.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    "රාත්‍රිය උදා වෙලා....නින්ද ඇයි නොඑන්නේ..."

    මටත් තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේක.....:yes:ලෝකයා මේකට කියන්නේ ඉන්සොම්නියා කියල...ඒ කියනනේ මටත් ඒ ලෙඩේ හැදිලද...?:shocked:

    insomnia-1.jpg


    කමක් නෑ එළකිරියේ මේ ලෙඩෙන් පෙලෙන හුඟ දෙනෙක් ඉන්නවා කියල මට පෙනුන....ඉතින් ඒ හැමෝටම එකතු වෙන්න පුළුවන් තැනක් තමයි මෙතන....නිදි නැති නෙත් වලින් එලකිරිය දිහා බලන් ඉන්න ඔයාලගේ අදහස්, කවි, සින්දු, නිසදැස් මේ ඕනෑම ආකාරයකින් මේ ත්‍රෙඩ් එකේ පලකරන්න පුළුවන්....එන්න එකතු වෙන්න නිදි නැති නෙත් සමග!!!!:)


    thrilld_145.jpg
     
    Last edited:

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    kawi sindu witharak newei oni deyak meke daanna puluwan....mama nam ada 3 sarayak nida gaththa....api ithin nishaachara ne....Kandy walata me welaawe seethalada?

    :baffled::baffled::baffled:ape ammath mata kiyanne nishachara kiyala..dawalta wadak karanna hithen na..padam karath mathaka hitin na..me awasthawe man kandy newe inne..:)..dannam nidaganna ona..


    G.gif
    O.gif
    O.gif
    D.gif
    Space.png
    N.gif
    I.gif
    G.gif
    H.gif
    T.gif
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :baffled::baffled::baffled:ape ammath mata kiyanne nishachara kiyala..dawalta wadak karanna hithen na..padam karath mathaka hitin na..me awasthawe man kandy newe inne..:)..dannam nidaganna ona..


    G.gif
    O.gif
    O.gif
    D.gif
    Space.png
    N.gif
    I.gif
    G.gif
    H.gif
    T.gif

    ahaa ape bottuwe thamai ehenam...;) ela ela..ayith nidi nathi neth walin inna welaawaka ennako ehenam...Suba Raathriyak!!!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එල එල සුපිරි වැඩක්..

    හඬන සඳට හාදු දී, තරුද නිදයි නිවි නිවී
    මේ රෑ යම මම නම් නිදි නෑ
    කඳුළු අරන් පිණි පොදී, මල් උයනේ තෙමි තෙමී
    අපෙ මතකේ සුවද ගෙනත් නෑ

    මතකය අමතක වූ බව, හිත ඇතුලේ සුසුම් සුවඳ
    පිළිගන්නට කැමති වෙන්නෙ නෑ
    ඔබයි මමයි කී පෙම්බස්, ආගිය තැන් වෙරළ කොනින්
    පෙම් රළ පෙළ මකා දමන්නෑ

    දිව්රුම් කොල මත ලියැවූ, ගිවිසුම් අත්සන් නොයෙදූ
    ඔබෙ පෙම්පත් ඉරා දැම්මෙ නෑ
    හදවතේ මත්තේ ඉදිවූ, සෙනෙහස් ආදර මැදුරූ
    දුක් ගින්නෙන් මැකී යන්නෙ නෑ..

     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අහිමිවීම

    පියමැන හෙමි හෙමින්
    බියකරු දිවි සසරේ
    නුඹ පසුපසින් මං ආවා
    ප්‍රිය සොඳුරේ
    එන විට පමා විය මේ වන
    ඝන අඳුරේ
    මගෙ මල පිපී ඇත
    වෙන කෙනෙකුගෙ මිදුලේ!

    ..
     
    • Like
    Reactions: argan

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පෑව මල් සිනා ඔබ මට
    මා වශී වුණා ඔබ හට
    තාම මා සිතේ රැදී තියේ
    වේදනා ගෙනේ හදවත
    දරාගන්න බැරි තරමට
    කාරණා පැතුම් අතීතයේ

    නිලන වැසි සමේ ඉකිබිඳ
    හඩන සිත මගේ නුඹ ගැන
    හීනය හිත යටම නිදි වරයි
    හිතට හිත නැතත් නෙත ළඟ
    තවම මැවි මැවී නොපෙනෙන
    ජීවිතයට සැනසුම නුඹමයි

    සුවඳ මල් නෙලා සැරසුව
    පාට හැඩ තියා ගැලපුව
    මගේ නොවන හිත නුඹේ ළගයි
    කදුළු තව තියේ සීතල
    හඬනවාම නම් දෙනවුණ
    මගේ නෙතට හදවත කොඳුරයි
    ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Sometimes I haven't been good to you
    Sometimes I've made you cry
    And I am sorry for everything

    but I promise you girl

    I promise you this

    When the blue night is over my face
    on the dark side of the world in space
    When I'm all alone with the stars above
    you are the one I love

    So there's no need to worry girl

    My heart is sealed for you
    And no one's gonna take it away

    cos' I promise you girl

    I promise you this

    When the blue night is over my face
    on the dark side of the world in space
    When I'm all alone with the stars above
    you are the one I love

    Your voice is calling to me in my dreams

    My love is stronger than it's ever been
    ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පණ වාගෙ හිටියා, වෙන්වීලා ගිය දාට
    පෙම් ලෝකයේ මතක ටික කාලයයි
    ආදරය එහෙනම්, සැනසීම දේ නම්
    ඇයි මෙහෙම සෝකෙ සදා..//

    ආලයට අත දුන්න ආදරය කෝ දැන්
    වෙන් වෙන්න හිතුවාද මුලද මගෙන්
    හදවත පලලා උණු ලේ දහරෙන්
    කඳුලින් සුසුමින් මා මිය යන්නම්
    පෙම් ලොවම හමුවේ ආලය කෙරුවේ
    ඇයි මෙහෙම සෝකෙ සදා..//

    ස්තීර ආලයට මරණෙත් සැපක් නම්
    මා ජීවෙ සැපතක් මින් ලැබ ගන්නම්
    නොසිතුව දේ වේවි වලකන්න බැහැනේ
    කඳුලින් සුසුමින් මා මිය යන්නම්
    පෙම් ලොවම හමුවේ ආලය කෙරුවේ
    ඇයි මෙහෙම සෝකෙ සදා..//
    ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    මා සඳට කැමති බව දැනගෙන
    ඔබ සඳ අයින් කලා අහසින්
    මා මලට කැමති බව දැනගෙන
    ඔබ මල අයින් කලා නටුවෙන්..//


    නොයිදුල් තොල් පෙති අතරින්
    උදුරාගෙ සිනාව
    හදවත නැති මිනිසා ඔබ
    නෙත කඳුළැලි ගෙනාව

    එක්ටැම් ගෙයි සිරගත කළ
    සමනලියක අනාත
    ජීවිතයම ඔබ අරගෙන
    ඇති දුන් වේදනාව

    ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔබ මගේ වෙනවා නම්
    යන්නෙ ඇයි වෙන් වෙමින්
    ආදරේ දුකද මට උරුම තාමත් ඉතින්
    වෙන් වුණත් ළං වෙලා
    මං තවත් තනිවෙලා
    ජීවිතේ උරුම වැඩිපුරම දුකදෝ සදා

    ඔබ කොහෙද මං කොහෙද තනිවීලා ඉන්නේ
    දැකගන්න ඔය මුහුණ ඇයි දැන් නොඑන්නේ
    සිත තාම හැමදාම ඔබමයි හොයන්නේ
    දුක නැද්ද මං කොහොම තනියෙන්ම ඉන්නේ

    ලෝකයට හිරු කිරණ හැමදාම වැටුණේ
    ගහකොළ ද හිනැහීලා සතුටින්ම ඉන්නේ
    මගෙ හිතට ඔබෙ අඩුව නැතුවයි රිදෙන්නේ
    ඒ දුකම විදගන්න ඇයි මං උපන්නේ..?

    ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    වන්ඳනා කළත් සංසාරෙම අපි ආදරයෙන්
    නෙළාගන්න බැරි තරමට පිපුණෙ ඇයි දුරින්
    පූජා කෙරුවෙමි සෙනෙහස සංසාරෙම ඔබේ නමින්
    මගෙ ආත්මයම ඔබ ළගමයි ඔබ අරන් ගිහින්

    නුඹ දුන්නු සිහින අරගෙන සිත දුරක ගිය තරම්
    මට කියාදෙන්න සිතක රිඳුම් ඇයිද මේ තරම්
    නුඹ හින්දා කඳුළු වලින් නෙත තෙමෙන තරම්
    හැමදාකම මගෙ ඇස් දෙක නුඹ සොයන තරම්

    නෙතු මඟහැරලා යනකොට මට දැනුණු දුක තරම්
    රිදවන්නට නම් එපා තවත් සිතක් මේ තරම්
    නුඹ නොදැක ගෙවන හැම මොහොතම දුක් විඳින තරම්
    යලිත් එන්න මගෙ ඇස්දෙක මඟ බලන තරම්

    ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හොදින් යන්න වෙන් වී
    හොදක් වෙන්න පතමී
    මට දුන්නු කඳුලු සිරවී
    තව හඬන්න නම් නොහැකී

    ඔය සුසුම් අතර සිරවී
    මුතු කඳුළු බින්දු දැවටී
    අපි දෙන්නා තෙරපි තෙරපී
    පෑ සෙනෙහස අද වියැකී

    ඔබෙ සුවද තවම දැවටී
    නිදි යහන ළඟම රැදෙමී
    ඔබ කඳුළක් වුණි ලංවී
    මගෙ සිහිනය යයි බොඳවී
    ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    විරසක වෙලා මා එක්කල මොණර කොල
    මා පත් කළා අගයක් නැති රුපියලට
    මම මා ගැනත් නොසිතා කළෙ නුඹලාට
    දැන් සලකන්නෙ මෙහෙමද ලොකු අයියාට

    තාත්තා නැති වුණා අප කළ පාපයට
    අකුරට යන එකත් නැතිවුණෙ එතැන් සිට
    නුඹලගෙ දෙනෙත් පාදන්නට ගෙන කරට
    මම වෙහෙසුනා නුඹලා ඇත අද සොදට

    ලොකු ලොකු තැන් වලින් බැඳගෙන කර කාර
    නුඹලා ඉන්නවා සතුටින් ළඟපාත
    මගෙ දේපලත් හොද කාලෙත් නුඹලාට
    දීලා හිමිවුණේ මට අද මහපාර :no::no::(
    ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දෙගුරුන් කඳුළැල් සලනා හැම දවසකම
    මිනිහෙක් වෙන්නට සිතුවා හැම මොහොතකම
    මගේ ලෝකෙ මම තනිවුණු බව දැනුණාම
    මටත් හොරෙන් මගේ ලෝකෙ ගියා අඳුරට

    මගේ ලෝකෙ මම විඳිනා මදුවිත සතුට
    දෙගුරුන් දුක් වින්දා කඳුළැල් සලාගෙන
    මිනිසුන් මා දෙස බැලුවේ අමුතු විදියට
    තනියෙමවත් නැගිටින්නට බැරිවෙලා මට

    මා තනිවූ මනු ලෝකෙන් බේරගන්නට
    බැරි වුණාට මා බිහිකල අම්මේ ඔබට
    ඔබ සලනා දුක් කඳුළැලි මැදින් මම අද
    පතනවා මතු බවයෙදි හොද පුතෙක් වෙන්නට
    :(
    ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඇවිත් යන්න නුඹ එනවද ඉන්න මඟ බලන්
    කියලා යන්න මට විතරක් මගේ රත්තරන්
    දෙනෙත් අඟට කඳුළු බින්දු එපා මට ඉතින්
    නතර වෙන්න ඉඩ දෙනවද නුඹේ නෙත ළගින්

    හිනාවෙන්න අවසර දුන්නාට රත්තරන්
    දරාගන්න බැරි ගින්දර එපා මට ඉතින්
    හිනාවෙන්න දිවි ඇතිතුරු නුඹේ ළග ඉදන්
    කියලා දෙන්න මට විතරක් ආදරේ තරම්

    පාලු කාන්සිය එනකොට ඈත දුර ඉදන්
    දුවලා එන්න හිත ගාවට මගේ රත්තරන්
    හිනාවෙන්න දිවි ඇතිතුරු නුඹේ ළග ඉදන්
    කියලා දෙන්න මට විතරක් ආදරේ තරම්
    ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    උදේ හවා හැමදාමත් මම වෙරළ දිගේ
    තාත්තා එනකල් මගෙ නෙතු ක්ෂිතිජ ඉමේ
    රජෙක් කරනවයි කීවත් මගෙ අනාගතේ
    ගියා නොයා ඉමක් නොමැති දියඹ සාගරේ

    මගේ අම්මා මාව බඳන් හඩන තරමට
    තාත්තා නැති අඩුපාඩුව දැනෙයි සදහට
    මුහුද දිහා බලන් අම්මා හඩන තරමට
    මුහුදෙ වතුර වැඩිවෙයි අනෙ එන්න ගොඩහට

    කුසගින්නට කඳුළු සලන සෝභර මුහුද
    මගේ පියා අරන් ගියා ගොඩක් දුරකට
    කවදාවත් ඔයා එන්නෙ නැද්ද ගොඩහට
    රජෙක් වෙන්න බෑ තාත්තෙ එන්න විගහට


    සත්‍ය කතාවක් ඇසුරින් ලියූවකි..