ගොඩාක් හොඳ වැඩක් ඔයාලා කරන්නේ,මම හරි ආසයි මේ දේවල් ගැන දැනගන්න,ඒත් මේ වගේ අමනුෂ්‍ය බලපෑමක් නිසා අවුරුදු 20 තිස්සේ මගේ අම්ම දුක්විදිනවා,කොයිතරම් දේවල් කලත් එයාව අපිට ගලවගන්න බැරිවුනා,අන්තිමට අද මගේ අම්ම ජීවත් වෙන්නේ අංගොඩ මානසික රෝහලෙන ලැබෙන බෙහෙත් පෙතිවල බලයෙන්,මට අවුරුදු 5 තමා අම්ම පලවෙනි වතාවට අසනීප වෙලා තියෙන්නේ ඊට කලින් එයාට එහෙම දෙයක් වෙලා නැහැ,තොවිල් 3 මහා ගිහි පිරිතක් සාංගික ධානයක් දිලවත් අම්මව සුව කරගන්න අපිට බැරිවුනා.එදා පටන් අද වෙනකම් අම්මා බෙහෙත් වල පිහිටෙන් ඉන්නවා,එයාව සුව කරගන්න අපි නොගිය දේවාලයක් පල්ලියක් පන්සලක් ලංකාවේ නැති තරම්.දෙවියන්ගෙන් පිහිටක් ලැබුනේ නැති අපිට අන්තිම විසදුම වුනේ එයාව අංගොඩ මානසික රෝහලේ නතර කරන්න.අම්මව ඇඳක ගැටගහලා තියෙත්දී මට මං ගැනම ලොකු කලකිරීමක් දැනුනේ මමත් මගේ නංගිත් වෙන කිසිම දරුවෙක් විදපු නැති තරම් දුක්වින්දා.අදටත් අපිට කිසිම සැනසීමක් නැහැ.දොස්තරලා පිළිගන්න ලැහැස්ති නැහැ අමනුෂ්‍ය කොට්ටාෂ්‍යක් ඉන්න බව.එයාලා කියන්නෙම මගේ අම්මට පිස්සු කියල.ඒත් අම්ම හැසිරෙන විදියට අම්මගේ ඇඟ තුල අමුතු ශක්තියක් තියෙන බව අපිට තේරෙනවා.ඒ ශක්තිය හරිම බලවත්,දේවාලයකට ගියත් අම්මගේ දිෂ්ටිය අයින් කරන්න එයාලට බැහැ.දැන් අවුරුද්දකට කලින් එක රෑක ආයෙත් අම්ම දිෂ්ටි වුනා එදා අම්ම කියුව රෑ 12 වෙන්න කලින් තාත්තගේ ලේ හොල්ලනවා කියලා,ඉතින් අපි හුගාක් බය වුනා ඒක නිසා අම්මව ඉක්මනට දේවලයකට එක්ක ගිය ඔයාලා දන්නවත් ඇති දෙමටගොඩ ගුවන්පාලම ලග තියෙන ලුනාවේ දේවාලය අන්න එකටයි අම්මව එක්ක ගියේ.ලොකු කපු මහත්තය හිටියේ නැහැ පොඩි කොල්ලෙක් තමයි හිටියේ,එයා අම්මට මතුරන්න ගත්ත ඒත් අම්ම එයාව ගණන් ගන්නෙවත් නැහැ හිනහ වේවි ඉන්නවා,,ඒ කොල්ලට තේරුණා අම්මව මෙල්ල කරන්න එයාට බැරිබව.එයා කියුව වතුර ටිකක් මතුරලා දෙන්නම් අම්ම ගොඩක් කලබල කලොත් එක පොවන්න ඊට එහා දෙයක් එයාට කරන්න බැහැ කියුව.මොනවා කරන්නද ගෙනිච්ච විදියටම අම්මව ආපහු ගෙදර ගෙනාවා.අම්ම තනියෙන් තියන්න බැරි නිසා තාත්තත් අම්ම ගාවින් හිටිය හරියටම රෑ 12 අම්ම වතුර ඉල්ලලා තාත්තාගෙන් තාත්ත අම්මට අර මතුරපු වතුර විදුරුවක් දීලා,අම්ම එක බිලා අපිට ටිකක් එහාට යන්න කියලා වීදුරුව පොලවේ ගැහුවා.කියුවත් වගේම රෑ 12 ඒ විදුරු කටුවක් විසිවෙලා ඇවිත් තාත්තගේ දනහිස ලග කැපුනා,ඒත් අම්මව අපිට පාලනය කරන්න බැරි නිසා එයාව අපි ඇඩ්මිට් කළා,ඔය පුංචි සිදුවිමක් විතරයි.අදටත් ඔය දේවල් අපේ ගෙදර සිදුවෙනවා.මේ දේවල් ලියුවේ කවුරු හරි මේක කියවන කෙනෙක් මගේ අම්මව සුවකරගන්න අපිට පිහිටවෙයි කියලා හිතලයි.අද ගොඩාක් අය සල්ලි අරන් මිනිස්සුන්ව රවට්ටනවා.අපි ඒ වගේ කට්ටඩි 3 දෙනෙකුට අහුවුනා.එයාලට බැරිවුනා මගේ අම්මව සුවකරන්න.ඔයාලා දන්නා කවුරු හරි ඉන්නවනම් මට කියන්න.දැන් මගේ අම්මට වයස 54 එයාව ජිවත් කරවන්නයි අපිට ඕන.කවුරු හරි කෙනෙක් අපිට මගපෙන්වනවා නම් එයාට හුගාක් පින්.මේක කියවලා විහිලුවකට අරන් මාව අපහසු තාවයකට පත් කරන්න එපා.පුළුවන් කෙනෙක් අපිට උපකාරී වන්න....![]()
හුගක් කණගාටුයි සහෝ
..ඒත් උත්සහය අත්හරින්න එපා
.උබට වරදින්නෙ නෑ
.අම්මට සලකනවා ත්රම් දෙයක් මේ ලෝකේ නෑ සහෝ




රොබොට් අයියා
....... ඒකයි පෞද්ගලිකව විස්තරේ කියන්න කිව්වේ......


