SFද MR ද ?

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    දෙන්නම එකයි. මහින්දට ජන්දේ මිනිස්සු දුන්නෙත් එයා රට හදයි කියලා හිතලයි, ජේ ආර්ට, චන්ද්‍රිකාට,ප්‍රේමදාස මේ ඔක්කොම ගැන මිනිස්සු හිතුවේ මේ විදියටයි නමුත් අන්තිමේදි මිනිස්සුන්ට හුළං තියලා මුන් ඔක්කොම තමන්ගේ සාක්කු පුරවගෙන ගෙදර ගිය එක හෝ රට කාපු එකයි කරේ. කිසිම එකෙක්ට බැරිවුනා රට 1 වෙනි ලෝකයට ගේන්න. රට 1948 නිදහස ලබනකොට හිටපු තැනට වඩා පොඩ්ඩයි තාම ඉදිරියට ගිහින් තියෙන්නේ.
    ෆොන්සේකා කියලා වෙනසක් නෑ.
    හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ වගේ දේශපාලකයන්ගේ හැටි දේශපාලකයන් දේශපාලණයට එන විදියෙන්ම හිතාගන්න පුලුවන්.ෆොන්සේකා ජනාදිපති තැනට දාන එවුන්ම තමයි ඊළගට එයාට බනින්නෙත්. දැන් ෆොන්සේකාව ජනාදිපති තැනට දාලා අවුරුද්දකට පස්සේ මෙතනට එන්න බලන්න. ෆොන්සේකාට ඔය උඩ දාගෙන කඩේ යන සෙට් එකම බනින හැටි එතකොට බලාගන්න පුලුවන්.

    පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ

    රටේ එදා මෙදා තුර වෙල තියන දෙවල් එක්ක බැලුවහම මෙහෙම හිතෙන එක සාධාරණයි. හැබැයි මෙහෙම දෙයකුත් තියනවා චන්ද්‍රිකාව (ඒයා චන්දෙ දින්නෙත් අනුකම්පාවෙන් කරපු මගුලකුත් නැ.) අත ඇරලා අපි ජේ.ර්, ප්‍රේමදාසලා ගැන කතා කලොත් ඇත්තටම ඒ මිනිස්සු රටට දෙයක් කලා ඒක නෑ කියන්න බෑ කාටවත්. හැබැයි රටේ අවාසනාවට කොහෙද දෙන්න්නම වල කජ්ජ ගැහුවා.

    1948 ට වඩා නම් රට ගොඩාක් ඉදිරියෙන් ඉන්නෙ.දැන් ඕනෙ වෙලා තියෙන්නෙ මේ රටේ නීතිය නැවත ස්තාපනය කරන එක. මොකද නීතිය නැති රටක පරිපාලනය අවුල්, පරිපාලනය අවුල් උනහම ඒක එකාට ඕනෙ විදිහට වැඩ කරනවා එහෙම රටක කොහොමද ආර්ථිකය ගොඩ දාන්නෙ.

    ඉතින් මට හිතෙන විදිහට නීතිය හදන්න පුලුවන් නීතිය දන්න විනයගරුක කොන්ද කෙලින් තියන් වැඩ කරන්න පුලුවන් මිනිහෙක්ට විතරයි.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0

    නීතිය විතරක් නෙවෙයි මිනිස්සුන්ගේ ආකල්ප හැදෙන්නත් ඕනේ. ආකල්ප හදන්න බෑ තව කෙනෙක්ට ඒක තම තමන්ම හිතලා හදාගන්න ඕන දෙයක්.