සුන්දර ගීයක ඇරබුම,..

thomian

Well-known member
  • May 20, 2011
    12,306
    17,248
    113
    sad_face-13556.jpg
     
    classiclM

    Member
    Jan 1, 2012
    27
    5
    3
    ඔබේ වෙළද දැන්වීමට ප්‍රතිචාරයකි.

    පළමුව කියන්නට ඇත්තේ මේ කියා ඇති දේ ඉතාම පහත් එකක් බවය. සස් හෝ මම හෝ කිසිදු කෙනෙකු මෙහි පෝස්ට් කවුන්ට් එක වැඩිකරගැනීමේ අභිලාෂයක් පෙරදැරි කරගෙන මෙයට ගීත විචාර නොලියමු. පෝස්ට් කවුන්ට් එක වැඩ් කර ගැනිමට හොදම දෙය නම් :eek: හෝ :lol: හෝ:( හෝ:yes::yes: ගැසීමයි. නමුත් එසේ නොවන්නේ අපි මෙය සද් චේතනාවෙන් ම කරන බැවිනි. එසේම මොහු ලෙසට "####" හෝ "දවල් ගදපාන" අසන ලෙසට ඔබට යෝජනාකරන හුයක් අමුණා අත පිහිදා ගෙන සිටිය හැකිය...............
    [/B][/SIZE]

    “මේ thread එක වැඩක් නෑ. අරක තමයි හොඳ“ කියලා මම කොතනකවත් කිව්වෙ නෑ. ඔබේ රසාස්වාදය ඉහළ බව තේරුණ නිසා ඔබ එය නොඅසන්නේ නම් ඒ ගැන දැනුවත් කරන්නයි ඕන උනේ. ඒ වැඩසටහනට මට ඇති කිසිම සම්බන්ධයක් නෑ. මම එය රසවිඳින්නෙක් පමණයි. කියපු දේ පැහැදිලිව තේරුම් ගන්නෙ නැතුව වැරදි විදියට අර්ථකථනය කරගන්න එපා කියලා නැවතත් කියනවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    “මේ thread එක වැඩක් නෑ. අරක තමයි හොඳ“ කියලා මම කොතනකවත් කිව්වෙ නෑ. ඔබේ රසාස්වාදය ඉහළ බව තේරුණ නිසා ඔබ එය නොඅසන්නේ නම් ඒ ගැන දැනුවත් කරන්නයි ඕන උනේ. ඒ වැඩසටහනට මට ඇති කිසිම සම්බන්ධයක් නෑ. මම එය රසවිඳින්නෙක් පමණයි. කියපු දේ පැහැදිලිව තේරුම් ගන්නෙ නැතුව වැරදි විදියට අර්ථකථනය කරගන්න එපා කියලා නැවතත් කියනවා.
    ඔබ දි ඇති පිළිතුර "යන්නේ කොහෙද පොල්ලේ මල්" වැනි උත්තරයකටත් එහා ගිය එකකි. ඔබ කියා ඇති දේ නැවත සිහිපත් කර ගන්න..............
    ඔබ රෑ ඉරපාන අසන්නෙක් බව පේනවා. නමුත් ඉතාම ආත්මාර්ථකාමී අසන්නෙක්. ඇයි එවන් වටිනා වැඩසටහනක් ගැන මෙතන ඉන්න සුභාවිත සංගීතය ප්‍රියකරන අය දැනුවත් කරන්නෙ නැත්තෙ? එහෙම කළොත් ඔබ දාන posts ප්‍රමාණය අඩු කරන්න වෙන නිසාද?

    ප්‍රිය මිතුරු මිතුරියනි, ඔබ රෑ ඉරපාන අසා නැත්නම්, ඔබ මෙතෙක් ලබා ගෙන ඇත්තේ මේ ජීවිතයේදී ලබා ගත හැකි සෞන්දර්යාත්මක වින්දනයෙන් අංශුමාත්‍රයක් පමණි. එසේ නම් අසන්න.. විඳින්න...
    පළමු ඡේදයෙන් ම ඔබ ගම්‍යමාන කරන්නේ සස්ලිට් මේ වැඩ සටහන අසා එහි ඇති දේ මෙහි ලියන බව සහ එළකිරියන් එය දැන ගැනීම වැලැක්විමට සිතා මතා ම එය හංගන බව නොවේද? එසේම එය ඇසුව හොත් සස්ලිට් ලියන දේ අඩු කිරිමට සිදුවන නිසා ඔහු ගේ පෝස්ට් ප්‍රමානය අඩු වන බව නොවේද?
    මම ඔබ කියන වැඩ සටහන නොඅසන්නමි. ඔබට ඇත්තට ම අවැසි එලකිරියන් ගේ රසාස්වාදනය දියුනු කිරිමට නම්, පළමු ඡේදය නොමැතිව ඔබට දෙවන ඡේදය පමණක් පළකිරිමට තිබුනා නොවේද?
    "ඔබේ රසාස්වාදය ඉහළ බව තේරුණ නිසා ඔබ එය නොඅසන්නේ නම් ඒ ගැන දැනුවත් කරන්නයි ඕන උනේ."
    තත්ත්වය මෙසේ නම්. සත්‍ය ලෙසටම මෙසේ නම් ඔබට සස්ලිට් වැනි කැපවිමකින් යුතුව මේ හුයට ලිපි සපයන සොයුරෙක්ව අල්ලා නොගන්නට තිබුනා නොවේද?
    ඇත්තෙන් ම ඔබ ලියු පෝස්ට් එක පුරා වැටි ඇත්තේ, පෙන්වා ඇත්තේ ඔබේ කුහක කමේ සහ ඊර්ෂ්‍යාවේ අදුරු සෙවනැල්ල නොවේද?
    එය මගේ මිත්‍රය, ඔබේ පෝස්ට් එක එඩිට් කල පමනින් සැගවිය නොහැකි බව වටහා ගන්න...........
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    “මේ thread එක වැඩක් නෑ. අරක තමයි හොඳ“ කියලා මම කොතනකවත් කිව්වෙ නෑ. ඔබේ රසාස්වාදය ඉහළ බව තේරුණ නිසා ඔබ එය නොඅසන්නේ නම් ඒ ගැන දැනුවත් කරන්නයි ඕන උනේ. ඒ වැඩසටහනට මට ඇති කිසිම සම්බන්ධයක් නෑ. මම එය රසවිඳින්නෙක් පමණයි. කියපු දේ පැහැදිලිව තේරුම් ගන්නෙ නැතුව වැරදි විදියට අර්ථකථනය කරගන්න එපා කියලා නැවතත් කියනවා.

    ape kiri kalayata goma bindak............ :shocked:

    (wadak nathann ara agamika thread ekakata comments daapan ban...)
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    සොයුරෙක් ගේ ඉල්ලීමක් තිබුණා "එක් පෙති මලක්" ගීතය විචාරන්නට කියා.........මෙවැන්නක් ගැන කියූ විට කෙලෙසද ඉවසා ගෙන සිටින්නේ...????

    එක් පෙති මලක් විය නුඹ මගේ අත්දෙකට...........!!

    එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
    නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
    හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
    ආවේ ඇයි ද විරහී හිත අද්දරට

    ස්ත්‍රී පුරුෂ ප්‍රෙමයේ අන්ත ඵලය වන්නේ සම්භොග සුවයයි. ප්‍රේම කරන අවදියේ දීම එය ලබන්නෝ වෙති. නමුත් ප්‍රේමය පල නොදරා බිදී ගිය කල එය වරදක්ද, සන්තාපයක් ද වන්නේ ගැහැණියටමය. අවස්ථා එමට තිබියදීත් තම පෙම්වතිය රාග මාවතේ නො‍කැදවන බොහෝ මානවකයෝ සිටිත්. ඒ ඔවුන් සත්‍ය ලෙසටම ප්‍රේම කරන්නේ තම ආදරවන්තියට විනා ඇගේ ඇග මසට නොවන බැවිනි. නමුත් එවන් යහපත් පෙම්වතුන්ම විරහ වේදනාවන්ට පත්වෙති.
    සිය අත් මත එක්පෙති මලක් ව තිබියදිත් මේ යුවතිය ගේ තාරුණ්‍ය ඔහු නෙලා නොගන්නේ ඔහු ගේ බෝසත් ප්‍රේමය නිසාවෙනි. නමුත් ඔහුට සිදුවන්නේ ඇය ඔහු හැර අන්කෙකු හා සරණ යන විටදී ගම් දොරටවත් නොපැමිණ මුළු ගානි වී සිටීමටය.

    විස්මිත කමට අදහන්නට බෑ තවම
    මා හැර දමා නුඹ ගිය මග ගැන අරුම
    සතුකර ගන්ට මුල් පෙම නොපිදූ බැවින
    දුක්බර සිතට කීවෙමි නොහඩන ලෙසට

    ඔහු එතරම් ආලය කරද්දීත්. ඇය වෙනකෙකු ගේ සරන පැතීම, සරණ යාම ඔහුට පුදුමයකි. මෙතරම් වන බෝසත් ප්‍රේමයකට ඇය පිටුපෑම ඔහු ට අදහන්නට බැරිකරුණකි. අවස්ථා තිබියදීත් ශාරීරිකව ඇය තමා ගේ කර ගන්නට, ප්‍රේමයේ මිහිර විදින්නට අවස්ථාව තමා අත්හල බව ඔහු හොදින් ම දනී. එනිසා ඔහු තම දුක්බර හිතට නොහඩන ලෙසට කියයි. එහි අරුත් එකක්මය. එනම් ඔහු ගේ හිත හඩා වැටෙන බවය.

    සිටිනා කොදෙව්වක නුඹ සැප විදීනම්
    මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
    මතකය නුම ට හිරිහැරයක් නොවේ නම්
    තව කුමකටද දුක් ගී කල්පනාවන්........

    ඇය කොතනක හෝ සැපෙන්, සතුටින්, තම ප්‍රේමය වැනි බෝසත් පෙමක් ආශ්වාදනය කරමින් හිදි නම් එය ඔහු ගේ ආත්මීය සතුටයි. තම මතකය පවා ඇයට හිරිහැරයක් නොවේවා යන්න ඔහු ගේ පැතුමයි. ඔහු ගේ ඉල්ලීම තවත් දුක් ගී කල්පනාවන් හිතට ආරම්මණය කර නොගන්නා ලෙසටය.

    එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
    නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
    හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
    ආවේ ඇයි ද විරහී හිත අද්දරට

    විස්මිත කමට අදහන්නට බෑ තවම
    මා හැර දමා නුඹ ගිය මග ගැන අරුම
    සතුකර ගන්ට මුල් පෙම නොපිදූ බැවින
    දුක්බර සිතට කීවෙමි නොහඩන ලෙසට

    සිටිනා කොදෙව්වක නුඹ සැප විදීනම්
    මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
    මතකය නුම ට හිරිහැරයක් නොවේ නම්
    තව කුමකටද දුක් ගී කල්පනාවන්........

    බන්දුල නානායක්කාරවසම් නම් අපේ යුගයේ ගේය පද රචකායා ලියූ මේ ගීතයේ අමරදේවයන් ගායනා කරන "විකසිත පෙම් පොකුරු පියුම්" ගීතයේ මුද්‍රාව මොනවට වැදී ඇති සැටි ඉව කළ හැක. මේ අපේ කාලයේ ප්‍රේමයයි. තමාට විරහව උරුමකළ පෙම්වතියට යහපත් වූ අනාවක් වෙනුවෙන් සමු දෙන පෙම්වතුන් සිටි කාලයයි. දැන් මෙන් තමාට විරහව උරුම කර දුන් පෙම්වතියට දාහත් පලකට පිහියෙන් ඇණ තමාත් වස පානය කරන පෙම්වතුන් නොසිටි කාලයේ ප්‍රේමයයි.....!!!!

    නියමයි ... බොහොම ස්තුතියි සහෝදරයා ..
     
    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    ඔබ ළග නැති මේ සසරේ
    තනිකම දැනුනා අදුරේ
    පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ
    ඔබ මා ළග නැති අතරේ

    රන් දේදුනූ පෑයුදා
    ඔබ මා හා එක් වූදා
    මතකයි ඔබේ සුදු අතගෙන පියමැන්නා
    පොද වැස්සක අපි දෙන්නා

    විළඳ පොරි ඉහලා
    අපට සුබ පැතුවා
    අසිරි හඩ දීලා
    මංගලම් කීවා
    සුවදින් පිරි හසරැල් ඔබේ මගේ දැසට ලං වුවා
    ඔය රු මගේ නෙතු දුටුවා

    සඳ කිරණ වැදිලා මල් සුවද දැනුනා
    පිනි දාඩිය වැටිලා ඔබේ මුහුණ තෙමිලා
    ඔබ හා මෙමා දෙදෙනෙක් කියා සිතුවා ඉවරයි සිතුනා
    රැය පහන් කළා දෙදෙනා...

    ඔබ ළග නැති මේ සසරේ...
     
    Last edited:

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    ඔන්න ආයෙත් මම ගීතයක් අරගෙන ආව..... දැන් ටිකකට කලින් යාළුවෙක්ගෙ ඉල්ලීමක් තමයි මම මේ දැන් දෙන්නෙ. අනේ යාළුවනේ කිහිපදෙනයි කමෙන්ට් දෙන්නෙ.... ඔයාලම හිතන්න මෙච්චර අමාරුවෙන් ටයිප් කරල අපි ආසාවෙන් බලාගෙන ඉන්නව ඔයාල අපේ විචාරය ගැන කියන අදහස් මොනවද කියලා... නමුත් විචාර දෙකක් අතර කමෙනට්ස් 5,6 කට වඩා නෑ. ඒකත් නිතරම එන අයගෙන්... 9000ට ආසන්න පිරිසක් මේ වනවිටත් බලල තියෙනවනම්........................ අනේ මන්ද................. හරි කමක් නෑ , අපි යමු ගීතයට.......

    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැදි කාරණේ මා
    තවම සොයන්නෙමී...

    හරි ලස්සන ප්‍රේමණීය සින්දුවක්.... ආදරවන්තයින් කී දෙනෙක් තමන්ගෙ පෙම් හසුන්වල, එස් එම් එස් වල, ඊමේල් වල මේ ගීතය ලියන්න ඇත්ද.....? ආදරවන්තියින් කීදෙනෙක් මේ ගීතය සිය සහකරු හෝ සහකාරිය ළග තියාගෙන ගායනා කරන්න ඇත්ද....? ඒ තරමටම ප්‍රේමණීයවූත්, සුන්දරවූත්, ඉත්මත් ඉක්මනින් සිත්තුල තැන්පත්වී ජනප්‍රිය වූත් ගීතයක් තමා මේ.

    ඒත් මේ ගීතය සමලිංගික ඇසුර සාධාරණයයි පවසමින් සමලිංගික ආදරය ගැන ප්‍රකාශකරන ගීතයක්... දැන් අපි බලමු කොහොමද එහෙම වෙන්නෙ කියල.....

    හැමෝම වගේ මේ ගීතයේ මුල් කොටසන්ම තීරණයකට ඇවිත් ඉවරයි ආදර වන්තයෙක් ආදර වන්තියකට කියන ගීතයක් කියල.... ඇත්ත ඕන කෙනෙකුට එහෙම හිතෙනව තමා .... මොකද සරලව පද ගැලපීමක් සිදුකරල තියෙනව ඒ මුල් කොටසෙ. මේ මුලු ලෝකයම සුවද කරන්නට ගස් වල මල් පිපෙන්නේ ඇයි කියල මට තාමත් තේරෙන්නෑ.. ඒ ගස් වලින් දෝරෙ ගලන මල් සුවද වගේම සුවදට.. (සමහරවිට ඒ සුවද ඊටත් වඩා වෙන්නැති ) මගේ සිතේ විකසිත වෙන මල් සුවද .. සුවදක් වෙන්නෙ ඇයි කියල මම දන්නෑ... ඒ මල් පිපෙන්නෙ ඇයි කියල දන්නෑ වගේම ඔබ වෙනුවෙන් මගෙ හිත ඇදුනෙ ඇයි කියලත් මම දන්නෑ...

    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැදි කාරණේ මා
    තවම සොයන්නෙමී...

    නමුත් දෙවන කොටස ගැඹුරින් විශ්ලේෂණය කලොත් අපිට ගීතය තුල මුල් බැසගත් සැබෑ අර්ථය හොයාගන්න පුළුවන්.. සැබෑ අර්ථය බුද්ධිමත් ශ්‍රාවකයාට පමණක් තේරුම්ගැනීමට අවස්ථාවක් ලබාදීමටත් සාමාන්‍ය ශ්‍රාවක රසයෙන් එය වසන් කිරීමට මෙහි ගීත රචකයා ප්‍රභල සාර්ථක උත්සාහයක් දරල තියෙනව.

    ලෝක ස්වභාව අනුව පිරිමියෙක් ප්‍රේම කරන්නෙ කාන්තාවකට හරියට කාන්තාරය සූර්ය රශ්මියට ප්‍රේම කරනව වගේ. නමුත් කාන්තාරයට අවැසිනම් නිතරම නොලැබෙන වර්ෂාවට උනත් පණවගේ ආදරේ කරන්න පුළුවන්. අපූරු උපමා යොදාගනිමින් යමුනා මාලනී නම් පද රචිකාව ඉතාම සංයමයෙන් සමලින්ගික ප්‍රේමයක පැටලුනු අයෙකුගේ සිතුවිල්ලක් මෙහි ප්‍රකාශවෙනව. එනම් ලෝක ධර්මතාවයට අනුව ගැහැණියක් හා පිරිමියෙක් එකිනෙකාට ආලය කිරීම සිදුවූවත් විශම ලිංගිකත්වයෙන් ඔබ්බට ගොස් සමලිංගිකයන් කෙරේත් ආදරය නම් හැගීම ඇතිවිය හැකි බවයි. මෙම පදපෙල අවසානයේ රචකයා යොදා ඇති "ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්.. කරනු බැහැ තහනම්.." පද පෙලින් සමලිංගික ආදරය සම්මතයෙන් ඔබ්බට ගොස් අසම්මතයේ ක්‍රියාවක් බැවින් මෙකී සෙනෙහස ලොවෙන් සගවනා සෙනෙහසක් බවත් කිසිවෙකුට ඒ හැගීම යටපත් කරන්නට බැරි බවත් කියන්න උත්සාහ කරනව...

    "කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
    ඇතත් ලෝ දහමින්
    සොදුරු වැස්සට දැවෙන කතරත්
    ආදරෙයි පණමෙන් "

    ගීතයේ අවසන් කොටසෙදිත් පද රචකයා සිංහල භාෂාවේ තිබෙන හරිම සුන්දර වචන උපමා උපමේ යොදාගනිමින් තමා අපට මේ අසම්මත කතාව පැහැදිලි කරන්නෙ. "සදට සදහට සෙනේ පෑ මුත් උදුල තරු කැටයම්..." සද , තරු දෙකම අයිති රාත්‍රි අහසට ඒක තමා ලෝක සම්මතය.. සද තරුවටත්, තරුව සදටත් පෙම් කරනව ... ගැහැණිය පිරිමියටත් පිරිමිය ගැහැනියටත් වගේ... සම්මතය එපරිදි උනත් ඒ සම්මතයට එපිටින් ගිහින් සදට පෙම්බදින්නෙ නැතිව දිවා කාලයේ හිරුට පෙම්බදින අයත් ඉන්න පුළුවන් නේද.... ? කියල තමයි අවාසාන පදයෙන් අහන්නෙ.

    "සදට සදහට සෙනෙහෙ පෑමුත්
    උදුල තරු කැටයම්
    හිරුටපෙම් බැදි එකම තරුවක්
    සිටිය නොහැකිද යම් "

    සරලව පැහැදිලි කරන්න හරිම අපහසු ගීතයක් .... ඒත් ඉල්ලීමක් කල නිසා පුලුවන් තරම් සරලව විග්රසහ කලා.... දැන් අපේ යාළුවො තවමත් ඉන්නෙ ආදරවන්තයෙක් ආදරවන්තිට කියනවා කියන මතයේද.... ඔන්න දන්නකෙනෙකුට මම මුළින් සදහන් කලා වගේ ලියුම් වල ලියල යවන්න දෙන්න එපා හොදේ.... හිතන්න ඔබේ ප්‍රේමවන්තිය හෝ ප්‍රේමවන්තය දැන් ඔබට මේ ගීතය ලියල දුන්නොතින් වෙන දේ.......... හොදට අහගනී නේද යාළුවනේ..... සිංහල ගීතයේ තියෙන රසය ඒක තාමා කියන්නෙ එකක් නමුත් යටින් හැමෝටම හොරෙන් ගලාගෙන යන්නෙ තවත් අර්ථයක්..... ඒ යටි අර්ථය සැබෑවටම හදුනගන්නෙ ඔබ වගේ බුද්ධිමත් හා ඉහල රසයක් තියෙන සීමිත පිරිසක් පමණයි....

    කොහොම උනත් අපිට මේ ගීතය විවිධ පැතිකඩයන් හා විවිධ මාන ඔස්සේ හා විවිධ බුද්ධිමට්ටම් වලින් දකින්න විදින්න පුළුවන් කමක් තියෙනවා..... තවත් ගීතයක් තව ටිකකින් දෙන්නම්... දැනට නවතින්නම්..... කමෙන්ට්ස් ඕනී......

    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැදි කාරණේ මා
    තවම සොයන්නෙමී...

    කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
    ඇතත් ලෝ දහමින්
    සොදුරු වැස්සට දැවෙන කතරත්
    ආදරෙයි පණමෙන්
    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
    ඒ වගෙයි මනරම්
    කරනුබැරි තහනම්

    සදට සදහට සෙනෙහෙ පෑමුත්
    උදුල තරු කැටයම්
    හිරුටපෙම් බැදි එකම තරුවක්
    සිටිය නොහැකිද යම්
    නුඹට නොහැගෙන මගේ ප්රේුමය
    ඒ වගේ මනරම්
    පුදුමවෙයි නුඹ නම්

    ගායනය - කරුනාරත්න දිවුල්ගනේ
    පද රචනය - යමුනා මාලනී පෙරේරා
    තනුව - ගුණදාස කපුගේ

    පිස්සු හැදෙනවා .. මෙහෙම එකක් ගැන මම නම් හිතල තිබුනෙවත් නැහැ ...

    උබට පින් යාළුවා !
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    මට ගීත ගෑන විචාර කරන්න තරම් ඩෑනුමක් නෑ..ඒත් මම මේතරම් ගීතවලට යොමු වුනේඑක් අත් දෑකීමක් නිසා මෙච්චර කාලෙකට කාටවත්ම නොකියපු ඒ අත්දෑකීම මම උබඔලට කියන්නම්.. අදටත් ඒ සිදුවීම් මාලාව මත්ක් වෙනකඔට ඈඩෙනව..ඈත්තටම ඈඩෙනව...

    මම ගියෙ මිශ්‍ර පාසලකට දන්න කාලෙ ඉදන් මගෙ හොදම යාලුව වුනේ ගෑනු ලමයෙක්.. එයා මුස්ලිම් කෙනෙක්..
    අපි ටිකෙන් ටික වයසින් වෑඩෙද්දි අපේ යාලුකම ත් ඒත් එක්කම වෑඩි වුනා පිටින් මෙවෙනකොට ඉස්කෝලෙ ටීචස් ල පවා හිතන් හිටියෙ අපි අතරෙ සම්බන්දයක් තියනව කියල.. ඒත් අපේ අතරෙ එහෙම දෙයක් තිබුනෙ නෑ (එහෙමයි මම හිතුවේ)
    කොහොම හරි අපිදෙන්නගෙ අතරෙ තිබුනෙ පුදම බෑදීමක්.. පන්ති පවා ගියෙ අපි එකට අපේ ගෙවල් වලට පාවා අපිව අමුත්තො උනේ නෑ.. එයාගෙ අම්ම ඕනම රෑක මාත් එක්ක එයාව ඕනම තෑනකට යවන්න තරමට ගෙවල් වලට අපිව විශ්වාස වුනා..

    ඔහොම ඉද්දි සාමාන්යපෙල කරල අපි ගෙවල් වල නෑවතුනා. මම මෑලේසියාවට ගියා..

    මට මුලින්ම එතකොට තමා තේරුනේ එයාට මම කොච්චර ආදරය කාලාදකියලා.. මම එයාට පුලුවන් හෑම වෙලාවකදීම කාතා කලා.. මම කියිවා මම ඔයාට ආදරය කරනව කියල. එත කොට මගෙ මෑනික කියුව .. මම ඔයාට ආදරය කරන්නෙ මීට ගොඩකාලයකට කලින් ඉදන් කියල.. දෙයියනෙ... මට අදහ ගන්නත් බෑරිවුනා..

    කොහොම හරි රිසාල්ට් එන්න සුමාන දෙකකට කලින මම එන්නලෑස්ති වුනා..මගෙ මෑනික අක්කලගෙ ගෙදර ගියා නුවර එලියෙ.. මම එනදවසට එනව කියල.... ඊට පස්සෙ එක පාරක් කෝල්කරල කියුවා අක්කලගෙ ගෙදරට සිග්නල් නෑ ෆොන් එක ඕෆ් කරල තිබුනොත් බයවෙන්න එපා කියල.. මම එහෙන් නගිද්දිත් කෝල් කලා මගෙ මෑනිකගෙ ෆෝන් එක ඕෆ්.. මම බය වුනේනෑ සින්ග්නල් නෑකියපුනිසා

    ලන්කාවට බෑහෑපු ගමන් මම අම්මව බලල ගියෙ මගෙ ,ඈනිකව බලන්න..
    උබලට හිතාගන්න පුලුවන්ද මම මොනවද දෑක්කෙ කියලා???? මගෙ මෑනික මාව විතරක් නෙමේ.. මේ මුලු ලෝකෙම දාලගිල්ලා.. ඒ අම්ම අඩනව..මම යද්දිත් මගෙ මෑනිකව වල ලලා ඉර්යි.. ඒයා ,මුස්ලිම් නිසා..මගෙ මෑනිකව නෑතිවෙලා තියෙන්නෙ මාව බලන්න කොලබ එද්දි වාහනේ හෑප්පිලා..

    පොඩ්ඩ්ක් හිතපල්ල.. මාස තුනක් තිස්සෙ නොදෑකපු ඒ රූපෙ බලන්න මම එද්දි එයාව වලදාලත් ඉවයි.. මාව පිස්සෙක් නොවී බෙරුනේ මගෙ අම්ම තාත්ත නිසා

    අදටත් මම බලන් ඉන්නවමගෙ මෑනික කවදා හරි මම ගාවට එයි කියල මම ද්නනවා ඒක වෙන්නෙ නෑ කියලා.. ඒත් මම බලන් ඉන්නව.. අද මට ආදර වන්තියක් ඉන්නව එයත් දනන්ව අපි ගෑන ඒක නිසා පරශ්න නෑ..

    එත් මගෙ මෑනිකව මතක් වෙන පාරක් පාරක් ගනේ කකුල්දෙක පන නෑතිව ගිහින් ඈස්දෙක බොදවෙනව..

    ඊයෙ ඉපදී අද මිය යන්නට
    පෙරුම් පුරාගෙන උපන් ලයේ....
    හීයේ වේගෙන් අහස උසට බෑදි
    ආදාරය ලෝකය හෙතත් තියේ......
    ඒත් ඉතින් දෑන් සොදුරිය ඔබ නෑත
    ඈයිමේ ලොව මා තිනව මෙසේ...
    මාත් මගේ හිතටත් ඔබ සුවද්යි
    සදා රෑදේමයි ඒ සුවදේ...

    සමාවෙන්න යාලුවනේ මේ වගේ තෑනක ඔය කතාව දෑම්මට... එත් මෙතෙන තමා ඕක දන්න හොදම තෑන කිය්ල මමහිතන්නෙ....මොකද ගීතයකට ආදරය කරන හදවතකට ..මේවගේ කතාවක්ම්තේටුම් ගන්න පුලුවන් කියල මම හිතන නිසා

    උබේ කතාවට මටත් ඇඩුන ...... බොහොම කණගාටුයි සහෝදරයා :(
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,512
    5,948
    113
    EKA PARAYEK ATHI SERMA NATHI KARANNa.. irisiya kary wahi wahala loke.. un kohomath anek un ge daksha kama uhulanna bah ne..

    for example api methana danne anek aya kiwwa, gayakayo kiwwa dewal saha api ey geeti wigraha karana widi..

    mewa kawru kohthana indan kiwwath samana wenna epai.. kohen aran kiwwath ekai ne..

    chick witharak harakek awith meka ma kawa.. mama asama thread eka...

    sassilt saha kimbul ayyalata kiyanne.. mey wage halparuwo kiyana katha gannan ganna epa.. karan apu wadey digatama karamu ..
     
    NTuffey

    Member
    Oct 23, 2008
    931
    33
    0
    37

    මෙය සුන්දර ගීයක ඇරඹුම හුයෙහි මාදමන අවසන් පෝසට් එකයි.... ඔබට සදා ජය!

    ඉදින් මිතුරනි, අපේ විචාර වලින් කම් නැති. "රෑ ඉරපාන" අහපල්ලා....!!!!!!!!
    අනේ මේක නවත්තන්න එපා. ගොඩක් ආසාවෙන් මේ ත්‍රෙඩ් එක බැලුවේ. මේක දිගටම කරගෙන යන්න plzzzzzzzz :(
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම එලකිරි එකට ආවෙ 2008 දී එදා මෙදා තුර ආසාවෙන්ම කියවපු ත්‍රෙඩ් එක එකෙකුගේ කෙල පහරක් නිසා නෑවතිලා..
    එකෙක් ගේ නොමනා ක්‍රියාවක් නිසා මේ නූලෙ සිටි බොහෝ දෙනෙකුට නොදෑනුවත්ම හරි පහර වෑදිල...

    හිතට ලොකු දුකක් දෑනෙනව.. මොකද මම මේ ත්‍රෙඩ් එකට ඈබ්බෑහිවෙලා හිටියෙ, ඉන්නෙ.. මට කියවන්න අපහසු කාලයේදී මගෙ පෙම්වතිය ලව්වා මේක කියව ගත්තෙ ඒකයි.. නමුත් තත්වය මෙයනම්.. එලකිරිය තුල තවත් රෑදී සීටිම තේරුමක් නෑත.. මම මින් පෙරද වතාවක් එලකිරියෙන් නික්මුනත්, පසුව නෑවත් පෑමිනියේ ඈඩිමින් සහෝදරය සම කල දීර්ග කරුනු දෑක්වීමකින් අනතුරුවය..

    මෙහි මගේ ෆේක් එකවුන්ට් නෑත ..

    මාගෙ නික්ම යාම මෙමෙ ඔන්ලයින් සමාජයට එතරම් දෑනෙන එකක් නෑත මන්ද ලක්ශ සංකයාවක් වූ සමාජිකයන්ගෙන් මම තවත් එකෙකු පමනක් වන නිසා..

    කියන්නට බොහෝදෑ ඈතිමුත් මිනි නවතිමි..ඔම සෑමට ජය..
    අද හවසට තව එක් වරක් මනක් එලකිරියට පෑමිනෙන්නට බලපොරොත්තුවෙමි ඒ දනුශ්ක සොහොයූරාට වූ පොරොන්දුවක් ඉටු කිරීමට ඈති නිසාවෙනි..

    එහෙනම් ඔබ සෑමට බුදු සරනයි ජේසු පිහිටයි!!!!

    මෙමෙ නූල නෑවත පටන් ගත්තොට් පහල ලිපිනයට ඒබව දන්වන්
    [email protected]

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela

    තොපි සේරටම අමු කැවිගෙන එනවද ඒ පාර..යකෝ මෙහෙම පරදින්න හදන්න එපා බන්.අපි නැවත කට්ටියට කතා කරගෙන වැඩේට බහිමු..උඹ දන්නවනේ මගේ මේ දවස් වල ඔලුව හරි නෑ කියල..එකයි පොඩ්ඩක් පැත්තකට වෙලා හිටියේ,,මම දතාටයි සස්ලිට් ටයි කතා කරන්නම්..විකාර නොකර හිටපන්..:(:(
     
    Last edited:

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    “මේ thread එක වැඩක් නෑ. අරක තමයි හොඳ“ කියලා මම කොතනකවත් කිව්වෙ නෑ. ඔබේ රසාස්වාදය ඉහළ බව තේරුණ නිසා ඔබ එය නොඅසන්නේ නම් ඒ ගැන දැනුවත් කරන්නයි ඕන උනේ. ඒ වැඩසටහනට මට ඇති කිසිම සම්බන්ධයක් නෑ. මම එය රසවිඳින්නෙක් පමණයි. කියපු දේ පැහැදිලිව තේරුම් ගන්නෙ නැතුව වැරදි විදියට අර්ථකථනය කරගන්න එපා කියලා නැවතත් කියනවා.

    උඹ මේ ත්‍රෙඩ් එකේ දාපු ඒ පොස්ට් එක හොයාගන්න බෑ. එත් අනිත් උන් කෝට් කරපු ඒවා නිසා බලාගන්න පුළුවන්...
    එක කියවද්දී නම් උඹ දැන් පෙන්නන අහිංසක කමක් පෙන්නේ නෑ,
    මෙකය් සිද්දිය උඹ මෙච්චර හොඳට තිබුන කිරි බාල්දියට ගොම ටිකක් කලවම් කරලා ඉවරය්...
    පොස්ට් කවුන්ට් එක ගැන හිතන එවුන් මේ ත්‍රෙඩ් එකේ කොමෙන්ට් දාලම නෑ කියලය් මගේ නම් විශ්වාසය...
    කොහොම වුනත් ගොඩක් හිත අමාරුවක් තියෙනවා...
    මේකට මෙහෙම වුන එක ගැන...
    අර කතාවක් තියෙන්නේ ලංකාවේ එවුන් අපායට ගියත් කකුලෙන් අදින එක නවත්තන්නේ නැහැ කියල...
    එක අත්තක් බව දනුය් තේරෙන්නේ...
    උඹට තිබුන මෙහෙම පොස්ට් දාන්න බැරි නම් ඒ දාන එකාට බාල්දි නොදැ ඉන්න.
     
    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    මම එලකිරි එකට ආවෙ 2008 දී එදා මෙදා තුර ආසාවෙන්ම කියවපු ත්‍රෙඩ් එක එකෙකුගේ කෙල පහරක් නිසා නෑවතිලා..
    එකෙක් ගේ නොමනා ක්‍රියාවක් නිසා මේ නූලෙ සිටි බොහෝ දෙනෙකුට නොදෑනුවත්ම හරි පහර වෑදිල...

    හිතට ලොකු දුකක් දෑනෙනව.. මොකද මම මේ ත්‍රෙඩ් එකට ඈබ්බෑහිවෙලා හිටියෙ, ඉන්නෙ.. මට කියවන්න අපහසු කාලයේදී මගෙ පෙම්වතිය ලව්වා මේක කියව ගත්තෙ ඒකයි.. නමුත් තත්වය මෙයනම්.. එලකිරිය තුල තවත් රෑදී සීටිම තේරුමක් නෑත.. මම මින් පෙරද වතාවක් එලකිරියෙන් නික්මුනත්, පසුව නෑවත් පෑමිනියේ ඈඩිමින් සහෝදරය සම කල දීර්ග කරුනු දෑක්වීමකින් අනතුරුවය..

    මෙහි මගේ ෆේක් එකවුන්ට් නෑත ..

    මාගෙ නික්ම යාම මෙමෙ ඔන්ලයින් සමාජයට එතරම් දෑනෙන එකක් නෑත මන්ද ලක්ශ සංකයාවක් වූ සමාජිකයන්ගෙන් මම තවත් එකෙකු පමනක් වන නිසා..

    කියන්නට බොහෝදෑ ඈතිමුත් මිනි නවතිමි..ඔම සෑමට ජය..
    අද හවසට තව එක් වරක් මනක් එලකිරියට පෑමිනෙන්නට බලපොරොත්තුවෙමි ඒ දනුශ්ක සොහොයූරාට වූ පොරොන්දුවක් ඉටු කිරීමට ඈති නිසාවෙනි..

    එහෙනම් ඔබ සෑමට බුදු සරනයි ජේසු පිහිටයි!!!!

    මෙමෙ නූල නෑවත පටන් ගත්තොට් පහල ලිපිනයට ඒබව දන්වන්
    [email protected]

    මචන් මෙහෙම දෙයක් හරි අපි shareකරගත්තේ එලකිරිය නිසා... මේක එළකිරියේ වැරද්දක් නෙවෙය්..
    මේක අපේ සමහර අම්මල තාත්තල ළමය හදන විදිහේ වැරැද්ද...
    කොහොම වුනත් කියන්නා කෙසේ කීවත් අහන අපි සිහිබුද්දියෙන් අහන්නත් ඕන...
    ඒ නිසා අයෙත් හිතපන්.......................................
    (ඉල්ලීමක්)
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,306
    17,248
    113
    මම එලකිරි එකට ආවෙ 2008 දී එදා මෙදා තුර ආසාවෙන්ම කියවපු ත්‍රෙඩ් එක එකෙකුගේ කෙල පහරක් නිසා නෑවතිලා..
    එකෙක් ගේ නොමනා ක්‍රියාවක් නිසා මේ නූලෙ සිටි බොහෝ දෙනෙකුට නොදෑනුවත්ම හරි පහර වෑදිල...

    හිතට ලොකු දුකක් දෑනෙනව.. මොකද මම මේ ත්‍රෙඩ් එකට ඈබ්බෑහිවෙලා හිටියෙ, ඉන්නෙ.. මට කියවන්න අපහසු කාලයේදී මගෙ පෙම්වතිය ලව්වා මේක කියව ගත්තෙ ඒකයි.. නමුත් තත්වය මෙයනම්.. එලකිරිය තුල තවත් රෑදී සීටිම තේරුමක් නෑත.. මම මින් පෙරද වතාවක් එලකිරියෙන් නික්මුනත්, පසුව නෑවත් පෑමිනියේ ඈඩිමින් සහෝදරය සම කල දීර්ග කරුනු දෑක්වීමකින් අනතුරුවය..

    මෙහි මගේ ෆේක් එකවුන්ට් නෑත ..

    මාගෙ නික්ම යාම මෙමෙ ඔන්ලයින් සමාජයට එතරම් දෑනෙන එකක් නෑත මන්ද ලක්ශ සංකයාවක් වූ සමාජිකයන්ගෙන් මම තවත් එකෙකු පමනක් වන නිසා..

    කියන්නට බොහෝදෑ ඈතිමුත් මිනි නවතිමි..ඔම සෑමට ජය..
    අද හවසට තව එක් වරක් මනක් එලකිරියට පෑමිනෙන්නට බලපොරොත්තුවෙමි ඒ දනුශ්ක සොහොයූරාට වූ පොරොන්දුවක් ඉටු කිරීමට ඈති නිසාවෙනි..

    එහෙනම් ඔබ සෑමට බුදු සරනයි ජේසු පිහිටයි!!!!

    මෙමෙ නූල නෑවත පටන් ගත්තොට් පහල ලිපිනයට ඒබව දන්වන්
    [email protected]

    මචන් පිස්සු වැඩ කරන්න එපා...:no::no:. අපි මේක ආයි පටන් ගන්න පුලුවන් විදියක් ගැන හොයමු...:yes::yes:...ත්‍රෙඩ් එක මෙච්චර කල් කරගෙන එන්න උදව් කරපු අය මේක දාලා ගියොත් ඔක්කොම ඉවරයි..:(:(
     
    • Like
    Reactions: optimusprime047

    optimusprime047

    Active member
  • Oct 30, 2011
    216
    75
    28
    colombo
    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවිදේවතාවුන් වැනි මිනිසුන් ඇත...........
    එක නිසා නොසැලී පෙරට යන්න.......
    සියලු දෙනාට බොහොම පින්.........

    මගේ ජීවිතේට සමීප උනු පලමු තෙරෙඩ් එක මෙකයි මචෝ......
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අවසන් පෝසට් එක යැයි කියූ ලෙසම සස්ලිට් හා දත් කිඹුලා නිහඩවී සිටියෙමු... නමුත් අහිංසකයන් අසරණ කිරීම මට කෙසේ වෙතත් දත් කිඹුලා වැනි රට ජාතිය වෙනුවෙන් පණ උනත් කැප කරන සහෘදයෙකුට අපහසුතාවයෙකි... එනිසා දෙදෙනාම යලි පැමිනෙන්නෙමු... සස්ලිට් කෙසේවෙතත් දත් කිඹුලා වැනි දත්ත ගබඩාවක තොරතුරු අදිනු නියා වත්, අපි වෙනුවෙන් සිටින රසිකයන් නිසාවත් බලෙන් හෝ දත් කිඹුලාවැනි ජංගම පුස්ථකාලයක් කෙසේහෝ කැන්දාගෙන එමි. අපි ආවේ පෝසට් වත් අතාමාර්ථකාමීකම නිසාවත් නොව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බොක්කවල් නිසා කියනු රිසියෙමි... මෙය ස්ත්‍රී පුරුෂ දෙවර්ගයාටම කැපය. (මෙය කවුරුනිසාදැයි දන්නෝ දනිති...!)

    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා
    වෙරළේ රළ මැන්නා
    සීමාවක් මායිමක් නැතැයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනිවී...

    ගීතයෙහි විචාරය බලාපොරොත්තු වන්න....ටිකක් කාලය දෙමි රෑ ඉරපානේ කීවානම් මුලින් කියන්න... ඊට දිනක කාලයක් ඉඩ තබමි...... ඉන්පසුව දමමි....

    මීට අමතරව ගීත ගබඩාව වන දත් කිඹුලාද මේ මතයේ බව තේරුම් ගන්න... ඉල්ලා මිස බලයෙන් ඔහුගේ ගීත ගබඩාවේ ඇති ගීත 6000 තේරුම් ලබා ගත නොහැකි නිසා එය ගනුවස් මා යළි පැමිණියෙමි......
     
    Last edited: