Meeyai Puusai.මීයයි පූසයි

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    [FONT=&quot]පූසෝ[/FONT][FONT=&quot]මීයන් අල්ලති. පූසෙක් හදන්නේ මී කරදරය නිසාවෙනි. මීයන් කරන්නේ එසේ මෙසේ[/FONT][FONT=&quot]කරදර නොවේ. උහු අපේ දේපොළ වනසති. අහර සොරකම් කර අපේ ආර්ථිකය කඩා ඉහිරවති.[/FONT][FONT=&quot]ගෙවැසියන් ලෙඩ කරති. මරා දමති.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]එබැවින් අපි පූසෙකු හැදුවෙමු.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මීයෝ හැංඟෙන්නට දක්ෂයෝය. පෙනුමින් වැඩි වෙනසක් නැති ලෙහෙනුන් වැනි අනික[/FONT][FONT=&quot]සතුන් ද ඉස්සරහට දමා මීයෝ හැංගෙති. පූසා මීයන් අල්ලන්නේ ප්‍රාථමික තාක්ෂණික[/FONT][FONT=&quot]ක්‍රම උදව්වෙනි. මේ කතාවේ ඉන්න මීයන් කොපමණ දියුණු වීද යත් උගේ මර උගුල්[/FONT][FONT=&quot]වලට හසු වී මිය ගිය පූසන් ගණන අපමණය. එහෙයින් පූසාට මෙය ජීවිතයත් මරණයත්[/FONT][FONT=&quot]අතර සටනකි. දුටු තැන පහරදෙන්නට වූ නිසා පූසා මේ සටන තුල මීයන් කියා කෑ[/FONT][FONT=&quot]ලෙහෙනුන් යම් තරමක් සිටිති. එවැනි ලෙහෙනුන් මීයන් කියා කීමට පූසා ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මියගිය[/FONT][FONT=&quot]හැම මීයාම ලෙහෙනෙක් කීමට මීයා ද පොර කන මේ තරගයේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉන් ඔබ්බට සංඛ්‍යා ලේඛන[/FONT][FONT=&quot]නොමැත.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]උකුස්සා ට සියල්ල පෙනේ. උගේ තාක්ෂනය දියුනුය. එහෙත් ඌ අපට මීයන් අල්ලා[/FONT][FONT=&quot]දෙන්නට ප්‍රමාණවත් උදව් නොදුන්නේය. ඒ වෙනුවට ඌ මිය යන ලෙහෙනුන් ගණන් කරන්නට[/FONT][FONT=&quot]ඉහල අහසේ සිට උත්සාහ කළේය. අපි ඌට ගල් ගැහුවේ එනපොට හොඳ නැති නිසාය.[/FONT][FONT=&quot]අන්තිමට හරි ගණන් ඌට ද මිස් විය.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]උකුස්සා අල්ලන්නේ ඌරු මීයන් ය. උගේ කූඩුව තියෙන ගස මුල හාරා අකල් බකල්[/FONT][FONT=&quot]කරන්නේ උන් බැවිනි. ඉහල අහසේ ඔටෝ පයිලට් දාගෙන නිදි වනින් ඉන්නා උකුස්සා[/FONT][FONT=&quot]විටින් විට පැමිණ ඌරු මීයන් මෙන්ම හාවන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කටුස්සන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පමණක් නොව ඌරන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉත්තාවන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බල්ලන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කුකුලන් ද ඩැහැ ගෙන යයි. ඒ උන් අහර පිණිස ගන්නද නැතිනම්[/FONT][FONT=&quot]ඌරු මීයන් කියා රැවටී ද අපි නොදන්නෙමු. අල්ලන ඕනෑම සතෙක් කුදලා ගෙන යමින්[/FONT][FONT=&quot]ගමන "මේ ඌරු මීයෙක්" කියා ඌ මොර දෙයි. උකුස්සා ගේ සද්දේ සැරය. කවුරුත් හරස්[/FONT][FONT=&quot]ප්‍රශ්න නොකරති.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ගැටලුව තවත් දුරදිග යන්නේ අහල පහල ගෙවල් වල ඉන්න සමහරුන් මීයන්ට ආදරේ[/FONT][FONT=&quot]බැවිනි. අපේ ගේ වනසන මීයන්ට කන්න බොන්න දී හදා ගන්නේ ඔවුන් ය. මීයන්ට දාන[/FONT][FONT=&quot]කෑම ගන්නේ සල්ලි එකතු කරලාය. ඉතිරි සල්ලි උකුස්සන්ට කෑම ගන්න වියදම් කල[/FONT][FONT=&quot]බැවින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මීයා උකුස්සා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ කට්ටිය ඇතුළු ඔක්කොම එක පැත්තක කියා ද අපට හිතේ.[/FONT][FONT=&quot]ඉහල අහසේ ඉන්න උකුස්සා මොන පැත්තක ද කියා කීමට සක්කරයටවත් නොහැක්කේ සක්කර[/FONT][FONT=&quot]වාස බවන ද ඊට පහල බැවිනි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]දැන් අපේ පූසා මහ මීයන් මරා ඇත. වර්තමානයේ හෝ අනාගතයේ නැවත බිහි විය හැකි[/FONT][FONT=&quot]මී ගුල් හා රෝසපාට මී පැටවුන් ගැන පුංචි බියක් හැරෙන්නට අන් කිසිම මී[/FONT][FONT=&quot]අවුලක් නොපෙනේ. ලෙහෙනුන් වෙනුවෙන් යමක කල යුතු බව ඇත්ත නමුත් ලෙහෙනුන්ගේ[/FONT][FONT=&quot]අභිප්‍රායන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලෙහෙනුන්ගේ දැවෙන ප්‍රශ්න ගැන කියවීමක් ගන්නට බැරිය. මේ[/FONT][FONT=&quot]පැත්තේ ලෙහෙනුන් ගොලුවෝය. උන් වෙනුවෙන් හඬ නගන්නේ මීයන් හා මීයන් හදන[/FONT][FONT=&quot]කස්ටියයි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]හැමදාමත් ගෙදර බත්පත ගැන වලි දාන මද්දුම අයියා මීයන්ට සහය දෙන්නේ මීයා[/FONT][FONT=&quot]පීඩිතයා කියාය. තම බත් පංගුව හැරුණු විට අන් සියල්ලක්ම පීඩිතයා හා පීඩකයා[/FONT][FONT=&quot]යන ඇහින් දකින මද්දුම අයියා කැම්පස් ගොස් ගොම්පස් වූවෙකි. මීයන් වෙනුවෙන්[/FONT][FONT=&quot]සමුළු රැස් වනවිට මද්දුම අයියා ප්‍රීතියෙන් පිනා යයි. අම්මලා තාත්තලා නැති[/FONT][FONT=&quot]තැනක බලා අයියා "මීයාට ජය වේවා" කියා බෝඩ් දමයි. අම්මලා ඉන්න තැන්වල "කොහෙද[/FONT][FONT=&quot]මීයෝ ඉන්නේ. ලෙහෙනුන් ලක්ස ගානක් මරුවා මිසක්" වැනි කතාය. හරස් ප්‍රශ්න[/FONT][FONT=&quot]කලොත් "ලෙහෙනෙක් මීයෙක් වෙන්නේ අම්මලාගේ වරදින්. කිසිම මීයෙක් උපතින්[/FONT][FONT=&quot]මීයෙක් නොවේ" වැනි අපබ්‍රංශ කියයි. ලෙහෙනුන්ට දෙන යමක් මීයාටම දීපියෝ කියා[/FONT][FONT=&quot]ඔහු කියයි. මද්දුම අයියාට අනුව අප මී කරදරය ඉවසිය යුතු වේ. මහාමාරිය අපේ[/FONT][FONT=&quot]උරුමයකි. අල්මාරිය උගේ උරුමයකි. අපි ඔටුවෝය [මද්දුම අයියාට අනුව අපි[/FONT][FONT=&quot]කොහොමත් ඔටුවෝ ම වෙමු. සියලු කතා වල අවසාන නිගමනය එයයි].[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]සිද්ධිය දුරදිග ගියේ ලෙහෙනුන් මැරීමේ වරදට අපේ පූසාව සමත මණ්ඩලයට ඇන්න ගිය[/FONT][FONT=&quot]විටයි. පූසා මූලිකව අපේ ගෙදර වැඩිහිටි අය එකතු වී සමත මණ්ඩලයට මුහුණ දෙන්නට[/FONT][FONT=&quot]නියෝජිත පිරිසක් යැවුහ. සමත මණ්ඩලය මේ ගැන අවබෝධයකින් ඉන්නා නිසා ලොකු[/FONT][FONT=&quot]බියක් නැත. උකුස්සා ගේ බිල්ල තරමකට හෝ ලැබෙන නිසා ඌ අප පූසා කුදලා ගෙන යනු[/FONT][FONT=&quot]ඇතැයි සිතිය නොහේ. එහෙත් සමත මණ්ඩලයත් උකුස්සාත් ගැන අනාවැකි පල කිරීම[/FONT][FONT=&quot]අසීරු බැවින් මේ කතා බහ එන එක එතරම් හොඳ නැති දෙයක් බව දකින්නෙමු. මේ මල[/FONT][FONT=&quot]කරදරය ඉවර විය යුත්තක් මිස වසරක් පාසා කතා විය යුත්තක් නොවේ. සියල්ල අහවර[/FONT][FONT=&quot]කරන්නට[/FONT][FONT=&quot]උකුස්සා ඉල්ලන තඩි බිල්ල දෙන්නට අපට වස්තුව නැත. අපේ වත්තේ තෙල්[/FONT][FONT=&quot]නැති බව උකුස්සා දනියි [තිබ්බා නම් ඌ මෙලහටත් මීයන් සමග සෙට් වී හාරා ගෙන[/FONT][FONT=&quot]ගොහිනි].[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මෙතනින් කතාව නිමියේ නම් අපි දිවි හිමියෙන් පූසා රකින්නෙමු. එහෙත් ඒ එසේ[/FONT][FONT=&quot]නොවේ. පූසා මාර ඩයල් එකකි. මීයන් මැරූ පසු හැමදා උකටලීව නිදන හේ අපේ ඇස වසා[/FONT][FONT=&quot]කරුවලේ රති කෙළියට යයි. උගේ මල අදෝනාව අසා එපා වී ඇත.[/FONT][FONT=&quot]පූසා ගේ ගැන්සියේ[/FONT][FONT=&quot]වල් පූසන් වත්ත පුරා පහරන මුත් මූ උන්ව එළවන්නේ නැත. හොරෙන් කුප්පමේනියා[/FONT][FONT=&quot]කුඩු කර විකුණන හොර පූසන් අපේ පූසා ගේ දකුණත් වමත් සව්වන් වී දෑලේ ගැවසෙති.[/FONT][FONT=&quot]ඒ මදිවට මීයන් මරා සවිමත් වූ හකුවලින් පූසා අප හපයි. ඌ කරන මගුලක් නැති[/FONT][FONT=&quot]මුත් ඌ වෙනුවෙන් දරන වියදම ඉතා වැඩිය. අප තවත් ආර්ථිකයෙන් පහල වැටෙමින්[/FONT][FONT=&quot]තිබේ. පූසා වදයක් වී වෙන පූසෙක් ගේන්නට බැලුවත් මේ පෙනෙන තෙක් මානෙක හරි[/FONT][FONT=&quot]හමන් පූස් පැටියෙක් නැත. එහෙත් වෙන ඕනෑම අංජ බජල් පූසෙක් ගෙන මේ පූසා එළවා[/FONT][FONT=&quot]දමන්නට වුවද සිත් වන තරමට පූසා අපට දාන බිල වැඩිය.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]සමත මණ්ඩල රැස්වීම දා පූසා කරන්නේ අපූරු වැඩකි. පූසාගේ තල්ල පිරිමදින පොඩි[/FONT][FONT=&quot]එකා ගෙන්න ගෙන උගේ මොන්ටිසෝරියේ ක්ලාස් මේට් ලා සමග පූසා රැකීමේ මහා[/FONT][FONT=&quot]උද්ඝෝෂණයක් සංවිධානය කලේ පූසාමය. ඒ කිසිවෙකුත් හපන්නේ නැති බවත් වැඩේට[/FONT][FONT=&quot]අවශ්‍ය කළමනා සපයන බවත් ඌ පොරොන්දු වී ඇත. ලොකුම විහිළුව නම් උද්ඝෝෂණය[/FONT][FONT=&quot]ඇත්තේ සමත මණ්ඩලේ නොව අපේම සාලයේ බැවිනි. පොඩි එවුන්ගේ දඟ හැසිරීමෙන්[/FONT][FONT=&quot]විඳවන්න ඕනේ ද අපමයි. ලෙඩ වී ඉන්නා ආච්චිට හදිසියේ වැසිකිලියට යන්නට මේ[/FONT][FONT=&quot]කලබගෑනිය නිසා බැරිය. අම්මාට තාත්තාට වැඩට යන්න පරක්කු වේ. අනික මේක සමත[/FONT][FONT=&quot]මණ්ඩලයට හෝ උකුස්සා ට නොදැනේ. උහු සුපුරුදු පරිදි රැස්වීම් තැබීම හා[/FONT][FONT=&quot]කුදලාගෙන යාම නම් වූ තම ක්‍රියා වල යෙදෙති. සමහරවිට අපේ ගෙදර වෙන හතර[/FONT][FONT=&quot]විහිළු වලට පස්ස පැත්තෙන් හිනා වෙනවා ඇත.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]අද රෑටත් වලත්තුවේ යන්නට පූසාට ඉඩ හසර ලැබෙන්නේ අම්මා හා තාත්තා මේ ළමා උද්ගෝෂණය ගැන මිස පූසාගේ වලත්තකම් ගැන නොහොයන බැවිනි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]සමත මණ්ඩලයට ගිය නියෝජිත පිරිසට සුබ පතන අතර මොන්ටිසෝරි මල්ලිලා ගැන දුක්[/FONT][FONT=&quot]වෙමු.[/FONT]

    [FONT=&quot]අඩෝ ගෙරි පූසා ගෙදර මට්ටමින් බඩු පෙරලගන්නේ නැතිව තෝ අල්ලා ගන්නට[/FONT][FONT=&quot]දවසක් එනතුරු අප බලා සිටින බව දැනගෙන හිටු :dull::dull::nerd::nerd:


    සවන් ඇත්තෝ සවන් දෙත්වා... !:rofl:
    [/FONT]


    (ඔපිස් එකේ නෙට්වර්ක් එකෙං ගත්තෙ.. )
    :rofl:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මගේ 14000 වෙනි පෝස්ට් එකයි මේ.. !
    සුභ පැතුම් මිත්‍රයා...!
    3.gif