අපිත්_කමුද_මකුල්_කුස් ?

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අපිත්_කමුද_මකුල්_කුස් ?

    makul+kus.png.jpg



    ඉස්සර අපි පොඩි කාලේ ඉස්කෝලේ ගිහිල්ලා ආපහු ගෙදර දුවනකම් ඉවසිල්ලක් නැතිව ඉන්නෙ අම්මා බෙදල තියෙන බත් පිඟාන ගැන හිත හිත. උදේට කන්න කියලා ගොඩක් වෙලාවට ඇස්ට්‍රා මාජරින් ගාල සීනි දාල දෙන පාන් පෙති හතර ඉන්ටර්වල් එකටත් කලින් පොඩ්ඩ පොඩ්ඩ බෑග් එකට අත දාල කන නිසා දවල් එකහමාර වෙනකොට බඩේ ඉන්න කුකුලා කෙකර ගාන්න පටන් ගන්නවා අපිටත් නොදැනිම.

    ඔන්න ඉතින් අන්තිම පීරියඩ් දෙක වෙද්දි උගන්නන මේ ලෝකෙ දෙයක් ඔළුවට වදින්නෙ නෑ මොකද බඩේ කුකුලා පිකටින් කරන්න පටන් ගන්න නිසා. ඔන්න ඉතින් ඒ වෙලාවෙ ඉඳන් හිතෙන්නෙ,

    "අද දවල්ට මොනවද කන්න ඇත්තේ ....?"

    "බිත්තරයක්වත් තම්බලා, පරිප්පු හොදිත් එක්ක තිබුනොත් නම් මරු....."

    "නැත්නම් අදත් කරවල හොදියි, බෝංචියි, කොල මැල්ලුමයිද දන්නෙත් නෑ.....!"

    වගේ නා නා ප්‍රකාර සිතිවිලි......

    කොහොමෙන් කොහොම හරි ඔය මොනව තිබුනත් සාගතේට අහුවෙලා වගේ ගෙදර දුවලා සපත්තුයි ෂර්ට් එකයි විතරක් ගලවලා දාලා අම්මා බෙදලා තියෙන බත් පිඟාන අතට අරගෙන මේලෝක සිහියක් නැතිව කාගෙන කාගෙන යන හැටි මට අදත් මතකයි.

    ගොඩක් වෙලාවට අම්මා සතියේ දවස් හත ප්ලෑන් කරලා තමයි කෑම උයන්නෙ. සතියට එක දවසක් බිත්තර. ගොඩක් වෙලාවට ඒක සෙට් වෙන්නෙ බදාදට. හවස පන්ති හරි වෙන මොනව හරි ප්‍රැක්ටිස් තියෙනවා නම් ඒ ෂැඩියුල් එක වෙනස් වෙලා අනිවාර්‍යයෙන්ම බිත්තරයක් බත් එකට එකතු වෙනවා.

    සතියට දවස් දෙකක් සාලයෝ වගේ පොඩි මාළු මිරිසට උයලා. සති දෙකකට වරක් විතර කෙලවල්ලෝ, තලපත් වගේ මාළු ජාතියක්. අනිත් හැම දවසකටම කරෝල එහෙමත් නැත්නම් හාල් මැස්සො තෙල් දාල හරි උයලා හරි.

    ගොඩක් වෙලාවට මාසෙකට එක දවසක් වගේ තමයි අපි කැමතිම දවස උදා වෙන්නෙ. ගොඩක් වෙලාවට ඒක සෙනසුරාදවක් හරි ඉරිදාවක් හරි. එදාට අම්මා හදන්නෙ කහ බතුයි, කුකුල් මසුයි, අල තෙල් දාලා, වම්බටු මෝජුයි මින්චි සම්බෝලයයි. එදාට බුරිය උල් වෙන්නෙ ආපහු ඉස්මුරුත්තාව හැදිලා ඉස්පිරිතාලෙ යන්න ඔන්න මෙන්න කියලා තමයි. මේ දවස ගොඩක් වෙලාවට තාත්තා රට ඉඳලා සල්ලි එවන දවස් කිට්ටුවේ තමයි සෙට් වෙන්නෙ.

    මේ පැටර්න් එක වෙනස් වෙන්නෙ තාත්තා නිවාඩුවට ගෙදර ආවහම තමයි. තාත්තව බලන්න කියලා ගෙදරට එන (ගොඩක් වෙලාවට තාත්තා ගේන තෑගි බෝග බලාගෙන ) බාප්පලා, නැන්දලා රොත්තයි, තව තාත්තගේ යාළුවොයි නිසා ගෙදර නිතරම සැණකෙළි ස්වරූපයක් තමයි තියෙන්නෙ. ඒ කාලෙට ඉතින් දවසක් ඇර දවසක්වත් කුකුල් මස් කන්න චාන්ස් එක සෙට් වෙනවා.

    ඒ මීට අවුරුදු 15කට 20කට කලින් තත්වේ. ඒත් දැන් කාලේ බලනකොට මේ චක්කරේ එහෙම පිටින්ම අනිත් පැත්ත ගහලා.

    ඒකට දැන් ගෙදරක මාළු ටිකක්, කරවල ටිකක් උයනවට වැඩියෙන් උයන්නෙම කුකුළු මස්ම තමයි. අපේ පොඩි එවුනුත් දැන් කුකුල් මස් නැතිව බත් කන්නෙ නැති තත්වෙකට පත්වෙලා.

    දැන් අපිට කීරමින් ටිකක් තෙල් දාලා, පරිප්පු තෙම්පරාදුවක් දාලා පොල් සම්බෝලයක් එක්ක බත් ටිකක් දුන්නොත් ඇදලා අරින්නෙ ආයි නෑ උණ්ඩුක පුච්චෙත් පිරෙන්නම තමයි.

    කොහොමෙන් කොහොම හරි කාලයක් මම කුකුල් මස් කන එක නවත්තලා දාලම හිටියා. ඒ මට වුරුදු 13ක් 14ක් තරම් වංගියේ කියලා තමයි මට මතක. ඒ කාලේ ඔය නුගේගොඩ සුපර් මාර්කට් එක පිටි පස්සට වෙන්න මස් කඩ පේලියක් තිබුනා. (තාම තියෙනවද දන්නෙ නෑ මොකද සෑහෙන කාලෙකින් ඒ පැත්තට යන්න බැරි වෙච්ච නිසා ). ඔය කඩ පේලියේ තිබුනේ හරක් මස්, එළු මස් ඌරු මස් විකුණන කඩ අතර එක කුකුල් මස් විකුණන කඩයක්. අපේ අම්මා ඔතනින් කුකුල් මස් ගන්න පුරුදු වෙලා හිටියේ ටික කාලෙකට කලින් ඉඳලා. අයිස් නැතිව කුකුල් මස් ගන්න පුළුවන් නිසා තමයි ඒකට ගොඩක්ම හේතුව.

    දවසක් අම්මාගේ විධානෙන් මම ඔය කඩේට ගියේ කුකුලෙක් අරගෙන එන්න කියලා. සාමාන්‍යයෙන් කරන්නෙ මරලා සුද්ද කරලා කඩේ ඉස්සරහා එල්ලලා තියෙන කුකුලෙක් අරගෙන එන එක උනත් එදා මට කලින් එතනට ඇවිත් හිටපු ගෑණු මනුස්සයෙක් කූඩුවක දාල හිටිය පණ තියෙන කුකුලෙක්ව මුදලාලිට පෙන්නුවා. මුදලාලි මොකද කලේ අර කුකුලගේ කකුල් දෙකන් අරගෙන බෙල්ලෙන් අල්ලලා එතන තිබිච්ච ලොකු බැරල් එකක ගැට්ටට තියලා පිහියකින් බෙල්ල කැපුවෙ හරියට පාන් ගෙඩියක් කපනවා වගේ හතර පස් පාරක් අතුල්ලලා. එහෙම්මම බෙල්ල එල්ලි එල්ලි තියෙන සුදුම සුදු පාටට හිටිය කුකුලව ඒ මිනිහා ඊට පස්සෙ අර බැරල් එක ඇතුලටම දැම්මා. ඊට පස්සෙ විනාඩියක් දෙකක් ඇහුනේ සට පට සට පට ගාලා අර කුකුලා බැරල් එක ඇතුලේ දඟලන සද්දේ. සද්දේ නැවතිච්ච ගමන්ම මස් කඩේ මුදලාලේ ආපහු කුකුලව කකුල් දෙකෙන් අල්ලලා ගෝලයට දෙනකොට අර බැරල් එකට දාපු සුදු පාට කුකුලා තනිකරම රතු පාට වෙලා හිටියා.

    කොහොම හරි එදා අපේ ගෙදර අයට කුකුල් මස් කන්න බැරි උනේ තුෂ්නිම්භූත වෙලා හිටිය මම දමලා ගහලා ගෙදර ගිය නිසා. ඊට පස්සෙ අවුරුද්දක් හමාරක් මම කුකුල් මස් කෑම අත් ඇරියේ පිඟානේ තියෙන කුකුල් මස් කෑල්ල අර බැරල් එක ඇතුලේ ඉඳන් දඟලපු කුකුලගේ කියලා මට හිතෙන්න පටන් ගත්ත නිසා.

    කොහොම හරි පස්සෙ කාලෙකදි, ඒ කියන්නෙ මම නමය වසර දහය වසර කාලෙදි විතර අපේ තාත්තා රට ඉඳල එනකොට ගෙනාව හරිම අපූරු එලාර්ම් ඔරලෝසුවක්. ඒකෙ විශේෂත්වය තමයි මේක කතා කරන ඔරලෝසුවක් වීම. ඕනෙම මහ රෑක නැගිටලා අත පත ගාලා ඔරලෝසුව උඩ තියෙන බොත්තම ඔබපු ගමන් ලස්සන කට හඬක් තියෙන ගෑල්ලමයෙක් රහසින් වගේ වෙලාව කියනවා. ඉතින් ඊට පස්සෙ හරි සනීපෙටත් නින්දත් යනවා. හැබැයි කරුමෙ උනේ මේකෙන් උදේ නැගිටින්න එලාර්ම් එක තියන්න පටන් ගත්තට පස්සෙ තමයි. ඒ කාලේ පාඩම් කරන්න කියලා උදේ 4ට විතර එලාර්ම් එක සෙට් කරලා තමයි නිදා ගන්නෙ. මේකෙ එලාර්ම් එකට තිබුනේ කුකුලෙක් අඬලන සද්දයක්. උදේ හතරට විතර කන ගාව ඉඳගෙන කුකුලෙක් අඬලනවා කියලා හිතන්න. ඒකට මූන දීපු එකා තමයි දන්නෙ මුළු කුකුල් සංහතියම මරාගෙන කන්න තරම් කේන්තියක් හිතට එන විදිහ ගැන. ඊට පස්සෙ ආපහු මම කුකුල් මස් කන්න පටන් ගත්තා.

    මට වඩා අවුරුදු 3ක් විතර බාල මගේ නැන්දගේ පුතා තේරුනේ පේරාදෙණියේ කෘෂි විද්‍යා පීටයට. පොර ඔතන ඉගෙන ගන්න කාලේ ෆීල්ඩ් විසිට් එකකට කට්ටියවම එක්කෙගෙන ගිහිල්ලා තිබුනේ ලංකාවෙ දැනට තියෙන ලොකුම කුකුල් මස් නිශ්පාදන ගොවිපල බලන්න. ඕක බලලා ඇවිත් පොරත් එදා ඉඳන් කුකුල් මස් විතරක් නෙමෙයි ඔක්කොම මස් මාළු ජාති කන එක නවත්තලා දාලා තනිකරම වෙජිටේරියන් උනා.

    මිනිහා කියපු විදිහට එතන කුකුලෝ මරන්නෙ මහා පරිමාණෙට. ලොකු හෝල් එකක හයි කරලා තියෙන නවතින්නෙ නැතිව වැඩ කරන බෙල්ට් එකක් තියෙනවා. එතන ඉන්න මිනිස්සු දෙතුන් දෙනෙක් කරන්නෙ පණ පිටින් ඉන්න කුකුලන්ව අරගෙන අර බෙල්ට් එකේ උන්ගේ කකුල් වලින් එල්ලන එකයි.එකාට එකා ගෑවෙන විදිහට තමයි උන්ව එල්ලනවා කියන්නෙ මොකද විනාඩියට කුකුල්ලු 50ක් 60ක් ඒ විදිහට එල්ලනවා. ඔන්න ඉතින් ඔය බෙල්ට් එකේ එල්ලපු කුකුලන්ගේ බෙල්ල ඊට ටිකක් එහාට වෙලා ඉන්න මිනිස්සු දෙතුන් දෙනෙක් ඉඳගෙන පොඩ්ඩක් කපනවා. ඒ කැපිල්ලත් හරියටම කැපෙන්නෙ නැත්තෙ බෙල්ට් එක දිගේ එන කුකුල්ලන්ගේ ප්‍රමාණය වැඩි නිසා. කැපෙන කුකුලගේ බෙල්ලත් කැපෙන්නෙ බාගෙට. ඊට තත්පර කීපෙකට පස්සෙ අර පණ ගගහා ඉන්න කුකුල්ලු ටික සේරම විසාල උණුවතුර ටැංකියක් ඇතුලෙන් යනකොටත් අර කුකුල්ලු ඉන්නෙ පණ පිටින්. ඊට පස්සෙ තියෙන්නෙ ලොකු රොලර් දෙකක් අතරින් මේ කුකුලන්ව යවන එක. එතනදි තමයි මුන්ගේ පිහාටු ටික ඔක්කොම ගැලවිලා සුද්ද වෙන්නෙ. ඒ මැෂින් එකෙන් එලියට එනකොටත් සමහර කුකුල්ලු ඉන්නෙ දඟල දඟලලු.

    chicken-slaughter-01.jpg


    poultry_breeding.jpg

    හොඳම හරිය තියෙන්නෙ මුස්ලිම් ව්‍යාපරිකයෙකුට අයිති මේකෙ කුකුල්ලු මරන්නෙ හලාල් විදිහට. ඒ තමයි ඒ ගොල්ලන්ගේ හලාල් වාක්‍යය කැසට් එකකින් කුකුලන්ට ඇහෙන්න ප්ලේ කරලා. ඒත් ඉතින් අර කුකුලා මැරෙනකොට ඒ හලාල් වාක්කි වලින් සීයෙට දහයක්වත් අහගෙන නෙමෙයි ඌ මැරෙන්නෙ. ඒත් මුන් පස්සෙ ඒ මස් පැකට් එකේ ගහන්නෙ සීයට සීයක්ම හලාල් කියලා.

    කොහොමෙන් කොහොම හරි මම දැක්කට වඩා මහා පරිමාණෙන් කුකුල්ලු මරනවා දැකලා මස් මාළු කන එක නවත්තපු ඒ මල්ලිට මම අර එලාර්ම් ඔරලෝසුව තෑගි දුන්නේ මේක අනිවාර්‍යයෙන්ම මේ එලාර්ම් එක දාගෙන නිදාගත්තොත් මූ ආපහු කුකුල් මස් කන්න පටන් ගන්නවා කියලා හොඳටම ෂුවර් නිසා. . ඒත් කරුමේ කියන්නෙ මම දැනන් නොහිටියට මේ ඔරලෝසුවේ මේ එලාර්ම් එකේ ටෝන් එක වෙනස් කරන ඔප්ෂන් එකක් තිබිලා මිනිහා ඒක බීප් බීප් සද්දෙකට මාරු කරගෙන. තාමත් ඌ කුකුල් මස් කන්නෙත් නෑ, මට එලාර්ම් ඔරලෝසුවත් නෑ.


    මතු සම්භන්ධයි


    සම්පූර්ණයෙන් උපුටා ගැනීමකි සම්පූර්ණ අයිතිය ලේඛකයා සතුය හොදයිනං ++REP එකක් දෙන්න
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙන්න ඕකෙ ඉතුරු ටික :

    අපි හැමෝම රෑට නිදා ගන්නකොට අදින්න කැමති සැහැල්ලු ඇඳුමක්. පිරිමි අපි නම් ඔය සරමක් එහෙම නැතිනම් ෂෝටක් වගේ එකක් ගහගෙන තමයි නිදා ගන්න කැමති. කාලයක් මමත් සරමක් ඇඳන් නිදා ගන්න ට්‍රයි කලත් උදේ නැගිටලා බලනකොට මම ඇඳ උඩ ඉන්දැත්දි සරම ඇඳ පාමුල තියෙන්න පටන් ගත්තා. සමහර දවස්වලට දන්නෙම නැතිව සරම වරා පොටක් වගේ කකුල් දෙක ගාවටම ගිහිල්ලා ඒක දන්නෙ නැතිව ඇඳෙන් බහින්න යනකොට හොම්බෙන් යන්න ගිහිල්ල පාරක් දෙපාරක් යන්තමින් බෙල්ල කඩාගන්නෙ නැතිව බේරුනා. එදා ඉඳන් මම නිදා ගන්නකොට අඳිනේ සැහැල්ලු කොට කලිසමක්.

    ඒ උනත් මම ගොඩක් ඔය හොලිවූඩ් පැත්තේ හදන ෆිල්ම් බලන එක පුරුද්දක් කරගෙන ඉන්න නිසා නිතරම දකිනවා ඔය සුද්දෝ ගොඩක් වෙලාවට නිදාගන්නෙ ඇඳගෙන ඉන්න යට ඇඳුම පිටින්මයි කියලා. එහෙම ඉඳලා උදේ වෙච්ච ගමන් දඩි බිඩි ගාලා නැගිටලා අර අන්ඩර්වෙයාර් එකට උඩින්ම කලිසම ඇඳගෙන ෂර්ට් එකක් ඇඳගෙන උන් දුවනවා. ආපහු රෑ උනාම අර කලිසම ගලෝලා දාලා යට කලිසම පිටින්ම බුදිය ගන්නවා. කොච්චර සිම්පල්ද ?

    කාලෙකට ඉස්සර අබුඩාබි වල හිටපු අයියා කෙනෙක්ගේ සුදු ජාතික අසල්වැසියෙක්ට ලොකු කරදරයක් උනා මේ පුරුද්ද නිසාත් තව ඒකට කුකුලෙකුත් සම්භන්ධ වුනු නිසාත්. කොහොමත් අබුඩාබි වල ගොඩක් කුකුල්ලු ඉන්නවා. ඒ පැත්තෙ ඉන්න කට්ටිය දන්නවා පොඩ්ඩක් නගරෙන් පිට අතුරුපාරවල් වල යන්න ගියාම දකින්න ලැබෙන නිදැල්ලෙ හැසිරෙන අයිතිකාරයෝ නැති කුකුල්ලු. කාලෙකට ඉස්සර ගෙවල් වල ඇති කරන්න අරගෙන පස්සෙ කාලෙක අයිති කාරයෝ ගෙවල් ඇරලා යනකොට අරගෙන නොගිය, අතරමං වෙච්ච කුකුලන්ගෙන් පැවත එන කුකුල් පරම්පරාවලින් එන කුකුල්ලු තමයි ඒ. හැමතිස්සෙම පැටව් ගැහුවත් මුන්ට වල් කුකුල්ලු කියන්නත් බෑ, වන කුකුල්ලු කියන්නත් බෑ මොකද මුන් ජීවත් වෙන්නේ වනේ නොවන නිසා. පාරවල් අයිනේ තියෙන පඳුරු අස්සෙ බිත්තර දාලා ඒවයේම රැකලා තමයි ඒ කුකුල්ලු පරපුර පැවතගෙන එන්නෙ.

    සමර් කාලෙදි පාන්දර හතර හෝ හතරහ මාරවෙද්දි මෙහෙට ඉර පායනවා. ඒ වගේම රෑ අට විතර වෙනවා ඉර බැහැලා යන්න. කුකුල්ලු උනත් ජන්මයෙන් එන පුරුද්දු අත අරින්න උන් කැමති නෑනේ. ඉතින් ඔන්න ඒ පැත්තෙ ඉන්න කුකුල්ලුත් ඈත ක්ෂිතිජයේ ඉර නැගෙන්න කලින් ඉඳන්ම කෑ ගහන්න පටන් ගන්නවා කුක්කු කූක් කූක්....කුක්කු කූක් කූක්.... කියලා. දන්න කට්ටිය දන්නවනේ ඔහොම කෑ ගහන කුකුලා උගේ ගෑනු සතාව උගුඩුවෙක් උස්සගෙන ගියත් කෑ ගැහිල්ල නවත්තන්නෙ නෑ කියලා.

    තට්ටු දෙකේ බිල්ඩිමක පල්ලෙහා තට්ටුවේ මම දන්න අයියා ඉන්නකොට උඩ තට්ටුවේ ඉඳලා තියෙනෙ ජර්මන් ජාතික පයිලට් කෙනෙක්. අනේ ඉතින් මේ මනුස්සයා ලෝකේ වටේ රවුම් ගහලා ගහලා පාන්දර ජාමේ ඇවිත් නිදා ගන්න හදනකොටම අර මරුමුස් කුකුලා ඒ බිල්ඩිම ගාවම තියෙන ගහක අත්තක ඉඳන් බෙල්ල මිරිකලා වගේ කෑ ගහනවා. ඔන්න ඉතින් අර අයියට ඇහෙනවලු අර අසරණ සුද්දා බැල්කනියට ඇවිත් කරුණාවෙන් කුකුලට කියනවා "ප්ලීස් කෑගහන්න එපා යකෝ.....!" (හැබැයි කියනවා කියන්නෙ යටි ගිරියෙන් කෑ ගහලා )... ඒත් මොන. කුකුලා නෙමෙයි කණකටවත් ගන්නෙ. අරාබි කුකුලන්ට ජර්මන් තේරෙනවා කියලයෑ...? ඌත් දෙනවා තව ටිකක් හයියෙන් කුක්කු කූක් කූක් කියලා....ඔන්න ඊට පස්සෙ ඇහෙනවාලු ගෙදර තියෙන කොසු, මොප් වගේ දේවල් උඩින් ඉගිල්ලිලා ගිහින් අර ගහේ වැදිලා බිම වැටෙනවා.

    සුද්දා ගෙදර ඉන්න දවස්වල පාන්දරට ඕක සාමාන්‍යය සිද්ධියක් වෙන තරමටම කිසිම විශේෂයක් නැතිව ගිහිල්ලා. හැබැයි ඔන්න එක දවසක් සුපුරුදු විදිහට කුකුලා අඬලන්න පටන් අරගෙන ටික වෙලාවකින් අර සුපුරුදු සංසිද්ධි ටික එක පෙලට වෙන්න පටන් ගන්නවා. හැබයි ඊට ටික වෙලාවකට පස්සෙ පොඩ්ඩක් වෙනස් සද්දෙකුත් ඇහිලා මේ වගේ...."ක්‍රාස්...බරාස් තග්....බුදු අම්මෝ...! (ජර්මන් වලින් )". ඔන්න ඉතින් මේ නුහුරු නොපුරුදු සද්දේ මොකක්ද කියලා බලන්න අයියා එලියට ඇවිත් බලනකොට අර සුද්ද පාරෙ ඉඳන් පොඩි එකෙක් වගේ දණ ගාණවා.ඔන්න ඉතින් අයියත් දුවලා ගිහිල්ල සුද්දව නැගිට්ටවලා. දෙයියන්ගේ පිහිටින් පොඩි හීරීම් ටිකක් ඇරෙන්න ලොකු තුවාලයක් වෙලා නෑ පොරට. සුද්දගේ ඉවසීමේ සීමාව පැනපු පාර මූ බැල්කනියෙන් අර ගහට නැගලා තියෙන්නෙ කොස්සත් අතේ තියාගෙන කුකුලව මරන්න.එල්ලිච්ච අත්තත් එක්කම තමයි මූව පාරට ඇදගෙන වැටිලා තියෙන්නෙ. දැන් ඔන්න අහල පහල ඉන්න ගෑණු මිනිස්සුත් එලියට ඇවිත් මේ සද්දෙට. කරුමේ කියන්නෙ ඒත් එක්කම නගරේ පැට්‍රල් යන පොලිස් ජීප් එකත් මේත් එක්කම මෙතන නවත්තලා මොකක්ද මේ කලබලේ කියලා බලන්න. කොරේ පිටට මරේ කියලා සුද්ද ඉඳලා තියෙන්නෙ ජොකා පිටින්. මෙහේ නීතිය හැටියට පිරිමි කෙනෙක්ට දණහිසින් උඩට වෙන්නවත් කොට කලිසම් ඇඳගෙන පාරෙ යන්න බෑ. අනේ ඉතින් අර සුද්දව අල්ලගත්ත පොලීසිය පොරව ජීප් එකට දාගත්තෙ නොහොබිනා ලෙස මහපාරේ ගැවසීමේ වැරද්ද නිසා. සුද්දා ජීප් එකට නගිනකොටත් කුකුලා මර හඬ දිදී කුක්කු කූක් කූක් කියනවලු.

    ඔන්න ඔහොමයි අසරණ සුදු පයිලට් කෙනෙක්ට කුකුලෙක් නිසා හිරේ විලංගුවේ වැටෙන්න සිද්ධ උනේ.

    කුකුලට කකුල් දෙකක් තියෙන එක ගොඩක් අයට ප්‍රශ්නයක් විශේෂෙන්ම පවුලේ පොඩි එවුන් තුන් හතර දෙනෙක් ඉන්න පවුලකට. හරියට අපි පොඩි කාලේ වගේ. අර කුකුල් කකුල් දෙකට කට්ටිය මරා ගන්නෙ නැති එක විතරයි. ඔය ප්‍රශ්නේ මෙහෙ විතරක් නෙමෙයි ඇමරිකාවෙත් තියෙනවා.

    දවසක් ඇමරිකාවෙ එක පිටිසර පලාතකට අළුතෙන් පත්වෙච්ච ෂෙරීෆ් කෙනෙක් තමන්ගේ කාර් එකෙන් ගොවිපලක් ලඟින් යනකොට එක පාරටම පැයට කිලෝමීටර් එකසිය ගාණක වේගෙන් ආපු සතෙක් ෂෙරීෆ්ගේ කාර් එකත් පහු කරගෙන ගොවිපලේ වැටත් පැනලා ගොවි පල ඇතුලට පැන්නලු. හොල්මන් වෙච්ච පාර ෂෙරීෆ් කාර් එක නවත්තලා බලනකොට ඒ පැනපු සතා කුකුලෙක්ලු. අප්පද බොල බලාගෙන යනකොට ඒ කුකුලට කකුල් හතරක් තියෙනවලු. ඒ කුකුලා විතරක් නෙමෙයි ගොවි පොල ඇතුලේ ඒ වගේ කකුල් හතරේ කුකුල්ලු මහ ගොඩක් හැම තැනම අහුල අහුලා කකා ඉන්නවලු.

    ජීවිතේ පළවෙනි වතාවට මේ වගේ සීන් එකක් දැකපු ෂෙරීෆුත් ඔන්න ගියාළු ගොවිපලේ අයිති කාරයව හම්බවෙන්න. ගොඩක් වයසට ගිය අයිතිකාරයගෙන් ෂෙරීෆ් ඇහුවලු කොහෙන්ද මේ කකුල් හතරේ කුකුල්ලු හොයාගත්තෙ කියලා. ඔන්න ඉතින් ගොවිපලේ අයිතිකාරයා කිව්වලු,

    "ෂෙරීෆ් මහත්තයෝ, මට දරුවො හතර දෙනෙක් හිටියා. රෑට කන්න කියලා කුකුලෙක් රෝස්ට් කලොත් හැමදාම ගෙදර රණ්ඩු උගේ කකුල් දෙක බෙදාගන්න. ඉතින් මම ඒකට විසඳුමක් විදිහට ඔය ජාන තාක්ෂණේ පාවිච්චි කරලා කුකුලගේ තටු දෙකත් කකුල් දෙකක් වෙන විදිහට වෙනස් කරා...."

    "ෂා හරි ශෝක් විසඳුමක්නේ මහත්තයෝ. ඉතින් ගෙදර ප්‍රශ්නේ විසදෙන්න ඇති නේද ?"

    “මොන පිස්සුද ෂෙරීෆ් මහත්තයෝ, ඊට පස්සෙ ආසාවට ගෙදර පැත්ත පලාතේ චිකන් රෝස්ට් කලේ නෑ....

    “හෑහ්, ඒ මොකද.....?”

    “මේ යක්කු කකුල් දෙකක් තිබිච්ච කාලෙදිත් අල්ලගත්තෙ බොහොම අමාරුවෙන් උන්ගේ පස්සෙ දුවලා. දැන් මුන් කකුල් හතරෙන් දුවනකොට අල්ලයි උන්ගේ නැට්ට...!”

    "කොටින්ම මගේ ගොවිපලේ පොඩි කාලේ ඉඳන් වැඩකරපු, කුකුල්ලු ටික බලාගත්ත කොල්ලා තමයි ගිය පාර ඔලිම්පික් මීටර් සීය රන් පදක්කම දින්නේ......!"

    ඒ කතාව කුකුල්ලු නිසා ඔලිම්පික් රන් පදක්කමක් දිනපු එකක් ගැන.

    අපි හැමෝම දන්නවා පංසල්වල හාමුදුරුවරුන්ට දානේ හම්බවෙන විදිහ ගැන. උන් වහන්සේලාට ගොඩ වෙලාවට දවල් දානය නම් නොවැරදීම ලැබෙනවා මොකද මිනිස්සු දාන මාන දෙන්නෙ දවල්ට. ඒත් ඉතින් හීල් දානේ ඒ කියන්නෙ උදේ දානේ ඒ වගේ සුලබව ලැබෙන්නෙ නෑ. ඉතින් ගොඩක් වෙලාවට හමුදුරුවරු තම්න්ට පුළු පුළුවන් විදිහට ඒක පංසලේ ඇබිත්ත කොලුවෙක් ඉන්නවා නම් එයාට කියලා හරි, නැති නම් තමන් විසින් හරි සිදු කරගන්නවා. බුදු හාමුදුරුවන්ගේ දේශනාවෙ හැටියට රෑට ඝන ආහාරයක් අරගන්නෙ නැතිව සැතපෙන හාමුදුරුවරුන්ට උදේටත් මුකුත් වලඳන්න ලැබුනේ නැත්නම් ලොකු අපහසුතාවයකට තමයි පත් වෙන්නෙ.

    ඔන්න දවසක් එක්තරා ගමක පන්සලේ හාමුදුරුවන්ටත් හීල් දානේ මග ඇරුනා. පංසලේ කිසිම දෙයක් තිබුනේ නෑ දානෙට ගන්නවත් දානෙ පිළියෙල කරගන්නවත්. කොහොම හරි ඔය පන්සල කිට්ටුවම තියෙන මුස්ලිම් ගෙදරක ඉන්නවා ගම් කිකිලියෝ දහයක් පහලවක් තියාගෙන බිත්තර එහෙම අරගෙන ලඟ පාත කඩවල් වලට බිත්තර විකුණන්න දාලා කීයක් හරි හොයා ගන්න ජෝඩුවක්. මේ ගොල්ලෝ ගොඩක් වෙලාවට බිත්තර වලට අමතරව ආප්ප, ඉඳි ආප්ප වගේ දේවලුත් කඩවල් වලට දානවා.

    කොහොම හරි දානෙ මග ඇරිච්ච දවසෙ හාමුදුරුවෝ දකිනවා මේ බිත්තර ගෙදර ගෑණු මනුස්සයත් උදේ පාන්දරම කඩවල් වලට කඩයප්පම් දාලා හනි හනිකට ගෙවල් පැත්තෙ යනවා. හොඳටම බඩගින්නෙ හිටපු හමුදුරුවොත් අර මනුස්සයට කතා කරලා අහනවා,

    "ඉතුරු වෙච්ච ආප්ප එහෙම ගන්න තියෙනවද උපාසක අම්මේ...? මොකද මේ අපේ පොඩි උන්නාන්සේලා ටිකට වත් අද උදේට වලඳන්න මොනවත් පංසල හරියේ නෑ....! ?" කියලා

    ඒ වෙනකොට හිස් පංකොල වට්ටිය අරගෙන ගිය ගෑණු මනුස්සයගේ හිත හොඳටම රිදුනා හාමුදුරුවෝ ඒක අහපු විදිහෙන්ම.

    "අනේ ෂාදු ඔක්කොම කඩයෙප්පම් ටික ඉවරයි තමයි......... යේත් හිටින්නකෝ මම විජහට ගොහින් ආප්ප ටිකක් තමා ඉකමනටම හදාගෙන යෙන්නම්....!" කියලා අඩිය ඉක්මන් කරලා ගෙදර පැත්තට දිව්වා.

    කොහොම හරි ගෙදර ගිය ගෑණු මනුස්සයා ඉතුරු වෙලා තිබුනු ආප්ප පිටි වලින් නිකන් ආප්පයි තව බිත්තර අප්පයි හදාගෙන ගියා ආපහු පන්සල පැත්තෙ.

    හාමුදුරුවොත් ආප්ප වලට සල්ලිත් දීලා පිනුත් දීලා ආප්ප ටික ගත්තා. පස්සෙ පොඩි හාමුදුරුවරු ගොල්ලන්ටත් කතා කරලා බෙදා හදා ගෙන ආප්ප වළඳන ගමන්ම හාමුදුරුවො කතා කරනවා.

    "උපාසකම්මේ, මම පහුගිය දොහේ ගෙවල් ගාවින් යමින් ගමන දැක්කේ, උපාසකම්මගේ මහත්තයා වත්තෙ එහේ මෙහේ ඇවිද ඇවිද ඉන්නවා කුක් කුක් කුක් කිය කිය කුකුලෙක් වගේ කෑ ගගහා. මොකක්ද අර ඒ මනුස්සයට වෙලා තියෙන්නෙ....?" ප්ලේන් ආප්පයක් වලඳලා අහවර වෙලා, බිත්තර ආපෙකුත් දෙකට නමලා වලඳන අතරේ හාමුදුරුවො එහෙම ඇහුවා.

    “අනේ යේක තමෙයි ෂාදු දැන් ටික දොහක යිඳලා යේ මනුශ්ෂය ඔහොම තමයි. අපේ මුනියා හිතාගෙන ඉන්නේ මුනියා කුකුලෙක් කියලා. කොටින්ම කියනවනම් උදේට නැගිටින්නෙත් කුක්කු කූක් කිය කියා.... මුනියා ෂිකුරාදා පල්ලි යන්නෙත් නෑ කිකිලියෝ ටික අත ඇරලා.”

    “හපොයි උපාසකම්මේ. ඕක ඉතින් බලාගෙන ඉන්න හොඳ දෙයක් නෙමෙයිනේ. ගියෙ නැද්ද ඉතින් දොස්තර කෙනෙක්ටවත් පෙන්නන්න........” කටේ පැත්තෙන් බේරෙන බිත්තර කහමදේ ඇඟිල්ලකින් පිහිදාන ගමන් හාමුදුරුවොත් අහනව.

    “අයියෝ ෂාදු යෙහෙම කළොත් මගේ කිකිලියෝ ටිකට බිත්තර දේන්න කුකුලෙක් කෝ......?”

    http://dhumee.blogspot.com/2012/07/blog-post_20.html

    මෙන්න මුල් එකෙ ලින්ක් එක :
    http://dhumee.blogspot.com/2012/07/blog-post.html
     
    • Like
    Reactions: Ali patiya

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    adeh shok ekata liala thiyenava :P yakoOo mama dan thamai Mage mom hadapu Rasama rasa Curry chicken ekath ekka Pan cakes gilala aveh :P aioOo salli ... mata Dad videos godak pennala thiyenaava factories vala saththuta vena scene eva baladdi nam dukai machan eth itin ehemai kiala mas kana eka nam navaththanne ne.. mama mas kanne itin podi kale indan apeh pawvala nam lesiyen mas nethuwa nam meals set venne ne.. but Mom shape eke Malu set keranava.. mama malu kanna asa ne.. so eya malu hadanakota Fry kerala amuthuma veda tikak dala denne :D Loweth na machan mathak veddiith mata nikan pissu vage :D
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    :rofl: ගොං ආතල් බං...

    "මේකෙ එලාර්ම් එකට තිබුනේ කුකුලෙක් අඬලන සද්දයක්. උදේ හතරට විතර කන ගාව ඉඳගෙන කුකුලෙක් අඬලනවා කියලා හිතන්න. ඒකට මූන දීපු එකා තමයි දන්නෙ මුළු කුකුල් සංහතියම මරාගෙන කන්න තරම් කේන්තියක් හිතට එන විදිහ ගැන. ඊට පස්සෙ ආපහු මම කුකුල් මස් කන්න පටන් ගත්තා."

    ඕක තමයි කියන්නෙ කන්න ඕන උනාම කබරගොයත් තලගොයා වෙනව කියල... මේක ලියපු එක්කෙනා හදන්නෙ කුකුල් මස් කන එක ප්‍රමෝට් කරන්නද? :confused:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,119
    8,160
    113
    රූකඩ රාජ්ජේ
    a24f153c6a2515034280e5ea877e2b6c.jpg


    මේ තියෙන්නේ ඔය කියන ඔරලෝසුව .. පොඩි කාලේ මං ලගත් තිබුනා .. සිරාවටම ඕකේ කුකුලා කෑ ගහන සද්දෙට ඕක පොලවේ ගහන්න හිතෙනවා .. එලාම් සවුන්ඩ්ස් 3ක් තියෙනවා ..
     
    • Love
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,018
    25,275
    113
    Fantasy
    a24f153c6a2515034280e5ea877e2b6c.jpg


    මේ තියෙන්නේ ඔය කියන ඔරලෝසුව .. පොඩි කාලේ මං ලගත් තිබුනා .. සිරාවටම ඕකේ කුකුලා කෑ ගහන සද්දෙට ඕක පොලවේ ගහන්න හිතෙනවා .. එලාම් සවුන්ඩ්ස් 3ක් තියෙනවා ..
    අර ගෲප් වල එහෙම ශෙයාර් වෙන ගෑනියෙක් යටි ගිරියෙන් කෑගහන සද්දෙ ඕකට දාන්ඩ බැරිද
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    කැන්දසේන නරියට පින්සිද්දවෙන්න මස් කෑල්ලක් බිත්තරයක් තියා කරෝල කටුවක් කන්නෙත් පට්ට කලාතුරකින්
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,120
    36,141
    113
    කෑගල්ල
    මේ දවස් වල චිකන් ගනිද්දි හොදට බලහල්ල. විකිණෙන්නේ නැති නිසා පරණ ඒව ආයේ දනවාද මන්දා. මම foodcity එකෙන් බයිරහ එකක් ගත්තා කපන්න ගද්දී ගන්දස්සරේ බෑ. අර මැද තියන පීකුදු කෑල්ලෙන් තමා ගද ආවේ. ටිකක් කළු වෙන්න වගේ ඇවිත් තිබ්බා චිකන් එක. එදා ඉඳන් ආයේ ගත්තේ නෑ මොකුත් ම. අපරාදෙනේ රූ 2000 විතර දීලා ගත්තාම මෙහෙම කෙලවෙලා තිබ්බාම.