තාරකා රශි චක්‍රය [Zodiac]

crash45

Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    Zodiac::::තාරකා රශි චක්‍රය

    තාරකා රාශි චක්‍රය [Zodiac]

    රැට
    අහස බැලුවොත් ඔයාලටත් එක එක පාටින් දිලිසෙන තරු ගොඩක් බලාගන්න පුලුවන්නේ...ඒවා විවිධාකාර රටාවලට පිහිටනව...
    ඔයාල සමහරක් අය එහෙම තරු නිරික්ෂනය කරලත් ඇතිනේ....මම දැන් කියන්න යන්නේ තාරකා ගැන පොඩි විස්තර ටිකක්...මෙය සරල විස්තර කිරීමක් පමනි:):):):):)

    රාත්‍රි අහසේ තියෙන විශාල තාරකා ප්‍රමානය යම් කිසි රටාවකට එකතු වෙලා තියෙනව ඔයාලත් දැකල ඇතිනෙ...ඒ වගේ රටාවකට පිහිටලා තියෙන තරු සමූහයක් තාරකා රාශියක් ලෙස හදුන්වනවා...මේ වගේ තාරකා රාශින් 88ක් පමණ රාත්‍රි අහසේ දැකගන්න පුලුවන්....


    අතරින් හිරුගෙ දෘශගමන් මර්ගයේ එනම් ක්‍රාන්තිවලය (Ecliptic) හරහා වලල්ලක් අකාරයෙන් තාරකා රාශීන් 12ක් පිහිටලා තියෙනව.මේ රාශීන් 12 තාරකා රාශි චක්‍රකියල හදුන්වන්නෙ....
    තමයි,

    1. මේෂ -Aries
    2. වෘෂභ-Taurus
    3. මිථුන-Gemini
    4. කටක-Cancer
    5. සිංහ-Leo
    6. කන්‍යා‍-Virgo
    7. තුලා-Libra
    8. වෘශ්චික-Scorpio
    9. ධනු-Sagittarius
    10. මකර-Capricorn
    11. කුම්භ-Aquarius
    12. මීන-Pisces

    scaled.php

    තාරකා රශි චක්‍රය [Zodiac]


    1.මේෂ-Aries

    scaled.php


    තාරකා රාශී චක්‍රයේ හමුවන පලමුවන තාරකා රාශිය මේෂ රාශියයි...මෙමගින් එවෙකුගේ රුවක් නිරූපනය කරයි...මෙම රාශිය ප්‍රධාන තරු 3කින් සමන්විත වේ...එනම් Bharani, හමාල් (Hamal) හා Sheratanය...මෙහි දීප්තිමත්ම තාරකාව වන්නේ හමාල් (Hamal) නමින් හදුන්වන තාරකාවයි...

    scaled.php
    scaled.php
    scaled.php


    මෙම තාරකා මණ්ඩලය දෙසැම්බර් මාසයේදී ප.ව. 9.00 ට පමණ ඉතා හොදින් දැක බලාගත හැකි වේ...
    මේශ රාශිය උතුරු අර්දගෝලයෙහි පිහිටන තාරකා රාශියක් වේ...
    මේශ රාශිය මීන හා වෘශභ රාශියට පසුබිම්ව පිහිටා ඇත...

    scaled.php

    මේශ රාශිය පියවි ඇස්ට පෙනෙන අයුරු...




    2.වෘශභ-Taurus


    scaled.php
    scaled.php


    තාරකා රාශි චක්‍රයේ දෙවනි තාරකා රාශියයි...මෙමගින් ගවයකුගෙ රුවක් නිරූපනය කරයි...මෙම රාශියේ දීප්තිමතම තාරකාව වන්නේ ගවයාගෙ ඇස නිරූපනය කරන අල්ඩෙබරන් (Aldebaran) තාරකාවය...
    මෙය අප සූර්යයා මෙන් 36 වාරයක් පමන විශාල වේ...
    වෘශභ රාශිය ඔරායන් (Orion) තාරකා රාශිය ආසන්නයේ පිහිටා තිබේ...හත්දින්නත් තරු (Pleiades) පිහිටා අත්තේ මෙම රාශිය තුලය...

    scaled.php

    scaled.php


    වෘශභ රාශිය උතුරු අර්දගෝලයෙහි ඉතා හොදින් දැක ගත හැකි තාරකා රාශියක් වේ...වෘශභ රාශිය මේෂ හා මිථුන රාශියට පසුබිම්ව පිහිටා ඇත...

    scaled.php
    scaled.php

    වෘශභ රාශිය පියවි ඇස්ට පෙනෙන අයුරු...



    3.මිථුන-Gemini

    scaled.php


    තාරකා රාශි චක්‍රයේ තුන්වන තාරකා රාශියයි...නිවුන් සහෝදරයන් දෙදෙනෙකු නිරූපනය වන මෙහි පොලක්ස් (Pollux) හා කැස්ටර් (Castor) නම් දීප්තිමත් තාරකා දෙකක් දැක ගත හැකි වේ...පොලක්ස් (වම්) හාකැස්ටර් (දකුනු) යනු නිවුන් සහෝදරයන්ගේ ශීර්ශ වේ...

    scaled.php
    scaled.php


    මිථුන රාශිය යනු ඉතා දීප්තිමත් තාරකා සහිත රාශියකි...ශීත සෘතුවේදී උතුරු අර්දගෝලයෙහි දෘශ්‍යමාන වේ...මිථුන රාශිය කටක හා වෘශභ රාශීන්ට මැදිව පිහිටා තිබේ...
    scaled.php

    මිථුන
    රාශිය පියවි ඇස්ට පෙනෙන අයුරු...



    4.කටක-Cancer

    scaled.php
    scaled.php

    තාරකා රාශි චක්‍රයේ සිව්වන තාරකා රාශියයි...හදුනාගනිමට අපහසු දීප්තියෙන් අඩුම තාරකා රාශියද මෙයයි...මෙමගින් කකුලුවෙකුගෙ රූපයක් නිරූපනය වේ...
    කටක රාශියේ ප්‍රධාන තරු හතරකින් සමන්විත වේ
    ...එනම් Decapoda, Asuellus Ausralis, Acubens හා Trafය...මී වදය(Beehive Cluster) හෙවත් එම් 44 (Messier 44) යනුවෙන් හදුන්වන තරු පොකුර මෙම තාරකා රාශියේ පිහිට ඇත...

    scaled.php
    scaled.php
    scaled.php
    scaled.php

    මෙය අප චන්ද්‍රයා මෙන් තුන් ගුනයක් පමන විශාල වේ...කටක රාශියද ශීත සෘතුවේදී දෘශ්‍යමාන වේ...මෙය මිථුන හා සිංහ රාශීන්ට මැදිව පිහිටා ඇත...

    scaled.php

    කටක
    රාශිය පියවි ඇස්ට පෙනෙන අයුරු...



    5.සිංහ-Leo

    scaled.php
    scaled.php


    තාරකා රාශි චක්‍රයේ පස්වන තාරකා රාශියයි...මෙමගින් සිංහයකුගේ රුවක් නිරූපනය කරයි...මෙහි ප්‍රධාන තරු තුනක් ඇත...එනම්
    Regulus, Algieba හා Denebola...දීප්තිමත් තාරකාවලින් යුත් විශාල රාශියක් වන මෙහි දීප්තිමත්ම තාරකාව වන්නෙ රෙගියුලස් (Regulus) තාරකාවයි...මෙය හදුනාගනීමට පහසු තාරකා රාශියකි..
    scaled.php

    scaled.php

    scaled.php

    සිංහ රාශිය වසන්ත සෘතුවේදී උතුරු අර්දගෝලයේදීත්
    ශරත් සෘතුවේදී දකුනු අර්දගෝලයේදීත් දැක ගත හැකි වේ...මෙය කටක හා කන්‍යා‍ රාශීන්ට මැදිව පිහිටා ඇත... සිංහ රාශිය තුල එම් 65(Messier 65), එම් 66, එම් 95, එම් 96, එම් 105 හා NGC 3628 නම් දීප්තිමත් මන්දාකිනි පිහිටා ඇ...



    6.කන්‍යා‍-Virgo

    scaled.php

    තාරකා රාශි චක්‍රයේ සයවන තාරකා රාශියයි...කන්‍යාවකගේ රුවක් මෙමගින් නීරූපනය වේ...මෙම තාරකා රාශිය දෙවනි විශාලතම තාරකා රාශියයි...අහසේ ඉතා විශාල ප්‍රදෙශයක් පුරා මෙය පැතිරී තිබේ...මෙහි ප්‍රධාන තරු තුනක් ඇත...එනම් Vindemiatrix, Zavijava හා Spica...රාශියේ දීප්තිමත්ම තාරකාව වන්නේ ස්පයිකා (Spica) නම් තරුවයි...

    scaled.php
    scaled.php


     
    Last edited:

    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    කන්‍යා‍ රාශිය සිංහ හා තුලා රාශීන්ට මැදිව පිහිටා ඇත... මෙ රශිය තුල එම් 49,එම් 58,එම් 59 අතුලු විශාල මන්දාකිණි ප්‍රමානයක් පිහිටා ඇත...මැයි මසදි කන්‍යා‍ රාශිය පැහැදිලිව දැක ගැනීමට හැකි වේ...

    scaled.php
    scaled.php

    කන්‍යා‍ රාශිය පියවි ඇස්ට පෙනෙන අයුරු...


    7.[FONT=&quot]තුලා[FONT=&quot]-[/FONT]Libra

    scaled.php


    [FONT=&quot]තාරකා [/FONT][FONT=&quot]රාශි [/FONT][FONT=&quot]චක්‍ර[/FONT][FONT=&quot]යේ [/FONT][FONT=&quot]සත්වන [/FONT][FONT=&quot]තාරකා[/FONT][FONT=&quot] රාශියයි[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]තරාදියක [/FONT][FONT=&quot]රූපයක්[/FONT][FONT=&quot] නිරූපනය [/FONT][FONT=&quot]කරන [/FONT][FONT=&quot]මෙහි [/FONT][FONT=&quot]දීප්තියෙන්[/FONT][FONT=&quot] අඩු [/FONT][FONT=&quot]තාරකා [/FONT][FONT=&quot]දැක[/FONT][FONT=&quot] ගත [/FONT][FONT=&quot]හැකි[/FONT][FONT=&quot] වේ[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]මෙහි[/FONT] Zuben Elakrab, Zubeneschamali, Zubenelgenubi [FONT=&quot]හා[/FONT] Brachum [FONT=&quot]නම් ප්‍ර[/FONT][FONT=&quot]ධාන[/FONT][FONT=&quot] තරු [/FONT][FONT=&quot]හතරක්[/FONT][FONT=&quot] දැක [/FONT][FONT=&quot]ගත [/FONT][FONT=&quot]හැකිය[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]තුලා[/FONT][FONT=&quot] රාශියෙහි [/FONT][FONT=&quot]දීප්තිමත්ම [/FONT][FONT=&quot]තරුව[/FONT][FONT=&quot] සුබෙන්[/FONT][FONT=&quot]එස්චෙමාලි [/FONT](Zubeneschamali)[FONT=&quot] යනුවෙන්[/FONT][FONT=&quot] හැදින්වේ[/FONT][FONT=&quot]...

    [/FONT]
    [/FONT]
    scaled.php
    scaled.php



    [FONT=&quot]තුලා[/FONT][FONT=&quot] රාශිය [FONT=&quot]ජුනි [/FONT][FONT=&quot]මාසයෙදි[/FONT][FONT=&quot] දැක [/FONT][FONT=&quot]ගැනීමට[/FONT][FONT=&quot] හැකි [/FONT][FONT=&quot]වේ[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]ක[/FONT][FONT=&quot]න්‍යා [/FONT][FONT=&quot]හා [/FONT][FONT=&quot]වෘශ්චික [/FONT][FONT=&quot]රාශීන්ට [/FONT][FONT=&quot]මැදිව [/FONT][FONT=&quot]මෙය [/FONT][FONT=&quot]පිහිටා[/FONT][FONT=&quot] ඇත[/FONT][FONT=&quot]...[/FONT]

    scaled.php

    [FONT=&quot]තුලා[/FONT]
    [/FONT][FONT=&quot] රාශිය [FONT=&quot]පියවි [/FONT][FONT=&quot]ඇස්ට [/FONT][FONT=&quot]පෙනෙන [/FONT][FONT=&quot]අයුරු[/FONT][FONT=&quot]...[/FONT]


    [/FONT]
    7.වෘශ්චික-Scorpio

    scaled.php
    scaled.php


    තාරකා රාශි චක්‍රයේ අටවන තාරකා රාශියයි...ගෝනුස්සෙකුගේ රුවක් නිරූපනය වේ...මෙමෙ රාශිය ප්‍රධාන තරු තුනකින් සමන්විත වේ..ඒවා නම් Acrab, Antares හා Sargas ...අන්ටාරස් (Antares) යනු වෘශ්චික රාශියෙ දීප්තිමත්ම තාරකාවයි..වෘශ්චික රාශිය ඔරායන් (Orion) රාශියට ප්‍රතිවිරුද්ව පිහිටා ඇති නිසා එහි එක බාහුවක් මෙම රාශිය තුලින් දැක ගත හැකි වේ...

    scaled.php

    scaled.php
    scaled.php



    මෙම රාශිය තුලා හා ධනු රාශීන් අතර පිහිටා ඇත..එම් 6 සහ එම් 7 වැනි තරු පොකුරු මෙම රාශිය තුල පිහිටා ඇත...


    scaled.php
    scaled.php

    වෘශ්චික[FONT=&quot]රාශිය [FONT=&quot]පියවි [/FONT][FONT=&quot]ඇස්ට [/FONT][FONT=&quot]පෙනෙන [/FONT][FONT=&quot]අයුරු[/FONT][FONT=&quot]...[/FONT][/FONT]
     
    Last edited:
    • Like
    Reactions: ransing

    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    9.ධනු-Sagittarius

    scaled.php


    තාරකා රාශි චක්‍රයේ නවවන තාරකා රාශියයි...දුනුවායකුගේ රුවක් මෙමගින් නිරූපනය කරයි...කෂිර් පථයේ එක් දගර බාහුවක් මෙම රාශිය තුලින් දැක ගත හැකිය...
    scaled.php
    scaled.php
    scaled.php



    එම් 23, එම් 24, එම් 25 ලෙස හැදින්වෙන තරු පොකුරු මෙම රාශියේ පිහිටා ඇත...මෙය
    වෘශ්චික හා මකර රාශීන්ට මැදිව පිහිටයි...

    scaled.php

    ධනු රාශිය පියවි ඇස්ට පෙනෙන අයුරු...

     
    Last edited:
    • Like
    Reactions: Lokka Ayya

    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    10.මකර-Capricornus

    scaled.php


    තාරකා රාශි චක්‍රයේ දසවනි තාරකා රාශියයි...මෙහි එලුවකුගේ හා මලුවකුගේ දෙමුහුම් (
    Hybrid of a Goat and a Fish) රුවක් නිරූපනය වේ...වඩා දීප්තිමත්ව දිස් නොවන තාරකා රාශියකි...මෙහි ප්‍රධාන තරු හතරක් දැක්වේ...එනම් Algedi, Dabih, Nashira හා Deneb Algiedi ය...ඩෙනෙබ් අල්ජෙඩ් (Deneb Algiedi) තාරකාව මකර රාශියේ දීප්තිමත්ම තාරකාවයි..

    scaled.php
    scaled.php


    එම් 30 නම් ගෝලාකාර තරු පොකුර මෙම රාශිය තුල පිහිටා ඇත....කටක රාශිය ධනු හා කුම්භ රාශීන්ට මැදිව පිහිටයි...

    scaled.php

    කටකරාශිය පියවි ඇස්ට පෙනෙන අයුරු...



    11.කුම්භ-Aquarius

    scaled.php


    තාරකා රාශි චක්‍රයේ එකොලොස්වන තාරාකා රාශිය කුම්භ
    රාශිය වේ..මෙය දීප්තිමත් භාවයෙන් අඩු රාශියකි...Sadalmelik, Sadalsuud, Albali හා Ancha නම් ප්‍රධාන තරු හතරකින් කුම්භ රාශිය සමන්විත වේ...
    සැඩල්සූඩ් (Sadalsuud) මෙහි දීප්තිමත්ම තාරකාවයි...මකර හා මීන රාශිය පසුබිම් කරගනිමින් පිහිටා ඇත...

    scaled.php


    scaled.php

    කුම්භරාශිය පියවි ඇස්ට පෙනෙන අයුරු...
    12.මීන-Pisces


    scaled.php


    තාරකා රාශි චක්‍රයේ අවසාන තාරකා රාශියයි...මාලුන් දෙදෙනෙකු එකිනෙකා වරල් වලින් ගැට ගැසුනු රූපයක් මෙමගින් නිරූපනය වේ...
    මීන රාශියේ Alrescha හා Simmah
    නම් ප්‍රධාන තරු දෙකක් ඇත...


    scaled.php
    scaled.php



    මීන රාශිය කුම්භ හා මේශ රාශි පසුබිම් කරගනිමින් පිහිටා ඇත...
    එම් 74 මන්දාකිණිය පිහිටා ඇත්තේ මෙම තාරකා රාශිය තුලය...


    scaled.php

    මීන රාශිය පියවි ඇස්ට පෙනෙන අයුරු...


    ඔන්න එහෙනම් දැන් වඩේ ඉවර උනා...:lol::lol::lol::lol::lol::lol::lol:
    ගොඩක් මහන්සි උනා මේක ලියන්න මචන්ලා...:nerd::nerd::nerd::nerd::nerd:
    මෙක කියවලා හොදයි කියලා හිතුනොත් කමෙන්ට් සහ රෙප් ලබා දෙන්න...
    :):):)
    Crash45.....
     
    Last edited: