එළකිරි භූත කොටුව.........

lasa2k

Member
Apr 4, 2007
221
2
0
රොබට් අයියාට පුළුවන් වෙලාවක මට උදවු කරන්න.මට කිසිම දෙයක් හංගන්න ඕන නැහැ අයියේ ඒකයි මං මේ හැමදෙයක්ම ප්‍රසිද්දියේ ලියුවේ.මිට වඩා දේවල් වුනා එත් ඒවා එක දවසින් ලියලා ඉවරකරන්න බැහැ.මට ඕන මගේ අම්මව ඉක්මනින් සනීප කරගන්න ඊට එහා මං වෙන දේවල් කල්පනා කලේ නැහැ.රොබට් අයියගෙන් වගේම මට තව අයගෙන් උදවු ඕන.ඒ හැමෝටම මගේ දුක කියන්න පුළුවන් එකම විදිය තමයි මේක එකයි මං ගැටලුව ප්‍රසිද්දියේ කියුවේ.ඒ වගේම එක යහළුවෙක් කියලා තිබුනා දෙවියන්ට පින් දීල දෙවියන්ගෙන් පිහිට ඉල්ලන්න කියලා එත් අපේ ගෙදර බුදු පහනවත් තියන්න එපා කියල සුනිල් මහත්තයා කියුවා ඒ මොකද කියුවොත් මේ හැම දෙයක් ගැනම කලකිරිලා මගේ තාත්ත ඔය ඔක්කොම පිළිම අයින් කළා,ඉතින් දැන් ගෙදර පාලනය කරන්නේ අමනුෂ්‍යයින්ලු අපි දැන් ආයෙත් පහන තියන්න ගත්තොත් එක බාරගන්නේ අමනුෂ්‍යයින්ලු..ඉතින් එකෙන් තව ප්‍රශ්න වැඩි වේවි කියුවා.ඔයා ප්‍රශ්න ඔක්කොම නිසා මගේ තාත්තත් හුගාක් මානසිකව වැටිලා ඉන්නේ.පුළුවන් ය මට උදවු කරන්න,ඔයාලා දන්නා තැන් තියෙනවානම් කියන්න.රොබට් අයිය මට පිළිතුරක් දෙනකම් බලන් ඉන්නවා.ඒ වගේම හුගාක් ස්තුති ප්‍රියංකර අයියට..

machan mama ubata PM ekak damma balapanko
 
Jan 28, 2012
16
15

ඔබතුමියගේ මෑණියන්ට ඉක්මන් සුවය ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මගේ යාලුවෙක් මේ වගේ වැඩකට විසදුමක් දුන්න දක්ෂ මහත්මයෙක් ගැන කිව්වා. මම එයාගෙන් අහල විස්තරේ මෙතන දාන්නම්. ඔයාලට මතක නම් මම දවසක් මේ භූත කොටුවේ දැම්ම යකෙක් ආරුඩ වෙලා හිටපු කෙනෙක් ඒ යකාව බන්දන්න අනුරාධපුරයට එක්කන් යන්න ලේස්ති වෙද්දී බාත් රූම් එකට රිංගල පැනල ගිය කතාව, ඒ වැඩේ කරලා ඒ කෙනාව බේරලා දීල තිබුනේ මේ මහත්මයයි. ඒ මහත්මය ඉන්නේ කස්බැවේ කියල නම් කිව්වා කියල මතකයි. මම හරියටම විස්තරේ දැනගෙන මෙතන දාන්නම්.

රොබෝට් අයියේ මේ දේ අයියට විවුර්තව කිව්වොත් හොඳයි කියල හිතුන. භූත කොටුව මේ වෙනකොට සෑහෙන්න පිරිසක් බලන තැනක් බවට පත්වෙලා. අද වෙනකොට ලංකාවේ හතර වටේම එක එක විදියේ බොරු කාරයෝ වැහි වැහැල. ඒ හින්දම මේවා පිළිබඳව මිනිසුන්ට තියෙන විශ්වාසයත් නැතුව යන්න පටන් ගෙන. ඊටත් වඩා මිනිසුන්ව රවට්ටලා ගසා කන්න පටන්ගෙන. රොබෝට් අයියේ ඔයාට පුළුවන් නම් මේ වගේ දුකට පත්වෙලා ඉන්න අයට පිහිට වෙන්න ඒක ඔයාට ලොකු පිනක් වේවි. එහෙම පිහිට වෙද්දීත් නිකන් PM එකක් දාන්නේ නැතුව විශ්වාසෙන් ඒ තැන් ගැන හැමෝටම දැනගන්නත් එක්ක භූත කොටුවට දාන්න අයියට පුළුවන්නම් ඒක ලොකු දෙයක්. මේ ඉල්ලීම කරන්නේ භූත කොටුව බලන හැමෝම වෙනුවෙන්. රොබෝට් අයිය සමහරවිට ඒ දේවල් මෙතන දාන්නේ නැතුව ඇත්තේ එහෙම තැන් කියල ඒ තැන් වලට ගිහිල්ල කෙනෙක් අපහසුතාවයකට ලක්වෙයි කියල නම් ඒකට අයිය වගකීමක් ගන්න ඕන නෑ කියලයි මම හිතන්නේ. මම මේ කරන ඉල්ලීම වැරදි වෙන්න පුළුවන් රොබෝට් අයියේ එත් මම මේ ඉල්ලීම කරන්නේ භූත කොටුව බලන හැමෝම වෙනුවෙන් සහ මේ රටේ බොරු කරලා සල්ලි ගසාකන අයගෙන් ඉදිරියට රැවටෙන්න ඉන්න පිරිස වෙනුවෙන්. අපි වෙනුවෙන් අපි වෙමු!

ඒ වගේම මේ වගේ සිද්දියක් හැමෝටම පේන්න දාන්න තරම් කොන්දක් තිබුන ඒ සහෝදරියට බොහොම ස්තුතියි. ඒ වගේම මෙතන ඉන්න හැමෝටම දැනගන්න ඔබතුමියට පුළුවන් නම් වෙනස වැඩසටහනේ පෙන්නුව සුනිල් මහත්මයා හමුවෙන්න පුළුවන් විදිය මෙතනට දාන්න. ඒ මහත්මයා ඉන්නේ මාතර කියල අහල තිබුනට කොහෙද කියල හරියටම ගොඩක් අය දන්නෙ නෑ.

lasa2k උබට පුළුවන් නම් මචන් උඹ ඔය කියල තියෙන දේ හැමෝටම පෙන්න දාන්න එක ලොකු දෙයක්.

රොබෝට් අයියේ
අපි වෙනුවෙන් අපි වෙමු
.
 
dm_anjana

Member
Dec 20, 2011
77
14
0
කතා ගොඩක් කියන්න තියෙනවා.. ඒත් වෙලාව නැ කොටන්න :no::no::no::no::no::no::no::no:

අමාරුවේ වැටුන කෙනෙකුට උපදෙස් දීල තිබුනා දැක්කා. ඒක හොද වැඩක්. හැබෙයි නොදැන කරන්න ගියොත් ලෙඩාට කරදර වැඩි වෙයි.

ඇත්තටම අමනුෂ්‍ය දෝසයක් තියෙනවා නම් වර දෙවර තෙවර යාමට පෙර අමනුෂ්‍ය යා අයින් කරන්න ඕනේ. නැත්තම් කරදර වැඩි වෙනවා. නොදැන කරන දේවල් වලින් අමනුෂ්යාට කෙරදයක් වෙනවා වගේ දැනුනොත් අමනුෂ්‍යයා ඉස්සර වෙන්ට පුළුවන්...
 
DemonAkalanka

Well-known member
  • Aug 17, 2011
    7,576
    1,458
    113
    Sri Lanka
    Code:
    රොබෝට් අයියේ මේ දේ අයියට විවුර්තව කිව්වොත් හොඳයි කියල  හිතුන. භූත කොටුව මේ වෙනකොට සෑහෙන්න පිරිසක් බලන තැනක් බවට පත්වෙලා. අද  වෙනකොට ලංකාවේ හතර වටේම එක එක විදියේ බොරු කාරයෝ වැහි වැහැල. ඒ හින්දම මේවා  පිළිබඳව මිනිසුන්ට තියෙන විශ්වාසයත් නැතුව යන්න පටන් ගෙන. ඊටත් වඩා  මිනිසුන්ව රවට්ටලා ගසා කන්න පටන්ගෙන. රොබෝට් අයියේ ඔයාට පුළුවන් නම් මේ වගේ  දුකට පත්වෙලා ඉන්න අයට පිහිට වෙන්න ඒක ඔයාට ලොකු පිනක් වේවි. එහෙම පිහිට  වෙද්දීත් නිකන් PM එකක් දාන්නේ නැතුව විශ්වාසෙන් ඒ තැන් ගැන හැමෝටම  දැනගන්නත් එක්ක භූත කොටුවට දාන්න අයියට පුළුවන්නම් ඒක ලොකු දෙයක්. මේ  ඉල්ලීම කරන්නේ භූත කොටුව බලන හැමෝම වෙනුවෙන්. රොබෝට් අයිය සමහරවිට ඒ දේවල්  මෙතන දාන්නේ නැතුව ඇත්තේ එහෙම තැන් කියල ඒ තැන් වලට ගිහිල්ල කෙනෙක්  අපහසුතාවයකට ලක්වෙයි කියල නම් ඒකට අයිය වගකීමක් ගන්න ඕන නෑ කියලයි මම  හිතන්නේ. මම මේ කරන ඉල්ලීම වැරදි වෙන්න පුළුවන් රොබෝට් අයියේ එත් මම මේ  ඉල්ලීම කරන්නේ භූත කොටුව බලන හැමෝම වෙනුවෙන් සහ මේ රටේ බොරු කරලා සල්ලි  ගසාකන අයගෙන් ඉදිරියට රැවටෙන්න ඉන්න පිරිස වෙනුවෙන්. අපි වෙනුවෙන් අපි වෙමු!
    :yes::yes:
     
    jayafast

    Member
    Aug 24, 2010
    200
    29
    0
    එන්නත් බැරි වුන කාලෙකින් බුත කොටුව පැත්තේ,වැඩනේ කොල්ලනේ .:rolleyes::rolleyes:කීයක් හරි හොයා ගන්නත් එපයිනේ.මන් දැක්ක අර සහෝදරිගේ ප්‍රශ්නෙට උදව් කරලා තියෙනවා කට්ටිය.:nerd:එකනම් බොහොම පින් සිද්ද වෙන වැඩක්.:yes:ඔය වගේ වෙලාවේදී සැහෙන්න අසරණ වෙනවා.ලෙඩක් බෙහෙත් කරලා හොද කර ගන්න පුළුවන්.ඉතින් යක්කුන්ට බෙහෙත් පොවන්නද....:Pඋන්ව පන්නන්න ඕනෙනේ.අර සහෝදරයා කිව්වා වගේ සහෝදරි ඔයාගේ ප්‍රශ්නෙට අර වෙනස වැඩසටහනේ ඉන්න මහත්තය ගාවට ගිය විදිහ මේකේ දාන්න.එක ඔය වගේ අසරණ වෙලා ඉන්න ගොඩක් කට්ටියට වැදගත් වෙයි.හරි හරි දැන් කට්ටියම බොරින් වෙලානේ ඉන්නේ හොල්මන් කතාවකුත් නැතිව.රොබෝට් අයියත් වැඩනේ මේ දවස් වල.ඔන්න එහෙනම් තව කතාවක්.:cool:

    මේ සිද්දිය වෙලා තියෙන්නේ අපේ තාත්තට.පොඩි රහසකුත් මන් කියන්නම් එළකිරි එකෙන් කාගෙවත් අනන්‍යතාවය හෙළි නොවෙන හින්ද.අපේ තාත්තා මන්තර ගුරුකම් වැඩ දන්නා කෙනෙක්.එයාටනම් අත්දැකීම් තියෙනවා ගජ රාමෙට.ඔන්න ඉතින් එයා එයාගේ ගුරුන්නාන්සේ ගාව වැඩ ඉගෙන ගන්න කාලෙලු.එක දවසක් උදේම තාත්තා ඉස්සරහ වත්තේ වලක් කප කප ඉදල ආරක්ෂාවක් කරන්න.මිනිස්සු දෙන්නෙක් එනවලු ගෙදර පට්ටට.එයාල ඇවිල්ල තියෙන්නේ ගුරුන්නාන්සේ හම්බ වෙන්න.ඉතින් ඒ මිනිස්සු හිටපු විදිහට තාත්තාට තෙරුනලු ඒ මිනිස්සු සැහෙන්න අසරණ වෙලා කියල.ඉතින් මිනිස්සු අඬ අඬ ගුරුන්නාන්සේට විස්තරේ කිව්වලු.එයාගේ ගෙදර පොඩි දුව.පොඩි දුව කිව්වට වයස 18 ක්ලු:rolleyes:.ඉතින් දැන් දවස් 5ක ඉදල ඒ කෙල්ල එක දිගට කැහ කැහ වමනේ දානවලු.:sorry:දොස්තරලා ගාවට ගිහිල්ලත් කිසිම වෙනසක් නෑලු. ඉතින් ගුරුන්නාන්සේ ටිකක් කල්පනා කරලා බලල කිව්වලු තාත්තට කොලුවෝ අඩුම කුඩුම ටික ලෑස්ති කරපන්.හවසට ගමනක් තියෙනවා යන්න කියල.ඔන්න ඉතින් ගුරුන්නාන්සේ හවස් වරුවේ ලෑස්ති වෙලා ගියාලු ඒ කෙල්ලගේ ගෙදරට.ගිහිල්ල මතුර මතුර දුම් අල්ල අල්ල වත්ත වටේම ගිහිල්ල.ඔය ඔක්කොම ඉවර වෙනකොට ර ත විතර ඇතිලු.ඉතින් දැන් ගියාලු කාමරේ ඉන්න කෙල්ල ගාවට.ඔලුවට අත තියල පටන් ගත්තලු මතුරන්න.එක පාරටම කෙල්ලගේ හැසිරීම වෙනස් වෙන්න ගත්තලු .කෑ ගහන්න ගත්තලු මාව ඇතරපන් කියල.දැන් තාත්තටත් මාර බයයිලු. :baffled::baffled:ඔය සිද්දිය වුනේ ගිය අලුතලු.ඉතින් ගුරුන්නාන්සේ ටික ටික විස්තර ඇහුවලු.ඒ පෙරේතය මුකුත් කියන්නෙම නෑලු.බලනකොට අගට ඇවිල්ල තියෙන්නේ කෙල්ලගේ මැරිච්ච ආච්චිලු.ඉතින් ගුරුන්නාන්සේ හෙමින් කිව්වලු උට යන්න කියල.ඌ යන්නෙම නෑලු.ඉතින් ඊට පස්සේ ගුරුන්නාන්සේ මතුරන සද්දේ වැඩි කලාලු.:eek:
    එක පාරටම කෙල්ලගේ ඔලුවෙන් කෙස් ගහක් ගලවල ගැටයක් ගැහුවලු.ඒ එක්කම අර කෙල්ල සිහි නැතුව වැටිලා.ඊට පස්සේ ගුරුන්නාන්සේ තාත්තට නුලක් දීල කිව්වලු.කනත්තට ගිල්ල මුව දල එමු.තව තාත්තට කියල දීපු මන්තරයක් තිබ්බලු,එක කියා කියා ගුරුන්නාන්සේගේ පස්සෙන් එන්න කිව්වලු.මන්තරේ ඉවර වෙන හැම පාරම අර නුලෙන් ගැටයක් ගහන්න කියල.මොන දේ ඇහුනත් පස්ස හැරිලා බලන්න එපා කියල.:shocked::shocked:
    ඊට පස්සේ ගෙදර කට්ටිය ගාවට ගිහිල්ල කියල අපි එනකන් ගෙදර කට්ටිය ඇහැරිලා ඉන්න.ගෙදර මුළු හතරේ පිරිමි 4 දෙනෙක් නිදා ගන්නේ නැතුව ඉන්න කියල.
    :baffled:
    දැන් පිටත් වුනාලු කනත්තට යන්න.ගුරුන්නන්සේත් අර කෙස් ගහ අතේ තියාගෙන මතුර මතුර යනවලු.තාත්තත් දැන් මන්තරේ මතුර මතුර නුල ගැට ගගහ යනවලු.කනත්ත තියෙන්නේ වෙළෙන් එහා පැත්තෙලු.යන්න රබර් වත්තක් පනින්න තියෙනවලු.දැන් තාත්තා වෙව්ලනවලු.:baffled::shocked:ඇයි ඉතින් රබර් වතුවල නයි පොලොන්ගුත් ඉන්නවනේ,වත්තේ මද හරියට එනකොට.පිටි පස්සේ ඇහෙනවලු වේලිච්ච රබල කොළ පාගාගෙන හෙන සෙට් එකක් එනවා වගේ.හරියට නිකන් අලි ගස් පතුරු පොඩි කරනවා වගේ නිකන් කන ළඟ වගේලු.:baffled::baffled::baffled:ඉතින් මොන දේ වුනත් පස්ස හැරිලා බලන එපා කියල කිව්වනේ.තාත්තත් හිත හයිය කරගෙන මතුරනවලු.ගුරුන්නාන්සේට ගානක් නෑලු.මතුර මතුර යනවලු.ඉතින් තාත්තා ඔහොම සද්දෙත් එක්ක යනකොට ආවලු.වෙලා අයිනට.එක පාරටම සද්දේ අඩු වුනාලු.හිත ගනිල්ලකෝ හඳ එළියෙන් විතරක් පර බලාගෙන බුතයෙකුත් අතින් අරන් මතුර මතුර අනිත් බුතයොත් එක්ක කනත්තට යනකොට දැනෙන සනීපෙ.:oo::baffled::shocked:
    වෙලේ යද්දී දැන් ඇහෙනවලු පිටි පසේ චෝර චෝර ගල මද පාගන සද්දේ.අගේ හැප්පෙන්න වගේ එනවලු.ඒ පාරනම් තාත්තගේ හිත ටිකක් ගස්සුනලු:baffled:.බයටටත් එක්ක තාත්තගේ මන්තරේ මතුරන සද්දේ වැඩි වෙලා ගුරුන්නාන්සේ යන ගමන්ම කිව්වලු.'කොලුවෝ බය වුනාද බය වෙන්න එපා උන් මුගේ යාළුවොනේ,උන්ට කරන්න පුළුවන් දෙයක් නෑ.ඔය නිකන් බය කරන්න එන්නේ.උබ බය නැතුව වරෙන්' . :oo::oo:දැන් ඔන්න ඔය සද්දෙත් එක්කම කනත්තත් අවාලු.ඉතින් තාත්තත් අර නුලේ ගැට ගොඩක් ගහල.ඊට පස්සේ අර කෙස් ගහත් අරන් නුලේ ගැටයක් ගහල මතුරලා දැම්මලු ගහක බෙනයක් අස්සට.ඊට පස්සේ ගෙදර අවෙත් අර අපු පාරෙන්මලු.:eek:ගුරුන්නාන්සේ කිව්වලු.එහෙම බෙනයක් අස්සට දැම්මම ගහ වැවෙද්දී ඒ ගහටම අර බුතයව බන්දනය වෙනවලු.එන ගමන් බැලුවාලු අර සද්දේ ඇහිච්ච හරියේ මෙලෝ යකෙක් නෑලු.:no::no:හිටිය බවට සලකුණක්වත් නෑලු.ඉතින් අර කෙල්ලගේ ගෙදරට ගිහිලා.තෙල් ටිකක් මතුරලා කෙල්ලගේ ඔලුවේ ගාල.ඊට පස්සේ නුලකුත් මතුරලා දාල.කම කාලා එහෙම එලියට බහිද්දී රෑ 1 විතර ඇති.ගෙදර බුදු පහනෙන්ම තෙල් ටිකක් අරන් ගුරුන්නාන්සේ ගෙදර හැමෝගෙම ඔලුවේ ගාල තාත්තගේ ඔලුවෙත් ගාල.ඊට පස්සේ ගියාලු ගෙදර .ගෙට ගොඩවෙද්දීම කිව්වලු.කොල්ලෝ හෙට උදේ වෙනකන් තනි පංගලමේ එලියට බහිනවා එහෙම නෙමෙයි කියල.:rolleyes::confused::confused:
    තව කතා තියෙනවා හෙමිට කොටලා දාන්නම්.:yes::yes::cool:
     
    • Like
    Reactions: DemonAkalanka

    *#DHI#

    Member
    Oct 22, 2008
    408
    3
    0
    My computer
    හිත හයිය කරගන්න. කිසිම භූත බලවෙගේකට යටත් වෙන්නේ නැහැ කියල තදින් හිතාගෙන ගෙදර පිරිත් කියන්න. ගෙදර බුදුන්ට පහන තියන්න බැරිනම් (මේ කතාවට මම එකඟ නැහැ. මම තදින්ම විශ්වාස කරනවා බුදුගුණ යටකරන් නැගී හිටින්න කිසිම බලවතෙකුට බැහැ කියල. එත් ඔයාල පහනක් තියන නොතියන එක ඔයාලගේ කැමැත්තක්. ) පහන නොතිය මල් විතරක් තියල ගිලන්පස බුද්ධපූජාව තියල බුදුන් වඳින්න දවස ගානේ. ඒ වැඳලා දෙවියන්ට පින් දෙන්න. මුලිකම දේ හිතෙන් වැටෙන්න එපා. දුර්වල වෙන්න එපා. මාරයට උනත් බය නැති ගානට එඩිතරව වැඩේ කරන්න. මේවා කරනකොට ඒ දේවල් නවත්වන්න හදයි. එත් නොසැලී කරනදේ කරගෙන යන්න. කොටින්ම කිව්වොත් මේ වෙලාවේ අසරණ වෙන්නේ නැතුව ටිකක් නපුරු වෙන්න. ගෙදර හැමෝටම උදේටත් හවසටත් මෝර පිරිත කියන්න පුරුදු කරන්න. මෝර පිරිත බලවත් ආරක්ෂාවක් . කොහොමහරි දවසගානේ පන්සලට ගිහින් බෝධි පුජා තියල හරි දෙවියන්ට පින් දීල දෙවියන්ගෙන් ආරක්ෂාව ඉල්ලන්න. දැඩිමුණ්ඩ දෙවියන්ගෙන් පිහිට ඉල්ලන්න. ඔයාලට සහනයක් ලැබෙයි. නිකමට හිතල බලන්න බලවත් උදවියට යක්කු පෙරේතයෝ වහෙනවද කියල. යක්කු පෙරේතයෝ උනත් කරදර කරන්නේ පින් මහිමයෙන් අඩු දුර්වල උදවියටයි. ඒ හින්ද තමුන්ගේ බලය තමුන් ගොඩනගාගන්න උත්සහ කරන්න.රොබොට් අයිය හරි තැනකට ඔයාලව යොමු කරයි. මේ කරදරෙන් ගැලවෙන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.

    ඔයා කියලා තියෙන විදියට කිසිම දෙයක් කරගන්න විදියක් නැහැ මොකද මමත් ඉන්නේ මීගමුවේ.ඒ ගෙදර ඉන්නේ තාත්තත් අම්මත් නංගිත් විතරයි.ඉස්සර වගේ නෙමෙයි එයාලටත් මේක ඉවරයක් කරගන්න උවමනාවක් නැහැ,මැරෙනවනම් මැරුණ දෙන් කියලා එයාලත් ඉන්නවා.සුනිල් මහත්තයානම් කියුවා එයාලවත් මෙහෙයවන්නේ මේ බුතයෝ කියලා.ඒ තුන් දෙනා පන්සලකට යන්නත් අකමැති.ඉතින් බෝධි පුජාවක් වත් තියන්න එයාලා යන්නේ නැහැ.මම තමයි කරනවානම් ඒ දේවල් කරන්න ඕන එත් ඒ ගෙදර ගිහින් ඉන්න මටත් හිත හදාගන්න බැහැ:sorry::sorry:.ඕක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ.(ඔයාලා හිතන්න එපා මගේ ගෙදර අය මහා පවුකාරයෝ කියලා ඕනෑම මනුෂයෙක් මොන ප්‍රශ්නේ ආවත් මුලින්ම යන්නේ පන්සලකට හෝ පල්ලියකට ඒ පිහිටක් බලාපොරොත්තුවෙන් ඒත් මගේ ගෙදර අයට එකවත් කරන්න බැහැ ඒ අය හුගාක් අසරණ ඇති:(:()මට ගෙදර අයට නොදැනෙන්න තමයි කරන දෙයක් කරන්න කියුවේ නැත්නම් එකට බාදාවක් වේවි කියුවා.එකයි මං ඔයාලගෙන් උදවුවක් ඉල්ලුවේ මට ඕන එයාලට නොදැනේන්න මොකක් හෝ දෙයක් කරන්න,ඔයාලා අහලවත් තියෙනවද මෙහෙම තත්වයක් තියෙත්දී ඒ ඉන්න ගෙය විකුනලා වෙනත් තැනක පදිංචියට ගියොත් මේ ප්‍රශ්න ඉවර වේවි කියලා???:confused::confused:

    තාත්තා පිළිම අයින් කරලා තිබුන නිසා සුනිල් මහත්තය කියුවේ නැවත පහන තිබ්බොත් එය අමනුෂ්‍යයින් බාරගන්නේ කියලා.මොකද දැනටමත් අපේ ගෙදර අය සෑහෙන්න වැටිලා ඉන්නේ.ප්‍රශ්න පිට ප්‍රශ්න එන නිසා.ඔයා කියල තිබුන
    ''බලවත් උදවියට යක්කු පෙරේතයෝ වහෙනවද කියල. යක්කු පෙරේතයෝ උනත් කරදර කරන්නේ පින් මහිමයෙන් අඩු දුර්වල උදවියටයි'' කියලා එක නම් හරියටම හරි අපේ ගෙදරින් දුර්වලම කෙනා අම්මා තමයි.අදටත් ඔය කිසිම බලපෑමක් අපිට නැහැ.ඔක්කොම දේවල් අම්මට විතරමයි.අම්මට බන පොතක්වත් කියවන්න බැහැ නින්ද යනවා කොච්චර බැන්නත් පලක් නැහැ එයාවත් දන්නේ නැහැ ඒ ඇයි කියලා,මොනවා කරන්නද මොන දේ කලත් ඒ මට ඉන්න එකම අම්මනේ.කිහිප දෙනෙක්ම මට ලියලා තිබුනා ඒ හැමොටම හුගාක් ස්තුති.තවම රොබට් අයියා නම් මුකුත් ලියුවේ නැහැ.ඒ අයියගෙනුත් මං පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.:):):)
     
    සහෝදරි ඔයා කියලා තිබ්බ කරන්න පුළුවන් හැමදේම කලා කියල.ඔයා වගේ දේවලදී හැම කෙනා ගාවටම ගිහිල්ල වැඩේ කුරුවල් කරගෙනත් බෑ.දැනටනම් මන් දන්නා හරි විදිහට ගුරුකම් කරන මහත්මයෙක් නෑ.මගේ තාත්තා දන්නා කෙනෙක් ඉන්නවා කිව්වා කිරිවත්තුඩුව පැත්තේ.මන් හරියටම හොයල බලල ඒ ගැන කියන්නම් ඉක්මනටම.පුලුවන්නම් අහන්න සතියේ දවස් වල එෆ් එම් දෙරණ එකේ යනවා රෑ 10 ඉදල කළුවර අඩවිය කියල වැඩසටහනක්.එකේ යන්නේ ඔය බුත බලපෑම් වලින් ගැලවෙන ක්‍රම ගැන.පුළුවන් කමක් තියෙනවනම් අහන්න ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.ඉක්මනටම කරදර වලින් මිදෙන්න කියල ප්‍රර්ථනා කරනවා
     
    *#DHI#

    Member
    Oct 22, 2008
    408
    3
    0
    My computer
    ඔබතුමියගේ මෑණියන්ට ඉක්මන් සුවය ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මගේ යාලුවෙක් මේ වගේ වැඩකට විසදුමක් දුන්න දක්ෂ මහත්මයෙක් ගැන කිව්වා. මම එයාගෙන් අහල විස්තරේ මෙතන දාන්නම්. ඔයාලට මතක නම් මම දවසක් මේ භූත කොටුවේ දැම්ම යකෙක් ආරුඩ වෙලා හිටපු කෙනෙක් ඒ යකාව බන්දන්න අනුරාධපුරයට එක්කන් යන්න ලේස්ති වෙද්දී බාත් රූම් එකට රිංගල පැනල ගිය කතාව, ඒ වැඩේ කරලා ඒ කෙනාව බේරලා දීල තිබුනේ මේ මහත්මයයි. ඒ මහත්මය ඉන්නේ කස්බැවේ කියල නම් කිව්වා කියල මතකයි. මම හරියටම විස්තරේ දැනගෙන මෙතන දාන්නම්.

    රොබෝට් අයියේ මේ දේ අයියට විවුර්තව කිව්වොත් හොඳයි කියල හිතුන. භූත කොටුව මේ වෙනකොට සෑහෙන්න පිරිසක් බලන තැනක් බවට පත්වෙලා. අද වෙනකොට ලංකාවේ හතර වටේම එක එක විදියේ බොරු කාරයෝ වැහි වැහැල. ඒ හින්දම මේවා පිළිබඳව මිනිසුන්ට තියෙන විශ්වාසයත් නැතුව යන්න පටන් ගෙන. ඊටත් වඩා මිනිසුන්ව රවට්ටලා ගසා කන්න පටන්ගෙන. රොබෝට් අයියේ ඔයාට පුළුවන් නම් මේ වගේ දුකට පත්වෙලා ඉන්න අයට පිහිට වෙන්න ඒක ඔයාට ලොකු පිනක් වේවි. එහෙම පිහිට වෙද්දීත් නිකන් PM එකක් දාන්නේ නැතුව විශ්වාසෙන් ඒ තැන් ගැන හැමෝටම දැනගන්නත් එක්ක භූත කොටුවට දාන්න අයියට පුළුවන්නම් ඒක ලොකු දෙයක්. මේ ඉල්ලීම කරන්නේ භූත කොටුව බලන හැමෝම වෙනුවෙන්. රොබෝට් අයිය සමහරවිට ඒ දේවල් මෙතන දාන්නේ නැතුව ඇත්තේ එහෙම තැන් කියල ඒ තැන් වලට ගිහිල්ල කෙනෙක් අපහසුතාවයකට ලක්වෙයි කියල නම් ඒකට අයිය වගකීමක් ගන්න ඕන නෑ කියලයි මම හිතන්නේ. මම මේ කරන ඉල්ලීම වැරදි වෙන්න පුළුවන් රොබෝට් අයියේ එත් මම මේ ඉල්ලීම කරන්නේ භූත කොටුව බලන හැමෝම වෙනුවෙන් සහ මේ රටේ බොරු කරලා සල්ලි ගසාකන අයගෙන් ඉදිරියට රැවටෙන්න ඉන්න පිරිස වෙනුවෙන්. අපි වෙනුවෙන් අපි වෙමු!

    ඒ වගේම මේ වගේ සිද්දියක් හැමෝටම පේන්න දාන්න තරම් කොන්දක් තිබුන ඒ සහෝදරියට බොහොම ස්තුතියි. ඒ වගේම මෙතන ඉන්න හැමෝටම දැනගන්න ඔබතුමියට පුළුවන් නම් වෙනස වැඩසටහනේ පෙන්නුව සුනිල් මහත්මයා හමුවෙන්න පුළුවන් විදිය මෙතනට දාන්න. ඒ මහත්මයා ඉන්නේ මාතර කියල අහල තිබුනට කොහෙද කියල හරියටම ගොඩක් අය දන්නෙ නෑ.

    lasa2k උබට පුළුවන් නම් මචන් උඹ ඔය කියල තියෙන දේ හැමෝටම පෙන්න දාන්න එක ලොකු දෙයක්.

    රොබෝට් අයියේ
    අපි වෙනුවෙන් අපි වෙමු
    .

    ඔයාට හුගාක් ස්තුති,කැස්බෑවෙ ඉන්න ඒ මහත්මයා ගැන විස්තර ටිකක් කියනවද මට?පුළුවන් නම් ෆෝන් නම්බර් එකක්වත් හොයලා දෙන්න උත්සහා කරන්න.ඔයා කියුව දේ ඇත්ත හුගාක් ඉන්නේ බොරුකාරයෝ.නැත්නම් අපි අවුරදු 20 මේ තරම් දුක් විදින්නේ නැහැනේ.ලක්ෂ ගානක් අපි ඔය හොරුන්ට වියදම් කරලා ඇති.ඒත් පිහිටක් ලැබුන නම් මේ තරම් දුකක් නැහැ.ගොඩාක් ඔය පත්තර වල දැන්වීම් දාන්නේ ලෝක හොරු,ඒ අය ලගට සෙනග ගෙන්වගන්නයි ඔය වැඩ කරන්නේ,නියම වැඩකාරයට දැන්වීම් දාන්න ඕන නැහැ.මොකද එහෙම මනුස්සයෙක් ලගට ඕනෑවටත් වඩා මිනිස්සු එනවා,ඉතින් මං නම් ඔය පත්තර කෑලි වල තියෙන තැන් ගැන විශ්වාස කරන්නෙම නැහැ.හුගාක් හොද කෙනෙක් හොයාගන්න අමාරුයි අන්න ඒ අමාරු කමින්ම හිතාගන්න පුළුවන් එයාගේ බලය ගැන,සුනිල් මහත්මයත් හුගාක් හොදයි.ඒත් එයාට ඉක්මන් දින දෙන්න විදියක් නැහැ.මේ අවුරුද්ද ඉවර වෙනකන්ම එයාට වැඩ.මම නම් එයාලගේ ගෙදරත් ගියා ඒත් ලිපිනයක් නම් දන්නේ නැහැ මම අදුනන මල්ලි කෙනෙක් තමයි අපිව එක්ක ගියේ.කොහොම හරි දික්වැල්ලට ගිහින් ඇහුවොත් වෙනස වැඩසටහනට පෙන්වපු සුනිල් මහත්මයාගේ ගේ කොහෙද කියල හුගාක් දෙනෙක් දන්නවා.රෑට විතරයි ඒ මහත්මයා ගෙදර ඉන්නේ මොකද ඒ මහත්මයා රස්සාවක් කරනවා,මම ඒ මහත්මයාගේ ගෙදරට යන විදිය හෙට මල්ලිගෙන් අහල කියන්නම්,මම නම් දැක්ක හොද මහත්මයෙක් එයා.හරිම කරුණාවන්තයි,ඒ වගේම හුගාක් කාර්යබහුලයි.හෙට මං වැඩිවිස්තර කියන්නම්.
    :yes::yes::yes:
     
    *#DHI#

    Member
    Oct 22, 2008
    408
    3
    0
    My computer
    සහෝදරි ඔයා කියලා තිබ්බ කරන්න පුළුවන් හැමදේම කලා කියල.ඔයා වගේ දේවලදී හැම කෙනා ගාවටම ගිහිල්ල වැඩේ කුරුවල් කරගෙනත් බෑ.දැනටනම් මන් දන්නා හරි විදිහට ගුරුකම් කරන මහත්මයෙක් නෑ.මගේ තාත්තා දන්නා කෙනෙක් ඉන්නවා කිව්වා කිරිවත්තුඩුව පැත්තේ.මන් හරියටම හොයල බලල ඒ ගැන කියන්නම් ඉක්මනටම.පුලුවන්නම් අහන්න සතියේ දවස් වල එෆ් එම් දෙරණ එකේ යනවා රෑ 10 ඉදල කළුවර අඩවිය කියල වැඩසටහනක්.එකේ යන්නේ ඔය බුත බලපෑම් වලින් ගැලවෙන ක්‍රම ගැන.පුළුවන් කමක් තියෙනවනම් අහන්න ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.ඉක්මනටම කරදර වලින් මිදෙන්න කියල ප්‍රර්ථනා කරනවා

    ගොඩාක් ස්තුති,මම ඒ වැඩසටහන අහන්නම්,මට නම් හිතෙන්නේ අපි දැනටමත් වැඩේ කුරුවල් කරගෙන වගේ,:(ඒත් බලමුකෝ වැටිච්ච ලින් කටින්ම නැගිටින්න,මේ තරමින් හරි හිත හැදුවට හුගාක් පින්.:yes:
     
    Chai3

    Member
    Mar 5, 2012
    30
    6
    0
    oyaata oya prashna walin ikmanatama galawenna labenna kiyala hadawathinma pathanawa. hithe loku wishwaasayak tiyaa ganna. oyaa budun wishwaasa karanawane. loku sathyak grahayak karanna budun idiriye. oyaa karapu loku sathya honda wadak mathak karala e balen me prashna hamadaatama wisandila budunge yahapath dewi dewathaawange balma oyaage paulata watenna kiyala pathanna. e sathyagrahaya karala podi baarayak wenna, me prashna wisandunoth oyaa mokak hari yahapath deyak karanawa kiyala thamangeth anungeth yahapatha wenuwen. dewiyanta witharak newe, budu haamuduruwantama kiyanna. wishwaasa karanna buddha shakthiya. oyaata waradinne naa ethakota. owa ikmanatama hari yai. baya wenna epaa. harigiyaama ara baara wuna widiyata e yahapath deya karala udaw karapu yahapath dewiyan wahanselata pin anumodan karannath mathaka thiyaa ganna hondada ;)
     
    Chai3

    Member
    Mar 5, 2012
    30
    6
    0
    මං අහපු කතාවක්..

    මම මේ ත්‍රෙඩ් එකට අලුත් කෙනෙක්. :nerd: හුඟක් තියෙන හොල්මන් කතා කියෙව්වා. හුඟක් හොඳ කතා දාල තියෙන නිසා මේ ත්‍රෙඩ්1 නග්ගන්න පුළුවන් support1 ක් දෙන්න හිතලයි මේ කතාව දාන්න හිතුවේ. මේක එහෙම බය හිතෙන එකක් නෙවේ,:no: ඒ නිසා දහා අතේ කල්පනා කරලා :baffled: පස්සේ හිතුව එක්කෝ දාන්නම් විශ්වාස කරන අය කැමති වෙන අයවත් කියවයිනේ කියල. මේක මන් අහපු කතාවක්. අපේ අඳුරන කෙනෙක්ට වෙච්ච දෙයක්.

    ඔන්න ඉන්නවා අපේ අම්මිගේ හොඳ යාලුවෙක් පුෂ්පා කියල. (ඉස්සරහ නම දැම්ම කියල හෙන අව්ලක් නෑනේ :rofl:) . ඉතින් මේ ඇන්ටි ඒ දවස් වල හිටියේ කිරිබත්ගොඩ scheme 1 ගොඩක් ඇතුලට වෙන්න. හොඳ ටිකක් පරණ ගෙයක් තිබ්බේ. මේ ගෙදර තියෙනවා ලොකු ජම්බූ ගහක්. දවසක් මෙයාල නැති අතර මෙයාලගේ නංගි මෙයාලව බලන්න ඇවිත් මහත්තයත් එක්ක, ඔය ජම්බු ගහ වටේ පොඩි බැම්මක් වගේ තියෙනවා එතන ඉඳගෙන ඉඳල. ඇන්ටිලා ගෙදර ආවම කට්ටිය ඉතින් උයල එහෙම කෑම කන්න පටන් ගත්ත. :cool: මෙයාල මේ කෑම අතර ඌරු මසුත් උයල තියෙනවා. :shocked: කොහොම හරි කෑම කාල සතුටින් ඉද්දි නංගි toilet1ට යන්න ගිහින් තියෙනවා. ඒ toilet 1 තියෙන්නේ ගෙදරට සම්බන්ද කරලා නමුත් එළියෙන්. toilet 1 ඉඳන් එන කෙනාව කුස්සියේ සින්ක් 1 ළඟ ඉන්න කෙනාට පේනවා ජනේලෙන්. ඔය පුෂ්පා ඇන්ටි කුස්සියේ සින්ක් 1 ළඟ වලන් හෝද හෝද ඉඳල තියෙන්නේ. නංගි එලියට එද්දී ඇන්ටි දැකල හොඳට හිටපු නංගි මෙන්න කකුලක් ඇද ඇද මහා බය හිතෙන අමුතු විදියට ඇවිදන් එළියට එනවා. :shocked: ඇන්ටි කෑගහගෙන දුවල වෙට්ච දේ බලන්න. නංගිට ඇවිද ගන්නත් බැරිතරමට දැන් කකුල් අදිනවලු ඇවිදිද්දී. පස්සේ ඇන්ටියි නංගිගේ මහත්තයයි එකතුවෙලා නංගිව ගෙදරට එක්කන් ඇවිත් වාඩි කෙරෙව්වලු. නංගිගේ දාඩිය පෙරෙනවලු. පස්සේ කට්ටියම මොනාද වුනේ කියල ප්‍රශ්න කරද්දී එක පාරටම නංගි මහා බර වයසක ගෑනු කටහඬකින් කතා කරලා. කට්ටියගේ ඉහ මොළ රත් වුනාලු. :eek::confused: ඒ කටහඬ හරියටම ඇන්ටි ගේ මැරිච්ච අම්මගේ කටහඬ වගේලු. දැන් මෙයා අර බර වයස කටහඬින් කෑ ගහන්න ගත්තලු.
    " මම උඹේ අම්මා. මතක නැද්ද උඹට. මේ හැමදේම මගේ. මතක නැද්ද උඹලට. මං උඹලට ඉන්න දෙන්නේ නෑ. මං උඹලට ඉන්න දෙන්නේ නෑ " කියල.
    දැන් කට්ටියට කරගන්න දෙයක් නෑලු. පස්සේ ඇන්ටි ට තේරිලා මේ වෙලා තියෙන දේ (මීට කලිනුත් ඇන්ටි ඕව පොඩ්ඩක් අත්විඳපු කෙනෙක්ලු). :oo:(ඒ අම්මා අංශබාගෙ හැදිලා ඉද්දියි මැරිලා තියෙන්නේ. එකයි නංගි කකුල් ඇද ඇද ඇවිද්දේ අම්මා වැහුනම. ) පස්සේ ඇන්ටි කියල මේ මොන විකාරයක්ද, මේ ඉන්නේ මගේ නංගි කියල. එතකොටම අම්මා කියල (අම්මා කියුවේ නංගිගේ ඇඟට දැන් වැහිලා ඉන්න අම්මා),
    " උඹ දන්න කෙහෙල් මල! උඹල ඔක්කොම මගේ දේවල් අරන් දැන් කියවන ලස්සන" කියල. පස්සේ මහා හයියෙන් කෑ ගහන්න අරන් " මං උඹලව නැති කරනවා. මං උඹලව තියන්නේ නෑ, මේවා මගේ " කියල.
    පස්සේ එක පාරටම සද්දේ නැති වුනාලු. නංගි ලොකු හුස්මන් අරන් පහතට දැම්ම විතරයි ආයි නංගි කියවිල්ල පටන් ගත්තලු. එත් මේ පාර මහා අමුතු පිරිමි කටහන්ඩක්ලු. :shocked:
    " පුෂ්පා මගේ දුවේ, බයවෙන්න එපා පුතේ, මං උඹේ අප්පා." කියල. ඇන්ටිට බයටම කලන්තේ වගේ ආවලු. ඒ අතර නංගිගේ මහත්තයත් පිටසක්වලින් ඇවිත් වගේ :rofl: ඔහේ බයවෙලා බලන් ඉන්නවලු මුකුත් තේරුම්ගන්න බැරුව. පස්සේ නංගිට වැහිලා ඉන්න තාත්ත කියවන්න ගත්තලු. " මේ ගෑනිට කරන්න පුළුවන් කජ්ජක් නෑ. මේකිගේ කට විතරයි. උඹල බය වෙන්න එපා. මං මුකුත් වෙන්න දෙන්නේ නෑ. මේ ගෑනිව මං බලාගන්නම්කෝ" කියල.
    පස්සේ මෙට්චර වෙලා බලන් හිටිය නංගිගේ මහත්තයාගේ සීමාවත් පැන්නලු. :angry:එයා කෑ ගැහුවලු " මේ ඔය මොකා වුනත් කමක් නෑ, මේ මගේ ගෑනි, හොඳ හිතින් මගේ ගෑනිට ඉන්න දීල ආපු පාරක් හොයන් යන එකයි හොඳ හිතින් " කියල.
    එතකොටම අම්මා ආයෙත් නංගිට වැහිලා කෑ ගහන්න ගත්තලු. " උඹ ඉන්නේ මගේ ගෙදර. උඹ මොන හයියක් අරන්ද මගේ ගෙදර කෑ ගහන්නේ. මං උඹල ඔක්කොවම බලන් ඉන්නේ. හිටපල්ලකො මං කරන්න " කියල.
    එත් එක්කම ආයි :shocked: තාත්ත ගේ කටහඬ ආවලු. " උඹල මේ ගෑනිට බයවෙන්න එපා. මං ඉන්නවනේ. මේ ගෑනිට කරන්න පුළුවන් කජ්ජක් නෑ " කියල, පස්සේ එක පාරටම තාත්ත කෑ ගැහුවලු " දුප් පල " කියල. පස්සේ තාත්ත මෙයාලට කියුවලු " මං ඒකිව එලෝලා දැම්ම මෙතනින්." කියල. දැන් තාත්ත දිගටම කතා කරන්න ගත්තලු පන පිටින් ඇවිත් වගේ. :no: " දැන් ඉතින් පුෂ්පාට කොහොමද. වැඩ කරන යනවා නේද. දුව ඉස්කොලේ නේද." කියල ආපහු නංගිගේ මහත්තය පැත්තට හැරිලා කියුවලු, " අලුත් වැඩකට අත ගැහුවා නේද, ඔක්කොම හරියයි, බයවෙන්න එපා " කියල.
    පස්සේ පුෂ්පා ඇන්ටි වැඳලා වගේ කියුවලු, :sorry: අනේ තාත්තේ මගේ නංගිට ඉන්න දෙන්න, මගේ නංගිගේ ඇන්ගෙන් යන්න, එයා පව් කියල. එතකොට තාත්ත කියුවලු, " හා හා කලබල වෙන්න එපා. මං යනවා දැන්. මං මෙහෙ ඉන්නවනේ, අර ගෑනිව දැන් අල්ලගන්නත් ඕනේ. ඕනට වැඩියි ඕකි දැන් " කියල.
    පස්සේ නංගි ලොකු හුස්මක් අරන් ඇහැරුනා වගේ වුනාලු. ඊට පස්සේ බඩගිනියි මට, ඉවසන්න බෑ කිය කිය අඬන්න ගත්තලු.:growl: ඇන්ටිලත් මුකුත් වැඩිය අඟවල නැතුව, ඌරුමස් නොදී :no: අනිත් ජාති කන්න දීල නංගිව මහත්තය එක්ක ගෙදර ඇරියලු.
    පස්සේ ඇන්ටි ඕව බලන කෙනෙක් ගාවට ගියාම කියල ඒ අම්මා මැරෙද්දි ඒ ගෙදරට ආසාවෙන්ලු මැරිලා තියෙන්නේ.:shocked: එතන toilet 1 ළඟ තියෙන පොඩි කාම්බරේකයි අර ජම්බු ගහෙයි ලු දෙන්නා ඉන්නේ. කරුමෙට නංගිගේ ඇඟට එන්න පුළුවන් වෙලාලු. ඒ තාත්ත තමයිලු ඒ අම්මව පාලනය කරන් මෙයාලව ආරක්ෂා කරන්නේ. :yes: පස්සේ කියල ඒ ගෙදර එක පස් මිටක් වත් ඉතුරු නොවෙන්න පස් හිටන් හාරලා අස් කරන්න කියල. ඒ අම්මගේ වෙන මුකුත්ම නොතියෙන්න ඇන්ටිලා මුලු ගේම කඩලා පස් හිටන් අස් කරලා ඉඩම විකුනුල යක්කල වෙන තැනක පදිංචියට ගියා.:)

    එත් අර නංගිගේ ප්‍රශ්නේ විසඳිලා නෑලු. ගෙදර ගිය වෙලේ ඉඳන් එක එක විදියට කතා කරනවලු. පස්සේ බලද්දී ගමේ මැරිච්ච හැමෝම මෙයාගේ ඇඟට එන්න අරන්. විනාඩි පහෙන් පහට ආත්ම මාරු වෙවී කියවනවලු. :shocked: ආත්ම ඔක්කොම ගියාම මෙයා බාගෙට මැරිලා වගේ බඩගින්නේ කෑගහනවලු. කොච්චර කෑවත් ආපහු ආත්මයක් ඇවිත් ගියාම ආයි පුදුම විදියට කන්න ඕනෙලු. :growl:හරිම දුකක් වින්දලු ඒ නංගි සතියක් විතර තිස්සේ. පස්සේ සෑහෙන අමාරුවෙන්ලු ඒවා ඔක්කොම නතර කරන් තිබ්බේ. හොඳ වෙලාවට එයාලට ළමයි කව්රුත් ඒ වෙද්දී ඉඳල නැහැ.:dull: එත් දෙවියන්ගේ පිහිටෙන් අද ළමයි හදන් :love::love::love: හොඳ සතුටෙන් :lol::lol:කරදරයක් නැතුව ඉන්නවලු. :yes:;):)
     
    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    භූත කොටුව බලද්දින් මම මගෙ ඇස් දෙකෙන් හා මුළු ඇඟෙන්ම විදපු කතාවක් කියන්න හිතුනා.මේ දේ උනේ දැනට අවුරුද්දකට කලින්.හරියටම ගිය අප්‍රියල් මාසේ..මම හැදුනෙ වැඩුනෙ කුරුනෑගල පැත්තෙ ගමක..නිකවැරටිය ආසනේ..මේ පැත්තේ ජයටම යන රස්සාවක් තමයි කිරි ගව පාලනය.අපේ ගෙදරත් මේ කාලසීමාවෙ කිරි ගවයින් 13ක් විතර ඇතිකෙරුවා.ඒත් එක කාලසීමාවක ඒ සත්තු එකින් එක කටින් සෙම දාගෙන මැරෙන්න ගත්තා.අපි සත්තුන්ට පුදුම විදිහ්ට ආදරේ කරන පිරිසක්.මහ රෑ ඇහැරගෙන බලාගෙන හිටියේ සත්තුන්ට කවුරු හරි වස දෙනවද කියලා දැන ගන්න.ඒත් එහෙම දෙයක් උනේ නෑ.ඒත් ඒ අපි නැගිටලා හිටපු හැම රෑකම 12ට 12.30ට විතර සත්තු පුඳුම විදිහට කලබල වෙනවා.උන් යටිගිරියෙන් කෑ ගහනවා.කඹ කඩා ගන්න හදනවා.ඔහොම සත්තු 7ක් විතරම මාසෙ ගානෙ මැරිලා ගියා.ඒ අතර පොඩි පැටවුන් විශාල ප්‍රමානෙකුත් ඉන්නවා.ඔහොම ඉද්දින් මට අපේ ගෙදර මනුස්සයන්ව පෙන්නන්න බැරුව ගියා.මොනවා හරි ප්‍රශ්නයක් උනු ගමන් මරාගෙන කන්න හිතෙනවා.

    අපේ කිරි අම්මා ඔය යන්ත්‍ර මන්ත්‍ර කටයුතු හුගක් විශ්වාස කරන කෙනෙක්.ඒත් මට නම් තඹ සතේක විශ්වාසයක් තිබුනේ නෑ.මේ වෙන්නෙ මොනවද කියලා බලවන්න කිරි අම්මා අඳුනක් බලන්න ගියා.නිකවැරටියේ අප්‍රසිද්ධ ස්ථානෙකට.එතනින් වෙද මහත්තයා කියලා තියනවා මාව එක්කන් එන්න කියලා කෙම්මුර දවසක.මමත් බෑ කියද්දින් කොහොම හරි එතනට එක්කන් ගියා.ගියාට පස්සෙ සේරම වෙදමහත්තයා සන්සුන් සිතින් ඇහුවා.අහලා කාමරේකට එක්කන් ගියා.බුදු පිළිමයක් වටා හොද පැත්තට අධිපති දේව රූප හොඩක් තිබුනා..(විශ්නු.පත්තිනි.)ඒ වගේ ඒවා.එතනම තිබුනා පොල් ගෙඩියක්.ලෙලි ගහපු එකක්..ඒ පොල් ගෙඩිය අතර අරගෙන වෙදමහත්තයා මොනවද මැතිරුවා.පොල්ගෙඩිය කාමරේට කහ වතුර ඉහලා බිමින් තිබ්බා.කොල කෑලි වගයක් පොල් ගෙඩිය වටේව දැම්මා.මට ඒ පොල්ගෙඩිය උඩට නගින්න කීවා.මමත් පොල් ගෙඩිය උඩට නැගලා ඉන්නවා.අහස පොලොව කැරකෙනවා වගේ පොල් ගෙඩියත් මාත් එක්ක කැරකෙන්න පටන්ගත්තා.මටම විශ්වාස කරගන්න බැරුව ගියා

    කොච්චර වෙලා කැරකුනාද කියන්න නම් මට මතක නෑ.ඒ පුදුමෙට මම වශී වෙලා හිටියේ.එක පැත්තකට කැරකිලා එක කොලයක් ලගින් නැවතුනා..වෙද මහත්තයා ඒ කොලේ බලලා,කිරි අම්මටත් පෙන්නුවා. ආයෙත් කොලටික වෙන වෙනම කවලම් කරලා පොල් ගෙඩිය වටේට දැම්මා.දාලා ආයෙත් ඉඳගන්න කීවා.දැන් කැරකෙන්නෙ ඉස්සරලා කැරකුනු පැත්තෙන් අනිත් පැත්තට.එහෙම කැරකිලා අයෙත් ඒ කොලේ ලගින්ම නැවතුනා.බලද්දින් ගෙදරට බහිරව කරදරයක්ලු.දවසක් දාගෙන වෙදමහත්තයා ආවා.ඇවිත් බහිරව පූජාවක් තිබුනා.දෙහි කපලා මොනවද තෙල් වගයක් අතට ගත්තා.මුළු අතම ලේ.එච්චරයි මම දැක්කෙ මට ලේ බලන්න බෑ.කලන්තෙ දාලා වැටුනා.කොහොම හරි මම සිහිය ඇවිත් මහන්සියට එහෙමම නිදාගත්තා.හොඳ හොඳ සෙල්ලම් තිබිලා තියනවා.කරුමෙකට බලාගන්න නම් හම්බුනේ නෑ.ඒත් එදයින් පස්සෙ මුළු ගෙදරම එලිය උනා.සත්තුන්ගෙ උනත් ගෙදර මනුස්සයින්ගෙ සමගිය උනත් මාර විදිහේ වෙනසක් පෙනුනා.මෙච්චර කල් ඒ දේවල් අවිශ්වාස කරපු මම දැන් ඒ දෙවල් විශ්වාස කරනවා

    මම කියන්නෙ කොච්චර බෝඩ් ගහගෙන වෙද්දු විදිහට පෙනුමට හිටියත් උන්ගේ බොරු ශෝබන විතරයි,ඒත් නමක් ගන්න හිතන්නෙ නැති අර වගේ මනුස්සයෝ බෝධිසත්වයෝ..මොකද කී දාහකට උදව් වෙනවද..මගෙ පලවෙනි රට යෑම සිද්ද උනේ ඩුබායි වලට.ඒ වෙද මහත්තා පොල්ගෙඩියටම නග්ගලා බලලා කීවා යන්න එපා පුතේ උබට කරදර වෙලා මිසක් එන්නෙ නෑ.උබ මාස දෙකක් ඇතුලත කාලසීමාවක ආපහු උපන් දේශයට එනවා කියලා.අයේ දෙකක් නෑ මම ආවේ වතුර උගුරක් නැතුව.ඒ තරම් දුක් වින්ඳා.තවමත් මේ රටේ විශ්වාස කරන්න පුළුවන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් තියනවා කියන එක නම් දැන් මට විශ්වාසයි:yes::yes:

    භූත කොටුවේ සිටින ඔයාලට සදා ජය..බුදු සරණයි!