එළකිරි භූත කොටුව.........

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නියම පොත ක් ප්‍රසන ගොඩකට මේකේ පිළිතුරු තියනවා . හැමෝම කියවනවානම් වටිනවා . පොතේ අවසානයේ පිටු අඩුයිද?

    ඒ වගේ දැනෙනවා . බලමු අපි මේක පොස්ට් කරපු සහෝදරයාගෙන් අහල.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කොග්ගල නිලමේ පොත නම් නියමයි. ඉතුරි ටික හොයාගන්න එක තමයි අමාරු. ෂෙයාර් කරපු පොල්වත්ත ට ගොඩක් ස්තූත්යි.
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    රොබෝට් අයියට යන තොප්පියකට බම්ප් එකක් විදිහට :oo::oo::oo::oo:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    වැදී යකුන් ගැන නම් අහල නැ. හැබෙයි ලාංකීය වැදී ජනයා තමන්ගේ මියගිය ඥාතීන් නැ යකුන් පිදීම කියල නම් කරනවා.
    :no::no::no:

    යකුනේ...

    රාවනා පරපුරෙන් පැවත එන හිරු දෙවියන් පුදන තොපි අපි ඔක්කොම යක්කු තමයි බොලව්


    අපි කාගෙත් මහයකා තමා බොලව් ඉර දෙවියෝ.

    :growl:
     
    Last edited:
    • Like
    Reactions: ninenet9

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    ඕං දැන් තමයි මේ ත්‍රෙඩ් එක කියවල ඉවර කලේ. කතා ලියපු, උත්තර දීපු, උදව් කරලා ත්‍රෙඩ් එක අරගෙන ගිය අයටත් රොබොට් අය්ය ටත් ස්තුතිය.

    ජය!
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රොබොට් භූත කොටුව පැත්තේ ඇවිත් අත්දැකීමක් දාපන්කෝ . මේ දවස්වල භූතයෝ නිවාඩු ගිහින් වගේ.
     
    • Like
    Reactions: ColdBreath

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    මේ තෙරෙඩ් එක පවත්වගෙන යන රොබට් සහ අනිත් යාළුවො හැමෝටම බොහොම ස්තුතියි.


    මේ ලියන අත්දැකීම මම හඳුනන කෙනෙකුට උනේ:
    ඔහුට අපි රාජා කියල කියමු. ගම් පලාත උතුරු කරයේ. රාජා හින්දු භක්තිකයෙක්.

    මේ සිද්ධිය උනේ 199_ වසරෙ රාජා පේරාදෙණිය සරසවියෙ, කෘෂි විද්‍යාපීඨයෙ ඉගෙනගන්න කාලෙ. ඒ කාලෙ ඔහුත් ඔහුගෙ බැච් එකේ අයත් පළමු වසරෙ. එයාලව training දාල තිබුන පීඨයට අයත් මහ ඉලුප්පල්ලම පිහිටි sub-campus එකේ. අවුරුද්දකට ආසන්න කාලයක් ඔවුන් මහ ඉලුප්පල්ලම තියෙන හොස්ටල් වල තමයි ඉඳල තියෙන්නෙ.

    කොහොම හරි ඔන්න එක විභාග කාලෙක දවසක් රාජා පාඩම් කරන්න හිතාගෙන එයාගෙ හොස්ටල් එකේ අනිත් උන්ට කලින් ඇහැරුනාළු. වෙලාව අළුයම 4.00 ට විතර ඇති.

    කාමරේ උන් ඇහැරෙන නිසා brush එකට toothpaste දාගෙන රාජා කාමරෙන් එළියට ආවලු. මුළු ගොඩනැගිල්ලම පාළුයි ලු. ඔක්කොමල නිදි.
    මූ දත් මැද මැද හොස්ටල් එකේ ඉදිරි දොර ලඟට ආවලු. හොස්ටල් එක තියෙන්නෙ වෙල් යායක් මැද්දෙ. ගෙයක් පේන තෙක්මානෙක නෑ ලු. පලාතම අඳුරුයි ලු.

    ටිකක් වෙලා දත් මැද මැද ඉන්නකොට මූ දැක්කලු හොස්ටල් එකේ වත්තෙ වද මල් පඳුරු අතරින් සුදු පාට ඇඳුමක් ඇඳගත්ත කෙනෙක් ඉන්නවා. බලාගෙන ඉන්දැත්දිම ඒ රූපෙ ටික ටික විශාල උනාලු. ඊට පස්සෙ පොළොවෙන් උඩට පා උනාළු. වචනයක් වත් කථා කලේ වත්, මූට හානියක් කලේ වත් නෑලු.

    මූ හොඳටම බය වෙලා කෙලින්ම කාමරේට දුවල ගිහින්. රූම් එකේ උන්ට කිසි දෙයක් කියල නෑ. එළිය වැටිච්ච ගමන් පොර ලෑස්ති වෙලා ගෙදර ගිහින්.
    ලඟ එන එක්සෑම් එකට මූ එන පාටක් නැති නිසා යාළුවො ටික මූට මොකද උනේ කියල බලන්න උගෙ ගෙදර ගිහින්. එතකොට තමයි සීන් එක මූ කියල තියෙන්නෙ.

    මම අහල තියෙනව මෙහෙම රූපයක් පාන්දරට ගොවි බිම් අසල ඉන්නවා කියල.

    මේ පහලින් තියෙන්නෙ ඒ මහ ඉලුප්පල්ලම හොස්ටල් එකේ පින්තූරයක්.


    picture.php
     
    Last edited:

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    විස්වාස කරනවනම් විස්වාසකරන්න මම අද උදේ ඉඳං මේ නුල එක හුස්මට කියවනවා කියවනවා.:yes::yes::yes::baffled::baffled: කලින් මම නුල කීප සැරයක් දැක්කට රෑ වෙලා හින්ද කියවන්න ගියේ නේ:P අද හොඳට අතපය දිගහැරලා කියවන්න ගත්ත:D දැන් 70 පිටුවට එනකන් කියෙව්වා වෙලාව රෑ 11.06 අද දවසට විරාමයක් තියන්න හිතුව.:) මෙච්චර දෙයක් මම කලින් දැනගෙන හිටියේ නැහැ. නමුත් සුළුම සුළු දැනුමක් මෙ සම්බන්දව මටත් තියෙනවා:) ඒ ඔක්කොම එක්රැස වුනේ මේවගේ ලිපි වැඩසටහන් සාකච්ච හරහා තමයි.:yes: ඉතං රොබොට් අයිය ඇතුළු මෙතක් කල මේ නුල ගේනවා හැමෝටම පින් දෙනගමන් මම නවතිනවා අපහු හෙට එනවා:love::love::love:;);)

    :frown: කෝසල සහෝ...
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    පොල්වත්ත මහත්තයෝ, ජල නන්දන දැහැන කියන්නේ මොකද්ද? පුළුවන්න නම් මට PM කරනවද කොපියක්.

    මම දැකල තියෙනවා සමහර පිරිත් පොත් වල තියෙන්නෙ ජල නන්දන පිරිතේ ගාථා කීපයක් අඩුවෙන්. ජල නන්දන පිරිතේ ගාථා 9ක් තියෙනවා. ජල නන්දන පිරිත කියන්නෙ ඕනෑම නපුරු බන්ධනයක් ඉවත් කළහැකි පිරිතක්.
     
    Last edited:

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    රොබොට් අය්යේ මොකෝ කියන්නේ කතාවක් දානවද නැත්නම් අපි එන්නද කතාවක් අහන් යන්නත් එක්ක ඔය පැත්තෙ? :angry::angry::angry:
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0

    මම බොලා ඔක්කෝටම කිව්ව නේද මගේ කතාවට හොටදාන්න එපා කියල:angry::angry::angry:...... දැන් ඉතින් කරන්න දෙයක් නෑ උඹ මගේ කට ඇවිස්සුවා;)..........

    හ්ම්ම්...... දැන් තමයි අර ප්‍රශ්ණයට පිළිතුර..........

    මම ඉතා ප්‍රවේසමෙන් මේ තත්වය පැහැදිලිකරල දෙන්නම්...... මම මේවගේ දේවල් විවාදයට ගේන්න අකමැති, ඉන් මිසදිටු අදහස් ඇතිවියහැකි නිසා......ඉතින් මම මගේ මිසදිටු අදහස් අයින් කරල ඉතා පරිස්සමින් මේ දෙය පැහැදිලිකරන්නම්:dull:.......

    උඹල අපි අහලතියෙන විදියට බුදුගුණ කිව්වහම යක්කු භූතයො පැත්තෙ ඉන් නැතිව දුවල යනව කියල මතයක් අපේ ඔලුවලට කවුදෝ මන්ද දාල තියෙනව:confused:.... ඒක හරියට නයාට භූමිතෙල් දැම්ම වගේ වැඩක්..... *(නයා කඩන් බිඳන් යනව).........
    ඒ සමාජගත අර්තකථනය මාගේ පෞද්ගලික මතයට අනුව බුදුදහමටත් පටහැනියි:yes:.......
    කොහොමද බුදුදහම කෙනෙකු බයකරන්න යොදාගන්නෙ?? බුද්ධ ධර්මය සර්ව අවිහින්සාවදී දේශණයක්...... ඉතින් කොහොමද බුදුගුණ කිව්වහම යක්කු බයවෙලා දුවල යන්නෙ????

    එහෙම බලයක් තියෙනවනම් බුද්ධ දේශණයේ "ආලවක දමනය" වෙනුවට "ආලවක බයකොට පලවාහැරීම" කියල තියෙන්න එපැයි?????:rolleyes: අනික, ආලවක කතාවේ ආලවක යකු බුදුන්ට තර්ජනය කරන අවස්තාවකුත් තියෙනව.........:rolleyes:

    මාගේ සොයාබැලීම් වලට අනුව මොන ආගමේ මොකා මළත් එම ජීවියාගේ *(පන ඇති සියලු සත්තුන්ට පොදුයි) අවසන් සිතිවිල්ල අනුව උගේ ඊලඟ ප්‍රතිසන්දිය තීරණය වෙනව....... කාටත් වඩා පින්කම් කල බින්බිසාර රජතුමා *(මතක හැටියට) මරණින් පසු පිඹුරෙක් වී ඉපදෙන්නෙත් ඒ සිද්දාන්තයට අනුව....:dull:
    ඉතින් එම ප්‍රතිසන්දිය (නැවට උප්පත්තිය) පහල අමනුශ්‍ය තලයක සිදුවුනොත් ඔවුන් මේ විශ්වය පුරා කරන සැරිසැරීම් වලදී තේරුම් ගන්නව තමුන්ට ගොඩයන්න තියෙන එකම සරණ බුදු සරණ පමණයි කියන එක:)............. *(මළාට පස්සේ දෙවියන් වහන්සේ හොයහොය ගිහින්, හොයාගන්න බැරිව ආත බූත වෙච්ච ආත්ම අනන්තවත් මට හම්බවෙලා තියෙනව...... මෙතනට ආගම් පටලවගන්න ඕන නැති නිසා අපි ඒගැන කතා නොකර ඉමු)

    ඉතින් මේ අමනුශ්‍යයන් (මම කියන්නේ ගොඩ එන්න දඟලන උන් ගැන විතරයි....... ආත භූත නැති චාටර් උන් අනික් උන්ට පවු දිදී ඉන්නව:growl::growl:...... ඒත් ඉතින් අන්තිමේදි ඔක්කෝම ඇතිවුනාම ගොඩඑන්න තියෙන්නෙ බුදු සරණ පමණයි.:love::love:;)) තමුන්ගේ තත්වය උසස්කරගැනීමට හා එම පහත් භව වලින් මිදෙන්න බුදු බණ, පින් උපයෝගීකරගන්නව.

    මට රතනසූත්‍රය ගැනත් ටිකක් කියන්න ඕන..... මෙය දේශනා කළේ විසාලා මහනුවර පැතිරුන රෝග,අමනුශ්‍ය හා දුර්භික්ශ බිය සමනයකරන්න....... මෙතැනදී මට මොනම අවස්ථාවකවත් කියවන්න හමුවුන් නෑ එම පිරිත නිසා අමනුශ්‍යයින් පැනල ගියපු බවක්:dull:.....

    මගේ හැඟීමට අනුව මෙම සූත්‍රය ඇසීමෙන් පහත් තලවල හිටිය අමනුශ්‍යයන් එම තලවලින් මිදී ඉහල තල වලට පැමිනීමත්, ධර්මයට අකමැති උන් එම ස්ඨානයෙන් පිටවීම හෝ නිසොල්මන්ව වාසය කිරීම සිදුවිය හැකියි......(මනුශ්‍යයන්ට කරදරයකින් තොරව)

    ඉතින් ඉහත කරුණු සැලකීමට ගැනීමෙන් මම ආ නිගමණය නම්........ ඕනම විටෙක අපට බුදු ගුනෙන් ආරක්ශාවක් සැලසාගතහැකියි.......අමනුශ්‍යයන්ගේ අනවශ්‍ය හදිසි හැසිරීම් නිශ්ක්‍රීය කිරීමක් මගින්.........(මොකද බුදු දහම පරම සත්‍ය නිසා) ඒත් විවිද භන්දනයන් සමහර අවස්ථාවල ඉතා ප්‍රභල විය හැකියි..... ඇත්ත...... අවසානයේ බුදු මග ජයගන්නවා තමයි...... නමුත් මම කියන්නේ ඉතා සීමිත මොහොතකට........... ඒකයි කොච්චර පින්වන්තයනුත් ගුරුකන් අනවින නිසා අකාලයේ මැරිල යන්නේ..... (හොඳම උදාහරණය මගේ සීයාගේ මරණය ). *(මෙම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රය ඉතා පැරණි ඒවගේම ඉතා බලගතු දෙයක්..... වෙන එකක් තියා සිදුහත් කුමරු බුදුවන බවට, කුමරුගේ උපතේදීම නක්ශස්ත්‍ර කරුවන් පවසල තිබුන මතකනෙ)

    ඉතින් එදා සිද්දිය මහේ ඇසින් බලන විට එදා ඌට උගේ යක්ශ ශක්තිය:growl::growl: පරදවා බුද්ධ ශක්තිය නැගී සිටීමත්.......රතන සූත්‍රයේ ආනුභාවයෙන් එය අසාසිට නිවෙසින් පිටවීමත් ලෙසට එය ගැලපිය හැකියි..........:yes:

    මම කියන්න නොසිතපු කරුණු ගොඩක් කිව්ව...... උඹලට නොකියන ගොඩක් දේ හිතේ තියෙනව..... ඒකයි එකපාරටම මේ කතාව මම ඉවරකරන්නේ...... මේ කෙටි අර්තකතනයත් ටිකක් ආන්දෝලනාත්මක වෙන්න පුලුවන්...... අන්තිමට කට්ටිය මාව දේවදත්ත ගානට දායිද කියලත් සැකයි:oo:...... මේ මගේ අදහසක් පමණයි....... නිගමණයක් නොවේ...... තාමත් මම මේ සම්භන්දව කරුනු සොයමින් පවතිනව...... ඒත් මට මේ සිද්දිය කියල පිලිගන්න පුලුවන් උත්තරයක් ගන්න අයෙක් තාම හම්බවුන් නෑ..........

    :frown:රොබොට් අයියා.......

    ඔන්න මමත් හොට දැම්ම. බොලා වල්මත්වෙලා දඟලනකොට මගේ පපුව පත්තුවෙලා යනව බොලවු.

    ඔය යක්කු භූතයො ඉන්නව බුදු අණටත් ඉහලින් යන්න දඟලන. බුදුන් කෙරෙහි නොපැහදුනු යකුන් ඉන්නා බව මින් පසක් කරගන්න පුළුවන්. ඒක නිසා තමයි ආටනාටිය පිරිත දේශණා කරල තියෙන්න. කට්ටියම හොයාගෙන කියෙව්වොත්, පරිහරණය කලොත් හොඳයි. කෙටියෙන් කිව්වොත්;

    ඔය පහළ තළවල ඉන්න යක්කු, භූතයො ඔක්කොම සතර වරම් දෙවිරජවරුන්ට යටත්. උන් වහන්සේල යටතෙ බලවත් සම්‍යක්දෘශ්ඨික යක්ශ සේනාවක් ඉන්නව. ඔවුන් තමා පහළ තළවල ඉන්න එවුන්ව ආණ්ඩුමේච්චල් කරන්නෙ. ඔවුන්ම තමා ශක්‍ර දෙවියන්ටත් ආරක්ශාව සපයන්නේ අසුර සේනාවන්ගෙන්. ඉතින් ආටනාටිය පිරිතේ සතරවරම් දෙවියන් සත් බුදුවරුන් නමැදලා, තමන්ගෙ යක්ශ සේනාවට උපදෙස් අවවාද දෙනව මෙන්න මෙහෙම;

    "උතුම් වූ ත්‍රයිලෝතිලක අමාමෑණී බුදුපියානන් වහන්සේ සරණ ගිය භික්ෂුවක්, භික්ෂුණියක්, උපාසකයෙක්, උපාසිකාවක් කෙරෙහි දුශ්ඨ චේතනායෙන් කිසියම් කරදරයක්, හිරිහැරයක්, අපහසුවකට ලක් කිරීමක් කරන්නේද, ඒ යක්ෂ, ගාන්ධර්ව, කුම්භාණ්ඩයනට, නාගයනට සතරවරම් දෙවියන්ගේ රාජධානියෙහි වාසස්ථාන නොලැබෙන්නේය, යක්ශ සමාගමයන්වෙත යන්නට අවසර නැත්තේය, එම රාජධානීන්ගෙන් ආවහ විවාහ කරගන්නට නොලැබෙන්නේය, ඔවුන් රාජධානියෙහි අනෙකුත් අමනුශ්‍යයන්ගෙන් පරිභව ලබත්, රාජධානියෙහි අනෙකුත් අමනුශ්‍යයන් ඔවුන්ගේ හිසට හිස්වූ ලෝහ පාත්‍රයන් යටිකුරු කොට හෙළත්, එයිනුදු නොනැවතී උහු හිස, සත් කඩකට පළන්නේය."

    ඊළඟට සතරවරම් දෙවිරජවරුන් කියනවා; "ඔවුන්ටත් සතුරු වූ, ඔවුන්ගේ අණටත් අකීකරු අමනුශ්‍යනන් සිටින බව. එබඳු අමනුශ්‍යයන්ගෙන් හිරිහැරයක් උතුම් වූ ත්‍රයිලෝතිලක අමාමෑණී බුදුපියානන් වහන්සේ සරණ ගිය භික්ෂුවක්, භික්ෂුණියක්, උපාසකයෙක්, උපාසිකාවක ට සිදුවන්නේ නම් ඒ බව හඬනඟා යකුනට, මහ යකුනට, යක්ශ සෙනාපතියන්හට, මහ යක්ශ සෙනාපතියන්හට දැනුම් දිය යුතු බව." එසෙ දැනුම් දිය යුතු යකුන්, මහ යකුන්, යක්ශ සෙනාපතියන්, මහ යක්ශ සෙනාපතියන් ගේ නම් මේ සූත්‍ර දේශනාවෙ දක්වා තිබෙනවා. කියවලම හොයාහනිල්ලා.

    ඔන්න ඔය වරම් දීම තමයි ඕනම අමනුශ්‍යයෙක් උතුම් වූ ත්‍රයිලෝතිලක අමාමෑණී බුදුපියානන් වහන්සේ සරණ ගිය භික්ෂුවක්, භික්ෂුණියක්, උපාසකයෙක්, උපාසිකාවක කෙරෙහි බය උපදවාගන්න එක හෙතුවක් වෙන්නේ. අනිත් හේතුව තමයි උතුම් වූ ත්‍රයිලෝතිලක අමාමෑණී බුදුපියානන් වහන්සේ සරණ ගිය භික්ෂුවක්, භික්ෂුණියක්, උපාසකයෙක්, උපාසිකාවක රකින්නා වූ නොකැඩෙන ශීල ගුණය.

    කරුණු පැහැදිලි විනැයි සිතමි. ඔබ සැමට තෙරුවන් සරණයි.
     
    Last edited:
    • Like
    Reactions: Elysium