මේකට නමක් නෑ....

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    යාලුවනේ... ඉස්සරහට කරන්න හිතන් ඉන්න ටිකක් ලොකු වැඩකට පුරුදු වෙන්නත් එක්ක මේ කෙටි කතාව(? :rolleyes:) ලිවුවා... කියවලා බලලා ඔයාලගේ අදහස් සහ තව මගේ පැත්තෙන් හැදෙන්න ඕනේ තැන් කිවුවොත් මට ඉස්සරහට ලොකු හයියක්....
    ----------------------------------------------------------------
    "අටවන වේදිකාවට පැමිණි දුම්රිය මහනුවර සිට පැමිණි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියයි. දුම්රිය කොළඹ කොටුවට පමණයි." කොටුව ස්ටේෂන් එකේ ලවුඩ්ස්පීකර් එකෙන් එහෙම කියද්දී මම බෑග් එකත් ඇරගෙන කොච්චියෙන් බැස්සා.

    වෙලාව උදේ නවයයි. කෝච්චිය වෙනදට වඩා පරක්කු වුනත් අද ඉරිදාවක් නිසා මට ගානක් තිබුණේ නැහැ. මම කලබලෙන් දුවන අනිත් අයට ඉඩ දීලා හෙමිහිට හෙමිහි‍ට ප්ලැට්ෆෝම් එක දිගේ ‍ඉස්සරහට ඇවිදගෙන ගියා.

    "දම්පාට හැන්දෑවේ....." මගේ ජංගමයට කෝල් එකක්...

    "මචං..." එහා පැත්තෙන් කතා කලේ නිර්මාල්. මගේ ප්‍රාණ සම මිතුරා.

    "කියපං මචං. මොකෝ සීන් එක?"

    "ඔ‍ක්කොම ඩොකියුමන්ට්ස් රෙඩී. වැඩ ටික සේරම තිතට සිද්ධ වුනා. උඹට ඇවිත් බාරගන්න විතරයි තියෙන්නේ. ඩේට් එක ලබන සිතියේ විසි හය. උඹ කොළඹ එනවද?"

    "ඔව් මචං. මම දැන් කොළඹ ඉන්නේ. ස්ටේෂන් එක ගාව. දැන් ඇවිත් බැස්සා විතරයි."

    "එහෙනම් එළ. උඹ දැන් ඇනෙක්ස් එකටනේ යන්නේ?"

    "ඔව්. මම හවස් වෙලා ගෙවල් පැත්තේ එන්නම්?"

    "ඔව්. එහෙම හොඳයි. උඹෙන් පාටියක් ගන්නත් තියෙනවා නේ.. හෙහ් හෙහ්..."

    "නැත්තං නැත්තං..... උඹ මේ මට කරපු උදව්වට පාටි එකක් නෙවේ දහයක් දුන්නත් මදි...."

    "හරි හරි... කතා පස්සට... හවස් වෙලා සෙට් වෙමුකෝ... මම තිබ්බා...."

    "හරි මචං... ජය වේවා...."

    මම කෝල් එක කට් කරලා ෆෝන් එක සාක්කුවට දා ගන්න ගමන් ඉස්සරහ බැලුවා. හදිස්සියේ පැලැට්ෆෝම් එකේ බෙන්ච් එකක වාඩි වෙලා ඉඳපු ඒ හුරුපුරුදු රූපේ දැකපු මාව ගැස්සිලා ගියා.. මටත් නොකියාම මගේ හිත අතීතෙට - වැඩි කාලයකට නෙවෙයි, අවුරුදු දෙකකට විතර ඉස්සර කාලයකට ඇදිලා ගියා....

    ------------------------------------------------------------------------------------------------

    "ඔයා ලබන සතියේ සඳුදා එනවද?" මම එහෙම ඇහුවේ සෙනසුරාදා උදේ කෝච්චියෙන් බැහැලා නුවර ස්ටේෂන් එක දිගේ ඇවිදගෙන යන ගමන්...

    "කියන්න බැහැ. එදාට ගෙදර වැඩක් දාගෙන ඉන්නවා. තාම කන්ෆර්ම් නැහැ." නුවනි මං දිහා බලලා හිනාවෙලා කිවුවා.

    "එහෙනම් පරිස්සමින් යන්න." මම එහෙම කිවුවේ නුවනි ස්ටේෂන් එක ඉස්සරහින් ගුඩ්ෂෙඩ් එක පැත්තට හැරෙන තැනට ආවහම.

    නුවනි සහ මම සතියකට වරක් නුවර කොළඹ අතර ගමන් කරන දුම්රිය මිතුරන්. අපි දෙන්නා අතර යාලුකම ආරම්භ වෙලා වර්ධනය වුනේ කෝච්චියේ දී. දෙන්නා අතර තිබුණේ බොහොම ලෙංගතු යාලුකමක්. මේ යාලුකම අපි එකිනෙකා ගේ ගෙවල් වලින් පවා දැනගෙන හිටියා.

    දැන ඇඳිනගෙන අවුරුදු දෙකක් වුනත් මේ මිත්‍රකම එතනින් එහාට ගෙනයන්න අපි දෙන්නම උනන්දු වුනේ නැහැ. ඒත් ඇත්තම කියනවා නම් මගේ හිතට මේ වෙනකොට නුවනි සම්බන්ධයෙන් නුහුරු නුපුරුදු හැඟීමක් ඇති වෙමින් තිබුණා. ඇගේ තිබුණු නිවුන ගති ගුණ, ඕනෙම කෙනෙක්ට ිදෙපාරක් හැරිලා බලන්න හිතෙන ලස්සන, ප්‍රසන්න බව මේ හැම දේකටම මම හිත යටින් ආසා කළා. කොටින්ම ඈ එක්ක කෝච්චියේ එකට යන එක පවා මහාර්ඝ අවස්ථාවක් විදිහටයි මම සැලකුවේ. එයා මගේම කරගන්න ඇත්තටම මම හීන මැව්වා කිවුවොත් නිවැරදියි.

    මොනවා උනත් ස්වභාවයෙන්ම ලැබුණ උකටලී බව නිසා මේ කිසිම දෙයක් නුවනි ට මම ඇගෙව්වේ නෑ. මේ වගේ දෙයක් කියලා අපි දෙන්නා අතර තිබුණ යාලුකම නැතිවෙයිදෝ කියලා අනියත බයකුත් මගේ හිතේ තිබුණා.

    ------------------------------------------------------------------------------------------------

    නුවනි ඊළඟ සඳුදා කොළඹ ගියේ නැහැ. මම වුනත් කෝල් එකක් දීලා බලන්න හිතුවේ නැහැ.

    බදාදා හවස හතරට විතර එයාගෙන් මට කෝල් එකක් ආවා.

    "සාරංග, අද හවස ඔයාව හම්බවෙන්න පුලුවන්ද?"

    "පුලුවන්. මොකෝ ප්‍රශ්නයක්ද? මම පහට ඕෆ් වෙනවා. කොහෙදිද හම්බවෙන්නේ?"

    "එහෙනම් පහමාරට නුගේගොඩ කේ එෆ් සී එකට එනවද? මට දෙයක් කියන්න තියෙනවා"

    මම ෆෝන් එක තිබ්බේ ගැහෙන හදවතින්. මොකක්දෝ විකාර සිතුවිල්ලක් හිත ඇතුලේ යකා නටන්න පටන් අරගෙන.

    මම හරියටම පහමාර වෙනකොට කේ එෆ් සී එකට ගියා. ඒ වෙනකොටත් නුවනි ඇවිල්ලා ටේබල් එකක ඉඳගෙන. මාව දැක්කම මූණ පුරවලා හිනාවුනා. හැබැයි වෙනදා දකින හිනාවට ව‍ඩා ඒකේ සෑහෙන ලොකු වෙනසක් තිබුණා. හරියට නිකන් දඟකාරකමක් කරපු පොඩි එකෙක් ඒක ගැන ආඩම්බර වෙනවා වගේ හිනාවක්...

    එයා අපි දෙන්නටම මොනවද ඕඩර් කලා. මට ඒ මොනවත් ඔලුවට වැටුනේ නැහැ.

    "මම සඳුදා ආවේ නෑනේ..." එයාම කතාව පටන් ගත්තා....

    "එදා මනමාලයෙක් ආවා මාව බලන්න..." එහෙම කියනකොට මගේ හිත ගැස්සුනා.. මම හෙමීට නුවනි ගේ මූණ දිහා බැලුවා. එයාගේ සුදුපාට කම්මුල් රතුපාට වෙලා...

    "ඉතිං....?" මට වෙන කියන්න දෙයක් තිබුණේ නෑ.

    "අපේ කුරුණෑගල පැත්තේ නෑදෑවෙන අයියා කෙනෙක්.... මමත් පොඩි කාලේ ඉඳලා අඳුනනවා."

    "ඉතිං...?" මම ආයෙත් ඇහුවා.

    "අම්මලත් කැමති නිසා මම හා කිවුවා" මගේ හිතේ කොනක පුපුරපු ගල්බෝරයක් හිතම කෑලි කෑලි වලට කුඩු කරලා දැම්මා. මම මොනවත් කියන්න ගියේ නැහැ. එහෙමම ඔලුව උස්සලා නුවනි දිහා බැලුවා. එයා තාමත් හිනාවෙච්ච ගමන්මයි. මොනවා කියන්නද මොනවා කරන්නද කියලා මට නිනවුවක් තිබුණේ නැහැ. ටිකක් වෙලා නිහඬව හිටියේ කතාකරන්න ඕ‍නේ වචන ටික එකතු කරගන්න.

    "මනමාලයා හොඳයිද?" මම ඇහෙන නෑහෙන ගානට ඇහුවා.

    "යසස් අයියා හොඳයි. ඉරිගේෂන් එකේ වැඩ කරන්නේ. එයා....." නුවනි දිග වර්ණනාවක් කරගෙන ගියා.

    "ඉතිං කවදද වෙඩින් එක?" මම හිතේ තිබුණ ලොකුම ප්‍රශ්නේ එළියට දැම්මා.

    "අපෝ... දැන්ම බඳින්නේ නැහැ... නැකත් නැල්ලු දෙන්නටම. දෙපැත්තෙම අම්මලා තාත්තලා කතාකරලා ඉවරයක් කරලා තියමු කිවුවා. කොහොමත් තව අවුරුදු දෙකක් වත් යාවි. "

    "හම්ම්...."

    "සාරංග... මම ආයේ කොළඹ එන එකක් නැහැ. අම්මලා බල කරනවා නුවර ඉඳගෙනම ඉතුරු ස්ටඩීස් කන්ටිනියු කරන්න කියලා. මම මේ සතියේ ආපහු ගෙදර යනවා. ඉතිං අද මං ගානේ ඔයාට ට්‍රීට් එක"

    ඒ හැන්දෑවෙ ගෙවුනේ කොහොමද කියලා මට මතකයක් තිබුණේ නැහැ. නුවනි දිගටම කතා කළත් මට කිසිම දේකට අවධානය යොමු කරන්න බැරිවුනා. කිඹුලා මැටි ගිලිනවා වගේ ඕඩර් කරලා තිබුණ දේවල් ටිකක් කාලා මම ඉක්මණින් නුවනිට සුභ පතලා එළියට ආවා.

    එළියට ආපු මම කරකවලා අත ඇරලා වගේ නුගේගොඩ ටවුම පුරාම රස්තියාදු ගැහුවා. හිත හරිම නොසන්සුන්. ඒ වගේම කළකිරිලා. කරන්න දෙයක් තිබුණෙත් නැහැ. මේවා මේ විදිහට සිද්ධ වුනේ මගේම වැරුද්දටයි කියලා මගේ හිත මට දොස් පැවරුවා.

    ------------------------------------------------------------------------------------------------

    කාලය ඉක්මණට ගෙවිලා ගියා. නුවනි කිවුවා වගේම ඒ සතියේ කොළඹින් ගියා. ඒත් එක්කම අපි දෙන්නා අතර තිබුණ සම්බන්ධකමුත් ඉබේම වගේ අඩුවෙලා ගියා.

    ------------------------------------------------------------------------------------------------

    මාව දැකපු නුවනි ඉඳගෙන හිටපු බෙන්ච් එකෙන් නැගිට්ටේ එයාගේ පරණ පුරුදු හිනාවත් එක්කමයි. අවුරුදු දෙකක් ගිහිල්ලා තිබුණත් ඒ හිනාව තාම එහෙම්මමයි.

    "සාරංග ඔයා?" මම අහන්න ඕනේ ප්‍රශ්නයක් එයා මගෙන් ඇහුවා.

    "හදිසි වැඩක‍ට කොළඹ ආවා නුවනි. ඔයා මොකෝ මේ ප්ලැට්ෆෝම් එකේ තනියම කරන්නේ? අනික කොළඹ?"

    "‍මේ දවස් ටි‍කේ මම නැවතිලා හිටියේ මහරගම පුංචිලගේ දිහා. දැන්නම් අවේ යසස් ව හම්බවෙන්න. එයා මේ දවස් වල හම්බන්තොට ප්‍රොජෙක්ට් එකක වැඩ. අද උදේ කොළඹ එනවා කිවුවා. ට්‍රේන් එක පරක්කුයි."

    "අහ්.. එහෙමද?" හිත ඇතුලේ හොඳ වෙවී තිබුණ තුවාලයක් ආයෙත් පෑරුණා නේද කියලා මට හිතුනා.

    "හොඳ වෙලාවට ඔයාව හම්බවුනේ සාරංග. ලබන මාසේ දොළොස් වෙනිදා අපේ වෙඩින්ග් එක. එදාට ඔන්න ‍ෆී තියාගන්න ඕනේ හරිද? මම යසස් එක්ක ලබන සතියේ එන්න කියලා හිටියේ කාඩ් එක දීලා යන්න."

    හිත පුරාම දුවගෙන ගිය හිරියක් ඇඟත් සලිත කරවාගෙන යනවා මට දැනුනා... ‍මම හිස් බැල්මෙන් ඈත අහස දිහා බැලුවා.

    "මගේ උණුසුම් සුභ පැතුම් නුවනි. ඒත් මට එදාට එන්න වෙන එකක් නැහැ." මම ඇත්තම කිවුවා.

    "අනේ ඇයි සාරංග?"

    "ඔයාගේ වෙඩින් එක ගන්නකො‍ට මම ලංකාවෙන් හුඟක් ඈත. ආයේ අවුරුදු ගානකට මම ලංකාවට එන එකක් නැහැ. ලබන සතියේ විසි හය වෙනිදා මම ඇමරිකා යනවා අලුත් ජොබ් එකකට. සමහරවිට ආයේ කවමදාකවත් මම ලංකාවට නොඑන්න ඉඩ තියෙනවා....."

    මම බලාගෙන ඉද්දිම නුවනිගේ ඇස් වලට කඳුලු පිරුණා.

    "ඒ කියනනේ ඔයා මගේ වෙඩින් එකට එන්නේ නැහැ....?"

    මගේ හිත ඇතුලෙන් කෑ ගහනවා මට දැනුනා.... ඒත් මොනවා කරන්නද? මෙතනදී සංවේදී වෙලා මගේ අතින් වැරදි වචනයක් වුනොත් මට විතරක් නෙවෙයි, නුවනිටත් ජීවිත කාලය පුරාම විඳවන්න වෙන කතාබහකට මුල පුරන්න වෙන බව මගේ මොළේට දැනුනා. මේ හදවතට නෙවෙයි, මොලේට ඉඩදෙන්න ඕනේ වෙලාවක්.

    "එන්න වෙන එකක් නැහැ නුවනි. ඒත් මම මගේ මුලු හදවතින්ම සුභ පතනවා. මම පුලුවන් වුනොත් යන්න කලින් ඇවිල්ලා ඔයාලා දෙන්නා හම්බවෙලා යන්න එන්නම්." මම හිත තද කරගෙන අමුම අමු බොරුවක් කිවුවා.

    "එහෙනම්... මම ගිහින් එන්නම්... තව ටිකකින් මට යාලුවෙක් හම්බවෙන්නත් යන්න තියෙනවා. ඔයාගේ ට්‍රේන් එකත් දැන් ඒවි...." ඇත්තම කිවුවොත් තවදුරටත් එයා එක්ක කතා කරන්න මට හයියක් තිබුණේ නැහැ.

    නුවනි කඳුලු පුරවගත්ත මුහුණෙන් ඔලුව වැනුවා. මමත් හෙමින් සැරේ ගාඩර් එක දිගේ උඩට ඇවිත් පහල බැලුවා.

    නුවර ඉඳලා ආපු ඉන්ටසිටිය ප්ලැට්ෆෝම් එකේ තාමත් නවත්තලා තිබුණා. මේ කෝච්චිය තාමත් එදා වගේමයි. හෙට උදේටත් නුවර ඉඳලා සුපුරුදු වෙලාවට ඒවි... නමුත් ඒකේ අවුරුදු දෙකක් එකට එහා මෙහා ගිය අපි ? අපි දෙන්නා තව සතියකින් බොහෝවිට ආයේ හමුනොවෙන්නම වෙන‍් වේවි.

    මම කියාගන්න බැරි අමුතුම සිතුවිල්ලක් එක්ක පෙරළි කර කර ස්ටේෂන් එකෙන් එළියට ඇවිල්ලා එකසිය තිස් අටක නැග්ගා.

     
    Last edited:

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    පට්ට මචෝ.........

    මට ඔය උක්ත ආඛ්‍යාත බලන්න නම් තේරෙන් නෑ....

    නමුත් අන්තර්ගතය, කතාව නම් සුපිරි......

    දිගටම ලියලා අපිටත් බලන්න සලස්සපන්......

    මේක උඹේ අත්දැකීමක්වත්ද කියලා නිකමට වගේ හිතුනා.......

    ජය වේවා...!
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    14.gif
    පට්ට මචෝ.........

    මට ඔය උක්ත ආඛ්‍යාත බලන්න නම් තේරෙන් නෑ....

    නමුත් අන්තර්ගතය, කතාව නම් සුපිරි......

    දිගටම ලියලා අපිටත් බලන්න සලස්සපන්......

    මේක උඹේ අත්දැකීමක්වත්ද කියලා නිකමට වගේ හිතුනා.......

    ජය වේවා...!

    බොහොම ස්තූතියි :D
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    lassanai. eeth podi gataluwak thiyanawa. KFC wala kaama order karanna behe. self service thamai karanna oone. a ekkama Hambantota idan trains nehe.

    KFC ekanam tikak aul wage thama...
    Train eka nam oya welawata enawa Matara idala mata mathaka vidihata Ruhunu kumari ... :D

    Bohoma sthuthi diri ganweemata....
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    patta machan..........eth mama kathawa kiyawaddi hithagena hitiye lassana awasanayak thiyei kiyala........... :( :(
    හැමදේම ලස්සනට ඉවරවෙනව නම් කොච්චර හොඳද? :dull:
    බො‍හොම ස්තූතියි අදහස් වලට...
     

    lasath gayan

    Member
    Sep 24, 2007
    119
    3
    0
    ela ela machooo + Rep

    නුවර ඉඳලා ආපු ඉන්ටසිටිය ප්ලැට්ෆෝම් එකේ තාමත් නවත්තලා තිබුණා. මේ කෝච්චිය තාමත් එදා වගේමයි. හෙට උදේටත් නුවර ඉඳලා සුපුරුදු වෙලාවට ඒවි... නමුත් ඒකේ අවුරුදු දෙකක් එකට එහා මෙහා ගිය අපි ? අපි දෙන්නා තව සතියකින් බොහෝවිට ආයේ හමුනොවෙන්නම වෙන‍් වේවි.
    me tika thamai elatama liyala thiyenne elaZZZ
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    සිරා ඈ...

    patta oi . digatama liyapan...:D

    ela ela machooo + Rep

    නුවර ඉඳලා ආපු ඉන්ටසිටිය ප්ලැට්ෆෝම් එකේ තාමත් නවත්තලා තිබුණා. මේ කෝච්චිය තාමත් එදා වගේමයි. හෙට උදේටත් නුවර ඉඳලා සුපුරුදු වෙලාවට ඒවි... නමුත් ඒකේ අවුරුදු දෙකක් එකට එහා මෙහා ගිය අපි ? අපි දෙන්නා තව සතියකින් බොහෝවිට ආයේ හමුනොවෙන්නම වෙන‍් වේවි.
    me tika thamai elatama liyala thiyenne elaZZZ


    බො‍හොම ස්තූතියි!! ආයෙත් මොනවා හරි ලිවුවොත් අනිවාර්යයෙන්ම බෙදා ගන්නම්...
     

    Akiisha

    Junior member
  • Dec 7, 2008
    166
    8
    18
    මචං කියන්න වචන නෑ.
    සිරා.....
    ඔලුවට 2x2 පොල්ලකින් ගැහුවා වගේ ........
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    මචන් මගෙ කතාවත් මේ වගේ ටිකක් විතර :yes::yes: සිරාවටම මගේ අත් දැකිමත් මේ වගෙ බන් :yes: හැබයි අන්තිම මොහොත මම එයාට ආදරෙයි කිවවා බන්:love::love:, එයා මම කිය්න්කම් ඉදලා තිය්න්නේ:love::love: බන් අවුරුදු 3ක් ම:D:D