ඔයට කෝල් එකක් දීලා යනව කියල.මම කිව පිස්සුද ඕයි මට කෝල් කලේ නෑ.අපේ අම්මත් කිව්ව කෝල් කලේ නෑ.මාචුලගෙ ගෙදරින්ම තමයි මුහුද ගොඩ ගලල කියල මාමලෑට කිව්වෙ කියලා.උඹ කියන්නෙ මාව බෝම්බෙකට අහූඋනා වගේ.මොකද්ද දෙයියනේ මේ වෙන්නෙ කියලා තේරෙන්නෙ නෑ.අම්මත් අඩනව නෑ වගේ.කොල්ලො සෙට් එකත් උන් අදුරන එවුන්ත කියනව සීන් එක මුහුදු පැත්තෙ ඉන්න.සිරා තමයි මිගමුවට වත්තල හැදල පැත්තටත් දාලාලු.මාව දැන් ගැහෙනව බොල මගේ සුදු කෙල්ල කොහේ ඉන්නව ඇද්ද.එයා මුහුද හිදිල බලන්න ගියා නම්.එයාට මුකුත් කරදරයක් නැතුව ඇති කියලමයි මම හිතුවේ.අත් පය ලොක් වෙලා.මෙහෙම දෙයක් උනහම උඹලට තේරෙනවනේ .හිතෙන දේවල්.මට දුවන්න හිතුනා අම්බලන්ගොඩටම බලන්න.අම්මෙ යන් කො කියල මම කියන්න ඇති අනන්තවත්.කිසිම විදියකින් කන්ටක් කරගන්න බෑනේ එක්කෙනෙක්වත්.කෙල ඉන්නව කියල දැනගත්ත නම් මට ඇති.අපේ නෑයෝ.අපේ ගෙවල්.අපේ දේවල් ම්කද මේ වෙන්නෙ කිසිම නිනවුවක් නෑ