නියම පොත ක් ප්‍රසන ගොඩකට මේකේ පිළිතුරු තියනවා . හැමෝම කියවනවානම් වටිනවා . පොතේ අවසානයේ පිටු අඩුයිද?
ඒ වගේ දැනෙනවා . බලමු අපි මේක පොස්ට් කරපු සහෝදරයාගෙන් අහල.
නියම පොත ක් ප්‍රසන ගොඩකට මේකේ පිළිතුරු තියනවා . හැමෝම කියවනවානම් වටිනවා . පොතේ අවසානයේ පිටු අඩුයිද?
රොබෝට් අයියට යන තොප්පියකට බම්ප් එකක් විදිහට
වැදී යකුන් ගැන නම් අහල නැ. හැබෙයි ලාංකීය වැදී ජනයා තමන්ගේ මියගිය ඥාතීන් නැ යකුන් පිදීම කියල නම් කරනවා.![]()





කලින් මම නුල කීප සැරයක් දැක්කට රෑ වෙලා හින්ද කියවන්න ගියේ නේ
අද හොඳට අතපය දිගහැරලා කියවන්න ගත්ත
දැන් 70 පිටුවට එනකන් කියෙව්වා වෙලාව රෑ 11.06 අද දවසට විරාමයක් තියන්න හිතුව.
මෙච්චර දෙයක් මම කලින් දැනගෙන හිටියේ නැහැ. නමුත් සුළුම සුළු දැනුමක් මෙ සම්බන්දව මටත් තියෙනවා
ඒ ඔක්කොම එක්රැස වුනේ මේවගේ ලිපි වැඩසටහන් සාකච්ච හරහා තමයි.
ඉතං රොබොට් අයිය ඇතුළු මෙතක් කල මේ නුල ගේනවා හැමෝටම පින් දෙනගමන් මම නවතිනවා අපහු හෙට එනවා




කෝසල සහෝ...
මම බොලා ඔක්කෝටම කිව්ව නේද මගේ කතාවට හොටදාන්න එපා කියල...... දැන් ඉතින් කරන්න දෙයක් නෑ උඹ මගේ කට ඇවිස්සුවා
..........
හ්ම්ම්...... දැන් තමයි අර ප්‍රශ්ණයට පිළිතුර..........
මම ඉතා ප්‍රවේසමෙන් මේ තත්වය පැහැදිලිකරල දෙන්නම්...... මම මේවගේ දේවල් විවාදයට ගේන්න අකමැති, ඉන් මිසදිටු අදහස් ඇතිවියහැකි නිසා......ඉතින් මම මගේ මිසදිටු අදහස් අයින් කරල ඉතා පරිස්සමින් මේ දෙය පැහැදිලිකරන්නම්.......
උඹල අපි අහලතියෙන විදියට බුදුගුණ කිව්වහම යක්කු භූතයො පැත්තෙ ඉන් නැතිව දුවල යනව කියල මතයක් අපේ ඔලුවලට කවුදෝ මන්ද දාල තියෙනව.... ඒක හරියට නයාට භූමිතෙල් දැම්ම වගේ වැඩක්..... *(නයා කඩන් බිඳන් යනව).........
ඒ සමාජගත අර්තකථනය මාගේ පෞද්ගලික මතයට අනුව බුදුදහමටත් පටහැනියි.......
කොහොමද බුදුදහම කෙනෙකු බයකරන්න යොදාගන්නෙ?? බුද්ධ ධර්මය සර්ව අවිහින්සාවදී දේශණයක්...... ඉතින් කොහොමද බුදුගුණ කිව්වහම යක්කු බයවෙලා දුවල යන්නෙ????
එහෙම බලයක් තියෙනවනම් බුද්ධ දේශණයේ "ආලවක දමනය" වෙනුවට "ආලවක බයකොට පලවාහැරීම" කියල තියෙන්න එපැයි?????අනික, ආලවක කතාවේ ආලවක යකු බුදුන්ට තර්ජනය කරන අවස්තාවකුත් තියෙනව.........
මාගේ සොයාබැලීම් වලට අනුව මොන ආගමේ මොකා මළත් එම ජීවියාගේ *(පන ඇති සියලු සත්තුන්ට පොදුයි) අවසන් සිතිවිල්ල අනුව උගේ ඊලඟ ප්‍රතිසන්දිය තීරණය වෙනව....... කාටත් වඩා පින්කම් කල බින්බිසාර රජතුමා *(මතක හැටියට) මරණින් පසු පිඹුරෙක් වී ඉපදෙන්නෙත් ඒ සිද්දාන්තයට අනුව....
ඉතින් එම ප්‍රතිසන්දිය (නැවට උප්පත්තිය) පහල අමනුශ්ය තලයක සිදුවුනොත් ඔවුන් මේ විශ්වය පුරා කරන සැරිසැරීම් වලදී තේරුම් ගන්නව තමුන්ට ගොඩයන්න තියෙන එකම සරණ බුදු සරණ පමණයි කියන එක............. *(මළාට පස්සේ දෙවියන් වහන්සේ හොයහොය ගිහින්, හොයාගන්න බැරිව ආත බූත වෙච්ච ආත්ම අනන්තවත් මට හම්බවෙලා තියෙනව...... මෙතනට ආගම් පටලවගන්න ඕන නැති නිසා අපි ඒගැන කතා නොකර ඉමු)
ඉතින් මේ අමනුශ්‍යයන් (මම කියන්නේ ගොඩ එන්න දඟලන උන් ගැන විතරයි....... ආත භූත නැති චාටර් උන් අනික් උන්ට පවු දිදී ඉන්නව...... ඒත් ඉතින් අන්තිමේදි ඔක්කෝම ඇතිවුනාම ගොඩඑන්න තියෙන්නෙ බුදු සරණ පමණයි.
) තමුන්ගේ තත්වය උසස්කරගැනීමට හා එම පහත් භව වලින් මිදෙන්න බුදු බණ, පින් උපයෝගීකරගන්නව.
මට රතනසූත්‍රය ගැනත් ටිකක් කියන්න ඕන..... මෙය දේශනා කළේ විසාලා මහනුවර පැතිරුන රෝග,අමනුශ්ය හා දුර්භික්ශ බිය සමනයකරන්න....... මෙතැනදී මට මොනම අවස්ථාවකවත් කියවන්න හමුවුන් නෑ එම පිරිත නිසා අමනුශ්‍යයින් පැනල ගියපු බවක්.....
මගේ හැඟීමට අනුව මෙම සූත්‍රය ඇසීමෙන් පහත් තලවල හිටිය අමනුශ්‍යයන් එම තලවලින් මිදී ඉහල තල වලට පැමිනීමත්, ධර්මයට අකමැති උන් එම ස්ඨානයෙන් පිටවීම හෝ නිසොල්මන්ව වාසය කිරීම සිදුවිය හැකියි......(මනුශ්‍යයන්ට කරදරයකින් තොරව)
ඉතින් ඉහත කරුණු සැලකීමට ගැනීමෙන් මම ආ නිගමණය නම්........ ඕනම විටෙක අපට බුදු ගුනෙන් ආරක්ශාවක් සැලසාගතහැකියි.......අමනුශ්‍යයන්ගේ අනවශ්‍ය හදිසි හැසිරීම් නිශ්ක්‍රීය කිරීමක් මගින්.........(මොකද බුදු දහම පරම සත්‍ය නිසා) ඒත් විවිද භන්දනයන් සමහර අවස්ථාවල ඉතා ප්‍රභල විය හැකියි..... ඇත්ත...... අවසානයේ බුදු මග ජයගන්නවා තමයි...... නමුත් මම කියන්නේ ඉතා සීමිත මොහොතකට........... ඒකයි කොච්චර පින්වන්තයනුත් ගුරුකන් අනවින නිසා අකාලයේ මැරිල යන්නේ..... (හොඳම උදාහරණය මගේ සීයාගේ මරණය ). *(මෙම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රය ඉතා පැරණි ඒවගේම ඉතා බලගතු දෙයක්..... වෙන එකක් තියා සිදුහත් කුමරු බුදුවන බවට, කුමරුගේ උපතේදීම නක්ශස්ත්‍ර කරුවන් පවසල තිබුන මතකනෙ)
ඉතින් එදා සිද්දිය මහේ ඇසින් බලන විට එදා ඌට උගේ යක්ශ ශක්තියපරදවා බුද්ධ ශක්තිය නැගී සිටීමත්.......රතන සූත්‍රයේ ආනුභාවයෙන් එය අසාසිට නිවෙසින් පිටවීමත් ලෙසට එය ගැලපිය හැකියි..........
මම කියන්න නොසිතපු කරුණු ගොඩක් කිව්ව...... උඹලට නොකියන ගොඩක් දේ හිතේ තියෙනව..... ඒකයි එකපාරටම මේ කතාව මම ඉවරකරන්නේ...... මේ කෙටි අර්තකතනයත් ටිකක් ආන්දෝලනාත්මක වෙන්න පුලුවන්...... අන්තිමට කට්ටිය මාව දේවදත්ත ගානට දායිද කියලත් සැකයි...... මේ මගේ අදහසක් පමණයි....... නිගමණයක් නොවේ...... තාමත් මම මේ සම්භන්දව කරුනු සොයමින් පවතිනව...... ඒත් මට මේ සිද්දිය කියල පිලිගන්න පුලුවන් උත්තරයක් ගන්න අයෙක් තාම හම්බවුන් නෑ..........
රොබොට් අයියා.......