කිරිබත්ගොඩ_ඥානානන්ද

Press

Member
May 2, 2012
174
29
0
බොහොම ස්තූතියි කට්ටිය කමෙන්ට්ස්වලට. ජය වේවා...
 

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    කතා නොකර ඉන්න පිනම ඈති මචන් පරම්පරා 7ක් නිවන් දකින්න
    සිරා ටෝක මචන්,, අරහේ දමිත් කාරියවසම් ඇදගෙන නානව දැක්කම එපා වෙනවා..ඒ අතින් මූ එල.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    සිංහල බෞද්ධයන් බෙලහීන කරන ඇමරිකානු මෙහෙයුම.

    මේ සටහන බෞද්ධ වේශයෙන් සිටිමින් සිංහලයන් බෞද්ධයන් බෙලහීන කරන ප‍්‍රබල කුමන්ත‍්‍රණයක් සම්බන්ධවයි. බුදුන් දවස දෙව්දත් තෙරුණ් වහන්සේ සංඝ සංස්ථාවේ සම්ප‍්‍රදායන්ට පටහැනි අයුරින් වෙනමම සම්ප‍්‍රදායක් පවත්වාගෙන යමින් සංඝ භේදය ඇති කිරීමට කටයුතු කරන ලදි. මෙම හෙළිදරව්වෙන් නිරාවරණය කරන කාරණය දෙව්දත් තෙරුන්ට සාපේක්‍ෂව කෙතරම් දුරකට සමාන කළ හැකිද නොහැකිද යන්න තීරණය කිරීම විමර්ශනශීලි පාඨයන් සතු කාර්යකි.



    රම්‍ය, සුරම්‍ය, සුභ ආදී මාළිගාවන් තබා සක්විති රජකම පවා ඉවතලා සම්බුද්ධත්වයට පත් අප ගෞතම බුදුරජාණන් වහන්සේ නැවත වරක් සිරිසම්බුද්ධ රාජ මාලිගාවකට වැඩම්මවා ඇත. සංස්කෘතිකමය වශයෙන් දළදාවහන්සේට මාලිගාවක් හිමිව තිබු බව සැබෑය. නමුත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මාලිගා හදන සම්ප‍්‍රදායක් අපතුළ නොවීය. රත‍්‍රන් වත්කරමින් මුතු, මැණික්, සුදුහඳුන් ආදි මිලඅධික වස්තූන් අමුද්‍රව්‍යවයන් සේ භාවිතා කොට නිර්මිත මේ මාලිගාව පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ගේ නිමැවුමකි. අන්‍යාගම්කරණය නිහ`ඩවත් සීඝ‍්‍රවත් කි‍්‍රයාත්මක වෙමින් ඇත. බෞද්ධයන් දිනෙන් දින ආර්ථිකමය වශයෙන් බෙලහීන වෙමින් ප‍්‍රපාතයට ගමන් කරමින් ඇත. නැතිබැරිකම බෞද්ධයන් බෞද්ධකම අතහැරීමට මුඛ්‍ය කාරණයක් විය. පිළිසරණයක් නැති දුප්පත් පන්සල් ප‍්‍රමාණය ඉතා අධිකය. තත්ත්වය එසේ වෙද්දී මෙසේ මිල කළ නොහැකි තරම් කෝටි ප‍්‍රකෝටි ගණන් ධනය වැය කරමින් වස්තු සම්පත් ගොඩ ගසමින් සම්බුද්ධ රාජමාලිගා තැනීම කෙතරම් දුරට සාධාරණද? ඇමරිකාව විසින් රටට දැඩි ලෙස අහිතකර බලපෑම් එල්ල කරමින් සිටින අවස්ථාවක සම්බුද්ධ රාජ මාලිගාව සමග ලංකාවේ ඇ.එ.ජ තානාපතිනිය වන බියුටිනීස් මහත්මිය සම්බන්ධ වන්නේ කෙසේද? මහමෙව්නාව විසින් විදේශයන්හි පිහිටුවා ඇති නියෝජිත අසපු වල රට සහ ජාතිය යන සාධකයන් පිළිබඳව කතා කිරීම පවා තහනම් කර ඇත්තේ ඇයි? ඇමරිකාව විසින් කොරියාවේ බුදුදහම විනාශ මුඛයට ඇදදැමීමට ද භාවිතා කළේ මෙවැනිම ක‍්‍රමවේදයකි. ඒ අන් කිසිවක් නොව සම්ප‍්‍රදායික බුදුදහමට අභියෝගයක් වන අයුරින් විකල්ප සම්ප‍්‍රදායක් පතුරමින් කටයුතු කරන භික්‍ෂු කණ්ඩයක් කොරියාව තුළ ඇති කිරීමයි. බෞද්ධ රාජ්‍යයක් සේ හැඳින්වු කොරියාවට අද සිදුව ඇත්තේ කුමක්ද?


    කිරිබත්ගොඩ හිමියන් විසින් දේශනා කරන ධර්මයට අනුව ශාසනය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සාධක හතරෙන් දෙකක් ප‍්‍රතික්‍ෂේප වෙයි. ‘‘අප ඉපිද සිටින්නේ ගෞතම බුදුන්ගේ ශාසනයත් ධර්මයත් පවතින කාලවකවානුවකය. එබැවින් අද අදම නිවන් දැකීමට කටයුතු කළ යුතුයි’’ යන්න කිරිබත්ගොඩ හිමියන්ගේ ඉගැන්වීමයි. එසේ ගත්කළ උපාසක උපාසිකාවන් ලෙස කිරිබත්ගොඩ හිමියන්ගේ ශාසනය තුළ ජිවත්වීමට අවංක ලෙසම උරුමකම් නැත. මහමෙව්නාවේ බණ අසන්නට ගොස් පවුල් ජිවිත අසාර්ථක කරගත්තවුන් විශාල පිරිසකට මහමෙව්නාව වගකිව යුතුය. කිරිබත්ගොඩ හිමි බුදුපිළිම ස්ථාපනය පවා නොකළ යුත්තක් ලෙස හඳුන්වයි. ඊට උදාහරණ ලෙස උන්වහන්සේ ඉදිරිපත් කරන්නේ කුරානයේ පිළිම වන්දනාව පිළිබඳව ඇති සංකල්පයයි. මෙය පැහැදිලිවම ථෙරවාදී සිංහල බෞද්ධ සම්ප‍්‍රදාය, සංස්කෘතිය හා සභ්‍යත්වය විනාශ කිරීමට ගෙනඑන තර්කයකි.



    එසේ ගත්කළ ඉතා සුක්‍ෂමව සාම්ප‍්‍රදායික ථෙරවාදී බුදුදහම උඩුයටිකුරු කිරීමට කිරිබත්ගොඩ හිමියන් වෙරදරන්නේ අභිධර්මය පවා ප‍්‍රතික්‍ෂේප කරමිනි. ඒ අභිධර්මය අබුද්ධ භාෂිතයක් ලෙස හඳුන්වා දෙමිනි.



    කිරිබත්ගොඩ හිමියන්ගේ ධර්මයට අනුව සිංහල ජාතියෙන් බුදුදහම බැහැර වුයේ නම් අද ඒ හිමියන්ටද සිවුරු පොරවා ගැනීමට ධර්මයක් සහ ශාසනයක් ඉතිරි නොවනු ඇත. මහමෙව්නාවේ භික්‍ෂූන් වහන්සේලා පමණක් නොව භික්‍ෂූනීන් වහන්සේලාද වැඩවෙසෙන අතර හිසමුඩු කොට සුදු හැදගත් පිරිසක් ද වැඩවෙසෙයි. අවසානයේ මෙය භික්‍ෂූන්වහන්සේලාත්, භික්‍ෂූනීන් වහන්සේලාත්, සුදු හැඳගත් අයවලූන්ගෙ නව නිකායක් පිහිටුවා ගැනීමකින් අවසන් විය හැකි බව අවධාරණය කළ යුතුය. ඇතැම් විට එය විකල්ප ශාසනයක් ලෙස හොවා දැක්වීමට ඉඩ ඇත.



    සිරි සම්බුද්ධ රාජ මාලිගාව විවෘත කිරිමේ උත්සවයට ඇමරිකානු තානාපතිනිය වන පැටි‍්‍රෂීයා බියුටිනිස් මැතිනිය සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජේදාස රාජපක්‍ෂට උළෙලේ සුවිශේෂි ස්ථානයක් හිමිව තිබිනි. ඒ අන් කිසිවක් නිසා නොව යටත්විජිත සමයේ පවා අධිරාජ්‍යවාදින්ට ඉටු කර ගැනීමට නොහැකි වු සමස්ථ පෘථිවියේම බුදුදහමේ පැවැත්මට අත්‍යාවශ්‍ය සාධකය වන ලංකාව නැමැති බෞද්ධ රාජ්‍යයන් බුදුදහම තුරන්කර දැමීමේ ඇමරිකානු මෙහෙයුමේ එක් කූඨප‍්‍රාප්තියක් නිසාවෙනි. විජයදාස රාජපක්‍ෂ වනාහි චන්‍ද්‍රිකා සමයේ රටේ ස්වෛරීත්වය පාවාදීමට ෆෙඩරල් විසඳුම් ගෙනඒම, ඒකාබද්ධ යාන්ත‍්‍රණ, සුනාමි සහන මණ්ඩල යෝජනාවලිය ගෙනඒම ඇතුලූ ඇමරිකා හිතැති අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණවල කොන්ත‍්‍රාත්කරුවෙකි. මහින්ද රාජපක්‍ෂ සමයේ දී නැගෙනහිර මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුම දියත් වත්ම එය අඩාල කිරීමට ඇමරිකානු තානාපති කාර්යාලය ගෙනගිය කුමන්ත‍්‍රණයට හවුල් වී 2007 අයවැය ඡුන්දයෙන් රජය පරදා හමුදා මෙහෙයුම අඩාල කිරිමට ආණ්ඩු පක්‍ෂයෙන් විපක්‍ෂයට පැතිමාරු කළ විජයදාස රාජපක්‍ෂ සමග ඇමරිකාවේ ඇති ගණුදෙනුව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. ඇමරිකානු තානාපතිවරුන් එදා මෙදා තුර කි‍්‍රයාත්මක වූ ආකාරයද අමුතුවෙන් මතක් කර දිය යුතු නැත.



    බෞද්ධ රාජ්‍යය විනාශ කරමින් ලංකාව තුළ දේවරාජ්‍යයක් ගොඩනැගීමට එදා මෙදා තුර නිබඳවම ඇපකැප වී කටයුතු කළ ඇමරිකාව ‘‘ගෞතම බුද්ධ රාජ්‍ය’’ මෙහෙයුම කිරිබත්ගොඩ හිමියන් මගින් ඉතාමත් සාර්ථකව ඉටුකරගෙන යයි. ඒ මෙහෙයුමේ තවත් එක් අදියරක් ලෙස භික්‍ෂූන්ට දේශපාලනය තහනම් කිරීමට අදාළ පනත් කෙටුම්පත කරලියට පැමිණ ඇත. සියලූ පක්‍ෂවල නායකයින් විජේදාසගේ පනතට විරුද්ධවත්ම විජේදාසගේ සහයට පැමිණියේ ඥාණානන්ද හිමියන්ය. ඒ විජේදාසට රාජමාලිගාව විවෘත කරන අවස්ථාවේ කතාවක් පිරිනමමිනි. එපමණක් නොව ඕමල්පේ සෝභිත නාහිමියන් සමග පැවැත්වු සංවාදයට අදාල අටුවා ටීකා කියා දුන්නේද අභිධර්මය ප‍්‍රතික්‍ෂේප කරන ඥාණානන්ද හිමියන් බව පැහැදිලිය. එසේ නම් ජාතියේ මුරදේවතාවුන්ට විලංගු ලෑමට ගෙනආ පනත පිටුපස සිටින්නේ මහා උපාසක විජේදාසයන්ද? සිංහලයන් විනාශ කර දැමීමට පැවිදි වේශයෙන් කටයුතු කරන කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ද? එසේත් නැතිනම් ලංකාව දේවරාජ්‍යයක් කිරීමට කටයුතු කරන ඇමරිකාවද?


    මාධ්‍ය මගින් කරුණු හෙළිදරව් නොවුනද මහානායක හිමිවරුන් පවා බුදුසසුන වනසන මෙම මෙහෙයුමට එරෙහිව ජනාධිපතිතුමන් වෙත ලිඛිතව පැමිණිලි කර ඇති බව දැනගන්නට ඇත. දැනටමත් මහා ව්‍යසනයක් බවට පත්ව ඇති මේ මංමුලා කරවීම පිළිබඳව සියලූ සිංහලයින් බෞද්ධයින් අවධියෙන් කටයුතු නොකළහොත් අනාගතයේ දී නිර්මල බුදුදහම සමස්ථ ලෝකයෙන්ම තුරන්වනු ඇත.


    http://helahandanews.blogspot.com/20...g-post_24.html
     
    • Like
    Reactions: GuneBhai

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    මාත් ඔය හාමුදුරුවන්ගේ බන අහල තියේ ( තව පොත් දෙක තුනකුත් කියෙව්වා ) මටනම් ඒවගේ මහා ලොකු විශෙෂත්වයක නැහැ. නිකන් එකම දේ යේ යේ කියනවා වගේ. මම නම් ඔතන දකින්නේ අර ජීවිතේට බන පදයක් අහපු නැති ජීවිතේට බුද්දාගම කියන්නේ මොකද්ද කියල දන්නේ නැති යට එයාලගේ ගමන පටන් ගන්න හොඳ තැනක් විදිහට. ඔය හාමුදුරුවෝ නිසා තරුණ ය ගොඩක් බුදුදහම කියන්නේ මොකද්ද කියල දැන ගත්ත . ඒ අතින්නම් උන්නාන්සේ ලොකු සේවයක් කලා. එත් ඒ ධර්ම දේශනාවල එතනින් එහාට ගිය දෙයක් නම මම දැක්කේ නැහැ.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    මාත් ඔය හාමුදුරුවන්ගේ බන අහල තියේ ( තව පොත් දෙක තුනකුත් කියෙව්වා ) මටනම් ඒවගේ මහා ලොකු විශෙෂත්වයක නැහැ. නිකන් එකම දේ යේ යේ කියනවා වගේ. මම නම් ඔතන දකින්නේ අර ජීවිතේට බන පදයක් අහපු නැති ජීවිතේට බුද්දාගම කියන්නේ මොකද්ද කියල දන්නේ නැති යට එයාලගේ ගමන පටන් ගන්න හොඳ තැනක් විදිහට. ඔය හාමුදුරුවෝ නිසා තරුණ ය ගොඩක් බුදුදහම කියන්නේ මොකද්ද කියල දැන ගත්ත . ඒ අතින්නම් උන්නාන්සේ ලොකු සේවයක් කලා. එත් ඒ ධර්ම දේශනාවල එතනින් එහාට ගිය දෙයක් නම මම දැක්කේ නැහැ.

    :yes::yes::yes:True :yes::yes::yes:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    Ven Kiribathgoda Gnanananda spreading dhamma in it's purest form. Dhamma walk up after 2500 years.http://sinhala.mahamevnawa.lk/

    :lol::lol::lol:

    book-cover-small.jpg


    http://www.mediafire.com/?w468lik7e71csoc
     

    Anushanga777

    Well-known member
  • උබලට පව් සිද්ද වෙනව යකො කිරිබත්ගොඩ හමුදුරුවන්ට බනිනවට!!!!!!!!!! උබල බුද්දාගමේ නම් ගිහින් උබලම ඒ පන්සලකට ගිහින් බලපියව්!!!!!!!!!!

     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අයි කිරිබත්ගොඩ ස්වාමින් වහන්සේ අභිධර්ම පිටකය බොරුවක් කියල කියන්නේ???
     

    Nimeshaya

    Active member
  • Nov 19, 2009
    480
    213
    43
    @ Matara
    හැබැයි මහමෙවුනවානම් වෙනස්ම තැනක්.. ඒ හාමුදුරුවෝ ගාවට සැහෙන්න සෙනගනම් යනවා.
    බොහොම ශාන්තියක් දැනෙන තැනක්...!!!!


    dsc06169l.jpg
     

    1987gayya

    Junior member
  • Mar 15, 2009
    289
    11
    18
    kauruwath kiyanwata,blog article,web site wala thibata pili ganna epa mchn. dawasaka mahameunwa asapuwakata gihilla balanna. Poya dawasaka nam wadath hodai ubatama therei kauda aththa kiyan ne kauda boru kiyan ne kiyala.........Budu hamuduruwantath ona tharam ninda apahasa awa eka me wage dewal pirisudu budu dahama raka ganna wehesena hamuduru warunta ena eka samanya deyak...think twice before insult anyone
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,355
    5,466
    113
    මේ ත්‍රේඩ් එක කියවද්දී තේරෙනවා කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේට මෙහි පලකර තිබෙන චෝදනා වලට සාදාරණ පදනමක් නැති බව.

    නමුත් ලන්කාවේ වැඩි දෙනෙක් පිරිසිදු බුදු දහම ඉගෙන ගත්තේ මහමෙව්නාව නිසා, ඒක කල ගුන දන්නා සැදැහැවතුන් දන්න නිසයි මහමෙව්නාව මේ තරම් දියුනු උනේ. උන් වහන්සේ කල සේවයේ උතුම් බව වැටහෙන්නේ දර්මාවබෝදයට වෙහෙසෙන අයටයි.

    බොහෝ දෙනෙක් පාලි නොදනී. එම නිසා බුදු දහම ටිකෙන් ටික සමාජයෙන් දුරස් වී යන යුගයක මුන් වහන්සේ පහල නොවන්නට අද අපට බෞද්ද පොත් ලෙස ඉතිරි වන්නේ පුනර්භව කතා පොත් හා පුද්ගලික මත වාද පමනකි.







     
    • Like
    Reactions: 1987gayya