නළු නිලියන් ලෙස රඟදක්වමින් ප්‍රේක්ෂකයන් පිනවීමෙන් නළු නිළියන්ට පවක් සිදුවෙයිද? ඔවුන් ගේ රංගනයෙන් බලන්නන්ගේ රාගය ද්වේශය අවිස්සිමක් සිදුවන නිසා එයින් පවක් සිදුවන බවයි මට හිතෙන්නේ. කරුණාකර කාටහරි පැහැදිලි කරන්න පුලුවන්ද?
හොඳ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. ඒක තීරණය වෙන්නේ කරන ක්‍රියාව අනුවයි. දැන් ඔයාට මතක ඇත්ද දන්නේ නෑ ත්‍රිපිටකයේ එක තැනක තියෙනවා ශක්‍රයාගේ වීණා වාදකයා වන පන්සිළු බුදුහාමුදුරුවන්ගේ ලඟ තමුන්ගේ පෙම්වතිය වෙනුවෙන් නිර්මාණය කල කවි පන්තියක් ගායනය කරනවා. බුදුහාමුදුරුවො ඒක ප්‍රතික්ෂේප කරන්නේ නෑ. ඒ වගේම තමයි වක්කලී කියන්නේ බුද්ධ ශාසනයේ උන්න කාව්‍යමය ගුණයෙන් ධර්මය කියන්න පුළුවන් භික්ෂූන් අතරෙන් මූලික. බුදුහාමුදුරුවො ඒක ප්‍රතික්ෂේප කලෙත් නෑ. ඒ වෙන දෙයක් නෙමේ. ඒ හැම දේකම විදර්ශනාවට පදනම තියෙන නිසා.
තවත් අවස්ථාවක මට මතකයි බුදුහාමුදුරුවො රජගහ නුවරට වැඩමවපු අවස්ථාවකදී එක්තරා විකට නාට්‍ය රඟ දක්වන්නෙක් බුදුහාමුදුරුවන්ගෙන් ඇවිත් අහනවා ස්වාමිණී මන් මේ තරම් මිනිසුන්ගේ දුක් අමතක කරලා සතුට ඇති කරවනවා. ඔබ වහන්සේගේ ධර්මයට අනුව කෙනෙක්ව සතුටට පත් කරනවා නම් ඒ සතුටට පත් කරන්නාට දිව්‍ය,බ්‍රහ්ම සම්පත් ලැබෙනවා ඉතින් මටත් ලැබෙයිද කියලා. බුදුහාමුදුරුවො මේකට උත්තර දෙන්නේ නෑ. නමුත් දෙසැරයක්ම අහලා තුන්වැනි වතාවෙ බුදුහාමුදුරුවො උත්තර නොදුන්නොත් අර මිනිහාගේ හිස පැලෙන නිසා ඒ ගැන අනුකම්පාවෙන් බුදු හාමුදුරුවො උත්තර දෙමින් වදාරනවා ඔබ ඔය කරන කාර්යය නිසා දෙව් ලොව උපදීමක් වෙන්නේ නෑ. අපායගාමී වෙනවා. මොකද මිනිසුන්ට යථාර්තය වහන්න අවිද්‍යාව ඇති කරගන්න උපකාර කරන නිසාවෙන් කියලා.
නෘත්‍ය,ගායන, වාදන කියන දේවල් බුද්ධ කාලයටත් පෙර තිබුන දේවල්. බුදුන්ගේ කාලෙත් තිබුනා. බුදුහාමුදුරුවො දේශනා කලේ විදර්ශනාව ගැන නැත්නම් අනිත්‍ය, අනාත්ම හා දුක ගැන. ඉන් පිටතට යන දෙයක් සාමාන්‍යයෙන් ගත්තම අපි පවක්, අකුසලයක් විදියටයි දකින්නේ. යම් කිසි කෙනෙක් රාග,ද්වේෂ හා මෝහ වර්ධනය වෙන ආකාරයෙන් යමක් කරනවානම් එතනදි සිදු වෙන්න පාපයක්. ඒත් ඒ කෙනාම තවත් කෙනෙක්ගේ හිතේ අලෝභ, අද්වේෂ හා අමෝහ සිතුවිලි ඇති වෙන ආකාරයේ යමක් කරන්නේ නම් පෙර ක්‍රියාවට භාහිරව පිනක්,කුසලයක් කර ගන්නවා. ඒක නළු, නිළියන්ටත් අපිටත් පොදුයි
