♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අකුරු කැතනම් සමාවෙන්න
    අකුරු වලින් මගේ ආදරේ මනින්න එපා අයියේ
    අයියා දන්නැති උනාට අයිය ගැන හිතන්න මට හිතත් ඉඩ මදි වෙලා තියෙන්නේ:P
    අම්මෝ පික්ෂු හැදෙනව:sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උබ මගුලක් කියනවා මම බැදලා අපි දෙන්න එක ගෙදරකට ගිය දවසේ ඉතින් ඔය පොත්පත් අනංමනං වයිෆ් බලනවනේ කොහොමහරි මමගාව ලොකු එන්විලොප් වල දාලා කෙල්ලෝ එවපු ලියුම් 400-500ක් විතර තිබුනා (පිලිවෙලට ලියුම් කවරවල් පිටින් නම එහෙම ලියලා:P) ඒ අතර වෙසක් කාඩ් උපන්දින කාඩ් එහෙමත් විය.. මෙයා ඒ ඔක්කෝම කියවලා සද්ද නැතුව හිටියා.. මට කියන්න ආවේ නෑ මොකුත් එක දෙයක් කීවා මෙයාට මාර කෙල්ලෝ ගොඩක්නේ ඉදලා තියෙන්නේ කියලා.. මම කීවා ඒවා මගේ ඉතිහාසය එහෙම්මම තියන්න කියලා.. දැන්නම් ඒවා දැක්කෙත් නෑ අව් රුදු 5කින් විතර...:(
    එහෙනම් බලහන් ඒවල කැරපොත්තො රිංගලද දන්නෙ නෑ නේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පලවෙනි ලව් ලෙටර් එක ලිව්වෙ 9 වසරෙදි. දම් පාට පෑනකුත් ගත්තා ඒක ලියන්න. ;)
    ගෙදර පාඩම් කරන අස්සෙ හොරෙන් තමයි ලිව්වෙ. අනිත් දවසෙ අරන් ගියා ඉස්කෝලෙට ඒක දෙන්න (පංතියෙම හිටිය කෙල්ලෙක්ටමයි). වල බහින යාලුවො සෙට් එක සීන් එක දන්නවා, මොකද උන් තමයි සප් එක දෙන්නෙ. ඒ හින්ඳා ගිය වෙලේ ඉඳන් මුන් ගෙන් මල වදේ ලියුම පෙන්නන්න කියලා. පස්සෙ ඉනටර්වල් වෙලාවෙ ඔන්න ලියුම පෙන්නුවා. සුපුරුදු පරිදි සෙට් එක කින්ඩි පටන්ගත්තාට ඉක්මනටම‌ ඒක නැවතුනා (තර්ජන, ගර්ජන, ප්රහාර මැද්දෙ). මේන්න ඒපාර උන් ලියුම වර්නනා කරනවා! :baffled:
    කොහොමහරි හවස ලියුම දුන්නා සෙට් එකේ සහය ඇතුව ඔපරේෂන් ලච්ලෙටර් දියත් කරලා!
    දවස් කීපෙකට පස්සෙ අපේ සෙට් එකත් එක්ක යාලු කෙල්ලො කීපදෙනෙක් සෙට් එකේ දෙන්නෙකුට‌ ඉන්තවල් වෙලාවෙ කින්ඩි දානවා මෙන්න මගෙ ලියුමෙ තිබ්බ ඒවා කියලා !! :shocked: :shocked:
    මට අම්බානට මල! මගෙ හොඳම ෆිට් එකට ප්රශනෙ ඇයි කෙල්ලො ටික මට නැතුව මේ වෙන උන්ට කින්ඩි දාන්නෙ කියල! :confused:
    ඇදන් ගියා උන්ව පැත්තකට
    "මොකද **** තොපි කලෙ ? තොපි ඒ කෙල්ලො ටිකට කිව්වා නෙද මම ****ට දුන්න ලියුම ගැන ?" මම සද්දෙ දානවා. :growl:
    "උන් මොකොද මූට නැතුව තොපිට කින්ඩි දාන්නෙ‌ ?" ෆිට් එක කෑගහනවා.
    "අඩො ඇත්ත කියපං නැත්තං තොපිගෙ කාඩ් කුඩු කරනවා. ****ටයි,****ටයි කියනවා තොපිලගෙ ජාතකෙ 5වසරෙ ඉඳන්ම" අපෙ මර්සි ෆිට් එක තර්ජනය කරනවා.
    "නෑ බං එහෙම එකක් නෑ! අපි කිව්වෙ නෑ!!" ඩබල අඬනවා.
    මුකුත් කරන්න කලින් ඉන්ටවල් එක ඉවර උනා. ඉන්ටවල් එකෙන් පස්සෙ එදා තිබුනෙ සෞන්දර්ය (කොහොමද ඕක හරියට ගහන්නෙ ?? :baffled: )හින්ඳා කට්ටිය ගියා වෙන ඒ ඒ පන්ති වලට. ඔය කාලෙ මමයි මර්සි ෆිට් එකයි කලෙ සංගීතෙ. අර කිනඩි දාපු එක කෙල්ලෙකුත් කලෙ සංගිතෙ. සංගිත සර් එන්න කලින් ඒකිව අල්ලගෙන විස්තරෙ ඔන්න අහගත්තා.
    "****යි ****යි (අපෙ බුවාල දෙනම) ලියුම් දිලා එකම දවසෙ ***ටයි ***ටයි (උන්ගෙ ලව් දෙක). දෙන්නම ලියුම බැලුවම එකමයි තියෙන්නෙ. නම් විතරයි වෙනස්" කෙල්ල හිනාව අස්සෙන් කියනව. "අපිට ලියුම් දෙක පෙන්නුවා අද උදෙ"
    අපිට තිබුන මල ඔක්කොම පහවෙලා ගියා! වෙලා තියන දේ තේරුනෙ එතකොටයි !! :lol:
    දැං අපිට ෆුල් ආතල්. සෞන්දර්ය ඉවර වෙනකං ඉවසන් හිටියා. ආයෙත් පන්තියට ගියා විතරයි ටීචර් එන්න කලින් අරුන් දෙන්නව වට කරගත්තා.
    "පංතියම මේ අහපල්ලා!!" මර්සි ෆිට් එක කෑ ගැහුවා අපෙ පංතිය විතරක් නෙමෙයි අල්ලපු පංති වලටත් ඇහෙන්න. කට්ටියම කතා නවත්තලා අහන් ඉන්නවා දැං.
    "දැනගනිල්ලා, *** සහ **** (බුවාලා දෙනම) අතර තියෙන්නෙ එසේ මෙසේ ලව් නෙමෙයි, කොප්ප ලව්!!"
    පංතිය කටවල් ඇද කරගෙන ඉන්නවා.
    "මොකද්ද යකෝ ඒ කිව්වෙ" කට්ටියක් අහනවා.
    "අඩෝ කට වහපං ඩෝ!" ඩබල වලියට එන්න හදනවා. මම එකෙක්ව අල්ල ගත්තා, මගෙ ෆිට් එක අනිකව අල්ලගත්තා.
    මර්සි ෆිට් එක මෙන්න ඉස්සරහ පේලියෙ ඩෙස්ක් එකක් උඩ හිටගෙන ඒ පාර.
    "උඹලා දැනගනිල්ලා, මුන් දෙන්නා එකම ලව් ලෙටර් එක එකම දවසෙ කොපි ගහලා, එකම දවසෙ මුන්ගෙ හිලව් දෙකට දීලා!!"
    මුලු පංතියම බක බක ගාලා හිනා වෙනවා, අත්පුඩි ගහනවා. එහෙන් මෙහෙන් විසිල් වදිනවා. ඩබල අඬනවා මෙන්න!!
    "තොපිට මොකද වෙලා තියෙන්නෙ බොල!!!" එක පාරට ගොරවන්න වගෙ සද්දෙ අවා. අත්පුඩියි විසිල් සද්දෙයි පිනාට අහිලා!! :shocked: :shocked:
    "තෝ මොකද මේසෙ උඩ ? බහිනවා බිමට! එනවා එලියට ඔකකොම පෝලිමට!" අකුණු ගහනවා.
    පංතිය හුම් සද්දක් නෑ. අපෙ සෙට් එක පෝලිමට පන්තියෙන් එලියට එනවා හොර පූසො ටික වගෙ. දොර ගාව පිනා ඉන්නවා ආවෙස වෙලා වගෙ බලාගෙන.
    "කෝ අර ඩෙස්ක් එක උඩ හිටි එකා ? එනවා එලියට!"
    මර්සි ෆිට් එක දොරෙන එලිට අඩිය තිබ්බා. චටාස්!!
    කන අල්ලං මර්සි ෆිට් එක ඉන්නවා.
    "තවත් මොනවද යකෝ බලන් ඉන්නෙ ? පල අරෙහෙට!!" පිනා කෑ ගහනවා.
    "ඊලඟ එකා!"
    මම අල්ලං හිටිය බුවා ගියා.
    "සර් මෙ මම.." පටාස්!!
    "කට වහන් පල අහකට!"
    "ඊලඟ"
    මමත් ගියා එලියට.
    "ගලවපං කන්නාඩිය!"
    ගැලෙව්වා විතරයි‌ : චටාස්!!!
    කන කුං ගාන්න ගත්තා. ඊට පස්සෙ රත් වෙන්න ගත්තා. එදා තමයි හාහාපුරා කියලා කනේ පාරක් කෑවෙ.
    "ඊලඟ!"
    ඔහොම සෙට් එකේම කන් රත් උනා.
    "ගහපිය දන!!" ඔන්න කට්ටියම දන ගහගෙන.
    "එකෙක් හෙලවෙන්නෙ නෑ පීරියඩ් එක ඉවර වෙනකං!!"
    පිනා ගියා. ටිචර් ආවා. අපි හිටියා දන ගහගෙන.

    ඔන්න ඕකයි පලවෙනි ලව් ලෙටර් එකට උනෙ.
    මිශන් ෆේල් නොකිය වෙන මොකක් හරි කියමු
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    උබ නම් වැඩකට ඇති දෙයක්නේ කරලා තියෙන්නේ :lol::lol:
    අපි නම් කරේ ගෙවල් වල තියන රේඩියෝ කඩපු එක විතරයි :rofl:
    ඒත් ඒවයින් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා :)
    හැදුවේ night rider ස්ර්කිට් විතරයි


    ඒ දවස් වල අපිත් එක්ක හිටියා ගණිතය කරන සර් කෙනෙක්ගෙ පුතෙක් :)
    මිනිහා වැඩ්ඩා
    මිනිහාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා අපි :cool::cool:

    අනිවා
    අනිවා
    ලොවෙත් කලේ ඔච්චරයි
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    mage palaweni letter eka wadiya deyak liwwe naa ammapa...


    Fill in the blanks.

    1. I _ _ _ _ you. (love. hate)

    mehema karanna kiyala kiwwe yaluwek uu koheda manda dakka kiyala.
    meka lassana koleka liyala tweety ge sticker ekak alola dunna kellata...
    no answer. bt passe dakka a sticker eka kapala ekige pencil box eke alogena innawa....
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    සිරාවට......:shocked:
    මට උබ කිව්වමයි මතක් උනේ
    UM 66 IC එක :)
    D 400 වෙනුවට වෙන ට්‍රාන්සිස්ටර් එකකුත් දැම්මා වගේ මතකයි :confused::confused:
    මාරුවෙන් මාරුවට පත්තු වෙන එකත් හැදුවා බන් :lol:
    සන්ජීව කියලා කෙනෙක්ගෙ ඉලෙක්ට්‍රොනික් පොත් 4ක් තිබ්බා
    ඉලෙක්ට්‍රොනික් පරිපථ 1-2-3-4
    ඕකෙන් තමයි වැඩ කිඩ දැම්මේ :lol:


    උබත් මාර පොරක් තමයි :oo::oo:
    පන්තියෙත් ඒවා කරාද? :P
    අපි PCB හදන්න try කරා
    වැඩේ හරිගියේ නෑ

    ඉතින යකෝ තෝ ඔවා හැදුවේ මාත් එක්කනේ
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    උඔත් සර්කිට් බුවෙක්ද?:P

    අම්මට හුඩු ඒ දවස්වල අපි තමයි පොරවල්
    බවුත් එකයි
    චකර් එතයි
    මල්ටිමීටරෙය්
    හෙහ්
    හෙනම පොරවල්
    අපි වැඩියෙන්ම කලේ ගෙවල්වල රේඩියෝ කඩපු එක
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,139
    2,380
    113
    උඔත් සර්කිට් බුවෙක්ද?:P

    මටත් ඔය සර්කිට් හැදිල්ල කාලයක් දරුනුවටම තිබ්බ කාමරේ අඩිය තියන්න බෑ wire කැලි bulb කැලි හැමතැනම . අම්මගෙන් කන පැලෙන්න හොදට අහ ගන්නවා
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    mage palaweni letter eka wadiya deyak liwwe naa ammapa...


    Fill in the blanks.

    1. I _ _ _ _ you. (love. hate)

    mehema karanna kiyala kiwwe yaluwek uu koheda manda dakka kiyala.
    meka lassana koleka liyala tweety ge sticker ekak alola dunna kellata...
    no answer. bt passe dakka a sticker eka kapala ekige pencil box eke alogena innawa....
    :lol::lol::lol::lol:
    කැත සීන් එක
    අම්මට හුඩු ඒ දවස්වල අපි තමයි පොරවල්
    බවුත් එකයි
    චකර් එතයි
    මල්ටිමීටරෙය්
    හෙහ්
    හෙනම පොරවල්
    අපි වැඩියෙන්ම කලේ ගෙවල්වල රේඩියෝ කඩපු එක
    ඔව් බං
    අපේ ගෙදරත් එක ඉලෙක්ට්‍රික් බඩුවක් නෑ හරියට වැඩ කරන්නේ ඒ කාලේ:sorry:
    හදල මං
    අප්පච්චි නෙමෙයි ඒ උනාට කටක් ඇරලා දොස් කිව්වේ:P
    කඩන්න කඩන්න අලුත් ඒවා ගෙනත් දානවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol::lol::lol:
    කැත සීන් එක
    ඔව් බං
    අපේ ගෙදරත් එක ඉලෙක්ට්‍රික් බඩුවක් නෑ හරියට වැඩ කරන්නේ ඒ කාලේ:sorry:
    හදල මං
    අප්පච්චි නෙමෙයි ඒ උනාට කටක් ඇරලා දොස් කිව්වේ:P
    කඩන්න කඩන්න අලුත් ඒවා ගෙනත් දානවා
    හෙ හෙ මේක දැකල මතක් උනේ
    අපේ ගෙදර තිබ්බ සෝනි ටීවී එක මම දානකොට ඩෝන් ගාල සද්දයක් එක්ක කැඩුනා.පට්ට බයවිල්ලක් කියන්නෙ මම මුහුදටම දිවුව ගමේ ඉන්දැද්දි
    බැලින්නම් හයි වෝල්ටේජ් සීන් එකක් නිසාලු සීන් එක වෙලා තියෙන්නෙ
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    හෙහ්
    In that days . I was in grade 8
    A Girl who was focused by me was in grade 9

    I tried to love her and ask her
    Another boy who was in grade10 also tried to love her
    Onday he came to fight with me
    But finally we were gud friends.

    ඊට පස්සේ අපි දෙන්නම එකතු වෙලා අරකිට ට්රeයි කලා දෙන්නගෙන් කාටහරි සෙට් වෙයි කියලා.
    දවසක් ඒකිට දෙන්න මං ලියුමක් ලිව්වා
    ඒකිගේ පන්තියේ උන් රැස්වීමට ගිය වෙලාවක ඒකිගේ පොත් බෑග් එකෙන් පොතක් අරන් ඒකිගේ නම බලා ගත්තා.
    දැන් වැ‍ඩේ බාගයක් ගොඩ
    කොල තුනක් අරගෙන් මායි අරැයි එකතු වෙලා පටන් ගත්තා ලියන්න
    මෑන් කොලේක සිංදු කෑලි ලියලා රූප ඇඳලා
    හෙනම අයිටම් එකක් දුන්නා
    මං අනිත් එකේ පටන් ගත්තා ලියන්න
    මට‍ වාරවිභාගේ සිංහල රචනාවට 20/20යි
    ලිව්වා ලොවෙත් එකටම
    දැන්නම් මතක නෑ ලියපු ඒවා
    සේරම කරලා
    කොල ටික තුන හතරට නවලා
    ගිනිපෙට්ටියක වටේට රෝසපාට කොල අලවලා
    මැද්දට සුවද පවුඩර් දාලා
    ලියුමටත් සෙන්ට් ගහලා ලියුම අරකට දාලා
    ලෑස්ති කරන් හිටියා දෙන්න
    ඒ අස්සේ මේක් ලෙඩ වෙලා සතියක් දෙකක් ඉස්කෝලේ ආවේ නෑ
    මං ඉතින් අරක හැමදාම ගේනවා දෙන්න
    අනේ දවසක් මට ඒක් ගන්න අමතක වෙලා කලිසම පිටින්ම වොෂින් මැෂින් එකට දාලා
    හපොයි ඒක පොඟලා
    ගන්න දෙයක් නෑ
    ඊට පස්සේ ඒකිට ලියුම් දෙන්න ‍ට්ර්යි කලා
    ඒත් ඒ දවස්වලා උපෙ කරපු අයියා කෙනෙක් ඒකිව දාගත්තා.
    මං නුගේගොඩ ක්ල්ස් යන දවස් වල මට ඒකිව ආයේ සෙට් වුනා
    ‍ඒ දවස් වල
    මුහුදේ නැව් ගොඩ්ක් ගියා
    පාරවල් හිට්ටේ නෑ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හෙහ්
    In that days . I was in grade 8
    A Girl who was focused by me was in grade 9

    I tried to love her and ask her
    Another boy who was in grade10 also tried to love her
    Onday he came to fight with me
    But finally we were gud friends.

    ඊට පස්සේ අපි දෙන්නම එකතු වෙලා අරකිට ට්රeයි කලා දෙන්නගෙන් කාටහරි සෙට් වෙයි කියලා.
    දවසක් ඒකිට දෙන්න මං ලියුමක් ලිව්වා
    ඒකිගේ පන්තියේ උන් රැස්වීමට ගිය වෙලාවක ඒකිගේ පොත් බෑග් එකෙන් පොතක් අරන් ඒකිගේ නම බලා ගත්තා.
    දැන් වැ‍ඩේ බාගයක් ගොඩ
    කොල තුනක් අරගෙන් මායි අරැයි එකතු වෙලා පටන් ගත්තා ලියන්න
    මෑන් කොලේක සිංදු කෑලි ලියලා රූප ඇඳලා
    හෙනම අයිටම් එකක් දුන්නා
    මං අනිත් එකේ පටන් ගත්තා ලියන්න
    මට‍ වාරවිභාගේ සිංහල රචනාවට 20/20යි
    ලිව්වා ලොවෙත් එකටම
    දැන්නම් මතක නෑ ලියපු ඒවා
    සේරම කරලා
    කොල ටික තුන හතරට නවලා
    ගිනිපෙට්ටියක වටේට රෝසපාට කොල අලවලා
    මැද්දට සුවද පවුඩර් දාලා
    ලියුමටත් සෙන්ට් ගහලා ලියුම අරකට දාලා
    ලෑස්ති කරන් හිටියා දෙන්න
    ඒ අස්සේ මේක් ලෙඩ වෙලා සතියක් දෙකක් ඉස්කෝලේ ආවේ නෑ
    මං ඉතින් අරක හැමදාම ගේනවා දෙන්න
    අනේ දවසක් මට ඒක් ගන්න අමතක වෙලා කලිසම පිටින්ම වොෂින් මැෂින් එකට දාලා
    හපොයි ඒක පොඟලා
    ගන්න දෙයක් නෑ
    ඊට පස්සේ ඒකිට ලියුම් දෙන්න ‍ට්ර්යි කලා
    ඒත් ඒ දවස්වලා උපෙ කරපු අයියා කෙනෙක් ඒකිව දාගත්තා.
    මං නුගේගොඩ ක්ල්ස් යන දවස් වල මට ඒකිව ආයේ සෙට් වුනා
    ‍ඒ දවස් වල
    මුහුදේ නැව් ගොඩ්ක් ගියා
    පාරවල් හිට්ටේ නෑ
    ඊට පස්සෙ ගිය නැවු වල පාරවල් හිටියද
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    පලවෙනි Love Letter එක ලිව්වේ 10 වසරේදී.:P:P. වැඩක වුනේ නැනේ. කෙල්ල ලියුම ගත්තේ නෑ. ලියුම ලිව්වේ ඉස්කෝලෙදි.:(. :( කොල්ලොත් sup එක දුන්න ලියන්න.

    පස්සේ අර කලින් ලියුම ලියන්න sup එක දුන්න කෙල්ලෙක් සින්දුවක් ලියල මගේ නම දාලා එකාගේ ගමේ කෙල්ලෙක්ට ලියුමක් දීලා.:angry::angry::angry: මගේ කරුමෙටම එකට Rply ආවනේ. අරකගේ වදේටම මාත් ඉතින් rply කරා. :love::love:. ඔහොම ලියුම් 5ක් 6ක් ලියද්දි කෙල්ල මට Love කරන්න පටන් ගෙන. :sorry::sorry:. මම දැකල වත තිබ්බේ නෑ. අන්තිමට ලියුම් 11ක් ලිව්වා. මගේ හිතේ එහෙම Love කරන්න අදහසක් වත් තිබ්බේ නෑ.

    වැඩේ කියන්න මට ආපු ලියුන් 11 මම පොතක කවරේ අස්සේ දාගෙන හිට්යා. දැන් ඒ පොත හොයා ගන්න බෑ. :shocked::shocked::shocked::baffled:.

    ade...mara case eka...oka hoya ganin ban...
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    නෑ මචන් මට නම් ඉතින් සුන්දර කාලයක් තිබුනේ නෑ. කොහොමත් එහෙම කාලයක් මට තිබුන්නෑ. මම කිව්වේ මේ ලියපු ලිවුම් වල රාගයක් නැතුව ආදරයක් විතරක් තියෙනවා කියලා. පොඩි උන් ලව් කරනකොටත් ඒක හරි හුරතල් ගතියක් තියෙනවා.

    ඒ වුනාට මට ඔය ලව් ලෙටර් සීන් එකට ටිකක් සමාන වෙන එකක් උනා. මම පහ වසර ශිෂ්‍යත්වෙන් පාස් වෙලා ගියේ mix school එකකට. හතවසරෙදි පන්තියේ අතුගාන්න උදේට ලිස්ට් එකක් තියෙනව නේ. ඒකට පන්තියේ ලමයි ටික දවස් පහට බෙදන්න ටීචර් කිව්වේ මට. මගේ අකුරු එහෙම කැතැයි. ඒක නිසා නම් ටික ලොකුවට බෝඩ් එකක ගහලා ගේන්න බාරදුන්නේ පන්ති නායිකාවට.

    මම කොලයක ලියාගත්ත ලිස්ට් එක ඉස්කෝලේ බෙල් එක ගහනකන් පන්ති නායිකාවට දෙන්න මට අමතක උනා. හෙට අනිවාර්යයෙන් බෝඩ් එකේ ගහගෙන එන්න වෙනවා. ඒක නිසා ඉස්කෝලේ ඇරිලා ලමයි එලියට එන වෙලාවේ මම ඔක්කොම ඉස්සරහ කෙල්ලට නම් ලිස්ට් එක දුන්නා. මේක දැක්කා ප්‍රිෆෙට් අයියලා ටිකක්. ඒ කාලේ මගේ අම්මත් ඒ ඉස්කෝලේ ඉගැන්නුවා. මුන් ආවේ නැතැයි "මොකද්ද ඔය කෙල්ලට දුන්නේ, ලිව්මක් නේද ?" කියාගෙන. මට දවල් තරු පෙනුනා. අර කෙල්ලටත් අප්සට්. කොහොම හරි අයියලටත් හිනා :lol::lol::lol: මම දීපු එකේ නම් ලිස්ට් එක දැකලා
    මම හතවසරෙදි ඇත්තටම දැනගෙන හිටියේ නෑ කෙල්ලෙකුට කොලයක් දුන්නහම ඒක වැරැද්දක් කියලා. ලියුම් කියලා ජාතියක් දෙනවා කියලවත් දන්නේ නෑ :yes::yes::yes:


    aniwa machoo......bt den inna podi un okkoma dannawa ban..
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මලා :shocked::shocked:
    ලියුම් 400-500
    උබත් නිකන් ඉදලම නෑ :lol::lol::lol:
    එතනින් ගොඩක්ම වයිෆ්ට ලියපුවනේ:rolleyes:
    ඒවා ඉතින් එකක් පිටු 40 පොතක් විතර පිරෙන්න ලියනවා.. :sorry: