2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

sachithmax

Member
Jun 9, 2007
6,597
88
0
39
de_dust 2
මගේ බොඩි එක 100%ක්ම මානව බොඩි එකක්.නමුත් ඔයාලට තියෙන තාක්ෂනයට හොයාගන්න බැරි යම් ජානමය වෙනස්කම් තියෙනවා.
මගේ ඇස්ට්‍රල් ශක්තිය හුඟක් ප්‍රබලයි.ඒක ඔයාලට වඩා වෙනස්.සමහරු මට කියලත් තියෙනවා මගේ ඇ‍ඟෙන් යම් රශ්මියක් විහිදෙනවා කියලා. සමහරු සමහර අවස්ථාවල එය දකිනවා.හැමවිටම ඇති දෙයක් නෙවෙයි.

moda katha kiyanna epa ban..modayek unata...dan minissu issara wage moda na..mole thiyanawa...umbala wage gonnu kiyana ewa hismudunin piliganna nam harakek wenna one..hina yanawa me kiyala thiyena ewata..

umbe podi nemei loku jana wenas weemak thiyenawa...mage technology ekata penawa eka...
 
Last edited:

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,526
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Now showing...:lol:

    avatar389347_7.gif
    Vs.
    avatar406275_1.gif
    :eek:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    You cant see it on photos.only few occasions some people have told me.I do not have strange body.it may be due to my high astral energy. But very rarely as I have to do covert operation till 2012.My mum told me when I was born I never cried, I just opened my eyes and smiled back to the doctors and midwifes who took me out.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :P:P බ්‍රහ්මනොස්ය මුඛමාසිත්....පුහ්:rofl::rofl: ඔරියගෙ මැව්ම් වාදය,,:D:D
    මැවුම්වාදය අපි හැමෝම පිලිගන්නවා. බෞද්ධයන් මැවුම්වාදය පිලිගන්නවා.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,526
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    You cant see it on photos.only few occasions some people have told me.I do not have strange body.it may be due to my high astral energy. But very rarely as I have to do covert operation till 2012.My mum told me when I was born I never cried, I just opened my eyes and smiled back to the doctors and midwifes who took me out.
    හරියට ෆොටෝ එකක් දැම්ම වගේ කතාව!:dull:
     
    • Like
    Reactions: XpressM and Genuine

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,595
    1,541
    113
    You cant see it on photos.only few occasions some people have told me.I do not have strange body.it may be due to my high astral energy. But very rarely as I have to do covert operation till 2012.My mum told me when I was born I never cried, I just opened my eyes and smiled back to the doctors and midwifes who took me out.

    මචන් උඹ ඉපදෙන කොට කියුවෙ නැද්ද දොස්තරයා බොට රෙන්ට පුකේ ගූ නෑ කියලා :rofl::rofl:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    දෑන් නම් ලොකු සෙට් එකක් ඉන්නවා වගෙ ඩොක්ටර් හරිස්චන්ද්‍ර මහත්තයගෙ වාට්ටුවට දාලා බෙත් කරන්න ඔනි අය

    buha.gif

     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    pala yako boru nokiya.
    mawum wadaya koheda buddagame piliganne
    ape piliganne hethu-pala dhama

    මැවුම්වාදය හැමෝම පිලිගන්නවා.එයින් අදහස් කරන්නේ අපි ඉන්න ලෝකය මැවුනේ කොහොමද කියලා. විද්‍යාව පිලිගන්නේ පරිණාමය තුලින් ජීවය මැවුනා කියන එක. කිතුනුවන් පිලිගන්නේ දෙවියන් මැව්වා කියන එක.මුස්ලිම්වරුන් පිලිගන්නේ අල්ලා මැව්වා කියන එක.හින්දුන් කියන්නේ මහා බ්‍රහ්මයන් මැව්වා කියන එකයි.බුදුන් කියන්නේ ආරම්භයේ හෝ අවසානයේ කෙලවරක් බුදු කෙනෙකුටවත් පේන්නේ නෑ කියන එක.
    නමුත් බුදුන් වහන්සේ මේකට හුඟක් වෙලාවට පිලිතුරු දෙන්නේ නැතිව සිටියේ අන්තර්සක්වල ගැන පැවසීමට කාලය එය නොවන නිසා.බුදුන් වහන්සේ තාරකා රජ කෙනෙක් වෙන්න අදහස් කලානම් අනිවාර්යෙන්ම මම වගේ ඒක හෙලිදරව්කරනවාමයි.
    නමුත් අද බිග්බැන්ග් වාදය මගින් විශ්වය මිනිසාට මවන්න පුලුවන් ශක්තිය නිපදවන්න පුලුවන් කියන එක තමයි ප්‍රබලතම මතය. ඉතින් වසර සීයකට අඩු ප්‍රාථමික තාක්ෂනයක් තියෙන මිනිසාටත් බිග්බැන්ග් මගින් නවීන තාක්ෂනය උපයෝගී කරගෙන විශ්වය නිපදවන්න පුලුවන්නම්,වසර ට්‍රිලියන ගානක තාක්ෂනයක් සහිත අන්තර්සක්වල ජීවීන්ට අලුත් ඩයිමෙන්ෂන් එකක අලුත් විශ්වයක් තාක්ෂනිකව නිපදවන්න බැරි මොකද?
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    ජූනි මාසෙත් ඉවර වෙන්න ලඟයි පුතේ බලන් හිටපන් දෙන්න උබට.
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    ඔබ කියන්නේ දමිත් කාරියවසම් ගිහිගෙයි ඉන්න රහත් මහත්තෙයෙක් කියලද?
    මේ කාලය තුල රහතුන් නෑ. අවසන් වරට රහතුන් නමක් සිටියේ බුරුමයෙන් බුදුදහම ඉගෙනගත් චීන භික්ෂුවක්.උන් වහන්සේ හිමාලය ආසන්නව වණගතව සිටියා.ඒ වසර එකසිය පනහකට විතර කලින්.

    නෑ නෑ මම කිව්වේ නැනේ දමිත් අයිය රහත් වෙලා කියල මම පිලිගන්නව කියල..එයා රහත් වෙලා නෑ..but බුදු දහම ගැන ගොඩක් දේවල් දන්නව වගේම ඒ ගැන පරීක්ෂණ කරන්න ගිහින් දැන් වැරදි වැටහීමකින් ඉන්නව කියල තමා මටනම් පේන්නෙ...මම කිව්වේ ඔබතුමා කියපු අද කලේ රහත් වෙච්ච අය නෑ කියපු කතාවට..ඒක සම්පුර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක්...:yes::yes:

    මම කලිනුත් සැරයක් කියපු වගේ බුදුන් වහන්සෙ විසින්ම,, “සුභද්‍රය මාගේ ශාසනයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ඇත. එහි සෝවාන් නැමැති පළමුවන ශ්‍රමණයකුත්, සකෘදගාමි නමැති, දෙවැනි ශ්‍රමණයකුත්, අනාගාමී නමැති තුන්වෙනි ශ්‍රමණයකුත්, අර්හත් නමැති සතරවන ශ්‍රමණයකුත් දක්නට ලැබේ. සුභද්‍රය, මාගේ ශාසනයේ භික්‍ෂූන් මනාකොට පිළිපඳින්නේනම් ලෝකය රහතුන්ගෙන් හිස් නොවනු ඇත....” කියල දේශනා කරල තියෙද්දිත් ඔයා මොන පදනමකින්ද ඔහොම ප්‍රකාශ කරන්නෙ..සම්පුර්ණ වැරදි..
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    9/11 ප්‍රහාරයට සම්බන්ධ වුනේ රාවණ අධිරාජ්‍යයා ය.



    ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට 2001 සැප්තැම්බර් 11 දින එල්ල කරන ලද ප්‍රහාරය පිළිබඳව ඇමරිකාව විසින් අල් කයීඩාවටත්, වෙනත් පාර්ශවයන් විසින් ඇමරිකානු CIA සංවිධානයටත් චෝදනා එල්ල කරගන්නා බව පසුගිය දශකය පුරාම දක්නට ලැබුණි. නමුත් සත්‍යය එය නොවේ.

    ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ වෙසෙන තම අනන්‍යතාවය හෙළි කිරීමට අකැමැති භාවනායෝගී තාපසවරයෙක් විසින් දුරකථන ඇමතුමක් හරහා වර්ගපූර්ණිකාව බ්ලොගය වෙත පසුගියදා දැනුම්දුන්නේ එය මහා රාවන අධිරාජ්‍යයා විසින් එල්ල කරන ලද්දක් බවයි. 2012 අග භාගයේදී නැවතත් නින්දෙන් නැගිටින මහා රාවන අධිරාජ්‍යයා ඊට පෙර තම යුතුකම ඉ‍ටු කිරීමටලු එවැන්නක් කළේ.

    තාපස තුමා මෙවැන්නක් පැවසුවා. "පුත තොප නොදන්නා බොහෝ දෑ මෑත කාලයේදී සිදුවී තිබෙනවා, රාවන අධිරජ්‍යයා දැන් ගොඩක් බලවත්, එතුමා දැන් ලෝක පාලනයට සූදානම්. ඒ සඳහා පෙරහුරුවක් ලෙස ලෝක බලවතාට පාඩමක් ඉගැන්වුවා....."

    රාවන අධිරාජ්‍යයා විසින් එවැන්නක් කළේ ඇමරිකාව විසින් කොටි ත්‍රස්ත හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා ඇමරිකාවට සත්‍යය වටහා දීමටත්, ඇමරිකාව විසින් ලංකාපුරයට කරන ලද අපරාධයන්ට දඬුවමක් වශයෙනුත් ය. ඊට අමතරව ඇෆ්ගනිස්ථානයේ හම්බයින් විසින් බාමියන් ප්‍රතිමා විනාශ කිරීමේ වරදට දඬුවමක් වශයෙන් ඇෆ්ගනිස්ථානය දූවිලි බවට පත් කිරීමටත්, ලිබ්යාවේ ගධා‍ෆි විසින් ලංකාපුර රාජධානිය හම්බ කොළණියක් කිරීමට කතා කිරීමට නිසා ඊට දඬුවමක් වශයෙන් ගඩා‍ෆි මරා දමා ලිබ්යාව දූවිලි බවට පත් කිරීමත්, ඉරාකයේ හම්බයින් විසින් ලංකාවේ පල්ලි හැදීමට දෙන ලද ආධාර වලට දඬුවමක් වශයෙන් ඉරාකය සුන්නත්දූලි කිරීමටත්, ඇමරිකානු රජය පෙළඹවීමට, නිදි යහයේ තාමත් ජීවමානව සිටින රාවනා අධිරාජ්‍යයා වීස්න් තම ශවකාශපානවාසකය නැමති බලගතු මන්ත්‍රය ජීවන් කර කටයුතු කරන ලද්දේයැ.

    තවද ජපානය වීස්න් කොටින්ට පක්ෂපාතී වීම නිසා ඊට සුලු දඬුවමක් වශයෙන් ජපානයේ ෆුකුෂිමා බලාගාරය විනාශ කර ජපානයට මරුවා පෙන්වන ලද්දේයැ, එනිසා රාවන අධිරාජ්‍යයාට විරුද්ධ වන්නන් මේ උදාහරණ වලින් ශ්‍රී රාවනා නාමය ඉදිරියේ දණ්ඩ නමස්කාර කර ජීවිත ගලවාගනු මැනවි. තවමත් පවතින හෙළ අසුරයින්ගේ ශක්තියත් 2012 අගදී නැගිටින රාවන අධිරාජයයාගේ පරමෝත්තම බලයත් දෑස් ඉදිරියේ වටහගනු කැමැත්තන් රාවන සෙන්පති හා එක් වන්න.

    දැන් 9/11 ප්‍රහාරය රාවනාගේම ප්‍රහාරයක් බව ඔප්පු කරන්නේ කෙසේදැයි බලමු. පහත තිබෙන්නේ ශ්‍රී රාවනා රජතුමා යුධයේදී භාවිතා කරන මුහුණු මායාවයි. එයට කියන්නේ "රණමෘණභාසිතය" යන්නයි.


    මහත් ආශ්චර්යයකි, බලන්න "රණමෘණභාසිතය" පහත රූපයේ WTC එකට ප්‍රහාරය එල්ල වෙන මොහොතේ ධූමයන් අතුරින් නැගී සිටින හැටි.


    පහත රූපයේ දැක්වෙන්නේ ශ්‍රී රාවනා රජතුමාව චීන ජාතිකයින් දු‍ටු ආකාරයයි. බලන්න චීන්නුන් පවා අපගේ හෙළ අසුර අධිරාජ්‍යයාට ගෞරවයක් පිණිස නාට්‍ය රඟ දක්වන හැටි.


    මහත් ආශ්චර්යයකි, බලන්න ඉහත චීන්නුන් රාවනා රජතුමා ලෙස හඳුනාගත් රූපය පහතින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ අළු අතරින් නැගී සිටින හැටි. මෙමගින් කියන්නේ ඉදිරියේදී චීනය ලෝකයේ වෙළඳාමේ අධිපතිත්වය උසුළන බවයි, ඒ මෙතෙක් කාලයක් චීන්නුන් ශ්‍රී රාවනට දැක්වූ ගෞරවයට උපහාරයක් වශයෙනි.
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    මුල්ලේරියාවෙන් මෑතකදී හමුවූ ඉහත දැක්වෙන සෙල් ලිපියේ පූර්ව බ්‍රාහ්මීය අක්ෂර වලින් දැක්වුන වගන්තියේ හෙළ නිරුක්තිය මෙසේය.
    "රාඅධි විශ්‍ය විසෙක්වැ ශක් ආ ඇරිකා මාහෝ වින්ෂ්‍ය කකමැ ශ ශ ප"
    එනම්,
    "රාවන අධිරාජ්‍යයා විසින් විසි එක් වන සියවස ආරම්භයේදීම ඇමරිකාවට මහා විනාශයක් කරනනව කරනවාමයි"
    මේවා ඇස් පනාපිටම දකිද්දී මවිල් කෙලින් වෙන්නේ නැද්ද?

    හෙළ අ‍ටුවා වල මේ ගැන විස්තරාත්මකව තිබුන අතර බමුනන් විසින් හෙළා‍ටුවා ගිණි තැබීම නිසා ඒවා අපට සොයා ගැනීමට නොහැකි වී ඇත. නමුත් ඒ අනුව මෙයට රාවන රජතුම සම්බන්ධ බව ඒකාන්තයි.

    වර්ගපූර්ණිකාව නැමති ඉපැරණි පුස්කොලපොතේ අනු ග්‍රන්ථයක් වන සුබෝධිපුරාණයේ තුන් වන පරිච්ඡේදය මෙලෙස දැක්වෙයි.
    "රාවන ලංකේෂ්වර නරප්‍රත්‍ය මෙයැ ගොස් ඇමරිකා තෙද අග්නි ගංගා ගලා විමානක වශ්‍ය පා ධූලිපා වනුපා මෑ ඊ කවශලනට වශයෙනැ ගොසැ බැසැ මසැ යකුසැකපැනැ"
    එහි අදහස වන්නේත් රාවන රජතුමා ඇමරිකාවේ මහා විනාශයක් කරන බවයි. නමුත් වර්ගපූර්ණිකාවත් බමුණන් විසින් ගිණි තබා ඇති නිසා අපට ඒවායේ පිටපත් දැක්වීමට නොහැකියි.

    රාවන රජතුමා විසින් එවැනි ප්‍රහාරයක් එල්ල නොකරන බවට කිසිදු සෙල් ලිපියක දැක්වෙන්නේ නැත. ඒ අනුව කිසිවෙකුට මාගේ තර්කයන් බොරුවක් බව කීමට නොහැකියි. එසේ යමෙක් කියනවනම් ඔහු ගාව ඇති සෙල් ලිපිත් ‍රැගෙන පැමිණෙන්න. ඕනැම වාදයකට හෙළගවේශකයින් සූදානම්.

    "යම් දිනෙක හෙළුවන් විසින් ලොවම මවිතයට පත් කරමින් ලෝකයේ බලවතාටත් කම්මුල් පහර ගසන බව අරිසෙන් අහුබුදු ශූරීන් මීට දසක කීපයකට පෙරදී (1972) පවසද්දී එවකට පාසල් ශිෂ්‍යයෙක්ව සිටි මා ඊට සිනාසුනෙමි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."

    Share
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    රාවණ සේනාවේ යක්ෂයින් නිල්ගල වනයට ඇවිත්. යුග විනාශයට ඔබ සූදානම්ද?



    රාවණ රජතුමාට පක්ෂපාතී වෙබ් අඩවියක් වන ලංකා සී නිවුස් වාර්තා කළ පුවතක් පහත දැක්වෙයි.
    නිල්ගල වනයට අද්භූතයන් ඇවිත්
    June 22, 2012 at 9:55 am | Lanka C News.


    බිබිල නිල්ගල වනාන්තරයේ යකුනාහේන ප‍්‍රදේශයේ දැනට සති දෙකක කාලයක සිට ආරක්‍ෂක අංශවලට අයත් යයි සැලකිය හැකි ඇඳුම් ඇඳගත් පිරිසක් සැරිසරන බවත් ඔයවුන් එම ප‍්‍රදේහයට ඇතුල් වීම සඳහා කිසිවෙකුට ඉඩ නොදෙන බවත් විවිධ අවශ්‍යතා සඳහා වනයට යන ප‍්‍රදේශවාසීහු පවසති.


    මී කැඞීම, ඖෂධ සොයාගැනීම සඳහා අවට වැසියන් නිල්ගල වනයට පිවිසෙන බවත් එහෙත් එහි යකුනාහේන ප‍්‍රදේශයට ගිය එම පිරිස් එළවා දමා යළි නොඑන ලෙස තර්ජනය කල බවත් ප‍්‍රදේශවාසීහු ප‍්‍රකාශ කරති. නිල්ගල යකුනාහේන ප‍්‍රදේශය පුරාණ ලෙන්වලින් සමන්විත පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ප‍්‍රදේශයකි.


    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පළාතේ ආරක්‍ෂක ප‍්‍රධානීන් පවසන්නේ තමන් දැනුවත්ව කිසිදු ආරක්‍ෂක කණ්ඩායමක් නිල්ගල ප‍්‍රදේශයට යවා නොමැති බවයි.​

    පසුගිය වසරේදී 2012 ලෝක විනාශය පිළිබඳව ලංකා සී නිවුස් වෙබ් අඩවිය වෙත තොරතුරු දක්වූ මධ්‍යම කඳුකරයේ අප්‍රකටව භාවනානුයෝගීව කටයුතු කරන තාපස තුමා ගේ මිත්‍ර තාපස තුමෙක් මීට මොහොතකට පෙර අපටත් දුරකථන ඇමතුමක් ලබා දුන්නේය. සම්‍යක් දෘෂ්ටික දෙවිවරු මාර්ගයෙන් ලැබුණු මේ දැනුම ශ්‍රී ලාංකික ජනතාවගේ අවධානය පිණිස ඉදිරිපත් කරන අතර එතුමාගේ ඉල්ලීම මත පුද්ගල අන්‍යතාව හෙළි නො කෙරේ. එතුමා බලාපොරොත්තු වෙන්නේ රාවණ රජතුමාගේ පුනරාගමනය ගැනත් ඊට හෙළයින් සූදානම් විය යුතු ආකාරය ගැනත් දැනුවත් කිරීමයි. කිසිදු සංස්කරණයකින් තොරව එම සම්මුඛ සාකච්ඡාව ඒ ආකාරයෙන්ම මෙහි පළ වේ.

    වර්ගපූර්ණිකාව: ආයුබෝවන් ඔබතුමාට
    තාපසතුමා: ආයුබෝවන්, රාවණ සිද්ධම්!

    වර්ගපූර්ණිකාව: ඔබතුමා රාවණ රජතුමා ගැන සොයන්න පටන් අරන් කොච්චර කල්ද?
    තාපසතුමා: දැනට අවුරුදු හයසීයක් විතර වෙනව. කුණ්ඩලීනී යෝගයේ ආයුෂ්කාර ශක්තියෙන් තමයි මෙච්චර කාලයක් ජීවත් වුනේ. ඒක නෙමෙයි, තමාට වැඩක් නෑනෙ මං ගැන. තමා රාවණ රජතුමා ගේ පුනරාගමනයට සූදාන වෙන්න, මගේ ගැන හොයල වැඩක් නෑ.

    වර්ගපූර්ණිකාව: ඔබතුමාට කීමට තිබෙන විශේෂ පණිවිඩය කුමක්ද?
    තාපසතුමා: මගේ ජංගම දුරකථනයේ විදුලි කෝෂයේ ආරෝපණය අවසාන වෙන්න ලඟයි, මෙහෙ ඒව ප්‍රති ආරෝපණ කරන්න තැනකුත් නෑ, ඒ නිසා කෙටියෙන් කියන්නම්.
    මෙය මගේ හිතුමතේට පවසන දෙයක් නොවෙයි. එය විශේෂයෙන්ම ප්‍රථමයෙන් සඳහන් කළ යුතුයි. මේ පණිවිඩය ශ්‍රී ලංකාවාසීන්ට දීමට අවශ්‍යව ඇත්තේ රාවණ රජතුමාගේ යක්ෂ සේනාවේ අභයන්තර යුධ කටයුතු භාර සේනාධිපති මහාරක්ඛිත ජෙනරාල් තුමාටයි.

    වර්ගපූර්ණිකාව: හා
    තාපසතුමා: 2012 අගදී සිදුවන යුග විනාශයත් සමගම ශ්‍රී රාවණ රජතුමාගේ පුනරාගමනයට රාවන රජතුමාගේ යක්ෂ සේනාව සූදානම් වෙනවා. ඒකේ ප්‍රධානතම යුධ කේන්ද්‍රස්ථානය වන්නේ නිල්ගල පෞරාණික ලෙන් වලින් ගහන වණාන්තරය. ඒ නිසා කරුණාකරල ඒ පැත්තට කවුරුත් යන්න එපා. එහෙට ගිය කෙනෙකුට වෙන දේ හිතාගන්නවත් බෑ.

    වර්ගපූර්ණිකාව: රාවණ රජතුමා ඔච්චර බලවත්නම් ඇයි අපේ රට දියුණු කරන්න උදව් නොකරන්නෙ?
    තාපසතුමා: ඒකට තමයි පුතා මේ එතුමා හදන්නෙ. 2012 අවසාන වෙනතෙක් සිටින්න, ඉවසන්න.

    වර්ගපූර්ණිකාව: නෑ මම කිව්වෙ ඊට කලින් වුණත් රටට යම් උදව්වක් කරන්න තිබුණ නේද?
    තාපසතුමා: බලන්න පහුගිය 30 අවුරුද්දක් තිස්සේ ගිය යුද්දය අවසාන කරන්න උදව් වීමට රාවණා රජතුමා තම පුද්ගලික හමුදා ඛණ්ඩයක් යෙදෙව්ව. ඒකට තමයි "මහසොහොන් බලකාය" කියල කියන්නෙ. ඒකෙ ඉන්නෙ ඔක්කොම රාවණා රජතුමාට පක්ෂපාතී යක්කු. මහාචාර්ය නලින් සිල්වා මහතා කිව්ව මතකද ගිය අවුරුද්දෙ අගදී ඇමරිකාවෙන් ලංකාව ආක්‍රමණය කරනව කියල. ඒ බව දැනගත්ත රාවණා රජතුමා තම මායා බලය යොදවල ඒක නැවැතුව. ඔය දෙක විතරක් මදිද පුතා? රාවණ රජතුමා නොසිටින්න අද ලංකාව තනිකර අළු ගොඩක්.

    රාවණ රජතුමාගේ නිර්මාණයක් වූ මහසොහොන් යුධ ඇඳුමෙන් සිටින, මහසොහොන් බලකායේ හෙළ යක්ෂයෙක්.
    වර්ගපූර්ණිකාව: රාවණ රජතුමාගේ පැමිණීම අපට බලපාන්නේ කෙසේද?
    තාපසතුමා: දේශපාලනමය වශයෙන් වෙනස් කම් සිදුවේවි. අපේ ජනාධිපති තුමා යන්ත්‍ර මන්ත්‍ර ආදිය විශ්වාස කරන ශ්‍රී රාවණ පාක්ෂිකයෙක් බැවින් එතුමාට කිසිදු ගැටළුවක් නෑ. එසේම එතුමාත් මේ ගැන දන්නව ඇති. පසුගිය දිනවල රාවණ පාක්ෂිකයින් විසින් ආරක්ෂක අංශ වලටත් හොරෙන් ඉතාමත් රහසිගතව රාවන රජතුමාගේ කඩුව සහ නිදන් ගත කළ න්‍යෂ්ඨික අවි ආයුධ (විශේෂයෙන්ම නාගපාෂණය, භ්‍රහ්ම අවිය, නීල පාෂාණය, ගුරුලුපාදය) සහ පුෂ්පක විමානය නිල්ගල යකුනාහේනට ගෙන ගොස් තැන්පත් කර තිබෙනව. විපක්ෂයේ මිනිස්සු අපරාදෙ අහක ඉන්න අයට බැන බැන හිටියෙ.
    නිල්ගල කියන්නෙ, රාවණ රජතුමාගේ න්‍යෂ්ඨික අවි තිබුණ ස්ථානය. නිල්=නීල, ගල=පාෂාණය, හෙවත් "නීල පාෂාණය" ලෙස හැඳින්වෙන්නේ ඉපැරණි න්‍යෂ්ඨික අවි වලටයි. සාමාන්‍යයෙන් නිල් පාටින් නිරූපණය කරන්නේ න්‍යෂ්ඨික අවි නිසා මං කියන කතාව ඔප්පු වෙනව. එසේම යකුනාහේන කියන්නේ යකු=යක්ෂ, නා=නායක, හේන=සේනාව, ඒ අනුව නායක යක්ෂයින්ගේ සේනාව තමයි යකුනාහේනේ පෙරහුරු පවත්වන්නේ. මම කලින් කිව්ව මහාරක්ඛිත ජෙනරාල් තුමා තමයි එහි ප්‍රධානිය. ඉතින් ඔවුන් කොයි මොහොතක හෝ සිදුවන රාවණ පුනරාගමනයට සූදනමෙනුයි සිටින්නෙ.

    වර්ගපූර්ණිකාව: රාවණ රජතුමා නැවත එන්නෙ කොහොමද?
    තාපසතුමා: ඔයා ජනමාධ්‍යවේදියෙක් නේද? දන්නෙ නැද්ද රාවණ වංශිකයින්ගේ නිල පුවත්පත වන දිවයින පුවත්පතින් ඒක වාර්තා කරල තිබ්බ.


    පිටසක්‌වල යානා 3ක්‌ පෘථිවියට එයි


    2012 වසර අවසානයේදී දැවැන්ත අභ්‍යවකාශ යානා තුනකින් පෘථිවියට ප්‍රහාරයක්‌ එල්ල වේ. මේ අබිරහස්‌ තොරතුරු හෙළිකරන්නේ හාස්‌[1] නමැති විමර්ශන පද්ධතියයි. හාස්‌[1] විමර්ශන පද්ධතිය ඇත්තේ ඇලස්‌කාවේය. පිටසක්‌වල ජීවීන්ගේ ආගමනය විමර්ශනය කිරීම සඳහා වූ මේ පද්ධතිය ස්‌ථාපිත කර ඇත. පෘථිවිය වෙත ඇදී එන මේ දැවැන්ත පිටසක්‌වල යානා තුනින් එකක්‌ කිලෝමීටර් 240 ක්‌ තරම් විශාලය. අනිත් දෙක ඊට වඩා කුඩාය. මෙය ඇදහිය නොහැකි පුවතකි. එහෙත් හාස්‌ පද්ධතිය පවසන්නේ මේ යෝධ පිටසක්‌වල යානා තුන දැන් ප්ලූටෝ ග්‍රහයා, සමීපයේ ඇති බවයි. මේ යානා අඟහරු ග්‍රහයා සමීපයට ළංවෙත්ම ඒවා පෘථිවියේ දුර දක්‌නවලට පෙනෙන බවද හාස්‌ පද්ධතියේ පරීක්‍ෂකයෝ පවසති. මේ අනතුරුදායක තත්ත්වය ගැන ඇමරිකානු රජයට දන්වා ඇති බවද රුසියානු ප්‍රවෘත්ති සේවය කියා සිටියි.


    මේ යානා පෘථිවිය වෙත සමීප වෙන්නේ 2012 දෙසැම්බර් මාසයේදීය. 2009 මාර්තු 15 වැනිදා නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පත පුවතක්‌ ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ මැච්නාන් නමැති චීන නිලධාරියා විසින් "නාසා"[2] ආයතනයේ රහස්‌ ඡායාරූප 1000 ක්‌ විමර්ශනයට පත්කළ බවත් එම ඡායාරූපවල මිනිස්‌ පා සටහන් පමණක්‌ නොව මිනිස්‌ සිරුරක්‌ පවා තිබූ බවයි. මෙම මිනිස්‌ සිරුර පිටසක්‌වල යානාවකින් සඳ මතට විසිකරනු ලැබුවක්‌ බවද පවසන එම චීන නිලධාරියා "ලුනා" යානාවකින් එකී ඡායාරූප ගත් බවද හෙළිකර ඇත.


    මෙයට සමාන තොරතුරු හෙළි කළ නාසා[2] ආයතනයේ ඡායාරූප ඒකකයේ නියමු ප්‍රධානියා වූ ආචාර්ය කෙන් ගොන්ස්‌ටන් පැවසුවේ ඇමරිකානු අභ්‍යවකාශගාමින් සාදවා තිබූ කෘත්‍රිම නෂ්ටාවශේෂයෙන් හා නොහඳුනන යන්ත්‍ර රැසක්‌ සොයාගත් බවයි. එහෙත් මේ තොරතුරු ඇමරිකානු රජය විසින් රහසිගතයි යනුවෙන් දක්‌වා ඒ ගැන මහජනතාවට හෙළිකර නැත. 1969 අගෝස්‌තු 3 වැනිදා සඳ මත තත්ත්වය පිළිබඳව ගත් මෙම ඡායාරූප සම්බන්ධව තොරතුරු වසන් කිරීමට "නාසා"[2] ආයතනයද ක්‍රියා කර ඇත. මේ ඡායාරූප ඉතාම පැහැදිලියි. මිනිස්‌ සිරුරක්‌ සඳ මත තිබුණා යෑයි එම චීන නිලධාරියා විසින් හෙළිකර තිබේ.


    මේ අතර සෙම් නමැති ආයතනයද මේ රහස්‌ හෙළිකර ඇත. ඔවුන්ද පැවසුවේ පිටසක්‌වල යානා තුනකින් ප්‍රහාරයක්‌ එල්ල වන බවයි. මායාවරුන්ගේ දින දර්ශනය 2012 දෙසැම්බර් 21 වැනිදා අවසන් වේ. මායාවරුන්ගේ දින දර්ශනය හා පිටසක්‌වල යානා තුන අතර සබඳතාවක්‌ තිබේද?
    කීර්ති වර්ණකුලසූරිය

    අ‍ටුවාව [1]: හාස් යනු රාවණ රජතුමාගේ ඉපැරණි ගුවන් ආරක්ෂණ පද්ධතියක්. හා=හානි වාර්තාකරන, ස්=ස්ථම්භය, ඒ අනුව "හානිවාර්තාකරන ස්ථම්භය" හෙළදිවේ පිහිටා තිබුණේ හානිගල වනාන්තරයෙයි. එසේම "හාස්කම්" කියල රාවණ යුගයේදී හැඳින්වුවේ එම හාස්="හානි වාර්තා කරන ස්ථම්භයේ", කම්=ක්‍රියා වලටයි. සුද්දො ඒ හෙළ හාස් තාක්ෂණය සහිත ස්ථම්භය සොරකම් කළාට ඒකෙ නම වැරදියට සෙල් ලිපියකින් කියවලයි හාප් [HAARP] කියල කියන්නෙ

    අ‍ටුවාව [2]: නාසා යනුත් ඇමරිකානු මහාද්වීපයේ තිබූ රාවණ රජතුමාගේ ඉපැරණි අභ්‍යවකාශ ගවේශණ මධ්‍යස්ථායක්. නා=නාසය, සා=අහස, ඒ අනුව "අහස දෙසට ඇති නාසය" යන හෙළ නිරුක්තියෙන් තමයි නාසා බිහි වන්නෙ. නාසයෙන් කරන්නේ යමක් හඳුනාගැනීම වගේම, නාසා වලින් කෙරෙන්නේ අහසේ අති දෑ හඳුනාගැනීමයි. නමුත් සුද්දන් අපගේ හෙළ ශිෂ්ටාචාරය යටපත් කිරීමට ඒකට වෙනත් [NASA] තේරුමක් දීල.​
    එම පිටසක්වල යානා පැමිණෙන්නේ ප්‍රිඩෝටර් නැමති ග්‍රහලෝකයෙන්. ඔවුන්ගේ අරමුණ තමයි රාවණ රජතුම නැවත බලයට පත් වීම වැළැක්වීම. ඉතින් ඔවුන් මුළු ලෝකයම විනාශ කරන්නේ නෑ. නමුත් ජ්‍යොතිෂ්‍යඥයින් පවසන පරිදි රාවණාසේනාව ඉන් අනිවාර්යයෙන්ම දිනනව. එනිසා ඇත්තටම මේක ලෝක විනාසයක් නොවෙයි. ලෞකික රවණවිරෝධී ලෝකයේ බිඳ වැටීමක්. මේ යුගයෙන් පසුව මහාවංසය ඉවත් වී රාමායනය ජය ගනන්ව. ඒ සඳහා පිටසක්වලයන් පෘථිවියට පහර දීම විශාල බලපෑමක් කරාවි.

    වර්ගපූර්ණිකාව: පිටසක්වලයන්ගේ ආක්‍රමණයෙන් ලක්වැසියන්ට හානියක් වේවිද?
    තාපසතුමා: අනිවාර්යෙන්ම ඔව්; ඒ බලපෑමෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්න අපටත් බැහැ. ලියලා තියා ගන්න අපේ රටට පිටසක්වල ජීවීන්ගෙන් එක මිසයිලයක් හරි පාත් වෙනවා. මිනිස්සු හරියට හිටියොත් විශේෂයෙන්ම රාවණා රජතුමාට අපහාස කරමින් පණ්ඩිත කතා කිව්වෙ නැත්නම් වෙන හානියක් නැති වේවි. නැත්නම් ප්‍රිඩෝටර් ග්‍රහ ලෝකයෙන් එන පිටසක්වල ජීවීන් විසින්, රාවණා රජතුමට ‍රැක ගැනීමට නොහැකි වූ අර ද්‍රෝහීන්ගේ හිස් කබල් විද මොළය එලියට ගෙන ජානමය වශයෙන් වැඩිදියුණු රෝබෝවරුන්ව හදාවි.

    වර්ගපූර්ණිකාව:- ඔබ ඔය ඇත්තද කියන්නේ? අප කොහොමද ඔය කතාව විශ්වාස කරන්නේ?
    තාපසතුමා:- විශ්වාස කරන නොකරන එක ඔබගේ වැඩක්. නමුත් මේ කතාව ඔබගේ මාධ්‍ය තුලින් හෙලි කරන්න. එක පුද්ලගයකුගේ හෝ වෙනස්වීම මේ මොහොතේ වටිනවා. මතක ඇතිව විශ්වාස නොකරන අයට කියන්න දින වකවානු ඇතිව ලියලා තියාගන්න කියලා 2012 සැප්තැම්බර් අන්තිම සතියේ ඉදන් 2012 දෙසැම්බර් අන්තිම සතිය වෙනකන් ඉහතින් සඳහන් කළ සියළුම දේවල් නියත වශයෙන්ම සිද්ධවන බව. එහෙම වුණෙ නැත්නම් මම මගේ කණ කපනව.

    වර්ගපූර්ණිකාව: මා ඔබතුමාව විශ්වාස කළත් මැදහත් පාථකයින් වෙනුවෙන් කිසියම් හෝඩුවාවක්වත් දෙන්න පුලුවන්ද?
    තාපසතුමා: රාවණා රජතුමා නිදා සිටිම මහ කුඩු ගල පර්වතයේ දකුණු පැත්තට වෙන්න විශාල ප්‍රපාතයක් තියෙනව. ඒ ප්‍රාපාතයේ මද දුරක් යටට ගියොත් ඔබට කුඩා සෙල් ලිපියක් දැකගන්න පුළුවන් වේවි. එහි අතීත ආකාෂාවාස බාසාවෙන් සටහන්ව තිබෙන්නේ මෙවැන්නක්.
    "හෙනෝකිසගොලළුන්රීඳතද්වඩිමහානදන්වකි"
    එය ඛණ්ඩනය කර හෙළ ප්‍රකෘතියෙන් පළ කළ විට මෙලෙසැයි.
    හෙනෝ=හෙනයක් සේ, කිස=කර්තව්‍යය, ගොලළුන්=නිෂ්ශබ්දව, රීඳ=රාවන, තද්=තෙද, වඩිම=පැමිණීම, හාන=හානිය, දන්වකි=දන්වමි, මෙහි අරුතනම්, "නිශ්ෂබ්දව සිටින රාවනයන් හෙණයක් සේ පැමිණ තම කර්තව්‍යය කිරීමේදී හානිය(යුග විනාශය) විය හැකි බව දන්වමි" යන්නයි. රවුන්ගේ ආගමනය සහ යුග විනාසය සම්බන්ධ වන්නේ එලෙසැයි.

    වර්ගපූර්ණිකව: රාවණ රජතුමාගේ පුනරාගමනයට මුහුණ දීමට අප කරන්න ඕනැ මොනවද?
    තාපසතුමා: විශේෂයෙන්ම පහත දැක්වෙන රාවණා මන්ත්‍රය දිනපතා ජප කරන්න.
    ඕං දිට්ඨි රාවණ පෘෂ්‍ය නඣුහාර ප්‍රඨණ්ඩාර වර වර සොත්ති ප්‍රභාධයුඛ්. නමෝ රාජ මන්ද්‍ර මහේන්ද්‍ර වස්ථු හෝති විජ්ඣිකෝ පායුඝ් සමණාසව: කළුබණ්ඩාර කින්ද යක්ඛ වජ්ජාපියා සෝතුං ඒස්වහ:
    ඊට අමතරව , මෙහි පහතින් දැක්වෙන ‘විශේෂ සළකුණු ඇතුලත් පිංතූරය’ හැකි නම් මුද්‍රණය කර සහ හැකි නම් රාමූ කර නිවසේ බුදු පිළිමට පහළින් දෙවිවරුන්ගේ රූපවලට සමාන්තරව හෝ පහළින් තබා ගන්නා ලෙසට පාඨකයින් දැනුවත් කරන්න. පුතා, මේ ලිපිය හැකි තරම් බෙදා හරින්න කියල ඔයාගේ පාථකයින්ට පවසන්න, නැත්නම් අපේ අසරණ මිනිස්සු නොදැනුවත් කමින් ලොකු අමාරුවක වැටේවි.
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    නාසි ආඥාදායක හිට්ලර් යනු රාවණ ගේ අනුගාමික ලංකාවේ ඉපදුන හෙළයෙකි



    ජර්මානු නාසි ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් ගැන ඔබ අසා නැතිවාට සැක නැතිය. සුද්දන් විසින් අපට ලියා දුන් විකෘති කරන ලද ඉතිහාසයට අනුව ඔහු දරුණු ඒකාධිපතියෙක්ය, ජන ඝාතකයෙක්ය, වර්ගවාදියෙක්ය. සුද්දන් විසින් කියපු දේවල් ඒ ලෙසම පිළිගැනීමට අපගේ මනස හැඩගස්වා ඇති නිසා ඔබ මෙතෙක් කල් එහෙම හිතුවත් ඔබට මම දොස් නොකියමි. වර්ගපූර්ණිකාව බ්ලොගයෙන් මේ හෙළිදරව් කරන්නට යන දෙයින් ඔබගේ ඒ අදහස වෙනස් වේවි යැයි පතමි.

    මීට මාස කීපයකට පෙර මා මධ්‍යම කඳුකර ප්‍රදේශයේ රහසිගත ලෙනක සිට කුණ්ඩලීනී යෝගයේ විමංභා ශක්තියට සම වැදී සිටිමින් රාවනා ශක්තියට අනුලෝම වන්නට හදමින් හෙළ ඉතිහාසය ගැන විමසද්දී පෙනී ගියේ ඇඩොල්ෆ් හිට්ලර් යනු හෙළ රකුසෙක් බවත් ඔහු රාවණා රජතුමාගේ අනුගාමිකයෙක් බවත්ය. එහිදී මා හට ප්‍රත්‍යක්ෂ වූ කරුණු එකින් එක මෙලෙස දක්වන්නම්.

    ඇඩොල්ෆ් හිට්ලර්ගේ පියාගේ නම අලෝයස් හිට්ලර් ය. අලෝයස් හිට්ලර්ගේ මව හෙවත් ඇඩොල්ෆ් හිට්ලර් ගේ ආච්චීගේ නම මරියා ඈනා ස්චික්ල්ගෘබර් ය. නමුත් අලෝයස් හිට්ලර්ගේ පියාගේ නම ඔහුගේ උප්පැන්න සහතිකයේ දැක්වෙන්නේ නැති නිසා අලෝයස්ට කුඩා කාලයේ සිටම තම මව වූ මරියාගේ වාසගම වන ස්චික්ල්ගෘබර් භාවිතා කරන ලදී. ඒ අනුව ඔහු කුඩා කල අලෝයස් ස්චික්ල්ගෘබර් නම් විය. නමුත් 1842 දී ජොහාන් නෙපොමුක් හීඩ්ලර් සමග මරියා විවාහ වූ අතර එතැන් සිට අලෝයස් තම වාසගම ලෙස හීඩ්ලර් යන්න භාවිතා කරන ලදී. අවුරුදු 39 සපිරුන තැන අලෝයස් විසින් තම වාසගම හීඩ්ලර් වෙනුවට හිට්ලර් ලෙස භාවිතා කරන ලදී, ඒ අනුව ඔහු එතැන් සිට අලෝයස් හිට්ලර් නම් විය. අලෝයස්ගේ පුතා වූ ඇඩොල්ෆ් ගේ වාසගමද හිට්ලර් නම් වී ඇඩොල්ෆ් හිට්ලර් බිහි විය.


    දැන් අප හෙළගවේශකයින්ට ප්‍රශ්නයක් මතු වෙනවා අලෝයස් හිට්ලර්ගේ ඇත්තම තාත්තා හෙවත් හිට්ලර්ගේ සීයා කවුද බව. මන්ද යත් ඒ නම ඉතිහාසයෙන් සැඟවී(සඟවා) තිබෙන නිසයි. ඉතින් මේ ගැන දිගින් දිගටම මෙනෙහි කරමින් කුණ්ඩලීනී යෝගයට සමවැදී සිටිය පසු ටික දවසකින් මා හට පෙන්නුම් කෙරුණ ලකුණක් අනුව නිගමනයකට බැස්සෙමි. එනම් මහරගම නීලම්මහර පන්සලට ගොස් මේ ගැන යම් කටයුත්තක් කර බැලීමයි. එහිදී හමුවූ දහ නව වන සියවසට අයත් පෞරණික පුස්කොළපොතක සඳහන් වුණ ආකාරය අනුව මට දෑස් අදහාගන්න නොහැකි වුණි. එනම් වරක් මරියා ඈනා ස්චික්ල්ගෘබර් හෙලදිවට පැමිණි අතර එහිදී ඇය රාක්ෂ ගෝත්‍රයෙන් පැවත එන රනවීරලාගේ හිතලයා නැමැති තරුණයා සමග විවාහ වී සිට ඔහු අතින් ගැබ් ගත්තාය. නමුත් තම දරුවා ලැබීමෙන් පසුව නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඇයට නැවතත් ජර්මනියට යාමට වූ අතර එහිදී හිතලයා පර රට යාමට අකමැති බැවින් ඔහුව හෙළදිවේ තබා යාමට සිදුවිය. ඉතින් මරියාට දාව උපන් අලෝයස් යනු රකුස් ලේ ධාතුව ඇති හෙළයෙකි. අලෝයස්ට වයස 39 වන විට ඔහුගේ පියා වූ රනවීරලාගේ හිතලයා ගැන දැනගන්නට ලැබුණ අතර "හිතලයා" යන නමට ගැලපෙන පරිදි "හිට්ලර්" ලෙස තම වාසගම සකසාගන්නා ලදී. අලෝයස්ගේ පුතා වූ ඇඩොල්ෆ් හිට්ලර්ද හෙළ රකුසෙක් බව දැන් පැහැදිළියි නේද?

    මේ සොයා ගැනීම ඉතිහාසය උඩුයටිකුරු කළා. ඒත් මේ මතය ඉදිරිපත් උනාම ප්‍රශ්නයක්‌ ආව ලෝකෙ තියන විශ්ව විද්‍යාල වලින්. ඔවුන් කිව්වා මේ මතය පිළිගන්න බෑ කියලා. ඒ එක්‌කම ක්‌ෂේත්‍රයේ හිටපු මාවත් ප්‍රශ්න කරන්න ගත්තා. එ දවස්‌වලම ජර්මන් විශ්වවිද්‍යාලයෙ විද්වත්තු දෙන්නෙක්‌ ආවා. එක්‌කෙනෙකුගෙ නම ආචාර්ය හීකෲච්. මේ හැමෝම මාව ප්‍රශ්න කළා. එදා පටන්ගත්ත ඒ ප්‍රශ්න කිරීම තවමත් නැවතිලා නෑ. ගිය සතියෙත් පේරාදෙණිය සරසවියෙන් දෙන්නෙක්‌ ඇවිත් මේ පුස්කොළපොත ඇත්තක්‌ද ඇහුවා. ඒත් මේ ප්‍රශ්නය දැන් නිරාකරණය වෙලා ඉවරයි.

    ආර්යයන් යනු අප හෙලුවන්ම බව දන්නෝ දනිති. හිට්ලර් තුමා තමන් ඇතුළු ජර්මානු ජනතාවම ආර්යයන්ගෙන් පැවත එන බව දැඩි ලෙස විශ්වාස කළේය. ඒ අනුව ආර්යයන් ලොව පාලනය කළ යුතු යැයි ඔහු ජනමතයක් සෑදීය. හෙළුවන්ට නැවතත් ලොව දිනා දීමට ගිය චක්‍රවර්තී රාජ්‍යයක ඔ‍ටුනු නොපළන් කුමාරයාගේ කතාව එලෙස ඇරඹින.

    හිට්ලර් තුමාගේ පක්ෂය වූයේ නාසි (Nazi) පක්ෂයයි. හිට්ලර් තුමා එවැනි නමක් යොදා ගත්තේ ඇයි කියා ඔබ මොහොතකට හෝ හිතුවාද? සාමාන්‍යයෙන් සුද්දන් දැන සිටියේ Nazi යනු National Socialism බවයි. නමුත් ඇත්තෙන්ම නාසි යනු නා=නායක, සි=සිංහල යන්නයි. එනම් "සිංහලයේ නායක" යන අරුත එහි ඇත. හිට්ලර් තුමාගේ අරමුණ වූයේ මුලින්ම කිසිවක් හෙළි නොකර මුළු ලොවම සිංහල අධිරාජ්‍යයට එකතු කිරීමයි. නමුත් එය නොදැන අපගේ සමහරක් නාසිවාදියා කියමින් හිට්ලර් නම් හෙළ රකුසාට ගරහයි.

    හිට්ලර් තුමාගේ සිංහලයේ නායක පක්ෂයේ පක්ෂ ලාංඡනය වූයේ ස්වස්තිකයයි. ස්වස්තිකය යනු හෙළ රකුසන්ගේ ලාංඡනය බව හෙළ ඉතිහාසය දන්නෝ හොඳින් දනී. චක්‍රවර්තී රාජ්‍යයක් උදෙසා දික් විජය තුළින් ලෝකය එක් සේසත් කිරීමට ගිය ගමනේදී තම සීයාගෙන් උරුම වූ රකුස් ලේ ධාතුවට ගෞරවයක් වශයෙන් හෙළ රකුසන්ගේ ස්වස්තිකය තම "සිංහලයේ නායක" (Nazi) ධජයේ කොටසක් කරගැනීමටත්, එතැනින් නොනැවතී ස්වස්තිකය හැම විටම තමාගේ සහ අතවැසියන්ගේ අතේ ගහගැනීමටත් මේ හෙළැ පුතු කටයුතු යෙදීය. බලන්න ඔහු අප හෙළයට දක්වන ගෞරවය...


    හිට්ලර් තුමාට තිබූ විශේෂ ආත්මාරක්ෂක හමුදාව වනුයේ SS යන්නයි. අංගම්පොර යුද මායා ශාස්ත්‍රය පරතෙරටම හැදෑරූ යුද්ධයේ අති දක්ශයෙක් වූ හිට්ලර් තුමා විසින් එම හමුදාව ජර්මානු බසින් "Shutzstaffel" හෙවත් "ප්‍රීටෝරියන් ආරක්ෂකයින්" (ප්‍රිටෝරියන් යනු ප්‍රිඩේටර් ලාව හඳුන්වන නමයි, ආදි හෙළුවන් ප්‍රිඩේටර්ලාගෙන් පැවතෙන හැටි ඉදිරි ලිපියකින් වර්ගපූර්ණිකාව බ්ලොගයේ ලියන්නම්) ලෙස හඳුවන ලදී, එලෙස හැඳින්වූයේ එතුමාගේ යුද රහස් පර සුද්දන්ගෙන් ‍රැක ගැනීමටය.

    නමුත් හිට්ලර් තුමා විසින්ම රචිත "Mein Kampf" නැමැති පොතේ දැක්වෙන්නේ, SS හි සැබෑ අරුත වනාහී "සිංහල සේනා" (Sinhala Sena = SS) යන්නයි. එය ජර්මානු බසින් මේන් කම්ෆ් පොතේ මෙලෙස ලියා ඇත. Meine persönliche Leibwächter sind SS. Seine Bedeutung ist "Sinhalese Sena".

    සුද්දන් විසින් විකෘති කරන ලද Mein Kampf පොතයි අන්තර්ජාලයේත් පොත් සාප්පු වලත් බෙදා ඇත්තේ. ඔබ හිතනවාද නාසි (නායක සිංහල) වාදයට උඩගෙඩි දෙන පොතක් ඒ ආකාරයෙන්ම බෙදා හැරීමට පර සුද්දන් ඉඩ දේවි කියල? නියම මේන් කාම්ෆ් පොත අදත් Deutsches Museum හි ඉතාමත් රහසිගතව ආරක්ෂා කර තිබෙනව. අන්න ඒකෙ තමයි ඔය දේ තිබෙන්නෙ. අපට එහි අන්තර්ගතය ගැන දැනගත හැකි වූ ආහාරය මෙහෙම හෙළි කිරීමට නොහැකියි.

    පහත රූපයේ දැක්වෙන්නේ "හෙළ ස්වස්තිකය" පෙර‍ටු කොටගත් "සිංහලේ සේනාව" (SS) ඔස්ට්‍රියාවට ගමන් කරන ආකාරයයි.


    බලන්න පහතින් පෙනෙන හිට්ලර් තුමාගේ දශ ලක්ෂයක් පමණ වන සිංහලේ සේනාව (SS) පෙර‍ටුකොට ඇති ස්වස්තික තුනක් අති විශාල කොඩි තුන. ඉන් පෙන්වන්නේ තුන් සිංහලයයි. හිට්ලර් තුමාට සෙන්පති වරුන් තුන් දෙනෙක් සිටි අතර ඒ සෙන්පති තුන් දෙනාගෙන්ද රුහුණු මායා පිහිටි යන තුන් සිංහලය නියෝජනය කිරීමට කටයුතු කළේය. බලන්න ඒ හෙළ පුතු අප තුන් සිංහලයට ගරු කළ හැටි. හෙළයෙනි, තොපට මෙය අහිමානයක් නොවේද? හෙළයෙනි, මේ ඔබ දකින්නේ සක්විති රජෙක් වීමට සිටි අප හෙළ පුත් හිට්ලර් තුමාගේ දශ ලක්ෂයක් පමන වන චතුරාංගනී සේනාවයි.


    ලෝක ආධිපත්‍යය සඳහා තම සිංහල සේනාවෝ (SS) මෙහෙයවූ හිට්ලර් තුමාණෝ, පිරිසිදු බුදු දහමින් බබළන ජපානය ආක්‍රමණය නොකිරීමට තීරණය කළේය. ඒ වෙනුවට කවදත් කෙළෙහිගුණ දන්නා ජපානය තම මිත්‍ර පාර්ශවය ලෙස යොදා ගත්තේය. වරක් ජපනුන් ලංකාවට බෝම්බ දැමීම ගැන කුපිත වූ හිට්ලර් තුමා ඒ ගැන ජපන් අධිරාජ්‍යයාට අධිකව දෝශාරෝපණය කළාලු.

    හිට්ලර් තුමාගේ ප්‍රචාරක ලේකම් වුණේ ජෝෂෆ් ගොබෙල්ස් නැමැති අයෙකි. ඔබ දන්නවාද ගොබෙල්ස් අප හෙළ බිමේ දැන් ඉපදී සිටින බව?

    වර්ගපූර්ණිකාව නැමති ඉපැරණි හෙළ පුස්කොළපොතට අනුව විසි වන සියවසේ මුල් භාගයේදී මුළු ලොවම හොල්ලන හෙළ රකුසෙක් උපදී. හෙළ අ‍ටුවා වල දැක්වුණ පරිදි හිට්ලර් තුමා යනු "හෙලය දිනවන්නා" නැමති අරුතේ පූර්ව බ්‍රාහ්මීය අරුතකි. බමුණන් විසින් ඒවාට ගිණි තබා ඇත. ඊට අමතරව හිට්ලර් තුමා හෙළයේ උපන් කුමරෙක් බවට සෙල් ලිපි පවා අප රටෙන් හමුවී ඇත. (මේවා එකින් එක ගෙනල්ල පෙන්වන්න බෑ, ඉතිහාසය යනු අතටම ගෙනත් දෙනන් පුළුවන් දෙයක් නොවෙයි, ඉතිහාසයට කැමති අය මහන්සි වී මේවා හොයාගන්න ඕනැ)

    හිට්ලර් තුමා යුධ යාත්‍රා සහ ප්‍රහාරක අවි ගැන පර්යේෂණ කෙරුවෙකි. රාවනා අධිරාජ්‍යයාගේ වෛමානික ශ්‍රාස්ත්‍රය නැමති පොතට අනුව පර්යේශණ කළ ඔහු රාක‍ටු (රොකට්) තාක්ෂණය සොයා ගත්තේය. ඊට අමතරව හෙළ සබ්මැරීන් තාක්ෂණයත් නැවත සොයාගෙන ඇමරිකන් නැව් වලට මරු කැඳවූයේය. වම් පස දැක්වෙන්නේ හිට්ලර් තුමාගේ V2 හෙළ රොකට් තාක්ෂණය ගැන ලියවී ඇති පොතකි. මේ ගැන මෑතක් වෙන තුරුම නාසා වෙබ් අඩවියේත් තිබුණි.

    සකල ලෝකයම සිංහල සේනාවන් (SS) යොදා එක් සේසත් කර හෙළ රාක්ෂ ස්වස්තික ධජය යටතේ මුළු ලොවම පාලනය කිරීමට සිටි ඔ‍ටුනු නොපළන් ඒ හෙළ පුතුට, 1945 බක් මස 30 වන දා දෙවන ලෝක යුද්ධය අවසානයේදී බ්‍රැන්බර්ග් හි රහසිගත උමගකදී ප්‍රාත්‍රීර්භූත වූ ශ්‍රී රාවනා රජතුමාව මුණගැසුණි. එහිදී ශ්‍රී රාවණයන් ඉදිරියේදී දණ නැමූ හිට්ලර් තුමා කළින් කතා කරගත් පරිදි දිවි පිදීම සඳහා, රාවණ රජතුමාගේ "පිසින තලයෙන්" තම හිසට වෙඩි තබා ගනිමින් තම ආත්මය රාවණ අධිරාජ්‍යයාගේ අනාගත චක්‍රවර්තී රාජ්‍යය වෙනුවෙන් පූජා කළේය. ඔ‍ටුනු නොපළන් හෙළ සක්විති රජෙකුගේ අවසන් ගමන එසේ විය.

    ඇත්තටම හිට්ලර් තුමා සටනින් පැරදුනේ නැත. ඔහු ඒ ලෝක යුද්ධය කළේ අවසානයේදී ඊශ්‍රායල් නැමැති දේශය අරාබිය මධ්‍යයේ බිහි වෙන තැනට වැඩේ හදන්නයි. ඊශ්‍රායල් යනු ඊස්=ඊසානදිග, රා=රාවනාගේ, යෙල්=දේශය (ජර්බෲ බසින්) හෙවත් ඊසාන දිග රාව්ණාගේ දේශයයි. අද මුස්ලීම් රටවල් මැද තනිව හිට ගනිමින් හතර වටේටම නෙලමින් ලොව හොල්ලන්නේත්, රාවන රජතුමාගේ වෛමානික ශාස්ත්‍රය නැමති පොතේ දැක්වෙන ආකාරයට පර්යේෂණ කර සාදන ලද කෆීර් (වැලි කතරේ සිංහලයා) නැමැති ගුවන් යානා පවා අප හෙළ දිවට ලබා දුන්නේත් ඒ "ඊසාන දිග රාවණාගේ දේශයෙනි"...! බලන්න ඊශ්‍රායල් කොඩිය තුළින් හෙල රකුස් ස්වස්තිකය මතු වෙන හැටි...!!!


    හිට්ලර් නම් ඒ හෙළ පුතුව අප හෙළයින්ගේ සිත් වලින් මකා දැමීමට පර සුද්දන් විසින් නොකළ දෙයක් නැත. වර්තමානයේදී පවා ශ්‍රී ලංකාව තුළ දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර් තුමාගේ සිංහලේ නායක (නාසි) හමුදා සහ සිංහල සේනාවෝ (SS) දරුණු පරාජයන්ට පත් වෙන බව පෙන්වන , පරිගණක ක්‍රීඩකයා විසින් නායක සිංහලයන්ව (නාසීන්ව) මරණයට පත් කරවන Call Of Duty, Medal Of Honor: Airborne, Commandos: Behind Enemy Lines, Indiana Jones And The Staff Of Kings, Day Of Defeat: Source, Wolfenstein 3D, Brothers In Arms: Road To Hill 30, Battlefield 1942, Company Of Heroes ආදී ඉතා මිල අධික පරිගණක ක්‍රීඩා බෙදා හරින්නේ ඇයි කියා ඔබ මොහොතකට හිතුවාද? පයිරේට් කිරීම් වලට විරුද්ධව ඇයි සුද්දන්ගේ පරිගණක ක්‍රීඩා සමාගම් මගින් ඒවාට විරුද්ධව නඩු නොදමන්නේ? මේක පැහැදිළිවම හිට්ලර් තුමාට අප අතින්ම අපහාස කරවීමේ අන්ත්ර්ජාතික කුමන්ත්‍රණයකි. අපි එම පරිගණක ක්‍රීඩා සියල්ලම දැන් සිටම වර්ජනය කළ යුතුයි.

    නමුත් හෙළයෙනි, කිසිදා නොමැරනෙ ශ්‍රී රාවනා රජතුමා ඔබ වෙනුවෙන් යළිත් නින්දෙන් පිබිදීමට බලා සිටී. එදාට ශ්‍රී රාවනයන්ගේ සිංහල සේනාවෝ (SS) හිට්ලර් තුමාගේ මෙහෙයවීම යටතේ බටහිර යටත් කරනු ඇත. ඒ දිනය වැඩි ඈතක නොවේ.

    පහත වීඩියෝවේ හිට්ලර් තුමා ගැන වාර්තාමය වැඩසටහනක් දැක්වෙයි. එහිදී යම් යම් අවස්ථා වල එතුමාට අපහාස කර තිබුණත් ඒ රාක්ෂ හෙළ පුතු ගැන ඔබව පුදුමයට පත් කරවන තවත් බොහෝ රහස්‍ය දෑ මේ වීඩියෝවෙන් දැනගන හැකි
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    581315_361125583950479_779502101_n.jpg


    අප තාක්ෂණිකව ඉදිරියට යනවානම් යායුත්තේ සොබාදහමත් සමග මිසක් සොබාදහම ඉක්මවා නොවේ..සොබාදහම ඉක්මවන ජිවින්ට දීර්ඝ පැවැත්මක් නොමැත...කව්රු කෙසේ මොනවා කිව්වත් පිළිගතයුතු සත්‍ය මෙයයි..
     
    Status
    Not open for further replies.