හොරා

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
Ela ela
rep+

ටියුබ් ලයිට් seen eka therenne na ne banzzzz
eke ibba tube light machan (hariyata uba wage) ;)
singhaya joke eka karapu ekawa maranawa saththu ekek hari hina une nathnam joke ekata.
mul saththu 2nnama maranne ibba hina une nathi nisa.
thun weni joke eka karanna awa witharai ibbata hina.
baladdi uta mul sathage joke eka therune hena welawak gihilla. :P
 

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    ටියුබ් ලයිට්

    ඔන්න, පෙර රජ දවසක කැලයක සිංහයෙක් කැලේ පාලනය කලාලු. ඉතින් මේ සිංහයාත් නිකන් අපේ රටේ විධායක ජනාධිපති කෙනෙක් වගේ. ඌට හිතෙන හිතෙන විදිහට නීති දාගෙන තමා කැළෑවැසියන්ව පාලනය කලේ.

    ඔහොම කාලයක්‌ යද්දී මේ සිංහ රජා මුළු කැළෑවැසියන් ඔක්කොම රැස් කරලා දැම්ම අලුත් නීතියක්, හැම සතෙක්ම රාජ සභාව ඉස්සරහට ඇවිල්ල කියන්න ඕනි හිනායන කතාවක්. සභාවේ ඉන්න එක සතෙකුට හරි හිනා යන්නේ නැත්තම්, සිංහයා පැනල ඌව මරාගෙන කනවා.

    ඔන්න ඉතින් මුලින්ම ආවේ වඳුරාගේ වාරේ. වඳුරත් ඉස්සරහට ඇවිල්ල කරනම් ගහල නැට්ට කරකවල සිරා ජෝක් එකක් දැම්මලු. මුළු සභාවම හිනාවෙන්න පටන් ගත්තලු. ඒත් ඉබ්බා ඉන්නවලු පුස් මූනක් දාගෙන. කරන්න දෙයක් නෑ නීතිය නිතියමයි සිංහයා පැනල වඳුරව මරාගෙන කෑව.

    ඊළඟ වාරේ හාවාගේ, හාවත් ඇවිල්ල කන් පාත් කරලා බල්ටි ගහල සිරා ජෝක් එකක් දැම්ම. කලින් වගේමයි, ඔක්කොම හිනා වෙනව ඉබ්බා පුස්මුණ දාගෙන ඉන්නව. හවාවත් ඉතින් මරාගෙන කෑව.

    ඊළඟ වාරේ කොටියගෙ කොටිය ඉස්සරහට ඇවිල්ල කට අරින්න හැදුව විතරයි, මෙන්න ඉබ්බා පෙරලි පෙරලි පොලවේ පස් කකා හිනා වෙන්න ගත්ත. මේක දැක්ක සිංහයා ෆුල් අබ්ලික් වෙලා අහනවා,

    "මොකද යකෝ තෝ විහිලුවටත් කලින් හිනා වෙන්නේ?" ඉබ්බා කිව්වලු "මරු ඕයි වඳුරාගේ ජෝක් එක".

    බලද්දී ඉබ්බා ටියුබ් ලයිට්.
    :baffled:
    :baffled:
    :baffled:



    මේක පට්ට යකෝ...

    :yes: :yes:
    :lol: :lol: :lol: