හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක

පාත ඉදන් අපි ආවේ නාමල් පූජා කරන්න
දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න
:yes::yes::yes::yes:
11.gif
11.gif
11.gif
11.gif
 

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
නිමේෂයකට පසුකර ආ තාරුණ්‍යට පිය මැන්නෙමු....


ගිනි මලක් පිපුනාය දොරකඩ






මෑත වකවානුවේ කරලියට පැමිණි,වෙනස් ආරක් ගත්තු ගීයක් ගැන අද මට කියන්න හිතුනා


මට දැනගන්න ලැබුණු විදිහට ඇත්තටම මේ ගීතයට පාදක වුණු සන්සිද්ධිය බොහෝම පොඩි, නිමේෂයක් බදු ඇසිල්ලකින් සිදු වුනු සිතුවීමක්. නමුත් එ සුන්දර නිමේෂය දිග හැරෙන්නේ ගීතරචකයෙක් ඉදිරියේ නිසා ඔහුගේ අතින් මේ ගීය නිර්මාණය වෙනවා


දිනක් සරසවියක් තුල මුහුකුරාගිය ඇදුරුතුමන්ලා දෙදෙනෙකු හිස්වගිය සරසවි ශාලාවක් තුල යම්කිසි කාර්යයක නිරත වෙලා ඉන්නවා. එකපාරටම නොසිතූ නිමේෂයක ශාලාවට බොහූම සුරූපී තරුනියක් , (සරසවි ශිෂ්‍යාවක් ) දොර බාගෙට විවරකර එබිකම් කරනවා.. මේ සිද්දිය ශාලාව තුල සිටි ඇතුරු තුමන්ලා දෙන්නා දකිනවා. නොසිතූ වෙලාවක එ සුරූපී ශිෂ්‍යාව දකින ඇදුරුතුමන්ලා දෙන්නම ඒ ඇයගේ සුන්දරත්වයට මොහොතකට තිගැස්සෙනවා.තමන් සෙවු දේ ශාලාව තුල නොමැති බව තෙරුම් ගත්ත ශිෂ්‍යාව එ සැනින්ම එතැනින් නික්ම යනවා. එ නික්මයාමෙන් ලද අවසරෙන් ඇදුරු තුමන් දෙපල මූණෙන් මුහුන බලාගන්නේ සිදුවුනේ කුමක් දැයි ඔවුන් දෙපලටම තෙරුම් ගත නොහැකි නිසාවෙන්. නමුත් නැවතත් එ සුන්දර රූපයම එ දෙරෙන් මතුවෙන්නේ නැවත දෙදෙනාවම පුදුමයට පත් කරමින්


ගිනි මලක් පිපුනාය දොරකඩ
වරක් නොව තව වතාවක්
සඳක් සේ දිළිසුනා පුරපස
පිපුණී දොරකඩ රන් මලක්.....


ගැහැණියකගේ සුන්දරත්වය පහන් සිතින් විදින්න පිරිමියෙකුට වයස බලපාන්නේ නැහැ. ශුන්දර ගැහැණිය සැම විටම නෙත් ආකර්ෂනය කරගන්න මායවෙන් පරිපූර්ණයි . ඒ මායාවට මොහොතකට හෝ නතුවෙන්නට පෙර කී දෙපලට සිතුවෙනවා.


මඳහසක් දිලිසිය මුව අග
නිමේෂයකට කඩ ඉමක් ඇර
නමුදු ඒ ඇස ඉරා කඩ ඉම්
ගෙන ගියා අප අනන්තය වෙත.......


නිමේශයක් බදු ඇසිල්ලකින් සිදු වූ සිදුවීම තුල රචකයා ඔහුගේ නිර්මානය පෝෂනය කරන්න අවශ‍ය කාරනා ගොඩක් බොහොම සුන්දර විදිහට ඩැහැගන්නවා.සියුම් වූ ඇසිපියන් වල සුන්දරත්වය තමුන්ගේ නෙත් දෙකට ග්‍රහණය කරගන්න අතර තුර නිර්මාන කරුවා ඔවුන්ව කැලබූ එ නෙත් තුල ඇති කලබලකාරී,දගකාර බව බොහෝ කලකට පෙර අවසන්කල තමුන්ගේ තාරුණ්‍යයට ගෙනියනවා ...


දුටිමි අප ඇගෙ ඇස් පියන් යට
දෙසින් කැළඹූ නිල් උපුල් යුග
දැවි දැවී සැනසුණා අප සිත්
තැබී ඈ තව පියවරක් දුර .....


මේච්චර විස්තර දැම්මට මේ සිතුවීමට විනාඩි දෙක තුනක් වත් ගිහින් නැහැ......
:):):):)


 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නිමේෂයකට පසුකර ආ තාරුණ්‍යට පිය මැන්නෙමු....


    ගිනි මලක් පිපුනාය දොරකඩ

    මේ ගීතය තවත් පැත්තකින් වැදගත් වෙනවා. ඒ රචකයන් දෙදෙනෙකු විසින් රචනා කරන ලද ගීතයක් විම. රචකයන් දෙදෙනා ආචාර්ය ධම්ම දිසානායක සහ (දෙයියෝ සාක්කි! අනික් හාදයා ගේ නම දිව මුල ඇති මුත් එන්නේ නැත. මොන ගෝතකරුමක් ද මංදා!!)
    කොහොම වුණත් දෙන්නටම එකම අදහසක් පහලවිමට නම් එක්කෝ දෙදෙනා ම එකම වර්ගයේ කොක්කබාබන් විය යුතුය. නැතිනම් දෙදෙනා ගේම රුචිකත්වය එකක් විය යුතුය.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සාම්ප්‍රධායික ගී කලාවෙන් ඔබ්බට ගිය ගීතයක්...

    ශීර්ෂගත ගීතයක් පබැදීම යනු පද රචකයෙකුට කජුකනවා වාගේ වැඩකි.. පසුව කොතරම් ලොකුවට පාරම් බෑවත් බුදුගුණ, මව් ගුණ, ආදර ගීත පබැදීම ඔහුගේ හැකියාව අනුව එතරම් අපහසු කටයුත්තක් නොවේ.. අපටනම් මේවා උකහටය... නමුත් පද රචනයේ කෙල පැමිණි රචකයන්ට මේ ශීර්ෂගත ගීයන් පබැදීම එතරම් අපහසු නොවේ... මේ එම නිර්මාණ ලඝු කිරීමක් නොවේ.. ඒවා පහසු බව දැක්වීම පමණි...

    නමුත් අපි ඉතිහාසය දිගහැරියොතින් ප්‍රේමකීර්ති, සුනිල් ආරියරත්න, රත්න ශ්‍රී විජේසිංහ හා බන්ධුල නානායක්කාරවසම් මේ සීමාවන් කඩා බිද දැමූ ශ්‍රේෂ්ඨ පද රචකයින්ය.. ඔවුන් දස අතේ දකින දේ ගැන පද ඇමිණීය. සමාජ අසාධාරණයින් ගැන විලාප දුණි.. මීට වසන්ත කුමාර කොබවකද යම්තාක් දුරට අයිතිය.. එහෙත් ඔහුද පරිසයට සීමා වූවා වැඩිදෝයි මට හැගීමක් ඇති වේ..

    හොදයි අපි යමු ගීතයට.. සමාජයේ ඔබ වැනි පුද්ගලයන් පවා මේ ගැන හිතුවාදැයි සිහිකරන්න.. ඔබ නොහිතන පැතිකඩක් පද රචකයෙක් කොහොම හිතන්නද..? ඒත් එසේ සිතූ පදරචකයෙක් සහ ඔහුගේ ගීයක් රස විදීම උදෙසා මෙසේ ඉදිරිපත් කරන්නෙමි...

    ඔබ වැඩට යනවා නේද...? ඔබ වැඩට යනවිට ආයතනයට ඇතුල්වෙන තැනම මුරකරුවෙකු ඇති නේද..? ඔබ වැඩ ඇරිල හරිම මහන්සියෙන් ගෙදර එනවා පියඹුවන් සොයාගෙන... ඒත් මුරකරු..? ඔබත් මමත් ගෙදර අපේ පවුල් එක්ක.. අපේ ආයතනය රැකගනිමින් ඔහු මුර කුටියේ සේවයේ...

    හිතුවද අපි කවුරුවත් ඒ ඉන්නෙත් බිරිදක්, ළමයින් ඇති මනුෂ්‍යෙයක් කියලා... එහෙම හිතෙනවානම් හෙට දිනේදි වැඩට යද්දි ටිකක්වත් දසන් පේන විදියට කාරුණික හිනාවකින්වත් ඔහුට සලකන්න... ඒ ඇයි කියනදේ අපි ගීතයෙන්ම විදල බලමු...

    සීතල තවරා හමනා සුළගේ
    මාගත දැවටී පාවීයන්
    මුරමඩුවේ සිටිනා මගෙ තනියට
    කන්ද කපා හද පායපන්


    ඔබ වැඩ ඇරී ගියහම ඔහු තනිවම පුංචි මුර කුටියේ හිදින්නේ.. ඒවුනාට වගකීම පුංචි නෑ.. අඹු දරුවන්ගෙන් වෙන්වෙලා ඔහු සිය මුර රස්සාව.. ඔහුට දහඩියයි, ඔහුට පාළුයි, ඔහුට කාන්සියි... අපි උනත් තනියම හිටියම තනියම කියවනව නේද..? මෙන්න ඔහුත් සිය තනිකම යන්න කියවනවා.. සීතල සුළගේ ඔන්න ඔහේ මගේ ඇගටත් ටිකක් සිසිලස දීගෙනම පාවෙලා පලයන්කෝ... මට තනියි අප්පා.. පැය ගානක් මේ මුර කිටියේ තනිකම කොහොම ඉවසන්නද..? තනිකම යන්න කවුරුවත් නෑනේ.. හදේ ඔයාවත් ඔය කන්දෙන් එබිකම් කරපන්කෝ මට උඹ එක්කලවත් කතා කරන්න...

    උදයට ඇවිදින් හවසට යද්දී
    දෑසින් ඔබෙ තනිකම කියැවේ
    මැණිකේ පුතුගේ තනිය මකද්දී
    පොල්අතු මඩුවේ මා තනි වේ


    මම වැඩ ඇරිල ගෙදර යන්නෙ උදයට... ඒ ගියත් මහන්සියට ටිකක් නිදියනවා.. පස්සෙ හවස වැඩට එන්න හදනවා.. ( ඔන්න යාළුවනේ ප්‍රබල යෙදුමක් "දෑසින් ඔබෙ තනිකම කියැවේ" ඇයි මෙහෙම යෙදුමක් යෙදෙන්නේ.. වචනවලින් කිවයුතු ගොඩාක් දේවල් මෙතන තියෙනවා.. බිරිදගේ කැමැත්ත ඔබ හැම වගේම තමා .. සිය සැමියා රාත්‍රියේදී සිය උණුසුමේ තබා ගැනීම.. ඒත් ඇයට ඒ සැප ආශාව උරුම නෑ.. ඒත් ඒක සිය මුවින් ඈ කියන්නේ නෑ.. නමුත් ඇයට නොදැනීම ඇගේ දෙනෙතින් ඒක කියවෙන්නේ ඇයි... හේතුව තමා ඇයගේ ආශාව ඔහුව තබා ගැනීම උනත් ඇයත් දන්නවා ඔහු රැකියාවට නොගියොතින් ආර්ථිකව ඔවුන්ට පත්වෙන ඉරණම.. බුද්ධියට අනුව ඇය ඇගේ සැමියාට යන්න දුන්නත් .. ඇයගේ හැගීම් ඉල්ලනදේ මේ මුරකරුට ඇගේ නෙත් දැකීමෙන් පේනවා.. එය "දෑසින් ඔබෙ තනිකම කියැවේ" පදපේලියෙන් මනාවට විදහා දැක්වෙනවා නොවෙද...? ) එය කොතරම් හොදට විදහා දැක්වුවත් එය තේරුම් අරගෙන ගෙදරින් එළියට පා තබලා මුර රස්සාවට මේ මුරකරු එන්නේ කොතරම් සුසුම්ලමින් වෙන්න ඇතිද...? ඇය පුංචි පුතා එක්කලා ගෙදර ඉන්දෙද්දි.. මා තනිවම මේ මුර කුටියේ නිදි වරනවා..

    සිහින ලොවේ සිටියත් ඔබ සෙවනේ
    මටද දැනේ උනුසුම පුතුනේ
    නින්ද නැතිව සිටිනා තුන්යාමේ
    සංගු හඩට කන්දෙනු මැණිකේ


    පුතේ ඔයා නිදාගෙන ඇති නේද..? අම්මට වද නොදී ඔයා නිදි නේද..? මම මෙහෙම තනිවම සිටියත් ඔයාගේ උණුසුම මට දැනෙනවා.. තනියම ඉන්න මට හිතන්න දේවල් අපමණයි.. ඉතින් මා හැම මොහොතෙම සිතන්නෙ ඔබ ගැනමයි.. දැන් රෑ තුන්යාමය ගෙවීගෙන යනගමන්.. ඒ කියන්නෙ ඔබ නිදි ඇති පුතේ.. ඔබ සිහින දකිනවා ඇති.. ඒත් මේ මුරකාර තාත්තා තවමත් තනිවම මගේ පුතා ගැන සිහිකරනවා.. යන්නයි මේ මුල්පද කිහිපයෙන් අර්ථවත් වන්නේ.. ඉන් අනතුරුව ඔහු බිරිද ගැනයි පවසන්නේ.. ඔහු දන්නවා බිරිද නිදිනැති බව.. සිය සැමියා ගැන සිතමින් ඔහු පිළි ගැනීමට සූදානම් වෙමින්, සිය බිළිදු රැක බලාගනිමින් ඇය නින්දේ අඩ නින්දේ බව ඔහු දන්නවා... ඔහු අවසානයේ දී බවසනවා ඔබ අවදියෙන්නම් සොදුරියේ අවධානයෙන් ඉන්න වැඩ හමාර වන සීනුව (සංගු හඩ) වදිනකල්.. ඒ සීනුව වැදු වහාම මගේ වැඩමුරය නිමයි.. මා එනවා ඔබත් මගේ පුතාවත් සොයාගෙන...



    මේ අපි නොදකින නමුත් සමාජයේ බහුලවම ගැවසෙන මුරකාර ජීවිතයේ අපි නොදකින පැතිකඩක්.. හෙට දිනේදී ඔබ මේ ගීතය නිසා ඔබේ ආයතනයේ මුරකරුට සිනහවකින් සංග්‍රහ කලොත් මේ විචාරය සාර්ථකයැයි අපිට සතුටු වන්න පුළුවනි..

    මා ඉහතින් පැවසූ පරිදි ප්‍රසිද්ධ ගීත කලාව වන මව් ගුණ, පිය ගුණ, බුදු ගුණ, ආදරය විරහව වැනි ශීර්ෂගත ගීකලාවේ සීමාවන් අභිබවා නිමවා ඇති මේ ගීතයේ සරල පද රචනයක් උවත් සංගීතය ඉතා ඉහල මට්ටමක පවතින බව නොකියාම බැහැ.. සිංහල සංගීතයේ තරුකැට, රාත්‍රිය, පාළුව, තනිකම, ගුප්ත බව ආදිය ඉදිරිපත් කිරීමට යොදාගනු ලබන ප්‍රධාන සංගීත උපක්‍රම 16කි.. ඒ සංගීත උපක්‍රමයන්ගෙන් 10ක්ම මේ ගීතයෙහි යොදාගෙන ඇති බව ඔබ හොදින් රස විදීමෙන් වැටහේවි... ඒ උපක්‍රම 16 පිළිබදව පහදන වෙනත් විචාරයකින් හමුවෙමු...
     
    Last edited:

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි" එක් සන්දිස්ථානයකදී අසම්මත ප්‍රෙමයක වෙලෙන්න අර අදින කාන්තාවට යථාර්තය අවබොද වෙනවා. නමුත් මේ ලොකය ගැන පසුතැවීමක් ,කනගාටුවක් හා කලකිරීමක් තියෙනවා ඇයගේ අසම්මත ප්‍රෙමය සැබෑවක් කරගන්න බැරිවීම සම්බන්දයෙන් "මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකි, එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි"




    :baffled: :confused: :shocked::shocked::shocked:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    වැඩේ ලස්සනට කෙරීගෙන යනු පෙනේ..හැම පොස්ට් එකකටම කමෙන්ට් එකක් දැමීමට නොහැකි වීම ගැන ගොඩක් කණගාටුයි..හැමෝටම ජය වේවා..
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    වැඩේ ලස්සනට කෙරීගෙන යනු පෙනේ..හැම පොස්ට් එකකටම කමෙන්ට් එකක් දැමීමට නොහැකි වීම ගැන ගොඩක් කණගාටුයි..හැමෝටම ජය වේවා..


    කමෙන්ට් එකක් දැමීමට නොහැකි වීම ගැන ගොඩක් කණගාටුයි :baffled::rofl::P:P:rofl::baffled: ( jock hode)