♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මුලින්ම ලැබුන ලියුමේ ඉදන් අන්තිමට ලැබුන ලියුම දක්වා ලියුම් 35ක් විතර මගේ ලග තියෙනවා ලස්සනට එකතු කරලා ෆයිල් එකක් දාලා... ඒවා දකිනකොටත් දැන් දුකයි.. මොකද ඒ ආදරේ දැන් නැති නිසා.. :(:(:(

    ඉස්සර ලියුම් ලිව්ව විතරක් නෙමෙයි ඒ ලියුමට පිළිතුරු ලියුම එනකම් ඉවසිල්ලක් නෑ... එස්.එම්.එස් වගේ නෙමෙයි ලියුමක් ලියනකොට කියවනකොට හිතාගන්න බැරි හැගීම් ගොඩක්.. පුදුම සතුටක්, ආදරයක් හිතට දැනෙන්නේ.. ලියුමක තියෙන හැමදෙයක්ම හොදට හිතට පපුවට දැනෙනවා...
    :love::love::love:
    ඕවා ලග තියාගෙනනම් උඔට කිසි සැනසීමක් ලැබෙන්නෑ:dull:
    අම්මල තාත්තල ගැන හිතලා හිත හදාගනින්
    පහු ගිය දේවල් අමතක කරලා
    දැන් ඕවා පුච්චල දාපන්:yes:
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මම නම් පලවෙනියට ලියපු එක කෙල්ලගේ යාලුවෙක්ට දුන්නේ :cool:
    ඒකි ඒක දීලා නෑ :growl::growl::growl::growl:
    දෙවෙනි එක නම් අතටම දුන්නා

    :love::love::love::love:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මං එකක් ලිව්ව

    පුර හදක් වෙන්න සද කිරනින් එලිය කරන්න
    මල් සුවද වෙන්න මල් සුවදින් මන්මත් වෙන්න
    මද පවන වෙන්න මද පවනින් එලිය කරන්න
    ඔබ එපා වෙන්න කඳුලු ගඟක් මා නහවන්න

    අදුරින් පිරි මගේ ලොවට එලිය ගෙනෙන්න
    හැකිනම් පින්සිදු වෙයි පුර හදක්ම වෙන්න
    දිවි ගමනට සුවඳ දෙන්න මට සිපගන්න
    මගේ ලොවට එලිය දීලා එලියක් වෙන්න

    යටින් දැම්මා කැමතිනම් උදෙන්ම දකිනකොට කට පුරා හිනා වෙන්න කියලා:cool:
    කෙල්ල දත් තිස්දෙකම එලියේ දාගෙන අතුගාන්න ගියා උදේම:lol::lol:

    :frown: මේකා පොඩි කාලේ ඉදලම දෙන එක දීලා තියනවා තනි ඇහැට ඇඩෙන්න;)
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මං එකක් ලිව්ව

    පුර හදක් වෙන්න සද කිරනින් එලිය කරන්න
    මල් සුවද වෙන්න මල් සුවදින් මන්මත් වෙන්න
    මද පවන වෙන්න මද පවනින් එලිය කරන්න
    ඔබ එපා වෙන්න කඳුලු ගඟක් මා නහවන්න

    අදුරින් පිරි මගේ ලොවට එලිය ගෙනෙන්න
    හැකිනම් පින්සිදු වෙයි පුර හදක්ම වෙන්න
    දිවි ගමනට සුවඳ දෙන්න මට සිපගන්න
    මගේ ලොවට එලිය දීලා එලියක් වෙන්න

    යටින් දැම්මා කැමතිනම් උදෙන්ම දකිනකොට කට පුරා හිනා වෙන්න කියලා:cool:
    කෙල්ල දත් තිස්දෙකම එලියේ දාගෙන අතුගාන්න ගියා උදේම:lol::lol:

    :D:D:D
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අපෙ ගෙදර කොල්ලොම 3න් දෙනෙක් කෙල්ලො නැහැ අනික මම පවුලෙ බාලයා ගෙදර කොහොමත් මට වැඩි ආදරයක් තිබුනා හමොගෙම ලග අපිටත් හිටිය හොදම යාලුවා අම්මා තම්යි
    අද වෙනකම් අම්මා එක පාරක්වත් අපිට ගහලා නැහැ එකට තාත්තා අම්බනකට ගහලා තියෙනව
    අයියලා මල්ලිලා කෙල ගත්තහාම :rofl:තාත්තා සැරයි ගොඩාක් එ නිසා වෙන්න ඇති අම්මා යලුවෙක් වගෙ ඉන්නෙ අපිත් එක්ක
    1.gif

    මට ඕනේ උනේ මේ හැගීම ආයේ ගන්න බං.. උබලා කීවට විස්වාස කරයිද දන්නේ නෑ.. මම පස්සේ කාලෙක කෙල්ලෙකුට ලීවා පෑනේ මිතුරියකට ලියන විදිහට.. ඒ දේ හිතට ආයේ දැනෙයිද කියලා.. ඒත් ඒකිට මාව එතනට ගෙනියන්න බැරි උනා.. පලවෙනි ලියුමේ ඉදලා ලව්.. මම අතහැරලා දැම්මා..
    අනික ගයා අපි ගියේ ගමේ ඉස්කෝලෙකට 5වසරට යනකං ඉතින් අබ ගස් යටයි කජු ගස් යටයි කොල්ලෝ කෙල්ලෝ ඉස්කෝලේ ඇරිලා එනගමන් ගස් වලට ගල් ගගහා ආවේ.. ගිනි අව්වා ගානක්වත් නෑ.. ගෙදර එන්න ඕන කමකුත් නෑ.... සුන්දර පොඩි කාලේ....:love::love:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    ඕවා ලග තියාගෙනනම් උඔට කිසි සැනසීමක් ලැබෙන්නෑ:dull:
    අම්මල තාත්තල ගැන හිතලා හිත හදාගනින්
    පහු ගිය දේවල් අමතක කරලා
    දැන් ඕවා පුච්චල දාපන්:yes:
    පිස්සුද පුසෝ.. එහෙම කරන්න බෑ බන්..:no::no::(
    ඒ වුනාට මම ඒවා වැඩිය අවුස්සන්න යන්නේ නෑ බන්...
    කියවන්න යන්නෙත් නෑ...:no:
    අරන්තියල තියනවා විතරයි...
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මම නම් පලවෙනියට ලියපු එක කෙල්ලගේ යාලුවෙක්ට දුන්නේ :cool:
    ඒකි ඒක දීලා නෑ :growl::growl::growl::growl:
    දෙවෙනි එක නම් අතටම දුන්නා

    :love::love::love::love:
    දන්නවද තව මගේ යාලුවෙකුට වෙච්ච දෙයක් ඔය බ්‍රෝකර් කරන්න එන කෙල්ල ඔය ලියුම් කියවනවා.. සමහර විට උන් කොල්ලට ආදරේ කරන්න ගන්නවා.. එහෙම බැදපු දෙන්නෙක් ඉන්නවා මගේ යාලුවෝ... ලියුම දුන්න කෙල්ල අකමැති උනා අරන් ගිය කෙල්ල කැමති උනා:nerd:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    පිස්සුද පුසෝ.. එහෙම කරන්න බෑ බන්..:no::no::(
    ඒ වුනාට මම ඒවා වැඩිය අවුස්සන්න යන්නේ නෑ බන්...
    කියවන්න යන්නෙත් නෑ...:no:
    අරන්තියල තියනවා විතරයි...

    උබ වගේ තමයි මාත්..:love:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    Originally Posted by king_pandukabaya
    ලෝකයේ කැත ගැහැණු නෑ. ඉන්නේ ලස්සන වෙන්න දන්නේ නැති අ‍ය කියලා
    කියමනක් ලස්සන
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :D
    මට ඕනේ උනේ මේ හැගීම ආයේ ගන්න බං.. උබලා කීවට විස්වාස කරයිද දන්නේ නෑ.. මම පස්සේ කාලෙක කෙල්ලෙකුට ලීවා පෑනේ මිතුරියකට ලියන විදිහට.. ඒ දේ හිතට ආයේ දැනෙයිද කියලා.. ඒත් ඒකිට මාව එතනට ගෙනියන්න බැරි උනා.. පලවෙනි ලියුමේ ඉදලා ලව්.. මම අතහැරලා දැම්මා..
    අනික ගයා අපි ගියේ ගමේ ඉස්කෝලෙකට 5වසරට යනකං ඉතින් අබ ගස් යටයි කජු ගස් යටයි කොල්ලෝ කෙල්ලෝ ඉස්කෝලේ ඇරිලා එනගමන් ගස් වලට ගල් ගගහා ආවේ.. ගිනි අව්වා ගානක්වත් නෑ.. ගෙදර එන්න ඕන කමකුත් නෑ.... සුන්දර පොඩි කාලේ....:love::love:

    අනිවා කොල්ලා ආදරයම විතරක් නෙමෙ හොරෙන් කුරුම්බා කඩපු හැටි සයිකලයක් අරන් යලුවොත් එක්ක මියුසිකල් බලන්න ගිය හැටි යාලු උන කෙල්ල එනකම් මග බලන් හිටපු හැටි
    ඔය හැමදෙම කවදාවත් ජිවිතයෙ අමතක වෙන දෙවල් නෙමෙ එත් ඉතින් එ අතිතය අපිට අයිමත් ලැබෙන්නෙත් නැහැ මිහිරි මතකය විතරයි ඉතුරු වෙන්නෙ:cool:;)
     
    සිරාවටම බං
    අපිත් ඉස්සර ඉස්කෝලේ ඇරිල එන ගමන් ඉස්කෝලේට යන පාරේ තියෙන ගෙවල් හැම එකකම කොකෝවා ගස් වලට වැඩේ දීගන තමයි එන්නේ:P
    හොරෙන් හරි කඩනවා
    රබර් ගස් අස්සෙන් තියෙන ෂෝට් කට් එකක් තිබ්බා
    ඒකෙන් එන්නම එපා කියලා අම්ම කියලා තියෙන්නේ
    ඒත් එන්නෙම ඒකේ
    අම්ම ගේට්ටුව ලග බලන් ඉන්නවනම් බොරූවට අර ඉස්කෝලෙ පෝලිමට සෙට් වෙනවා:lol:
    සමහර දවසට
    ගෙදර එද්දි 3ත් පැනලා:sorry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉතාමත් සුන්දරයි.
    මුල්ම හා එකම පෙම.
    12 ඉංග්‍රීසි අච්චු පොතේ අන්තිම පිටුවෙ කෑල්ලක් ඉරලා ලිවුවෙ පැන්සලෙන්.
    ෂෝට් ඇන්ඩ් ස්වීට්. මගෙ **, මම ඔයාට ආදරෙයි. ඔයා මොකද කියන්නෙ? ඔච්චරයි ලිවුවෙ.
    ලොවෙත් ලියුම දෙන්න ගට මදි. ක්ලාස් එකට යනකොට මෙන්න දොර ලඟම බංකුවක ඉඳගෙන ඉන්නවා.
    වට පිටාවෙ වැඩි සෙනගත් නෑ. එයාව පාස් කරගෙන ගියා පිටිපස්සට. ලියුම නොදී ඉන්න බැරි තත්වයක් ඇති වුනා. ආපහු හැරිලා ලියුම දුන්නා. එයත් හිනාවෙලා ගත්ත.
    මාස දෙකකට විතර පස්සෙ එයා කැමති වුනා.
    ඒ දවස්වල නිදහසේ කතා කරන්නවත් නෝ චාන්ස්.
    එයා උදේට කාර් එකේ ඉස්කෝලෙ එනවා හවසට ඇරිච්ච ගමං කාර් එකේ ගෙදර යනවා.
    ක්ලාස් වලදිත් එහෙමයි.
    එයාට ෆෝන් එකක් තිබ්බෙත් නෑ. ඉතිං ලියුම් තමා පිහිට වුනේ.
    අන්තිමට මගෙ ලඟ ෆෝන් පෙට්ටියක් පිරෙන්න ලියුම් තිබ්බා.
    අපි ගොඩක් ලිවුවෙ පොත්වල අන්තිම පිටුවෙ. මම එයා එහෙම දීපු හැම පාරම කොලේ කඩාගෙන අර පෙට්ටියට දානවා. (පිස්සු පීගදු)
    ඊට පස්සෙ ප්‍රශ්න ගොඩක් වුනා.
    අපිට වෙන් වෙන්න වැඩ සිද්ද වුනා.
    දැනට අවුරුදු 5යි මාස 2යි අපි වෙන් වෙලා.
    ඒ අතීතය තාම සුන්දරයි. ජීවිතේ ජීවත් කරවන්නෙ ඒ අතීතය තමයි.
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    :D

    අනිවා කොල්ලා ආදරයම විතරක් නෙමෙ හොරෙන් කුරුම්බා කඩපු හැටි සයිකලයක් අරන් යලුවොත් එක්ක මියුසිකල් බලන්න ගිය හැටි යාලු උන කෙල්ල එනකම් මග බලන් හිටපු හැටි
    ඔය හැමදෙම කවදාවත් ජිවිතයෙ අමතක වෙන දෙවල් නෙමෙ එත් ඉතින් එ අතිතය අපිට අයිමත් ලැබෙන්නෙත් නැහැ මිහිරි මතකය විතරයි ඉතුරු වෙන්නෙ:cool:;)

    අපේ ජීවිත වල ඒ අතීතය තාම ඇස් වලට නොවැටෙන කදුලකුත් හිතේ නොඇසෙන සුසුමකුත් ගෙන එනවා... මගේ ආසාවක් තියනවා ලංකාවට ආව දවසක මගේ පංතියේ ඉදපු යාලුවන් ඔක්කොම එකතු කරලා අපි ඉස්කෝලෙ ගිය ආව පාර දිගේ යන්න... අයියෝ අඩන්න හිතයි.. ඒ දවස් වල ලේන් කූඩු පරවි කූඩු එහෙම දැක්කොත් ඇහැගහගෙන ඉන්නේ ඇයි ඉතින් පරවි පිස්සුවක්නේ තිබ්බේ.. පාරේ ගියත් උඩ බලාන කෑම කෑවත් උඩ බලාන....
    සිරාවටම බං
    අපිත් ඉස්සර ඉස්කෝලේ ඇරිල එන ගමන් ඉස්කෝලේට යන පාරේ තියෙන ගෙවල් හැම එකකම කොකෝවා ගස් වලට වැඩේ දීගන තමයි එන්නේ:P
    හොරෙන් හරි කඩනවා
    රබර් ගස් අස්සෙන් තියෙන ෂෝට් කට් එකක් තිබ්බා
    ඒකෙන් එන්නම එපා කියලා අම්ම කියලා තියෙන්නේ
    ඒත් එන්නෙම ඒකේ
    අම්ම ගේට්ටුව ලග බලන් ඉන්නවනම් බොරූවට අර ඉස්කෝලෙ පෝලිමට සෙට් වෙනවා:lol:
    සමහර දවසට
    ගෙදර එද්දි 3ත් පැනලා:sorry:
    ඉස්කෝලේ ඉස්සර ඉතින් මම පොඩි කාලේ ට්‍ර්යි කරන කෙල්ලට නෝන්ඩි වෙන මොනාවත් කරන්න කැමති නෑ.. එක දවසක් ඒකි කීවා සමිතියට සිංදුවක් කියන්න කියලා.. හරියට කියනවනම් සිංදුවක් කීවොත් මම ඔයාට කැමතියි කීවා වගේ.. මම වීරයා වගේ ගියා.. සිංදු කියනවා තමා.. බඩගියේ නැති ටික විතරයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :eek: උබනම් තාම හිතලවත් නෑ තමා... අපි දන්නවා

    :lol: හිතන්න පුළුවන් ඉතින් කවුරු හරි සෙට් වුණොත්:D
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    පැටියා;12937175 said:
    ඉතාමත් සුන්දරයි.
    මුල්ම හා එකම පෙම.
    12 ඉංග්‍රීසි අච්චු පොතේ අන්තිම පිටුවෙ කෑල්ලක් ඉරලා ලිවුවෙ පැන්සලෙන්.
    ෂෝට් ඇන්ඩ් ස්වීට්. මගෙ **, මම ඔයාට ආදරෙයි. ඔයා මොකද කියන්නෙ? ඔච්චරයි ලිවුවෙ.
    ලොවෙත් ලියුම දෙන්න ගට මදි. ක්ලාස් එකට යනකොට මෙන්න දොර ලඟම බංකුවක ඉඳගෙන ඉන්නවා.
    වට පිටාවෙ වැඩි සෙනගත් නෑ. එයාව පාස් කරගෙන ගියා පිටිපස්සට. ලියුම නොදී ඉන්න බැරි තත්වයක් ඇති වුනා. ආපහු හැරිලා ලියුම දුන්නා. එයත් හිනාවෙලා ගත්ත.
    මාස දෙකකට විතර පස්සෙ එයා කැමති වුනා.
    ඒ දවස්වල නිදහසේ කතා කරන්නවත් නෝ චාන්ස්.
    එයා උදේට කාර් එකේ ඉස්කෝලෙ එනවා හවසට ඇරිච්ච ගමං කාර් එකේ ගෙදර යනවා.
    ක්ලාස් වලදිත් එහෙමයි.
    එයාට ෆෝන් එකක් තිබ්බෙත් නෑ. ඉතිං ලියුම් තමා පිහිට වුනේ.
    අන්තිමට මගෙ ලඟ ෆෝන් පෙට්ටියක් පිරෙන්න ලියුම් තිබ්බා.
    අපි ගොඩක් ලිවුවෙ පොත්වල අන්තිම පිටුවෙ. මම එයා එහෙම දීපු හැම පාරම කොලේ කඩාගෙන අර පෙට්ටියට දානවා. (පිස්සු පීගදු)
    ඊට පස්සෙ ප්‍රශ්න ගොඩක් වුනා.
    අපිට වෙන් වෙන්න වැඩ සිද්ද වුනා.
    දැනට අවුරුදු 5යි මාස 2යි අපි වෙන් වෙලා.
    ඒ අතීතය තාම සුන්දරයි. ජීවිතේ ජීවත් කරවන්නෙ ඒ අතීතය තමයි.
    එල සීන් එක මචං.. ගට ගැන කියනවනම්.. මම දවසක් මම ලව් කරන කෙල්ලට බන්ටි ටොපියක් දීගන්න බැරුව වරුවක් ලතවුනා:P
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    දන්නවද තව මගේ යාලුවෙකුට වෙච්ච දෙයක් ඔය බ්‍රෝකර් කරන්න එන කෙල්ල ඔය ලියුම් කියවනවා.. සමහර විට උන් කොල්ලට ආදරේ කරන්න ගන්නවා.. එහෙම බැදපු දෙන්නෙක් ඉන්නවා මගේ යාලුවෝ... ලියුම දුන්න කෙල්ල අකමැති උනා අරන් ගිය කෙල්ල කැමති උනා:nerd:

    ඒක ඇත්ත මචන්
    මන් දිපු ලියුමෙ ලියුම දුන්න යාලුවට බැනලත් ලිව්වා
    ඒකි අනිවා ඒක කියවලා
    එක අතකින් එකත් හොදයි
    :P:P