හැමදම අනුන්ගේ දේවල් දාන එකේ අද හිතුනා මගේම මහන්සියෙන්, මගේම එකක් දන්න ඕන කියලා.....

මේ දවස් වල ගෙදරටම වෙලා ඉදලා එපා වෙලාම පට්ට අව්ව බලන් නැතුව දවල් 12ට විතර ගියා පොලොන්නරුවේ පොඩ්ඩක් ඇවිදින්න කියලා......
හැමදාම වගේ ඉතින් මුලින්ම ගියේ වැව බලන්න......
ඔව් ඔව් පරාක්‍රම සමුද්‍රය තමයි.....
1 වන පරාක්‍රමබාහු රජතුමානේ (ක්‍රි.ව 1153-1186) මේක කෙරෙව්වේ.......
මේ වැව හදලා තියෙන්නෙ වැව් 5ක් හා කුඩා වැව් ගොඩක් එකතු කරලා......
තෝපා වැව, දුබුටුලු වැව, එරබදු වැව, කලහගල වැව, බූ වැව එකතු කරලා තමයි හදලා තියෙන්නේ....
කාරගග හෙවත් අබන්ගග හරස් කරලා, ආකාශ ගන්ගාව හෙවත් අන්ගන්මැඩිල්ල ඔස්සේ වතුර සපයනවා වැවට....
වර්තමාන වැව් බැම්ම සැතපුම් 8.5ක් වන අතරවැව් කන්ඩියෙහි උස අඩි 40ක් ලු.....
අක්කර අඩි 80,000ක ජල ධාරිතාවයක් ඇති අතරජලාශයේ වර්ගඵලය අක්කර 5350ක්ලු... මෙමගින් අක්කර 18200ක් පමන වගා කරනවලු......
මේ තියෙන්නේ සාමන්්යයෙන් අපිට දක්නට ලැබෙන වැව......
පට්ට ලස්සනයි නේද????
එත් මචන්ලා මේ තියෙන්නේ දැන් මේ වැව පින්තූර ටිකක්.....
දුක හිතෙනවා නේද????
මේ දවස් වල තියෙන පෑවිල්ල නිසා වැව් ඔක්කොම හිදිලා....
අපේ කොල්ලෙක් නම් කීවේ මේ වතුර ටිකත් අයින් කරලා මුලු වැවම අලුතින් හාරනවා කියලා.....
දැනටත් බැකෝ දාලා වැව හාරන්න පටන් අරන් තියෙනවා.....
එත් තාම පෝඩ්ඩයි හාරලා තියෙන්නේ,,,..
බැකෝ වලින් හාරලත් මෙහෙම නම් ඉස්සර රජ කාලේ මේව හදන්න මොන ගේමක් දෙන්න ඇතිද?????
ඇඩෙනවා නේද????
බලාපල්ලකෝ මැරිලා ඉන්න බෙල්ලෝ ගාන,.....
ඇවිදිනකොට කට කට ගාලා පොඩි වෙනවා.....
පව් අප්පා....
කෝටි ගානක් බෙල්ලෝ මැරෙන්න ඇති...
බෙල්ලෝ වගේම මේකේ හිටපු මාලු, අනිත් සත්තු කීයක් මැරෙන්න ඇතිද?????
ඊට පස්සේ අපි ගියා ගල් විහාරේ බලන්න.....
යනකොට වෙලාව දවල් 1.30ට විතර ඇති....
ගෙදර හිටියනම් මේ වෙලාවට ගේ ඇතුලේ fan එක දාගෙනවත් ඉන්න බෑ...
ඒත් පුදුමේ කියන්නේ අපිට කිසිම අව්වක් දැනුනේ නෑනේ....
අම්මලා නම් කීවේ හාස්කම් කියලා...
අනේ මන්දා......
ගල්විහාරය හදලා තියෙන්නේත් 1 වන පරාක්‍රමබාහු රජතුමාම තමයි....
මේක පොත්වල තියෙන්නේ "උත්තරාරාමය" කියලාලු....
විශාල ගලක් කඩලා, ප්‍රතිමා 4ක් හදලා තියෙනවා....
මුලින්ම තියෙන්නේ ධ්‍යාන මුද්‍රාවෙන් නෙලනලද පිලිම වහන්සේ....
මෙය උසින් අඩි 15යි අගල් 2.5ක් උසයිලු.....
අනතුරුව ගුහාව තුල නෙලා ඇති පිලිම වහන්සේ අඩි 4යි අගල් 7ක් උසයි.....
බ්‍රහ්ම විශ්නු රූප දෙපස කොටා තියෙනවා....
පොලොන්නරු කතිකාවත කියන සෙල් ලිපියත් තියෙන්නේ මේ පිලිම වහන්සේ ලග.....
ඊලගට තියෙනහිටි බුද්ද ප්‍රතිමාව අඩි 22යි අගල් 9ක් උසයි.....
සැතපෙන බුද්ධ ප්‍රතිමාව අඩි 41යි අගල් 4කි...
කොහොමද වැඩ????
ඔක්කොම තනි ගලෙන්.....
තව කතාවක් තියෙනවා බන් මේ ගල උඩ පොකුනක් හදලා තියෙනවලු....
ඒ පොකුනේ වතුර ගල ඇතුලින් හැම තැනටම යන්න හදලලු තියෙන්නේ...
ඒ නිසාලු අව්රුදු ගානක් තිස්සේ තද අව්වට මේ ගල පුපුරලා නැත්තේ......
ගල් විහාරෙට ඉස්සරහින් තියෙනවා ලොකු ගලක්....
අපි මේ ගලටත් නැග්ගා...
පුදුමේ කියන්නේ මහ දවාලෙත් මේ ගල රත් වෙලා නෑනේ....
මේ ගල උඩ තියෙනවා මේ වගේ තව පොඩි ගල් දෙකක්....
මේ ගල් වලට කෝටු තිබ්බහම අපල දුරු වෙනවලු....
තියෙන කෝටු ගාන දැක්කහම මෙච්චර අපල කාරයෝ ඉන්නවද හිතෙනවා....
ඔන්න ඔහේ මාත් එකක් තියලා අවා.....
මෙන්න තියෙනවා පට්ටන සීන් එකක්....
සත්්යතාවය කොහොමද දන් නෑ....
මේ ගල උඩ ඉදන් දඩයම්කාර සුද්දෙක් සැතපෙන පිලිම වහන්සේගේ පපුවට වෙඩි තිබ්බලු....
කොහොම හරි වැදුනේ පපුවට නෙමෙයි අතටලු....
අදටත් මේ පිලිම වහන්සේගේ අතේ කොටසක් කැඩිලා තියෙනවා....
කොහොම හරි මේ වෙඩි තියපු සුද්දට වැඩි දුර යන්න උනේ නෑලු,
අලියෙක් ඇවිත් සුද්දව මැරුවලු.......
මේ ගල උඩ තියෙන්නේ සුද්දා වෙඩි තියද්දි කකුල් තියපු තැනලු...
මෙහෙම කකුල් තියාන කොහොම wedi තිබ්බද දන් නෑ....
මෙතන තියෙන අනිත් රූප වලින් කියනේ මේ සුද්දා ලබන ආත්ම වල බල්ලෙක්, කපුටෙක් වෙලා ඉපදෙන්න කියලා සාපයක්ලූ.........
අනිත් පුදුමය තමයි මේ ගල උඩ තියෙන බෝ ගහ....
අනිත් ගස් ඔක්කොම මැරිල තිය්න කොට මේ ගහ හොදට දලු දාලා....
ගල් විහාරයෙන් එන කොට යාලුවෝ ටිකකුත් හම්බ උනා....
ඊලගට අපි ගියේ කිරි වෙහෙර බලන්න....
මේ තියෙන්නේ ඇතුලු වෙන තැනම තියෙන සදකඩ පහන.....
මේක පරාක්‍රමබාහු රජතුමාගේ සුබද්‍රා කියන බිසව සිහිවෙන්න හදපු එකක්ලූ....
පැරනි හුනු බදාම තාම දකින්න තියෙනවා.....
සතර දිසානුගතව කුඩා වාහල්කඩ 4ක් හා කුඩා පිලිම ගේවල් දකින්න පුලුවන්....
මේ දාගැබ උසින් අඩි 80ක් හා විශ්කම්බය අඩි 88ක් විතර වෙනවලු.....
දැන් නම් මේක ටිකක් අලුත්වැඩියා කරනවා....
මේ වගේ ඉස්සර පාවිච්චි කරපු size n shape ගඩොල් වලින්මලු කරන්නේ....
ඔතනදිම තව අමුතු දෙයක් දැක්කා....
මේ තියෙන්නේ ඉස්සර කාලේ වැහි පීල්ලක්ලු....
වතුර කට දිගේ ඇවිත් වැටෙනවලු......
කොහොමද ඒ කාලේ gardening......
ඊලගට ගියා ලන්කාතිලකයට....
මේකත් පරාක්‍රමබාහු රජතුමාගේ නිර්මානයක්....
ලක්බිමෙහි තිලකයක් බදු හෙයින් ලන්කා තිලකය කියනවලූ.....
පොලොන්නරුවේ ගඩොලින් කරපු ලොකුම ගොඩ නැගිල්ල මේකලූ.....
මුලු විහාරයේම චිත්‍ර ඇදලා තිබුනලු.....
දැන් නම් මෙහෙමයි....
මේකේ බුද්ධ ප්රතිමාවත් ගඩොල් වලින්මලු කරල තියෙන්නේ...
උස අඩි 42ක්ලූ.....
වහලෙත් ගඩොල් වලින්මලු....
බිත්ති අඩි 55ක් විතර උසයිලු.....
මේකේ තව වැදගත් කරුනු දෙකක් තියෙනවා......
පලවෙනි එක තමයි මේ කොරගලේ විතරයි මුලු පොලොන්නරු ඉතිහාසෙටම කාන්තා රූපයක් තියෙන්නේ..
වෙන කිසිම එකක නෑලූ....
අනිත් එක පිලිම වහන්සේට ඉස්සරහින් උඩට නගින්න තියෙන මෙන්න මේ පඩිපෙල....
මේක මෙච්චර පොඩියට හදලා තියෙන්නේ පැත්තට යන්නලු.... පිලිමෙට පිටුපාලා ගියොත් අනිවා වැටෙනවලු.....
එතනින් එන කොට තමයි මෙන්න මෙයාව හම්බ උනේ...
ඔව් ඔව් වැලක් තමයි...
මේ රසකිද වැලක්ලු......
කැස්සට එහෙම ගන්නවලු......
මමත් අදමයි දැක්කේ...
උබලටත් පෙන්වන හිතුනා.......
මේ කනුව ගොඩාක් කල් මෙතන තිබිලා දැන් මේකේ ගහක මුලක් එතිලා.....
ලස්සනයි නේද????
දැන්නම් හොදටම මහන්සී ටයිප් කරලා....

ඒ නිසා ගමනේ ඉතුරු ටික වෙන නූලකින් දාන්නම්...
තව එකක්.....
මම මේ පුරාන කතා, විශ්වාස හොයගත්තේ අම්මලාගෙන්, සීයලාගෙන් අහගෙන...
තව සුද්දොන්ට කියලා දෙන guaidලා කියන ඒවටත් හොට දාගෙන තමයි අහගත්තේ....
උස එහෙම හොයා ගත්තේ D.M. ජයවර්දන මහතා ලියපු """"""පොලොන්නරුව"""" කියන පොතෙන්.....
ඒ නිසා නිවැරදිතාවය කොහොමද දන් නෑ....
හොදයිනම් සලකලා ගියාට කමක් නෑ...
රෙප් දෙන්නේ නැතත් අනිත් අයට බලන්න BUMP කක්වත් දාගෙන යන්න.....
මේකට post 100ක් වැදුනොත් ඉතුරු කෑල්ලත් ඉක්මනටම දානවා......

Last edited: