Elakiri Biggest Health Thread ๏๏๏๏

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඩෙංගු රෝගය
    dengue_gd.gif
    ඩෙංගු රෝගය ඊඩ්ස් මදුරුවා රෝග වාහකයා කරගත් රෝගයකි මෙම මදුරුවා සුදුපාට ලප සහිත (කොටියකු මෙන් ලප ඇති) මදුරු විශේෂයකි.

    ඩෙංගු රෝගය විවිධ මට්ටම් වලින් හට ගනී.
    1. ඩෙංගු උණ
    2. ඩෙංගු රක්තපාත උණ
    3. ඩෙංගු කම්පන සහලක‍ෂණ


    ඩෙංගු රෝග චාතුර්ථය
    1. උණ
    2. රුධිරය වහනය වීමේ රෝග ලක‍ෂණ
    3. පට්ටිකා අඩුවීම <100,000/mm3
    4. ප්ලස්මා කාන්දු වීමේ රෝග ලක‍ෂණ

    ප්ලාස්මාවට සාපේක‍ෂ රතු රුධිර පරිමාව (PVC) 20% ඉහළ යාම
    රුධිරයේ ඇල්බියුමින් /කොලෙස්ටරෝල් මට්ටම පහළ යාම.
    ප්ලුරාවේ /වෙනත් දේහ කුහර වල තරලය එකතු වීම.

    ඩෙංගු රෝගය වෙනත් උණ රෝග වලින් වෙන් කර හදුනා ගැනීම මුල් දින 2 තුළ තරමක් අපහසු කාර්යයකි. මක්නිසාද යත් ඩෙංගු රෝගයේ රෝග ලක‍ෂණ අනෙක් උණ රෝග වලට සමාන බැවිනි.
    ඩෙංගු උණ රෝගයේ ප්ලාස්මා කාන්දුවක් දැකිය නොහැකි අතර ප්ලාස්මා කාන්දුව සිදුවන්නේ ඩෙංගු රක්තපාත උණ සෑදුණහොත්ය.
    ප්ලාස්මාව දේහ කුහර වලට කාන්දු වීම අවධානම් රෝග ලක‍ෂණයකි.
    රුධිර පට්ටිකා අඩුවීම ඩෙංගු රෝගය පෙන්වන මනා දර්ශකයක් වන අතර රුධිරයේ මුළු පරිමාවට සාපේක‍ෂ රක්තානු පරිමාව ^Packed cell volume&, ඇල්බියුමින් ප්‍රමාණය, කොලෙස්ටරෝල් ප්‍රමාණය මේ සදහා යොදා ගත හැක.

    ඩෙංගු රක්තපාත උණ අවධි 3 කින් යුතුය.
    1. උණ සහිත අවධිය (දින 2 -7)
    බොහෝ රෝගීන්ට තිඛෙන ලක‍ෂණ
    සම/මුහුණ රතු පැහැ ගැන්වීම.
    හන්දි, මාංශපේශී වල වේදනාව.
    හිසරදය

    සමහර රෝගීන්ට තිඛෙන රෝග ලක‍ෂණ
    උගුරේ අමාරුව
    ඇස් රතුවීම
    ඔක්කාරය සහ වමනය

    අක්මාව ප්‍රදේශය ස්පර්ශ කිරීමේ දී ඇති වන වේදනාව ඩෙංගු රක්තපාත රෝගයේ ලක‍ෂණයකි.
    2. අවධානම් අවධිය (දින 1 - 2 කාලයක් පවතී)
    උණ සහිත අවධියට පසු අවධියයි. උණ ගැනීමෙන් තෙවන දිනයේ සිට හත්වන දිනය දක්වා කාලය තුළ
    ඇති විය හැකි අතර වඩාත් සුලභව 4 වන හෝ 5 වන දිනයේ ඇති වේ.
    උණ සීඝ්‍රව අඩුවේ නමුත් රෝගියාට සුවයක් නොදැනේ.
    3. සුවවීමේ අවධිය (දින 3 - 5 කාලයක් පවතී)
    ප්ලාස්මා කාන්දුව නැවතී කාන්දු වූ ප්ලාස්මාව නැවත අවශෝෂණය සිදුවේ.
    රෝගියාට සුවයක් දැනේ.
    ආහාර ගැනීමට රුචියක් ඇතිවේ.
    මූත්‍රා පිටවීම වැඩිවේ.
    සමේ කැසීම හා රතු පසුබිම තුල සුදුපාට ලප ඇති විය හැක.
    සුදු රුධිරාණු වැඩි වේ. ඉන්පසු රුධිර පට්ටිකා වැඩිවේ.

    අවධාම් අවධියේ මැනවින් රෝගියාට ප්‍රතිකාර කිරීම් රෝගියාගේ ජීවිතය බේරාගැනීමට අතිශයින් වැදගත්වේ.
    (හෙදියන්පැය 1/4 කට වරක් පරීක‍ෂා කළ යුතුය.)
    දරුවෙකුට උණ රෝගය තිබේ නම් උණ උෂණත්වමානයකින් මැන සටහන් කර තැබීම වැදගත්ය.පැරසිටමෝල් නිවැරදි මාත්‍රාව ලබා දීමත් පරිසර උෂණත්වයේ පවතින ජලයෙන් පෙගවූ ස්පොන්ජ් එකකින් /රෙදි කැබැල්ලකින් දරුවාගේ ඇගතෙමීමද වැදගත්ය. එමෙන්ම ශරීරයට විවේකයද අවශ්‍යය. දරුවන් උණ ඇති විට පාසල් නොයැවීමත්, වැඩිහිටියන් වැඩටනොයාමත් අවශ්‍යය.
    පළමු දින 2 තුළදී ප්‍රමාණවත් ලෙස සේලයින් /පාන වර්ග ලබා දී රෝගියා විජලනයෙන් ආරක‍ෂා කළ යුතුය. (උදා: වමනය කිරීමෙන් ශරීරයෙන් ඉවත් වන ජලය සේලයින් /පාන වර්ගයකින් ලබා දීම.)
    ඩෙංගු රක්තපාත රෝගය ඇති රෝගියකු නම් තෙවන දිනයේ සිට ඉතා ප්‍රවේශමෙන් සජලනය කළ යුතුය. අධික තරල ප්‍රමාණයක් ලබා දීමද රෝගියාට නුසුදුසු බැවින් සීමා කරන ලද තරල ප්‍රමාණයක් රෝගියාට ලබාදිය යුතුය. (රෝග ලක‍ෂණ වලට උචිත ලෙස)
    අවධානම් අවධිය හදුනා ගන්නේ කෙසේද?
    රුධිර පට්ටිකා < 100,000
    සාපේක‍ෂ රක්තානු පරිමාව (PCV) - 20% කින් ඉහළ යාම.
    ඇල්බියුමින් /කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුවීම.
    • X- කිරණ /අල්ට්‍රා සවුන්ඩ් පරීක‍ෂණයකින් දේහ කුහර තුළ


    • තරල කාන්දුවක් හදුනා ගැනීම.
      ප්ලාස්මා කාන්දුව ආරම්භ වී පැය 24 කට පසුව උපරිමයකට ළගා වන අතර ඉන්පසු ක්‍රමයෙන් අසු වී පැය 48 කට පසුව නවතී.
      මේ නිසා ප්ලාස්මා කාන්දුව ආරම්භ වන වේලාව දැන ගැනීම වැදගත්ය.
      රෝගියාගේ තරල අවශ්‍යතාවය දේහ බර යොදා ගණනය කර පැය 48 කදී ලබා දිය යුතුය. නමුත් රෝගියාගේ රෝග ලක‍ෂණ අනුව මෙය වෙනස් කිරීම අත්‍යාවශ්‍යය.(උදා: පිට කරන මූත්‍රා ප්‍රමාණය)ලබාදිය යුතු තරල වර්ගය?
    • ජලයට වඩා ජීවනි වැනි පානයක් උචිතය. (මක්නිසාදයත් සිරුරට අවශ්‍ය K, Na වැනි අයන් එහි අඩංගු බැවිනි.)
    අවධානම් අවධියේ සිටින රෝගීන්ට සේලයින් පාදස්ථ මට්ටමකින් (Slow infusion) ලබාදීමද අත්‍යාවශ්‍යවේ. එමෙන්ම අවධානම් අවධියේ රෝගීන්ගේ රෝග ලක‍ෂණ හා විද්‍යාගාර දර්ශක මගින් එම රෝගීන් කම්පන තත්ත්වයට යන්නේ දැයි අවධානයෙන් සිටීමත්, එසේ සිදු වනවිට සේලයින් ලබාදීමේ සීඝ්‍රතාව වැඩි කිරීම වැදගත්ය. නැතහොත් කම්පනයෙන් රෝගීන් මිය යාමට හැක.
    රෝගීන් බොහෝමයක් කම්පන තත්ත්වයට ලක් වීමට මොහොතකට පෙර පවා හොද සිහි කල්පනාවෙන් සිටිය හැකි බැවින් රුධිර පීඩනය හා නාඩි මගින් මෙම තත්ත්වය තුලින්ම හදුනාගැනීම වැදගත්ය.
    හදිසි අවස්ථාවක දී රෝගියාගේ ජීවිතය ගලවා ගැනීමට අවශ්‍ය වන උපකරණ පහසුවෙන් ලබාගත හැකි ලෙස තබා ගැනීමත් ඉතා වැදගත්ය.
    නාඩි වැටීමේ සීඝ්‍රතාව, රුධිර පීඩනය, මූත්‍රා පිටවන ප්‍රමාණය අඩුවීම හෝ රුධිරයේ ප්ලාස්මාවට සාපේක‍ෂව රක්තාණු පරිමාව ^Packed cell volume& වැඩිවීම සිදු වුවහොත් සේලයින් ලබාදීමේ සීඝ්‍රතාව වැඩි කළ යුතු අතර, මෙම දර්ශක ස්ථායි වූ වාහම සීඝ්‍රතාව අඩු කළ යුතුය.
    පට්ටිකා ප්‍රමාණය ඉහළ නැංවීම සාපේක‍ෂව වැදගත් කමින් අඩුය. පට්ටිකා ලබාදීමේ දී ඒ සමග 100 - 150 mm පරිමාවක් ද රෝගියාට ලබා දීමට සිදු වන අතර මෙය ඇතැම් අවස්ථා වල රෝගියාට අහිතකරය.
    පැපොල් යුෂ රුධිර පට්ටිකා වැඩි කරන්නේද යන්න පිළිබදව දැන් ගවේශන සිදු කෙරේ.
    ඩෙංගු මාරාන්තිකයි!
    ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන
    පැහැදිලි, නිශ්චල ජලය එකතු වන බදුන්
    (ටයර්, ටින්, බෝතල්, කෝප්ප, කූඹි උගුල්, ජලය එකතු වන පැළ)
    බිත්තර අවු. 1/2 - 1 පමණ වියලි ස්වභාවයේ නොනැසී පැවතිය හැක.
    මදුරුවා දිවා කාලවේ දෂ්ට කරයි.
    එම නිසා ආරක‍ෂිත ක්‍රම දිවා කාලයේ භාවිතා කළ යුතුය.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඩෙංගු හැඳින්වීම
    ඩෙංගු උණ රෝගය වයිරසයක් මගින් බෝවන රෝගයකි. මෙම රෝගය ඊඩිස් ගණයට අයත් මදුරුවන් දෙවර්ග‍යක් මගින් ව්‍යාප්ත කරනු ලැබේ. ශ්‍රී ලංකාව ඇතුළුව අග්නිදිග ආසියානු රටවල වසංගතයක් ලෙස පැතිර යයි. මෝසම් වැසි කාලයෙන් පසුව එනම් ජුනි. ජුලි, නොවැම්බර් දෙසැම්බර් මාස වල වැඩියෙන් දක්නට ලැබේ.

    ශ්‍රී ලංකා වසංගත රෝග මර්දන ඒකකයට අනුව වසර 2009 තුළ ඩෙංගු රෝගීන් 32713 ක් වාර්තා වී ඇති අතර 2009 සැප්තැම්බර් වන විට 223 දෙනෙක් ඉන් මිය ගොස් ඇත. වඩාත් රෝගයට බල පෑ දිස්ත්‍රික්කය නුවර වන අතර කොළඹ, ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්ක වලද රෝගීන් ඉහළ සංඛ්‍යාවක් හා මරණ වාර්තා වී ඇත.


    රෝගකාරකය
    ඩෙංගු වෛරසය කාණ්ඩ 4ක් දක්නට ලැබේ. වෛරසය ව්‍යාප්ත කරන මදුරු දෙවර්ගය නම් - ඊඩිස් ඊජිප්ටයි. ඊඩිස් ඇල්බොපික්ටස්. ඔවුන් වැඩිපුර දෂ්ට කරන්නේ දහවල් කාලයේය.




    ශරීරය තුළ ක්‍රියාත්මක වන අයුරු / රෝගය නිසා සිරුරේ වන වෙනස්කම්
    මිනිසාට විෂබීජය ශරීර ගත වෙන්නේ රෝග කාරකය සහිත මදුරුවකු දෂ්ට කිරීමෙන්. වයිරසය වසා පද්ධතිය තුළට ඇතුල් වී සංඛ්‍යාවෙන් වැඩි වී රුධිර සංසරණ පද්ධතියට ඇතුල් වේ. සාමාන්‍යයෙන් දෙවැනි වරට වයිරසයෙන් ආසාදනය වීමෙන් රෝගය බරපතල විය හැක. එනම් වයිරසය ශරීර ගතවු බොහෝ දෙනෙකු අයත් වන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සාමාන්‍ය වයිරස උණක රෝග ලක්ෂණ පෙන්නුම් කරන කාණ්ඩ වලටය. කිහිප දෙනෙකු ඩෙංගු රක්තපාත උණ හෝ ඩෙංගු කම්පන තත්වයට පත් විය හැක.




    රෝග ලක්ෂණ
    තද උණ, හිසරදය, ඇස් යට වේදනාව, පේෂි හා සන්ධි කැක්කුම, සමේ රතු පැහැ ලප ඇතිවීම, වමනය, ආහාර අරුචිය, ඩෙංගු උණෙහි ලක්ෂණය.


    ඩෙංගු රක්තපාත උණ රෝග ලක්ෂණ නම්,

    • දින 2 - 7 දක්වා පවතින අධික උණ
    • සම යට කුඩා රතු පැල්ලම්, විදුරු මස් වලින් ලේ ගැලීම, නාසයෙන් ලේ ගැලීම, කළු/දුඹුරු පැහැති වමනය හෝ මළ පහවිම (ආහාර ජීර්ණ පද්ධතිය තුළට ලේ ගැලිම නිසා), මුත්‍ර සමග ලේ පිටවීම
    • අක්මාව ඉදිමීමෙන් වන අධික බඩේ වේදනාව
    ඩෙංගු කම්පන තත්වයේ රෝග ලක්ෂණ නම්,
    සුදු මැලි වීම, අත් පා සීතල වීම, නාඩි වැටීම වේගවත්විම, රුධිර පීඩනය අඩුවීම.


    සංකූලතා
    ඩෙංගු කම්පන තත්වය නිසා මරණය පවා සිදුවිය හැක.
    අක්මාව අක්රිතය වීම, සිහි නැති වීම, වලිප්පුව, රුධිර වහනය, හෘද වස්තුව අක්‍රීය වීම. - රෝගය නිසා මිය යන හේතු අතරට අයත් වේ.
    ප්‍රතිකාර

    • රුධිර පරීක්ෂණ - රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවීම
    • රෝගය ස්ථිර කිරීමට IgM, IgG නැමැති ප්‍රතිදේහ හඳුනා ගැනීම
    • උණ ඇතිවිට හැකිතාක් විවේක ගැනීම
    • වැඩිපුර දියර වර්ග ගැනීම
    • උණ බැස්සවීමට නියමිත මාත්‍රාවට පැරසිටමෝල්ද, ඇල් ජලයෙන් තෙමීමද කල හැක. කිසිම විටෙක ඇස්ප්‍රීන් නොගත යුතුය.
    • රතු පාට ‍හෝ දුඹුරු පාට ආහාර හෝ බීම වර්ග නොගැනීම.
    • දින 2කට වඩා උණ ඇත්නම් වහාම රජයේ රෝහලකින් හෝ සුදුසුකම් ඇති වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්න.
    සෞඛ්‍ය ප්‍රවර්ධනය හා වළක්වා ගැනීම

    • සතියකට වරක්වත් නිවස, පාසල හා සේවා ස්ථානය හෝ ඒ අවට ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඇත්දැයි සොයා ඒවා විනාශ කරන්න. ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන නම් මල් පෝච්චි, ටයර්
    • පොල් කටු, ටින්, කුහුඹු උගුල්, වැහිපීලි වතුර රැදෙන ශාඛ, තැඹිලි කෝම්බ වැනිදේ.
    • මදුරු නාශක ඉසීම, දුම් ගැසිම
    • මදුරු දැල් දිවා කාලයේ නිදා ගැනීමේදී භාවිතා කිරීම
    • මදුරුවන් බෝවන ස්ථාන වලට කීටයින් විනාශ කිරීමට, තිලාපියන් වැනි මසුන්, බැක්ටීරියා (බැසිලස් තුරින්ජියෙනියිස් නැමැති) යොදා ගත හැක.
    • ඩෙංගු වයිරසය සඳහා ප්‍රතිශක්තීකරණය කිරිම තවම පරීක්ෂණ තත්වයේ පවති.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඔබ ඩෙංගු ගැන දැනුවත්ද?




    පසුගිය වසර කිහිපයක සිට සමස්ත සෞඛ්‍යය සේවාව තුල පමණක් නොව දේශපාලන කරළිය තුලද දැඩි කතාබහක් නැතිනම් ආන්දෝලනයක් ඇතිකල මාතෘකාවක් වී නම් ඒ අන් කවරක්වත් නොව “මාරන්තික ඩෙංගු වසංගතය” පිළිබද වු අර්බුදය බව අවිවාදිතය. සාමාන්‍යයෙන් අප විසින් මෙම අන්තර්ජාල අවකාශය තුල සාකච්ඡා කෙරෙනුයේ ආයුර්වේද දර්ශනය, ආයුර්වේද වෛද්‍ය ක්‍රමය,දේශිය වෛද්‍ය ක්‍රමය යන අංශ පිළීබදව වු තොරතුරු හා ඒහා බැදුනු අවශේෂ කරුණු ඇතුලත් සමස්ත විෂය පථය පමණක් වුවත් අති සුවි‍ශේෂි කරුණක්/අවස්ථාවක් ලෙස සලකා මේ අවස්ථාවේදී ඩෙංගු රෝගය සම්බන්ධයෙන් යම් දැනුවත් කිරිමක් සිදුකිරිමට අපේක්ෂා කරන්නෙමු.‍



    එය අපගේ සමාජ වගකීමක් ලෙස අප උදක්ම විශ්වාස කරනා බැවිනි. එසේ අප සිතනුයේ මේ වන විටත් ‍ඩෙංගු රෝගයට ගොදුරු වි සිටින හා ගොදුරු විය හැකි අවධාණමක් ඇති අති බහුතර ජනතාවක් සමාජය තුල සිටිනා බැවිනි. රජයේ සංඛ්‍යා ලේඛන වල සදහන් වන දත්ත වලට අනූව පෙර වර්ෂ වලට සාපේක්ෂව මේ වන විට ඉතා සුළු ප්‍රතිශතයකින් ඩෙංගු රෝගයට ගොදුරු විමේ සිඝ්‍රතාවය අඩුවක් පෙන්වන නමුත් එය කිසි සේත්ම සැහීමකට පත් විය හැකි තත්ත්වයක් නොවේ. එසේ පවසනුයේ ඩෙංගු රෝගය සෑදීම වලක්වා ගැනීම සදහා සාර්ථක එන්නතක්(Vaccine) හෝ රෝගයට ගොදුරු වීමෙන් පසු රෝගය සුව වීම සදහා දිය යුතු සාර්ථක ඖෂධ ප්‍රතිකාරයක්(Medicinal Treatments) පිළිගත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනූව තවම නිපදවා නොමැති වීම නිසාය. මෙම රෝගය මාරන්තික වන්නේද එවැනි පසුබිමක් ඇති නිසාය.




    ශ්‍රී ලංකාව තුල ඩෙංගු රෝගය පිළිබදව මෙතරම් ප්‍රභලව සමාජ කතිකාවතක් ගොඩනැගුනේ ‍වසර දෙක තුනක සිට උවත් මෙම රෝගයට ඇති ඉතිහාසය නම් එතරම් කෙටි එකක් නොවේ. මීට වර්ෂ තුන්සියයකට පමණ පෙරදී බටහිර වෛද්‍ය විද්‍යාව මෙම රෝගය හදුනා ගන්නා අතර සැබෑ ලෙසම මෙම රෝගය ඇතිවීමේ හේතුන් ඔවුන් සොයා ගන්නේ විසි වැනි සියවසේ මුල භාගයේදීය. කෙසේ නමුත් දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසුව මෙම රෝගය ව්‍යාප්ත වීම වේගවත් වී ඇත. 1960 වසර පමණ වන විට මෙම රෝගය සියළුම මහද්වීප තුල තම රෝග කාරක මදුරුවන් බෝකර ඇත.



    වාර්ෂිකව ලොව පුරා පුද්ගලයන් මිලියන පනහකට වැඩි ප්‍රමාණයක් මෙම‍ රෝගයෙන් පීඩාවට පත්වෙති. ඔවුන් අතුරෙන් ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වන්නන්ගේ ජීවිත බොහෝ අවධානම් තත්ත්වයට පත්වේ. දෙදහස වර්ෂයෙන් පමණ පසු මෙම රෝගයේ ව්‍යාප්තිය සෑම පහද්වීපයකම පාහේ සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩිවී ඇත. නිසි ප්‍රතිකාරයකුදු නොමැති මෙම රෝග තත්ත්වය සදහා ලෝක සෞඛ්‍යය සංවිධානය පවා යෝජනා කර තිබෙන්නේ රෝග කාරක මදුරු දෂ්ඨයන් හැකිතාක් වලකා ගැනීම සහ මෙම රෝග කාරක මදුරුවන් බෝවීම හැකිතාක් අවම කර ගැනීමයි.


    ඩෙංගු කියන්නේ මොනවාගේ රෝගයක්ද?

    • වෛරසයකින් බෝවන උණ රෝග තත්ත්වයකි.
    • ඩෙංගු වෛරස ඇති මදුරු විශේෂ හතරක් සොයාගෙන ඇත.
    • ඊඩ්ස් ඊජිප්ටයි සහ ඊඩ්ස් ඇල්බොපික්ටස් යන මදුරු විශේෂ දෙක දශ්ඨයෙන් මේ රෝගය බෝවේ.
    • මෙම මදුරු විශේෂ දෂ්ඨයන් වැඩි වශයෙන් සිදු වන්නේ උදෑසන 7ත් 10ත් අතර සහ සවස3ත් 5ත් අතර කාලයේදීය.
    • මෙම වෛරසය ශරීර ගතවී මුල් දින පහ ඇතුලත එම රෝගියාගෙන් ලේ උරා බොන මදුරුවන් සිදු කරන නැවත දෂ්ඨයකදි පමණක් රෝගය තව කෙනෙකුට බෝවිම සිදුවීම විශේෂ තත්ත්වයකි.
    මුලික රෝග ලක්ෂණ

    • දින 5ත් 7ත් අතර පවතින තද උණ, හිසරදය, වමණය, ඇද්වටා වේදනාව, මාංශ පේශී වල වේදනාව, හංදි ආශිත වේදනාවන්, කොන්දේ වේදනාව, බඩේ කැක්කුම සහ රතු ලප මතුවීම යන ඒවාය.
    • විශේෂ තත්ත්වයක් ලෙස සමහරුන්ට මුලික රෝග ලක්ෂණ පෙන්වන්නේම නැත.
    • ඇතැමුන්ට මෙම රෝග ලක්ෂණ පෙන්වා පසුව රෝගය අඩුවී ගියද පසුව නැවතත් ඩෙංගු රක්තපාත තත්ත්වය(Dengue hemorrhagic Fever) ඇතිවිය හැකිය.
    ඩෙංගුරක්තපාතයයනුකුමක්ද?
    ඩෙංගු රෝගයේ ත්‍රීව අවස්ථාවට පැමිනි විට හදුන්වන්නේ මේ නමිනි. මෙහිදී සම යට කුඩා රත් ලප මතුවීම පැහැදිලිව දැක ගත හැක. අමතරව ඇස් රතු පැහැ ගැන්වීම, අභ්‍යන්තර සහ බාහිර රක්තපාතය (නාසයෙන් හා විදුරු මසු වලින් ලේ ගැලීම), වමනය හෝ මළ කළු හෝ දුඹුරු පැහැ ගැනීම, රුධිර පට්ටිකා(Platelets) අගය සිග්‍රයෙන් පහල බැසීම, රුධිර ප්ලාස්මා(Blood plasma) කාන්දු වීම, රුධිර පීඩනය පහල බැසීම (low Blood pressure) දැක්වීය හැක. මෙහි අවසාන ඵලය වන්නේ මරණයට පත් වීමයි. බොහෝ කලාතුරකින් මෙම තත්ත්වයෙන් මිදි සුව වන අවස්ථා ඇත. බටහිර ප්‍රතිකාර ලෙස පළමුව සිදුකරන්නේ උණ වැලදී දින දෙකකින් පමණ සිදුකරන රුධිර පරීක්ෂණය මගින් රෝග තත්ත්වය නිශ්චිතවම අදුනා‍ ගැනීමයි. හැකි තරම් වතුර, පළතුරු යුෂ(විශේෂයෙන් ඇපල් යුෂ), ජීවනී වැනි දියර වර්ගද සේලයින් ප්‍රතිකාරය දීම යන ඒවා ඉන් අනතුරුව කරනු ලැබේ.රෝහල තුලදී ලැබෙනා ඇද විවේකය(Bed rest)මෙහිදී විශේෂ කාර්යයක් ඉටු කරයි. ඇස්පීන් අඩංගු ‍‍ඖෂධ මෙහිදි නිර්දේශ නොකෙරේ.




    විශේෂ
    මෙහිදී සදහන් කල යුතු විශේෂ කරුණක් ඇත. එනම් රුධිර පට්ටිකා බිදීම වලක්වමින් රුධිර පට්ටිකා ගොඩනැගීමට උපකාරි වනවා යැයි යන මතයේ පිහිටා ‍ගස්ලබු දළු යුෂ රෝගීන්ට බීමට දීමේ නොනිල ප්‍රතිකාරයක් සමාජයේ ස්ථාපිතව ඇත. මෙය තවම විද්‍යාත්මකව පර්යේෂණ මගින් තහවුරු කරගෙන නැතත් එයින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන බව පැහැදිලිය. කෙසේ නමුදු මෙම ප්‍රතිකාරය පවා රෝගීන්ට කිරීමේදී සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ලබාදීමට කටයුතු කිරීම වඩාත් ප්‍රතිඵල දායක සහ ප්‍රඥාගෝචර විය හැක. ගස්ලබු යුෂ ප්‍රතිකාරයට අමතරව ආයුර්වේදයේ දක්වා ඇති විවිධ ජ්වර රෝග සදහා දෙනු ලබන විවිධ ජ්වරනාශක ඖෂධයන් මගින්ද ඩෙංගු රෝගය සදහා විශ්මිත ප්‍රතිළුල අත්කරදෙන බව ප්‍රායෝගිකව සොයා ගෙන ඇත.




    මෙම ලිපිය තුලින් අප වඩාත් අවධානය‍ යොමු කරන්නේ ප්‍රතිකාරයට වඩා ආරක්ෂා වීම (prevention is better than cure) මෙවැනි රෝග සම්බන්ධයෙන් ගත හැකි හොදම මාර්ගය බව පැවසීමටයි. මක් නිසාද අනවශ්‍ය අවධානමක් ගෙන තම ජීවීතය තම සමීපයන්ගේ ජීවීත අනතුරේ හෙලීමක් එයින් වැලකෙන බැවීනි. ඒ සදහා හාකි තාක් තමාගේ නිවස සහ එහි වටපිටාව පිරිසිදුවත් අනවශ්‍ය ලෙස වතුර එක්රැස් වීම් වලින් තොරව පවත්වා ගෙන යාමට කටයුතු කිරීම අත්‍යාවශ්‍යය.



    මෙම මදුරුවන් වැඩි වශයෙන් බෝවෙන්නේ පිරිසිදු ජලය සහිත ස්ථාන වල බව සොයා ගෙන ඇත.එනිසා පිරිසිදු ජලය එක්රැස් විය හැකි හිසි ටින්, පොල්කටු, වලං සහ භාජන, තැඹිලි කෝම්බ වැනි එවා විනාශ කිරීම හෝ වල දැමීම සිදු කල යුතුය. නිවෙස් වල අලංකාරයට තබා ඇති මල් බදුන් වල මල් පර වීම වලක්වා ගැනීම සදහා දමනු ලබන ජලයට ලුණු කැට ස්වල්පයක් එක් කිරීමෙන් නිවෙස තුල මදුරුවන් බෝවීම වලක්වා ගත හැක. වැහිපීලි වතුර නොරැදෙන සේ දින දෙක තුනකට වරක් වත් සුද්ධ කරන්න. එසේම වතුර රැදිය හැකි විශාල මල්ගස් වල වතුර රැදීම වලක්වන්න.


    පුද්ගලිකව තම සිරුර මදුරු දෂ්ඨයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට සුදුසු ඇදුම් ඇදීම, රාත්‍රී නින්දට යන විට මදුරු දැල් වලින් සයන ආරක්ෂා කර ගැනීම සහ මදුරුවන් විකර්ෂණය කරන පැඟිරිතෙල් වැනි ආලේපන ශරීරයේ ගැල්වීම සිදුකල හැකිය. තමන් දැනුවත් වීමට අමතරව අන් අයද මේ පිළිබදව දැනුවත් කිරීම, ඔවුන්ටද තම අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමේ වැදගත් කම පැහැදිලි කර දීම අනෙක් කාර්යයයි.




    මෙවැනි රෝග සදහා සිවිල් පුද්ගලයින් වශයෙන් සහ සමාජයක් වශයෙන් තම තමන්ගෙන් ඉටුවිය යුතු සමාජ වගකීම සියල්ලන්ම ඉටුකරන්නේ නම් ඉතා පහසුවෙන් මෙවැනි රෝග ව්‍යාප්තිය අවම කර ගත හැකිය.


    :yes::yes:
    මූලාශ්‍රය

    Code:
    http://wedananasala.org/sinhala/ http://www.wedasa.info
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    gastric වලට බෙහෙතක් කියන්න ;)


    ඉහත සඳහන් කළ පරිදි මෙවැනි රෝග සඳහා අප ලබාගන්නා ආහාරවේල නිසිපරිදි නියමිත පරිදි ලබා ගැනීම වැදගත්. ඒ වගේම දිනකට අවශ්‍ය කරන ජලය පානය කරනවා නම් වඩාත් සුදුසුයි. තවද ආයුර්වේද දින දර්ශනයට මේ ලොව මනුෂ්‍යයෙකුට ජීවත්විය හැකි හොඳම ආකාරය සඳහන්.





    ඒ අනුව පුද්ගලයකු භ්‍රහ්ම මූර්තියෙන් එනම් පාන්දර 4 ට පමණ අවදි වෙනවා නම් එමඟින් ශරීරයේ නිරෝගීකමට අප නොදැනුවත්වම පරිසරයෙන් ලැබෙන දෑ බොහෝමයි. ඊට අමතරව කෘත්‍රිම ආහාරවලින් සියයට සීයක් වැළකී සිටීම වඩා නුවණට හුරුයි. ඒ අතරම අපගේ ආහාරයට එකතුවන ඇතැම් ආහාර වර්ග විශේෂයෙන් මාංශමය ආහාර වර්ග පිළිබඳ මේ වනවිට දෙවරක් සිතා බැලීමට පවා දැන් අපට සිදුවී ඇත. ඊට හේතුව ඒවා පවා දැන් ක්ෂණිකව ලබා ගන්නා දේවල් බවට පත්වෙලා.





    එනිසා හැකි සෑමවිටම එදිනෙදා ගෙදර දොරේ, වත්තේ පිටියෙන් සොයා ගත හැකි ආහාර වෙත යොමුවීම වඩා වැදගත්. නිසි විවේකය ව්‍යායාමය වගේම නිසි විරේකයත් ශරීරයට අත්‍යවශ්‍යයි. ඒ වගේම අපගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණයේ සෑම දුර්වලකමකටම අද අපි පානය නොකරන සෑම වතුර බිංදුවක්ම වගකිව යුතුª වෙනවා. එනිසා ජලය නියමිත ප්‍රමාණයට පානය කිරීම ඉතාම වැදගත්. එහිදී අවම වශයෙන් අපි අවදිව ඉන්න සෑම පැයකටම වරක් ජලය අඬු කෝප්පයක් පමණ පානය කළහොත් දිනකට අවශ්‍ය කරන ජලය අපට ලබා ගත හැකියි.
    අතීතයේ දී අපි අපගේ බත්වේල පිළියෙල කර ගත් විට අපට අවශ්‍ය කරන ව්‍යායාමය අපට ලැබුණා. නමුත් දැන් ඒ තත්ත්වය වෙනස්. ඒ නිසා ඊට සමානව අපගේ ශරීරයට අවශ්‍ය කරන නිසි ව්‍යායාමය මෙන්ම මානසික නිරවුල්භාවයද පවත්වා ගැනීම මේ සඳහා එක ලෙස වැදගත්.

    ප්‍රධාන වශයෙන් ආමාශයික වණ ඇතිවන හේතු හා ඒවා වළක්වා ගැනීමට ගත යුතු පියවර හඳුනාගත යුතුයි. විශේෂයෙන්ම අපගේ



    ආහාර-පාන ගැනීමේදී ඇති අහිතකර / වැරදි පුරුදු අත්හැරිය යුතුයි. මානසික පීඩනය වැනි හිත, භාවය ආශ්‍රිත ගැටළු පවතී නම් ඊටද ප්‍රතිකාරද
    ගත යුතුය. ඊට අමතරව ඇති වෛද්‍ය ප්‍රතිකාර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකියි.


    1. ශල්‍යකර්ම ආශ්‍රිත ප්‍රතිකාර
    2. ඖෂධ ආශ්‍රිත ප්‍රතිකාර


    මෙහිදී අතීතයේ නම් අනිවාර්යයෙන්ම ශල්‍යකර්මයක් අනුගමනය කළත්, අද පවතින ඖෂධ ප්‍රතිකාර මගින් රෝගය බොහෝ
    දුරට සුවකර ගත හැක. මේ ඖෂධ වර්ග කිහිපයක් ඇති නිසා පුද්ගලයාගේ රෝගය නිශ්චය කර නිසි වෛද්‍ය උපදෙස් මත මේ
    ඖෂධ ලබා ගත යුතුය.


    එමෙන්ම ශල්‍යකර්ම ආශ්‍රිතව පවතින ප්‍රතිකාර කිරීමට සිදුවන අවස්ථා අද වන විට ඉතාමත්ම සීමා සහිත වී ඇත. වෛද්‍ය ප්‍රතිකාර මගින්
    සුවකළ නොහැකි වූ විට හා සංකූලතා ඇතිවු විට මේ ශල්‍යමය ප්‍රතිකාර කරනු ලැබේ. ගැස්ට්‍රයිටිස් රෝගය දිගුකාලීන හේතු නිසා ඇතිවන්නක්
    නිසාම රෝගය සුවකර ගැනීම සඳහාත් දිගුකාලීන ප්‍රතිකාර ගත යුතුය.


    මේ නිසා වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබාගත යුතු අතර, නිතරම සායනවලට සහභාගි වීම හා තමාගේ ආහාර පුරුදු
    යෝග්‍ය ලෙස වෙනස් කර ගැනීමද අනිවාර්යයෙන්ම කළ යුතුය.



    ආහාර ගැනීම ක්‍රමවත් චක්‍රයකට අනුව සිදු කළ යුතුය. විශේෂයෙන්ම
    උදැසන ආහාරය නොවරදවාම නිසි වේලාවට ගැනීම ඉතාම වැදගත් වේ.


    ;)
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    “ගැස්ට්‍රයිටීස්” හැදෙන්නේ මෙහෙමයි

    මොකක්ද මේ ගැස්ට්‍රයිටීස් කියලා හඳුන්වන රෝගය? ගැස්ට්‍රයිටීස් කියන්නේ ආමාශයේ ආසාදන තත්ත්වයකටයි. ආමාශයේ නිපදවන හයිඩ්‍රාක්ලෝරික් අම්ලය Acid ශ්‍රාවය වීම වැඩිවීම නිසා මෙය සිදුවන්නක්. අප ගන්නා ආහාර ගලනාලය ඔස්සේ ආමාශයටත්, පසුව කුඩා බඩවැල්වලටත් ගමන් කරනවා. ස්වභාවධර්මයා විසින් ගලනාලය සහ ආමාශය අතර කපාටයකුත් (පියන් වැනි දෙයක්) ආමාශය හා බඩවැල් අතර කපාටයකුත් පිහිටා තිබෙනවා. අප ආහාර ගන්නා විට මේ කපාට විවෘත වී ගලනාලය ඔස්සේ ආමාශයටත්, ආමාශයෙන් බඩවැල්වලටත් ආහාර ගමන් කරනවා.


    ඒ ක්‍රියාවලිය නිමවූ පසුව කපාට වැසෙනවා. එසේ සිදු නොවුනොත් ආපස්සට ඒමක් සිදු වෙනවා. එවිට ආමාශයේ නිපදවන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ආපස්සට ගමන්කොට ගලනාලය තුවාල වී ආසාදන තත්ත්වයක් ඇතිවෙනවා. මේ ආසාදනයට තමයි ගැස්ට්‍රයිටීස් කියන්නේ.




    ”ගැස්ට්‍රයිටීස්” රෝගයට හේතු කාරක ලෙස ඔබට දැක්විය හැක්කේ කුමක්ද?

    හේතු කිහිපයක්ම තිබෙන්නට පුළුවන්. සමහර සිරුරුවල මේ කපාට නිසි ආකාරයෙන් පිහිටා නොතිබෙනවා. එවැනි අයගේ මේ ක්‍රියාකාරීත්වය හරියාකාරව සිදු නොවන නිසා විවෘතව තිබෙන කපාට ඔස්සේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහ පිත ආපස්සට එන්නට පුළුවන්. ස්ථුල ශරීරයෙන් යුත් අයටත් මෙය බලපානවා.


    එයට හේතුව ස්ථුල අයගේ ආමාශයේ බිත්තිවල මේද ස්ථිරය අධික ලෙස තැන්පත් වන නිසා එහි පීඩනයක් ඇතිවෙනවා. ඒ පීඩනය නිසා කපාට විවර වී අම්ලය සහ පිත ආපසු ගලනාලයට ගලායෑමක් සිදුවෙනවා.


    අධික කෘශ අයටත් මේ දේ සිදුවන්නට පුළුවන්. ඔවුන්ගේ ආමාශය උරස් කුහරය ඇතුළට තල්ලු වෙනවා. එවිට කපාටවල ක්‍රියාකාරීත්වය හරිආකාරයෙන් සිදු වන්නේ නැහැ. එවිටත් අම්ල සහ පිත ගලනාලයට ගැලීම සිදුවෙනවා.


    මේ තත්ත්වය යටතේ ආසාදනයට ලක්වන්නේ ගලනාලය පමණද?

    ගලනාලයේ පිහිටා ඇති ශ්ලේෂ්ම පටල අම්ල Acid සහ පිතට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා ශ්ලෙෂ්ම පටල තුවාලවීමේ ප්‍රවණතාවය වැඩියි. තුවාල දිගටම පැවතීමෙන් ආසාදිත තත්ත්වයක් ඇතිවෙනවා. අමාශයේත් මේ තත්ත්වය උදාවන්නට පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් අමාශය මෙම හයිඩ්‍රක්ලෝරික් අම්ලයට ඔරොත්තු දෙනවා.

    ඕනෑවට වඩා දිගින් දිගටම ශ්‍රාවය වුණොත් ශ්ලේෂ්මල පටල තුවාල වී ආමාශයේද ආසාදන තත්ත්වයක් ඇතිවෙනවා.


    අපගේ එදිනෙදා ජීවිතයේ ක්‍රියාදාමයන් මෙන්ම අප ගන්නා ආහාරත් මෙම රෝගය සෑදීමට හේතුකාරකයක් ද?


    ඔව් අධික ලෙස මත්පැන් පානය දුම්පානය වේදනා නාශක බහුල වශයෙන් භාවිතාව, රුධිර පීඩනය වළක්වා ගැනීමට මෙන්ම කොලෙස්ටරෝල් දියකර ගැනීමට ලබාදෙන්නා වූ ඖෂධ දීර්ඝ කාලයක් භාවිතා කිරීම ආදියෙන් මේ ආසාදනය ඇතිවන්නට පුළුවන්. මේවා තුළින් ආමාශයේ බිත්ති සියුම් සීරීමකට ලක්වෙනවා.


    ඒවා හඳුන්වන්නේ ගැස්ට්‍රික් ඉරෝෂන්ස් යනුවෙන්. මානසික ආතතිය වැඩි අයටත් “ගැස්ට්‍රයිටීස්” රෝගය වැළඳෙනවා. මනසත් ආමාශය සහ බහිස්‍රාවය ඉන්ද්‍රියනුත් අතර සම්බන්ධතාවයක් තිබෙනවා.


    මෙය පාලනය කරන්නේ අපේ මොළයෙන් මානසික ආතතිය වැඩි අයගේ රුධිර සංස්කරණය වේගවත් නිසා ශ්ලේෂ්ම පටලවල ඒකාග්‍රතාවය බිඳී යනවා. ඒ නිසා ඔවුන්ට ගලනාලය සහ ආමාශය තුළ තුවාල සෑදී ආසාදන තත්ත්වයක් ඇතිවන්නට පුළුවන්.


    මේ රෝගී තත්ත්වය නිර්ණය කර ගැනීමට කරන පරීක්‍ෂණ එහෙම තිබෙනවාද?

    ඔව් එන්ඩොස් කොපි නමැති පරීක්‍ෂණයෙන් තමයි කොතැනද මේ ආසාදන තත්ත්වය පවතින්නේ කියා සොයා බලන්නේ. (පසුව මෙම පරීක්‍ෂණය පිළිබඳව සම්පූර්ණ විස්තරයක් සැපයීමට බලාපොරොත්තු වෙමු.


    ගැස්ට්‍රයිටීස් රෝගයේ රෝග ලක්‍ෂණ මොනවාද?
    පපුවේ දැවිල්ල පපුව හිරකිරීමක් ලෙස දැනීම, බඩ පිපීම, ඔක්කාර ගතිය, ගන්නා ආහාර ඇසිඩ් බවට පත්වී උගුරට එන්නා සේ දැනීම බඩේ ඉහළ කෙළවරේ උදර කුහරයේ වේදනාවක් දැනීම, දැඩි ලෙස කුසගින්න දැනීම ආදියයි. කුසගින්න පිළිබඳව කතා කිරීමේදී මිනිසකුට හෝ ඕනෑම සත්වයකුට කුසගින්න දැනෙන්නේ දිනකට තුන් වතාවක් පමණයි. උදේ, දවල්, රාත්‍රිය ස්වභාවික කුසගිනි සංකෝචනය වන වේලාවල් අමතර දැනේනනා වූ කුසගින්න කුසගිනි සංකෝචන නොවේ. නිතරම කුසගිනි දැනීම එක්තරා ආකාරයකට ගැස්ට්‍රයිටීස් රෝග ලක්‍ෂණ වන්නට ද පුළුවන්.


    නිසි වෙලාවට ආහාර නොගැනීමෙන් ගැස්ට්‍රයිටීස් වැළඳෙනවා කියන්නේ සත්‍යයක් ද?
    සාමාන්‍යයෙන් අපේ ආමාශය තුළ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නිරන්තරයෙන්ම ශ්‍රාවය වෙමින් පවතිනවා. මේ නිරන්තර ශ්‍රාවයේදී ආහාරයක් ආමාශය තුළ නොතිබුණ විට කුස හිස්ව තිබුණොත් එකතුවන අම්ල Acid ප්‍රමාණය වැඩි නිසා ආමාශයේ තුවාල ඇතිවී ආසාදන තත්ත්වය උදාවන්නට පුළුවන්. මේ ආම්ලික ගතිය තනුක වීම තුළින් නැතිවී යනවා.


    තනුක වන්නට නම් ජලය අවශ්‍යයි. එසේ නම් දවස පුරාම ආමාශයට ජලය ලැබෙන්නට ඕනෑ. කෑම වේල් තුනට අමතරව ටික ටික දවස පුරාම ජලය පානය කරමින් ආමාශයට ජලය සැපයීම කළ යුතුයි. සාමාන්‍යයෙන් වැඩිහිටියෙක් දිනකට ජලය ලීටර් 3 අනිවාර්යයෙන්ම පානය කළ යුතුමයි. ආමාශය නිරන්තරයෙන්ම වියළීමකට ලක් නොවී තබාගැනීමට නම් ටික ටික ජලය පානය කිරීම වැදගත්. ගැස්ට්‍රයිටීස් රෝගයට හේතුකාරකයක් ලෙස නවතම සොයා ගැනීම වන්නේ හෙලිකෝබැක්ටෝ ෆයිලේරියා යන බැක්ටීරියාවයි.



    අපිරිසිදුකම අත් නොසෝදා ආහාර අනුභව කිරීම කෑම පිසීමට අපිරිසිදු ජලය පාවිච්චි කිරීම, අපිරිසිදු ජලය පානය කිරීම නිසා මේ බැක්ටීරියාව ශරීර ගතවනවා. බුලත් කෑම නිසා හෙලිකෝබැක්ටෝ ෆයිලේරියාව ඇතිවෙනවා. බුලත් කන අයටයි මේ විෂබීජය තදට බලපාන්නේ. බුලත් කොටද්දී මෙන්ම පුවක් ගෙඩි පවා නොසෝදා භාවිතයට ගැනීම මෙයට හේතුවක්. සමහර විට පසු කාලයකදී බුලත් කෑමෙන් පිළිකා සෑදෙන්න ද පුළුවන්.


    අපගේ දෛනික ජීවිතය අවුල් කරන ගැස්ට්‍රයිටීස් රෝගය අද ජනතාව අතර බහුලව දක්නට ලැබෙනවා. එයින් ඔබව මුදාගන්නටයි අපේ වෑයම. ඒ සඳහා අපට උපදෙස් දෙනු ලබන්නේ කොළඹ ජාතික රෝහලේ ආමාශයික සහ ආන්ත්‍රික රෝග පිළිබඳ ශෛල්‍ය වෛද්‍ය රනිල් ජයසේන වෛද්‍යතුමායි. ”ගැස්ට්‍රයිටීස්” ජානවලින් වත්, සුළඟින් වත්, වෛරසයක් ආසාදනයකින් වත් අපට වැළඳෙන රෝගයක් නොවේ. බොහෝ විට රෝගය වැළඳෙනවාට වඩා වැළඳ ගන්නවා යනුවෙන් පැවසුවොත් එහි වරදක් නැහැ.



    අපගේ දෛනික ජීවන චක්‍රය තුළ අප ගන්නා ආහාර අපේ චර්යා රටා, කාර්යබහුලත්වය, මානසික ආතතිය වැනි දේ අපේ ජීවන රටාවට ආදේශ කිරීමෙන් අනවශ්‍ය ලෙස ගැස්ට්‍රයිටීස් අපේ ජීවිතයට බලහත්කාරයෙන් ඇදගැනීමක් ඇතිකරන බවක් තමයි වර්තමානයේ දක්නට ලැබෙන්නේ. එබැවින් මේ වද දෙන රෝගයෙන් මිදෙන්නට අපේ වෛද්‍යතුමා දෙන ඔවදන් ක්‍රියාත්මක කරන්නට උත්සාහ ගනිමු. එවිට ගැස්ට්‍රයිටීස් රෝගයට ඔබේ ජීවිතය අවුල් කරන්නට ඉඩ ප්‍රස්ථාව ලැබෙන එකක් නැහැ.


    පිරිසිදු වතුර පානය “ගැස්ට්‍රයිටීස්” රෝගයෙන් මිදීමට පිළියමක් ද?
    ඔව්, ජලය තුළින් ආමාශයේ නිපදවන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තනුක වෙනවා. එපමණක් නොවෙයි ආමාශය නිතරම තෙත් ගතියෙන් තබන්නට ජලය අවශ්‍යයි. දිනකට වැඩිහිටියකුට ජලය ලීටර් 3 අත්‍යවශ්‍යයි. ගැස්ට්‍රයිටීස් රෝගීන් ජලය පානය කළ යුත්තේ ටිකෙන් ටික. විශේෂයෙන් එකවර ලීටරයක් පමණ බිමේදී ගැස්ට්‍රයිටීස් රෝගීන්ට දැඩි අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවෙනවා. ආමාශයට වතුර පිරුණහම කපාට බුරුල් වෙලා ආමාශයේ නිපදවන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වතුර සමඟ එක්වී කපාට හරහා ආපස්සට ගලනාලයට ගමන් කරනවා. එවිට ගල නාලයේ තුවාල සෑදෙන්නට පුළුවන්. වතුර එකවර ගොඩක් බිමෙන් ලෙඩේ වැඩිවෙන්න පුළුවන්.



    ඕනෑම දෙයක් ශරීරයට ලබා ගැනීමේදී එය පාලනය කිරීම, අඩු වැඩි වීම වළක්වා ගැනීමට ශරීරය තුළ කි‍්‍රයාදාමයක් සක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. පාලනයකින් තොරව යමක් සිදුවුණොත් මේ සියල්ල සිරුර උරා ගන්නවා. එවිට අපට නොයෙකුත් ලෙඩ රෝග ඇතිවෙන්නටත් පුළුවන්. ස්වභාවධර්මයා විසින් සිරුර පාලනය කිරීමක් සිදුවන නිසා බිහිස්ස්‍රාවය ඉන්ද්‍රියයන් තුළින් අපද්‍රව්‍ය ඉවත් කෙරෙනවා. මම වෙදකම් කරන්නේ ආමාශ ආශි‍්‍රත රෝගයන්ට නිසා ආමාශ ආශි‍්‍රත රෝග පාලනයට ජලය ටික ටික ලීටර් 3 ක් දිනකට පානය කළ යුතුයි.
    එයට හේතු කිහිපයක්ම තිබෙනවා. බඩවැල්වල සිදු කෙරෙන ක්‍රියාවලියට ජලය අවශ්‍යයි. එසේ නොවුණොත් අපට මළබද්ධය (බඩ වේලීම) ඇති වෙනවා. එය ප්‍රශ්නකාරී තත්ත්වයක්. පසුව අර්ශස්වලටත් හැරෙන්නට පුළුවන්. එවිට සැත්කම්වලටත් භාජනය කිරීම සිදු වෙනවා. ඒ නිසා බඩවැල්වල ක්‍රියාකාරීත්වය රැකගැනීමට නිතරම ටික ටික වතුර බොන්න කියලා මම උපදෙස් දෙන්නේ. මළපහවල සුමුදු බව රැකගන්නවා නම් මළ මාර්ගය ආශි‍්‍රත රෝගවලට මුහුණ දීමට සිදුවන්නේ නැහැ.



    ආමාශගත රෝග නිවාරණ වෛද්‍යවරයෙක් ලෙස දිනකට වැඩිහිටියන්ට පමණක් නොව දරුවන්ටත් අවශ්‍ය ජලය ප්‍රමාණය පැවසිය හැකිද?

    අපි පානය කරන ජලය ලේ වලට උරාගන්නවා. ඉතිරිය ආමාශයට ගමන් කරනවා. අනවශ්‍ය ප්‍රමාණය මුත්‍රා මගින් පිට කරනවා. සිරුරේ දෛනික ක්‍රියාවලියට අවශ්‍ය ජලය
    අවුරුදු 1 1/2 දරුවෙකුට මි. ලී. 750 යි.
    අවුරුදු 2 – 5 දක්වා ලීටර් 1 යි
    අවුරුදු 10 – 12 දක්වා ලීටර් 1 1/2
    අවුරුදු 16 – 20 දක්වා ලීටර් 2
    අවුරුදු 20 සිට වැඩිහිටියකුට ලීටර් 3 යි
    ආමාශගත රෝගවලට බලපාන කපාට බුරුල් වීමට හේතු කාරක තවත් තිබෙනවාද? ඔව්. චොක්ලට් වැනි දේ ආහාරයට ගත් විට මේ කපාට බුරුල් වී ගත් ආහාර උගුරට ඒමක් සිදු වෙනවා. ඇඹුල් ජාති හොඳ නැහැ. ඇඹුල්වල තිබෙන්නේ අම්ල. එවිට ආමාශයට අම්ල වැඩිවීමෙන් ඒකාග්‍රතාවය බිඳී තුවාල හැදෙන්නට බලනවා. ගැස්ට්‍රයිටීස් රෝගීන්ට චොක්ලට් සහ ඇඹුල් ජාති අගුණයි.


    කිරි පිළිබඳව ඔබ දක්වන අදහස කුමක්ද?
    කිරි විවාදාත්මකයි. කිරි කියන්නේ භෂ්මයක්. කිරිවලින් ආමාශයේ ආම්ලික ගතිය අඩු කරනවා. පානය කළ යුත්තේ සුදු කිරි පමණයි. තේ කහට සමඟ කිරි බීම හොඳ නැහැ. සාමාන්‍යයෙන් තේ කහට, කෝපිවල කැෆේන් තියනවා. කැෆේන් සහිත බීම ගැස්ට්‍රයිටීස් රෝගීන්ට හොඳ නැහැ. ඒ නිසා තේ කෝපිවලින් වළකිනවා නම් හොඳයි. සාමාන්‍ය අයට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මේ කතා කරන්නේ ගැස්ට්‍රයිටීස් රෝගීන් ගැන පමණයි. කිරි සාමාන්‍ය ප්‍රමාණයකට බීවට කමක් නැහැ.



    ඕනෑවට වඩා බොන්න එපා. එයට හේතුව කිරිවල කැල්සියම් අයත්ව තිබෙනවා. කැල්සියම් අයන්වලින් ගැස්ට්‍රීන් හෝර්මෝනය උත්තේජනය වන්නට ඉඩ තිබෙනවා. කිරි වීදුරු 2 – 3 බීවාට කමක් නැහැ. ඕනෑවට වඩා පානය කළොත් කැල්සියම් අයන් ප්‍රමාණය උත්තේජනය වන නිසා ලෙඩේ වැඩිවන්නත් පුළුවන්. යෝගට්, මුදවපු කිරි ගැස්ට්‍රයිටීස්වලට හොඳයි කියලා මතවාදයක් තිබෙනවා? යෝගට් හොඳයි. මුදවපු කිරිත් හොඳයි. නමුත් අපේ උදවිය මුදවාපු කිරි කන්නේ ප්‍රමාණවත් ලෙස නොවේ. කිරි වැඩි කියලා පැණි දාගන්නවා. පැණි වැඩි කියලා කිරි දාගන්නවා. අන්තිමට කිරි මුට්ටියක්ම කාලා ඉවරයි. ඕනෑවට වඩා කිරි කෑමේදී ආමාශයේ ශ්ලේෂ්මල පටල රතු වෙලා ඒකාග්‍රතාවය නැති වෙනවා. තුවාල ඇතිවන්නටත් පුළුවන්.


    ගැස්ට්‍රයිටීස් අසාත්මිකතාව ඇතිවන්නට තුඩු දෙන ආහාර මොනවාද?

    ඉස්සෝ දැල්ලෝ, කකුළුවෝ, සැමන්, තක්කාලි, අන්නාසි, ඇඹුල් වර්ග, චොකලට් මේ කිසිවක් ආහාරයට එක්කර ගන්න එපා. මේවා කෑමේදී “ගැස්ට්‍රයිටීස්” වැඩි වෙනවා.

    තෙල් (මේදය) සහිත ආහාර ගැස්ට්‍රයිටීස් රෝගයට බලපානවද?

    ඔව්. තෙල් අධික ලෙස භාවිතය ගැස්ට්‍රයිටීස් රෝගයට ආ වැඩීමක්. විශේෂයෙන් බැදුම්, තෙම්පරාදු කරපු ආහාර කෑමෙන් වළකින්න. තෙල්වල යම් කිසි ආහාර වර්ගයක් බැඳුනට පසුව “හයිඩ්‍රොකාබන්” නමැති රසායනික ද්‍රව්‍යයක් නිපදවෙනවා. මේ හයිඩ්‍රොකාබන් ආමාශයට අගුණයි. ආමාශයේ තුවාල පමණක් නොවෙයි පිළිකා පවා මේ හයිඩ්‍රොකාබන් නිසා ඇතිවන්නට පුළුවන්. විශේෂයෙන්ම තෙල් බැදුම් කෑම ගැස්ට්‍රයිටීස් රෝගීන්ට අගුණයි.


    ආර්ථික වශයෙන් පීඩා විඳින ඇතැම් පවුල්වල ගෘහනියන් වරක් බැදපු තෙල් පරිස්සම් කරමින් දෙතුන් වතාවක් ඒ තෙල්වලින්ම කරවල, මාළු ආදිය බදිනවා. ඒ තරම් වස විසක් තවත් නැහැ. මේ හැදෙන රසායන ද්‍රව්‍ය දෙගුණයකින් තුන් ගුණයකින් වැඩි වෙනවා. මේවා පිළිකා කාරකයි. දුප්පත්කම අවියක් කරගෙන නිරපරාදේ ලෙඩ හදාගන්න එපා.


     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    “ගැස්ට්‍රයිටීස්” හැදෙන්නේ මෙහෙමයි

    ගෑස්ට්‍රික් අමාරුව අද දවසේ අප බොහෝ දෙනාගේ මුව තුළ රැව්දෙන වචනයක් වෙලා. ඇත්තටම මොකක්ද මේ “ගැස්ට්‍රික්” ? අද අපි ඒ ගැන කතා කරමු.
    “ගෑස්ට්‍රික්” කියන්නේ වැරදි වචනයක්. වෛද්‍ය විද්‍යාවේ විස්තර කරන “ගැස්ට්‍රයිටිස්” Gastritis නමින් හඳුන්වන රෝග තත්ත්වය වැරැදි ලෙස උච්චාරණය වීම නිසා “ ගැස්ට්‍රයිටිස් “ “ගෑස්ට්‍රික් “ ලෙස ව්‍යාවහාරයට එකතු වී තිබෙනවා. මෙම “ ගැස්ට්‍රයිටිස් “ යන රෝගයෙන් විස්තර කරන්නේ මොකක්ද කියලා දැන් බලමු.



    අප විසින් මුඛයෙන් ගන්නා ආහාරය කුසට ඇතුල් වී පළමුව රඳවා ගන්නේ “ ආමාශය” නම් වු මල්ලක් වැනි ඉඩකඩ සහිත ආහාර මාර්ගයේ ඇති ඉන්ද්‍රියයක් තුළයි. මේ ඉන්ද්‍රිය තුළ ඇති ආහාර දිරවීමට අවශ්‍ය අම්ලයක් ( හයිඩ්‍රොක්ලොරික් අම්ලය ) හා තවත් ආහාර දිරවන රසායනික සංයෝග කිහිපයක් ශ්‍රාවය වෙනවා.



    ආමාශ බිත්තියෙ ඇති අභ්‍යන්තර පටලය මගින් මෙම අම්ලවලින් ආමාශයට සිදුකරන හානිය වලක්වනවා. නමුත් අප විසින්ම සිදුකරන ගනු ලබන ඉදිරියේදී සාකච්ඡා කරන නොයෙකුත් කරුණු කාරනා නිසා මේ ආරක්‍ක්‍ෂක ග්ලේෂ්මල පටලයට හානි වී ආමාශ බිත්තියේ ප්‍රදාහයක් (Inflammation) හෝ තුවාල වීමක් (Ulcer) සිදුවී ගැස්ට්‍රයිටිස් රෝගය ඇති වෙනවා.


    “ගෑස්ට්‍රයිටිස් “ යන රෝගය ආමාශයේ ආබාධයක් නිසා ඇති වුනත් අපි එදිනෙදා ජීවිතයේදී කතා කරන මෙම මාතෘකාවට යෙදාගත් “ ගෑස්ට්‍රික්” ලෙස හඳුන්වන රෝග ලක්ෂණ එකතුව, අංශයට අමතරව, මුඛයේ සිට ආමාශයට ආහාර රැගෙන යන බටයේත් (අන්නසෝත්‍රය හෙවත් (Oesophagus) දිරවීමට පටන් ගත් අම්ල මිශ්‍ර වූ ආහාරය ආමාශයේ සිට ඉවතට ගමන් ගන්නා කුඩා බඩවැලේ පලමු කොටස වන ග්‍රහනියෙත් (Duodenum) ඇතිවන ප්‍රදාහයන් නිසා ඇතිවන බවත් සඳහන් කරන්න ඕන. රෝගියා විසින් විස්තර කරනු ලබන “ ගෑස්ට්‍රික් “ රෝග ලක්‍ෂණ අනුව, ඔහුගේ වෛද්‍යවරයා විසින් ආබාධයට පත්ව ඇත්තේ මෙයින් කුමන ස්ථානයද යන්න තීරණය කරනු ඇත.



    රෝගයට හෝ රෝග ලක්‍ෂණවලට ලබා දෙන ඖෂධ ඒ ඒ අනුව වෙනස් වන බව දැනගත යුතු වෙනවා.මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ ගැන විස්තර කරනවා නම් වමනය, ඔක්කාර ගතිය බඩ පුරවා දැමීම, උගුරට බඩේ වාතය ගලා ඒම ආහාර කුඩා ප්‍රමාණයක් ගත්තද බඩ පිරුණු ස්වභාවයක් ඇති වීම.


    බඩ දැවිල්ල පපුව දැවිල්ල ඒ අතරින් ප්‍රධාන වෙනවා. ඉතා සරල ආකාරයට මෙම රෝග ලක්ෂණ පවතින විට ආහාර රටාව වෙනස් කිරීම , ජීවන පුරුදු වෙනස් කිරීම සහ ෆාමසියකින් මිලදී ගත හැකි සමහර ඖෂධ මගින් පාලනය කළ හැකි වෙනවා.



    නමුත් අධික ලෙස පවතින බඩේ වේදනාව, මල පහ සමඟ ලේ පිටවීම වමනය සමඟ රතුපාටට හෝ කලුපාටට ලේ පිටවීම, දිගටම පවතින පපුවේ දැවිල්ල, ශරීරයේ බර අඩුවීම, දැඩි ආහාර අරුචිය, දිගටම පවතින වමනය හෝ පාචනය වැනි රෝග ලක්ෂණ ඇතිවිට වහාම වෛද්‍යවරයකු හමුවිය යුතු වෙනවා.




    මෙම රෝග සමූහයේ රෝග ලක්ෂණ ඇතිවන ආකාරය ගැන සලකා බලමු.
    ඉතා ඉක්මනින් එහෙම නැතිනම් හදිසියේ රෝග ලක්ෂණ ඇතිවන්නේ ඔබ ගන්නා ඖෂධ ( විශේෂයෙන් ඇස්පි‍්‍රන් පවුලේ බෙහෙත් ) හා මත්පැන් පානය කිරීම නිසයි. කාලයක් තිස්සේ ගොඩනැගෙන රෝග ලක්ෂණ සඳහා මීට අමතරව H. Pylori නම් වූ බැක්ටීරියාවත්, කූඩා බඩවැල ආරම්භයේ ඇති “ පිත “ පසුපසට ඒ කියන්නේ ආමාශයට ආපසු ගලා ඒමත්, තව වෛරස් රෝග, අක්මාවේ වකුගඩුවේ රෝග ආදි නොයෙකුත් කාරනා නිසාත් ඇතිවන්න පුලුවන්.



    ඔබට ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ ඇති වූ හේතුව ඔබගේ වෛද්‍යවරයා සමඟ විශේෂයෙන් සාකච්ඡා කළ යුතු වෙනවා. රෝගය වැලක්විමේදීත් රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමේදීත් එය ඉතා වැදගත් වෙනවා. රෝගයට ගන්නා පෙති කරල් හපලා කහ පෙති ආදි ඖෂධ වලට අමතරව ආහාර පුරුදු හා ජීවන රටාව, වෙනස් කර ගැනීමත් මානසික ආතතිය අඩුකර ගැනීමත් ඉතා වැදගත් වෙනවා.


    අපගේ ආහාර වෙලේ ඇති සමහර දෑ උදාහරණ ලෙස අධික තෙල්, කුලුබඩු අධික ලෙස යෙදු පොලොස් මස් වැනි ආහාර, ෂෝට්ඉට්ස් (short eats) ආහාර, පාන් හා පාන්පිටි ආහාර, තේ කහට , කෝපි ඇඹුල් කෙසෙල්, අච්චාරු වැනි අම්ලය වැනි ආහාර, අධික මිරිස් යෙදු ආහාර තෙල් සහිත මස් ‘ වර්ග‘ ඩෙවල් වැනි බයිට් වර්ග, chinese චයිනිස් රෙස්ටුරන්ට් වල ඇති ආහාර වර්ග , ආදි රෝග තත්ත්වය ඉතා උග්‍ර කරන අතර ආහාර පුරුදු ලෙස ඇති අධික ආහාර ප්‍රමාණයක් ගැනීම, ආහාර ගත් විගස නින්දට හෝ ඇඳට යාම, ශරීරයේ බර වැඩිවීම හෝ “ බඩ “ වැඩිවීම ඇඟට බඩට හිර කලිසම්, සාය වැනි ඇඳුම් ඇඳීමත් වැනි දේත් රෝග තත්ත්වය උග්‍ර කරනා දේවල් වනවා.




    ඒ නිසා ඉහත ආහාරවලින් වැලකි සිටීමත්, ආහාර පුරුදු, මත්පැන් හා අදාළ ඖෂධවලින් වැලකි සිටීමත්, බත් , එලවලු , පලතුරු , මාලු වැනි ආහාර වලට පුරුදුවීමත් නිසි වෙලාවට ආහාර ගැනීමත්, අධික ලෙස නිරාහාරව නොසිටීමත්, මානසික ආතතිය අඩුකර ගැනීමත් වැනි දේ මගින් දැනටමත් මෙම රෝගයෙන් පෙළෙන ඔබට සහනයත්, අනාගතයේදී රෝගය සෑදෙන අයට රෝග වැලක්වීමකුත් ලැබෙනා බැව් සඳහන් කළ යුතු වෙනවා.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    උදේට නැගිට්ටම පොළොවේ අඩිය තියන්න බැහැ - Today, 10:42 AM


    දැන් බොහෝ දෙනා ගැස්ට්‍රයිටීස් එහෙම නැත්නම් අම්ල පිත්තය නිසා කොයිවෙලේ බැලුවත් ඉන්නේ කටත් ඇඹුල් කරගෙන. ඔබ දන්නවාද? එසේ නැත්නම් ඔබ දැන සිටියාද? මේ රෝගය තුළින් අපගේ ලේවලට එකතුවන ආම්ලිකතාව නිසා අපට වෙනත් රෝගවලට ගොදුරු වන්නට සිදුවන බව. උදේ අවදි වුණු විගස කකුළ බිම තියන්න බැහැ. දණහිස් අමාරුව දණහිස් ඉදිමිලා. ටික වේලාවක් ඉඳගෙන හිටියාම ආයෙත් හරියනවා. මේ ආදී නොයෙකුත් රෝග ලක්ෂණවලින් ඔබ හෝ ඔබගේ ගෙදර කිසිවෙක් පීඩා විඳිනවා නම් ඔබට මේ ලිපිය කියවා බැලීම ඉතාම වැදගත් වනු ඇත. ඒ අනුව සන්ධිගතව ඇතිවන රෝග තත්ත්වයක් වන මේ පිළිබඳ අප සමඟ කරුණු කාරණා කතාබහට ලක් කළේ දේශීය පාරම්පරික වෛද්‍ය උදාර නිර්මාල් රණසිංහ වෛද්‍යතුමායි.





    මේ රෝගය පිළිබඳව එහි ලක්ෂණ පිළිබඳ කෙටි හැඳින්වීමක් කළොත්?
    අප නිසි දැනුවත්වීමක් නැති වූවත් බහුලව දැකගත හැකි රෝගයක් ලෙස හඳුන්වාදිය හැකියි. කාන්තාවන් අතර සුලබව දක්නට ලැබෙන මෙය ලේවල ආම්ලිකතාව බහුලවීම හේතුවෙන් එය අවසානයේදී ශරීරයේ අස්ථි පද්ධතියට සිදුකරන හානිය ලෙස සරලව හඳුන්වාදිය හැකියි. මෙවැනි රෝගීන් නිතර නගන මළසිවිල්ලක් වනුයේ උදේට නැගිට්ටාම අඩි දෙක තුනක් ඇවිදින්න බැහැ විලුඹ රිදෙනවා. එසේ නැත්නම් දණිස් රිදෙනවා බිම ඉඳගෙන ඉදලා නැගිටින්න බැහැ. හිරි ගතිය ආදියයි. නමුත් මේ සඳහා බොහෝ අත්බෙහෙත් වර්ග එසේත් නැත්නම් අස්ථි ශක්තිමත් කරන ආහාර වර්ග වලට යොමු වෙනවා. ස්ථිර පිළියමක් වගේම මේ සඳහා මුල්වන අපගේ දිනචර්යාවේ වැරදි අඩුපාඩු මොනවාද කියා සොයන්න පෙළඹෙන්නේ නැහැ.




    මේ සඳහා මූලික වශයෙන් හේතුවන්නේ කුමන ආකාරයේ කරුණුද?
    මීට මූලිකම හේතුව වෙලා තිබෙන්නේ අපි නියමිත පරිදි අපගේ ආහාරපාන නොගැනීමයි. අපගේ ආමාශය නියමිත වේලාවට නියමිත ප්‍රමාණයට ආහාර බලාපොරොත්තු වනවා. අපට කෙතරම් වැඩ තිබුණා වූවත් එසේත් නැත්නම් අපි කෙතරම් කාර්යබහුල වුණා කියලාවත් ශරීරය තමාගේ ක්‍රියාකාරිත්වය නතර කරන්නේ නැහැ. එනිසා අපි ආහාර ගන්නා තුරු ආමාශය බලාපොරොත්තුවෙන් ඉන්නවා. එහිදී නිසි වෙලාවට ආහාර නොගත් විට ආමාශයට උනන ආම්ලික යුෂය ආමාශයේ බිත්ති ජීර්ණය කරනවා. පසුව කුඩා අන්ත්‍ර මහා අන්ත්‍ර ඔස්සේ පහළට තල්ලු වන එම ආම්ලික ද්‍රව්‍ය අංගුලිකා මගින් ශරීරයට උරා ගන්නවා.
    ආයුර්වේදයේ මේ ක්‍රියාවලිය රසය රක්තයට හැරවීම ලෙස හඳුන්වනවා. පසුව අපගේ ශරීරය ව්‍යායාමයට ලක්වන විට මෙම රුධිරය ශරීරය පුරා සංස්රණය වනවා. එහිදී වකුගඩු මෙන්ම දහඩිය මඟින් එම අම්ල ශරීරයෙන් බැහැර කළ ද ඉතිරිවන කොටස් යම් ලෙසක ශරීරය ක්‍රියාකාරී නොවන අවස්ථාවකදී සිරුරේ පහළතම කොටස්වල විළුඹ, දණහිස් මේ ආදී ස්ථානවල තැම්පත් වෙනවා. මේ ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවන විටදී අස්ථිවල පවතින කාට්ලේජවල තැම්පත් වී එම අස්ථිය විනාශ වනවා. මේ නිසා අස්ථි එකිනෙක ගැටීමට ලක් වෙනවා.
    නිසි වේලාවට අදාළ ආහාරවේල හොඳින් නොගෙන කෘත්‍රිම කෙටි ආහාරවේල් කරා යොමුවීම නිසා අපට ආමාශය මඟින් හොඳ ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්න බැහැ.





    මේ ආකාරයට බලන විට දිනකට අප ලබාගත යුතු ආහාරවේල් තුනෙන් එක වේලක්වත් අපි නියමිත පරිදි ලබා ගන්නේ නැහැ. සාමාන්‍යයෙන් උදෑසන ආහාරවේල රජෙක් වගේ ගත යුතුයි ලෙස නියමයක් පවතින්නේ රාත්‍රියට අපි සැහැල්ලු ආහාරයක් ගන්න නිසා ඒ අතර කාලසීමාවන් ආවරණය වන්නේ මේ උදෑසන ආහාර වේලෙන් කෙසේ වෙතත් මෙවැනි අත්වැරදි නිසා අපි මෙවැනි රෝගී බවට ගොදුරු වන්නේ නොදැනුවත්වමයි.




    මේ රෝගයෙන් වැළකී සිටීමට අපට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?
    ඉහත සඳහන් කළ පරිදි මෙවැනි රෝග සඳහා අප ලබාගන්නා ආහාරවේල නිසිපරිදි නියමිත පරිදි ලබා ගැනීම වැදගත්. ඒ වගේම දිනකට අවශ්‍ය කරන ජලය පානය කරනවා නම් වඩාත් සුදුසුයි. තවද ආයුර්වේද දින දර්ශනයට මේ ලොව මනුෂ්‍යයෙකුට ජීවත්විය හැකි හොඳම ආකාරය සඳහන්.



    ඒ අනුව පුද්ගලයකු භ්‍රහ්ම මූර්තියෙන් එනම් පාන්දර 4 ට පමණ අවදි වෙනවා නම් එමඟින් ශරීරයේ නිරෝගීකමට අප නොදැනුවත්වම පරිසරයෙන් ලැබෙන දෑ බොහෝමයි. ඊට අමතරව කෘත්‍රිම ආහාරවලින් සියයට සීයක් වැළකී සිටීම වඩා නුවණට හුරුයි. ඒ අතරම අපගේ ආහාරයට එකතුවන ඇතැම් ආහාර වර්ග විශේෂයෙන් මාංශමය ආහාර වර්ග පිළිබඳ මේ වනවිට දෙවරක් සිතා බැලීමට පවා දැන් අපට සිදුවී ඇත. ඊට හේතුව ඒවා පවා දැන් ක්ෂණිකව ලබා ගන්නා දේවල් බවට පත්වෙලා.



    එනිසා හැකි සෑමවිටම එදිනෙදා ගෙදර දොරේ, වත්තේ පිටියෙන් සොයා ගත හැකි ආහාර වෙත යොමුවීම වඩා වැදගත්. නිසි විවේකය ව්‍යායාමය වගේම නිසි විරේකයත් ශරීරයට අත්‍යවශ්‍යයි. ඒ වගේම අපගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණයේ සෑම දුර්වලකමකටම අද අපි පානය නොකරන සෑම වතුර බිංදුවක්ම වගකිව යුතුª වෙනවා. එනිසා ජලය නියමිත ප්‍රමාණයට පානය කිරීම ඉතාම වැදගත්. එහිදී අවම වශයෙන් අපි අවදිව ඉන්න සෑම පැයකටම වරක් ජලය අඬු කෝප්පයක් පමණ පානය කළහොත් දිනකට අවශ්‍ය කරන ජලය අපට ලබා ගත හැකියි.





    අතීතයේ දී අපි අපගේ බත්වේල පිළියෙල කර ගත් විට අපට අවශ්‍ය කරන ව්‍යායාමය අපට ලැබුණා. නමුත් දැන් ඒ තත්ත්වය වෙනස්. ඒ නිසා ඊට සමානව අපගේ ශරීරයට අවශ්‍ය කරන නිසි ව්‍යායාමය මෙන්ම මානසික නිරවුල්භාවයද පවත්වා ගැනීම මේ සඳහා එක ලෙස වැදගත්.