පවක්ද?

dammamuditha

Member
Sep 8, 2008
206
26
0
නළු නිලියන් ලෙස රඟදක්වමින් ප්‍රේක්ෂකයන් පිනවීමෙන් නළු නිළියන්ට පවක් සිදුවෙයිද? ඔවුන් ගේ රංගනයෙන් බලන්නන්ගේ රාගය ද්වේශය අවිස්සිමක් සිදුවන නිසා එයින් පවක් සිදුවන බවයි මට හිතෙන්නේ. කරුණාකර කාටහරි පැහැදිලි කරන්න පුලුවන්ද?
 
demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ඔවුන් ගේ රංගනයෙන් බලන්නන්ගේ රාගය ද්වේශය අවිස්සිමක් සිදුවනවා නම් ඒය පවක් මය
    නිල් චිත්රපටි වල රගන්නන් හා
    සිත නිවන කතා (Rupavahini Poya day )
    වල රගන්නන් ගැන සිතා බලන්න
     
    dammamuditha

    Member
    Sep 8, 2008
    206
    26
    0
    ඒ කියන්නේ නළු නිලි කම වෘතියක්‌ වශයෙන් කරන අය ජිවිතයේ වැඩිහරියක් පව් සිදුකරගන්නවා නේද?
     
    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara

    හොඳ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. ඒක තීරණය වෙන්නේ කරන ක්‍රියාව අනුවයි. දැන් ඔයාට මතක ඇත්ද දන්නේ නෑ ත්‍රිපිටකයේ එක තැනක තියෙනවා ශක්‍රයාගේ වීණා වාදකයා වන පන්සිළු බුදුහාමුදුරුවන්ගේ ලඟ තමුන්ගේ පෙම්වතිය වෙනුවෙන් නිර්මාණය කල කවි පන්තියක් ගායනය කරනවා. බුදුහාමුදුරු‍වො ඒක ප්‍රතික්ෂේප කරන්නේ නෑ. ඒ වගේම තමයි වක්කලී කියන්නේ බුද්ධ ශාසනයේ උන්න කාව්‍යමය ගුණයෙන් ධර්මය කියන්න පුළුවන් භික්ෂූන් අතරෙන් මූලික. බුදුහාමුදුරුවො ඒක ප්‍රතික්ෂේප කලෙත් නෑ. ඒ වෙන දෙයක් නෙමේ. ඒ හැම දේකම විදර්ශනාවට පදනම තියෙන නිසා.

    තවත් අවස්ථාවක මට මතකයි බුදුහාමුදුරුවො රජගහ නුවරට වැඩමවපු අවස්ථාවකදී එක්තරා විකට නාට්‍ය රඟ දක්වන්නෙක් බුදුහාමුදුරු‍වන්ගෙන් ඇවිත් අහනවා ස්වාමිණී මන් මේ තරම් මිනිසුන්ගේ දුක් අමතක කරලා සතුට ඇති කරවනවා. ඔබ වහන්සේගේ ධර්මයට අනුව කෙනෙක්ව සතුටට පත් කරනවා නම් ඒ සතුටට පත් කරන්නාට දිව්‍ය,බ්‍රහ්ම සම්පත් ලැබෙනවා ඉතින් මටත් ලැබෙයිද කියලා. බුදුහාමුදුරුවො මේකට උත්තර දෙන්නේ නෑ. නමුත් දෙසැරයක්ම අහලා තුන්වැනි වතාවෙ බුදුහාමුදුරුවො උත්තර නොදුන්නොත් අර මිනිහාගේ හිස පැලෙන නිසා ඒ ගැන අනුකම්පාවෙන් බුදු හාමුදුරුවො උත්තර දෙමින් වදාරනවා ඔබ ඔය කරන කාර්යය නිසා දෙව් ලොව උපදීමක් වෙන්නේ නෑ. අපායගාමී වෙනවා. මොකද මිනිසුන්ට යථාර්තය වහන්න අවිද්‍යාව ඇති කරගන්න උපකාර කරන නිසාවෙන් කියලා.

    නෘත්‍ය,ගායන, වාදන කියන දේවල් බුද්ධ කාලයටත් පෙර තිබුන දේවල්. බුදුන්ගේ කාලෙත් තිබුනා. බුදුහාමුදුරුවො දේශනා කලේ විදර්ශනාව ගැන නැත්නම් අනිත්‍ය, අනාත්ම හා දුක ගැන. ඉන් පිටතට යන දෙයක් සාමාන්‍යයෙන් ගත්තම අපි පවක්, අකුසලයක් විදියටයි දකින්නේ. යම් කිසි කෙනෙක් රාග,ද්වේෂ හා මෝහ වර්ධනය වෙන ආකාරයෙන් යමක් කරනවානම් එතනදි සිදු වෙන්න පාපයක්. ඒත් ඒ කෙනාම තවත් කෙනෙක්ගේ හිතේ අලෝභ, අද්වේෂ හා අමෝහ සිතුවිලි ඇති වෙන ආකාරයේ යමක් කරන්නේ නම් පෙර ක්‍රියාවට භාහිරව පිනක්,කුසලයක් කර ගන්නවා. ඒක නළු, නිළියන්ටත් අපිටත් පොදුයි
     
    මචන් හරියටම හරි ,
     
    MindTalk

    Member
    Jun 11, 2016
    162
    41
    0
    13620991_678266618988845_9202532745777126690_n.jpg

    වර්තමාන සමාජයේ ටියුෂන් යන දරුවාගේ පටන් වැඩිහිටි අය දක්වාම ශරීර මාංශය හිර කොට, තදකොට, ඇඳුම් අන්දවා මසම ලෝකයාට පෙන්වා තමන් කාමච්ඡන්දයන් සකස්කොට අනුන් තුළද කාමච්ඡන්දයන් සකස් කිරිමේ බරපතල අකුසලය නිරතුරුවම සිදුකරගනිමින් පවතිනවා. පිංවත් මනුෂ්‍ය ඔබ ඔබේ ඔය උණුසුම් මස අකුසලයට යොමු කලොත්, මස් නැති ඇටසැකිල්ලකුයි පායාස නිරයේදි ලැබෙන්නේ. ඔබ පායාස නිරයේ ඉපදී සිටින ඇටසැකිලි නිරිසතුන් ගැන සිතලා බිය ඇති කරගන්න. පායාස නිරයේ ජීවත් වෙන තවත් එක් නිරිසතෙක් සිටිනවා. ඔහු හම ගැසු නිරිසතෙක්. ඔබට උදාහරණයක් කියන්නම්, මනුෂ්‍යයෙක් අරගෙන ඔහුගේ මතුපිට සිනිඳු සම ගලවා ඉවත් කරන්න. දැන් ඔබ මනසින් එම සම ගැලවූ ශරීරය මෙනෙහි කරන්න. සියුම් සම පමණක් ගලවා දැමූ මස්, ලේ, නහර මතුවී පෙනෙන ශරීරයක් ඔබට පෙනේවි. මෙන්න මේ නිරිසතාත්, සම ගහපු නිරිසතෙකු වශයෙනුයි පායාස නිරයේ ඉපදී සිටින්නේ. මේ සියළු දෙනාම ගිය ජිවිතයේදී මනුෂ්‍යයාව කාමච්ඡන්දයන්ට යොමු කරපු මහත්වරු නෝනාවරු. මේවා ඔබ කමටහන් කොට ගන්න. පිංවත් ඔබ පරිස්සම් වන්න.

    වර්තමාන සමාජයේ හොඳම ආදායම් ලබන ධන උල්පත් බවට පත්වී ඇත්තේ මනුෂ්‍යයාට කාමාස්වාදය ලබාදෙන උපකරණ සහ ව්‍යාපාරයන්මයි. මේ සෑම ව්‍යාපාරයක්ම අවසාන ඉලක්කය, මනුෂ්‍යයා කෙටි ආශ්වාදයකින් මත්කොට තම අරමුණු ඉටුකර ගැනීමයි. මෙවැනි ව්‍යාපාර වලින් කෝටිගණනින් මුදල් ගොඩගැසුනද එම සල්ලි කොළ අවසානයේ ඔබ පාවඩ එලන්නේ, පායාස නිරයට බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, වසර හැත්තෑවක් වැනි කෙටි ජීවිත කාලයක් තුළ, පිංවත් ඔබ නිදි නොලබා වෙහෙසෙ මහන්සි වී ලෝකයාට කාමස්වාදය ලබාදෙමින් අවසානය සකස්කොට ගන්නේ පායාස නිරයට නම්, තවමත් ඔබ ප‍්‍රමාද නැහැ. නැවත සිතන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ ඥානයෙන් දැකලයි, නටගාමිණි තරුණයාට පායාස නිරය ගැන දේශනා කරන්නේ. ඉහත යථාර්තය නුවණින් තේරුම් ගෙන, අනුන් කාමස්වාදයේ මත්කරවන ව්‍යාපාරයන්ගෙන් මිදෙන්න.

    මේ ශරීරය වෙනස් වන දෙයක්, වෙනස් වන දෙයක, සැපයක්, ලස්සනක්, රිද්මයක් තිබෙන්නට බැහැ. පිංවත් ඔබ නොදැනුවත් භාවය නිසාම රූපය නිත්‍ය සැපයක් රසගුලාවක් ලෙස ලෝකයාට පෙන්නුවොත්, පිංවත් ඔබ අධර්මයයි ලෝකයට පෙන්වන්නේ. කාම සිතුවිල්ලක් සිතට නැගෙනකොට නිතරම අසුභ සංඥාවන් සිතේ ඇතිකොට ගන්න. පිංවත් ඔබ සුන්දරයි කියලා දකින ඔය රූපය තුලින් සෙම, සොටු, අසුචි. මුත‍්‍රා මතුකොට ගන්න. කාමයන්ට බැඳෙන කොට රූපය අසුචි ගොඩාක් වශයෙන් දකින්න. ඔබගේ ශරීරය අට්ඨික සංඥාවෙන් දකින්න. අට්ඨික සංඥාව කියන්නේ ඇටසැකිල්ලක් වශයෙන් රූපය දැකීමයි. මනුෂ්‍ය ජිවිතයේදී රූපය වැරදි විදියට ප‍්‍රයෝජනයට ගත්ත පායාස නිරයේ නිරිසතුන්ට උපතින්ම ඇටසැකිලි ජිවිතයක් ලැබිලා තියෙන්නේ, අකුසලය විසින්ම මස පිච්චිලා. ඇටසැකිල්ල තිබුණත් එස නිරිසතුන් අට්ඨික සංඥාව කියන්නේ මොකක්ද කියලා දැන් දන්නේ නැහැ. පිංවත් ඔබ අට්ඨික සංඥාව පුහුණු කරලා කාමයන්ගේ ආශ්වාසයේ නිසරු බව දැක්කොත් නැවත කවදාවත් පායාස නිරයේ හමගහපු නිරිසතෙක් ඇටසැකිලි නිරිසතෙක් වෙන්නේ නැහැ. සංස්කාර ඒ තරමටම සාධාරණයි. ආශ්වාදයට වඩා ආදීනවය ගැඹුරු කොට දෙනවා.

    මේ සා ගැඹුරු බියකරු ලෝකයක් අපි ඉදිරියේ තිබියදී සංසාර බිය දකින්නේ නැහැ. මුළු ලෝකයම වන්දනා කරනා තරු පංතියේ මනුෂ්‍යයෝ, පායාස නිරයට වැටෙනකොට අපිට මොකක් වේවිද කියලා නුවණින් මෙනෙහි කරන්න ඕනේ. මේ සටහන පිංවත් ඔබට සිතන්නයි තැබුවේ. මොකක්ද ඔබ සිතන්න ඕනේ. කාමයන්ගේ බියකරු ආදිනවයන්මයි සිතන්න ඕනේ. ආශ්වාදයට අතවනන, පාපකාරී සිතුවිලි වලින් බැහැර වෙන්න ඕනේ. එම රාත‍්‍රි ඔබට යහපත් රාත‍්‍රියක් වේවි.

    සියලුම ලිපි : www.maharahathunwadimagaosse.org

    Watch 1:42:30 to 1:51:39