[FONT="]බිරිදකගේ ඉවසුම්නැති කේන්තියක සුන්දරත්වය.....
[/FONT]
[FONT="]පිරිමියෙකුයි ගෑණීයෙකුයි එකට එක් වෙලා කසාද බදින්නෙ ජීවිතයම එකට ගෙවන්න... අනේ ඒත් මට හම්බඋන මිනිහ.. ඒ මිනිහට මාව තියාගෙන ඉන්නෙ ආසාවන් සංසිදුවගන්න විතරයි... එයාගෙ අවිචාරවත් ජීවිතය මට හදන්න බෑ... කොච්චර කලත් මඩේ ලගින්නමයි යන්නෙ.. නාවල ගත්තට වැඩක් නෑ.. ආයෙ ආයෙ කරන්නෙ, කොච්චර හෝදල ගන්න හැදුවත් මඩේ ලගින්නමයි හදන්නෙ...
[/FONT]
[FONT="]මේ මිනිහට මදන විසේ ගහලනේ දෙවියනේ.. ගෑනු එක්ක රවුම් ගහල ගහල ගෙදර එනවා... එහෙම එන මිනිහෙක් මල්වට්ටියක් වගේ බාර ගන්න මෝඩ ගෑනියෙක් නෙමෙයි මම... නටන්න තියෙන හැම නැටුමක්ම නටල ආවම සිරියහනෙදි රැවටෙන්න තරම් මෝඩ ගෑනියෙක් නෙමෙයි මම.... මෙයාගෙ මේ සල්ලාල ජීවිතේ මම කොහොම නවත්වන්නද...? හරියට ඒක සුලග මකුළු දැලෙන් නවත්වන්න හදනව වගේ දෙයක් නේ... එහෙම මෝඩයෙක් නෙමෙයි මම....
[/FONT]
[FONT="]ඔය මද කිපුණු අලි ඉන්නවනේ.. අපිට පුළුවන්ද නෙලුම් වැල්වලින් බදින්න... නෙලාගෙන තියෙන පලා මිටිය විසි කරල දුවන මුවන් පස්සෙ ගිහින් වැඩක් තියෙනවයැ... මේ මඩේ ලගින එකා නාවන්නද කියන්නෙ මට... මේ ඌරන්ගෙ දල වලින් ගජමුතු හොයන්න කියලද කියන්නෙ මට... එච්චර මෝඩ ගෑණියෙක් නෙමෙයි මම.. මේ මිනිහ හදන්න බෑ.. හරි මේ ඔක්කොම ඉවසගෙන මම මෙයාව හදන්න උත්සාහ කලා කියමුකෝ... මෙයාගෙ මේ සල්ලාලකම දැන දැනත් ආදරයෙන් හිටිය කියමුකෝ... මෙයාව හදාගන්න හොද නරක තේරුම් කරන්න උත්සාහ කරා කියමුකෝ... එහෙම කලොත් ඔයාලම ආයෙ මට කියාවි..[/FONT]
[FONT="]මං මහ මෝඩ ගෑණියෙක්.. කියලා...
[/FONT]
[FONT="]
තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයෙන්[/FONT]
[FONT="]පද රචනය - ලූෂන් බුලත්සිංහල[/FONT]
[FONT="]ගායනය - මර්සි එදිරිසිංහ
[/FONT]