ශ්‍රී ලංකාවේ සිදුවුණු බව කියවෙන යුද අපරාධ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා රජයේ සහයෝගය ලබා දිය යුතු බව සරත් ෆොන්සේකා මහතා පවසයි.![]()
රටේ සමහර නායකයන් යුද්ධය සිදු කැරුණු ආකාරය පිළිබඳ යථාර්ථයට මුහුණ නොදී සැඟවීමට උත්සාහ දරමින් සිටින බවද යුද්ධයේ ප්‍රධාන අණ දෙන නිලධාරීන් ගෙන් අයෙක් වන ඒ මහතා ප්‍රකාශ කළේය.
බන්ධනාගාරයෙන් නිදහස් වීමෙන් පසු බී.බී.සී. සංදේශය සමග ප්‍රථම සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් අදහස් පල කළ සරත් ෆොන්සේකා රටේ සමහර නායකයන් හැසිරෙන ආකාරයෙන් ඔවුන් යම් අපරාධයකට වරදකරුවන් ලෙස හැගී යන බවද කියා සිටියේය.
යුද්ධයේ අවසාන අදියරේ දී සාමාන්‍ය වැසියන් දහස් ගණනක් මියගිය බවට එල්ලවී ඇති චෝදනා ප‍්‍රතික්‍ෂෙප කල ඔහු ශ්‍රී ලංකාව තුළ පවතින, දුෂිත දේශපාලන සංස්කෘතිය, ලෙස හැදින් වූ ප්‍රවණතාවයට එරෙහිව ක්‍රියා කිරීම තම අරමුණ බව ද පැවසීය.
විපක්ෂය එක්සත්ව ක්‍රියා කිරීම වැදගත් බවද පැවසූ ඔහු එහි නායකත්වයට කවුරුන් පත්විය යුතු ද යන්න නොවැදගත් කරුණක් බව අවධාරණය කරයි.
තම නිදහස පිළිබඳ නීතිමය ලියකියවිලි තවමත් දැක නැති බවත් ඉදිරියේදී දේශපාලනයේ නිරතවීමට අවසර තිබේද යන්න තවමත් පැහැදිලි නැතැයි ද සඳහන් කළේය.
විපක්ෂයේ නායකත්වයට පත් කෙරුණහොත් එම තනතුර භාර ගන්නවා ද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ෆොන්සේකා කියා සිටියේ එම තනතුර ලැබුනොත් ප්‍රතික්ෂේප නොකරන බවයි.
*** එලියට අපු ගමන් කරන්නෙ කොටින්ගෙ සුද්දදන්ගෙ අවශ්‍යතා සපුරන එක මොන ද්‍රෝහියෙක්ද මන්ද
pissu h*****....ai yako mu eliyata awa gaman loku kam danna yanawada?...shape eke game ekak denna terenne nati eka kohomada bn war ekak plan kale...mahalokuwata samhara un kiyanwa....eya tamai thriwida hamudawama control kale kiyala....den penawane conrol wena heti....


...pissu bullet ekak...ohoma be mali politics karana...tawa puruduwela enna rajithagen...rajitha thama ready lu kiyala denna....kalin ahuwwe nah ne














