කාලයකින් පස්සේ මේ පැත්තට ගොඩ වෙන්න හිතුනා, අද මම කතා කරන්න හිතුවේ චිත්‍රපටියක් ගැනයි..
බොහෝ සහෝදර සහෝදරියන් ඉතින් වැඩිපුර නිවාඩු වේලාවේ කාලය වෙන් කර ගන්නේ චිත්‍රපටියක් නරඹමින් නේ..
අද මම කතා කරන චිත්‍රපටිය ඇවිත් ජපානයේ නිර්මාණය කරපු චිත්‍රපටියක්..
මම සාමාන්‍යයෙන් ජපාන් චිත්‍රපටි වලට ඒ තරම් නැඹුරත්වයක් දැක් වුවේ නැති වුනත්..
මගේ හිතවත් සහෝදරියෙක් මේ චිත්‍රපටිය බාගයක් නරඹලා ඒ චිත්‍රපටියේ කතාව මට පහදලා දුන්නාම මට ආසාවක් ඇති වුනා මේ චිත්‍රපටිය නරඹන්න..
කොහොම හරි මට අවස්ථාවක් ලැබුනා මේ චිත්‍රපටිය බාගෙන නරඹන්න...
ඇත්තටම කිසිම ලෝභ කමක් නැතිව හොද චිත්‍රපටියක් හැටියට කටක් ඇරලා කියන්න පුලුවන් චිත්‍රපටියක් හැටියට මට වෙන් කරන්න පුලුවන්..
මම මේ චිත්‍රපට් කතාවේ පසුබිම පොඩිවට පැහැදිලි කිරිමක් කරන්නම්..
පාසැල් ජිවිතයේ දි ඇති වෙන ආදරය සම්බන්ධවයි මේ කතාව නිර්මාණය වේලා තියෙන්නේ....
මේ චිත්‍රපටියේ ප්‍රධාන නළුවා හැටියට " හිරෝ (Hiro) " සහ නිළිය හැටියට " මීකා (Mika) " කියන නම් වලින් ඒ චරිතය ගෙන හැර දක්වලා තියෙනවා..
මීකා ගේ පාසැල් ජිවිතයේදි අහම්බෙන් හමු වෙන පෙම්වතාව මුල් අවධියේදි හමු වුනත් ඒ හමුවිම ගැන ඒ තරම් හිතට නොගත් නමුත්..
හදිසියේදි ම වගේ මීකාගේ දුරකථනයට පැමිණෙන නාදුරන ඇමතුමක් හේතුවෙන් ඒ නාදුනන පුද්ගලයාත් එක්ක මිත්‍රත්වයක් ගොඩ නගනවා..
ඊට පස්සේ දවසකදි දෙදෙනාම හමුවිමට තිරණය කරන අතර ඒ හමුවිමේදි මීකා මුල්වරට අහම්බෙන් හමු වුන තරුණයා ම කියලා දැන ගන්නවා..
ඒ තරුණයා මේ පාසැලේදි බොහෝ ජනප්‍රිය චරිතයක් ඒ හින්දා කොයි කෙල්ල වුනත් මේ චරිතයට ආදරයක් දක්වන්න මැලි වෙන්නේ නෑ..
කොහොම කොහොම හරි ඒ ආදරය දිනෙන් දින වැඩි වුනා.. මොහුන් දෙපල හැමදාම හමු වෙන්න උත්සහ කලා...
ඒත් අහම්බෙන් හීරෝ ව බලාපොරොත්තුවෙන් පැමිනෙන මීකාට නොහිටු විදියට යම් කණ්ඩායමක් මගින් ඇගේ ජිවිතය අදුරු වෙනවා.. මේ සිදුවිම ගැන දැන ගන්න
හිරෝ මේ වගේ දෙයක් තමාගේ පෙම්වතියට කරපු අයව සොයා ගන්නවා...
මේ කතාවට සම්බන්ධ වේලා තිබ්බේ හිරෝගේ කලින් පෙම්වතිය බව හිරෝ දැන ගන්නවා..
කොහොම හරි වාසනාවට මෙන් මේ සිදුවිමෙන් ඇගේ ජිවිතය අදුරු වුනත් ඇය ගැබ් අරන් නොමැති බව දැන ගන්න ලැබෙනවා..
මේ වගේ සිදුවිමක් වේලා තියෙද්දි වුනත් හිරෝගෙන් මේ පෙම්වතියට දක්වපු ආදරය අඩුවක් නොවිය..
කෙසේ හෝ.. හිරෝ ගේ පෙම්වතියත් එක්ක ආශ්‍රය වැඩිවිමත් සමගම මීකා ගැබ් ගන්නවා..
ඒ ආරංචියට හිරෝ කලබල වෙයි කියලා මීකා සිතුවේය, ඒත් පුදුමයට මෙන් මේ සිදුවිම හේතුවෙන් වුනත් හිරෝ ගේ ඒ ආදරය වෙනස් වුනේ නෑ..
මේ සිදුවිම හේතුවෙන් මීකාගේ පවුලේ දෙමව්පියන්ගෙන් හිරෝ සමාව අයදිනවා ඒ වගේම පොරොන්දු වෙනවා පාසැල් අධ්‍යාපනය
ඉවර වේලා කොයි තරම් බාධක පැමිණුනත් මීකාව තමාගේ ජිවිතයෙන් ඈත් නොකරන බව..
කෙසේ හෝ මේ සිදුවිම හේතුවෙන් මීකාගේ පාසැල් ජිවිතයේදි තව දුරටත් එක එක්කනාගේ විහිළුවට ලක් විමට සිදුවිය..
මීකා දිහා මුළු පාසැලම වැරදි ආකල්පයෙන් බලන්නට විය..
කොහොම හරි මේ අතර හීරෝ ගේ කලින් පෙම්වතියට මීකාගේ මේ ගැබ් ගැනිම පිළිබදව තව දුරටත් වෛරය ඇති විම හේතුවෙන් බහින් බස් විමක් එක්කම
පොඩි රණ්ඩුවක් ඇති වෙන අතර, ඒ රණ්ඩුව හේතුවෙන් මීකා යම් අනතුරකට මුහුණ දෙනවා.. ඒ අනතුර ඒ තරම් ගණන් ගත්තේ නැති වුනත්..
ඒ අනතුර හේතුවෙන් මීකාට ලැබිමට ඉන්න දරුවා නැති වෙයි. වෛද්‍යවරු පැවසුවේ වැටිමට ලක් විමක් හේතුවෙන් ගබ්සා විමක් සිදු වි ඇති බවයි..
කෙසේ හෝ දහසක් බලාපොරොත්තු තියාගෙන හිටිය හීරෝට මේ සිදු වු සිදුවිම දරා ගන්න බැරි තරමට දුක් විමට හේතුකාරකයක් විය..
මේ සිදුවිම වුනේ දෙසැම්බර් මාසේ 24 වන දිනයේදි ය..
මොහුන් දෙපල මේ හේතුවෙන් තමන්ගේ අතින් නැති වු දරුවා වෙනුවෙන් හැම අවුරුද්දේම එක් ස්ථානයට පැමිණ සිහි කිරිමට දෙන්නාම පොරොන්දු විය..
ඒත් කෙසේ හෝ..
මේ දරුවා නැති විම හේතුවෙන් හිරෝට මීකා ගැන තිබ්බ ආදරය දිනෙන් දින අඩු විය..
දිනක් තම හීරෝගේ යාළුවන් අතර සාදයක් පවත්වන නමුත් ඒ පිළිබදව කිසිම දැනුවත් කිරිමක් මීකාට කර තිබුනේ නෑ..
කෙසේ හෝ මීකාගේ යාළුවන් ඒ සම්බන්ධව දැනුවත් කල නිසාම ඒ සාදයට එක් විමට මීකා තිරණය කලේ ය..
කෙසේ හෝ ඒ දවස හිරෝ සහ මීකාගේ ආදරය බිදෙන දවසක් කියලා මීකා කිසිම විටකින් හිනයෙන් වත් හිතාගෙන නෙවෙයි වෙන්න ඇති ඒ සාදයට සහභාගි වුනේ..
කොහොම හරි මොහුන් මත්පැන් භාවිතා කර සිටි හේතුවෙන්..
හැමෝම නිදාගෙන ඉන්න අවස්ථාවකදි හීරෝ විසින් මීකාගේ හිතවත් යාළුවෙකුට සිප වැලදගෙන ඉන්න අවස්ථාවක් මීකාට දකින්න ලැබෙනවා..
ඒ දුක දරා ගන්න බැරිව මීකා ඒ ස්ථානයෙන් පිට වෙන්නේ...
හිනයෙන් වත් නොසිටු දෙයක් සිදු වු නිසාවෙනි...
ඈත්තටම හීරෝ මීකාගේ ජිවිතයෙන් ඇත් වුනේ තමන්ට ලැබෙන්න හිටිය දරුවා නොලැබුන නිසාවෙන් ද ? නැත්නම් වෙනත් සම්බන්ධතාවයක් ඇති කර ගන්න ඕනෑ නිසාවෙන් ද ?
අපේ සහෝදරයන්ට ඒ දේ ගැන ගැටළුකාරිතත්වයක් මතු වුනා නේ..
ඒ ප්රශ්නය කොයි කාටත් දැනෙන විදියට ලස්සනට කතාව නිර්මාණය වේලා තියෙනවා...
ඉතිරිය මම කියන්න උත්සහ කරන්නේ නෑ.. මේ චිත්‍රපටිය බලන්න ඉන්න අයට කරන අසාධාරණයක් වෙයි එතකොට..
මේ චිත්‍රපටිය බාගෙන බලන්න නම්..
මේ ටොරන්ට් එකෙන් බාගෙන නරඹන්න..
( ඉංග්‍රීසි උපසීරැසි තියෙනවා )
ඒ වගේම බාගන්නේ නැතිව බලන්න ඕනේ නම්..
මේ විඩියෝ දෙක නරඹන්න...
ඉංග්‍රීසි උපසීරැසි තියෙන හින්දා ප්‍රශ්නයක් වෙන එකක් නෑ.. තේරුම් ගන්න...
මේ චිත්‍රපටිය නරඹලා ඔගොල්ලන්ගේ අදහස් දැන ගන්නත් කැමතියි..
ඒ වගේම මේ චිත්‍රපටිය දැනටමත් නරඹලා ඉන්න අපේ එළකිරි සහෝදර සහෝදරියන්ගේ අදහස් දැන
ගන්නත් කැමතියි..
මේ චිත්‍රපටිය බලලා තිබ්බේ නැති වුනා නම් මේ ත්‍රේඩ් එක බලලා
නිකන් යන්න හිතන්න එපා මේ ගැන අදහසක් දීලා යන්න වේලාවක් වෙන් කර ගන්න..
..
...ඇඩෙනවා...

