OLED ගැන_දන්නවද?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මොකක්ද මේ OLED තාක්ෂණය කියන්නෙ?

    Organic Light Emitting Diode කියන එක තමා ඔය කෙටියෙන් OLED කියන්නේ. මේක පරිගණක, ජංගම දුරකථන, කැමරා, ගීත ධාවක (MP3 Players) ආදී බොහෝ උපකරන වල තිර (Display) සදහා බාවිතාකරන නවතම තාක්ෂණයක්. විදුලි ධාරාවක් ලබාදුන්නම ආලොකය විමෝචනය කිරීමේ හැකියාව තියන Organic නැත්නම් ඓන්ද්‍රීය (කාබන් මූලික) අමුද්‍රව්‍යය උපයෝගී කරගෙන තමයි මේ OLED නිර්මානය කරල තියෙන්නේ. මෙන්න මේ හේතුව නිසා OLED තිරවල LCD තිරවලදි වගේ Back light එකක් බාවිතා වෙන්නේ නෑ. මේනිසා විශාල ලෙස විදුලිය ඉතිරිවෙනව විතරක් නෙවෙයි ඉතාමත්ම තුනී තිර නිශ්පාදනයට ඉඩ ලැබෙනව. කොයිතරම් තුනීද කියනවනම් මේ OLED නැනෝමීටර් 100ත් 500ත් අතර ගනකමක් ඇතිව තමා නිශ්පාදනය වෙන්නේ. ඒ කියන්නෙ කෙස් ගසකින් 200කින් පංගුවක් තරම් ගනකමට. කලින් බාවිතාකල තිර තාක්ෂණයෙදි සම්පූර්න තිරයට තනි Back light එකක් බාවිතා කරනව වෙනුවට මේ OLED තාක්ෂණයේදී තිරයේ එක් එක් පික්සලය සදහා වෙන වෙනම OLED බාවිතා කරනව. මේ හේතුව නිසා ඉතා විශාල විභෙදන බලයක් සහිත (High resolution) තිර සහ විශාල පුළුල් තිර නිශ්පාදනයට මග පෑදිලා තියනව. ඒ වගේම තවත් වාසියක් තමයි මේ OLED තිර මගින් ලබාදෙන ඉතාමත් සුපැහැදිලි වර්ණ.

    කොහොමද මේ OLED වැඩකරන්නෙ?


    මූලිකවම OLED එකක කැතොඩයක් (ඉලෙක්ට්‍රෝන ලබාදීමට), විමෝචක ස්ථරයක් (අනුක කාබනික ස්ථරය) සහ ඇනොඩයක් (ඉලෙක්ට්‍රෝන ලබාගැනීමට) අන්තර්ගත වෙනව. තිරයේ කාර්යක්ෂමතාව වැඩිකිරීම සදහා අතැම් තිරවල මීට වඩා වැඩි ස්ථර ගනනක් බාවිතා උනත් මේක තමා OLED තිර වල මූලිකම ව්‍යුහය. මෙන්න මේ ඇනෝඩය සහ කැතොඩය අතර විභව අන්තරයක් ඇතිකලාම ඒ අතර තැම්පත් කරල තියන කාබනික ස්තරය හරහ ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන්කරද්දි තැම්පත් කරල තියන අනුක කාබනික ද්‍රව්‍යයට හා එහි ව්‍යුහයට අදාල වර්ණය විමෝචනය කරනව.

    StructureofOLED.jpg


    OLED තිර හදන්නෙ කොහොමද?


    මේ OLED තිර නිශ්පාදනය පියවර කීපයක් ඔස්සේ සිදුවෙනව. උප ස්ථරය පිරිසිදුකර පරිපථ ස්ථරය සැකසීම, අනුක කාබනික ස්ථරය ඇතිරීම සහ ක්‍රමානුකූලව නියමිත රටාවට එය සැකසීමත් අවසාන වශයෙන් දූවිල්ලෙන්, වාතයෙන් සහ තෙතමනයෙන් ආරක්ෂාකරගැනීමට වායුරෝධක ලෙස ඇසුරුම මුද්‍රාතැබීමත් සිදුවෙනව. මෙහිදී කාබනික ස්ථරය ඇතිරීමට සහ එය නිසිලෙස සැකසීමට විවධ වූ ක්‍රම භාවතා තරනව. දැනට නිපදවා ඇති OLED තිර සදහා බොහෝසෙයින් භාවිතා කරල තියෙන්නේ vacuum evaporation හෙවත් රික්තයක් තුලදි ඉතා ඉහල උශ්ණත්වයක් යටතේ අදාල කාබනික අමුද්‍රව්‍යය වාෂ්පීබවනයට ලක්කිරීම මගින් තැම්පත් කිරීම. නමුත් ඉතා විශාල තිර සදහා මේ ක්‍රමය තරමක් අසීරු වගේම අසාර්ථකවීම නිසා OLED තිර නිෂ්පාදකයන් laser annealing සහ inkjet printing වගේ පෙර ක්‍රමයට වඩා සාර්ථක ක්‍රම වලට යොමුවෙමින් ඉන්නව. මෙහිද ඇති ඉලෙක්ට්‍රෝඩ අලෝක විමෝචක අනුක කාබනික ස්ථරය හා සම්බන්දවන ආකාරය අනුව OLED තිර ප්‍රධාන වර්ග දෙකකට වෙන්කරන්න පුලුවන්. ඒ තමයි Passive ආකාරය සහ Active ආකාරය වශයෙන්.

    OLED-passive.jpg



    Passive ආකාරයේ OLED තිරවල විමෝචක ස්ථරය දෙපස ඇනෝඩයත් කැතෝඩයත් දැලක් ලෙස සිරස්ව හා තිරස්ව පිහිටනව. මෙහදී ඇනෝඩ හා කැතෝඩ විමෝචක ස්ථරය දෙපස හමුවන ස්ථානවලින් වර්ණවත් ආලෝකය විමෝචනය වීම සිදුවෙනව. මෙම තිර ක්‍රියාකාරී වීමේදී Passive ආකාරයේ OLED තිර සදහා Active ආකාරයේ OLED තිරවලට වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් වැයඋනත් වැඩි විභේදන බලයක් සහිතව සුපැහැදිලි දසුන් ලබාදෙනව. මේ වර්ගයේ OLED තිර බොහෝවිට ජංගම දුරකථන, අත්ඔරලෝසු, MP3 ගීත ධාවක වැනි වැඩි විභේදන බලයක් අවශ්‍ය කුඩා ප්‍රමානයෙ තිර සදහා තමයි භාවිතා කෙරෙන්නෙ.


    OLED-active.jpg



    Active ආකාරයේ OLED තිරවලදී ඇනොඩය TFT (Thin Film Transistor) ලෙස හදුන්වන විශේෂිත සංකීර්න පරිපථ ස්ථරයක් මත තමයි ස්ථාපනය කෙරෙන්නෙ. OLED තිරය ක්‍රියාකරන අවස්ථාවේදී අවශ්‍යය පික්සලයට TFT පරිපථ ජාලය හරහා අවශ්‍යය බලය ලබාදෙනව. මේ වෙනුවෙන් Passive ආකාරයේ OLED තිරවලට වඩා අඩු ශක්තියක් තමා වැයවෙන්නෙ. නමුත් Active ආකාරයේ දී Passive ආකාරයට වඩා විභේදන බලය (resolution) අඩුයි. මේ නිසා බොහෝවිට පරිගණක තිර, රූපවාහිනී වැනි විශාල තිර සදහා තමයි Active ආකාරයේ OLED තිර භාවිතා කෙරෙන්නනේ. දැන් මේ OLED කොයිතරම් දියුනුවෙලාද කියනවනම් විනිවිද පෙනෙන, ඒ කියන්නේ Transparent OLED තිර සහිත රූපවාහිනී යන්ත්‍ර, ජංගම දුරකථන වගේ උපකරන එහෙමත් ලෙදපොලේ තියනව.



    TransparentWindowsPhone.jpg


    TransparentOLEDLaptop.jpg


    FlexibleOLEDDisplay.jpg


    TransparentAppleiphone.jpg



    Introduction to OLED Technology








    මේ තියෙන්නේ SAMSUNG හදපු ලෝකේ පලවෙනි අගල් 55 OLED TV එක.:cool:ගාන $9000 යි.:sorry:


    7169102502_3dfdac5205_z.jpg



    Video









    0f72845cdfe90fb87159e2930d3a4736.gif




    තවත් ෆොටෝස් බලන්න මෙතනින්......







    :cool::cool::cool:
     
    Last edited: