හරි හිනා

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels




අලුත් කාරය

තම අලුත මිලදිගත් කාරයෙන් නුවරයාමට පිටත්වු පියසෝම ගෙදර පැමිණියේ දින හතරකට පසුවය.මේ පිලිබද මහත් උරණ වි සිටි ඔහුගේ බිරිද ඔහු නිවසට පැමිණි විගස ඇගට ගොඩවන්නට විය.

''ආ...හරි අපුරැයි මිනිහා ගෙදර එන දවස මෙච්චර දවස් මොන මගුලක් කලාද එහෙට වෙලා''

''මන් කරපු මගුලක් නෑ හාමිනේ,මේ කාර් හදපු සුද්දා ඉස්සරහට යන්න ගියර් හතරක් හැදුවට පස්සට යන්න හදල තියෙන් නේ එක ගියර් එකයිනේ.''
:baffled:
:baffled:
:baffled:




හපන්කම

තම කාලෙකින් හමුවු මිතුරා සමග සුනිල් සතුටු සාමිචියේ යෙදෙන්නට විය.
''මේ මාර වැඩක් උනානේ මචං. දවසක් මන් පාරේ යනකොට හෙන ඇගපත තියන පොරක් කෙට්ටු අහිංසක මනුස්සයකුට හොදටම ගහනවා''

''ඉතින් උඔ මොනාද කලේ...'' මිතුරා විමසිය

මන් මිනිහට කෑගහල කිව්වා බං ''මේ ඔයි ඔයවගේ අහිංසකයකුට තලන් නැතුව තමුන්ගෙ ඇගට හරියන අපි වගේ හාදයෙක් හොයා ගන්නවකො ගහගන්ඩ ඔනේනම්'' කියල

''මයි ගොඩ්..ඊට පස්සෙ මොකද වුනේ''

මචං මට ඉට පස්සෙ උන එක නම් මතකනෑ. වැඩට ගිහාම අපේ ලොක්කා,
''තමුසේ දවස් පහක් තිස්සෙ වැඩට එන්නැතුව මොන මගුලක් කලාද මිනිහො'' කියල ඇහුවනම් මතකයි.
:sorry:
:sorry:
:sorry:




හොඳට බලනවා.

අනාගතය පුරෝකථනය කරන්නෙකු හමුවීමට ගිය කාන්තාවක් අමතා..
සාස්තරකරු : “මට කියන්න කණගාටුයි... ඔබගේ ස්වාමිපුරුෂයා නොබෝදිනකින් මිය යනවා”
කාන්තාව : ඒක මම දන්නවා... මරණ පරීක්ෂණයේදී මාව මාට්ටු වෙයිද කියලා බලනවා.
:shocked:
:shocked:
:shocked:




දොස්තර උපදෙස.

"අනේ දොස්තර මහත්තයෝ මම තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙයි නේද ?"
දොස්තර - "ඔබ සිගරට් බොනවද ?"
"නැහැ කවදාවත් කටේ තියල නැහැ"
දොස්තර - "එතකොට අරක්කු එහෙම"
"නැහැ කවදාවත් කටේ තියල නැහැ, තියන්නෙත් නැහැ"
දොස්තර - " එතකොට ජොලියක් දාන්න කෙනෙක් එහෙම ?"
"අනේ නැහැ, මම වයිෆ් ඇර වෙන කවුරුවත් ගැන හිතන්නෙවත් නැහැ"
දොස්තර - "එහෙනම් මොන මගුලටද යකෝ තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙන්නේ?"
:yes:
:yes:
:yes:




පලාතේ ඉන්ඩ බැහැ.

දිනක් එක් මහලු ස්ත්‍රියක් වෛද්‍යවරයෙක් වෙත ගියේ සිය අපහසුතාවයට ප්‍රතිකාර ගැනීම පිණිසය.

කාන්තාව - අනේ දොස්තර මහත්තයෝ....මට නොදැනීම නිතර වාගේ යනවා. හැබැයි මට අපහසුවක් නම් නැහැ. ගඳකුත් නැහැ, සද්දෙත් නැහැ. ඔය ඔය ආයිත් ... මේ දැනුත් ....

වෛද්‍යයවරයා - ආ.... ඉන්නකෝ අම්මේ.... මම මේ දෙන බේත් ටික බොන්න. බීල ආයිත් එන්නකෝ....

දින කිහිපයකට පසු වෛද්‍යවරයා වෙත පැමිණි.

කාන්තාව - අනේ දොස්තර මහත්තයෝ.... බෙහෙත්වලින් කිසි ගුණයක් නැහැ..... ලෙඩේ එන්න එන්නම වැඩියි. දැන් වාතෙ ගියහම පලාතේ ඉන්ඩ බැහැ ගඳයි. මේකට මොකක් හරි කරන්නකෝ. ......

වෛද්‍යවරයා - ආ.... එක ලෙඩක් නම් හොඳවෙලා... දැන් මේ බේත් ටික බොන්න එතකොට කන් ඇහෙන එකත් හරියයි. බීල ආයිත් එන්නකෝ.
:lol:
:lol:
:lol:




කලබල වෙන්න එපා.

දේශණවාරය අතරතුරදී අශිෂ්ඨ වූ විහිළු කරන සිය කථිකාචාර්ය වරයාට විරෝධය පල කිරීමට සිතූ කාන්තාවන් පිරිස ඊලඟ දිනයේදීත් ඔහු එසේ කළහොත්, ඊට විරෝධය පල කිරීමක් වශයෙන් පංතියෙන් නැගිට යාමට කථිකා කරගත්හ. මේ බව කථිකාචාර්ය වරයාටද දැන ගන්නට ලැබිණ.

පසුදින දේශණය සඳහා පැමිණි ඔහු, දේශණය ආරම්භයේදීම.... “ඇමරිකාවේ ගණිකාවක් එක රෑකට ඩොලර් දෙදාහක් විතර හම්බ කරනවා.......” යි කීය. එය ඇසූ සැනින් නැගී සිටි කාන්තාවන් සියළු දෙනා පංතියෙන් පිටවීමට පටන් ගති. පංතියෙන් ඉවත යන ඔවුන් ඇමතූ කථිකාචාර්ය වරයා “ඒ...යි ... නවතිනවලා..... දැම්ම ගියාට වැඩක් නෑ......ඇමරිකාවට ප්ලේන් එකක් තියෙන්නේ අනිද්දා.”
:rofl:
:rofl:
:rofl:



රීපෝස්ට් නම් සොරිවෙන්න ඕන.
දැකලා තියනවනම් දැකල නැති අයට බලන්න බම්ප් එකක් වත් දෙනවලු නේ.
;)
පුලුවන්නම් අර උඩින් දකුනු පැත්තේ තියන KARMA ඔබල කම්මෙන්ට් එකක් දෙන්න.
:rolleyes:


 

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    Ela Ela....:D :D :D :D

    Laughter.gif