මිථුන

Mar 12, 2007
2,277
97
0
41
කඳුළු අතර
සාමාන්‍ය රූප ස්වභාව :
උස් වූ සම්පූර්ණව වැඩුණු ශරීරය වෙයි. දික් වූ අත පය වේ. ලක්ෂණ දේහය වෙති. බොහෝ විට ප‍්‍රමාණයට වඩා උස් වෙයි. තාලයට ගමන් කරයි. පැහැදිලි වචන වෙයි.

ගතිගුණ :
නර රාශියක් වූ මිථුනයෙහි උපන් අය මනුෂ්‍ය ජීවිතය සම්බන්ධ මනා අවබෝධයක් ඇත්තෙකි. මානුෂික ගතිය හා අනුකම්පාව ද ඇතිවේ. ඒ ඒ වෙලාවට වුවමනා අන්දමට කටයුතු කිරීමට දක්ෂ නුවණක් තිබේ. කථාවෙහි දී සෑම දෙයක්ම දන්නා කෙනෙකු මෙන් උඩින් පෙන්වීමට කතා කරයි. දක්ෂ චින්තකයෙක් නොවේ. නිතර අදහස් වෙනස් වෙයි. මේ නිසාම පටන්ගන්නා දේවල් මුලින් හිතූ හැටියට අවසාන නොකරයි. පරස්පර විරෝධී වේ. බුදුහු බලවත්ව යහපත් තැනක සිටියොත් දක්ෂ කථිකයෙකු හෝ කාව්‍ය කාරයෙකු හෝ සංඟතඥයෙකු වීමට ඉඩ තිබේ. නිතරම වෘත්ති දෙකක හෝ වැඩි ගණනක යෙදෙන්නෙකි. එකක් කරන ගමන් තව එකක් ගැන සිතයි. සමහරවිට ස්ත‍්‍රී පක්ෂ්‍ය නිසා ධන හානියට පැමිණේ. නවයේ පාපයෙකු නොසිටියොත් හොඳට ආගමික භක්තිය ඇත්තෙක් වෙයි. ඇවිදිලි ප‍්‍රියවේ. වැඩෙහි යෙදී සිටින තුරු ඒ වැඩෙහි දක්ෂයෙකු ලෙස කටයුතු කරයි. මිත‍්‍රසන්තවය ඇති කෙනෙකි. කලින් පළපුරුද්දක් නැති අමුතුම වැඩක වුවත් නොපැකිල යෙදෙයි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ පටන් ගන්නා වැඩ අවසාන නොකර අතර මග අත හැර දැමීමත් දවසින් දවස අදහස් වෙනස් කිරීමත් නිස්කලංක භාවයක් නැතිකමත් වේ.

රෝග :
පෙනහැල්ලේ රෝග, නිව්මෝනියා, ප්ලූරැුසි, ඇදීම, බ්‍රොන්කටයිට්ස් නම් සෙම් රෝගය ආදී පපුව ප‍්‍රදේශයේ රෝග හා බාහුවල වාත රුදාව ද ලෙහෙසියෙන් සෑදේ. මිථුනයෙන් උපන් අයට අක්වා මැරීන් හෝ ලා නිල් ගල් පැළඳීම යහපති.
 
  • Like
Reactions: gayankuwait

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඒ කියපු ටිකෙන් 90% ඇත්ත.... කොහෙන්ද මේවා ඉස්සුවේ? :)


දුර්වලකම් හැටියට පෙනෙන්නේ පටන් ගන්නා වැඩ අවසාන නොකර අතර මග අත හැර දැමීමත් දවසින් දවස අදහස් වෙනස් කිරීමත් නිස්කලංක භාවයක් නැතිකමත් වේ.

මේකනම් කරුමයක් තමයි. මට හැමදාම මෙහින්දා කෙලවෙනවා :frown:
 
Last edited:

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    සිංහ දාපන් බන්
    සාමාන්‍ය රූප ස්වභාව :
    පාද හතර ඉතා ශක්තිමත් වන අතර වතුර රදා පවත්වා ගැනීමට මොල්ලියක් ලැබේ.
    කාන්තාර ප්‍රදේශවල වාසය කිරීමට සිදු වෙයි.
     
    • Like
    Reactions: elakiri119

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සාමාන්‍ය රූප ස්වභාව :
    පාද හතර ඉතා ශක්තිමත් වන අතර වතුර රදා පවත්වා ගැනීමට මොල්ලියක් ලැබේ.
    කාන්තාර ප්‍රදේශවල වාසය කිරීමට සිදු වෙයි.


    :lol::lol::lol:
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    සාමාන්‍ය රූප ස්වභාව :
    පාද හතර ඉතා ශක්තිමත් වන අතර වතුර රදා පවත්වා ගැනීමට මොල්ලියක් ලැබේ.
    කාන්තාර ප්‍රදේශවල වාසය කිරීමට සිදු වෙයි.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: patta athal ooiii
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සාමාන්‍ය රූප ස්වභාව :
    පාද හතර ඉතා ශක්තිමත් වන අතර වතුර රදා පවත්වා ගැනීමට මොල්ලියක් ලැබේ.
    කාන්තාර ප්‍රදේශවල වාසය කිරීමට සිදු වෙයි.

    අනෙ හු**න්:lol::lol::lol: ඔටුවො ගැන නෙමෙ ඇහුවෙ:growl: සිංහ බන් මම සිංහ වංශෙ:yes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අනෙ හු**න්:lol::lol::lol: ඔටුවො ගැන නෙමෙ ඇහුවෙ:growl: සිංහ බන් මම සිංහ වංශෙ:yes:
    ඉවසපන් උබෙ අව්ශ්තාව එයි;) එතකන් ඔටුවෙක් වගෙ ඉවසලා හිටු:P