සුන්දර ගීයක ඇරබුම,..

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අවසන් පෝසට් එක යැයි කියූ ලෙසම සස්ලිට් හා දත් කිඹුලා නිහඩවී සිටියෙමු... නමුත් අහිංසකයන් අසරණ කිරීම මට කෙසේ වෙතත් දත් කිඹුලා වැනි රට ජාතිය වෙනුවෙන් පණ උනත් කැප කරන සහෘදයෙකුට අපහසුතාවයෙකි... එනිසා දෙදෙනාම යලි පැමිනෙන්නෙමු... සස්ලිට් කෙසේවෙතත් දත් කිඹුලා වැනි දත්ත ගබඩාවක තොරතුරු අදිනු නියා වත්, අපි වෙනුවෙන් සිටින රසිකයන් නිසාවත් බලෙන් හෝ දත් කිඹුලාවැනි ජංගම පුස්ථකාලයක් කෙසේහෝ කැන්දාගෙන එමි. අපි ආවේ පෝසට් වත් අතාමාර්ථකාමීකම නිසාවත් නොව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බොක්කවල් නිසා කියනු රිසියෙමි... මෙය ස්ත්‍රී පුරුෂ දෙවර්ගයාටම කැපය. (මෙය කවුරුනිසාදැයි දන්නෝ දනිති...!)



    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා
    වෙරළේ රළ මැන්නා
    සීමාවක් මායිමක් නැතැයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනිවී...


    ගීතයෙහි විචාරය බලාපොරොත්තු වන්න....ටිකක් කාලය දෙමි රෑ ඉරපානේ කීවානම් මුලින් කියන්න... ඊට දිනක කාලයක් ඉඩ තබමි...... ඉන්පසුව දමමි....

    මීට අමතරව ගීත ගබඩාව වන දත් කිඹුලාද මේ මතයේ බව තේරුම් ගන්න... ඉල්ලා මිස බලයෙන් ඔහුගේ ගීත ගබඩාවේ ඇති ගීත 6000 තේරුම් ලබා ගත නොහැකි නිසා එය ගනුවස් මා යළි පැමිණියෙමි......
    කියන්න තියන එක දේ උබට සහ කිබුලට පින් කියන එක තමා යාලු.. උබල මේක නෑවෙත්තුවන්ම් අපිට කරන ලොකු අසාදාරනයක් යාලු ඒක
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,512
    5,948
    113
    HURAYYYYYYYYYYYYYYYYYYYYYYYYYY.. HURAYYYYYYYYYYYYYYYY.. aye patan gaththooooooooooooooooooo.. nosalee idriyata..kawru mada gahuwath meka nam nawaththanne nah .. sthuthi sahodarawaruni nawatha paminiyata..
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,512
    5,948
    113
    කියන්න තියන එක දේ උබට සහ කිබුලට පින් කියන එක තමා යාලු.. උබල මේක නෑවෙත්තුවන්ම් අපිට කරන ලොකු අසාදාරනයක් යාලු ඒක

    mey dan umbata email ekak yawwa mama.. :P :P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    HURAYYYYYYYYYYYYYYYYYYYYYYYYYY.. HURAYYYYYYYYYYYYYYYY.. aye patan gaththooooooooooooooooooo.. nosalee idriyata..kawru mada gahuwath meka nam nawaththanne nah .. sthuthi sahodarawaruni nawatha painiyata..

    කියන්න තියන එක දේ උබට සහ කිබුලට පින් කියන එක තමා යාලු.. උබල මේක නෑවෙත්තුවන්ම් අපිට කරන ලොකු අසාදාරනයක් යාලු ඒක

    mama baya wechcha tharamak deyiyane

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම එලකිරෙකට එන්න මූලික හේතුව මේ නූල.. මේක බලන්න එදිදි ඔය කතාවක් කවියක් හරි මොකක් හරි වෑදගත් නූලක් හරි දෑක්කොත් හරි දෑම්මට.. මූලික දේ මේක.. ඉතින් මේ නූලෙ ප්‍රදාන කර්යබාරයක් කරන දෙදෙනාම මෙය අත හෑර දෑම්මා කිව්වහම මට පුදුම දුකක් දෑනුන...

    ඒත් ආපේ සසිලිට් සහෝදරය රෑ1.30 මට කෝල්කරල කිව්වහම ආයෙමත් ඔහු සහ දත් කිබුල සහෝදාය එලකිරීකට එනව කියල මට පුදුම සතුටට්ක් දෑනුන.. වචනයෙන් කියාගන්න බෑරි සතුටක් දෑනුන..

    අපි දිගටම මේක කරගෙනයමු.. මම මේකෙන් ලබන දෑනුම සතුට සහ වින්දනය අන් කිසිම දෙයකට සම කරන්න බෑ..
    මේ නූල තුල හෝ සයිබර් අවකාශය තුල හෝ සෑබෑ ලොව තුල හෝ ඔබලාට අවශය ඕනෑම

    සහයෝගයක් ලබාදෙන්නට අපි ඔබලා සමග සිටිනව (අපි යනු කවුරුන්ද ය්නන ඔබලා දන්නවනේ)

    අවසාන වශයෙන් නෑවතත් මෙහි පෝස්ට දෑමීමට තරම් කාරුනික වූ සසිලිට් සොහොයුරාටද දත් කිබුලාටද පින් දෙමි
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    "පෙරුම් පුරාගෙන ආ සංසාරේ...
    පැතුමද සුනුවිසුනුව වැටුනේ....
    කාටද රිදුනේ....
    කව්රුද හැඬුවේ.....
    දුම්රිය මොහොතක් නතර උනේ...."


    මේක ලියල තියෙන්නේ හාමදුරු නමක්ලු....උන් වහන්සේ දුම්රියක ගමන් කරමින් සිටියදී තරුණියක් එම දුම්රියට පැනල සියදිවි නසාගෙන තියෙනවා....ඒ සිද්දිය ගැනලු මේ සින්දුවෙන් කියවෙන්නේ....(මට මේක ඇහුනේ දවසක් මම බස් එකේ එද්දී කොල්ලෝ දෙන්නෙක් මේ ගැන කතා වෙනකොට)
     

    ghnrodrigo

    Junior member
  • Sep 3, 2008
    621
    20
    18
    Venezia, IT.
    මෙවැනි සොදුරු මිනිසුන් අද වනවිට නැත....ඔව්න් ඇතැමෙක් නිකරුනේ මරා දැමුහ...සමහරෙක් මධුවිතෙන්ම නිරපරාදේ සිය ජීවිත අඳුරු කරගත්හ......අද fm නාලිකා වලට මේ මිනිසුන් මතක නැතත්...සුපර් ස්ටාර්...වැනි වැඩසටහන් වලදී යලි ජීවමාන වෙන්නේ මේ මිනිසුන්ගේ සිත් වල පන නැගී මේ සුන්දර සිතුවිලි මය..නැතිව නව පරපුරේ ගීත නොව..මාද නව පරපුරේ හොද ගීත තෝරාබේරාගෙන ඇහුවත් අපිට අද ඊයේ අහන ගීත වැඩි කල් යන්නට පෙර අමතකය...ඒත් මොවුන් ගේ ගීත එහෙම අමතක වෙනවද ???..ඊට හේතුව ඔයාලාම කියන්න මට...
    උපුටා ගත්තේ මෙතනින් -
    http://www.elakiri.com/forum/showthread.php?t=1169753
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    එහෙනම් හෑමෝටම සුබ රාත්‍රියක්... හෙට උදේ 5.00 වෙද්දි වෑඩබිමේ සිටිය යුතුය.. එහෙනම් නෑවතත් සුබරාත්‍රියක්... බුදු සරනයි ජේසු පිහිටයි
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ලක්ෂ්මන් හිල්මි ගායනා කරන මේ සින්දුව අහනකොට කවුරුවත් මේකේ තේරුම ගැන හිතුවද?

    රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා
    නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා
    සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා
    යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා

    විඳින වේදනා මදි මට නගයි චෝදනා
    උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා
    පිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලා
    බලා උනිමි අසරණ වී කඳුළු සඟවලා

    නොදැන ඔබ එදා මට බැන වදින්නට ඇති
    ජාති ජාති වත් තරහක් මගේ නම් නැති
    එදා යුද බිමේ මතකය ඔයාටත් ඇති
    සදා කල්ම නොමියෙන රණ විරුව මම වෙමි..!!

    මේ ගීතයට පාදක වුන සිදුවීම මේකයි►
    කොට්ටාව හන්දියෙන් අවිස්සාවේල්ල බස් රථයකට නැගුනු තරුණියක් බස් රථයේ සෙනග නිසා සෙමින් සෙමින් ඉදිරියට යන්නට විය... බස් රථය වේගයෙන් ඉදිරියට යමින් පවතී. හෝමාගම මංසංධියේදී සෙනග සුළු ප්රෙමාණයක් බැස ගිය අතර තවත් සෙනග නගින්නට විය. ඒ අතර හැඩි දැඩි පෙනුමෙන් යුතු උස මහත තරුණයෙක් බසයට අපහසුවෙන් ගොඩ උනි. සෙනග අතරින් ඉදිරියට පැමිණ ඔහු කලින් කී තරුණිය අසල සිට ගත්තේය. බස් රථය ඉදිරියට ඇදෙන්නට විය.

    ටික වේලාවකින් තරුණිය ගස්සා තරුණයාට රැවුවාය. නැවතත් සුළු මොහොතකින් තරුණිය රවන්නට විය. තෙවනි වර තරුණිය කට හඩ අවදි කලාය !!

    ''තමුසේ මහ වනචරයෙක් !! දැන් තුන්පාරක්ම මගේ කකුල පෑගුවා . තමුසේට අක්කලා නංගිලා නැද්ද. කෙල්ලෙක්ට බස් එකකවත් යන්න නෑ. ඔච්චර අමාරුනම් සල්ලි කීයක් හරි දීල ගෑනියෙක් අරං ගිහිං බුදිය ගනිං''

    බස් රථයටම ඇසෙන සේ කෑගැසු තරුණිය නිසා තරුණයා දෙස බස් රථයේ සියලු දෑස් යොමු විය. තරුණයා කෙතරම් හැඩි දැ‍ඩි උවද ඔහුට ඒ වචන දරා ගත නොහැකි විය. ක්ෂණයෙන් ඔහුගේ දෑස් රූරා කදුලු කැට කඩා වැටෙන්නට විට. ඔහු තම හඩ අවදි කලේය.

    ''ම‍ගෙන් වරදක් උනා නම් මට සමා වෙන්න නංගි. මම යුධ හමුදාවේ. පුදුකුඩුඉරිප්පු අවසාන සටනෙදී මට බොම්බයක් පෑගිලා මගේ කකුල මට නැති උනා. මගේ දකුණු අතත් හරියට වැඩ කරන්නේ නෑ. ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනවා නංගි. එදාම මැරිල ගියා නම් අද ඔයා මට බනින්නේ නෑනේ. මට සමාවෙන්න මගේ බොරු කකුලට හැගීම් දැනීම් නෑනේ නංගි ඒකයි එහෙම උනේ. ආය පාරක් මට සමාවෙන්න''

    තරුණයා කදුළු පිරි දෑසින් කියාගන කියාගන ගියේය. එසේ කියා තරුණයා පනාගොඩ යුධ හමුදා කදවුර අසලින් බැස ගියේය. ඔහුට ආසනයක් නොලැබීම ගැන බස් රථයේ සියලු සෙනග කම්පා වූ අතර තරුණිය ඉතා වේගයෙන් අඩන්නට විය.

    අප රණවිරුවන්ට මීට වඩා සැලකිය යුතුය. අපේ පණ බේරුවේ ඔවුන්ය. අප ඔවුනට නිසි තැන දී ගරු කල යුතුය. දෙවියන්ද ඔවුන්ව පුදනු ඇත.


    පත්තරය තිබ්බ එකක් මේක...

    ඇඬෙන ස්ටොරියක් නෙ මේ සින්දුවෙ තිබිල තියෙන්නෙ...
     

    ghnrodrigo

    Junior member
  • Sep 3, 2008
    621
    20
    18
    Venezia, IT.
    මේකෙන් ලබන දෑනුම සතුට සහ වින්දනය උපරිමයි, දිගටම මේක කරගෙනයමු !!!! rep+
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බලපියව් පණ්ඩිතකම් කියයවන්න කලින් මේ පෝස්ට්එක දමන වෙලාව....

    රෑ ඉර පානෙන් කිවුවත් එකයි නැතත් එකයි මම දානව මගේ 62වන විචාරය....

    සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී......



    ආදර වන්තයා...
    ආදරේ ආහිමිවුන ආදරවන්තයෙකුට හෝ ආදරවන්තියෙකුට පට්ට විදියට අසමින් අඩන්න පුළුවන් ගීතයක් තමයි මේ ගීතය යාළුවනේ... මේ ගීතය හොදට අහන්න... ආදරවන්තයෙක්ට මීට වඩා අඩා වැටෙන්න බෑ... අඩා වැටුනත් මේ තරම් සංවේදී විදියට මේ ගීතය ලියන්න බෑ. නමුත් සුනිල් ආරියරත්නයන් ඒ දේ කලා.. ලිවුවත් මේ තරම් සංවේදී සංගීතයක් තනන්ට බෑ.. නමුත් ඒ දේ මහින්ද බණ්ඩාරයන් කලා.... අපේ බාසාවෙන් කියනවානම් මුන් තුන්දෙනාම පට්ට බූට් කාපු තුන්දෙනෙක් වෙන්න ඔනි... නමුත් මුලින් ආ චෝදනා නිසාම මම මේ ගීතය පැහැදිල කිරන්නෙ මගේ ක්‍රෙම්ට මට දැනුන විදියට......

    ආදරෙකියන්නෙ අපි අපිට දැනෙන දෙයක් කෙල්ලෙ... මම උදේට නැගිටින්නෙ ඔයා නිසානම්.... අදින ඇදුම ඔයාට පේනන ඔයා නිසා තෝරනවනම් මට ඊට එහා දෙයක් නෑ.... මගේ ආදරේ එතන... බොලදයි වගේද.. නෑ ලොකු පණ්ඩිතයොත් සමාජයට හැංගුවට ඔහොම තමා.... ඉතිං මම ඔයත් එක්ක කොච්චර ආදරේ කලාද...? අපි කොච්චරනම් සැන්දෑයාමෙ වෙරල අයිනෙ කතා කර කර හිටියද..? මතකද ච්න්ඩිය වගේ තනි තරුවේ.... කියල ඈත තියෙන තරු පෙන්නුව මට තුරුලු වෙවී..... එත් කෝ ඒ ආදරේ... තනි තරුවනම් ඈත ඉන්නව... ඊට අමතරව තව තරු දහස් ගණනක් ඈත ඉන්නව ... ඒත් කෝ ඔයා මගේ ලග නෑනේ.... මම ඔයාට ලෝකයක් තරම් කියපු ආදරේ... කෝ.......(අහසේ තරුගැන්නා, වෙරලේ රල මැන්නා යැයි යොදන්නේ ආදර වන්තයා සිය ආදර වන්තිය ලබාගන්නට කරන ලද කැප කිරීම් වල පුමාණය නාතහොත් කාපු කට්ට පැවසීමටය.)

    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා
    වෙරළේ රළ මැන්නා
    සීමාවක් මායිමක් නැතැයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනිවී...


    ඔයා මට ආදරෙයි... පණ වගේ ආදරෙයි... ඒත් කෙල්ලෙ ඔයා ආවෙ ආයෙ හරිගස්සන්න බැරි වැරැද්දක් කරල... ඉතින් මම වගේ අහිංසකයෙක් මොනව කරන්නද....? හරියට බිදුණු වීදුරුවක් ආයෙ ඇලෙවුවත් පැල්ලම් තියෙනව වගේ ඔයා කරපු දේවල් අපිට එලව එලව වද දෙනවා.... මම ආදරේ නාමයෙන් ඒක ඉවසන්නම්.... ඒත් මටත් වඩා ඔයා මට ආදරෙයි... ඔයා කැමති නෑ... ඔයා නිසා මට කැලලක් වෙනවට... අනේ රත්තරං මම කියනදේ අහන්න... පණ්ඩිතය වෙන්න අපා... මට ඒක ගානක් නෑ දරුවෝ.... ඒත් ඉතිං ඔයා අහන්නෙ නෑ නේ.. ඔයාගෙ අතීත වැරදි වලට ඔයා දුක්වෙනවා... අනේ මට ඒකෙන් ඔයානේ නැති වෙන්නේ.....

    කැකුළක් සිදුනින් හදවත පිපුණූ
    කඳුළෙන් කටු මත විෂ තිබුණා
    බිඳුනොත් බඳුනක පිළියම් කරනට
    බැරි කැළලක් මතුවී පෙනෙනා...


    අපි විතරක් නෙමෙයි කෙල්ලෙ ... ඉතිහාසයේ ඉදලාම කොතරම් නම් ආදරවන්තයින් එකට එකතුවෙන්න හිතන්න ඇද්ද... ඔයා දන්නවද් අදටත් ආදර වන්තයින් එකට එක් වෙන්න බැරිනම් එකට මියැදෙනව... මමත් ඒකට සූදානම වෙද්දි... ඔයාමට ඉඩ දෙන්නෙ නෑ... ඔයා තනියම මැරෙන්න හදනව ඔයාගෙ වැරදි කිය කියා... මම ඒවට සමාව දුන්න දරුවෝ....

    මේක ඔයා විතරක් නෙමෙයි මමත් පෙර ආත්මයේ කරපු පවක්... ඒ නිසයි අපි දෙදෙනාටම එක්වෙන්න මේ සමාජය ඉඩදෙන්නෙ නැත්තෙ... අපි එක් වෙනකොට මොනවහරි ප්‍රශ්ණයක්... අනේ දෙවියො ඔයාව මැවුවෙ මට නෙමෙයි කියල හිතනකොටත් මට පුදුම වේදනාවක් කෙල්ලෙ... මම ඔයාට ලංවෙන්න හදන හැම වෙලාවෙම මොනවහරි දෙයක් අපි දෙන්නව ඈත් කරනව... මට ඔයා ලැන ආදරේට එහා ගිය දුකක් එනව කෙල්ලේ.......

    පවකින් පෙර අත්භවයක සිදු වූ
    සිතකින් සිතකට දුක පිරුණා
    මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
    ඔබ අත මා දුරකින් තිබුණා


    ආදරවන්තිය-
    කමක් නෑ මම පරාද වෙන්නෙ නෑ.. මහාලොකුවට අසංක ප්‍රියමන්ත පීරිස් ගීතයක් කියල මාව පරද්දන්න හදනව... ඒක කියල මගේ අයියත් මාව රිද්දනව .. මගේ ආදරේ බොරු නෑ අයියේ.. මෙහෙම ප්‍මේවතියකගේ ආදරය ලඝු කරන්න එපා... මට ඔයා වෙනුවෙන් දැනෙන දුතට තමයි මහා රල නැගෙන්නෙ... ඒ නැගෙන රලට දියකදක් වෙන්නෙ මගේ කදුළු.. ඒ තරම් මගේ දුකත් සීමා මායිමක් නෑ....

    පෙම්වතියන්ගේ
    පෙම්වතියන්නේ
    මහා සාගරේ
    කඳුළෙන් ජල කඳ සැදුණේ
    සුසුමෙනි රළ නැඟුණේ
    පෙම්වතියෝ...
    (ගායනය – ඇන්ජලීන් ගුණතිලක)


    නෑ මම පරාද වෙන්නෙ නෑ මම කොහොම හරි මට නැති උන ආදරේ දිනනව... මොකද දන්නවද... ඇන්ජලීන් ගුණතිලකත් ඉස්සර මේ වගේ සිද්දියකටම ගීතයක් කිවුවනේ... එහෙනම් මගේ අතින් මකන්න බැරි වැරදි උනා කියල මම මැරෙන්නෙ නෑ... මම වෙනුවෙන් ආදරේ පුදන අයියට මම මෙහෙම කියනව... ඒ කියනදේ තේරුම් අරන් අයිය ආවොතින් එයාගෙත් මගෙත් ජීවිතේ සුරංගනාලෝකයක්ම වෙයි........


    සදා දුකට පත් ආදරවන්තයින්ගේ ගීතය............ සදා දුකට පත් ආදරවන්තියන්ගේ ගීතය...



    ඔන්න එහෙනම් කමෙන්ට් දාන්න පටන්ගමු යාළුවනේ ආයෙත්....
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    "පෙරුම් පුරාගෙන ආ සංසාරේ...
    පැතුමද සුනුවිසුනුව වැටුනේ....
    කාටද රිදුනේ....
    කව්රුද හැඬුවේ.....
    දුම්රිය මොහොතක් නතර උනේ...."


    මේක ලියල තියෙන්නේ හාමදුරු නමක්ලු....උන් වහන්සේ දුම්රියක ගමන් කරමින් සිටියදී තරුණියක් එම දුම්රියට පැනල සියදිවි නසාගෙන තියෙනවා....ඒ සිද්දිය ගැනලු මේ සින්දුවෙන් කියවෙන්නේ....(මට මේක ඇහුනේ දවසක් මම බස් එකේ එද්දී කොල්ලෝ දෙන්නෙක් මේ ගැන කතා වෙනකොට)

    නෑ ඊට එහා දෙයක් තියෙනවා පසුව කියන්නම්... රූ ඉරපානේ කීවේ නැත්නම්...
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    pitu 16k baluwa adata....ithuru tikath kohoma hari balanna oni...elakiriye mama dakapu lassanama thread ekak meka...mechchara pitu gaanak yanakan dakapu nathi eka gana hithata dukai...sasliit saho saha anith meka wichaara daapu siyalu denatama godak sthuthiyi...:)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    නෑ ඊට එහා දෙයක් තියෙනවා පසුව කියන්නම්... රූ ඉරපානේ කීවේ නැත්නම්...

    ඔහ්හ් එහෙමද....මම ඔය මට අහිච්ච කතාවක් දැම්මෙ...හැබයි සින්දුව අහද්දිත් එහෙම තෙරුමක් එනවනෙ සහො....?
     

    samlk

    Member
    Mar 12, 2012
    81
    3
    0
    එලකිරියට ඇවිල්ලා අද තම මේ පිටු ටික දැක්කේ..එක හුස්මට පිටු 25ක් කියෙව්වා...කියල වැඩක් නෑ...මල් හතයි....

    තනි තරුවේ... සින්දුව ගැන මම අහපු කතවක් තියෙනවා...කලින් ලියවුනාද දන්නෙ නෑ... හිමීට ලියන්නම්....
     
    • Like
    Reactions: xxc

    samlk

    Member
    Mar 12, 2012
    81
    3
    0
    වික්ටර්ගෙ සින්දු වලින් මම ගොඩක්ම අසා සින්දුවක් මේක...
    බෝතලයක් මැදින් තියාගෙන කයියක් ගහන වෙලාවක තමා මේ කතාව අහුලා ගත්තේ.

    මේ සිද්ධිය වෙන්නෙ නිලාවෙලි වෙරළෙ...මීට ආසන්න කාලේකදිම තම ප්‍රේමකීර්ති බිරිඳගෙන් වෙන් වෙන්නෙත්. ප්‍රේමකීර්ති සහ සෙට් එක ඒ පැත්තෙ ඉන්න යාලුවෙකුගෙ ගෙදර ගිහින් තියෙනවා...මධු විතත් කතබහත් අතරේ රෑ වෙනවා.අමු තිත්ත කලුවරේ ප්‍රේමකීර්ති යනවා වෙරළ දිහාවට.ගල් පරයක් උඩට වෙලා මුහුදත් අහසෙ තනිඋන සිකුරු තරුවත් දිහා බලන් ඉඳලා එකපාරටම කෑ ගහනවා...

    තනිතරුවේ...

    මේ සද්දෙ ඇහිලා එලියට එන යාලුවන්ගෙන් ඉල්ලන්නෙ කොලේකුයි පෑනකුයි...මේටික ලැබුනත් කලුවරේ කොහොමද ලියන්නේ...මිත්‍රයා අතෙ තිබුණ දුම්වැටිය උරද්දි මතුවෙන මද එලියෙන්,

    තනි තරුවේ
    ඔබත් ඔහොම ඔතන ඉන්න
    මමත් මෙහෙම මෙතන ඉන්නවා...


    කියන පද ටික ලියවෙනවා.පස්සෙ ගීතය වික්ටර් කියද්දි තනිතරුවේ කියල කෑගහල කියන්නෙ ඒ හින්දලු...
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,306
    17,248
    113
    අවසන් පෝසට් එක යැයි කියූ ලෙසම සස්ලිට් හා දත් කිඹුලා නිහඩවී සිටියෙමු... නමුත් අහිංසකයන් අසරණ කිරීම මට කෙසේ වෙතත් දත් කිඹුලා වැනි රට ජාතිය වෙනුවෙන් පණ උනත් කැප කරන සහෘදයෙකුට අපහසුතාවයෙකි... එනිසා දෙදෙනාම යලි පැමිනෙන්නෙමු... සස්ලිට් කෙසේවෙතත් දත් කිඹුලා වැනි දත්ත ගබඩාවක තොරතුරු අදිනු නියා වත්, අපි වෙනුවෙන් සිටින රසිකයන් නිසාවත් බලෙන් හෝ දත් කිඹුලාවැනි ජංගම පුස්ථකාලයක් කෙසේහෝ කැන්දාගෙන එමි. අපි ආවේ පෝසට් වත් අතාමාර්ථකාමීකම නිසාවත් නොව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බොක්කවල් නිසා කියනු රිසියෙමි... මෙය ස්ත්‍රී පුරුෂ දෙවර්ගයාටම කැපය. (මෙය කවුරුනිසාදැයි දන්නෝ දනිති...!)



    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා
    වෙරළේ රළ මැන්නා
    සීමාවක් මායිමක් නැතැයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනිවී...


    ගීතයෙහි විචාරය බලාපොරොත්තු වන්න....ටිකක් කාලය දෙමි රෑ ඉරපානේ කීවානම් මුලින් කියන්න... ඊට දිනක කාලයක් ඉඩ තබමි...... ඉන්පසුව දමමි....

    මීට අමතරව ගීත ගබඩාව වන දත් කිඹුලාද මේ මතයේ බව තේරුම් ගන්න... ඉල්ලා මිස බලයෙන් ඔහුගේ ගීත ගබඩාවේ ඇති ගීත 6000 තේරුම් ලබා ගත නොහැකි නිසා එය ගනුවස් මා යළි පැමිණියෙමි......

    හුරේ.............එහෙනම් ත්‍රෙඩ් එක ආපහු පටන් ගත්තා.....එල..එල..දෙන්නටම බොහොම ස්තුති...
    1.gif
    1.gif
    1.gif
    1.gif
    ( මම පානක් ගැන නොදනිමි )...ජය වෙවා....!