සුන්දර ගීයක ඇරබුම,..

Pathum_madu

Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    මචෝ උදව්වක්,,
    මේ නුලේ කොහේ හරි තිබ්බ වික්ටර් රත්නායකගේ ස ප්‍රසංගය ගැන විස්තරයක් දාපු කොමෙන්ටුවක්,, කවුරු දැම්මද කියල මතක නෑ,,
    හොයල දෙන්නකෝ,,
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    සුසානයක නොදැවී
    සිතේ තවම තනිවී
    තියේ එදා ඔබ
    පිදූ දයාබර
    සෙනෙහෙ සුවඳ නොමැකි

    පියගතිමි නෙතු මා
    ඔබේ සිහින රදවා
    නුවන් විවර කල
    සොයා බැලු සඳ
    ඔබ දුරක පියඹා
    වෙන දෑසක බැඳිලා
    තව හීනෙක වෙලිලා

    සුසානයක නොදැවී ..

    ඔබේ සුවඳ සුවඳයි
    ඔබේ මතක මතකයි
    ඔබෙන් තිලින ලද
    දයාවන්ත හිත
    සදතනයි සත්තයි
    එදා වගේ සුවඳයි
    අතීතයම සුවඳයි

    සුසානයක නොදැවී ..

    ගායනය : අසංග ප්‍රියමන්ත පීරිස්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචෝ උදව්වක්,,
    මේ නුලේ කොහේ හරි තිබ්බ වික්ටර් රත්නායකගේ ස ප්‍රසංගය ගැන විස්තරයක් දාපු කොමෙන්ටුවක්,, කවුරු දැම්මද කියල මතක නෑ,,
    හොයල දෙන්නකෝ,,
    කමෙන්ට් එක දාල තිබ්බේ සස්ලිට්...........
    හොයන්න නම් මචං බැරිය...මේකෙ පෝස්ට් එකක් හොයනව කියන්නේ ඉරෙන වැඩක් දැං.......
    නමුත් තිබ්බ පණිවිඩය ටිකක් දොම්නස ගෙනෙන එකක්........

    ජූනි නැත්තම් ජූලි මාසයේ දී වික්ටර් රත්නායකයන් ගේ "ස" ප්‍රසංගයේ අවසන් දැක්ම පැවැත්වෙන බවයි එහි සදහන් ව තිබුනේ................!!!!!!:(:(:shocked:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    රණවිරු සේවා වනිතා ඒකකයෙන් ඉදිරිපත් කරන ස ප්‍රසංගය මැයි 12 සෙනසුරාදා නෙලුම් පොකුණ රගහලේදී පැවැත්වීමට නියමිත බව පත්තරේට ඇඩ් එකක් ආවෝ..... :):) මමත් ටිකට් ගන්න යන්න ඉන්නෙ... ටිකට් තියෙයිද කියල තමයි සැක... :sorry:
     
    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    ඔව් මචන්,, මැයි 12 වෙනිදා,, අවසාන එක කියල ඒ කොමෙන්ටුවේ තිබ්බ තමා,, මාත් යන්න ඉන්නේ,, විස්තර දන්නා අය මෙතන පොස්ට් කරලා හැමෝමව දැනුවත් කරන්න,,
     
    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    මේක අපේ යාළුවන්ට විශේෂ නිවේදනයක්....

    ගොඩාක් යාළුවන් "ස" ප්‍රසංගය නරඹල නෑ, එය නැරඹීමට කැමැත්තක් තිබෙනව කියල මෙහි විවිධ අවස්ථාවන්හිදී පවසලා තිබුණ... එහෙනම් යාළුවනේ ඉක්මන් කරන්න. 1973 ජූලි මාසයේ වික්ටර් රත්නායකයන් විසින් ආරම්භකල "ස" ප්‍රසංගයේ අවසන් දර්ශණය 2012 ජූලි 20 වන දින පැවැත්වීමට තීරණය කරල. කිසිම හේතුවක් නිසාවත් සිය තීරණය වෙනස නොකරන බවත් එතුමා කියල තියෙනවා.
    "ස" ප්‍රසංගය නැරඹීමට ආසනම් 2012 ජූලි 20 හෝ ඊට ප්‍රථම අවස්ථාවක් උදාකරගන්න එහෙනම්...

    අම්මෝ යන්තන් හොයාගත්තා,,
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රණවිරු සේවා වනිතා ඒකකයෙන් ඉදිරිපත් කරන ස ප්‍රසංගය මැයි 12 සෙනසුරාදා නෙලුම් පොකුණ රගහලේදී පැවැත්වීමට නියමිත බව පත්තරේට ඇඩ් එකක් ආවෝ..... :):) මමත් ටිකට් ගන්න යන්න ඉන්නෙ... ටිකට් තියෙයිද කියල තමයි සැක... :sorry:
    :love:
    2000 tickets tiyei kiwwa... ituru wela...
    Borella sadeepa eke balanna kattiya
     
    Last edited:
    Apr 25, 2012
    30
    2
    0
    Quote:
    Originally Posted by sasliit
    මේක අපේ යාළුවන්ට විශේෂ නිවේදනයක්....

    ගොඩාක් යාළුවන් "ස" ප්‍රසංගය නරඹල නෑ, එය නැරඹීමට කැමැත්තක් තිබෙනව කියල මෙහි විවිධ අවස්ථාවන්හිදී පවසලා තිබුණ... එහෙනම් යාළුවනේ ඉක්මන් කරන්න. 1973 ජූලි මාසයේ වික්ටර් රත්නායකයන් විසින් ආරම්භකල "ස" ප්‍රසංගයේ අවසන් දර්ශණය 2012 ජූලි 20 වන දින පැවැත්වීමට තීරණය කරල. කිසිම හේතුවක් නිසාවත් සිය තීරණය වෙනස නොකරන බවත් එතුමා කියල තියෙනවා.
    "ස" ප්‍රසංගය නැරඹීමට ආසනම් 2012 ජූලි 20 හෝ ඊට ප්‍රථම අවස්ථාවක් උදාකරගන්න එහෙනම්...

    අම්මෝ යන්තන් හොයාගත්තා,,

    Thank u Sasliit and Pathum :yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [FONT=&quot]සොයුරෙක් ඉල්ලූ ගීතයක්..........මෙය හෙළ සුභාවිත ගීත අතර කිසිදිනක අරමුණු නොකර ගත් සන්දර්භයක් පිළිබද ව රචනා වි ඇති බැවින් රසවින්දනය පිළිබද ව යමක් එක් කරමි...................[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]හදවතින් ඔහු ගේ......සම්මතයෙන් ඔහු ගේ...........[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මුළු රැයක් පුරා........................[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]එදා සිට අද දක්වා කප්පරක් සාහිත්‍ය නිර්මාණ වලට වස්තු විෂයකි, අසම්මත ප්‍රේමය. එහි ඇති දුර්ගුණ මෙන් ම, එහි ඇති අලහාදය ද පෙන්වන සාහිත නිර්මාණ පෙර-අපර දෙදිගම ප්‍රකටය. නමුත් මේ අසම්මත ප්‍රෙමයන් හා බැදෙන උන් ගේ සත්‍ය භාව විරේචකයන් ගී නිර්මාණ වලට පදනම් වී ඇත්තේ මද පමණ මය. අසම්මත ප්‍රේමයන් හි බොහෝ කොට දක්නට ලැබෙන ලකුණකි, අවසන දී අතිශය දරුණු වූ අවපාතනයකට එය හා සබැදි වුන් ගොදුරුවීම. නමුත් මේ ගීත නිර්මාණය මේ හැම කරුණකින් ම මිදුණා වූ අමුතු ම වූ භාවමය තලකට අපව රැගෙන යයි. ඒ මේ ගීතයේ කතා නායිකාවන් දෙදෙනා -එනම් මෙහි වින්දිතයන්-එනම් විදවන්නන්- ගේ ම හද තුල මෙම අසම්මත ප්‍රේමය විදින පුරුෂපාර්ශවය ගැන පවතින සෙනෙහස සහ ඔහු ගේ ම සෙනෙහස පමණක් පැතීමය.......[/FONT]

    [FONT=&quot]මුළු රැයක් පුරා ඔබ ඔහු ළග[/FONT]
    [FONT=&quot]ජිවිතය පුරා ඔහු ඔබ ළග[/FONT]
    [FONT=&quot]ඔබයි ප්‍රියාදර ප්‍රියම්භිකා ඔහුගේ....................[/FONT]

    [FONT=&quot]ඒ ඔහු ගේ අසම්මත ප්‍රේමයයි. ඇය විදවන්නේ ඔහු ගේ ප්‍රේමයේ හිමිකාරිය වූ ඇයට ඔහු ගේ අනුරාගයෙහි හිමිකම නොමැති බැවිනි. රැය තනිව ම ඔහු ගේ උනුහුම නොමැතිව තනි යහනක සැතපීමට වන හෙයිනි. ඇයට ඔහු ගේ පියඹ වීමට නොහැකිවීමේ ශෝකයෙනි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මුළු රැයක් පුරා ඔහු මාළග[/FONT]
    [FONT=&quot]සිරුර පමණයි සිතයි ප්‍රේමයයි ඔබ ළගයි................[/FONT]

    [FONT=&quot]මේ ඔහු ගේ පියඹයි. ඇය ළතැවුල් විදින්නේ ඔහු ගේ පෙමට සත්‍ය හිමිකාරිය වීමට නොළැබීමේ ශෝකයෙනි. තමාට හිමි ඔහු ගේ සිරුර පමණක් බවද, ලැබෙන ආලය පෙම පළමු කොට ගත් එකක් නොවන බව ද ඇය ගේ තැවිල්ලයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඔහු ගෙ උණුසුම් ආදරේ වාසනා හිමිකාරී ඔබ..............[/FONT]
    [FONT=&quot]මට හිමි සීතල සෙනෙහස පමණි.....................[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]බිරිදට ලැබෙන සෙනෙහස සීතල එකක් බව ඇයම පවසයි. නමුත් ඇය‍ගේ පැතුම උණුසුමු වූ රාගාන්විත ආලයකි. එහි උරුමකාරිය වෙන එකියකි. “ඔහු ගෙ උණුසුම් ආදරේ වාසනා හිමිකාරී ඔබ.....” මේ පදය අවසන් වනු සමගම වැයෙන වේගවත් රොක් ගිතාර නාදය අසන්න. එය ඇගේ හදවතෙහි ඇති ඒ උනුසුම් හැගුම වඩාත් තිව්‍ර ලෙස ශ්‍රාවකයා වෙත දනවන්නකි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මා හිත පවසන ඉරිසියා හැගුම් ඉතින් අසන්[/FONT]
    [FONT=&quot]මා බිරිද වන්න - පෙම්වතිය වන්න - ඔබ මා තුරුළට ඔබ දෙන්න දෙන්න ඔහු............[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේ ඔහු ගේ අසම්මත ප්‍රේමිනියයි. ඇය ගේ හද තුල ඇත්තේ බිරිද පිළිබද ව ඊර්ෂයාවකි. ඒ ඇයට ඔහු ගේ සමාජ සම්මත බිරිද හෝ පෙම්වතිය විය නොහැකි නිසාවෙනි. නමුත් ඇය ඔහු ගේ බිරිද ගෙන් ය, ඔහු ඉල්ලන්නේ. ඒ ඔහු ගේ සත්‍ය ආලයේ හිමිකාරිය ඇය බව ඇය ම ඉදුරා දන්නා නිසාවෙනි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඔහු ගෙ මංගල මුදු පැළදූ පාදපරිචාරිකාවී ඔබ[/FONT]
    [FONT=&quot]මා ඔහු ගේ ගත සුසුමක් පමණි.[/FONT]

    [FONT=&quot]අසම්මත පෙම්වතිය ගේ සිතුම් බලන්න. මේ ලොව සියළු ම තරුණියන් සිහින දකින්නේ තම ප්‍රේමවන්තයා ගේ නමින් වූ මංගල මුදුව අත දරා සිටීමටය. ඇයට ඒ වාසනාව හෝ හිමිකම නැත. ඇය ළතැවුළින් යුතුව කියන්නේ ඇය ඔහු ගේ ගත සුසුමක් ම පමණක් බවය. එනම් තමා ඔහුගේත් නොලබන පැතුම බවය. ගතින් පිටවී යන සුසුම නොරැදි යනවා සේමැ, තම සෙනෙහසට ද සම්මත ලොව තුළ රැදී පැවතීමක් නොමැති බව ඇය මෙනෙහි කරයි.[/FONT]

    [FONT=&quot]මට නැති වනුයේ හිමි සද සමගින් දූ දරුවෝ[/FONT]
    [FONT=&quot]මුලු ජීවිතය ම අත්වැල් බැද ගෙන ආ මා සෙවනට මට දෙන්න දෙන්න ඔහු......[/FONT]

    [FONT=&quot]බිරිද ගේ ළතැවිල්ල ඔහු මේ අසම්මත පෙම නිසා කුටුම්භය විනාශ වී යාමය. ඇය ඔහු ගේ අසම්මත පෙමින් ඉල්ලන්නේ ඔහු තමා සෙවනට ම දෙන ලෙසය.......[/FONT]

    [FONT=&quot]ජීවිතය පුරාමා ඔහු ළග......[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]සම්මතයේ දී ඔහු තමා ගේ බව බිරිද දනී. ඔහු සම්මතය තුළ ඇය අත්නොහරින බව ද ඇය දනී. එනිසා ඇයට ඔහු ඇය හැර යාමේ බියෙක් නැත. එනිසා ය මේ උදානය ඇය ගේ.[/FONT]

    [FONT=&quot]මා සිත සපුරා ඔහු මා ළග..............[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අසම්මත ප්‍රේමයේ පෙම්වතිය ද ඔහු තමා හැර නොයන බව දනී. ඒ ඇය ගේ උනුසුම් රා නිශ්‍රිත ආලයේ පහන්සිලෙහි ගැටෙන පළගැටියා ඔහු බව ඇය දන්නා හෙයිනි. ඔහු ගේ බිරිදට එවන් රාග නිශ්‍රිත උනුසුම් වූ ආලයක් ලබා දිය නොහැකි බව ද ඇය දනී. මෙනිසා ය පෙම්වතිය ගේ උදානය මෙසේ වන්නේ.[/FONT]

    [FONT=&quot]ඔබ ද මා ද ප්‍රියම්භිකා ඔහු ගේ....................[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]දෙනොට ම අවැසි වන්නේ ඔහු ගේ සත්‍ය පියඹ වීමටය. නමුත් මේ ළදුන් දෙදෙනා ම රැවටිල්ලකට ලක්ව ඇති බව ය අසන ශ්‍රාවකයාට ආරම්මණය වන්නේ........[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අප කදුළු සිනා ඔහු වෙනුවෙනි.....[/FONT]
    [FONT=&quot]අපි සිනාසෙමු ඔහු ගෙ නාමයෙන් වැළපෙමු........[/FONT]

    [FONT=&quot]සත්‍ය ලෙසට ම සෙනෙහස වෙනුවෙන් , එය සම්මත වුව ද අසම්මත වුවද, අප පෙම්වතියන් සහ බිරින්දන් කෙතරම් ළතැවුල්කට පත්වනවා ද යන්න පිළිබද සියුම් වූ ශෝකයක් අවසන දී අප හද තුළ රැදවීමට මේ ගායනය සමත් වෙයි.[/FONT]

    [FONT=&quot]මේ ගායිකාවන් දෙපළ ම, සමිතා සහ මරියසෙල්, උච්ච හඩවල් වලට හිමිකාරියෝය. සමිතා සුභාවිත මට්ටමේ ගීත ගයා තිබුණ ද මේ සුන්දර හඩෙහි අනෙක් හිමිකාරිය වු මරියෙසෙල් සුභාවිත ගායන පරාසය තුළ සෙවීමට උගහට වන්නේ, ශ්‍රාවක අපේ පූර්ව අකුශලයක් ම වන නිසාවෙන් බව මම සිතමි. ඇය ගැයූ “සිහින නෙලුම් මල”, “වත්සලා” සහ “කුමරාණෙනි නැති දෝ දන්නේ” වැනි ගීත සුභාවිත ගීයෙහි මනරම් වූ මං සළකුණුය. නමුත් ඇය “චොකා බයිලා” කියමින් සිය කටහඩ අකාලයෙහි විනාශ කර ගන්නා බව මගේ පෞද්ගලික හැගීමය.[/FONT]
     
    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ස්නේහයේ නගරයයි සිත මගේ සින්දුව ගොඩාක් ලස්සනයි ඒ ගැනත් කියන්නකෝ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ස්නේහයේ නගරයයි සිත මගේ සින්දුව ගොඩාක් ලස්සනයි ඒ ගැනත් කියන්නකෝ
    :yes::yes::yes::cool:

    කසුන් කල්හාර ජයවර්ධන ගේ නිර්මාණ පිළිබද ව (ඔහු ගේ ගීත වල අරුත් නොවේ. ඔහු ගේ ගායන විලාශය, ඔහු ගේ සංගීත අධ්‍යක්ෂය සහ ගී තනු පිළිබද ව ද, ගීත වල සංගීත ආරයන් පිළිබද ව ද) දීර්ඝ විමසුමක් සිදුකිරීමට අදහස් කොට ගෙන සිටිමි.
    "සුන්දර ගීයක ඇරඹුම" හුයෙහි රැදී සිටින සුධීහු කසුන් කල්හාරයන් ගේ විවිධ මානයන් ඔස්සේ නිපවුනු ගී ගැන යමක් පළකරත්වා. එය මා ගේ වෙර පිනිසමැ හේතු වේ!!!!!!!
     
    HushGR

    Member
    Dec 14, 2010
    1,303
    226
    0
    Colombo
    මේ ත්රෙඅඩ් එක එළකිරි awards වල ජයග්රහණය වේවා කියල ප්‍රාර්තනා කරනවා ..
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    [FONT=&quot]සොයුරෙක් ඉල්ලූ ගීතයක්..........මෙය හෙළ සුභාවිත ගීත අතර කිසිදිනක අරමුණු නොකර ගත් සන්දර්භයක් පිළිබද ව රචනා වි ඇති බැවින් රසවින්දනය පිළිබද ව යමක් එක් කරමි...................[/FONT]

    [FONT=&quot]හදවතින් ඔහු ගේ......සම්මතයෙන් ඔහු ගේ...........[/FONT]

    [FONT=&quot]මුළු රැයක් පුරා........................[/FONT]

    [FONT=&quot]එදා සිට අද දක්වා කප්පරක් සාහිත්‍ය නිර්මාණ වලට වස්තු විෂයකි, අසම්මත ප්‍රේමය. එහි ඇති දුර්ගුණ මෙන් ම, එහි ඇති අලහාදය ද පෙන්වන සාහිත නිර්මාණ පෙර-අපර දෙදිගම ප්‍රකටය. නමුත් මේ අසම්මත ප්‍රෙමයන් හා බැදෙන උන් ගේ සත්‍ය භාව විරේචකයන් ගී නිර්මාණ වලට පදනම් වී ඇත්තේ මද පමණ මය. අසම්මත ප්‍රේමයන් හි බොහෝ කොට දක්නට ලැබෙන ලකුණකි, අවසන දී අතිශය දරුණු වූ අවපාතනයකට එය හා සබැදි වුන් ගොදුරුවීම. නමුත් මේ ගීත නිර්මාණය මේ හැම කරුණකින් ම මිදුණා වූ අමුතු ම වූ භාවමය තලකට අපව රැගෙන යයි. ඒ මේ ගීතයේ කතා නායිකාවන් දෙදෙනා -එනම් මෙහි වින්දිතයන්-එනම් විදවන්නන්- ගේ ම හද තුල මෙම අසම්මත ප්‍රේමය විදින පුරුෂපාර්ශවය ගැන පවතින සෙනෙහස සහ ඔහු ගේ ම සෙනෙහස පමණක් පැතීමය.......[/FONT]

    [FONT=&quot]මුළු රැයක් පුරා ඔබ ඔහු ළග[/FONT]
    [FONT=&quot]ජිවිතය පුරා ඔහු ඔබ ළග[/FONT]
    [FONT=&quot]ඔබයි ප්‍රියාදර ප්‍රියම්භිකා ඔහුගේ....................[/FONT]

    [FONT=&quot]ඒ ඔහු ගේ අසම්මත ප්‍රේමයයි. ඇය විදවන්නේ ඔහු ගේ ප්‍රේමයේ හිමිකාරිය වූ ඇයට ඔහු ගේ අනුරාගයෙහි හිමිකම නොමැති බැවිනි. රැය තනිව ම ඔහු ගේ උනුහුම නොමැතිව තනි යහනක සැතපීමට වන හෙයිනි. ඇයට ඔහු ගේ පියඹ වීමට නොහැකිවීමේ ශෝකයෙනි.[/FONT]

    [FONT=&quot]මුළු රැයක් පුරා ඔහු මාළග[/FONT]
    [FONT=&quot]සිරුර පමණයි සිතයි ප්‍රේමයයි ඔබ ළගයි................[/FONT]

    [FONT=&quot]මේ ඔහු ගේ පියඹයි. ඇය ළතැවුල් විදින්නේ ඔහු ගේ පෙමට සත්‍ය හිමිකාරිය වීමට නොළැබීමේ ශෝකයෙනි. තමාට හිමි ඔහු ගේ සිරුර පමණක් බවද, ලැබෙන ආලය පෙම පළමු කොට ගත් එකක් නොවන බව ද ඇය ගේ තැවිල්ලයි.[/FONT]

    [FONT=&quot]ඔහු ගෙ උණුසුම් ආදරේ වාසනා හිමිකාරී ඔබ..............[/FONT]
    [FONT=&quot]මට හිමි සීතල සෙනෙහස පමණි.....................[/FONT]

    [FONT=&quot]බිරිදට ලැබෙන සෙනෙහස සීතල එකක් බව ඇයම පවසයි. නමුත් ඇය‍ගේ පැතුම උණුසුමු වූ රාගාන්විත ආලයකි. එහි උරුමකාරිය වෙන එකියකි. “ඔහු ගෙ උණුසුම් ආදරේ වාසනා හිමිකාරී ඔබ.....” මේ පදය අවසන් වනු සමගම වැයෙන වේගවත් රොක් ගිතාර නාදය අසන්න. එය ඇගේ හදවතෙහි ඇති ඒ උනුසුම් හැගුම වඩාත් තිව්‍ර ලෙස ශ්‍රාවකයා වෙත දනවන්නකි.[/FONT]

    [FONT=&quot]මා හිත පවසන ඉරිසියා හැගුම් ඉතින් අසන්[/FONT]
    [FONT=&quot]මා බිරිද වන්න - පෙම්වතිය වන්න - ඔබ මා තුරුළට ඔබ දෙන්න දෙන්න ඔහු............[/FONT]

    [FONT=&quot]මේ ඔහු ගේ අසම්මත ප්‍රේමිනියයි. ඇය ගේ හද තුල ඇත්තේ බිරිද පිළිබද ව ඊර්ෂයාවකි. ඒ ඇයට ඔහු ගේ සමාජ සම්මත බිරිද හෝ පෙම්වතිය විය නොහැකි නිසාවෙනි. නමුත් ඇය ඔහු ගේ බිරිද ගෙන් ය, ඔහු ඉල්ලන්නේ. ඒ ඔහු ගේ සත්‍ය ආලයේ හිමිකාරිය ඇය බව ඇය ම ඉදුරා දන්නා නිසාවෙනි.[/FONT]

    [FONT=&quot]ඔහු ගෙ මංගල මුදු පැළදූ පාදපරිචාරිකාවී ඔබ[/FONT]
    [FONT=&quot]මා ඔහු ගේ ගත සුසුමක් පමණි.[/FONT]

    [FONT=&quot]අසම්මත පෙම්වතිය ගේ සිතුම් බලන්න. මේ ලොව සියළු ම තරුණියන් සිහින දකින්නේ තම ප්‍රේමවන්තයා ගේ නමින් වූ මංගල මුදුව අත දරා සිටීමටය. ඇයට ඒ වාසනාව හෝ හිමිකම නැත. ඇය ළතැවුළින් යුතුව කියන්නේ ඇය ඔහු ගේ ගත සුසුමක් ම පමණක් බවය. එනම් තමා ඔහුගේත් නොලබන පැතුම බවය. ගතින් පිටවී යන සුසුම නොරැදි යනවා සේමැ, තම සෙනෙහසට ද සම්මත ලොව තුළ රැදී පැවතීමක් නොමැති බව ඇය මෙනෙහි කරයි.[/FONT]

    [FONT=&quot]මට නැති වනුයේ හිමි සද සමගින් දූ දරුවෝ[/FONT]
    [FONT=&quot]මුලු ජීවිතය ම අත්වැල් බැද ගෙන ආ මා සෙවනට මට දෙන්න දෙන්න ඔහු......[/FONT]

    [FONT=&quot]බිරිද ගේ ළතැවිල්ල ඔහු මේ අසම්මත පෙම නිසා කුටුම්භය විනාශ වී යාමය. ඇය ඔහු ගේ අසම්මත පෙමින් ඉල්ලන්නේ ඔහු තමා සෙවනට ම දෙන ලෙසය.......[/FONT]

    [FONT=&quot]ජීවිතය පුරාමා ඔහු ළග......[/FONT]

    [FONT=&quot]සම්මතයේ දී ඔහු තමා ගේ බව බිරිද දනී. ඔහු සම්මතය තුළ ඇය අත්නොහරින බව ද ඇය දනී. එනිසා ඇයට ඔහු ඇය හැර යාමේ බියෙක් නැත. එනිසා ය මේ උදානය ඇය ගේ.[/FONT]

    [FONT=&quot]මා සිත සපුරා ඔහු මා ළග..............[/FONT]

    [FONT=&quot]අසම්මත ප්‍රේමයේ පෙම්වතිය ද ඔහු තමා හැර නොයන බව දනී. ඒ ඇය ගේ උනුසුම් රා නිශ්‍රිත ආලයේ පහන්සිලෙහි ගැටෙන පළගැටියා ඔහු බව ඇය දන්නා හෙයිනි. ඔහු ගේ බිරිදට එවන් රාග නිශ්‍රිත උනුසුම් වූ ආලයක් ලබා දිය නොහැකි බව ද ඇය දනී. මෙනිසා ය පෙම්වතිය ගේ උදානය මෙසේ වන්නේ.[/FONT]

    [FONT=&quot]ඔබ ද මා ද ප්‍රියම්භිකා ඔහු ගේ....................[/FONT]

    [FONT=&quot]දෙනොට ම අවැසි වන්නේ ඔහු ගේ සත්‍ය පියඹ වීමටය. නමුත් මේ ළදුන් දෙදෙනා ම රැවටිල්ලකට ලක්ව ඇති බව ය අසන ශ්‍රාවකයාට ආරම්මණය වන්නේ........[/FONT]

    [FONT=&quot]අප කදුළු සිනා ඔහු වෙනුවෙනි.....[/FONT]
    [FONT=&quot]අපි සිනාසෙමු ඔහු ගෙ නාමයෙන් වැළපෙමු........[/FONT]

    [FONT=&quot]සත්‍ය ලෙසට ම සෙනෙහස වෙනුවෙන් , එය සම්මත වුව ද අසම්මත වුවද, අප පෙම්වතියන් සහ බිරින්දන් කෙතරම් ළතැවුල්කට පත්වනවා ද යන්න පිළිබද සියුම් වූ ශෝකයක් අවසන දී අප හද තුළ රැදවීමට මේ ගායනය සමත් වෙයි.[/FONT]

    [FONT=&quot]මේ ගායිකාවන් දෙපළ ම, සමිතා සහ මරියසෙල්, උච්ච හඩවල් වලට හිමිකාරියෝය. සමිතා සුභාවිත මට්ටමේ ගීත ගයා තිබුණ ද මේ සුන්දර හඩෙහි අනෙක් හිමිකාරිය වු මරියෙසෙල් සුභාවිත ගායන පරාසය තුළ සෙවීමට උගහට වන්නේ, ශ්‍රාවක අපේ පූර්ව අකුශලයක් ම වන නිසාවෙන් බව මම සිතමි. ඇය ගැයූ “සිහින නෙලුම් මල”, “වත්සලා” සහ “කුමරාණෙනි නැති දෝ දන්නේ” වැනි ගීත සුභාවිත ගීයෙහි මනරම් වූ මං සළකුණුය. නමුත් ඇය “චොකා බයිලා” කියමින් සිය කටහඩ අකාලයෙහි විනාශ කර ගන්නා බව මගේ පෞද්ගලික හැගීමය.[/FONT]

    මේ සින්දුවත් හරිම ලස්සනයි..ගොඩක් ස්තුතියි මේ සින්දුව ගැන කිව්වට:D