අපි දන්න English ගීත විඳිමු Sinhala ක්‍රමයට [Mega Thread]

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,769
    3,360
    113


    "වට් අර් වර්ඩ්ස් නැමති" ගීය පද රචනය කර තිබෙන්නෙ ඇමරිකානු ජාතික ගී පද රචකයකු හා සංගීතඥයෙකු වන රොඩ්නි ජර්කින්ස් විසින් එ 2010 අග භාගයේ හෝ 2011 මුල් භාගයේ පමණ,රොඩ්නි ජර්කින්ස්ට අනුව ඔහු මෙම ගීතය රචනය කර නැත,ඔහුට එය ඉබෙට රචනය වි ඇත,ඔහුට මෙම ගීතය ලිවිම සඳහා පාදක වි ඇත්තෙ ඇමරිකන් අයිඩල් සිසන් 10 (සිරස සුපර් ස්ටාර වැනි රියැලිටි වැඩසටහනක්) නියොජනය කරමින් 2011 වසරෙහි ප්‍රේක්ෂක ජනතාව අතරට පැමිණ,ජනාදරයට පත් ක්‍රිස් මෙඩිනාගේ හද සසල කරවන පෞද්ගලික කරුණ අලලාය...



    2.gif
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Dirty Diana (නීච ඩයනා) By-Michael Jackson

    Dirty Diana (නීච ඩයනා) By-Michael Jackson

    picture.php


    ඔන්න අදත් ගීතයක් ගෙනාව,මේකත් කට්ටියම අහල ඇති නමුත් කියෙන් කි දෙනෙක් ඔකේ පි‍ටුපස කතාව දන්නවද දන්නෙ නැ...

    මම මුලින්ම මේ ගීතයට නෙමෙයි ඇළුම් කරන්න ගත්තෙ ගීතයේ විඩියෝවට එ වෙන එහෙකට නෙමෙයි ලිසා ඩින්ගේ සුකුමාල සුන්දර ගමනට:) පසු කාලයක තමා ගීතය රස විඳින්න උනේ...මයිකල් ජැක්සන් ගැන සඳහන් කරනවා නම් ඔහු ලෝකයේ සිටි අග්‍රගණ්‍ය වාගේම ශ්‍රේෂ්ඨ ගායකයෙක්...ඇත්තෙන්ම ඔහු ගායකයෙකු,පද රචකයෙකු පමණක් නෙමෙයි චිත්‍ර ශිල්පියෙකුත් වෙනවා,ඔහුට චිත්‍ර ඇඳිමටත් විශාල හැකියාවක් තිබිලා තියනවා...මම නම් හිතෙන්නෙ නැ ඔහු වාගේ කලාකරුවෙක් නැවතත් ලඟකදිනම් පහල වෙයි කියලා (කොපි කැට්ලා මිසක්) හිතනවා ඔයාලත් එක පිලිගන්නවා කියලා...මම නම් ප්‍රර්තනා කරන්නෙ නැවතත් එවැනිම වු සොඳුරු මිනිසෙකු ලෙස ඔහු අප අතර ඉපදෙවා කියලා...

    ගීතයට යමු...

    "ඩර්ටි ඩයනා" (සිංහලෙන් නම් නීච ඩයනා) ගීය පද රචනය කරන්නෙත් ගායනා කරන්නෙත් මයිකල් ජැක්සන්,එ 80 ව දශකයේ අග භාගයේ...ඔහුට මෙම ගීතය ලිවිම සඳහා හෙතු කාරකය වි ඇත්තෙ :oo: ගෘපියක් (Groupie Wikipedia/Groupie Urban Dictionary),කවුද මේ ගෘපිලා කියල බලමු මුලින්ම :dull: ගෘපිලා කියන්නෙ විශේෂයෙන්ම (ප්‍රසිද්ධ ගායකයකුගේ,සංගීත කණ්ඩායමක) ගීත වලට හැකියාවලට වඩා ඔවුන් සමග ලිංගිකව එක්විමේ ලොල්බාවයක් දක්වන උදවිය (මොවුන් බොහෝ විට තුරුණු අවධියේ පසුවන ගැහැණු ළමයි)...එක්තරා විදියකට බැලුවොත් මොවුන් ගණිකාවෝ-වෙනසකට තියෙන්නෙ සල්ලි නොගැනිමයි-ප්‍රසිද්ධ ගායකයොන්ට සිමා විමයි විතරමයි...පසු කාලයක බාබරා වොල්ටර්ස් නැමති ජනමාධ්‍යවෙදිනිය සමග කල සම්මුඛ සාකච්ඡාවකදි ජැක්සන් තවදුරටත් කියා තිබෙන්නෙ මෙය තමා ගෘපියක් පිළිබඳවම ලියු බවත් ඔහුගේ ජිවිත කාලය තුලදි එවන් බොහෝ අය දැක ඇති බවත්ය,එහිදි ඔහු වැඩිදුරටත් කියා තිබෙන්නෙ මෙම ගීයට වෙල්ස් හි ඩයනා කුමරිය නොගාවගත් යුතු බවයි...

    picture.php


    මයිකල් ජැක්සන් වෙල්ස් හි ඩයනා කුමරිය සමග (ප්‍රසංගයක් අතර තුර)

    ලන්ඩනයේ ජැක්සන් විසින් පැවැත්වු එකතරා ප්‍රසංගයකට ඩයනා කුමරියත් පැමිණ තිබෙනවා...මෙම නිසාම (ඇයගේ නාමයට ගෞරව කිරිමක් වශයෙන්) ජැක්සන් විසින් මෙම ගීතය එම ප්‍රසංගයයෙන් කපා හැර තිබෙනවා...එය එසේ කර ඇතැයි සැක පහල වි කුමරිය මෙය ගැන ජැක්සන්ගෙන් විමසු විට,ඔබතුමියට ගෞරවයක් වශයෙන් මා එසේ කලා යැයි පවසා තිබෙනවා,නමුත් එය එසේ නොකරන ලෙසත් එම ගීතය නැවතත් ප්‍රසංගයට ඇතුලත් කරන ලෙසටත් ඇය ඉල්ලා තිබෙනවා...ඇය පසුකාලයක ජැක්සන්ට මෙය ඔහුගේ ගීත වලින් වඩාත්ම ප්‍රිය කරන ගීතයක් බවත් සඳහන් කර තිබෙනවා...


    කවුද මේ ලිසා ඩින්...

    picture.php


    ලිසා ඩින්
    "ඩර්ටි ඩයනා" විඩියෝව රඟ දිමට ඇඳි හම් ඇඳුමින් සැරසි

    ජැක්සන්ගේ "ඩර්ටි ඩයනා" විඩියෝවේ දෙපා ප්‍රදර්ශනයෙන් (ගෘපියෙක් ලෙස) දායක වන කාන්තාව මැයයි,නමින් ලිසා ඩින්,වාර්තා වන අන්දමට බොහෝ දෙනෙකු මෙම විඩියෝව සඳහා යොදා ගැනිමට පරික්ෂා කර තිබෙනවා නමුත් එ සැවොම පරදා ලිසා ඩින් තෙරි තිබෙනවා...(එවකට හොලිවුඩයට තිබුනු ශෝභමානම දෙපා යුගල තිබි ඇත්තෙ ඇයට බවයි සඳහන් වන්නෙ)...ජැක්සන්ගේ අභවයෙන් මාස පහක් ගිය තැන ඇයගේ අභාවයත් සිදු වුනා,එ මහාන්ත්‍රයේ හටගත් පිළිකාවක් හෙතු කොටගෙන:(...

    picture.php


    picture.php


    "ඩර්ටි ඩයනා" විඩියෝවට ඇය විසින් ඇඳි හම් ඇඳුම,ඇයගේ මරණයත් සමගම වෙන්දේසි කිරිමට නෙට් සැන්ඩර්ස් වෙන්දේසි ශාලාවේ මෙම සහතිකයත් සමග තිබි ඇත


    Michael Jackson - Dirty Diana


    වෙවෝ (මෙම ගීතයේ නිල විඩියෝව) ලංකාවට නරඔන්න බැ ප්‍රකාශනය හා සම්බන්ධව තිබෙන ගැටලුවක් නිසා,කෙසේ හෝ කමක් නැ හැකි අයට බැලිමට මම විඩියෝවේ නිල යොමුව මෙතන පල කරනවා...


    Michael Jackson - Dirty Diana VEVO

    වෙනත් යුටියුබ් පරිශිලකයෙකු විසින් අප් කරපු එ විඩියෝවම අපි බලමු ;)...




    Dirty Diana Lyrics


    .........................................


    Michael Jackson Greatest Hits


    picture.php


    Torrent Link

    ****Support The Artists & Buy It If You Like It.****


    Michael Jackson Official Site

    Michael Jackson Official Youtube VEVO Channel

    මොහොතක් සිතන්න...

    මෙම ගීතය ලියා ගායනා කෙරු ජැක්සන්වත්,එම ගීතයට පෙනි සිටි අය වන ලිසාවත්,එම ගීතයට ඇලුම් කල ඩයනා කුමරියවත් අද අප අතර නැත...

    ඔබලා නැවතත් අප අතර ඉපදෙවා!!!


    ස්තුති නැවත මෙවන් වු සොඳුරු ගීයකින් හමුවෙමු...

    .........................................

     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උපරිමයි මමම ඔයාව වර්ණනාකර වැඩක් නෑ.. එතකොට අපි අපේ පිට කසාගන්නවා වගේ බලමු අනිත් අය... මොකද කියන්නෙ කියලා... :D:D:D
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    උපරිමයි මමම ඔයාව වර්ණනාකර වැඩක් නෑ.. එතකොට අපි අපේ පිට කසාගන්නවා වගේ බලමු අනිත් අය... මොකද කියන්නෙ කියලා... :D:D:D

    බොහොම ස්තුති අයියා,ඔයා කරා කියන්නෙ ඔක්කොම කරා වගේ තමා...
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Boru kiyanna oni nehe ne.. mama e sinduwa kalin ahalawath video eka dekalawath nehe.. :sorry::sorry:
    nama dekkahama eka paratama mama diana gena kiyala.. :oo:
    samaharak wita oka kalain ahala dekala thibunath sinduwe pasubima mokakda kiyala kawadawath hoyannathi wei.. :P
    bohoma sthuthiyi bedhagaththata.. :)
    nodanna ayata denaganna.. danna ayata thawath denaganna.. elakiri wage thread eka karagena yanna.. :D :D
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Boru kiyanna oni nehe ne.. mama e sinduwa kalin ahalawath video eka dekalawath nehe.. :sorry::sorry:
    nama dekkahama eka paratama mama diana gena kiyala.. :oo:
    samaharak wita oka kalain ahala dekala thibunath sinduwe pasubima mokakda kiyala kawadawath hoyannathi wei.. :P
    bohoma sthuthiyi bedhagaththata.. :)
    nodanna ayata denaganna.. danna ayata thawath denaganna.. elakiri wage thread eka karagena yanna.. :D :D

    එළකිරි සහෝ ස්තුති ඔබගේ වටිනා අදහසට...:):):)
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    You must spread some Reputation around before giving it to 001flyD again

    සුපිරි මාතෘකාවක් අපිත් දාන්නම්කෝ පස්සේ වේලාවක :), නියමයි මචන් :yes::yes: