කපමු...කොටමු...අමුනමු...වීසිකරමු

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කපමු...කොටමු...අමුනමු...වීසිකරමු

මේ ත්‍රෙඩ් එකට දාන්න මට හොඳ නමක් ඔලුවට ආවෙ නෑ. ඉතින් කුප්ප නමක් තමයි දැම්මෙ... කමක් නෑ. අද කාලෙ ගොඩක් අය එක එක දේවල් වීඩියෝ කරනවා.. ට්‍රිප් ගියාම... පාටි වලදි.... එකී මෙකී නොකී සියලු දේවල් වීඩියෝ කරන එක දැන් අපේ පුරුද්දක් වෙලා තියෙනවා. අපි එහෙම වීඩියෝ කරන ඒවා කපලා කොටලා එඩිට් පාරක් දාලාගත්තම තමයි ඒකෙ රහ බලන කෙනාට දැනෙන්නෙ.. නැත්නම් එකදිගට කැමරාවකින් වීඩියෝ කරපුවා බලන් ඉන්න එක හරියට රෙදි අපුල්ලන ලොන්ඩරියක් දිහා බලාගෙන ඉන්නවා වගේ කම්මැලි වැඩක්..:dull:
98-h_main-w.png



ඇත්තටම සොෆ්ට්වෙයාස් ගැන ඉගෙන ගන්න කෝසස් කරනවා කියන එක යල් පැන ගිය අදහසක්. මේ සොෆ්ට්වෙයාවල ඉංග්‍රීසියෙන් තියෙන මැනුවල් එක බලල කියවල තේරුම් ගන්න පුලුවන්නම් මේවා ඉගෙනගන්න එක නතින්ග්. තව ප්‍රැක්ටිකල් දේවල් ඉගෙනගන්න ඕනනම් යූටියුබ් වීඩියෝ බලලා ඉගෙනගන්න පුලුවන්.ඉතින් එහෙම ඉගෙන ගන්න පුලුවන්නම් වටින වීඩියෝ එඩිට් කරන්න ගන්න සොෆ්ට්වෙයා එකතුවක් ගැන මට ලියන්න කල්පනා වුනා. මේ සොෆ්ට්වෙයා තමයි ලෝකෙ හොඳම වීඩියෝ එඩිටින්ග් සොෆ්ට්වෙයා හැටියට සැලකෙන්නෙ. එහෙම ගත්තම සොෆ්ට්වෙයා 14ක් තියෙනවා. මීට අමතර සොෆ්ට්වෙයාස් තියෙනවනම් මේ ත්‍රෙඩ් එකේ ලියන්න.. පස්සෙ විස්තර හොයලා බලන්න පුලුවන් වේවි.මේ ලිස්ට් එක හදලා තියෙන්නෙ චාම සොෆ්ට්වෙයාස් මුලට එන විදියට හොඳම ඒවා ඇත්තෙ අඩියෙ... කොහොමටත් හොඳ හොඳ දේවල් එලිවෙන ජාමෙට ලු. ඔයලා ලඟත් මේ සොෆ්ට්වෙයාස් තියෙනවනම් ගුන දොස් කියන්න ඕන. :)


14
Nero Video 11

196-nero-box.jpg


මේ සොෆ්ට්වෙයා එකේ transitions සහ effects දුසිමක් විතර තියෙනවා. ඒවගෙන ඔයාලට ඕන විදියෙ වීඩියෝස් හදාගන්න පුලුවන්. ඒවගෙම මේකට add-ons වර්ග හුඟක් සපෝට් කරනවා. එවුනාට මේ සොෆ්ට්වෙයා එකේ සේව් කරන්න පුලුවන් සීමිත ෆයිල් ෆෝමැට් ගානකට විතරයි. ඒවගේම මම පාවිච්චි කරපු අනිත් ඒවත් එක්ක බලනකොට මේකෙන් වැඩකරන්න අමාරුයි වගේ. බොහොම සීමා සහිත තේරීම් ඇති මේ සොෆ්වෙයා එක ආධුනිකයන්ට වඩාත් සුදුසුයි. කොහොමවුනත් මේ සොෆ්වෙයා එක වෙනුවට පහසුකම් වැඩි සොෆ්ට්වෙයා එකකට මාරු වෙන එක හොඳයි.

Real system Requirements



  • Windows XP SP3+
  • Intel Core II Duo 2.2 GHz processor, AMD Athlon 64 X2 5200+ 2.6GHz
  • 2 GB RAM
  • 5 GB hard drive space
  • Microsoft DirectX 9.0
  • Windows Media Player 9
  • Microsoft Windows Installer 4.5, Microsoft .NET 4,
  • Internet connection

හරි ඔන්න සොෆ්ට්වෙයා 14ම දාලා තියෙන්නෙ.. ඔයාලා හදපු වීඩියෝ කෑලි එහෙම තියෙනවනම් මටත් එවන්න. මමත් දන්න දෙයක් තියෙනවනම් කියලා දෙන්නම්..

සැලකිය යුතුයි..ඕනෑම තරාතිරමක ලැප්ටොප් අයිපෑඩ්ස් වීඩියෝ එඩිටින්ග් කටයුතු සඳහා නුසුදුසුයි.



බම්ප්ස් රෙප්ස් කමෙන්ට්ස් භාරගනු ලැබේ...


 
Last edited:

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0

13
PowerProducer Ultra
1144-powerproducer-box.jpg

මේ සොෆ්ට්ව්යා එක ගත්තම මේක හදලා තියෙන්නෙ
Cyberlink කස්ටිය. මේකෙ එඩිටින්ග් ටූල්ස් කීපයක් තියෙනවා වගේම ෆයිල් ෆෝමැට් කීපයකටත් සේව් කරගන්න පුලුවන්. මීට අමතරව සොෆ්ට්වෙයා එකේ තියෙන transitions සහ effects ගාන බොහොම දුර්වලයි. සොෆ්ට්වෙයා එකෙන් බොහොම සරල වීඩියෝ එකක් හදාගන්න පුලුවන්, මේකෙ ඇති එකම හොඳේ. පාවිච්චි කරන්න ටිකක් ලේසියි එච්චරයි. කොහොම හරි මම පාවිච්චි කරන පරනම සොෆ්ට්වෙයා එකක් මේක.

Real system Requirements


  • Microsoft Windows 98SE, Windows ME, Windows 2000, Windows XP
  • P4 1.8GHz or Athlon 1.7GHz (DDR recommended)
  • 256 MB RAM
  • 800 x 600 pixels min., 16 bit color resolution.
  • 10GB hard space
 
Last edited:

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
12 Corel DVD Movie Factory Pro 7
206-dvd-movie-factory-box.jpg

මේකෙන් නම් ටිකක් විතර හොඳ වැඩක් කරන්න පුලුවන්. ඒත් බොහොම සුලු තේරීම් ටිකක් තමයි ඇත්තෙ. මේකට ෆිල්ටර් 26ක් තියෙනවා. බොහොම සංකීර්ණ ටූල්ස් කීපයක්ම මේ සොෆ්ට්වෙයා එකේ තියෙනව. ඒ වගේම ඒ ටූල්ස් හැම හොඳ සොෆ්ට්වෙයා එකකම දකින්න පුලුවන්.කොහොම වුනත් මේකත් ටිකක් පාවිච්චි කරන්න අමාරුයි. හුඟක් වෙලාවට වෙන සොෆ්ට්වෙයා එකකට මාරු වෙන්න වේවි.

Real system Requirements



  • Microsoft WindowsXP+SP3, Windows Vista+SP1
  • Intel Core 2 Duo 2.4 GHz
  • 2GB RAM
  • 30GB hard space
  • display with 1024x768, 32-bit color graphics
  • Windows Media Player 10
 
Last edited:

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
11 Roxio MyDVD VideoLab HD

50576-mydvd-video-lab-box.jpg



මේ සොෆ්ට්වෙයා එක ගත්තම මේකෙ සිය ගානක් තියෙනවා. ඒවගේම හුඟක් දේවල් මේකත් එක්ක වැඩකරනවා. ඒවුනාට මේකෙත් පොඩි පොඩි දුර්වලකම් තියෙනව. මේ සොෆ්ට්වෙයා එකෙන් 3D වීඩියෝස් එහෙම හදන්න පුලුවන්. ෆයිල් ෆෝමැට් ගොඩක් එහෙම වැඩ. ඒත් මේකෙ අවුල තමයි එඩිටින්ග් වලට අත්‍යාවශ්‍ය සමහර දේවල මගහැරිලා තියෙනව. ඒවගෙම කෝම කී කරන්නත් බෑ. කොහොමවුනත් මේකෙන් හොඳ වීඩියෝ හදාගන්න පුලුවන්.


Real system Requirements


  • Windows® XP SP3+
  • Intel Pentium 4 2GHz processor or AMD equivalent
  • 2GB RAM
  • 1024x768 DirectX 9.0c compatible graphics card with at least 16-bit color setting
  • 10GB free space
  • Windows Media Player version 10, 11 or 12
  • Internet connection
  • ATI or NVIDIA 128 MB VGA
 
Last edited:

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
10 MoviePlus X6
1145-movieplus-box.jpg

මේක ගත්තම මේ සොෆ්ට්වෙයා එකෙන සෑහෙන්න ඉක්මනට වැඩකරන්න පුලුවන්. ඒවගේම ට්‍රැක්ස් හුඟක් දාගන්න න් වගේම ට්‍රැක්වල පිලිවෙල වෙනස් කරන්න පුලුවන්. සොෆ්ට්වෙයා එකේ වෘත්තීමය එඩිටර්ලට වැදගත් කෝමා කී, ගෞසියන්,බ්ලර්,මාස්ක් වගේ ඉෆෙක්ට්ස් තියෙනව. මම නං පුද්ගලිකව කැමතියි මේ සොෆ්ට්වෙයා එකට.අනිත් අතට මේ සොෆ්ට් එක බොහොම නම්‍යශීලීයි. කොහොමවුනත් මේකෙත් අනිත් සොෆ්ට්වෙයාස්වල තියෙන
effects සහ transitions ගොඩක් නෑ. ඒවුනත් මේකෙන් එඩිට් කරන වීඩියෝ හුඟක් වෘත්තීමය ගතියක් තියෙනව.

Real
system Requirements



  • Microsoft Windows XP (32 bit), Windows Vista, or Windows7
  • Quad-core processor
  • Fast hard disk (7200rpm drive)
  • 2GB RAM
  • 1.47GB Hard space
  • 1024 x 768 monitor resolution
 
Last edited:

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
09 Sony Vegas Movie Studio Platinum 11
1143-sony-vegas-movie-studio-platinum-box.jpg

මේක නම් කලින් ආපු වර්ෂන් වලට වැඩිය පාවිච්චි කරන්න ලේසියි. ඒවුනාට මේකත් එක්ක වැඩකරන්න ටිකක් විතර ඉගෙන ගන්න වෙනවා. ඒවගේම 3D වීඩියෝස් එඩිට් කරන්න එහෙමත් පුලුවන්. අංගෝපාංග අතින් ගත්තමත් සෑහෙන්න සරුයි. ලේසියෙන් පාවිච්චි කරන්න පුලුවන් ඉන්ටෆේස් එකක් තියෙන හින්දා හුඟක් ලේසියි. විනාඩි
tutorial කීපයක් බලලා ඉක්මනින්ම වීඩියෝ එඩිට් කරන්න පටන් ගන්න පුලුවන්.

Real system Requirements


  • Windows XP SP3, Windows SP2, or Windows 7
  • 2 GHz processor
  • 400 MB hard-disk space for installation
  • 2GB Ram
  • Apple® QuickTime® 7.1.6 or later
  • Internet Connection
 

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Cyberlink_PowerDirector-8-Deluxe_small.jpg

    කලින් පාවිච්චි කලේ මේක...

    දැන් පාවිච්චි කරන්නේ...

    001dd41f_medium.jpeg

    උඹේ ලිස්ට් එකේ මේක ඇති... :D
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    08 Pinnacle Studio HD 15
    1141-pinnacle-studio-box.jpg

    මේ සොෆ්වෙයා එකෙත් අත්‍යාව‍ය්‍ය දේවල් ටික තියෙනව. ඒත් හොඳ කම්පියුටර් එකක් නැත්නම් මේකෙන් වැඩකරන්න අමාරුයි. කොහොමවුන
    ත් HD/AVCHD වලින් වැඩ කරන්න පුලුවන්. මේකෙ effects 1800ක් විතර තියෙනව. ඒවගෙන් සමහර ඒවා 3D මේකෙ තියෙන ගැජට් දැකලා මම පුදුම වුනා. නොසෑහෙන්න දේවල් තියෙනවා. ඒත් බෙල්ස්,විස්ල්ස් නෑ.. ඒ මොකවුනත් මේක සිරාම භාන්ඩයක්.තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා මේකෙන් බ්ලූ රේ නම් රයිට් කරන්න බෑ

    Real systems Requirements


    • Windows 7 32/64-bit, Windows Vista 32/64-bit (SP2), or Windows XP 32-bit (SP3)
    • Intel Core i5 or i7 1.06 GHz
    • 2GB RAM
    • DirectX10
    • 256 MB VGA
    • 3.2 GB hard space
     
    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මේක නෑ බං :no::no:
    ෆට්ට ලේසියි වැඩ කරන්න... Transition සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා... Transition දෙක තුනක් සෙට් කරලා අපේම Transition එකක් හදලා Preset එකක් විදියට සේව් කරලා තියාගන්නත් පුළුවන්... :cool: Audio filters අනම් මනම් ගොඩක් තියෙනවා... User friendly... HD වැඩ කරන්න පුළුවන්... Output ෆයිල් ටයිප් සැලකිය යුතු ප්‍රමාණයකුත් තියෙනවා...:love::love::love: